මෙන්න කතා සෙට් එකක්ම වැරදියට අවබෝධ කර ගැනීම හෙවත් සිංහලෙන් කීවොත් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කර ගැනීම පිළිබඳව...
පරිගණක උගන්වන්න යන කොට එන තරමක බරපතල ප්‍රශ්ණයක් තමයි උගන්වන භාෂාව. තනිකරම ඉංග්‍රීසියෙන් උගන්වනවා නම් අව්ලක් නැති උනාට සිංහලෙන් උගන්වද්දි නම් සෑහෙන්න ඉංග්‍රීසි වචන දම දමා ඒවයින් කියන්නෙ මොකද්ද කියලා කියා දිදී තමයි උගන්වන්න වෙන්නෙ....
එක කම්පියුටර් ක්ලාස් එකක රහස් පද නැත්නම් පාස්වර්ඩ් ගැන කරපු පාඩමේ,
"මෙහෙමයි අපි පාස්වර්ඩ් එකක් හදන කොට අඩුම තරමේ කැරැක්ටර්ස් අටක් වත් තියෙන්නෙ හදන්න ඕනි. එතකොට තමයි ආරක්ශාව වැඩි. එහෙනම් එක එක්කෙනා අඩුම තරමේ කැරැක්ටර්ස් අටක වත් පාස්වර්ඩ් හදලා මට පෙන්වන්න.."
කියලා මන් පොඩ්ඩක් බුකියෙ මොනාද ඕපදූපයක් අප්ඩේට් වෙලාද කියලා බලන්න එබුනා..
කට්ටිය මෙන්න හදන් එනවා පාස්වර්ඩ්..පන්තියේ ඉංග්‍රීසි දැනුම හොඳටම තිබ්බ දේවිකා...
Snow white and seven dwarfs ඒ කියන්නෙ හිම කුමාරි සහ අඟුටුමිට්ටො හත්දෙනා කියලා ලියලා මට පෙන්නුවා..
"මේ මොකද්ද දේවිකා?"
"ඇයි සර් ඔතන කැරැක්ටර්ස් අටක්ම තියෙනවනෙ"
ඉතින් දීපල්ලකො උත්තර ?!
-----------------------------------------------------------------------------
"මගේ යාළුවෙක් මැරුනෙ තමන් වැඩියෙන්ම ආදරේ කරපු දේ නිසා ඒ වෙනුවෙන්මයි"
ආදරය වෙනුවෙන් තමන්ගෙ දිවි පුදපු දහසක් දෙනා ගැන මතකයට නැගෙද්දි පාලිතගේ යාළුවා ගැන මගේ හිතට නැගුනෙත් හරිම ලොකු භක්තියක් ගෞරවයක් සහ ආඩම්බරයක්..
"හැබෑටම එයා මැරුනෙ කවුරු වෙනුවෙන්ද ?"
"කවුරු නෙවෙයි බන් හෙරොයින් වලින් ඌ මැරුනෙ!"
---------------------------------------------------------------------------
මේ සිද්ධීන් දෙකම උනේ අපේ කැන්ටිමේ කියලයි ඒකෙ වැඩ කරන මල්ලි කෙනෙක් කීවෙ..
මේකෙ සේවයට ඇවිත් තියෙනවා මුස්ලිම් මල්ලි කෙනෙක්..එයාට එච්චර සිංහල තේරෙන්නෙත් නෑ....ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑ..අනේ මන්දා මොන භාෂාවක් වත් තේරෙන්නෙ නෑ වගෙයි..
එක මහත්තෙක් ඇවිත්,
"මට ස්ට්‍රෝං ටී එකක් දෙන්න"
කියලා ඉල්ලලා..
මිනිහා දහ අතේ කල්පනා කරලා මොනාද ඉල්ලුවෙ කියලා. පස්සෙ තේ කවුන්ටරෙන් තේ එකක් අරන් ස්ට්‍රෝ එකක් දමලා ගිහින් දුන්නා කියලයි හැමෝම හිනා වෙන්න.
පාටියක් වෙලාවකදි ඔය වගේම,
"හැඳැල්ලො ප්ලේට් එකක් ගේන්න "
කියලා ඕඩරේ දුන්නම..
මෙන්න මිනිහා ටික වෙලාවකින් එනවලු ප්ලේට් එකක් අරගෙන ඒකෙ අර ශෝට් ඊට්ස් එහෙම අතින් අල්ලන්නෙ නැතුව අරන් දෙන උපකරනෙත් පිඟානක තියාගෙන..
