ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, September 29, 2013

සමහරෙක් සමහරක් කතා කිව්වත්..

පෙරහැරක්..කියන්නෙ මට නම්...අතීත මතක සමුදායක්..
කවුරු කොහොම මොනවා කිව්වත්..අහලක පහලක හෝ යන්න පුළුවන් දුරක නිදහස් වෙලාවක තියෙනවා නම් පෙරහැරක් බලන්න යන එක මගෙන් මඟ හැරෙන්නෙ කලාතුරකින්ම තමයි.

පෙරහැරක් කියන්නෙ අපේ පසුගාමී චින්තනයේ වලිගය..වාණිජකරනය වෙච්ච පෙරහැරක අද තියෙන්නෙ විකිණීමක් විතරයි...පෙරහැර අද අන්තගාමී පිරිසකගේ  පටු අරමුණු ඉටු කර ගැනීමේ මෙවලමක් විතරයි..කියන කතන්දර හෝ පෙරහැර කියන්නේ අපේ සංස්කෘතියේ ඉහලම අංගයක් වගේ කියන කතන්දර මුකුත්ම හිතේ නැතුව මම ඕනිම පෙරහැරක් බලන්න යන්නෙ හරිම සතුටින්..

පොඩි කාලෙ ඉඳලම අම්මා, තාත්තලා එක්ක ගිහින් වැඩිහිටියෙක්ගේ කර උඩ නැගලා බොහ්ම කුතුහලෙන් විස්මය ජනක ලෙස නරඹපු පෙරහැර පිළිබඳ සියළුම මතක පෙළහර මගේ හිත ඇතුලේ දිග හැරෙන්නේ නිතැතින්මයි..

ඒකට මම හරිම කැමතියි..

සමහර විට පෙරහැරක් බලන්න එන ලක්ෂ ගානක් එහෙම හෝ වෙනත් විදියක් වෙන්න ඇති..

පෙරහැරක් නොබලන ඒක විවේචනය කරන සුළුතරයක් නොඉන්නවා මත් නෙවෙයිනෙ..ඒ හින්දා ඒ අය පොරවල් වෙන්නෙත්...පෙරහැරක් බලන්න ගිය මම පොරක් වෙන්නෙත් නැති බව නම් මගේ පුද්ගලික විශ්වාසය..ඒක නිවැරදිම එක වෙන්න ඕනි නැහැනේ..

ඊයේ පන්නිපිටියේ දෙවුරම් වෙහෙරට දාලව තිබුනු ශ්‍රී ලංකේෂ්වර රාවනා පෙරහැරෙන් මම කැමරා කාචයට අහු කරගත්ත ඡායාරූප පෙලක් තමයි මේ තියෙන්නෙ..






























34 comments:

  1. පෙරහැර නම් ලස්සනයි. අර 12 වෙනි ෆොටෝ එක නම් පට්ටයි. වචන හුඟක් එක ෆොටෝ එකකින් කියවෙනවා.
    .
    රාවනා ගෘප් එක ගැන නම් මට තියෙන්නේ ටිකක් වෙනස් මතයක්. ඒක ඕන නෑ ඔන්නොහේ

    ReplyDelete
  2. රාවනා උනත් අලියට බබයි වගේ ඒකනේ අච්චර දම්වැල් දාල තියෙන්නෙ.

    මොකද වෙනී අයිය ෆොටෝ ටික ඔක්කොම ඇලවෙලා. :D

    ReplyDelete
    Replies
    1. මචන් මිනිස්සු අමාරුවෙ වැටෙන ප්‍රස්න අහන්න එපා බන්. ඔය වැනිය දුවනකොට ාඇන්න තියෙන්නෙ

      Delete
  3. වෙනි අයියේ ඈ බන් උබ මේකේ නැතයි ..... මම හිතන්නේ නම උඩ ඉඳන් 25 වැනි එකේ ඉන්නේ වෙනියද මන්ද /.

    ReplyDelete
  4. පෙරහැර ලස්සනය එක කතදෙකක් නැතිය. රාවණා මිත්‍යාවක්ද සැබෑවක්ද කියා වත් සනාථවී නැත. එහෙව් එකේ රාවනා නාමයෙන් ගොන්පාට් කෙලීම නම් අනුමත කල නොහැක. මොකද රාවන සැබෑවක් නම් මේ රාවන් බලකායේ එවුන්ගේ මෝඩ චූන් දැක උන්ව පෙතිගහනවා ඇත

    ReplyDelete
  5. කෝම උනත් පොටෝ ටික නං එල....

