අද වෙනකොට මෙගා බයිට් එකක් කියලා දස වද දීපු නළුවෙක්ගෙ කතාව අන්තර්ජාලය තුල පැතිරෙනවා..
මේ තියෙන්නෙ මම 2012 ජූනි ජූලි මාස වලදි මම මුහුණ දීපු අත්දැකීමක් ඒ කාලෙ අකුරු කරපු හැටි..
මේක අද වදයක් වෙලා තියෙන හැටි පේනවනෙ !
පළමු වන දිගහැරුම..
ජායාරූප ගැනීම එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් ෆොටෝග්‍රැපි, කරන එක මට නම් මගේ විනෝදාංශයක්ම විතරයි. මොකද ජායාරූපකරනය තමන්ගේ වෘත්තීය ජීවිතය වෙච්ච කොට්ඨාශයක් ඉන්න නිසාම මම ඇයි ෆොටෝ ගහන්නෙ කියන එකට මමම දීලා තියෙන පැහැදිලි උත්තරය ඒක තමයි. මේක විනෝදාංශයක් වීම නිසාම තාමත් මන් අරගෙන තියෙන්නෙ ෆොටෝ දෙතුන් සීයයි .වගේම ඒ ෆොටෝ අතරින් මගේ හිතට අල්ලපු සහ මූනු පොතේ දමපුවහම එන කමෙන්ට් වලින් වගේම මගේ මේ විනෝදාංශයට අත හිත දීපු කෙනාගෙ අදහස අනුව තියෙන්නෙ ෆොටෝ 3-4ක් විතරයි හොඳ ෆොටෝ කියන ගොන්නට දමන්න පුළුවන් ඒවා තියෙන්නෙ..
ඔව් ඒ ෆොටෝ 4-5න් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..සමහර විට ඒ වෙලාවෙ ගන්නකොට තේරුනෙ නැහැ..මේ වෙලාවට මේ සෙටින්ංග්ස් තමයි හොඳම කියල නම්..ෆොටෝ ගත්තට පස්සෙයි දැක්කෙ හොඳයි කියලා..ඒ නිසා ඒ ෆොටෝ 3-4 අහඹුවට වැදිච්චා කියමුකො..
ෆොටෝ ගන්න අය එක එක කැමති අනු අංශත් තියෙනවනෙ ඔය එක්කම..
මාත් කල්පනා කලා දැන් මන් ගන්ඩ යන්නෙ මොනාද කියලා..මල්ද ? සමනලයොද ? ගස් කොලද ? මිනිස්සුන්ද ? අනේ මන්දා ? ඔහොම කල්පනා කර කර ඉන්න කොට මන් දවසක් දැක්කා ලස්සන රාත්‍රී දර්ශන ටිකක් තියෙන ෆොටෝ වගයක්..හ්ම්ම්ම් අහල පහල වනාන්තර නැති නිසා ගස් වැල් ගන්ඩ බෑ..මේ කොන්ක්‍රීට් වනන්තරේ එහෙන් මෙහෙන් දැන් නම් ගහක් කොලක් මලක් තියෙනවා උනාට ස්වාභාවික හෝර්ටන් තැන්න වගේ නෙවෙයිනෙ..ඒ උනාට රෑ වෙන එක කොහෙටත් පොදුයි..මොකෝ වෙන්නෙ රෑ ජාමෙ ෆොටෝ ගත්තොත්..
ඔහොම හිතපු මන් තීරණය කලා රාත්‍රී ජායාරූප ගන්නවයි කියලා..ඉතින් ඒක සාර්ථක උනාද ?
කෝකටත් තෛලය වගේ ගියා අන්තර්ජාලෙට..කියෙව්වා තිබ්බ ලිපි කීපයක්ම..හෆොයි හිතුවට වඩා දරුණුයි..මහා දිග හොම්බක් තිබ්බට කැමරා ලෙන්ස් එකේ f/4.5 පටන් ගන්නෙ ඉඳන්..සාමාන්‍යෙන් කියන්නෙ f/ 3.5 තමයි හොඳම රාත්‍රී ජායරූපවලට කියලයි..ඔය සේරම හරි යන්ඩ බෑ..ඕන් ඔහෙ තියෙන එකෙන්ම ගන්නවා කියලා හිතලා..මාත් වැඩේට බැස්සා..
ඔහොම බැහැලා ගත්ත ෆොටෝ ටිකක් තමා මේ තියෙන්නෙ..
රාත්‍රී ජායාරූප ඉතින් දවල්ට ගන්න ඇහැකියැ ..මේකෙ තියෙන වාසිය තමයි ඔෆිස් ඇරුනහම මට කෙලින්ම වැඩේට බහින්න පුළුවන්..හැබැයි ආරක්ශාව අතින් එච්චර හොඳ නැති හරියවල් වල නම් මේක කරන්න බෑ.ඒ නිසා මන් කරන්නෙ ජනාකීර්න නගර වලයි..එහෙම නැත්නම් අහලක පහලක පොලීසියෙන් ඉන්නව නම් බහිනවා ගේමට..නැත්නම් ඔහේ මගේ පාඩුවෙ යනවා.
