ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, December 4, 2012

ජීවිතේට කාලා නැති එකක්...

ජීවිතේට කාලා නැති කෑමක්  හදන්  කන්ඩයි ලේස්ති වෙන්නෙ ඕන්..
හරි නම් ඕක හදලා  කාලා ඉවර වෙලානෙ පෝස්ට් එකක් දාන්න ඕනි..කියලා කියන අයට කියන්නෙ හදිසියෙ ඕක කාලා සෙත්තපෝච්චි උනොත් මේ පෝස්ට් එක තමයි මගේ බ්ලොග් එකේ අන්තිම පෝස්ට් එක.. ඒකත් හොඳා ලෝක විනාසෙට ඉස්සර කවුරූම හරි මා වෙනුවෙන් අඬයිනෙ..

යුරෝපෙ හරි ජනප්‍රිය කෑමක් තමයි මේ ඇස්පැරගස් කියන්නෙ..ඒක එලවළුවක් විදියට හරිම ප්‍රසිද්ධයි. අපේත් නුවරෑලිය පැත්තෙ වැවෙනවද දන්නෙ නෑ..


ඇස්පැරගස් කියන්නෙ අපේ හතාවාරියයි කියලා ඕක වාජිකරන ඖෂධයක්ය කියලා මාව තම්බන්න හැදුවා අපේ රාමා ගොයියා මූණු පොතේ..ඔහොම වාජිකරනයක් තියේනම් අදම රෑට කනවයි කියලා හිතපු මන් හොයන් යනකොට අහු උනේ ඒ හාතාවාරිය මේ නෙවෙයි කියලා..දැන් ඉතින් අර වැඩේට හාතාවාරියත් හොයපන්කො පස්සෙ... පස්සෙයි අහු උනේ..ඒ හාතාවරිය ඇස්ප ග්‍රාස් කියන නම තමයි ඒ අපේ හාතාවාරිය..ඒක නෙවෙයි මේ..


අපේ මාධව මලය නම් කියන්නෙ පුත්තලමේ වැවෙනවා කියලා...අනේ මන්දා මාධව මලයත් පුත්තලමේ හින්දා විශ්වාස කරලත් බෑ.. නොකරත් බෑ...


ඉතින් කෝම කෝම හරි පහුගිය දවසක සුපර් මාකට් ගිය වෙලාවක මාත් උස්සන් ආවා ඇස්පැරගස් ටින් එකක්..හැමදාම අහලා තිබ්බට මේ වෙනකන් කාලා තිබ්බෙ නෑ නෙ..


ඕන් ඔය තියෙන්නෙ මන් අරන් ආව එක..





ඔව් ඔව් ඕක ඔය තියෙන්නෙ ලැපා උඩ තමයි..ඊයෙ හවස ස්කයිප් එකෙන් ලෝකෙට පෙන්නන්න කියලා මෙතනට ගෙනාපු ගමන් තාම මෙතනමයි..මේක තියෙන්නෙ ඇස්පැරගස් සහ වතුර කියලයි ලියලා තියෙන්නෙ.. තව ටින් එකක් තියෙනවලු ඇස්පැරගස් වයින් එකක දාලා එන එකක්..

ඔය ඇස්පැරගස් ටික එලියට අරන් ඕකෙම තියෙන වතුර වලින් මද ගින්නේ තම්බන්න..හොඳටම සොෆ්ට් වෙනකන් තම්බන්න එපා..ඊට පස්සෙ බටර් ටිකක් අරන් රත් කරලා ඒකට ගම්මිරිස් ටිකක් දාලා හොට් බටර් රස්නෙ පිටින්ම අර ඇස්පැරගස් ටික උඩට වක්කරන්න..ඊටත් උඩින් සාදික්කා ගෙඩියක් ග්‍රේට් කරලා පොඩ්ඩක් දාන්න එහෙමයි අපි කන්නෙ ජර්මනියෙ කියලා මට කීවා අරයා නම්..සාදික්කා නම් නෑ..ඒත් කමක් නෑලු..


ඊට පස්සෙ මාත් ඉතින් තව රෙසිපි හොයන් ගියා.. අපේ රංගි නංගි නම් කීවෙ ඔයිට සමානව ක්‍රමයක් තමයි..


ඇස්පැරගස් ටික  පොඩ්ඩක් තම්බලා අරන් ලුණු ඔලිව් ඔයිල් සහ ගම්මිරිස් දාන්ඩයි කියලා කීවෙ.. හ්ම්ම්ම් ඔලිව් ඔයිල් ගන්ඩ ඕනි කඩෙන්..පොල්තෙල් තමා ගෙදර තියෙන්නෙ..


රංගි කීව අනික් ක්‍රමය තමයි..ඇස්පැරගස් ටික කෑලිවලට කපලා තෙල් වල රන්වන් පාට වෙනකම් බදින්න..ඊට පස්සෙ බිත්තර ලුණු සහ මිරිස් එකතු කරලා කන්න කියලයි කීවෙ.. 


මේ දෙවිදියටම කාලා බලන්න ඕනි..අන්තර්ජංජාලෙ පීරද්දි තව තව හදන ක්‍රම රාශියක්ම අහු උනත්..ඒවා ඔය පිටරටවල් වල රහට හරි යන්න හදපුවා වෙන්න ඇති..ඕම හදලා කා ගන්ඩ බැරි උනොත් අපොයි මගේ රුපියල් 345/= කියලා හූල්ලන්න වෙන හින්දා ඒ ක්‍රම අතෑරලා දැම්මා..
මෙන්න ජංජාලෙ තිබ්බ ඇස්පැරගස් පින්තූර ටිකක්..




මේකෙ තියෙන විස්තර වලට අනුව නම් මේක හරිම ගුණ කෑමක්ලු..අඩු කැලරි සහ ඇමයිනෝ අම්ල බහුලවම තියෙනවළු...තව තව ඒවාත් තියෙනවලු අප්පා..ඕනි අය ඕන් ලින්ක් එකෙන් කියවා ගන්ඩ..


http://en.wikipedia.org/wiki/Asparagus



මේකෙ ෆොටෝ එක බුකියෙ දාන කොටම අපේ ප්‍රසා මලාය මන් ඇද ගෙන නාන්ඩ හදනවයි කියලා අනතුරු හැඟෙව්වෙ මොකද කියලා තේරෙන්නේ සහ රාමා මලයා කීව වාජිකරන බලය තියෙන කොටසත් මේ ඇස්පැරගස් වල ඉතිහාස කොටසෙ තියෙනව. ගීසියෙ සහ ඉන්දියාවෙ මේ වාජිකරන බලය තියෙනවා කියලා මතයක් තිබ්බට..ඒක තාම විද්‍යානුකූලව සොයා ගෙන නැහැල්ලු ඕන්..හැබැයි ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදියට මේක හෘදයාබාධ වලට හොඳයි කියන්නෙ.. මන් කාලම බලලා අරහෙම බලයක් තියේනම් සහ මේක කාලා නොමැරී ඉතුරු උනොත් කියන්නම්කො...

