විශේෂ දවසක් උනහම ඉතින් විශේෂ වැඩක් කරන්නත් එපාය..
මෙන්න කල වැඩ ටික..
1. ඇනෝ ඇරියා - පහුගිය කාලෙ මට නෙවෙයි මේක හරහා අනුන්ට ගහන්න හදපු නිසා ඇනෝ වහලා හිටියා..මේන් වැන්දා මට ගැහැව්වත් අනුන්ට කෙලින්න යන්න එපා මේකෙන්..ස්පෑම් කරනවා දුටු සැනින් ..අපරාදේ බොලාලගෙ බයිට් ටික..
2. 99%ක්ම මාව දැනන් උන්නත් ඕන් මම අර 1% වෙනුවෙන්..අපේ (බහු) බුද්ධි ඔව් ඔව් අර කෙසෙල් කොට්ටෝරු පුරස්නෙ හින්දා කොටුවම වහලා දමපු හාදයාතමයි මේ ඉස්තරම් ෆොටෝ එක
හැදු ( කෑ )වෙ !
කොහොමද කොල්ලා ඉන්න අපූරුව !
3. දිවා රෑ නැතුව මේ දවස් වල වැඩ හින්දා..පහුගිය පෝස්ට් එකේ අන්තිම කමෙන්ට් ටිකට උත්තර ලියන්නම බැරි උනා..ඒ ටික කෝම හරි ලියනවා..
4. ලෝක විනාශෙ වෙයිමයි කියලා හිතන් හිටීම..උනොත් ඉවරයි නැතොත් පට්ට පාටියක් ගන්න පුළුවන් නෙ නොවිච්ච එකට..
ඔච්චරයි ඉතින් මේ දවස් වල වැඩ කටයුතු...
මුකුත් නොවුනොත් පාටියෙදි හරි පාටියෙන් පස්සෙ හරි හම්බ වෙමු එහෙනම්..
හැමෝටම ජය ඕන් !
මෙච්චර කල් අපිව හලලා තිබිලා, එන්න කිව්වහම මෙන්න අපි ඇවිත්. තැන් තැන් වල යන්තමින් දැක පුරුදු උනාට මම කලින් ඇවිත් නෑ නෑ වගේ මෙහෙට....
ReplyDeleteහප්පේ... නම ලෙහන්ට අමතක වෙලා...
තිසර ඉස්සර කමෙන්ට් කරල තිබුනා මතකයි මටත්..
Deleteවැරදුනොත් මුදල් ආපහු කියලා දැම්ම එක නම් හොදයි.. හි හි..
ReplyDeleteඅත බලලා ඉවර වෙලා හරි නම් නේද සල්ලි දෙන්නෙ ? මේකෙ මගෙ අතිනුත් කයිට් වෙන වැඩක් තමයි
Deleteමොකක්ද ඩෝ පාටියෙන් පස්සේ හම්බෙමු කියන්නේ.. පාටියේදි හම්බෙමු කියන්න අමාරුද?
ReplyDeleteහරි හරි ආන් හැදුවා !
Deleteමම අභීත බන්..., පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවා වැඩද කියලා....
ReplyDelete:-D
Deleteඔය ලෝක විනාස පාටිය තියෙන්නෙ කොළම්බු සෙවන් වලද?
ReplyDeleteඅර ෆොටෝ එකනං ලස්සනයි වෙනී අයියා.
මම අරක ලියන්නැති අරූ.
බොලාලට නම් මේ ෆොටෝ එක අර නිතර දකින කුකුලා වගෙ ඇති...බුකියෙ නැති අයට දැම්මෙ !
Deleteඔව් ඔව් කො. 07 දි තමයි..
නිතර දකින එකෙක්ද කළාතුරකින් දකින එකෙක්ද මම දන්නෙ නැහැ..හැබැයි කුකුලා වගේනං තමයි :)
Deleteමම බ්ලොග් නොලියන ලකී..
(නැවත හමුවෙමු)
නැතුව නැතුව !
Deleteහේ.. හේ.. කෝ පාටිය තැන නොතැන වෙලාව කියන්න. හැලප පාටි නං එපා..
ReplyDeleteලෝක විනාසෙ නොවුනොත් බලමු !
Deleteතැන කරුණාසේන ෆුඩ් කෝනර් එකේ. රාගමද කොහේද තමා ප්ලේස් එක තියෙන්නේ.
Deleteඇයි බං ෆෘඩ් කෝනර් එකේ අයිනේ ඉදං ගෝව කන එකද පාටිය
Deleteලෝක විනාශෙ කියලා හෝටලයක් තියෙනවලු ඒකෙ තියමු..
