"කෑ ගහන්ඩ එපා හු****පු** පේනවනේ අතේ තියෙන්නෙ මොකද්ද කියලා ? ඇදලා දානවා බෙල්ල හරහා එක සැරෙන්ම චක බ්ලාස් වෙන්ඩ තෝ නේද වෙනියා කියන්නෙ ?"
"ඔව්, අතාරිනවා මාව මන් මාස් පඩි කරයෙක් ඕයි ආණ්ඩුවෙ වැඩ කරන..පර්ස් එකේම තියෙන්නෙ රු තුන්සීයයි..බාල චයිනීස් ෆෝන් එකයි..ඕන්නම් ඒක අරන් මට යන්ඩ දෙනවා"
"දඟලන්නෙ නැතුව හිටපන්..මන් අහන එකට විතරක් උත්තර දීපන් ..මට ඕනි නෑ තොගෙ චයිනීස් ෆෝන් එක උඹ නේද වෙනියා කියන්නෙ? කියපිය !"
"ඔව් ඔව්.. ඔය පිහියට මගේ බෙල්ල කැපෙනවා යකෝ..දැනටමත් කැපිලා..."
පිහිය මදක් බුරුල් කළද දැඩි දඩු අඬුවකට නැවතත් මගේ බෙල්ල හිර විය. අපහසුවෙන් හුස්ම පොදක් ඉහළට ගත් මා මද අඳුරේ වූවද දුටු ඒ දිලිසෙන ඇස් දෙක ..
මොනවා මේකා??!!!
"ඇයි මට මෙහෙම කරන්නෙ ? මන් මොකද්ද තමුසෙට කරපු වැරැද්ද ? මාස ගාණක් තිස්සෙ මාව පස්සෙ පන්නනවා ඇයි ?"
"වහපන් කට ! මමයි මෙතන කතා කරන්නෙ තෝ නෙවෙයි පරයො"
මැරුණු බලු කුණක් ඇද ගෙන යනවාක් මෙන් මා ඇද ගෙන යන්නෙ කනත්තේ පාළු ම පෙදෙසට නොවේද ?
පළමුවෙනි දිගහැරුමට යන්න
---------------------------------------------------------------------------
කනත්තේ වූ මේ පාළු කොටස මෑතකදී අලුතින් එක් කරන ලද අතර එය තවමත් එළි පෙහෙළි නොකරන ලද ගන බුටෑවකින් යුත් ප්‍රදේශයකි. එය කෙළවර වන්නෙ ප්‍රසිද්ධ කුණු ඇලකිණි. මේක ඇතුළට අරන් ගියොත් මන් කෑගැහුවත් කාටවත් ඇහෙන්නෙවත් නැති වෙයි..
"මාව අතෑරපන් යකෝ මේ හතළිහත් පැනපු මගෙන් උඹට ඇති වැඩේ මොකද්ද ? මන් කාටවත් වැරැද්දක් නැති අහිංසකයෙක්"
අසල වූ වියලී ගිය පඳුරක පැටලුණු කාර්යාල බෑගයද මා අතින් ගිලිහී ගියෙන් මා මේ ග්‍රහණයෙන් මිදෙන්නට තැත් කළෙමි.
"අහිංසකයා මන් කියලා දෙන්නම් අද අහිංසකයගෙ තරම"
ග්‍රහණයෙන් මුදවා ගැනීමට තැත් කල අතද දඩු අඬුවකට හිර වූවා සේ දැනිණි.
"තමුසෙ දන්නෙ නෑ මන් අඳුරන ලොකු ලොකු කට්ටිය පොලිසියේ හමුදාවෙ පවා ඉන්නවා ඒ හින්දා මට හිරිහැර කරලා තමුසෙට බේරෙන්න වෙන්නෙ නෑ කවදාවත්..මන් මේ සේරම මතක නැති කරලා දමන්නම්. මට යන්ඩ දෙනවා ඕයි..ඔහොම ඉඳන්ම කියනවකො තමුසෙට ඕනි කරන දේවල්. මන් දෙන්නම්. ඔය කැලෑව ඇතුළට යන්ඩම ඕනි නැහැනෙ. ඕක ඇතුළෙ සරපයොත් ඇති"
"මන් මොකද්ද උඹට කතා කරන එක ගැන කිව්වෙ පරයො?"