පහු ගිය දවසක මන් ඔහොම රෑ 10ට විතර ඇති බැස්සා බඩු ටිකත් අරන් එලියට..දැන් ටවුන් එකේ ෆොටෝ 2-3ක් අරන්..හෙමින් හෙමින් ඉස්සරහට ගියා..හඳ පළුවෙන් එන එලියයි..විදුලි ආලෝකයෙන් එලිය උනු අවට පරිසරයේ රූස්ස ගොඩනැගිලි වල පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම බලමින් මන් යනවා මගේ ගමනෙ..හෙමිහිට නැවතී නැවතී..
තරමක් පාළු, අතඇරලා දමපු බිල්ඩින් එකක්.... සහ දැනටමත් අළුතින් හදන බිල්ඩිමක්..හරියටම ඔය මැද අතු පතර විහිදිලා ගිය මාර ගහක්..විදුලි එලිය බිඳක් නැති පාළු බිල්ඩිම හඳ එලියෙන් බබලනවා..අළුතින් හදන බිල්ඩිමේ විදුලි එලිය අර මාර ගහේ අතු අතරින් පෙරිලා ඇවිත් ලස්සනට රටා වලට හෙවනැලි ඇඳිලා..මගේ හිත එකපාරටම කීවෙ..ටොප් ෆොටෝ එකකට හොඳම තැන කියලයි..ඉස්සරහට ගීයා..ආපහු ආවා..බැලුවා කැමරා ඈන්ගල් කරන්න හොඳම තැන..මේ එලියට හරියන්න සෙට් කරන්න ඕනි සෙටින්ග්ස් ගැන හිතමින්ම..
"ස්ස්ස් ....ස්ස්ස්ස්..."
මගේ දැහැන බිඳුනා සැනකින්ම...
මාර ගහ යට පාළු අඳුරෙන් මෑත් උනේ ජායාවක්..එලියයි අඳුරයි අතරේ මාරුවෙන් මාරුවට පුළුල් තීර විදියට ඇහැ යොමු කරපු මට මේ පුංචි රුව දෙනෙතට හසු කර ගන්න මදක් අපහසු උනා..ඒ කාන්තා රුවක්.. මගේ හිත මට කිව්වා..
"අනේ එක්ස්කියුස් මී අයියෙ.. මගෙ පර්ස් එක මග වැටිලාද කොහෙද ..අතේ සල්ලි නෑ කීයක්වත් ගෙදර යන්න.. තියෙනව නම් මට රුපියල් 150 දෙන්න අයියෙ.ලොකු උදව්වයි.."
මිහිරි හඬකින් ඈ කීවා.. අනේ පව්.. මේ රෑ..කරදරේ වැටිච්ච ළමෙක්..මගේ බඩ පපුව දාලා ගියා.
"නංගි කොහෙද ඉන්නෙ"
"පිලියන්දල ඉන්නෙ අයියෙ..මන් අයියට මගේ ෆෝන් නම්බර් එක දෙන්නම් ..ණයට දුන්නා කියලා හිතා ගෙන දෙන්න අයියෙ.. මන් ආපහු ගෙනත් දෙන්නම්"
ගින්දරට අහු උන වෙඬරු පිඬක් වගේ මගේ හිත ආයිමත් උනු උනා..තාමත් උඩ බිම බලලා නිලංකාර වෙච්ච ඇස් හරී ගියේ නැති නිසාත්. මේ තරුණිය ඉන්නෙ ආලෝකයට පිටුපාලා නිසාත්.. මට ඈගෙ රුව හරියටම පෙනෙනෙ නෑ..
"රුපියල් 150 ඇතිද නංගි මෙතන ඉඳන් ත්‍රීවිල් එකක පිළියන්දලට යන්න?"
මන් මගේ පර්ස් එකේ තියෙන සීයෙ කොල හය හිතින් ගනිමින්ම ඇහුවා.. ඔන්න ඔහේ 200කම දීලා දාපන් කියලයි මගෙ හිත දැන් කියන්නෙ..
"ඇති අයියෙ වෙනදටත් බස් නැති උනහම මේ හරියෙන් මන් ත්‍රීවීල් එකේ යන්නෙ රුපියල් 150ටම තමයි.."
"ආ අංගි වැඩ කරන්නෙ මේ ළඟමද ? හැමදාම යන්නෙ මේ වෙලාවටද ?"
"ඔව් අයියෙ..නෑ අයියෙ..මන් වැඩ කරන්නෙ අර එහා ගාමන්ට් එකේ.. අද නයිට් එක ඉවර උනේ මේ වෙලාවෙ. අයියත් ඉන්නෙ මේ ළඟමද?"
"ඔව් මන් ඉන්නෙ අර ටවුන් එකෙන් ටිකක් ඇතුලට හැරිලා යන්න ඕනි"
මන් පර්ස් එක අදින ගමන්ම කීවා
"මන් ළඟ පනහෙ කොල නම් නෑ.. දෙසියක්ම දෙන්නම්..ඔයා පොලියත් එක්ක ආයි හම්බ උනහම දෙන්නකො"
මන් හිනා වෙවී කීවා..
