මේකෙ සාමන්‍ය සමාජයෙ භාවිතා කරන කුණුහරුප තියෙන නිසා ඔය මානසික බබ්බු වගේ හිතන අය.. නොකියෙව්වට කමක් නෑ ඕන්.. මෙතනින්ම හැරිලා යන්න ඒ අය..
ඔය පහු ගිය දවසක රෑ තිබ්බ පාටියකට අපි ගිහින් එළියට බහිද්දි මහ රෑ .. මායි තව යාළුවෙකුයි තමයි හිටියෙ.. අනිත් අය තම තමන් ආපු වාහන වල ගියා.. සමහරෙක් අපිට ලිෆ්ට් එකක් දෙන්න හැදුවත්..මේ මහ රෑ ළඟම තියෙන ටවුන් එකට ගිහින් අපි ත්‍රීවීල් එකක් ගමු කියලා අපි කතා වෙච්ච නිසා..බොහෝම ආදරයෙන් ලිෆ්ට් දෙන්න ගිය ඒවා ප්‍රතික්ශේප කරලා අපි දෙන්නත් දැන් එනවා පාරෙ..කොයි තරම් බීවත් අපි දෙන්නා කෙලින්.. ඒ හරියෙ පාර හරියට කෙලින් නෑ..zඉග් zඇග් වෙලා තිබ්බෙ..මහ ලොකු හුළඟක් නැතත්..පාර දිගේ එක පේලියට තිබ්බ ලයිට් කණු වල ලයිට් එහෙට වැනෙනවා...මෙහෙට වැනෙනවා..සැන්ඩි වලට සහ අඩු පාඩුවට බියර් බෝතල් දෙක තුනක් හිස් කරපු නිසා..විනාඩියෙන් විනාඩියට හුජ්ජ බරයි.. අඩි දහයයි හුජ්ජ පාරයි...ටවුමට යන්න කිලෝමීටරයක් විතර තියෙන නිසා අපි දෙන්නත් ඔහොම කර කර ගියා..
බ්‍රාස් ගාලා පිටි පස්සෙන් ආපු පොලිස් ජීප් එක නැවැත්තුවෙ නැද්ද අපිව හරස් කරලා..
"නැගපිය වේසිගෙ පුතාලා දෙන්නා ජිප් එකට.."
"අපිට නෙවෙයිනෙ කිව්වෙ අපි යන් බන්.."
මන් අනිකාගේ අතින් අල්ලගෙන ජීප් එක මඟ අරින්න හදන කොටම..
බොහෝම ආදරෙන් අපේ බෙල්ලෙන් අල්ල ගත්තෙ එතන හිටිය මහ තඩි පොලිස් මාමා කෙනෙක්..
"ඇයි ඇයි රාලහාමි ජීප් එකට නගින්න කීවෙ වේසිගෙ පුතාල දෙන්නෙකුටනෙ..අපේ අම්මාට හොඳටම සුවර් අපි අපේ තාත්තගෙ ළමයි කියලා..ඕනිම නම් අපි හෙට අපේ උප්පැන්නෙ ගෙනත් පෙන්නන්නම් හෙට උදේම"
"හා හරි එහෙනම් හොඳ මහත්තුරු දෙන්නා වගේ නගින්නකො ජීප් එකට..ඊට ඉස්සෙල්ලා ඔය ගලවලා කරේ ඔතන් තියෙන කලිසම් දෙක ඇඳ ගන්නකො.."
අපිට කීව පොලිස් මාමා
"ගිහින් කූඩුවට දාලා මේ වේසිගෙ පුතාලට !@@#$%%# ඕනි එලිවෙනකම්..."
කියලා අනිත් රාලහාමිලා මාමලා දෙන්නට කීවා..අපි ගනන් ගත්තෙ නෑ..ඒ කීවෙත් අපිට නෙවෙයිනෙ..
"අපි කලිසම් ගලවන් ඉන්නෙ ඇයි කියන හේතුව ඇහුවෙ නෑනේ රාළහාමි"
"ඇයි මහත්තයො හැබෑටම කලිසන් ගලවන් මෙහෙම ප්‍රසිද්ධියෙ පාරෙ යන්නෙ?"