වියරු හඬත් සමඟම අසල වූ පඳුර වෙත වේගයෙන් මා ඇද දමා ගත් ඔහු එක අතක වූ පිහිය මාගේ බෙල්ල වෙත පෑවේය.
"හරි හරි.."
ගුලි කරගත් දෑතින්ම මාගේ මුහුණ වෙත ආ එක පිට එක ආ ගුෂ්ටි ප්‍රහාරය අවසන් වීද නැතහොත් මා හට සිහිවිසඥවීද යන්න මට මතක නැත...නැවතත් මා ඇස් හරින විට සිටියේ කොහෙන්දෝ එන ලා පාට එළිය සහිත තරමක් එළි පහළි කරන ලද බිම් කඩකය..දෑතම යම් යකඩ දම්වැලකින් ගැට ගසා ඇත. මුළු මුහුණම වේදනාවෙන් පුපුරු ගසයි. වෙනදාට දෑසට පෙනෙන නහය වෙනුවට මට පෙනෙන්නේ ඉදිමුණු රත් පැහැ මස් වැදැල්ලකි.
මූ අසල කොටයක් මත හිඳ සිගරැට්ටුවක් උරමින් මා දෙස ගුප්ත දෑසින් බලා සිටී.
"ඇයියෝයි මෙහෙම මට ගැහුවෙ බලනවකො මූණ තුවාල වෙලා හොඳටම..මෙහෙම මන් කොහොමද හෙට ඔෆිස් යන්නෙ?"
"තවම තමුසෙට තේරුණෙ නැද්ද මන් තමුසෙට ගැහුවෙ ඇයි කියලා?"
"කොහේ තේරෙන්නද හරකෙකුට වගේ තඩි බානකොට?"
"මන් දැන් දෙසැරයක්ම කීවා තමුසෙට අද කතා කරන්නෙ මන් කියලා. ඒක තේරෙන්න තරම් මොලයක් නැද්ද උඹට?"
"තමුසෙ කවුද ලබන අවුරුද්දෙ ඩොක්ටරේට් එක කරන්න ඉන්න මගේ මොළේ තරම ගැන කතා කරන්ඩ?"
කොටයෙන් නැගිටිනවා දුටු මා හට ඊළඟට දැනුණේ සපත්තු පහරක් වේගයෙන් මුහුණ හරහා වදින බවයි...මුව පුරා ගොම රසක්ද නහය හකුළුවා ගෙන යන අමු තණකොළ පිළිස්සෙන ගඳක්ද දැනෙන්නට වූයේ..
"තුහ්ප්..ඔය සපත්තුවට ගොම් බෙට්ටක් පෑගිලා ඕයි..ඕක පිහිදා ගන්නවා..තමුසෙ ගංජා නේද ඔය උරන්නෙ?"
"තමුසෙ කට පියා ගන්නවද නැත්නම් මූණ පෙති ගහන්නෙ ලූණු ගෙඩියක් වගෙ"
පිහි තුඩ මුහුණ හරහා කිහිප වතාවක් ගෙන ගියේ...
"එපා එපා මන් කට පියන් ඉන්නම් තමුසෙ ඕනි දෙයක් කර ගන්නවා..මූණ සවුත්තු කරන්න එපා..මන් ඔෆිස් යන්නෙ කොහොමද ? සමාජයෙට මූණ දෙන්නෙ කොහොමද මෙහෙම මදාවියෙක් වගේ මූණෙ පිහි පාරවල් එක්ක?"
"ඔව් තමුසෙ විතරක් සමාජෙට මූණ දුන්නහන් ඇති..අනිත් මිනිස්සු ..??"
මොකද්ද මාත් එක්ක මෙච්චර තියෙන තරහ ? මන් ඔයාව දන්නෙත් නෑ..මාව පස්සෙ පහු ගිය මාස නවයක් විතරම පැන්නුවා කියල නම් මතකයි"
මා කිව හැකි පහළම ස්වරයෙන් කීවේ..
"දන්නෙ නෑ ??? හොඳට බලනවා මා දිහා.."