හැබැයි කාලා හුජ්ජ කරන කොට නම් ඉන්න බැරි තරම් ගඳයිලු..අර සුදු ලූනු කාපුවහම වගේ..මුල්ම කාලෙ ශාක කුල වල සුදු ලූනු සහ මෙයා එකට ඉඳලා සුදු ලූනු මෙයාව දාලා වෙන කුලයකට ගිහින්ලු.. දැන් තව එකක් ගැනත් සැලකිල්ලෙන් ඉන්න වෙනවා එහෙනම්..


හැබැයි ගූගල් මාමා කියන්නෙ නම් මේ වෙනකම් ඇස්පැරගස් කාලා මේ ලෝකෙ එකෙක් මැරිලා නෑල්ලු..කවුද දන්නෙ ලෝකෙ මුල්ම ගෞරවය මට හම්බ වෙයිද කියලා හෙට උදේ වෙන කොට..

සමහර විට හෙට මේ පොස්ට් එකට උත්තර නොවැටුනොත්...
කවුරුවත් අඬන්න එපා ඉතින්... ඕම තමයි ජීවිතේ අස්ථීර භාවය..

119 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සමා වෙන්ට හිරු මෙතනින් ඉඩක් ගත්තාට.. මගේ ගැන කියලා තියෙන නිසා ලෝකයාට පේන තැනක මේ සටහන දාන්න හිතුවා..

      1. හාතාවාරිය (Asparagus racemosus) තමා අපේ රටේ තියෙන්නේ ... විකිපීඩියා බලන්න

      2. හාතාවාරිය Asparagus ගණයට අයිතියි.

      3. මෙය කාන්තාවන් වාජීකරණයට යොදා ගත හැකියාව පවතී.
      3.1 Asparagus racemosus is an important medicinal plant of tropical and subtropical India. Its medicinal usage has been reported in the Indian and British Pharmacopoeias and in traditional systems of medicine such as Ayurveda, Unani and Siddha. It is mainly known for its phytoestrogenic properties.

      3.2 phytoestrogenic යනු Phytoestrogens වල ගුණ ඇති බවයි.Phytoestrogens යනු,

      Phytoestrogens are plant-derived xenoestrogens functioning as the primary female sex hormone (see estrogen) not generated within the endocrine system but consumed by eating phytoestrogenic plants. Also called "dietary estrogens", they are a diverse group of naturally occurring nonsteroidal plant compounds that, because of their structural similarity with estradiol .

      ඉතින් පැහැදිලියි මෙතන වුනේ කොළඹ 7 හාතාවාරිය හොයා ගන්න නැති නිසා කිට්ටුවෙන් යන එකක් හොයා ගෙන ඇවිත් ස්ත්‍රී පරාණයකට දීලා නොමගට පොළඹවා ගන්න හදපු එක...

      Delete
    2. කෝම හරි රාමා 1 උනා නේද ???
      කවුද දන්නෙ යහමඟට ගන්න තැනුවද කියලා ???? :-D

      Delete
    3. ///3. මෙය කාන්තාවන් වාජීකරණයට යොදා ගත හැකියාව පවතී.///

      හි හි.. අපිට මේවා ඕනේ නෑ රාමා... සිගරට් බොන, අරක්කු බොන පිරිමි උන්දැලට තමා මේවා ඕනෑ... හි හි.....

      Delete
    4. ඇද්ද රාමට හිරුවව නිකන් උණු වතුරෙන් නෙවෙයි තව ඇස්පැරගස් දාලා තම්බන්නයි ගියේ ! :-D

      Delete
    5. හිරුට ඕව ඕනි නැති වුනාට, වෙනි වැල් මහත්තය ඕව පාවිච්චි කරන්නේ ඒ වගේ දේ වලට.ඒ කියන්නේ අහිංසක කාන්තාවන්ව කුලප්පු කරල ගන්න.

      හිරුගෙන් සමාව ගත්තේ එයාගේ කමෙන්ටුවකට රිප්ලයි එකක් හැටියට මගේ කමෙන්ටුව ගත් නිසා.. :)

      Delete
    6. සිකේ මේ බෝ පැලයක් වගේ ඉන්න මට හදන කයි කතන්දර !
      :-D

      Delete
    7. ඒක නේන්නං.. නේද වෙනි අන්කල්...

      ( ඔයාට විශේෂණ පදේ අමතක උනා නේද... කපුටු බෝ කෑල්ල.. හි හි)

      Delete
  2. අනේ මන්දා.. ඊයේ නේද දුමියා වෙනි අන්කල්ට අනතුරු ඇඟෙව්වේ ඔය කොළඹ හතේ කෑම කාලා සෙත්ත පොච්චි වෙයි කියලා....

    අම්මපා මේ යකාට කිව්වට අහන්නේ නැති හැටි.. පණ්ඩිතකමට ඕනේ මඟුලක් කොර ගනිං. අපි නෑ....

    අර හොම්බ දිග කැමරාව කාට හරි ලියලාම ඕක කෑව නම් මොකද වෙන්නේ වෙනි අන්කල්.... හි හි

    ReplyDelete
    Replies
    1. ඒක ගත්තත් වැඩක් නැහැ හිරුවෝ... මේකා මලත් කැමරාවේ භූතයා වෙලා උපදිනවා දෙකක් නැහැ...

      Delete
    2. මේ කොළඹ හතේ එව්වා නෙවෙයි හිරුවෝ ඔනි සුපර් මාකට් එකක තියෙනවා..නිකන් කාලා බලන්න ඕනියි කියලා හිතුවා... කැමරාව ගැන හිතන කොට නම් නොකා ඉන්නත් හිතෙනවා..

      ඔව් මාරයා මල්ලි කැමරාවෙ භූතයා වෙන්න පුළුවන් එතකොට ..

      Delete
    3. අර කිව්වත් වගේ හිරුවෝ මූ නම් හදන්නෙ ලෝක විනාසෙට කලින් විනාස වෙන්න...!

      ඇස් පැරගස් කියන්න සෞඛ්‍යය සම්පන්න කෑමක් උනාට, ඕක ඉතින් තෙල් දාල, බටර් දාල කනවා කියන්නෙ ඉතින් හරක් මස් කුට්ටියක් තෙල් කෑලිත් එක්ක ගිල්ලා වගේ තමයි...!

      Delete
    4. මේ කෝටුකිතයියන් ඇඟ හරි හැදෙන්නෙ නැතැයි මලේ..බලහන් කො දැන් ඉන්න සේරම උන් ජිම් ගිහින් ඇඟවල් හදන් ඉන්න හැටි ! :-D

      Delete
  3. මෙලෝ රහක් නැති කෑමක් බං ඕක... ඔයිට හොඳා කොහිල අලයක් තම්බං ලුනු ගම්මිරිස් ඉහලා කාහං.. නැත්තං හුළංකීරිය අලයක් තම්බලා ලුනූ ඉහගෙන කාහං... අපරාදෙ 345/=

    ReplyDelete
    Replies
    1. එහෙමද මල්ලි කාලා තියෙන හැඩයි.හිටින්කො මාත් කාලා බලල කියන්නම් ! කොහිල අල තම්බලා කනවයැ බන්..බතල නම් කතහැකි !
      හුලංකීරිය හොයා ගන්න නෑ මෙහෙ..