Deleteවෙනී මාමේ ලෝක විනාසේ වෙන්න කලි අරන් කෑම එක කාවනම් හොඳයි. අර පොටෝ එක හැදු එකක් නෙවෙයි ඇත්තම එකක්ද කොහෙද...
ReplyDeleteකෝරලේ වලව්ව
ආ ඒක කෑවා කියන්ඩ අමතක උනා..පහු ගිය දොහේ වැඩ හින්දා.. අර මෝරපු ලීක්ස් කතාව හරි..බටර් , ලුණු සහ ගම්මිරිස් වල රහ තමා..
Delete:-D
ලෝක විනාසෙ උනහම..මන් දිවිය ලෝකෙ ඉඳන් අපාය බලන්න එද්දි හරි බුද්ධියා හම්බු වෙයි නෙ !
@ කෝරලේ මහත්තයා.. යකෝ මේ යසට රුවට ඉන්න මනුස්සයට මාමේ මාමේ ගාන්න බොට අමු කැවිලද? ඔය කොලේ ලෝකේ විනාස වෙන වැඩක්..
Deleteබලන් ඉන්න අයගෙ ඇස් පෙනීම දුරුවලයි ක්සැන්ඩර් ඕන්...ඔව්වට දෙන්නම් කවදා හරි !
Deleteඇයි කාන්තාවන්ට පමනයි කියන කෑල්ල දාන්න අමතක උනාද
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ඒ කෑල්ල ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන්නෙ ජෝන්
Deleteසාත්තර කියන වැඩෙත් පටන් ගත්තා නම් කොහොමද ? ලස්සනට හදලා තියෙනවා පින්තූරේ.
ReplyDeleteකෙහෙල් කොටුව වැහුව චූටි මහත්තයගෙ වැඩනෙ ඔව්වා මල්ලි
Deleteනියම වැඩක්නේ පටන් අරන්තියෙන්නේ.......
ReplyDeleteඕක හදපු ෆොටෝ එකක් විතරයි..
Deleteමම හිතුවේ අර මොනවද එක කාලා වෙනීට වැලේ වැල් නැතුව ඇති කියලා..බලනකොට වෙන කතන්දරයක්නේ..
ReplyDeleteඒක කෑවා මුකුත් උනේ නෑ රූ
Deleteඅත විතරක් බලල සාත්තර අහන්න ඕනේ එවුන් පලයල්ලා.. !!!
ReplyDeleteඇයි අත බලලා...මූන බලලා... හ්ම්ම්ම්ම් තව තව..
Deleteමාත් මේ ආවේ කාටද ඇරියේ කියලා බලන්න....බලං ගියාම ඇනෝට නේ ඇරලා තියෙන්නේ.....
ReplyDeleteඒක ඇරලා තිබිලා ටික දවසකට වැහුවා...
Deleteකෝ ඇනෝලා ආවද ඉතිං?
ReplyDeleteKaka waga hemooma Ano kiyalaa thamanma comment dhamaa ganne nae !!!
Deleteගෙදරට එන පාර කිව්ව, පණිවිඩ හත අටක් යැව්ව,
ReplyDeleteඅනේ තාම ආවෙ නෑනේ, ආවෙ නෑනේ, ආවෙ නෑනේ
http://kathandara.blogspot.com/2011/04/blog-post_08.html
!!!
නෑ කකා ඒක දිගටම ඇරලා තිබලා මේ පහු ගිය දවසක වැහුවා අපේ ඉන්න අනිත් අයට ගහන්න ඒක පාවිච්චි කරන එකම එක ඇනෝවෙක් ඉන්න නිසා..පස්සෙ ආයි ස්පෑම් කරලා තියාගන්න පුළුවන් නිසා ඇරලා දැම්මා..මට ඇනෝ වාසනා නෑ කකට වගේ..මුළු බ්ලොග් එකටම ස්පෑම් කරපු ඇනෝ කමෙන්ට් තියෙන්නෙම..20ක් විතර..
Deleteහා. පාටියෙදි සෙට් වෙමු එහෙනං
ReplyDeleteඔව් ඔව් ඒකෙදි ම හම්බ වෙමු
Deleteවෙනී අයියේ, ඔය ෆොටෝ එක ටිකක් පරණ එකක් නේද, ඔයිට පස්සෙ නේද උඹ අර සති දෙකක් හොස්පිටල් එකේ හිටියේ ගුටි කාලා....?
ReplyDeleteහකාස්...මේ දැන් දාපු ගොම්බෙට්ටක් තරම් අලුත් ෆොටෝවක් මේ මල්ලි... ලෝක විනාශෙ කියන්නෙ අත බලලා කෝමද බිස්නස් එක !
Deleteඉතිං 21 පැන්නට පස්සේ අපෙත් අත් බලනවා නම් හොඳයි...