"බිය ටිකක් වැඩිය බිව්වා රාලහාමි..දන්නවනෙ එතකොට ඉතින්..විනාඩියෙන් විනාඩිය සිප් එක ඇර ඇර ඉන්නවට වඩා මේක කොයිතරම්ම නම් ලේසිද ?"
"ඔව් ඔව් ඒ උනාට ඕක දැන් ඇඳ ගන්ඩකෝ.."
අපිත් සෑහෙන්ඩ බ්‍රේක් ඩාන්ස් ස්ටෙප්ස් ටිකක් රඟ දක්වලා පොලිස් මාමලගෙත් උදව් අරන් කලිසම් දෙක ඇඳ ගත්තා..
ජීප් එකට ගොඩවෙන්න මොහොතකට ඉස්සෙල්ලා තමයි මට මොලේ පෑදුනේ
"හෝව් හෝව් හෝව් පොඩ්ඩක් !!!... අරි දැන් අපිව මේ අතඩංගුවට ගන්නෙ මොකටද ? එහෙම නීතියේ කියන්නැතුව අත් අඩංගුවට ගන්න රාලහාමිලාට බලයක් නෑ..මන් හත් සැරයක් පේල් උනත් ලෝ කොලිජි එන්ට්‍රන්ස් එකට අට සැරයක්ම පාඩම් කල කොල්ලෙක්..අයි නෝ ද ලෝ.."
"මොකද්ද ඔය හු!@@# පුතාලා දෙන්නා තව අහන්නෙ?"
"ඇයි අත් අඩංගුවට ගන්නෙ අහනවා සර්? ලෝ දන්නවලු..හේතුව නොකියා ඒම මේම කරන්ඩ බෑලු..මේ මල ඇණ දෙක මෙතන දාලා යන් සර්"
බොහෝම කරුණාවෙන් ආයිමත් ජීප් එකේ ඉස්සරහ ඉඳන් හිටි රාලහාමි මාමා ඇවිත් ,
"මේ මහත්තුරු දෙන්නා අත් අඩංගුවට ගන්නෙ බීලා ප්‍රසිද්ධියේ අප්‍රසන්න ලෙස හැසිරීම නිසා..දැන් තේරුනාද ?"
"හරි දන් අප්‍රසන්නව හැසිරුනා කියමුකො..කෝ ප්‍රසිද්ධියේ ??? මේ මහා රෑ පාරෙ බලු බල්ලෙක් නෑ..
"ඒ උනාට ඔය කෑ ගැහිල්ලට පාර අයිනෙ තියෙන ගෙවල් කීපෙකින්ම 119 වලට කෝල් කීපයක් ගිහින් තියෙනවා.. දැන් නගින්නකො මහත්තුරු දෙන්නා ජීප් එකට.. හෙට උසාවි දානකම් අපි රෑ නවාතැන් පහසුකම සපයන්නම්"
ජීප් එක අපිත් අරන් යනවා.. යනවා කිව්වට යනවමත් නෙවෙයි.. විනාඩි පහක් යනවා..හුටස් ගාලා නවතිනවා... මන් හුජ්ජ කරනවා.. තව විනාඩි පහක් යනවා නවතිනවා මයෙ යාලුවා හුජ්ජ කරනවා..
"මන් කීවා සර්ට මේක මල වාතයක් දාලා යන් කියලා...
පොඩි රාලහාමි මාමා කන් කෙඳිරි ගානවා.. ඇයි අපිට ජීප් එකේ දොර අරින්න වෙලා තියෙන්නෙ එයැයිට නෙ... අපි ඉතින් VIP ටයිප් එකේ..ඕම ඕම කර කර පොලිසියට ගියා.. ඕන් එදා පොලිස් කූඩුවෙ ලැගපු ..අපි දෙන්නා පහු වෙන්දා උසාවියේ..
ඒ වෙනකොට වෙරි මත ගිහි තිබ්බ නිසාම..විලි ලැජ්ජාවෙ බෑ..ඒත් මොනා කරන්නද ඉතින්.. ගහකො බැඳ ගත් බෙරේ...
නඩුකාර හාමුදුරුවො අපි දිහා බොහොම කරුණාවෙන් බලලා..
