මෙම කතාවෙ ආරම්භයට මෙතනින් යන්න..
http://www.liyanna-liyanna.blogspot.com/2012/10/blog-post_26.html
නාමල් කුමාරයගේ සහ බිසවුන්නාන්සේගේ කතාව වගේම අර සඳ වලකුලකින් වැහිච්ච වෙලාවෙ වැව් කණ්ඩියේ වැව් වතුර වදින හඬ අස්සෙන් ඇහෙන සිනා හඬ ගැන කතාන්දරය දැන ගන්ඩ වැඩෙන කුතුහලයෙන් තමයි අපි තුන් දෙනාම එදා රෑ නින්දට ගියේ..
මේ ගැන මොනා හරි හාන්කවිසියක් දැනන් ඉන්න බව නිමල් අයියාගෙන් පෙන්නුම් කලත් මිනිහා නෙවෙයි ඒ ගැන කටක් වත් හෙල්ලුවෙ..
හැබැයි අපිට හොඳටම විශ්වාසයි මනං සීයා මේ කතාවෙ ඉතුරු ටික කියන්නෙ නම් හෙට රෑ මිස ඊට ඉස්සර වෙලා නොවන බව ! මොකද සීයා උදේ පාන්දරම යනවා එළවළු කොරටුවට..ඒකෙ සාත්තුව ඉවර උනහම කඩ මණ්ඩියෙ රැඳිලා ඉඳන් හවසට තමයි ආපහු ගෙදරට එන්නෙ..හවස් ජාමෙ අපේ පෙරැත්තෙත් එක්ක බොහොම කැමැත්තෙන් වැව් කණ්ඩිය පාමුල..ඒ අකමැත්ත පෙන්නන්නෙ නම් ඉතින් වෙන මොකටවත් නෙවෙයි බුලත් විටක් කොටවා ගන්න..වාත තෙල් ටිකක් තුනටියෙ ගාව ගන්න වගේ වැඩ වලට බව අපි තුන් දෙනාම හොඳටම දැනන් උන්නා.. එදා රෑ හීනෙන් දැක්කෙත් රජ කුමාරයෙක් කුමාරියක් එක්ක මහ රෑ තිස්සෙ කලා වැවේ දිය නාන සිද්ධීන් කීපයක්ම තමයි..
පහුවෙනිදා උදේ පාන්දරම ඇහැරෙන කොට..වෙනදා තිබ්බ නැන්දගේ මාමගේ මුළුතැන් ගෙයින් එන කටහඬ මුකුත්ම නැති නිසා අපිට වෙනස්ම අමුත්තක් දැනුනා.. නිර්මලා නංගි කුස්සියට ගිහින් ආපහු ආවෙ නැන්දයි මාමයි එහෙ නෑ කියලා ඔළුවෙන් සංඥා කරමින්..ගෙදර අනිත් කෑල්ලෙ කාමරයක තමයි සීය නිදා ගන්නෙ.. ඒ පැත්තට එබිලා බලපු නංගි අපිට අතින් සන් කලේ ඉක්මනට එන්න කියලයි..
අපි එතන ජනේලෙ ළඟට යනකොටම අපිට ඇහුනෙ නැන්දගෙ කටහඬ,
"කොයි තරම් කීවත් අහන්නෙ නෑ..සුරුට්ටුව තමයි හැම වෙලාවෙම කටේ..ඒ මදිවට රෑ තිස්සෙ වැව් කණ්ඩියේ පිණි බබා ඉන්නවා"
අපිත් දුව ගෙන ගියා සීයා හිටි කාමරේට..
ඔළුව පුරාම පොරෝ ගෙන සීයා නිදන් ඉන්නවා..මාමා දුම් දමන කොත්තමල්ලි කෝප්පයක් අතින් අරන්..
බොහෝම දුර්වල හඬින් සීයා කහින්න උත්සාහ ගන්නවා..