      Delete
    2. ඕවයේ ඇති රහක් නැහැ බං... අපි එකතු කරන අඩු වැඩියේ රසයි සුවඳයි තමා... සික්... ඔය ගානට බොට පොලොස් ගෝනියක් අරං උයන්න තිබුනා මසුරං පහට...

      Delete
    3. පොලොස් කන්නෙ කිරි දෙන අම්මලා බන් ..එතකොට හොඳට කිරි එරෙන්වලු.. අපි පොලොස් කන්නෙ අහවල් එකටයෑ ???!!!! :-D

      Delete
    4. "කිරි" එරුනේ නැතිවට මොකද "කිරි" උනන්න කියලවත් කාහං...

      Delete
    5. උඹලා එක්ක බෑ බන්...උනන්න කියලා නේන්නම් මෙච්චර සල්ලි දීලා ඇස්පැරගස් කන්න හැදුවෙ ! :-D

      Delete
  4. චැක් අන්තිමට අප්පිරිය වෙලා මාරයගේ එකෙන් සෙත්තපෝච්චි උනා...

    ReplyDelete
    Replies
    1. තාම කෑවෙ නෑ බන්..අද රෑට තමයි කන්න හිතන් ඉන්නෙ.. අර බිත්තර දාලා...

      Delete
  5. හුලං කීරිය නම් පට්ට කෑම මෙවුවා මොනවද ඒ වත් එක්ක
    තවත් අල වර්ගයක් තියනව පට්ටම රස නම මතක් වෙන්නෑ, නවම් මාවටේනම් ඒ ගැන ලියලා තිබ්බා

    ReplyDelete
    Replies
    1. හුලංකීරියා ළඟට තියෙන්නෙ බුත්සරණ අල වෙන්න ඇති..මාත් ඔය ජාති දෙකම ගමේදි කෑවට මෙහෙ නම් කාලා නෑ...

      Delete
  6. ඔන්න අලුත් කෑමක්. ඉතින් හදන්නම වෙනවා. ඒත් ඊට කලින් කියමුද බලන්න ගුණ පණ එහෙම.වාජිකරණයටනම් අපේ පෙනෙල වලට ගහන්න බේතක් තාම නෑ.උදේම පෙනෙල කැඳ එකක් ගැහුවනං රෑට ගොඩම තමා. හිරුවට නම් කියන්න එපා. අපේ මහත්තයට හැමදාම කැඳ තමා එතකොට.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකටන් නම් ඉතින් වැල් පෙනෙල ම තමා මල්ලි..ඔයි තරම් වැල් පෙනෙල කොහෙන් කියලා හොයන්නද ඉතින් ?

      Delete
    2. දැක්කා දැක්කා.. හි හි.... දීලා බලන්නම වෙනවා මේ කියන හැටියට... හි හි..

      Delete
  7. මාත් ඕක දැක්කේ මෙහෙදී . ගෙනල්ලා හැදුවා . ළමයි අහක බලා ගත්තා . අනික් අය සද්ද නොකර කාල දැම්මා . මට නම් හොඳයි. පතෝල වගේ . රසක් ඇත්තෙත් නැහැ . නැත්තෙත් නැහැ . ගණන වැඩියි . වැඩි මිලක් දුන්න වුනත් දුක නැහැ කන්න ආස නම් .ආයේ ගෙනත් හදන්න ඕන . ඒ කාලේ නොකාපුවා ළමයි දැන් කනවා .

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නෙ කාපු තව කෙනෙක්..පතෝල වගේ ..හොඳ උදාහරනයක්.. හැබැයි මන් පතෝල සම්බෝල කන්න නම් ආසයි..නැත්නම් පතෝල පුරෝනවා අර මාළුමිරිස් වගේ..තෙම්පරාදු කරාම නියමයි..

      Delete
    2. මෙහෙ උන් පතෝල වාශ්පෙන් තම්බල සෝස් දාගෙන කනවා . පතෝල කිව්වට ඉතින් හරිම පොඩියි.

      මට නම් පතෝල කියන ජාතිය සම්බෝලයක් මිසක් උයල නම් කන්නම පිරියක් නැහැ . පතෝල කවන්න ගිහින් පුංචි කාලේ පුංචි කෙනෙක් මගේ මුණ කෙනිත්තුවා . මට ඒ හින්ද පතෝල එපා වුනාද කොහෙද .

      පුරෝන වැඩේ නම් අලුත් .

      අලුත් දේවල් කන්න හිතන එක හොඳ පුරුද්දක් . ලෝකේ මේ ආහාර මිශ්‍ර වීම ගැන හරි ලස්සන පොතක් කියෙව්වා . ආහාර පටන් ගත්තු ස්ථාන සහ ලෝකේ පුරාම ගිය හැටි . එහෙම අලුත් දේ කන්න හිතුව මිනිස්සු නිසා වෙනි වගේ

      Delete
    3. අර මාළු මිරිස් පුරවන එකම අඟලක එක හමාරක පතෝල බම්බුව අස්සට දමලා ටූත් පික් වලින් හැලෙන්න නැතිවෙන්න දෙපැත්තම කවර් කරලා තෙම්පරාදු කරලා බලන්න බින්දි..අපේ අම්මලා ගෙදර නම් එහෙම පුරවලා කෙසෙල් කොලේ ඔතලා අළු යට තැම්බෙන්න තියනවා..මන් හිතුවා ඔය විදියටම කරලා අර බාබ්කිව් කරත් රහට එයි කියලා වෙලාවක කරලා බලන්න ඕනි !

      Delete
    4. මෙන්න තව ක්‍රමයක්... කට්ලට් වලට වගේ හදාගන්න පිරවුම..අල/සැමන් හෝ තම්බා ගත් මාළු/කැරට් වැනි එළවළු කලවම් කරලා තෙම්පරාදු කරලා හදා ගන්නේ ආන්න එහෙම... බිත්තර ඔම්ලට් එකක් දාන්න හදා ගන්න විදියටත් මිශ්‍රණයක් හදා ගන්න...

      පතෝල කරල් අගල් එක හමාරක දෙකක පමණ දිගට රවුම් කපාගෙන මැද සුද්ද කරගන්න... හොඳ තදට පිරවුම පුරවා ගන්න.. එක පැත්තක බිත්තර මිශ්‍රණය දවටගෙන සොස් පෑන් එකක තියලා බැදගන්න.. ඒක බැදෙනකොට භාජනය පියනකින් වහන්න ඕන.. එතකොට හුමාලයට පතෝල තැම්බෙනවා ගානට... එක පැත්තක බිත්තරය සෙට් උනාට පස්සේ අනිත් පැත්තේ බිත්තර මිශ්‍රණය දවටලා ඒ පැත්තත් බැදගන්න... ඒ කාලය තුලත් පියනකින් වහන්න...