"පෙර කරපු වැරදිත් නැති නිසා..බොහොම තරුණ ජීවිත දෙකක් නිසාත්..මන් බර පතල දඬුවමක් දෙන්නෙ නෑ..නමුත් යුෂ්මතුන් දෙන්නට වෙනවා සති දෙකක් සමාජ සේවා වැඩ වල යෙදෙන්න..මෙන්න මේ පන්සල් දෙකේ තියෙන වැඩ කරන්ඩෝනි"
"ඊට අමතරව තමන්ට පුළුවන් තරම් ප්‍රමාණයක් මත් ද්‍රව්‍ය වලින් මුදවා ගෙන ඒ ගැන විස්තරයක් මේ ගරු අධිකරනයට දෙන්න ඕනි...සති දෙකකින්"
අපි දෙන්නත් ඕන් පන්සලේ ගොඩනගන චෛත්‍යයට අත් උදව් දෙන ගමන් කල්පනා කරේ කොහොමද කට්ටියව මත් ද්‍රව්‍ය වලින් මුදවන්නෙ කියලා..මාත් මොලේ කල්පනා කරලා..වැඩ පිළිවෙල යෙදුවා..
සති දෙක ගියා...
ඊළඟ උසාවි දිනය..අපි දෙන්නම පූස් පැටව් වගෙ කූඩුවෙ..
"බොහෝම හොඳයි..සමාජ සේවා වාර්තාව හොඳට වැඩ කරල තියෙනවා..කෝ බලන්න ඔය සති දෙක ඇතුලත කී දෙනෙක් මත් ද්‍රව්‍ය වලින් මුදවා ගත්තද කියලා බලන්න"
මාත් සෑහෙන ලේස්ති වෙලා ගියේ ඔය ප්‍රශ්ණෙට උත්තරෙ දෙන්න..
මන් ඇදලා ගත්තා ඊට ඉස්සර දවසෙ මන් බ්‍රිස්ල් බෝඩ් එකක ඇඳලා තිබ්බ චිත්‍රෙ..
"ඔය මොකද්ද ?"
නඩුකාර හාමුදුරුවො ඇහුවා..
"මන් පාවිච්චි කලේ මේ චිත්‍රය මත් වලින් බේරා ගත්තා 16 දෙනෙක්ව"
"ආ...... බොහොම හොඳයි බොහොම හොඳයි..යුෂ්මතා කියමුකො බලන්න ඔය චිත්‍රෙන් ඒ වැඩේ කලේ කොහොමද කියල ? "
"මන් මේ ලොකු රවුම පෙන්වලා කිව්වා මේ තියෙන්නෙ ඔය ගොල්ලො ඩ්‍රග්ස් ගන්න ඉස්සෙල්ලා මොලේ ප්‍රමාණය..මේ පුංචි රවුම පෙන්නලා කිව්වා මේ තියෙන්නෙ ඔය ගොල්ලො ඩ්‍රග්ස් ගත්තට පස්සෙ මොලේ සයිස් එක කියලා"
"Excellent excellent... very impressive !!"
හැමෝම මගේ වැඩේ ගැන පැසසුවා.
"ඔව් බලන්න අනිත් යුෂ්මතා කියන්ඩ තමන් කොහොමද ඒ වැඩේ කලේ කියලා?"
මගේ යාළුවගේ වාරය...
මිනිහත් මෙන්න තඩි කාර් බෝඩ් එකක් අරන් විනිශ්චයාසනයට පෙන්නුවා...
"මන් 267 දෙනෙක්ව ඩ්‍රග්ස් වලින් අයින් කෙරුවා "
ඌඌඌහ්......ඕඕඕඕඕහ්හ්හ්හ්......!!!
ශාලාව පුරාම කසු කුසුව..මාත් හොල්මන්..
"ඔය පුංචි බෝලෙයි ලොකු බෝලෙයි පින්තූරෙ පෙන්නලා අනිත් යුෂ්මතා වගේ මොලේ ගැන කිව්වද ?"
"නෑ ස්වාමීනී.. මන් මේ පුංචි බෝලෙ තියෙන පින්තූරේ පෙන්නලා කිව්වා මේ තමා ඔය ගොල්ලො ඩ්‍රග්ස් අරන් හිරේට යන්න ඉස්සෙල්ලා ඔය ගොල්ලන්ගෙ පුකේ සයිස් එක....."