සීයගෙ සෙම ඇවිස්සිලා හොඳටෝම..බෙහෙත් කොළ ජාති දමපු උණුවතුර හුමාලෙ ඇල්ලුවට පස්සෙ තමයි පොඩ්ඩක් සීයට සනීපයක් දැනුනෙ..
"හංදියෙ දොස්තර මහත්තයගෙන් බෙහෙත් ටික වත් අරන් එමු තාත්තෙ"
"මට හරියන්නෙ නෑ ඔය ඉංගිරිසි බෙහෙත්..ඔය පාවට්ටා මීපැණිය ටිකක් ගෙනත් දීහන්"
"ඔය එක්කම සුරුට්ටුවකුත් අරන් දුන්න නම් සේරම ලෙඩ ඉවරයි"
කියලා මාමා කිව්වෙ නම් අපිට ඇහෙන්න විතරයි..
අපි සුපුරුදු විදියටම වැවේ නාන්ඩ ගියත්..අතන මෙතන ටැග් ගැහි ගැහී..ඇළ දොලවල් වල ඇවිද්දත්..කොල්ලො රංචුව එක්ක රවුම් ගැහුවත්..හිත කොනක මොකද්දෝ පුංචි දුකක් පැළපදියම් වෙලා තිබ්බා.. එක වෙලාවකට ඇයි දුකින් ඉන්නෙ කියලා එක පාරටම මතක් නොවුනත්...ඒ සීයාගෙ අසනීපය කියලා ඊළඟ මොහොතේ අපිට මතක් උනා නිරන්තරයෙන්ම..
ඔහොම දවස් තුනක් තිස්සේම කසාය වඩි දෙක තුනක් බොන කොට.. සීයා අයිමත් තමන්ගෙ සුපුරුදු ශරීර සෞඛ්‍යය තත්වෙටම ආවා...
හරියටම හතර වෙනි දවසෙ උදෙන්ම..උදැල්ල අරන් සුද්ද පවිත්‍ර කරන කොට අපි දැන ගත්තා අද රෑ නම් අපි හතර දෙනා ඉන්තේරුවෙන්ම වැව් කණ්ඩියේ තමයි කියලා.. නැන්දගෙයි මාමගෙයි චුරු චුරු ගෑවිල්ල කන මායිමකට වත් නොගත්ත සීයා..එළවළු කොරටුවෙ..හවස් ජාමෙ නාලා කරලා එනකොට පහු ගිය දවස් ටිකේ කැස්ස හැදිලා ලෙඩ වෙලා හිටි මනුස්සයමද මේ කියලවත් හොයා ගන්න බැරි තරමෙ..
පෝය පහු වෙලා දවස් කීපයක් නිසාම හඳත් ටික ටික.. තමන් ඉස්සෙල්ලා තරම් රවුම් නෑ කියන්නාහෙ වක ගැහෙන්න ගත්තා..
දහවල් කාලයේ ඉර රශ්මියට බැබලිලා දෑස් රිදුම් දෙන මේ පරිසරයම රෑට හඳ එළියෙන් බබලන්නෙ ඇහැට හරිම සනීපයක් ගෙන දෙවමින්..කොයි තරම් වෙලා බලා හිටියත් ඇති වෙන්නේම නැති තරම්..
සීයා කොටපු බුලත් හපය කටේ දමලා කීප සැරයක්ම එහෙම මෙහෙට හපලා මුල්ම බුලත් කෙල පාර ගහන කම් අපි බලන් හිටියෙ හරිම නොඉවසිල්ලෙන් තමයි..
"සීයෙ අර නාමල් කුමාරයගෙ කතාව ?"
"මොන නාමල් කුමාරයගෙ කතාවද මයෙ පුතේ ?"