      එච්චරයි.. හුමාලයෙන් තැම්බුනු පතෝල දෙපැත්තේ බිත්තර ඔම්ලට්.. මැද පිරවුම.. බොහෝම රසට කාලා දැම්මැකි...

      Delete
    5. යකෝ ... කිරි ටිකක් දාගෙන තම්බගෙන කන්නැතුව මුන් පතෝල කරලකට දෙන වදයක්.

      Delete
    6. ස්තුතියි මාරයා සහ වෙනි...



      DDT

      ''අලුත් අලුත් විදිහට පතෝල නොකන ජාතිය ලොව නොනගී ''

      Delete
    7. ඇද්ද අහ ගත්තා DDT හූඌඌඌඌඌඌඌඌඌඌ...
      :-D

      Delete
    8. අපේ මහත්තයත් පතෝල වලට නම් කිසිම කැමැත්තක් නෑ.. වැඩ ටිකක් වැඩි උනත් මාරයියගේ සිස්ටම් එකට හදලා බලන්න ඕනේ...

      Delete
    9. පතෝල හොදි නම් ඈක්..මන් කන්නෙත් නෑ..ඒවා කාල තියෙන්නෙම පොඩි කාලෙ ලෙඩ හැදිලා ඉදිද්දිමනෙ..ඒ නිසාද කොහෙද පතෝල වෑංජනේ කන කොට නිකන් ලෙඩ ලෙඩ වගේ හැඟීමක් තමයි එන්නේ !

      Delete
    10. මේක නිකං පතෝල සම්මේලනයක් වගේනේ.

      @ බින්දි,

      කොහේ නගින්නද අක්කා, අපේ ජාතියම දැන් පතෝල වගේ තමා.

      @ වෙනී,

      ඔයා අද රෑට නේද ඔය හාතවාරිය අල ටික ගිලින්න ඉන්නෙ, මගේ හූව හෙට උදේට.

      මමත් පතෝල කන්නෙ නෑ, ඒත් පොඩි කාලෙ අම්ම අර මොනවද ලෙඩ හැදිල ඉන්දැද්දි වැටකොළු හොදි නම් බලෙන්ම කවල තියෙනව, අදටත් මට සරම්ප කිව්වම වැටකොළු මතක් වෙනව. දැන්නම් මම වැටකොළු කන්නෙත්නෑ.

      @ හිරූ,

      පිස්සු නැතුව ඉන්න අනේ, ඔන්න ඔය බිත්තර ඔම්ලට් එකක් දාලා අපේ මහත්තයට දීල, ඔයා පතෝල කෑල්ල තම්බගෙන කන්ට.

      Delete
  8. ඇස්පැරගස් කියන නමත් හරි අමුතුයි වගේ...මොනා උනත් අලුත් කෑමක්නේ...කාලා මැරුනත් මොකෝ...මම නම් කියන්නෙ ඔන්න ඔහේ කන්න කියලා.. ආයේ ඕක දෙපාර තුන්පාර මැරෙන එකක්යෑ...හි හී

    හැබැයි ඉතින් ඇස්පැරගස් ගාලා බාත් රූම් පැත්තෙ වාඩි දාන්න උනොත් අපි නෑ ඔන්න...

    ReplyDelete
    Replies
    1. ලිහිණිට කියන්ඩ මට තියෙන්නෙත් ඔය බයම තමා..දන්නෙ නැද්ද අමුතු කෑමක් බඩට වැටුනහම එක්කෝ බඩ යනවා...නැත්නම් වමනෙ...එපාම කරපු දෙයක් තමයි ඒක නම්...

      Delete
  9. පුත්තලමේ විතරයි තමයි වවන්ඩ පුළුවන් කෑම පොෂ් උනාට බඩු පුත්තලමෙ පෝර වලට දාන්නේ කුකුල් k k k . අපේ කොම්පැණිය අක්කර 25 ක් වවනව, පටන් ගද්දිම අපේ උන් කිවුවෙ කවන්ඩ වෙන්නෙ එහෙ උන්ටම තමයි කියල. ලොක්ක ගත් කටටම කිවුව එහෙට වඩා උන් කොලබ ඉන්නව උන්ට කවන්ඩ පුළුවන් කියල, අපි ඉතින් දෙයක් කිවුවොත් වෙනි අය්යලට විශ්වාස නෑ , කාලම කියහන්කෝ මම කිවුව වගේ මෝරපු මුරුංග කරලක්ද නැත්නම් මෝරපු ලීක්ස් ගහක්ද කියල හොයා ගන්ඩ බැරි රසක් නේද තියෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. මන් සිරාවටම හිතුවෙ මල්ලි ඒක ඇත්තට නෙවෙයි කීවෙ කියලා ඒ ආරංචිය නම් හොඳයි..ඒ කියන්නෙ මෙහෙ ඔය ෆ්‍රෙශ් එක ගන්න පුළුවන්..මන් ගත්ත මේ ටින් එක නම් මේඩ් ඉන් චයිනා කියලා තියෙන්නෙ..මන් බලන්නම් මේ සුපර් මාකට් වල වෙනම ගන්න තියේද කියලත්..මුරුංගා ලීක්ස් දෙකටම මන් කැමතීනෙ ඉතින්...

      Delete
    2. අපේ ඒව තියෙන්නෙ යුනියන් ප්ලේස් එකේ තියන ARPICO එකේ විතරයි. FORBES FINE FOODS කියල ගොන්ඩ්ඩෝල එකක් ඇති. ෆ්‍රෙෂ් කියන්නෙ ඕක දවස් දහයක් යද්දී විකුනුනේ නැත්නම් අරන් ඇවිත් විසිකරනව. ඕකට නියම ඉල්ලුමක් තියෙන්නෙ මාලදිවයිනේ/ තායිලන්තෙ හෝටල් වලින්.(පැකට් කරල තියෙන්නෙ නැත්නම් දවස් තුනෙන් අහකට )

      Delete
    3. යූනියන් ප්ලේස් ආර්පිකෝ නම් දුරම වැඩි තැනක්...බලමු මේක කාලා කන්ඩ ඉස්සෙල්ලා ඒ ප්‍රතිචාර අනුව නම් ..ආයි හොයන් ගිහින් කන්නතරම් දෙයක් නෑ නෑ වගේ මල්ලි..

      Delete
    4. ඒ මුරුංගා වගේ ඇත්තේ ඔයා මෝරණකම් ඉඳලා කඩන නිසා වෙන්න ඇති. මේක කන්නෙ ලපටිම බඩේ.
      මෝල්ඩිව්ස් න් තායිලන් නම් ගොඩාක් ප්‍රසිද්ධ ඇත්තේ හෝටල් වලට වෙන්න ඕනේ. අපිට අස්පැරගස් කීවොත් ඊට එහා දෙයක් නෑ. බලාගෙන ගියාම ඔය රටවල් දෙකේම ටුවරිස්ට්ලා වැඩියම ඉන්නේ අපේ එවුන්නේ.