මට ඇහුනෙ එච්චරයි මයෙ හිතේ මට කලන්තෙ දාලා වැටෙන්න ඇති...
ප.ලි. -
මේ කතාව කියවලා කැමති කෙනෙක් මේ කතා දෙකත්
http://www.liyanna-liyanna.blogspot.com/2012/03/blog-post_16.html
http://www.liyanna-liyanna.blogspot.com/2012/03/creator-vs-creation.html
කියවන්නකො..එතකොට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි මන් ලියන දේවල් ගැන..
මේ එලියන්ලා එනවා කියන දවස් වල ඔහොම පාරේ යන්න ගියාම ???
ReplyDeleteහෆ්ෆට සිරි..හැබෑ නේන්නම් මාධ්‍ය වලට යන්නත් තිබ්බා..ඒලියන්ස් ලා කියලා ..
Deleteමොන $@%*$ක්ද වෙනි අයියේ. නිවාඩු දවසේ අඩියක් ගහල ඉස්සෙල්ලම ලොග් උනේ උඹේ බ්ලොග්එක බලන්න. මගුලක් කතා කරනව! ආතල්එකක්වත් ගන්න දෙන්නෙ නෑ උඹ......
ReplyDeleteකතාව පස්සෙ කියවන්නං............ හොඳටම වැඩී.........
ඔව් රාජ් මාත් ඉතින් නිවාඩු දවසෙ ඕන් ඔහොමයි...එහෙම කියලත් බෑ ඉතින් මොනා හරි ලියන්නත් එපාය..
Delete"බොහොම තරුණ ජීවිත දෙකක් නිසාත්.."
ReplyDeleteමං හිතන්නෙ වෙනී අයියට නෙමෙයි වෙන්න ඇති ඒකනං කියන්න ඇත්තෙ.
හි හි.. මං කියන්න ආපු එක කියලනේ ......
Deleteප්‍රසා කෝම කීවත් අපි තාම තරුණයි ඕන්...හික්ස්
Deleteහිරු තමා අපි නාකි උනාට වග කියන්ඩෝනි
සිහ් මමත් ඕක කියෝන ගමන් ක්ලිප් බෝඩ් එකට කොපි කරගෙන ආවෙ. මේ ඉංගිරිසි ප්‍ර සිංහල සන් දෙමල ණ ය ඒක මට කලින් පේස්ට් කරල නෙවැ.
Deleteඅපායට ගියත් මුලින් කියන්නෙ ඕකනෙ ඕන්..
Deleteනියම කතාව. ඇත්තටම මේක කාටද වෙනි වුනේ.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
මේක හදපු කතාවක් මලයා
Deleteහොඳටම හිනා :D :D :D
ReplyDeleteමටත් හිනා මුල්ම කතාව කියෙව්වහම..
Deleteතදින් සිනා
ReplyDeleteසිනාවී තර වූවාට වග කියනු නොලැබේ..
Deleteවෙනී අයියා පත් වෙලා තියෙන්නේ බොහොම දුඃඛිත තත්වයකට! :D
ReplyDeleteඔව් ඔව්..දැන් ඉතින් ආයි බොන්නයෑ..????
Deleteමෙහෙම ඇහැව්වට කේන්ති ගන්ට එපා අයියණ්ඩි.....
Deleteඅයියණ්ඩි හිතං උන්නේ අයියණ්ඩි ඉස්සර කළේ බොන එකයි කියලද? :D ;)
ඕකට මක්කට තරා වෙනවයැ ??? නැතුව නැතුව ???!!!
Deleteඅහෝ වෙනී අයියා අර බෝතලේට අර කැමරා හොම්බ ගෙනියන්න තිබුනේ
ReplyDeleteඩිලා මල්ලි බොන්ඩ යන කොට නම් කැමරාව අරන් යන්නෙ නෑ..එටකොට බොන්ඩ බෑ..
Deleteනියම කතාව. :D:D:D
ReplyDeleteස්තූතියි චන්දන හැමදාම වගේ..
Deleteහික්ස්..... :D
ReplyDeleteබිව්වා නේද හික්ස් ගාන්නෙ ?:
Deleteපට්ට වෙනියෝ හිනා ගියා බකස් ගාලා.කොහෙන්ද මේ කතා හොයාගන්නේ ආහ්හ්?