"අර වළාකුලකින් හඳ වැහිච්ච වෙලාවක වැව් වතුර කණ්ඩියේ හැපෑන කොට ඒ සද්දෙ අස්සෙන් ඇහෙන හිනාවෙන සද්දෙ අයිති නාමල් කුමාරයයි එයාග් කුමාරිගෙයි කතාව සීයේ "
"ආ...ඒ නාමල් කුමාරයා...පුතේ ඒ නාමල් කුමාරයා කිව්වට එයා කුමාරයෙක් කියලම කියන්නත් බෑ..යක්ශයෙක්..රාක්ශයෙක් විදියට තමයි කියවෙන්නෙ"
"යක්ශයෙක් ?"
"ඔව් පුතේ ඒ කුමාරයගේ අම්මා ගිනිජල් බිසවුන්නාන්සෙට මේ කුමාරයා පිළිසිඳ ගත්තහම රටට මහා විපතක් වෙනවයි කියලා බොහෝමයක් නිමිති කියවෙන්න ගත්තලු..ඒ හින්දම මේ කුමාරයා ඉපදිච්ච ගමන්ම මරා දමන්ඩයි නියම වෙලා තියෙන්නෙ..මව් බිසවුන්නාන්සෙ දවසක් හීනෙන් නාමලක් ගිලිනවා දැකලා ඒ හීනෙන් අවදිවෙච්ච වෙලාවෙ ඉඳන්ම නාමල් කන්ඩ පුදුම ආසවක්ලු ඇති වෙලා තියෙන්නෙ..ඒ වගේමයි නාමල් සුවඳට පුදුම විදියේ පෙරේතකමක් ඇති උනාළු..කල්ලු රටේ සෝලී පුරයේ හිටි පිය රජ්ජුරුවො මලිය රජ්ජුරුවොත් නාමලක් බිමට වැටෙනවා හීනෙන් දැකලා නාමල් කුමාරයා ඉපදිච්ච ගමන්ම මරන්ඩ තැත් කලත් කුමාරයා රන්වන් පිළිමයක් වගේ ලස්සන හින්දා නොමරා බේරුවලු.. ඒත් අනේ අර භයානක නිමිති ටික කීව විදියටම රටට සිද්ධ වෙන්න ගත්තළු"
"කෝ මයේ පුතාලට නිදි මතද ?"
"නෑ නෑ සීයෙ.. ඊට පස්සෙ උනේ මොකද්ද ?"
කුතුහලයෙන් මුව අයාගෙන සිටි අප තිදෙනාම එක්වරම පැවසූවෙමු.
"ඉතින් මේ නාමල් කුමාරයා ලේ බොන යක්ශයෙක් විදියටයි ප්‍රසිද්ධ උනේ..කොහොමින් කොහොමින් හරි ඔය පත්තිනි , කතරගම වගේ අනිත් දෙවි දේවතාවුන් වහන්සේලාගෙ ආරක්ෂාවත් එක්කම මේ නාමල් කුමාරයා අවතාර දේවතාව. සපුමල් දේවතාවා වගේම මිනීමරු යකා කියන තුන් දෙනෙක් එක්ක ලංකාවට ගොඩ බැස්සලු..අනිත්තුන් දෙනා කෙසේ වෙතත් නාමල් කුමාරයා රට වන්සන්න උනයි කියලයි කියන්නෙ.."
"ඒ කොහොමද සීයේ ?"
සීයා බුලත් හපයම කටින් තූ ගා විසී කර තම මඩිස්සලය අවුස්සනට වූයේ..
"කෝ උඹලයෙ අම්මා මේකෙ තිබ්බ සුරුට්ටු ටික මැල්ලුම් හදලද මන්දා ?"
නොරිස්සුමෙන් පවසමින්..තවත් විඩක් ඒදන්නට විය..