      Delete
    5. ඔන්න මාධව මල්ලි දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැන ගන්න.. මෝරපු
      ඇස්පැරගස් කාලා අපිවත් නොමඟ යවනවා මෙතන ! :-D

      Delete
    6. සික් විතරක් ඒ කියන්නෙ අපේ උන් off grade අපිට කවල තියෙන්නෙ. ආව දෙන්කො ආයේ කවන්ඩ දානව කබරය ඕකුන්ගෙ ඇග පුරාම.

      Delete
  10. පින්තූර දැක්කම නම් මතක් වෙන්නෙ කොහිල දළු මිටියක්... :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි මටත් එක්පාරටම මතක් උනේ කොහිල දලු මිටියක්..දැකලා තියෙනවද අර කොහිල මල්.. හරි කලාතුරකින් තමයි තියෙන්නෙ..ආන් ඒ වගෙයි...

      Delete
  11. 'අපේ ප්‍රසා මලාය'
    වෙනී අයිය මාව ලෝක විනාසෙට ඉස්සෙල්ලම ස්වාස් කරන්නනෙ හදන්නෙ. :D

    වෙනී අයියට වෙනම ඇටෑච් බාත්රූම් එකක් එහෙම ඇතිනෙ. නැත්තං ඕක කාල කොමෝඩ් එක උඩ පදිංචි උනාම අනික් මිනිස්සු යන්නෙ කොහේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මලයා කී එක මොකද්ද කියලා පස්සෙ තේරුනේ රාමා මලයගෙ කමෙන්ට් එකෙන් සහ පස්සෙ මේවයෙ ඉතිහාසය කියවද්දි...බලන් යන කොට අපි දැනන් හිටියෙ දූරියන්, වැල් පෙනෙල ගැන ඉතරයි..ඒ අතින් මල්ලිලා සෑහෙන්ඩ ඉස්සරහින් ඉන්නෙ.. මන් කීවෙ දැනුම අතින්...

      ඔව් ඔව් ටොයිලට් එක අතළඟ!

      Delete
  12. අපේ නෝනත් මට ඇස්පැරගස් කවලා තියෙනවනේ බොල. ;) වාජීකරන බලයක් තියෙනව කිව්ව්? බොරු නේද?

    ReplyDelete
    Replies
    1. ඇස්පැරගස් ඉතිහාස කොටසෙ එහෙම එකක් තියෙනවා හැබැයි විද්‍යාත්මකව හෝ වෛද්‍යානුකූලව ඔප්පු කර නැත කියලයි එතන ලියලා තියෙන්නෙ නම්..

      Delete
  13. කිව්වත් වගේ වෙනි අයියේ ඇස්පැරගස් කියන්නෙ ලෙඩ කෑමක්. ප්‍රෙෂර් කාරයෝ, කොලා කාරයෝ, ඩයබෙටික් කාරයෝ ටම්බගෙන ගම්මිරිස් ඉහගෙන කන ජාතියක්.

    මෙහේ නම් සුපර්මාකට් වල මිටි පිටින් තියෙනවා. තව මම දැකලා තියෙනවා මේවා හුරතලේට වවන්න පුළුවන් විදිහට පොඩි මල් පෝච්චි වල හිටෝලා. වැඩි පුර වැවුනම කපලා කෑතෑකි....!

    මම නම් හිටපු ගමන් ඔය සුප් එකක් එහෙම හදන වෙලාව්ට පොඩියට තියෙන පැකට් එකක් අරගෙන දානවා.

    මටත් තියෙනවා හොඳ ඇස්පැරගස් කතාවක් ලියන්න දැනට අවුරුදු ගාණක කලින් වෙච්ච. ඒව ඉතින් පස්සට බැරියෑ....!

    ReplyDelete
    Replies
    1. ඕ ඕ...දැන්නෙ තේරුනෙ ඕකයි එහෙනම් මේ යුරෝප් වල උන් දවස ගානෙ කන්නෙ.. උන්ට තරම් ලෙඩ කොහෙද කාලා කාලා හදා ගත් ලෙඩ...මටත් මේක දැක්කහම මැජික් වෙලා අරන් ආවා ඉතින් කාලා බලන්න..

      Delete
    2. //කිව්වත් වගේ වෙනි අයියේ ඇස්පැරගස් කියන්නෙ ලෙඩ කෑමක්. ප්‍රෙෂර් කාරයෝ, කොලා කාරයෝ, ඩයබෙටික් කාරයෝ ටම්බගෙන ගම්මිරිස් ඉහගෙන කන ජාතියක්.//

      ඔය දුමි නොකියා කියලා තියෙන්නෙ ඕවා කාපු හන්දා වෙනි අයියාත් ලෙඩෙක් කියලා...හප්පේ කියලා තියෙන ලෙඩ ගොඩ...

      Delete
    3. ඈ දුමියෝ තොට ලෙඩ වුනාට අපිට ලෙඩ නෑ. මම මේක කන්න බොහෝම ආස කෙනෙක්. ඕකෙන් හදන රිසොත්තෝ එක කාලා බලපන්... තෝ උඩ යයි. දිව්‍ය ලෝකේ රහ කියන්නෙ ආන්න ඒවට
      මේක ගුණවත්කම අතින් ගොඩාක් ඉහලයි.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඕ ඉතින් දුමියටත් ඔටු කිරියි ඔටු මසුයි මිසක් මෙහෙම ගුණ කෑමක් කාල පුරුද්දක් නැති හැඩයි.. හිටින් මල්ලියෙ මාත් කාලා මෙලෝ රහක් නැත්නම් කියන්නම් අප්‍රසිද්ධියෙ හරි..මේ යන විදියට ඇස්පැරගස් වලට පොඩි හරි නරකක් කියලා ගුටි කන්ඩ වෙන සීන් එකක් තමයි යන්නෙ.. :-D

      Delete
    6. ha haa... i was kidding here....

      Delete
  14. ඕක මෙහෙනම් කන්නෙ අමුවෙන්..සෝස් එක්කල.සෝස් රහ ඇරෙන්න මෙලෝ රහක් නෑ වෙනීඅයියා..ඒ උනාට මුන්දැලට නම් දිව්‍ය භෝජනයක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නෙට් එකේ මන් දැක්කා මේක අමුවෙන් කනවා කියලත්..අපි ඉතින් කැරට් වගේ ඒවා ඇර අනිත් එලවලු කන්නෙ උයලමනෙ !

      Delete
  15. තාර ටිකක් රත් කරලා කෑවත් බොලා නම් මරෙන්නෙන් නැහැ වෙනියෝ.හනේ මන්දා අර රූප වලින් නම් නිකම් කොහිල කොහිල වගේ මම දැක්කේ.කාලා බලලා කියන්නකෝ ආයේ කොහොමද තත්වේ කියලා.මොනා වුනත් දැන් ඕක කාලා බඩේ අමාරුවක් නම් හැදෙයි කියලා මට හිතෙනවා,

    ReplyDelete
    Replies
    1. කාලම බලමු මලයා මොකද්දෝ වෙන්නෙ කියලා නේද ? දැන් ඉතින් ලංකාවෙත් තියෙන නිසා අල්ලලා ගියොත් බය වෙන්න දෙයක් නෑ..පුත්තලමට ගිහින් පදිංචිම වෙනවා වැඩේ ඉවරයිනෙ !