"අයියෙ ත්‍රී වීල් එකක් එනවා වගේ..පොඩ්ඩක් ඉන්න මන් ඒක නවත්තනකන්.. තනියෙන්ම ඉඳන් ත්‍රී වීල් වලට නගිනවට වඩා අයියා එක්ක ඉඳන් නැග්ගහම ආරක්ශාවට හොඳයිනෙ අයියෙ"
මම පිටුපාලා ඉන්න පැත්තෙන් මට ඇහුනා ත්‍රීවීල් එකක් එන සද්දෙත් මන් ඒ පැත්තට ඔළුව හරවනවාත් එක්කම..නංගි මගේ ඇඟේ ගෑවී නොගෑවී මාව පහු කරන් අඩි 2-3ක් ඉස්සරහට යන කොටයි දැක්කෙ..ඈ සැබවින්ම සුරූපී තරුණියක්..මේ වෙලාවෙ ත්‍රීවීල් එකක තනියෙන් යනවා කියන්නෙ මෑගේ ..මට මගේ මනසේ මැවිලා පෙනුනෙ ටීවී එකේ , පත්තර වල තියෙන දහසකුත් එකක් අපරාධ..මට තාම පේනවා ත්‍රී වීල් එක ඈතින් එනවා..
"නංගි ඔයාට තනියෙන් ත්‍රීවීල් එකේ යන හොඳ නෑ වගෙයි. මන් ඔයාව ගෙදරට ගිහිල්ලා අරලවන්නම්..මට ආපහු එන්න බැරියැ"
"අනේ අයියා හරිම හොඳයි. නන්නාදුනන මට සල්ලිත් දුන්නා..මන් කොහොමද තව ඒ වගේ උදව් ඉල්ලන්නෙ අයියගෙන් කියලයි මන් එහෙම ඇහුවෙ නැත්තෙ"
ඈ මට තවත් ලංවෙමින් කීවා.. ත්‍රී වීල් එක අපිට වඩා අඩි 50ක් විතර ඈතින්..ඊට ඉස්සර වෙලා ආපු වෑන් එකක් පාර අයිනෙ නැවැත්තුවත් කවුරුවත් බැස්සෙ නෑ..
"අනේ අයියෙ එහෙනම් මාව ගේ ළඟට ගිනින් දමලා එන්න අයියෙ..මට ඇත්තටම බයයි..මේ වෙලාවෙ ත්‍රීවීල් එකට නගින්න තනියෙන්ම"
ඈ මගේ අතින් අල්ලා ගත්තා..නහය කඩා ගෙන යන තරමෙ උනත් ඉමිහිරි සුවඳක් මගේ නාසය තුලට රිංගුවා...
ඈ ත්‍රී වීලයට අත දැම්මා.. බ්‍රාස් ගාලා ඒක නැවැත්තුවෙ අපි හිටි තැනට අඩි දෙක තුනක් ඉස්සරහින්...
ඈ මගේ අත තවත් තද කරලා අල්ලා ගනිමින්ම මාත් එක්කම මාර ගහේ අඳුරු සෙවනැලි වලින් අර හදමින් තිබ්බ බිල්ඩිමේ එලිය වැටිච්ච ආලෝකමත් උනු ප්‍රදේශයට ආවා..
පාරෙන් එහා පැත්තෙ තිබ්බ වෑන් එකේ පැත්තක වීදුරුව ඇරෙනවා එක්කම යම් රතු පාට අඳුරු දීප්තිමත් ආලෝක තිතක් ඒ තුලින් මන් දැක්කෙ මගේ ඇහේ කොනකින්..මෙච්චර වෙලා හොඳ ප්‍රානවත්ව මගේ සිරුරේ සමබරතාවය රඳවා ගෙන හිටි කකුල් දෙකේ ප්‍රධානම පුරුක දනිස් දෙක පණ නැති උනේ ත්‍රී වීල් එකේ පිටි පස්සෙ අඳුරු සීට් එකේ ඉඳලා අපි හිටපු ඉස්සරහට බැහැපු දෙන්නා දැක්ක විගසමයි. ඒ එක්කම ත්‍රී වීල් එක ඔවර් ටේක් කරලා නවත්තපු ලොකු වාහනෙ දුටුවහම මන් රෑට කාපු කෑම පවා දිරවන එක නවත්තලා බඩ ඇතුලෙම කැරකෙන්න උනා..
"අනේ අයියේ.."
හොඳටම බියපත් උනු මුව පොව්වෙක් වාගේ ඈ මගේ අත තවත් තදින් අල්ලා ගෙන මාව තුරුල් කර ගත්තා අනිත් අතින්...
------------------------------------------------------------------
මතු සම්බන්ධයි...
ලියන්නා තව දුරටත් තම විනෝදාංශය කර ගෙන යයිද ?
-----------------------------------------------------------------
දෙවන වන දිගහැරුම..
තුන් රෝද රියේ අඳුරු පසු පස අසුනෙන් හනි හනික බැස ගත් දෙදෙනා සමඟම තුන් රෝද රිය පසු කරමින් අප ඉදිරියේම බ්‍රාස් යන හඬින් නැවැත්වූ රිය දුටු විගස මා වික්ශිප්ත වනවාත් සමඟම මාගේ අත අල්ලා ගෙන සිටි නන්නාඳුනන තරුණිය තවත් මා තුරුලට ආවේ මන්දැයි ඒ වෙලාවෙ නොදත්තෙමි..ත්‍රී වීල් රථයෙන් බැස ගත්තේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකි. මා අසල නැවැත්වූයේ පොලිස් ජිප් රථයකි.