ඔහු මුහුණ ආලෝකය දෙසට හැරවූයේ තම දෙනෙතේ වූ ගුප්ත බව වසාලූ පට තිර මුදා හැරියේය..මගේ හදවත වඩා වේගයෙන් ගැහෙන්නට වූයේ..
"ඈහ් වෙන්ඩ බෑ.. වෙන්ඩ බෑ.."
"මොකද වෙන්ඩ බැරි මන් තමයි ලියන්නා "
"එහෙම වෙන්නෙ කොහොමද ඒක මගේ ඔළුවෙ ඇදිච්ච චරිතයක්නෙ . එහෙම කියලා කෙනෙක් නෑ "
"ඔව් ඔළුවෙ තමයි"
මුහුණ හරහා එල්ල වූ ඊළඟ පා පහර නැවතත් මාගේ සිහිය විකල් කළේය..
"කොහොමද එහෙම වෙන්නෙ ලියන්නා කියලා කෙනෙක් නෑ..ඒක මනඃකල්පිත චරිතයක් විතරයි.. තමුසෙ බොරු කාරයෙක්.. කවුරු හරි කියන්නෙ ඇති මන් ලියන ඒවා ගැන"
"ඔව් මනඃකල්පිත තමයි මුලින්ම , ඒත් තමුසෙ ..තමුසෙ.."
ඔහු දත් කූරු කයි..මා හිස අනිත් පැත්තට හැරවූයේ ආරක්ෂිත උපක්‍රමයක් ලෙසයි. මේ ගුටි කෑම ඉවර වෙන පාටක් නැත.
"තමුසෙ මාව කෑවා ඕයි.."
"ලෝකයා හිතුවෙම ලියන්නා තමුසෙම තමයි කියලයි..තමුසෙ ලියලා තියෙන ඒවා උණේ තමුසෙටම තමයි කියලා..ඒ උණාට තමුසෙ මෙලෝරහක් නැති බක පණ්ඩිත වචන ඔබ ඔබා යන යන තැන තර්ක කළේ නැද්ද නිර්මාණශිල්පියා කියන්නෙ එකෙක්.. නිර්මාණය කියන්නෙ තව එකක් කියලා .."
"නෑ නෑ මන් කොහෙද එහෙම කියලා තියෙන්නෙ ඔය පට්ට පල් බොරු"
මා මාවම බේරා ගැනීමේ නිරර්ථක වෑයමක යෙදුණෙමි..
"කොහොමදයකෝ ඔහොම බොරු කියන්නෙ අර රංගගේ ලෝකෙ උඹ මරා ගන්ඩ ගියේ නිශ් එක්ක නේද ඕක ගැන කියලා.. අන්තිමට? . තව ඊට ඉස්සෙල්ලා ඉතිහාසයම මන් මෙතන කියලා දෙන්න ඕනිද ? අනිත් එක කාටවත් ඔය ගැන කියලා දිනන්න දෙන්නෙ නැති තරමට නේද පහු ගිය කාලෙම උඹ තර්ක කළේ ? එහෙම කරල දැන් කියන්ඩ හදන්නෙ ලියන්නා කියල කෙනෙක් නෑ කියලද ? හුහ් එහෙම කීව අපූරුව ?"
කෝපයෙන් වියරු වැටී ඇති මොහු මගේ හිස දෑතින්ම ගෙන කෝපය නිවෙන තුරු හෝ ඔහුගේ දෑත රිදෙන තුරුම බිම ඇනගෙන ඇන ගෙන ගියේය..මා හට තවදුරටත් වේදනාව නොදැනේ. වේදනාවෙන් හිරි වැටී ඇති ශරීරයට තවත් දැනීමට වේදනාවක් නොමැති සේය. මොහුගේ හිතේ වේදනාව ඉතා දැඩිය..ලියන්නා හෝ කවුරු හෝ මොහු එක්කෝ අමු පිස්සෙකි..
"අමු පිස්සෙක්..ඔව් මාව පිස්සෙක් කළා එක සැරයක්..මගේ ගෑනි රේඛාව මැරුවා..දූ සඳලිව මැරුවා.. මාව ආයි ගොඩ නේන පිස්සෙක් කළේ උඹ යකෝ !"