    ReplyDelete
  6. පෙරහැරක් යනු සංස්කෘතික කලඑළි දැක්මකි.රාවනා කියා ඉංග්‍රීසියෙන් අතේ පච්ච කොටාගෙන මේ කරන විගඩමනම් විහිළුවකි.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. ඇත්තටම පෙරහරක් කියන්නේ අපේ ශාන්ස්ක්රුතියටම බද්ධවූ වැදගත් සංස්කෘතිකාංගයක්. අවාසනාවකට වගේ දැන් ඒ සංස්කෘතිකාංගය යම් යම් වානිජකරනයන්ට සහ විසුළු ස්වරූපයකට පත්ව තියනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත විචාරක තුමනි.

      Delete
  9. ඔය තියෙන්නෙ පට්ට පිංතුර වෙනියා.
    හැබැයි මට පච්ච කාර "සේනා" නම් අරහං.

    ReplyDelete
  10. මෙච්චර දවසක් උඹ දාපු පොටෝ වලින් හොඳම ටික වැටිලා තියෙන්නේ අද කියලයි මටනං හිතෙන්නේ... අච්චර හොම්බ දිග කැමරාවක් අතේ තියාගෙනත් ගන්න පොටෝ ගැන මටනං යකා නැගලා තිබුනේ.. කොටින්ම උඹේ හොම්බට අනින්න හිතෙනවා අර හොම්බෙන් හරියට වැඩක් ගන්නේ නැති එක ගැන හිතුවම... මේ පාරනං පොටෝ ටික හොඳයි එකක් දෙකක් ඇරුනම... අර ගිනිබෝල ටිකනං කියලා වැඩක් නැහැ...

    ඕවා ඇනෝ ඇවිල්ලා කියන්න උවමනාවකුත් නැහැ ආයේ ඉතිං උඹ තරහා ගන්න ජාතියේ එකෙක් නෙවෙන හින්දා ඕන රෙද්දක් කිව්වැකිනේ... ඒ හින්දා ඔන්න කිව්වා... (මාතලං හිතං ඉන්නේ උඹට පොටෝ ගන්න බැහැ කියලනේ.. මෙන්න උත්තර.. :D ) (( බලමු මේ අස්සෙත් මොකෙක් හරි තලා ගන්න))

    ඊ ළගට මේ පෙරහැර ගැනනං කියන්න තියෙන්නේ මෝඩ චූන් කියලාම තමා... හරියට නොදන්න... එහෙං මෙහෙං අල්ල ගත්තු කෑලි ටිකක් පූට්ටු කරලා හදාගත්ත කතාවකට උවමනාවට වඩා තැනක් දීලා.. නිකං කෝළං නටනවා වගේ වැඩක්... ඒ මදිවට ගොං පාට් ගොඩයි... එකෙක් රාවනාව අතේ ගහගෙන... මලකඩ කඩු කෑලි අරං ගොං නැටුං දානවා.. ෂූවර් එකට අර රාවණා කේස් එකට එහා ගිය පිස්සු අංගං සෙට් එක මේකේ හිටලා තියෙනවා... මට දුක මේවට පන්සලුත් ගාව ගන්න එක ගැන.. මේ ගොං හාමුදුරුවරු දැන් බුද්ධ පුත්‍රයෝ නෙවෙයි රාවණාගේ බලු ගැත්තෝ... (කවුරුවත් කලබල වෙන්න එපා හාමුදුරුවරුන්ට ගොන්නු කිව්ව එකට... බුද්ධ පුත්‍රයින් නොවන මෙහෙම ගොං හරක්ට වෙන මොනවා කියන්නද..? )

    මීවන පලානෙගේ වර්ගපූර්ණිකාව බ්ලොග් එක පොතක් හැටියට ගහලා නොමිලේ බෙදා දෙන්න වටිනවා මේ ගොං හැතිකරේට බල බල ලේ ටිකක් පුච්චගන්න...

    ReplyDelete
    Replies
    1. පොතක් ගහලා නොමිලේ බෙදන එක ලේසි නෑ බං..... නොමිලේ බෙදන්න පොත් ගහන්න ඉස්පොන්සර් කෙනෙක් හම්බුනොත් මටත් කියාපං....:D

      Delete
  11. නියම ෆොටො ටික යාලු

    ReplyDelete
  12. මගේ කොමෙන්ට් එක නෑ..... :(

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙ කමෙන්ටුවක් ස්පෑම් වෙලත් නෑ..අට මුට්ට කියලා දාලා තියෙන කමෙන්ටුව නම් මම මකලා දැම්මා..

      Delete
  13. අලියගේ විලංගු සේයා රුව ලොකු කතාවක් කියනවා වෙනී. අන්න මාරයා අයිමත් මාතලන් අවස්සන්න ට්‍රයි කරනවා.