මා කිසිම වරදක් නොකලා වූවත්.මහ රෑ දහය හමාරට පමණ අඳුරු මාර ගසක අඳුරේ සිට ත්‍රීවීල් රථයකට අත පාන තරුණ ළඳක් හා මැදිවියේ අයකු පිළිබඳව පොලීසිය කුමක් අදහා ගන්නවාදැයි තේරුම් යනවාත් සමඟයි මා ගත සීතල වූයේ...
නැවැත්වූ ජිප් රථයෙන්ද පොලිස් නිළධාරීන් කිහිප දෙනෙක් හනිකට බැස ගත්තේය.
"හහ් උඹට කී සැරයක් කිව්වද ඔය බිස්නස් කිරිල්ල නවත්තන්න කියලා"
එසේ ගුගුලේ එක පොලිස් නිළධාරියෙකි. මා තුශ්නිම්භූතව ඈ දෙස බැලුවෙමි. ඈගෙන් කිසිම හැඟීමක් පල නොවිනි.
"අනේ සර් මේ අයියා තමයි"
"වහපන් කට..මේ සැරේ නම් උසාවි දමලා යනවා අවුරුදු හතරකට පහකට.."
"අනේ සර් මන් මේ ගෙදර යනකොට මේ අයියා කතා කලේ.."
එක් පොලිස් නිළධාරියකු මා දෙස පිළිකුලෙන් බලන්නට වූයේ...
"පොඩ්ඩක් ඉන්ඩ රාළහාමි මන් මෙතනට එනකොට මේ ළමයා පිළියන්දලට යන්ඩ හිටියා අර ගාමන්ට් එක ඇරිලා එනවා කීවා..මට කීවා රෑ නිසා බයයි..ත්‍රීවීල් එකක් නවත්තලා දෙන්නයි කියලා..මන් මේ පාරෙ යන කෙනෙක් විතරයි ..මාව මේකට ගාව ගන්න එපා.."
මා එතනින් යන්නට උත්සාහ දැරීය..
"කොහෙද කොහෙද යන්නෙ?.. කොහෙ යන්නද ? මේක උසාවියෙන් කෙළවර වෙන කේස් එකක්"
අනිත් නිළධාරීන් දෙදෙනා මාගේ මඟ හරස්කර ගත්තේය..
"අපි දැක්කා දෙන්නා හිටි හැටි මාර ගහ අස්සෙ ගැරඬි වගේ වෙලිලා"
එක නිලධාරියෙක් සිනහ වෙමින් කීවෙ අන් අයත් එයට එක් වීය..
වසලා හමාරයි..මෙගා ටෙලි නාට්‍යයක මෙන් නුදුරු වර්තමානයේ සිට අනාගතය දක්වා මට සිදු වන දේ සියල්ලම මා ඉදිරියේ දිස් වන්නට වූයේ..
"ඇත්තමයි මන් කියන්නෙ මන් අහිංසකයි මෙතන..මට යන්ඩ දෙන්න"
"කොහෙ යන්ඩද ? කොහෙද තමුසෙ වැඩ කරන්නෙ?"
"මන් වැඩ කරන්නෙ ක්ලීනින් සර්විස් එකක..එතන වැඩ සුපර්වයිසර් ජොබ් එක කරන්නෙ"
මා ඇත්තම කීවේ කුමන හෝ බොරුවක් කීවොත් එය වැසීමට තවත් බොරු රාශියක් කීමට සිදු වන නිසාය.
"මේ මනුස්සයා අහිංසකයෙක් අපි මිනිහව යවමුද අයිපී?"
තරුණ නිළධාරියා තම වැඩිමහල්ලාගෙන ඇසීය..
මටත් යම් තරමක සැනසුම් සුසුමක් හෙලිනි.
"යවමු මේ තමුසෙ මොකද්ද ඉස්සෙල්ලා කීවෙ..මේ මිනිහා තමුසෙව අල්ලා ගන්න හැදුවා කියලා නේද ?"
ඔහු අර තරුණියගෙන් ඇසීය..
"අනේ ඔව් සර් මන් මෙතන ගෙදර යන්නයි හිටියෙ.. ඉස්සෙල්ල සැරේ අහු උනාට පස්සෙ ආයි මේ ජොබ් එක කරන්නෙ නෑ සර්..අද කඩේ සෙනඟ නිසා රෑ උනා.. මේ සර් තමයි කීවෙ එයා ඉන්නෙ පාමංකඩ ඇනෙක්ස් එකක තනියම..එන්ඩ කියලා"
මේ ප** වේ*..ඉතුරු කරන්න වටින්නෙ නෑනෙ මේ කියන් කතාවට..මන් මනුස්සකමට උදව් කරන්න ගියාම මේකි දැන් මාව උගුලට ..අහු කරලා දීලා බේරෙන්නයි යන්නෙ..
නැවතත් මා දෙස හැරුනු පොලිස් නිලදරුවා..