හැබැයි අර ඉල්ලපු කෙනා ළඟට යන්ඩ ඉස්සෙල්ලා අපේ ස්ටාෆ් එකේ කෙනෙක් දැකලා ඔය මොකද කියලා අහන කොට,
"සර් අර සර්ට හැන්ඩ්ල් එකක් ඉල්ලුවා ප්ලේට් එකක් එක්ක"
කිව්වලු..
පහු වෙනිදම මිනිහා යන්න ගිහින්.. නැත්නම් තව තව ඇබැද්දි ගොඩක් අහ ගන්න තිබ්බා..
කොහොමද මිනිහගෙ තේරුම් ගැනීමේ හැකියාව !
----------------------------------------------------------------------
මේක උනෙත් හෝටලේක ඒ වෙලාවෙ පිළිගැනීම් කවුන්ටරයෙ හිටිය නිළධාරියට..එයාගේ තේරුම් ගැනීමේ හැකියාව මද කම !
සිද්ධිය උනේ මගේ හොඳම යාළුවෙකුට සහ එයාගෙ වයිෆ්ට.. මගේ යාළුවා කොයි තරම් පැහැදිලි කලත් එයාගේ ආදරණීය බිරිඳ විශ්වාස කලේම නෑ මිනිහට තව පනින්න කොටු 2-3ක් නැහැයි කියලා..අපිත් හතර වෙනි සිල්පදේ නොගන්න කාලෙ ඕක එයාට ඔප්පු කරන්න කොයි තරම් ගියත් එයා පිලිගත්තෙම නෑ.. ඔය නිසාම ඒ මාතෘකාව එක්කම අපි ඒ පවුල එක්ක තිබ්බ ආශ්‍රයත් ටිකක් අඩු වෙලා ගියා. නමුත් යාළුවා නම් කොහොමින් කොහොමින් හරි අපේ පාටි වලට නිතර නිතර ආවා ගියා..
හැමදාම අඬදබර වලින් ඔය ජීවිත දෙක ගෙවිලා යද්දි..එක සැරයක් වෙනසකටත් එක්ක කියලා ඒ දෙන්නා සති දෙකකට සිංගප්පූරු ගියා.. ඇවිත් පස්සෙ අපි එක්ක සෙට් වෙච්ච පාටියක,
"වැඩක් නෑ මචන් එහෙදිත් මේ කේස් එකක් අල්ලන් අපි නැවතිලා හිටි කාමරේ ජනේලෙන් පනින්නම ගියා බන්..තට්ටු 20ක හෝටලයක් ඒක"
"ඉතින් උඹ මොකද කලේ ?"
"මන් දුවන් ගියා රිසෙප්ශන් එකට විස්තරේ කීවම උන් කීවා ඒක අපේ පුද්ගලික ප්‍රශ්නයක් අපිම විසඳා ගන්න ඕනිය කියලා..ඒ ගොල්ලන්ට කරන්න දෙයක් නැ කියලා"
අපි ඒ ප්‍රශ්නේ ගැන දුක් උනත් ඔය කතාවට පසු වදන එකතු වෙලා තිබ්බෙ මෙහෙමයි..
"ඒක අපේ පුදගලික ප්‍රශ්ණෙයක් වෙන්නෙ කොහොමද මෝඩයො ඒ ජනේලෙ අරින්න බෑ හිර වෙලා තියෙන්නෙ "
කියලා අපේ යාළුවා හෝටලේට් හොඳටම දොස් කීවයි කියලයි..
අනේ මන්දා ?!
හික් හික් ... හෆොයි මෙහෙමත් ලෝකයක් !
ReplyDeleteමෙහෙව් ලෝකයක නෙ අපිත් ඉන්නෙ නෙව ?
Deleteඔය තියෙන්නේ පොඩි පොඩි රස කතා ටිකක්
ReplyDeleteපොඩි පොඩි කතා පොඩියක් තමයි..මහ දිග කතාවක් ලියන්ඩෝනි...
Deleteඅන්තිම එක මරුවට වෙනස් වෙලා තියෙනව :)
ReplyDeleteසුපුරුදු විදියටම මාරු කලා සාතන් !
Deleteහිකි..හිකි...!අනේ තව කියන්නකො මාමෙ..!
ReplyDeleteමාමා ??? හුහ් !
Deleteමට ඥාති දූලා ගොඩක් ඉන්නවා !
Deleteහික්...හික්...හික්...