ඈ මම හිතන් දේ මෙයාට තේරෙනවද ? මන් අමු පිස්සෙක් කියලා හිතුවා විතරයිනෙ..
"උඹ මාව තවම ඇඳින්නෙ නෑ ..මාව කසිප්පු කාරයෙක් කරලා හිර ගෙට යවලා මදිවටද යකෝ අර තට්ට සෝමෙට කියවලා වීඩී හැදෙව්වෙ ? ආන්න එදා තමයි මන් උඹට මෙහෙම කරනවයි කියලා හිතා ගත්තෙ? ඒ මදිවට මාව බෝම්බෙකට අහු කරලා පරම්පරා කූට්ටමත් කුඩු කළා, පිරිමියෙකුට එහෙම කරන්ඩ තරම් උඹ දරුණු උණේ කොහොමද කියලා මන් දන්නෙ නෑ..එහෙම කරපු මමයි අමු පිස්සා උඹ ලෝකෙ ඉන්න හොඳම සුදනා.. මන් කොහොමද යකෝ රෙද්දක් ඇඳන් එළියට බැහැලා යන්නෙ එහෙම ලෝකෙට කිව්වහම.."
මම දන්නා සියලුම උපක්‍රම දමමින් මගේ සිතුවිලි නවත්වා ගැනීමේ නිරර්ථක වෑයමක යෙදුණෙමි..
"හුහ් නවත්තයි..මන් දන්නවා උඹ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලත් හැදුවෙ මාව අර බාර් එකේ ඉන්න බේබද්දොන්ගෙන් එකෙක් කරන්නනෙ"
\\ මේ කතාව මට ඉස්සෙල්ලා මතක් උණේ නැති හැටි..අද හෙටම ලියනවා කතාවක්. හැබැයි මේ ඔරිජිනල් කතාව කොහොමත් හංගලා මේ සැරෙත් අරයට උණා වගේම ලියනවා..ම්ම්ම් \\
"ආ ඔය මතක් උණේ.. කී සැරයක් නම් මාව කෙල්ලො ඉස්සරහා පාච්චල් කළාද ? ඒ මදිවට අර ගණිකාවො ඉස්සරහත් උන් ලව්වා හිනැස්සෙව්වා "
"මෙහමයිනෙ දැන් එව්වා වෙලා ඉවරයි..මන් ආයි.."
"මන් ආයි මොකද්ද.. තමුසෙ හිතන්නෙ මගේ ආත්මය ගැන නොහිතා මාව නැතිබංගස්ථාන කල එකාට මන් ආයි ලියන්ඩ ඉඩ තියයි කියලද ?
"හරි මන් ඒ සේරටම සමාව ගන්නම් ඊළඟ පෝස්ට් එකෙන්..එතකොට ඉවරයිනෙ"
"එතකොට ඉවරයි..එතකොට ඉවරයි..ඒක කියන ලස්සන විතරක්..මට මෙච්චර දෙයක් කරලා ඒක කියන ලස්සනඋඹල වගේ උන් හිතා ඉන්නෙ සේරම කරලා සොරි කිව්වහම හරි කියලයි"
අසල වූ පොල් පිත්තක් අතට දෑතට ගත්තේ නැවතත්..
"අනේ ගහන්ඩ එපා ඕයි රිදෙනවා.."
"තමුසෙට රිදෙන්න ඕනි..එතකොට තේරෙයි අනුන්ටත් රිදෙනවා කියලා.."
"ගහන්ඩ එපා මල්ලියෙ.."
දායි දායි යන හඬ සමඟ මුලු ඇඟම හිරි වැටී යන්නේ..තත්පරයකට කී වාරයක්ද යන්න නොදනී..
"ගහන්ඩ එපා බුදු මල්ලියේ.."
ඔහු පැත්තකට වී හති හලයි.දැන් මෙය අවසන් කල යුතුව ඇත..
"අනේ බුදු සර්, මල්ලියේ..දැන් මට යන්ඩ දීපන්..මන් ලියන එක නවත්වනවා..උඹේ කේන්තිය ගියානෙ දැන්"
"උඹ හිතනවද මන් උඹට යහතින් යන්ඩ දෙයි කියලා?"