      Delete
  16. කවද කාපු ටකරංද! :P

    ReplyDelete
    Replies
    1. සාබිත් දැන් ඒක වෙනස් කරන්න වෙයි කවදා කාපු ඇස්පැරගස් ද කියලා !

      Delete
  17. උබව රවට්ටලා කොහිල මිටියක් දීල එවලා..

    කටු පිටිං කාපං වෙනි අයියා ;)

    ReplyDelete
    Replies
    1. නෑ බන් සෑම් ටින් කල කොහිල!!!..අඩේ කටු පිටින් කොහිල ගිල්ලවන්න හදන්නෙ අහවල් දේකටයැ ?

      Delete
  18. වෙනී අයියේ උඹ තාම ජීවතුන් අතරනං මේකට රිප්ලයි එකක් දාපං! :D

    ReplyDelete
    Replies
    1. අද රෑට මේක කන එක තව දවසකින් කල් දැම්මා පූසා මල්ලි..තාම ජීවතුන් අතර ඉන්නෙ.. දැන්මම අඬන්න ලේස්ති වෙන්නෙපා බන්

      Delete
  19. ඇස්පැරගස් කියන්නේ ඇත්තෙන්ම හාතාවරියා තමයි. ඒත් කෑමට ගන්න එකයි ලංකාවේ තියෙන එකයි එකම වෙන්න බෑ. ඇස්පරගස් වැල් වල කොල මාත් මුලින්ම දැක්ක දවසේ කැලේ තියෙන ඒවා රැවටුනා හාතාවරිය කියලා. ඒක තමයි ඩිමාන්ඩ්ම වර්ගය. කොටින්ම ඉස්සර අපි කැලේ ඇස්පරගස් හොයන්න පවා යනවා. අදටත් කැලෙන් ගේන එකේ මිල 25-35€ ක් වගේ. වගාකරන එකනම් 10€ වගේ වෙන්න ඕනේ. මේවා හැදෙන කාලත් තියෙනවා.
    මම නම් ඇස්පැරගස් කීවම ඕනේ විදියකට කනවා. බත් හදලා (රිසොත්තෝ) ෆෝරනේ දාලා පප් එක්ක, සුප් එක්ක, ඔම්ලට් එක්ක හා නිකම්ම තම්බලා. කොහොමත් මම දාන්නේ ලුණු හා ඔලිව් ඔයිල් විතරමයි. ඕනේ නම් දෙහි ටිකක් ඇඩ් කර ගත්තා නම් පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට බොලා ආවෙ රංගියො මුන් සේරම මාව නොමඟ යැව්වනෙ මේ වෙන කම්ම ! තව පොඩ්ඩෙන් මන් මේ ටින් එකම බැද්දට විසික් කරනවා.. ආයි ලංකාවට ආපු වෙලාවකට මෙහෙ හැදෙන ඇස්පැරගස් කාලා බලලා කොලිටි ගැන සහතිකයක් දෙන්න පුළුවන් එක්කෙනෙක් ඕන් හම්බ උනා !

      Delete
  20. වෙනී මාමා කූරියද??? නැත්නම් තාම ජීවතුන් අතරද?

    ReplyDelete
    Replies
    1. අද කෑවෙ නෑ බන්..ඕන් ඔහෙ හෙටම කනවා ! හෙට නම් මලත් කමක් නෑ කියලා හෙටට ම කල් දැම්මා !

      Delete
  21. හත්තිලව්වයි අයියේ ඕවා කන්නේ නෑ.. ඇස්බැස්ටෝස්.. :D

    ReplyDelete
    Replies
    1. මේකා මට ඇස්බැස්ටෝසුත් කවන්නයි ලේස්ති වෙන්නෙ..මේවා ඉන්ටනැශනල් කුමන්ත්‍රන..ආ වැරදුනා වැරදුනා..ඉන්ටනැශනල් කෑම..සෙල්ලන්ද කොල්ලො කිව්වලු !

      Delete
  22. කෑවද වෙනි අය්යෙ..

    තවම ඉන්නවද ?




    ReplyDelete
    Replies
    1. තාම කෑවෙ නෑ ලකි මල්ලියෙ.. මේ කමෙන්ට් ටික කියවලා උත්තර ලියලම කනවා කියලයි හිතුවෙ !

      Delete
  23. අපොච්චියේ සෙත්තපෝච්චි වෙන්නේ නැතුව ඕක කන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා වෙනී අයියේ.. මම නම් ජීවිතේට ඕවගේ කෑමක් අහලත් නෑ දැකලත් නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් අහලා තිබ්බට මේ සල්ලි වලට අරන් කනවමයි.. මොනවයින් මොනවා වෙයිද කියලා කවුද දන්නෙ මල්ලියෙ !

      Delete
  24. ඔය වයසට කරන වැඩද

    ReplyDelete
    Replies
    1. ඔය බලපල්ලකෝ...ආයෙත් වයසයි කියලා...අරහෙ දුමී ලෙඩා කියනවා...මෙහෙන් වයසයි කියනවා...... :D :D

      Delete
    2. මේ ගෝල්ඩ් ලිෆ් කියන කතානෙ..ලිහිනි..ඉස්මනටම වැඩිහිට් නිවාසයක් හොයන්ඩ වෙයි වගේ මෙහෙම යනකොට නම්..

      Delete
    3. වෙනි අන්කල්ට ගෝල්ඩ් ෆිෂ්ව පේන්නෙත් ගෝල්ඩ් ලීෆ් වෙලා කියන්නේ මං හිතන්නේ වැඩි හරියන්න ළඟයි කොහෙද... හි හි...

      Delete
  25. හප්පා ..... මම නම් කීයටවත් කලින් නොකාපුව ටැස් කොරන්න යන්නෑ දැන්. ඉතුරු ටික කාලෙත් පහුගිය අවුරුදු විසි ගානෙම කාපුවම කකා ඉඳල මැරෙනව. හේතුව ඉතිං මම කන ජාති ලිස්ට් එක කොටයි, නොකන ජාති ලිස්ට් එක හෙන දිගයි. මිනිස්සු කන සමහර කෑම ජාති දකින කොට, සුවඳ එනකොට මට ඔක්කාරෙට එනව. වැඩිය ඕන නෑ, කිට්ටුව පහත මාළු බැද්දත් ඒ ගඳට මට හිසේ රුදාව පටන් ගන්නව, හිතාගන්ට පුළුවන්නේ ඉතිං මගේ කෑම.

    අඩේ ... මේකත් නරක නෑ, කන්න කලින් විස්තරේ කියල එක පෝස්ට් එකයි, කාලා ඉවරවෙල ගුණාගුණ තොරණෙ විස්තරේ කියල එක පෝස්ට් එකයි. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. හා .. හා ... ඒකෙන් කමක්නෑ, කාලා හොඳ නරකත් කියමුකෝ.