    ReplyDelete
  14. අපේ රටේ මිනිස්සු වෙනස් කියන්නේ මෙන්න මේවට

    ReplyDelete
  15. අංගං කාරයෝ වැඩ දන්න සිරා ඩයල් ටිකක් ද?

    කිව්වත් වගේ අර ගිණි කෙලි පොටෝ ටික නං මරු එකට වැදිලා තියෙනවා... සොරි සොරි මරු එකට ගහලා තියෙනවා....!

    ReplyDelete
  16. 'රාවණ' කියන නම පවා දැන් දැන් රටේ අමුතු මුහුණුවරක් අරගෙන. අනේ මන්දා...

    ReplyDelete
  17. ෆොටෝ ටික ලස්සනයි.. පෙරහර ඇත්තට බලන්න බැරි උන අපිට මෙහෙම හරි බලන්න පුළුවන් උන එකම මදැයි ඉතින්..

    ReplyDelete
  18. නියමයි ස්තුතියි.

    ReplyDelete
  19. අලි ඇත්තුන්ට වද දෙන හින්දම මම පෙරහැර බලන්න කැමතිම නෑ. මම කියන්න හදපු දේ වෙනී අයියා කාචයට නගලා තියෙනවා...බලන්න ලස්සන ඇදුම් අන්දලා පිටතට නොපෙනෙන කටුක සත්‍ය...විලංගු ලා හිරකල මේ දෙකකුල් ලග ලග අඩි තබා කෙතරම් දුර අපහසුවෙන් මේ සතුන් ගමන් කරන්නද ? මේ දේවල් දුටුවානම් බුදුහිමියන්ද නිසැකවම කම්පා වනු ඇත.

    ReplyDelete
  20. අන්තිම ෆොටෝ ටික නම් සුපිරි....

    ReplyDelete
  21. දළදා පෙරහැර, මිහිඳු පෙරහැර, සංගමිත්තා පෙරහැර, දැන් අළුත්ම එක..රාවණා පෙරහර!

    ReplyDelete
  22. මොකද්ද අප්පෙ ඒ පෙරහර... හි හි...

    අර අලියට අලුතින් ඇඳුමක් නිර්මාණය කරලද... මං කොහෙවත් දැකලා නෑ ඒ මෝස්තරේ... ඒකත් හොඳයි... අලින්ටත් රනවේ... හි හි

    ReplyDelete
  23. මොන රාවණයෙක් උනත් කමක් නැහැ බන්....මේ අසරණ ශිල්පීන්ට උන්ගේ ගතමන්ට් එක හරියට පියවනවානං. ඒකත් දඬුමොණරෙන් ගෙනත් දෙනකම් ඉන්න වෙයිද දන්නේ නැහැ. විමලයා මොකාටද ඇඳලා හිටියේ?

    ReplyDelete
  24. අර එකෙක්ට රාවණා පුකේ ඇරල වෙන්ටැ ඉන්ගිලිසියෙම්ම රාවනා කියල අතේ ගහන් ඉන්නෙ! ඒකගෙ මලකඩ කඩුවෙන් කැපෙන්නෙ නැති උනාට ගෑවුනොත් පිටගැස්ම හැදිල මැරෙනව.

    ReplyDelete
    Replies
    1. ඉන්දික මල්ලි කාගෙ පච්චයක්ද අතේ ගහ ගන්න යන්නෙ ?
      :-D

      Delete
    2. වෙනී, මගේ අතේ ගහල තීන විදිය ගැන දාපු මේ පෝස්ට් එකේ විස්තරේ තීනව.

      http://upashantha.blogspot.com/2012/04/blog-post.html

      Delete
  25. අර නවයේ ඉන්න යකා නම් මරු .පරණ යාලුවෙක් දැක්කා වගේ. දෙවැනි පින්තුරේ බෝර්ඩ් එක ගෙනියන හැටිත් අලුත් දෙයක්.
    දොළහේ අලියා නම්......

    ReplyDelete
  26. පෙරහැරකදි අලින්ට කොච්චරනම් ගැහැට විඳින්න වෙනවද දම්වැල්, ගාංචු අස්සෙන් ඉවරයක් නැති කෑකෝ ගැහීම් අස්සෙන් ඉස්සරහට යනව කියන එක සමකාමීව ඉන්න කැමති සතෙක්ට ඔරොත්තු දෙන දෙයක් නෙවි..

    ReplyDelete
  27. අන්තිම ෆොටෝ දෙකට මම බොක්කෙන්ම කැමතියි මචෝ..

    ReplyDelete