"මන් දැන් හරි ප්‍රසිද්ධයි..උඹට මාව හිර කරලා තියා ගන්න බෑ..හෙටම මගේ යාළුවො ටික මාව හොයන්ඩ ගනී"
"හොයන්ඩ..හුහ් හුහ් හූ..දැක්කනෙ ලකීම කියලා තිබ්බ කතාව..ඒකෙ ඩී අකුරක්වත් පී අකුරක්වත් නෑ..උඹ අර කුණු ඇලේ ඔබලා ගියත් සෑහෙන කාලෙකට කවුරුවත් දැන ගන්නෙ එකක් නෑ..එතන ඉන්න කබරයො ටික ඇර"
උන් ගම් කබරයොද දන්නෙ නෑ.. මා ඇසුවා නොව සිතුවා පමණි..උප්ස්...
"ඔව් මන් පෙන්නන්නම් ගම් කබරයින්ට දැනෙන්න ගහන හැටි"
අසල වූ ගහක දෙබලට දැමූ මාගේ අත් ගැට ගැසූ දම්වැලින් මා ඉහළට ඇද එල්ලීය.. මරණ බිය දැනුණේ මාගේ කලිසම තෙමා ගෙන වතුර ගලා ගෙන ගියේය..දැන් නම් අනුකම්පාව ඇයදීම මිස කිසිවක් ඉතිරිව නැත..
"අනේ බුදු මල්ලි මට යන්ඩ ඇරපන්.. මාව මැරුවා කියලා උඹට වෙන සෙතක් නෑනේ..ඇත්තටම මන් මළොත් උඹට මොකද වෙන්නෙ?"
"නෑ මන් මරන්නෙ නෑ..මන් ලෝකෙටම පෙන්නනවා උඹේ වෙස් මූණ ගලවලා. සබරගමුවෙ උන්ට මූණු දෙකයි කියලා පෙන්නන්ඩ නේද අර පෙරහැරේ මූණු දෙකේ එකෙක් අරන් යන්නෙ..ආන්න ඒ වගේ උඹෙත් මූණු දෙකක් තියෙන බව මිනිස්සු දැන ගන්ඩ ඕනි..
ඕක අමුතුවෙන් පෙන්නන්න දෙයක්යැ මල්ලි ? හැමෝම ඒක දන්නවා..මිනිස්සු හැමෝම හයිඩ් ඇන්ඩ් ජෙකිල් තමයි..මන් විතරක්යැ ? "
"හයිඩ් ඇන්ඩ් ජෙකිල් ?! ගමෙන් ඇවිල්ලා තවම හරියට අවුරුදු විස්සක් උණෙත් නෑ.. ඒත් පෙරහැරේ යන මූණු දෙකෙන් කියන්නෙ මොකද්ද කියලා මතක නෑ..හැබැයි හයිඩ් ඇන්ඩ් ජෙකිල් මතකයි.."
ඔහු පිහිය ගෙන මගේ ඇඳුම් කීතු කීතු ව්ලට ඉරා දමමින් වියරු හඬින් සිනාසෙයි..
"එපා මල්ලි එපා මේක එක්ක තව ෂර්ට් දෙකමයි තියෙන්නෙ සන්තකේටම ..අනිත් කලිසමත් හොඳටම සවුත්තු වෙලා..බෝනස් දෙන්න තව කාලයක් යන හින්දා සෑහෙන කාලෙකට කලිසමක් ගන්ඩ බැරි වෙයි.ඒ හින්දා ඔය කමිසෙයි කලිසමයිවත් ඉතුරු කරහන් බන්. එපා මල්ලියෙ යට ඇඳුම් නම් ගලවන්ඩ එපා"
මගේ නිරුවත දෙස බලමින් ඔහු කොපමණ වෙලාවක් හිනා වූවාද යන්න මතක නැත.
"මේ උඹ මට කල දේම තමයි ! නැතුව අමුතු දෙයක් නෙවෙයි "
බොහෝ වේලාවකින් පසු මා ඇද ගෙන ගොස් එල්ලුවේ පාර අයිනේම වූ සොහොන් කොතකයි..මා කායික වේදනාව සහ ලැජ්ජාව නිසාම සිහි විකල්ව සිටිමි.