ReplyDeleteපුකේ හිල ගැන කියපු යාළුවා ඇත්තටම මුහුණ දුන්න සිදුවීම ගැන නම් කනගාටුයි :)
Deleteඔය නෙට් එකෙන් කියවන කතාවකට මන් අඩු වැඩි කරලා ලියනවා මල්ලි,
Deleteඑල කතාව ... හිනාවෙ උපරිමය.
ReplyDeleteඅර බෝතල් කතාව කොහේ හරි අහල පුරුදුයි වගේ.
අනිවා ශානක ඕක නෙට් එකේ තියෙන කතාවක්..මන් තව ටිකක් එකතු කලා
Deleteහික් හික් හිලේ සයිස් එකනම් මරු උපහැරනේ
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ඕක ඇහුවහම නම් මතත් බොන්ඩ බයයි බයයි වගෙ බන්..අර ෆෝන් කතා ඇහුවහම..බන්කර් කරලා බඩු ඇතුලට අරන යන හැටි බලහන්..
Deleteඅන්තිමට දුන්න උපහැරනේ තමයි නියමම..
ReplyDeleteබය හිතෙනවා නේද දිනේශ් මලයා
Deleteතදින් සිනා :)) මයියා තනියෙම හිනා වෙනවා දැකලා මයිලේඩීත් ආවා මොකදැයි බලන්න...දෙන්නටම සිනා..ඔන්න මයිලේඩීත් බ්ලොග්වලට ඇබ්බැහි උනොත් ලියන්නා තමයි වරද කරු..( ඇත්තටම ඒක වරදක්ද?)
ReplyDeleteම්ං නම් මේක ලියන්නට වෙච්ච දෙයක් කියලා ඇත්තටම හිතන්නේ නෑ...මට හිතෙන විදියට පොඩි යාන් හෑල්ලක් අරගේන ලියන්නා ඒකට ලස්සනට ඉතුරි ටික එකතුකරලා ඒත් මේකේ තාත්විකත්වය කොච්චරද කියනවා නම් එක වෙලාවකට මේක ලියන්නගේ පුද්ගලික අත්දැකීමක්දැයි සැක හිතෙන තරමටම ලියලා තියෙනවා..ඒත් එක එහෙම නෑ නේද?
කොහෙත්ම වැරැද්දක් නෑ කියවන්න ඇබ්බැහි වෙන්න..ඔබ හරියට හරි..මන් අර පහල ලින්ක් දෙක දැම්මෙ මන් ලියන හැටි කියන්න..මන් නෙට් එකෙන් හරි කෙහෙන් හරි කියවපු කතාවක් අරන් ඒකට මගේ අත්දැකීම් එකතු කරලා ලියනවා...එච්චරයි. ආපු එකට ස්තූතියි
Deleteවෙනි අයියේ කෝ බන් අර මලවන නැට්ට ? :-)
Deleteකථාවේ වස්තුබීජය කොහෙන් ගත්තා උනත් මෙච්චර ලස්සනට දැනෙන්න ලියන එක නම් හැබෑ දක්ශතාවයක්......
Deleteකුණුහප්ප තියෙනවයි කියල දාල තිබ්බ හින්ද මං නං කියෙව්වෙ නෑ ඹ්ං.
ReplyDeleteඅනෙ අම්මෝ හිරේ යන්ට තිබ්බ ආසාව නං අතෑරගත්තා....
වාහනේ යන කොට ඕන් ඉරි නොකපා යන්න මල්ලි.. එතකොට හරි...
Deleteමාර වැඩක් කියන්නෙ මේ වගේ කතා මට තේරෙන්නෙම නෑනේ.....
ReplyDeleteමට හිතුනා මාතලන්ට නම් මේක තේරෙන එකක්ම නෑයි කියලා..
Deleteපහු ගිය දවසක රෑ තිබ්බ පාටියකට අපි ගිහින් එළියට බහිද්දි "
ReplyDelete"පෙර කරපු වැරදිත් නැති නිසා..බොහොම තරුණ ජීවිත දෙකක් නිසාත්"
ඔන්න ඔය කෑලි දෙක නැත්නම් මේක නිර්මාණයක් කියල කියන්නවත් බෑ. වෙනිටම වෙච්ච දෙයක් කියල රැවටෙනවා. :D
හික්ස්...