    ReplyDelete
    Replies
    1. මන් නම් අඩුවෙන්ම කන්නෙ මස් හා මාළු ..නොකනවාම නෙවෙයි.. අනිත්වා නම් හැමදෙයක්ම වගේ කනවා. එළවළු ජාති අළුත් අළුත් ඒවා කන්න කැමතී..
      නෑ බන් මේක කාලා සෙත්තපෝච්චි උනොත් ආයි පෝස්ට් එකක් නෑ ඕන්..!

      Delete
  26. වෙනි අයියෙ උඹ අපිට ඇස්පගරස්ද, පයිතගරස්ද මොනවද කියලා කොහිල දලු නේද ගිල්ලවන්ඩ හදන්නෙ.

    වෙනි අයියා මැල්ලකොල කාලා මුත්‍රා කොරලා තියනවද ? පයිතගරස් කැලේ...

    ReplyDelete
    Replies
    1. මාත් කන්ඩයි යන්නෙ මේ පයිතගරස් ව ! මැල්ල කොල කාලා තියෙනවා ජීවිතේටම එක සැරයක්ද කොහෙද ...ඒ කතාව දැනන් උන්නෙ නෑ ආයි කෑවොත් බලන්නම් !

      Delete
  27. බොහොම කලාතුරකිං ෆ්‍රෙශ් ඇස්පරගස් පුංචි මිටි බැඳලා නාවල කීල්ස් වල විකුනන්ට තියෙනවා. ඒවාගෙම බට්න් හතු නුවර එළියෙන් ද කොහෙද ගෙනත් පෙට්ටිවල දාල විකුනනවා. හැබැයි එව්ව ෆ්‍රෙශ් උනාට ටින් පුරුදුවෙච්ච මට ටින් හතු තමා රහ. ලංකාවෙ දැං වැවෙන්නෙ නැති දෙයක් නැහැ. ළඟදි ඇපලුත් වවල තිබුනා. ස්ට්‍රෝබෙරිත් නුවර එළියෙන් එනවා.

    ඇස්පැරගස් රහ සුප් එකට තමා මට නං. හැබැයි එලෝගෙන ගිහිං කන්ට තරං රහ දෙයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත..ලංකාවෙ නොවැවෙන දෙයක් නෑ තමයි..එළවළු සුප් එකකට දාලා බලන්නම් කො එහෙනම් එක කෑල්ලක් විතර..

      Delete
  28. Replies
    1. ඊයෙ කෑවෙ නෑ හෙන් රි...තාම යහතින් ඉන්නවා...
      :-D

      Delete
    2. (තමාටම කොඳුරමින්) මේ දවස්වල මූව හම්බවෙන්න එන එක සුදුසු නෑ.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. කල් ඇතුව කියලා ආවොත් මන් තම්බපු ඇස්පැරගස් දෙනවා ලුණු සහ ගම්මිරිස් ඉහලා ! :-D

      Delete
  29. ඇස්පරග්ස් සුප් නම් බීල තියෙනවා පට්ට රසයි, ඕන නම් අපේ චෙෆ් කෙනෙක්ගෙන් අහලා කියන්නම්.

    "බුදු වෙනී අය්යේ කථා කරහන්කො" මේ දවස් වල නිදි මරන්නත් බෑ පට්ට සීතලයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඊයෙ ඒක කෑවෙ නෑ මල්ලි...කල් දැම්මා තව දවස් 2-3 කට.. පස්සෙ බලමු..වීක් එන්ඩ් එකේ සමහර විට..

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. 1. හාතාවාරිය (Asparagus racemosus) තමා අපේ රටේ තියෙන්නේ ... විකිපීඩියා බලන්න

    2. හාතාවාරිය Asparagus ගණයට අයිතියි.

    3. මෙය කාන්තාවන් වාජීකරණයට යොදා ගත හැකියාව පවතී.
    3.1 Asparagus racemosus is an important medicinal plant of tropical and subtropical India. Its medicinal usage has been reported in the Indian and British Pharmacopoeias and in traditional systems of medicine such as Ayurveda, Unani and Siddha. It is mainly known for its phytoestrogenic properties.

    3.2 phytoestrogenic යනු Phytoestrogens වල ගුණ ඇති බවයි.Phytoestrogens යනු,

    Phytoestrogens are plant-derived xenoestrogens functioning as the primary female sex hormone (see estrogen) not generated within the endocrine system but consumed by eating phytoestrogenic plants. Also called "dietary estrogens", they are a diverse group of naturally occurring nonsteroidal plant compounds that, because of their structural similarity with estradiol .

    ඉතින් පැහැදිලියි මෙතන වුනේ කොළඹ 7 හාතාවාරිය හොයා ගන්න නැති නිසා කිට්ටුවෙන් යන එකක් හොයා ගෙන ඇවිත් ස්ත්‍රී පරාණයකට දීලා නොමගට පොළඹවා ගන්න හදපු එක...

    ReplyDelete
  32. හාතවාරිය මල් පෝච්චියක උනත් වැව්වැකි..ඉතා ක‍ටුක පරිසරයට හොඳින් ඔරොත්තුදේ. අපේ ගෙදර බැලූ බැලූ තැන් වල ඇත.

    වෙනී අය්යා....වෙනිවෙල් කියල මාව ෆ්ලෝ කරල තිබ්බෙ ඔයා නේද....පිංතූරෙ දැකල තිබ්බ නිසා ඉවට වගේ ආවෙ...! කලින් නම් ඇවිත් ගියා කීප වතාවක්..
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. මේ හාතාවාරිය නෙවෙයි මල්ලි වෙන ජාතියක්..
      ඔව් ඔව් තව වෙනියෙක් කොහෙද මේකට ඉතින් ! :-D

      Delete
  33. මෙළෝ රහක් නැති කෑමකි. මම දන්න තරමින් කිසිම ගුනයකුත් නෑ. අපෙ උන් නම් ඕවා කන්නේ සෝබනේට. නැත්තන් ඉතින් කොහිල දළු කොච්චර ගුණද...? .... නමුත් හරිම රසවත් වගේම ගුණවත් කෑමක් තියෙනවා "අතිශෝක්" කියලා අත්තටම ඒක නම් අති ශෝක්ම තමයි.. අපේ රංගි දන්නවා ඇති ඔය ගැනත්...

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් ඔය සුද්දො සුද්දියො කන ජාති කාල ඇති ඔය ෆීල්ඩ් එකේ නිසා...
      ආටිචෝක් නම් මාත් කෑවා..GOH එකේ බුෆේ ඩිනර් එකේදි..ඒක ඇපර්ටයිසර් එකක් විදියට වගෙයි තිබ්බෙ මට මතක හැටියට නම් ..