ReplyDeleteසුද්දෙක් ඇවිත් කඩේකින් ටී එකක් ඉල්ලුවලු. කඩෙ කොලුව කිරි තේ එකක් ගෙනාවම සුද්දට මල පැනල උවමනාව කිරි නැති තේ එකක් කියල ඉංග්‍රීසියෙන්ම කියද්දි එතන උන්න මහතැන් කෙනෙක් කොල්ලට සීන් එක පැහැදිලි කරාලු. කොල්ල ඉන් පස්සෙ අර කිරි තේකත් අරන් තනියම බැන බැන කුස්සියට යනවලු "මූ සුද්දෙක් උනාට ඉංග්‍රීසි අපි තරම් වත් දන්නෙ නනෙ. කිරි නැති තේ වලට කියන්නෙ ප්ලේන් ටී කියලවත් දන්නෙ නැති මහ ලොකු සුද්ද"
ReplyDeleteඒකනේ...... :)
Deleteතැන්කූ මන් දන්නවා මගේ කතා පොඩ්ඩට කමෙන්ට් වලින් තව කතා එකතු වෙනවා කියලා..එතකොට කියවන අයට අසාධාරනයක් වෙන්නෙ නෑ..
Deleteඔය කැන්ටිම අර @ කොලම්බු සෙවන් කෑම දාන එක වෙන්න ඇති. වෙනී අයියට නමක් නැති, හැඩයක් නැති කෑම එතනිං හම්බවෙන එකට හේතුව ඔය මිස් අන්ඩර්ස්කර්ට් වෙන්න ඇති.
ReplyDeleteඔව් ඔව් මල්ලි හරියට හරි එතන තමා !
Deleteහත් ඉලව්වේ...... මෙහෙමත් රටක්.
ReplyDeleteමෙහෙව් රටක්
Deleteඅන්තිම එක නම් මරේ මරු.
ReplyDeleteඉතින් අර මිනිස්සු ඒක හදලා දුන්නද..?? :D :D :D
Deleteඅපේ යාලුවා ගැන දුක හිතිලා හදලා දුන්නද නම් දන්නෙ නෑ..
මිස් අන්ඩර්ස්කර්ට් කතා ගොඩා............යි!
ReplyDeleteගොඩක් කිව්වට ටිකක් !
Deleteහැබෑට ඔය කම්පියුටර් සිංග්‍රීස් වලින් උගන්නන්න ගියාම නං මරු ඒව වෙනවා තමා.. හි හි
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔව් විශේශයෙන්ම ඉංග්‍රීසි දැනුම අඩු අයට උගන්වන්න ගියහම...
Deleteහා හා.. මැරෙන එකවත් නිදහසේ මැරෙන්න නැහැ නේ..
ReplyDeleteඑහෙම මැරුන නම් සතුටු වෙන්න කෙනෙකුත් හිටි වෙලාවෙ !
Deleteමේ මොකෝ මේ... මේ පොස්ට් එකත් අර කෙල්ලන්ගේ සායවල් වගේ කොට වෙනවනේ. ඒකනම් මදෑ. එහෙම කොට වෙනකොට මෙලෝ රහක් නැති එව්වානේ එලියට පනින්නේ. මන් මේ සති ගානකට පස්සේ කියවන්න පුළුවන් පොස්ට් එකක් බලන්න ආව මදැයි. හුහ්
ReplyDelete(හැබැයි මේකෙත් ගතියක් තියෙනවා මේකට තව කතා 4ක්-5ක්වත් වැටුනානම්.)
:)
චෝදනාව සහ යෝජනාව බොහොම ගෞරවයෙන් පිලි ගන්නවා අකමා..තිබ්බත් නිදහසට කාරනා...
Deleteඅර පාස්වර්ඩ් කතාව මම පුතාටත් කිව්වා.
ReplyDeleteඔන්න ඔහොම සිද්දිනෙ වෙන්න ඕනෙ මනුස්සයෝ වුනාම, නැද්ද?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නැතුව නැතුව..හෙන්රි.. ඕවා වැඩියෙන්ම අහුවෙන්නෙ ඉංග්‍රීසි උගන්වන ඔය ගොල්ලන්ට තමයි ඉතින්
Deleteඅන්තිම එකනම් සුපිරි තමා.
ReplyDeleteමේ ලඟකදී අපි ගියා ටවුමට.යද්දී අල්ලපු ගෙදර ඇන්ටි කිව්වා එයාගේ පුතා ටවුන් එකේ බිල්ඩිමක වැඩ පුළුවන් නම් කෑම එකත් ඔය ගමන් දීගෙන යන්න කියලා.