"ඔය පේන්නෙ අහින්සකයගෙ තරම "
"තමුසෙ කොහෙද ඉන්නෙ?"
"පාමංකඩ"
"ඇනෙක්ස් එකක තනියම?"
"ඔ ඔ ඔ ව් සර්"
"තමුසෙ බැඳලද? "
"නෑ සර් ඔව් සර්"
"ඔව් සර් නෑ සර්...සාජන් දානවා දෙන්නම ජිප් එකට පොලීසියට ගෙනිහින් දෙක දෙනකොට ඇත්තම කියවෙයි"
හැඩි දැඩි අතකින් මාගේ අත තරයේම අල්ලා ගත් විගසම මාගේ පෙර වාසනාවකට මෙන් පහුගිය දවස් කීපයේම මෙන් හාත්පස අඳුරේ ගිල්වමින් එක්වරම විදුලි බලය ඇන හිටියේය..
මේ අවස්ථාව දැක්වෙන සිත්තරයක් පාඨක සමූහයාගේ සිත සුව පිණිස ඇඳීමට මා සිතා ගත්තෙමි. එය පහත අයුරින් වේ.. වැඩි විස්තර සඳහා ප.ලි. බලන්න..
පොලිස් නිලදරුවන් සියල්ලම කුටු කුටු ගාන්නට වූයේත් මා දෙනෙත පාරෙන් එහා පැත්තේ වූ වෑන් රථය වෙත යොමු වූයේත් එක් විටමය. වෑන් රථය තුල යමක් ආලෝකයෙන් බබලමින් තිබූ අතර ඒ තුල කීප දෙනෙක්ම වීය..
"කවුරුවත් ළඟ සර්ච් ලයිට් එකක් නැද්ද?"
සර්ච් ලයිට් එකක් වත් නැති පොලීසියක්...???
ඒ හාම නැවත විදුලිය පැමිනියේ..
"හා දමා ගමු දෙන්නවම ජීප් එකට සාජන්"
"පොඩ්ඩක් ඉන්න රාළහාමිලාගේ අයිඩෙන්ටී කාර්ඩ් පෙන්නන්ඩ මට පොඩ්ඩක්"
"මාව ඇරෙස්ට් කරන්න ඉස්සෙල්ලා ඇයි මාව ඇරෙස්ට් කරන්නෙ කියලා අහන්න මට අයිතියක් තියෙනවා..මන් මෙතනින් අඩියක් හෙල්ලෙන්නෙ නෑ අයිඩෙන්ටි කාඩ් පෙන්නනකන්"
මා ඔවුන්ගේ අතින් මිදී අඩියක් පමණ පාර දෙසට පැමිණෙනවාත් සමඟයි මා ඔවුන්ගේ නිල ඇඳුම දෙස නෙත් යොමු කලේ. .මන්ද යත් මොනා නැතත් මේ නිළධාරීන්ගේ අංක ටික මතකයේ තබා ගත යුතු බව මගේ සිත මට මතක් කර දෙන්නට වීය..
නැවතත් මා ඇඟ සීතල වූයේ එම දර්ශණයක් සමඟයි..එක් අයකුගේවත් නිලඇඳුමේ තිබිය යුතු අංකය නැත.. මා මෙතරම් මෝඩ වූයේ කෙසේද ? මෙය මා කලයුතුව තිබූයේ මීට පෙරය. තවත් අඩියක් පසු පසට තැබූ මා ක්ශණිකව මාගේ දුරකතනය අතට ගෙන එහි වූ හදිසි ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන්නට දී තිබූ තනි අංකය මත ඇඟිල්ල තබා හතිමි.
"තමුසෙලා කවුද ? තමුසෙලා පොලීසිය නෙවෙයි..මන් 119 එකෙන් ගෙන්නවනවා එකෙක් වත් ඉන්න තැන් වලින් හෙල්ලෙන්න එපා.."
මාගේ උපාය වූයේ එක් අයකු හෝ මා අල්ලා ගැනීමට ඉදිරියට ආවොත් අඩු තරමේ පාර දිගේ දුවන ගමන්ම හදිසි ඇමතුමට කතා කිරීමටය. එක් අයකුවත් සෙලවුනේවත් නැත.
නමුත් අර තරුණිය තම හඬ අවදි කලාය.
"හරි හරි අයියෙ අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ.. අයියා කලබල වෙන්න එපා 119 කතා කරන්නත් එපා"
ඈ තම ආයතනික හැඳුනුම්පතක් මා වෙත දික් කලාය.මා තවත් අඩියක් පසු පසට ගොස් එය පිරික්සීයේ අනිත් සියළු දෙනා වෙත පිරික්සුම් බැල්මක් හෙළුවේය.
"ඔව් අපි මේ මීඩියා ආයතනයේ අර රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම් එකකට තමා මේක කලේ..වෑන් එකේ කට්ටිය සේරම රෙකෝඩ් කලා"
එකවරම මගේ ඔළුවට යක්ශයා ආරූඨ වීය..