"දැන් ලෝකයා දැන ගනී උඹ කවුද කියලා"
යන්තම් දෑස හැර බලන විට ලියන්නා අතුරුදන්ව ඇත..ශරීරය සෙලවීමටවත් නොහැක..පාර දෙපැත්තේම කිසිවකුත් නොමැති නමුත්..තව සුළු වෙලාවකින් එළිය වැටුණු විට සියල්ලම ලෝකයට එළි වනු ඇත.මේ සිද්ධිය පුවත් පත් වල, ශ්‍රව්‍ය ද්‍රෂ්‍ය මාධ්‍ය වල කෙසේ පල වනු ඇත්දැයි සිතෙන වාරයක් පාසාම මගේ සිහිය විකල්ව යනු දැනේ..පාරෙ එක් කෙළවරකින් යම් මිනිස් රුවක් පෙනේ..ඒ මගේ ඉටු දෙවියකු වන්නට ඇත..ළංවත්ම ළංවත්ම..මට පෙනුණේ ඒ සුනිල් නේද ?
"හත් දෙවියනේ මේ මොකද උණේ සර්ට"
මගේ දෙසවන් දෝංකාර දෙමින් එම හඬ නින්නාද දෙන්නට විය..
ඔහු මගේ උරහිසට අත තැබූයේ..මා ඇස හැර බැලීමි..දෙපස වූ මහා මාර්ගය සහ සොහොන් කොත් සියල්ලම එක්වරම අන්ත්‍රස්දාන වූයේ..
මා හනිකට පොළවට අත ගසා නැගී සිටිමි.. සුනිල් මා දෙස විස්මයෙන් බලා සිටී. මා මගේ මේසය අසල කාපට් පොළවේ වැතිර සිටියේ මන්ද ?වැඩ කරමින් සිටි ෆයිල් කීපයක්ම බිමට වැටී ඇත.. බෙල්ල සීරී ගොස් යම් වේදනාවක් දැනේ..
"මන් පොඩ්ඩක් මේසෙට ඔළුව ගහ ගත්තා සුනිල් නින්ද වැඩි කමට බිමටම වැටෙන්න ඇති"
"ඒක තමයි සර් ඔන්න වතුර වීදුරුවත් හැලිලා කලිසමේම"
සුනිල් බිම තිබූ ෆයිල් නැවත මේසය උඩ අඩුක් කරයි..මාර නින්දක් තමයි ඒක නම්..
"සර් දහය හමාරයි"
මගේ සියොලඟම සීතල වී ගියේය..
"සුනිල් බලන්න සේන කොහෙද කියලා.. මට ඇඟට අමාරුයි. සේනට කියන්ඩ වාහනය ලෑස්ති කරන්ඩ කියලා මාව ගෙදෙට්ට ගිහින් දමලා එන්ඩ"
"හා සර්"
මම අසල වූ බෑගය අතට ගතිමි.
මා වහාම මගේ නවාතැන කාර්යාලය අසලින් සොයා ගත යුතුව ඇත..නැතහොත් මේ ලිවිල්ල නැවත්විය යුතුව ඇති බව මගේ හිත මට හඬ ගා කියයි. මෙච්චර ඇත්තටම උණා වගේ හීනයක් ඔය දැක්කමයි..සැබවින්ම එය හීනයක්ද නැද්ද යන්න ගැන තවමත් මට ඇත්තේ සැකයකි.
ඒ සැකය හාම මතුවන්නේ මා තව දුරටත් නිර්මාණ කරන්නේ නම් නිර්මාපකයා කවුද යන උභතෝකෝටිකයටයි..
G if courtesy from - http://gifstumblr.com/cool/creator-vs-creation-983
කට ඇරගෙන කියෙව්වේ... :D
ReplyDeleteනිර්මාපකයා මොකා උණත් කමක් නෑ බැරිවෙලා හරි උඹ ලියන එක නැවැත්තුවොත් එහෙම නම් නිර්මා කෑල්ල හලලා තමා උඹට කතාකරන්නේ...
වල් පරයා..:D:D:D
ReplyDeleteපුල් ෆිට් එකේ කියවගෙන ගියේ සීන් එක ඇත්තක් කියලා ෂික් වැඩක් නෑ හීනයක්නේ
ReplyDeleteහෙහ් හෙහ් හේ..... බුදු අම්මෝ....