Deleteහරියටම මට වෙන්ඩ පුළුවන් දෙයක් වගේ නේද කියලමයි මටත් හිතුනෙ..මුල් කතාව කියවද්දි..
යකෝ මම කියන්න ආපු දේම නලිනි කියල දාලනේ. ඕක තමයි කියන්නෙ අපායට ගියත් ටිකක් කලින් පල කියලා.....!
ReplyDeleteසහතික ඇත්ත..ඊළඟ සැරේ නම් ආයි පහු බහින්නෙ නෑ..මුලින්ම තමා
Deleteමරු කතාව. හිනා පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙන නිසා දෙවතාවක් කියවිය නොහැක... සුපිරියි...
ReplyDeleteමුල් කතාව කියවද්දි මටත් උනෙත් ඕකමයි..ඒකයි මගේ වර්ශන් එකක් බෙහ්ඩා හදා ගන්න හිතුනෙ..
Deleteනොදන්න කුණුහබ්බයක් ඇති කියල ඉගෙන ගන්න ආවේ. කෝ ඉතින් දන්න ටිකමනෙ.
ReplyDeleteඅනේ අප්පේ කම්මල නොදන්න එව්වා අපි දනී කියලා නම් ලොකු සැකයක් තියෙනවා..
Deleteදැන් වෙනියගේ පුක බෝක්කුවක් ද???
ReplyDeleteහිරෙ ගියේ නෑ නොවැ..නුලෙන් බේරුනා..ආයි නම් බීලා පාරෙන් එන්නෙ නෑ ගුනේ...
Deleteඇත්තටම තරුන මහළු කියන එක බෙදෙන සීමාව මොකද්ද වෙනී අයියේ, චන්දිමා කියපු එක සහතික ඇත්ත
ReplyDeleteතරුණයි මහළුයි කියන සීමාව අපේ හිතෙන් හදා ගන්න එකක් විතරයි මල්ලි
Deleteමට කතාව නම් තේරුනේ නෑ මාතලන්ට වගේම. නමුත් චිත්‍රෙ තේරුනා. ඒක අඳින්න උම කොයි තරම් මහන්සි වෙන්න ඇද්ද කියලා හිතිලා ඇස් වලට කඳුලුත් ආවා.
ReplyDeleteඅර චිත්‍රේ දෙපැත්තෙ ඇඟිලිත් තියෙනවා නේ?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ ඔහොමයි ජජ් ට ඔය බෝඩ් එක අල්ලගෙන හිටියෙ හෙන්රි.. මුළු රැයක්ම ගියා ඔය ච්ත්‍රෙ අඳින්න කවුරුවත් කීවට විශ්වාස කලේ නෑ මේ වෙනකම්..
Deleteකතාව තරම්ම ආතල් ඒ කතාවත්. හික්...
Delete:-D
Deleteහිනාවෙලා පන යනවා වෙනී මාමෙ... අද නම් උපරිමයි... මම බොලාගෙන් කියවපු ඒවායින් කැමතිම එක...
ReplyDeleteහැබෑටම බොලාට වෙච්ච සන්තෑසියක්ද මේ ?
නෑ සිරා මල්ලි හදපු කතාවක් !
Deleteවෙනීගේ ලිවීමේ හැකියාවට ප්‍රශංසා කරන්නද ඇඳීමේ හැකියාවට ප්‍රසංශා කරන්නද කියලා හිතලා හිතලා හිතලා මගේ හිතීමේ හැකියාවත් අඩුවෙලා ගියා අප්පා..
ReplyDeleteඇත්තම කියනවා නම් ප්‍රසංසා කරනින වචනත් මදිවුනා..
හිකිස්... එකම බෝඩ් එකද දෙවිදියකට දෙන්නා පාවිච්චි කරල තියෙන්නේ?
ReplyDelete.....//මා තව දුරටත් නිර්මාණ කරන්නේ නම් නිර්මාපකයා කවුද යන උභතෝකෝටිකයටයි..//...
ReplyDeleteමේ පිස්සුනම් කෙලින්න හදන්න එපා වෙනියෝ...