'මඟුලක් කරනවා මන් මෙතන ප්‍රෙශර් හැදිලා මැරෙන්නයි ගියේ"
ඒ හාම මට මතක් වූයේ පිටරට ටීවී ප්‍රෝග්‍රෑම් වල ඇති සමහර ප්‍රෝග්‍රෑම් පාරෙ යන අයව අපහසුවට පත්කරමින් කරන ඒවා රෙකෝඩ් කර විකාශය කරන අන්දමයි..
මගේ ඒ ගැන එතරම් අකමැත්තක් නැතත්..එවන් වැඩ සටහන් පිළිබඳව එතරම් ප්‍රසාදයක්ද නැත.
"හරි හරි සර් අකමැති නම් මේක අපි ටෙලිකාස්ට් කරන්නෙ නෑ"
"ටෙලිකාස්ට් නෙවෙයි මොන මඟුල කලත් කමක් නෑ..හැබැයි ඔය මාව අපහසුතාවයට ලක් කරලා ගත්ත ටික එහෙම මගේ අවසරය නැතුව දමලා තිබ්බොත් මන් නඩු යනවා"
තදින් නොවූවත් තරමක තිර හඬින් කිවූ මා ඔවුන්ගෙන් සමු ගත්තේ..එදිනට මාගේ රාත්‍රී ඡායාරූප ගැනීම නවතමිනි.
රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම හරි මොන මඟුල හරි කමක් නෑ කලාට ඒවා ඔය බටහිර නාලිකා වල පෙන්නන ඒවා ගෙඩිය පිටින්ම මෙහෙ ගෙනත් ඒකම කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපේ සමාජයට හරියන විදියට වෙන්ස් කම් කරලා..
මේ සිද්ධියත් එක්කම මගේ හිත පතුලට කිඳා බැස්සෙ ඔය වගේ අදහසක් තමයි..හැබැයි මට හිතෙන ඒවා නිවැරදියි කියලම නම් මන් හිතන්නෙත්.. නෑ..
ප.ලි.
ඉහත සිත්තරයේ ඇති ඇති එකම ආලෝකය එක් පොලිස් නිළධරයෙකුගේ අතේ වූ ජංගම දුරකතනයේ වූ එලියයි..මෙය මහපාරක් අසල වූ දෙයක් නිසා ඔය කහ පාටට තිබෙන්නේ ඈතින් එන වාහනයක එලියයි.
සයිබර් අවකාශයේ කොතරම් සිත්තරුන් සිටියත් මා තරම් පාඨකයන්ට හිත පිණිස මෙසේ අඳින ලද සිත්තරය පිළිබඳව වැඩි විස්තර නොදමන බව ඔබ දැක ඇතැයි සිතමි..හ්ම්ම් අපි එහෙමයි පාඨකයන්ට සලකන්නෙ..
මේ තියෙන්නෙ මිහිර ගේ ඒ කතාව..මෙවන් මාධ්‍යය වල පල්ලට යන එක අහන්න දෙයක්ද ? තව ටික දවසකින් මීඩියා වලින් කිව්වහම මිනිස්සු පොළු වලින් ගල් වලින් ගහලා එලවන කාලයක් ආවොත් පුදුම වෙන්නත් ඕනි නෑ..
http://youtu.be/UpUrugx5rGQ
ඇත්තවගේ ලියලා තියෙන රස කථන්දරයක්
ReplyDeleteදැක්කා වගේ නෙ මේ කමෙන්ට් එක දාලා තියෙන්නෙ මයියා !
Deleteමේ කතාව කලින් දාපු දවසෙත් වෙනි හොඳට බයිට් වුණා නේද?
ReplyDeleteනැතුව නැතුව !
Deleteඅඩේ සිරාවට ලියල තියෙනව බන්.. කියල වැඩක් නෑ... අනෙ අම්මපා අපේ රටේ ජනමාද්‍ය කරන බූරු වැඩ... ඕකුන් තමා රටේ වැඩි හරියක් ප්‍රශ්න ඇති කරන්නෙ... උන්ට ඕන නැති දෙයක් නෑ... උන් දන්නෙ නෑ උන්ගෙ ජොබ් එක මොකද්ද කියල.. පාහර හැත්තක්... මට ඔය වගේ දෙයක් උනානම් අනිව ගහනව... ගහලම තමා 119 කතා කරන්නෙ... කොච්චරවත් මිනිස්සු අමාරුවෙ දානවද??
ReplyDeleteඋන් සෙට් එකම හයේ හතරෙ සෙට් එකක් බන් මේ කැහුටු මම කොහේ කියලා ගහන්නද ? හැබැයි නුවරදි නම් කාලා තිබ්බා ඔළුවෙ කට්ටිය..
Deleteමම නං කරන්නෙ අත දැග ඇරල ගහනව එකෙකුගෙ කන් අඩි පුපුරන්න.(කෙල්ලට හරි කමක් නෑ)
ReplyDeleteවල් පදුර...හොද වැඩේ ඔහොම වුනාට. :-D
ReplyDeleteඅපි කවුරුත් මේවා මෙතෙන්ට ගෙන්න අනියමින් දායක වෙච්ච ය, අපි කොයි වෙලාවකවත් ඒවා ප්‍රතික්ෂේප කලේ නෑ, විරුද්ධ වුනෙත් නෑ, මොකද එකට මුහුණ පෑවෙ අපි නොවන නිසා. ඒත් අන්තිමට අපිටම ඒක වුනාම අපිට මල පයිනවා.