      Delete
    2. මාතලන්,
      (මචන් මම කෑම හා බීම ගැන ස්පෙශලිස්ට් කෙනෙක්. ඒක තමයි හරියටම දන්න එකම දේ.)
      උඹලා රහ නෑයි කියන්නේ උඹලාගේ දිවට හුරු නොවීමයි ඒක කන ක්‍රමය වෙනස් වීමයි. ලංකාවේ වගේ තුනපහ දාලා තම්බලා එළවළු විනාශ කරලා කනකොට ඇත්තෙන්ම ඒකේ රහට නෙමෙයි අපි හුරු වෙන්නේ. අර මිරිස් තුනපහ රටට. ඒත් අපි ෆීල්ඩ් එකේ ඉන්න බොහෝ අය කරන්නේ ඒකේ අනිත් පැත්ත.
      මම මම ගැන ලොකු කමට කියනවා නෙමෙයි. මට හොඳ ටේස්ටි එකක් තියෙන කෙනෙක්. මට ඒක හුරු වෙන්න බොහෝ කල් ගියා. ඔය කොච්චර කන බොන මිනිස්සු උනත් රහට හුරු වෙන්න හොඳ නෑ. මම වයින් එකක් බීවත් ඕනෙම කෑම එකක් කෑවත් ඒක විඳීමක් වෙනුවෙන්ම කරන කෙනෙක්. කොටින්ම මම වයින් බීවට කවදාවත් බෝතල් පිරෙන්න බොන්නෙත් නෑ. ඕනෙම හාඩ් ලිකර් එකක් වුනත් එහෙමයි. කෑම එකක් වුනත් එහෙමයි. ඔය ඉඳලා හිටලා කිරිබත් කෑලි කිහිපයක් වැඩිපුර කෑවට. කිරි එකක් උනත් එහෙමයි. ගමේ ගොඩේ කෑමක් හැදෙන ගහක කොළයක් ගෙඩියක් එක්ක බැඳීමක් මට තියෙන්නෙත් මේ දේවල් හින්දා.
      (කනවාට බොනවාට වඩා අතිශෝක්තියෙන් කියවීම තමයි ඉතින් මගේ වැඩේ... හික්ස්)
      උඹ කියන්නේ ආටිචොක් ගැන නේද? ඒකයි ඇස්පරගසුයි හැදෙන්නේ එකම කාලෙට මචන්. මම කොහොමත් එළවළු බස්සෙක්නේ. වෙජිටේරියන් නම් නෙමෙයි. ඒත් එළවළු කන්න තමයි වැඩියම ආස. ඔය ආටිචොක් කෙහෙල් මල් හදලා වගේ කෑවා ලංකාවේ යාළුවෙක් හදලා. හාල් මැස්සෝ හෙම දාලා තෙල් දාලා. අර කෙසෙල් අම්ල් උයලා වගෙත් කෑවා. මචන් ගමේ කාපු කෑම හා සමානයි. (අන්තිමට කටට රහට කෙහෙල් මලක් කෑවෙත් ගිය අවුරුද්දේ නත්තලට ලංකාවට ආවම සීගිරියෙදි.) උඹලා කෑම මතක් කරලා මාව දුක් කරවන්න එපා... ගමෙ කෑම මතක් වුනාම අපේ ගෙදර/ මගේ ලංකාවේ යාළුවෝ නිකම් බැනුම් අහගන්නවා ඕව හදලා දුන්නෙ නෑ කියලා.



      Delete
  34. වෙනී මැරෙන්න යනවා කියලා දූෂමාන ආරංචියක් ආවට මමත් දුවගෙන ආවා..
    ම්..ඇස්පරගස් කාලා මැරුණ පළවෙනියා හැටියට වෙනීට තියන්න ලැබෙන ලෝක වාර්තාවට මගෙන් සුභ පැතුම් බාරගන්න..

    (මේ ඉතසිතින් දෙන සුභ පැතුම් බාරගන්න වෙනියෙක් නැති වෙන එක ගැන නම් මට මාරම කණගාටුයි..ඇඬෙනවා අප්පා..)

    ReplyDelete
    Replies
    1. තාම කෑවෙ නෑ රූ..ඒක පස්සට කල් දැම්මා !
      අර සුබ පැතුම ඕන් බාර ගත්තා ..
      :-D

      Delete
  35. හිචිස්... අදමයි මේ පැත්තේ ආවේ... ඒකත් අර හිරු අක්කගේ හොම්බ දිග කැමරාවේ කතාව දැක්ක මං බුකියෙන්.. කැමරා කොහෙද මං ඉතිං එතන නේ,
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මන් නම් පණුච්චි ව දැකලා තියෙනවා බ්ලොග් ලෝකෙ කමෙන්ට් වලින් ගොඩක් තැන් වල..ස්තූතියි..

      Delete
  36. දැන් නම් ඉවරෙටම ඉවර ඇති..........
    හත්දවසෙ දානෙ දවස අපි කොහොමද දැනගන්නෙ හැබෑටම....

    ReplyDelete
    Replies
    1. මැරෙන්ඩ එපාය ඉතින් හත් දවස යන්ඩ ... තාම නෑ..තාම නෑ...

      Delete
  37. හුජ්ජ කරද්දි ගද නම් ඔය අටමගලෙ කාලා ගල් කාලකුත් බිව්වා නම් ගද සමනය වෙයි බොලං...

    ReplyDelete
    Replies
    1. හා ඒ උපදෙසත් පිලිපදින්නම්කො එහෙනම් !

      Delete
  38. තවමත් උයාගෙන කන වැඩ පටන් ගත්තේ නැති නිසා ඒ දවසකට බලන්න පොස්ට් එකට බුක් මාක් එකක් දා ගත්තා..... කොහොම හරි එහෙම දවසකට මේක ඕන වෙයි....

    ReplyDelete
    Replies
    1. ළඟදිම රට ගියාම උයන් කන්න පුරුදු වෙන්න වෙයි මල්ලිට !

      Delete
  39. අපොයි ගමේ කෑමක් බීමක් කාලා බීලා හිටපු වෙනියා කොළඹ හතේ ගිහින් කොරගත්තු විනාශයක්.

    ReplyDelete
    Replies
    1. ගමේ කෑම බීම වගේ නම් අල්ලලා යන එකක් නෑ මල්ලි මේවා.. වැඩිම උනොත් දෙසැරයක් කයි...ඒත් ගමේ කොස් පොලොස් කොයිතරම් කෑවත් එපා වෙනවද ???

      Delete
  40. කාපන් අයියේ මැරෙන්නේ නෑ අර රංගි අක්කා කියපු විදිහ හොදා,,බිත්තරේට කලවම් කරලා තමා රස

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා මල්ලිලාටත් මේකෙ හොඳ ෆ්‍රෙශ් එකෙන්ම හම්බ වෙනවා ඇති ඔහෙදි !

      Delete
  41. ජර්මනියෙ අරයා කියපු ක්‍රමේට තමා මමත් හදන්නෙ ඕක.
    හැමදාම කන දේවල් එපා උනාම වෙනසකටත් එක්ක ඉඳලා හිටලා කන්න හොඳා.


    ස්පාටකස් නම් කෑවලු රස කර කර ඇස්පැරගස්.

    ReplyDelete
    Replies
    1. ස්පාටකස් මට මතක් උනේ අර පරණ චිත්‍ර කතාවක් ගියේ ස්පාටකස් ගෙ කතාව ඒක..

      Delete