අපිත් ඕක අරන් ඒ ඇන්ටි කියපු බිල්ඩිම ගාවට යද්දී පොර ඉන්නවා 3වෙනි තට්ටුවේ.අපි පහල ඉඳන් කෑගහලා ඌට පල්ලෙහාට එන්න කිව්වා.කොල්ලත් ඇවිත් කෑම එක අරන් ගියා.අපි ආපහු එද්දී අන්කල් කෙනෙක් දුවන් ඇවිත් හති දදා අහනවා ඇයි පුතා කියලා.අපි බැලුවා මොකෝ සීන් එක කියලා.
ඒ මනුස්සයා 4වෙනි තට්ටුවේ ඉඳලා තියෙන්නේ අපි අර යකාට කතා කරද්දී.ඒ මනුස්සයා හිතලා තියෙන්නේ එයාට කියලා තට්ටු හතරම බැහැගෙන ඇවිත් ඇයි කියලා බලන්න.
පව් මිනිහා හිතින් බැන බැන ආයි තට්ටු හතරම නගින්න ඇති !
Delete:D හහ් හහ්, නියම කතා ටිකක්. හිනා වෙන්න ලෑස්තිනං හැබෑ ජීවිතේදි ඕනෙ තරම් හිනා යන දේවල් සිද්ද වෙනවා නේද?
ReplyDeleteහැබැයි මේ කතා ටික කියෙව්වහම අහල පහල ඉන්න කෙනෙක් පොඩ්ඩක් කිති කවන්නත් වෙනවා හිනා වෙන්න !
Deleteඅනුන්ට උනා වගේ පෙන්නුවට මේ කුජීත සිදු වීම් වලට වෙනී මාමාද සම්බන්ධ බවට මගේ අක්මාවට දැනේ...
ReplyDeleteමල්ලිත් දැන් හිතන තැන් මන් කල්පනා කලේ !
Deleteබොහොම රසවත් කතා පෙලක්ම වෙනි අයියා...
ReplyDeleteතැන්කූ මල්ලි
Deleteතම්බිලා දෙන්නේක් කඩේකට ගිහින් අපිට "මැරෙන්ඩ" දෙකක් දෙන්න කිව්වලු. මුදලාලි කිව්වලු මහත්තයල හදන්නේ අපි හිරේ යවන්නද කියාලා. නෑ නෑ මුදලාලි අපිට "මැරෙන්ඩ" දෙකක් දෙන්න බොන්න කියලා "මිරින්ඩා" බෝතල් පෙන්නලා ඊට පස්සෙ කිව්වලු. මගේ කතාවක් නෙමෙයි "මහින්ද අබේසුන්දර" මහත්මයගේ "ආගිය කතාවක්"...
ReplyDeleteඔහොම විහිලු ගොඩක් තියෙනවා යෝනකයා සහ බිරින්දෑවරුන් සිව්දෙනා කියන පොතේ! ලිව්වේ කවුද කියලා නම් මතක නෑ!
Deleteමට මතක විදිහට මහින්දගේ ආගිය කථා වගේ??
Deleteඕක ලිව්වෙ එම් එස් අයුබ් කියන ලක්බිම ලේඛකයා.
Deleteආ ඒපොත් ටික හොයා ගෙන කියවන්න ඕනි..
Deleteමරු කතා ටික.අන්තිම කෑල්ල ගොඩක් රසවත්
ReplyDeleteස්තූතියි ඔබට ලකියා
Deleteඅන්තිම කතාව මරු..
ReplyDeleteස්තූතියි ඔබට දීනෙශ් මලයා
Deleteඑක අතකට මේ වගේ වැරදියට තේරුම් ගන්න එකත් වටිනවා..අපිට පස්සෙ කාලෙක හිනාවෙන්න පුළුවන්නේ..
ReplyDeleteහිකිස්
ReplyDeleteසෙවන් කැරක්ටර්ස්
මම කල්පනා කළේ අපිට ඔය ජාතියෙ ඒව කොච්චර වෙලා ඇද්ද කියලා.මොකෝ කාටවත් කියන එකක්යැ
"ඒක අපේ පුදගලික ප්‍රශ්ණෙයක් වෙන්නෙ කොහොමද මෝඩයො ඒ ජනේලෙ අරින්න බෑ හිර වෙලා තියෙන්නෙ "
ReplyDeleteහෆෝයි...
දැන් කෙල්ලො අන්ඩර්ස්කට් අඳින්නෙ නෑ නේද?
ReplyDelete