ReplyDeleteබලමු බලමු...කෙල්ලො පස්සෙ ගිහින් කඩා ගත්තු කකුල් බලලත් සාස්තර කියන්නම්
Deleteඉතිං .... අර හාතාවාරිය අල ටික තම්බගෙන කෑවයි? :)
ReplyDeleteහි ... හි ... මරු ජොබ් එක, බුද්ධිද සෙට් කළේ. මිනිහ පොඩ්ඩක් මහන්සි වෙල තියෙනව, අකුරු ටික ඇද කරන්න එකින් එකට.
(ඔය වෙනී අයියද ඉන්නෙ, කලින් ෆොටෝවක් දැක්ක බවක් මතකයක් නැත්ද කොහෙද, මම ඒත් කම්පනා කළේ අර ඇඳපු චිත්තරේ මීට වඩා ගොඩක් වෙනස්ද කියල. කෝ ඔයා ඒකට මොකද කළේ, මම පැය දෙකක් විතර කට්ට කාලා ඒක ඇන්ඳෙ ඕං)
කෑවා කෑවා..බුද්ධියා නේන්නම්..තියෙනවා තියෙනවා ඒ චිත්‍රය සහ තව එකක්..දාන්නම් ලඟදිම..
Deleteඅය්යා අපිත් යෙන්ඩද..අය්යා ෂේත්තරයක් ආන්ඩ..!
ReplyDeleteයෙන්ට යෙන්ට..ඇබැයි ගාන නම් ෂැරයි පොඩ්ඩක්
Deleteවෙනි අයියා ඇනෝලා අපේ ඉසව් වලට ඇවිත් වෙන අයට මඩ ගහන එක නම් මමත් අකමැතිම දෙයක්. ඕනම මතයක් කිව්වට මම කවදාවත් මකන්නේ නැ. ඒත් කුණුහරුප දාන එක තමා කැත. මොකද අපේ බ්ලොග් පොඩ් එවුන් පවා කියවන නිසා. ඔබේ කතාවට එකගයි මම.
ReplyDeleteඔව් නලින් මල්ලි..අනුන්ට ගහ ගන්න පිට්ටනි හදන්න මමත් කමති නෑ..
Deleteඅනේ අප්පේ... මාරයාගේ බඩ.....
ReplyDeleteඅත බලලා දැන් මොනවද කියන්න යන්නේ? හෙට වහිනවයි කියලද?
මොන බොට කිව්වා ටින් කොරපු ලීක්ස් කාලා මොලේ නරක කොර ගන්න එපා කියලා. කෝ ඉතින් ඇහුවයැ.
ඔව් අකමා..වෙන්ඩ තියෙන දේ කියනවා..උන දේ කියනවා...ලීක්ස්..දැන් මොලේ වැඩුනා ඒක කාලා..
Deleteපොඩ්ඩක් හිටහං..මං තාම අර නැති වෙච්ච කිරිච්චිය හොයන ගමන්...
ReplyDeleteහික්ස් මාරයා මල්ලි සේරම බඩු ටික පැක් කරලා තියෙන නිසා ආයුධ හොයා ගන්න ටිකක් පරක්කුයි නේද ?
Deleteහෙහ් හෙහ් වැඩ පටන් අරන් මමත් එන්න ඔනේ සාත්තරයක් අහගන්න.
ReplyDeleteඑන්ඩ එන්ඩ මල්ලි එයාපෝට් එකේම හින්දා එමින් ගමන්ම පුළුවන්
Deleteදැන් සාස්තර බලන එකද රැකියාව
ReplyDeleteඔව් ඩිලා ඔව්..හොඳ බිස්නස් නැගලා යන එකක්
Deleteඑළඹෙන 2013 දි වත් පස්ට කෑල්ලක් මට සැට් වෙයිද කියලා කියහන් ලොකු මාමෙ..
ReplyDeleteකෙල්ලො පස්සෙන් එලවන් එන ගතියක් තියේ මල්ලි පරිස්සමින් හිටින් !
Deleteඔබටත් එසේම එකක් වේවා....!!!
ReplyDelete:-D
Deleteඅත බලලා සාත්තර විතරැයි කියන්නේ????????
ReplyDeleteඒ අතින් කරලා තියෙන වැඩත් කියනවා කිරි ගහට ඇන්නා වගේ !
Deleteලෝක විනාස පර්ටියද?? අපි එක මෙහෙ ඉඳලම බලනවා..
ReplyDeleteඅපි නම් මෙහෙ ඉඳන් සමරනවා ඒක
Deleteමට නම් අරින්න කියලා එකක්වත් නැහැ අෆ්ෆා.
ReplyDeleteඒ ඇයි ඒක හැමදාම ඇරලද තියෙන්නෙ ?
Delete