පෙත් ප්‍රදර්ශනයේ තෙවැනි දිනය අදයි..දෙවෙනි වතාවට එහි ගොඩවැදුනු මා එහි මට අවැසි වූ පොත් රාශියක්ද මිලදී ගෙන ඉසුඹුවක් ලද මොහොතේ මා කැමරා කාචයේ රැඳුනු සිත්තම් කිහිපයක් ඔබට ගෙන එන්නට අවසර !
පොත් ගොන්නක් සහිත බෑගය එක අතකින් රැගෙන ඡායාරූප ගැනීම ඉතා දුෂ්කර බැවින් මීළඟ දිනයේදී නම් පොත් මිලදී ගන්නට පෙර එය කරමියි සිතා ගත්තෙමි..
මේ තියෙන්නෙ මම දැනටමත් අර ගත්ත පොත්..
තව කීපයක්ම අනිවාර්යෙන්ම ගන්න තියෙනවා..මේ පොත් අතරේ තියෙන පොත් දෙකක්ම ගන්න කීව අයිති කාරයගේ කට කනේ මේ වෙලාවෙ..ඌට කියන්නෙ මම කියවලා ඉවර වෙලා තමයි පොත් ටික දෙන්නෙ නම් පුතෝ...ඒ පොත් ටික කාලෙකට ඉස්සර කියවලා තිබ්බට ආයිමත් රසවිඳින්න තහනමක් නෑ නොවැ..
ඔක්තෝම්බරය කියවන මාසෙ හින්දා ආයි මේ ටික කියවනවා මිසක් බ්ලොග් ලිවිල්ලක් එහෙම නම් නැති වෙයි ඕන් !
එතකොට අර අපේ කතන්දර උතුමා වැඩ වැඩි උනහම වැඩ..වැඩ..වැඩ..කියන්නැහේ මාත් කියන්නෙ පොත්..පොත්...පොත්.. කියලයි..
මමනම් ගියේ නෑ බන් ඒ පැත්තෙ... කොයිද අපිට යන්න වෙලා.... එල එල....
ReplyDeleteකියවීම මිනිසා සම්පූර්ණ කරයි....
මටත් තාම එන්න බැරි වුණා ලියන්නෝ..දැන් ලබන මාසේ මලවපන් ගත්ත ඒවා ටික.
ReplyDeleteඔව් ඇත දෙකම හොඳට තියෙන වෙලාවක ෆොටෝ ගන්න , අර බලු ප්‍රදර්ශනේ අරං තිබුනේ නලින් අයියා ඒ වගේ ටිකක්.
ReplyDeleteගත්ත ඒවායේ හොද නරක කියන්නකෝ....ප්‍රදර්ශනේට යන්න වෙන්නැති හිනදා පස්සේ හරි අරගෙන කියවන්න බැරියෑ
ReplyDeleteඔන්න මටත් මිස් වෙන දෙයක්. ඔය පොත් ප්‍රදර්ශණ දෙසැම්බර් වල කවදාවත් දාන්නේ නෑනෙ. වැරදි මාසේ ඒකටත් තෝරාගෙන තියෙන්නේ.
ReplyDeleteමීට පස්සෙ කමෙන්ට් දාන්න වෙන්නේ අපේ වැඩ ඉවරකරලා තමයි. මේ දවස් වල වැඩ වැඩ වැඩ!
අපිට මෙහෙම හරි දකින්න සලස්වන එකම ලොකු දෙයක් නොවැ.
ReplyDeleteපොත් ගත්තට ලාබයක් නෑ අය්යේ,මගටයි කෑමටයි වියදම් වුනාම
ReplyDeleteහකරල්ලා කියපු එකම තමා මට කියන්න තියෙන්නේ ඊටත් දැන් computer එක නිසා පොත් කියවීම 0 ටම බැහැලා
ReplyDeleteඔතනින් පොත් තුනක් මා ලඟ තියෙනවා දෙකක් ම (ගුරු ගීතය සහ ඇල්කෙමියා) 2012 ප්‍රදර්ශනෙන් තමයි ගත්තේ.
ReplyDeleteඅනිත් එක දේශීය පොතක්. එලියකන්ද වධ කඳවුර. අපේ දේශය ගැන, ජාතියේ වීර පුතුන් ගැන මාර ආඩම්බරයක් ඇතිවෙන්නේ ඒක බලන කොට.
මෙන්න ඒ පොත ගැන මගේ විචාරයට පාර:
http://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html
දුබල සිත් ඇත්තෝ නොබලත්වා!
ලින්ක් නැත්තන් කකාත් අද මෙතන නෑ
Deleteදැන් ඉතින් තුන් පැයේම ඔතන ''ටැග්' ගැහි ගැහි ජෝඩුවලට බැල්මට් දදා ගෑනුන්ගෙ පින්තූර අල්ල අල්ල මෙතන ගෙනත් දාවි
ReplyDeleteහලෝ මාරයා කොහොමද !!
Deleteපසුගිය වතාවල මිලදී ගත් පොත් තවමත් කියවා අවසන් කලේ නෑ. ඒත් මේ පාරත් බලන්න එනවා. බොහෝ විට හෙට.
ReplyDeleteඔක්තෝබරේ කියවලා, නොවැම්බරේ මොකද කරන්නේ?
ReplyDeleteපොත් ගොඩක් අරගෙන නේ... මටනං දැන් කියවන්න වෙලාවක් නෑ අප්පා..
ReplyDeleteමොකද අර සමහර ගෑනු ළමයින්ගේ පින්තූර දෙපාරක් අරගෙන තියෙන්නේ...:)
ReplyDeleteඋඹ ඔය පොත් ටික කියෙව්වට පස්සේ අපිට විදින්න වෙන දුක ගැන මම මේ හිතන්නේ...
ReplyDeleteනියම කතාව බං
Deleteදෙවෙනි සහ හතරවෙනි පින්තූර වල සිටින ගැහැණු ළමයා ගැන විශේෂ අවධානයක් දක්වා ඇති බව පෙනේ.
ReplyDeleteයකෝ වෙනී අයියෙ බොලා පොත් කියව කියව හිටියම අපි කියවන්නෙ මොනවද?
කවුරුත් ආස පොඩි ගැට වලට නේ... නේද ප්‍රසන්න මල්ලි ?
Deleteකාල සර්ප කියන පොතට සම්මානෙකුත් හම්බ උනා නේද?
ReplyDelete:)
ReplyDeleteකාල සර්පයි,අත අත නෑරයි බලන්න බැරිවුනා
ReplyDeleteඅයියන්ඩි අර අධිසි යුධ පෙරමුන මටත් කියවන්ට දෙනවාද...........?
ReplyDeleteහා හා පොත් පොත් පොත්
ReplyDeleteඔන්න ඔතකොට තමයි ලංකාවෙ නෑති එකේ පඩුව දැනෙන්නෙ..
ReplyDeleteඅපිට නම් යන්න වුනේ නෑ,,ඒත් පින්තුර වලින් එහෙ ගියා වගේ දැනුනා
ReplyDelete