ReplyDeleteමිහිරට සිද්ධ වෙච්ච දේ ගැන කනගාටුයි. එත් මීට කලින් දවසක මිහිරව බයිට් කරන්න මේ කණ්ඩායම උත්සාහ කල වෙලාවේ මිහිරට එක දැනුනා ,එදා මිහිර වීරයා වුනා උඹලා කොහෙද මාව බයිට් කරන්නේ කියලා. එත් එදා ඔහු එකේ වරදක් දැක්කේ නෑ.
ඒ වැඩසටහන පුරුද්දක් හැටියට නොබැලුවත් ,ෆේස් බුක් එකේ ලින්ක් වලින් ගොඩක් ඒවා බලලා තියෙනවා.ඒ වෙලාවේ හිතුන දෙයක් තමයි මෙහෙම දේ වලින් මිනිස්සු කොච්චර අපහසුතාවයට ලක් වෙනවද කියන එක.
මේකට පලවෙනි හේතුව මිනිස්සු නිර්මාණශීලී නොවී ,කොපි කරන්න විතරක් පුරුදු වෙලා හිඳීම.
උඹ දැන් බබා වෙන්න හැදුවට අපි දන්නවා ඒ අහිංසක ළමයව පාමංකඩ එක්කගෙන යන්න හැදුවේ කියලා . . හික් හික් හික් . .
ReplyDeleteදුකා අහලා නැද්ද අර ප්‍රසිද්ධ කියමන..
Delete“දැක්කොත් බුවා.. නොදැක්කොත් එබුවා“
මේකත් එහෙම සීන් එකක්... :D
අනේ the කියන්නේ!
Deleteචිත්‍රෙනං මෙලෝ දෙයක් පේන්නැති උනාට විස්තරෙි තියෙනවනෙ නියමෙට.
ReplyDeleteඑහෙම උනා නං මම අනිවා කෝට් ගානක වන්දියක් ගන්නවා එහෙම බෑ උන්ට රැකෝඩ් කරන්න... හැබැයි පුතේ චිත්තරපටියක් බැලුව වගේ දැනුනා කියවන කොට..
ReplyDeleteවගේ වගක් නැතුව ලෝකෙ වෙන රටවල පිලිවෙලක් විනයක් ඇතුව කරන විනෝදාත්මක වැඩ සටහන් කොපිකර මේ විදිහට කරන බූරු තඩියන් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍යම දෙයක් වෙනී. ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල්..
ReplyDeleteකතාව ටොප් එකට නිර්මාණය කරලා තියෙනව ,වෙනීට සිද්ද වෙච්චි දෙයක් වගේම.
ReplyDeleteමම ඉස්සෙල්ලම හිතුවේ උඹට රෝහිණි වැරදුනා එයාගේ අක්කා මොහොනි හම්බවෙලා කියලා. මචෝ මටනම් ඔය ජඩ මාධ්‍ය පෙන්නන්න බැහැ. මට එහෙම ඔහොම දෙයක් කලානම් මම උන්ගේ අම්මට නෙවේ අර එතන හිටපු කෙල්ලටම *&^%$$$ .
ReplyDeleteඇත්තටම කතාව ලිවිල්ල සුපිරි.
ReplyDeleteරට දැන් යන විදියට ඔය දේවල් තව තවත් වැඩිවනව මිසක් අඩුවීමක් වන්නෙ නැහැ.
ඕව අයිති කාරයො සුපිරි බලවත්තුනේ.
තව ටික දවසකින් මීඩියා වලින් කිව්වහම මිනිස්සු පොළු වලින් ගල් වලින් ගහලා එලවන කාලයක් ආවොත් පුදුම වෙන්නත් ඕනි නෑ..//
ReplyDeleteමං නං මේක හිතාගෙන ඉන්නේ ගොඩ කාලෙක ඉඳලා.. ඒත් ඉතිං මගේ පාරට බැහිල්ල ගොඩක්ම අඩු නිසා ටීවී කාරයෝ ටික තාම බේරිල ඉන්නව... හි හි
නිවේදකයා - හිරු ඇහුවොත්...
ReplyDeleteප්‍රේක්ෂකයා - අනෙ හු** තමයි...
//මා මෙතරම් මෝඩ වූයේ කෙසේද ?//
ReplyDeleteගෑනු ලමයෙක්ව දැක්ක හන්දනේ...:D
අර බයිට් මේ බයිට් කියල දැන් හැම එකාම එක එක ආතල් දෙනවා.මාධ්‍යයක ජනප්‍රියතාව රැකගන්න කල යුත්තේ මිනිස්සුන්ට බලන්න ඉගෙනගන්න පුළුවන් වැඩසටහන් ඉදිරිපත් කරන එක.තවත් කෙනෙක් අසරණ කරලා ඒ අයගේ කඳුළු දැකලා සතුටු වෙන පාහරයන් මේ රටේ මෙච්චර ඉන්නවනේ කියල හිතුවම මහා කලකිරීමක් ඇති වෙනවා.