ReplyDeleteමමත් ලියන්නාට ෆුල් සපෝට්. දැන් ගැමියාට දාපු සම්භාධක අයින් කරනවද?
ReplyDeleteසුපියල් පා කෑවා.... චික්....
ReplyDeleteමේ කතා දෙකෙන් අපිව රවට්ටපු තරමට ලියන්නා ගැහුවට වඩා රිදෙන්න තොට නෙලන්නේ වල් පරයා...
ඔය උඩ එකෙත් ඩී අකුරක්වත් පී අකුරක්වත් නෑ හඉහ වෙනියෝ....
මේ තියෙන්නෙ ගැමියාගෙ පත් ඉරුවෙ ගැමියා මේ කතාවෙ පළමු වෙනි කොටසට දමපු මන් බාධක දමපු කමෙන්ට් එක තමයි..
ReplyDelete\\කියවන්න පටන් ගත්තේ කෙටි කතාවක් වෙයි කියලා හිතලා බැලින්නම් කොටස් දෙකක් තියෙනවා ඒ මදිවට මේක වෙලා තියෙන්නේ වෙනී අයියටනේ.....වෙනී අයියගේ ඉස්ටයිල් එක "විය නොහැක්කක්ම සිදුවිය හැක" කියන එකනේ මේකත් කොහෙන් කෙලවර වෙයිද මන්දා....\\
ම්ම්ම්ම් මට හිතෙන්නේ ඔපීසියේම ගොරෝ ගොරෝ බුදි ඇති එතකොට දකින හීනයක් වෙන්නත් බැරි නෑ අන්තිමට....හලේ මන්දා ඉක්මන්ට දාන්නකෝ මේ කතා කුතුහලේ අවුස්සනවා\\
මට මතකයි මේක..
Deleteහිකිස්..
වැඩේ හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ
Deleteමල මගුලයි මේ මොකක්ද මේ වුනේ. ඔන්න ඔය තර්ජන ගණන් ගන්න එපා වෙනි අයියේ, දිගටම ලියන්න. ඔය හීනේ හැබෑ වෙන එකක් නෑ. නැති වුනොත් ඉතින් තර්ජන එන්නේ කාගෙන්ද කියලා දන්නවා නේ. හැබැයි අර මිනිහට ආපු තරහ සාධාරණයි සමහර තැන් වල.;)
ReplyDeleteමේකෙ අවස්ථා සම්බන්ධය දන්නේ නැති තැන් දෙක තුනක් තියනවා. මම මූණු පොතේ මැසේජ් එකක් දාන්නම්.:)
මං හිතුවා ඒ දවස් වලම ඔය ටික වෙයි කියලා...
ReplyDeleteහාහ් හහ්හ් හාහ් සික් මීට වැඩිය වෙනස් එකක් බලාපොරොත්තු වුනේ.ලොල්.
ReplyDeleteඇත්තමයි වෙනි අයියේ.. නෑ එක්කෝ ඕන නෑ..
ReplyDeleteකතාවනම් සිරා වෙනි අයියේ.. මුල් කොටස බලද්දි මෙහෙම සීන් එකක් හිතුනෙම නෑනේ..
Deleteඅපිව කෑවා... හිනයක් පාට පාටින්..
ReplyDeleteඇත්තටම ලියන්නයි වෙනියි දෙන්නෙක්ද එක්කෙනෙක්ද?
ReplyDeleteහ්ම් මම තාම කල්පනා කරනවා..
අඩේ උපකල්පනය හරි ගිහින්නේ බොලේ මාර සතුටුයි ඈ....කොහොම වෙතත් අන්තිම වෙනකන් හිතුනේ නෑ හීනෙකින් ඇහැරෙයි කියලා මම හිතුවෙම වෙන මොනාහරි වෙයි කියලා....කුතුහලේ දැනෙන්න පට්ට විදියට ලියලා තියෙනවා උපරිමයි අයියේ ජය වේවා...ඒක නෙමෙයි ඔෆීසියේ ඇහැරෙද්දි නිර්වස්ත්‍රව හිටියනම් මරු....