ReplyDeleteලියන්නෝ......මිහිර දක්ෂ නලුවෙක්.මිනිහා බොහොම කම්පණයට පත්වෙලා වගේ පේනවා.අපේ ඉන්න "මං පොර" නළුවෙකුට ඕක වුනා නම් ඔය කතාව අර මීහරක්ගේ තවත් බයිට් එකක් වෙලා ඉවරවෙයි.
ReplyDeleteඔය වෑඩසටහන් වලින් කරන්නෙ මිනිස්සුන්ගෙ මනුස්සකම් වලට විහිලු කරන එක.බලන්න්කෙ ජස්ට් ෆොර් ලර්ෆ් එකෙ තියෙන එව
ReplyDeleteමටත් ඉතිං කතාවක් මතක් උනා හිටහංකෝ...
ReplyDeleteවෙලාවට පලිය දැම්මේ.... නැත්තම් තාම කලපනා කරනවා චිත්තරේ මොකද්ද කියල.
ReplyDelete.
ලඟදි හිරු එකෙනුත් ඔය වගේ වැඩක් කරලා කට්ටිය ඇතුලේ මම දන්න විදියට.
හැමදේම හැම තැනටම හරි යන්නේ නැහැනේ.අපි මහලොකුවට බටහිරට බැන බැන උන්ගේ සමාජයේ තියන දේවල් ඔක්කොම කොපි කරනවා... අනේ සංසාරේ... ඔය වැඩසටහන් බලන කෙනෙක් එක්ක කතා කලොත් බටහිරට බනින, උන්ගේ සංස්කෘතිය විවේචනය කරන උන් අනන්තවත් ඇති...
ReplyDeleteරාජ් - මම ශොක් වෙලා හිටියෙ රාජ්..පස්සෙ නම් එහෙමත් හිතුනා...
ReplyDeleteපේට්‍රියට් - කවුද දන්නෙ නෑ සයිබර් ෆෙස්ටිවල් එකේ ගෑණු ලමයෙකුට බේරෙන්න බැරුව කතා කර කර ගියේ..ෆොටෝ තියෙනවා !
ඉවාන් - ඉවාන්ගෙ කතාව එක්ක ඒකඟයි.අපි අපිත් වග කියන්න ඕනි තමයි..තාමත් ඔය වැඩ සටහන් යනවනෙ..නිර්මාණශීලි බව නැති කම තමයි කොපි කිරීමට මුල
දුකා , මාරයා, හෙන්‍රි - අනේ බන් උඹලා දන්නවනෙ මම බොහොම නිවිච්ච ඔය වගේ දේවල් වලට යන්නෙ නැති එකෙක්ය කියලා
ප්‍රසා - ඔව් ඔව් චිත්‍ර වලට වඩා මට ලියන්ඩ පුළුවන් නිසා හ්ජොඳා නේද ?
සරත් අයියා එහෙනම් මට හබන් කුකුලයි කියලා කීවා එහෙනම්..
හැලප - ඔව් අයියෙ ආයි මොනාද ඉතින් හැබැයි මේක ලිව්වෙ අවුරුද්දකට ඉස්සර
අයිලාස් - ඔව් කාගෙන් හරි කනවා තමයි ඔහොම ගිහින් දවසක
කෙන්ජි - හරියට හරි ඕවායෙ ලොක්කො නිසා තමයි සොක්කො ඕනි ඕනි දේවල් කරන්නෙ
හිරු - හොඳ වෙලාවට ඔයා වැඩිය එළියට පහලියට බහින්නෙ නැත්තෙ එහෙනම් !
තරියා - ඇයි අර දහසක් මල්ද මොකද්ද එකක එක් කෙනෙක් කියනවා ඔහොම අම්මට කියලා..ඒකෙ යූ ටියුබ් එකත් තිබ්බද කොහෙද
පොඩ්ඩි - ඔන්න මෙච්චර දිග කතාවකින් පොඩ්ඩියා අල්ලා ගත්ත දේ...
ඇපල් - කලකිරීමට කරන්න දෙයකුත් නෑ අප්පේ..
අරෘ - ඔව් ඔව් අහිංසක නළුවෙක් නිසා ..සහ කවුද බන් අද කාලෙ වෙන දේවල් වලට කම්පනය නොවෙන්නෙ ?
දමිත් - ඔව් ඒ ඒ සංස්කෘති වලට ගැලපුනාට අපිට ඕක ගැලපෙන්නෙ නෑ වගේ..
මාරයා - මම වෙව්ලලා හිටියා..මතක් වෙච්ච කතාවට..
උකුස්සා - ඔය මිහිරගේ සීන් එක..මිහිර නඩු දානවා කියලයි තියෙන්නෙ
මඟියා - කියන කතාව තමයි බහුතරයකගෙ තත්වය..
අපේ වෙනී අයියා (මාමා, සීයා) වයසටද තරුණ ගටිස්සියෝන්ට පැණි පෙරන්න ගියේ අනේ අම්මපා............. :P
ReplyDeleteඅර අම්පාර යන ගමන් සිහිනයව..පස් කණ්ඩියට හේත්තු කරලා ගත්ත ෆොටෝ එකත් දැන්න එපායැ...
ReplyDelete