ReplyDeleteඒකනම් පට්ටයි ගැමියා. ඔෆිස් එකේදි ඇහැරෙනකොට නිර්වස්තරෙන් හිටියා නම්.... මේකාටත් හිතෙන්නෙ මට හිතෙන විදියටමනෙ!!
Deletehenryblogwalker the Dude
හීනයක්ද? ඇත්තක්ද? මොකක් උනත් හරිම ලස්සන කතාවක්. ටිකක් බයත් හිතෙනවා.
ReplyDeleteඇත්තටම ඔය දෙන්නා දෙන්නෙක්ද? :D
ඒක ටිකක් සංකීර්නයි, එක ශරීරයක් තුල චරිත දෙකක්,
Deleteචරිත දෙක- නිර්මානකරු + පකයා
ශරීරය- නිර්මාපකයා
බය හිතුනා හිනා ගියා.වෙනියා මාරාගෙන කන්න හිතුනා.
ReplyDeleteනිර්මානේ ගොඩාක් ලස්සනයි.
සික් යුගයේ ජන අප්‍රියම බ්ලොග් කතාව වෙයි කියලා හිතුවේ...සික් මේක හීනයක්නේ
ReplyDeleteදෙන්න හිතෙනව හොඳ ගුටියක් .:D
ReplyDeleteවෙනියො, උඹ හීනෙන් ඇහැරිලා ලියන්නගෙන් බේරුනාට, නුදුරු අනාගතේ උඹට තව දරුණු මාරකයක් තියෙනව කියල මතක තියා ගනින්
ReplyDeleteවෙනී අයිය ඔපිස් එකේ ඉන්නගමං මොනවත් පාවිච්චි කළාද ඔය වගේ හීන පේන්න.
ReplyDeleteමූ නං ......ගහල. ඇත්ත වෙනිය එලියට ඇවිල්ල චූ යනකං පතබාල!
ReplyDeleteඅප්පා මම හිතාගෙන හිටියේ ලියන්නා හෙන කාරුණික පොරක් කියලා.., බලනකොට මූ වෙනියාටත් එහා නේ.., සිකේ අපරාදේ අපි කොටපු යුනිකෝඩ් මූව උඩ තියන්න ;)
ReplyDeleteසිරාවට ගොඩනඟලා තියේ වෙනි අයියා.., අර රූපෙනුත් අඩුපාඩුවක් තිබ්බා නම් ඒක මකලා දැම්මා..!
උපරිම!
දැන් ඒ කියන්නෙ අලුතෙන් නවාතැනකට යනකල් ලියන්නෙ නැද්ද??
ReplyDeleteඑහෙමවත් කට්ටිය තේරුම් ගනීද කියලා බැලුවද? :D පව් ඔයා.
ReplyDeleteප.ලි. හොඳ නිර්මාණයක්, හැමදාම වගෙ.
වෙනි අයියා මේ දැකපු හීනත් මෙතන දාල කියල දැනගත්තොත් ලියන්නා හැබෑවටම ඔහේව මරල දාන්නත් බැරි නැහැ
ReplyDeleteඒ මිනිහට කියලත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ
හැමදාම වෙනියගේ අතින් බයිට් වෙන්න බැහැනේ
ලියන්නා මහ දරුණු පොරක් නේ....
ReplyDeleteනිර්මාණය නියමයි අයියෙ
කවදත් වගේම කතාව නම් සිත් ඇදගන්න ලියල. ඒ එක්කම ගැමියා ගොඩක් විචක්ෂණශීලී බුද්ධියෙන් පොස්ට් කියවන්නෙක් කියලත් මට තේරුණා.
ReplyDeleteකමෙන්ට් එකක් දමා මා දිරි ගැන්වූ සියළුම සොයුරු සොයුරියන්ට මගේ හද පිරි ස්තූතිය !
ReplyDeleteඅහ්හ් මම බය උනාද මන්දා :D
ReplyDeleteවෙලාවකට ලියන්න කියන චරිතෙ හැබෑ එකද්ද කියල හිතෙන වෙලාවල් තියනව. මෙදා පාර උඹ ඌ ඇත්තටම එලියට අරං
ReplyDelete