"රටේ සාගතයක් ඇති උනහම මේ කුමාරයා සුදු මීමෙක්ගෙ පිට උඩ නැගලා බොහෝම ජයග්‍රාහී ලීලාවෙන් ගමන් කොරනවා කියල කියවෙනවා.. ඒ වගේමයි ඔය එක දුර්භික්ෂයකදි ..මෙයත් යොන් ජාතිකයෙක් හින්දා..යොන් වෙලෙන්ඳො පිරිසක් එක්ක පිත්තල භාජන වෙලඳාමෙ යෙදුනළු..ඔය රඳාවෙල මිනිස්සු තමුන් ගත්ත පිත්තල බඩු වලට මිල ගෙව්වෙ නැහැයි කියලා නාමල් කුමාරයා එක රෑකට මිනිස්සු හැට හැත්තෑවකගෙම බෙලි මිරිකලා ලේ බීලා තියෙනවළු"
"ඉතින් ඔයි තරම් ලේ උරා බොන යක්ශයෙක් ඇයි මේ කලා වැවේ බිසවුන්නාන්සෙ එක්ක දිය කෙලින්නෙ රෑට ? කවුද මේ වගේ යක්ශයෙකුට කැමති වෙච්ච කුමාරි ?"
බාධා කිරීමට අකමැති වූවත් අප තිදෙනාටම ඇසිය යුතු ව තිබු ප්‍රශ්ණය නිමල් අයියිආ ඇසීය..
"ඔව් දවසක ගොඩාක්ම ලස්සන රූමත් යොන් දැරිවියක් දැක්ක මේ කුමාරයා ඈට ආලෙ බැන්දලු.."
මා නිර්මලා නංගී දෙස බැලූවත් ඈ බිම බලා ගෙන සිටියාය..
"ඒ උනාට මනුශ්‍ය ලඳක් එක්ක සරණ වෙන්ඩ බැරි හින්දා ඈව මන්තර බලෙන් වසඟ කරල හිට මැරුණට පස්සෙ ඈව සරණ පාවා ගත්තලු"
ඉතින් ඊට පස්සෙ ?
"ඊට පස්සෙ..ඒ දෙන්නා මුලින්ම මුන ගැහුනු තැන් වලට ගිහින් වතුර වලින් ගහ ගනිමින් ජල ක්‍රීඩා කර කර සතුටින් හිනා වෙනවළු...හඳ වළාකුලකට වැහුන හම මයෙ පුතාලට ඇහෙන්නෙ ආන් ඒ හිනා සද්දෙ තමයි"
"සීයෙ අම්මා කීවා අද නම් රෑ වෙන්න ඉස්සෙල්ලා ආඵු ගෙදර එන්ඩයි කියලා.. නැත්නම් ආයි සීයට කැස්ස අල්ලයි කීවා"
මෙච්චර වෙලාවක් නිහඬව සිටි නිරම්ලී නංගී තම හඬ අවදි කලාය.
"අම්මපා උඹලයෙ අමාගෙයි තාත්තගෙයි ඔය වැඩි සෙනේ තමයි මට දවසක නරකට හිටින්නෙ ඕන්"
මවා ගත් නොරිස්සුම් හඬකින් සීයා බිම දමා තිබූ අමුඩ ලේන්සුව ගෙන ගසා..කරට දමා ගත්තේය..
සැබවින්ම අදටද කලා වැව අභියස සිට මෙම මෘදු සිනහා හඬ දෙසවන තුල රඳවා ගැනීමට මට හැකි වූවත්..අයෙකුට මේ කතාව දන්නා නිසා මා මනසට කරන ස්වයංයෝජනාවක් නිසා එසේ වෙතැයි තර්ක කිරීමට හැකි වූවද..අදටත් මා විස්මයෙන් ඇලලෙන්නේ..මෙම කතාව නොදැන එදා දෙසවන වැටුනු සිනා හඬයි..
මා ජීවිතය තුල ඇති දහසක් විස්මයානුකූල දෑ අතර පමුඛත්වයක් ගැනීමට එය සමත් වන්නේ නිරායාශයෙනි...
ජීවිතය නම් කෙතරම් විස්මයානුකූල සිද්ධීන් සමූහයකගේ සයුක්ත එකතුවක්ද යන්නත් එහි විවිධත්වය මත ජීවිතය වඩ වඩාත් සුන්දර නොවන්නේද යන්නත් මගේ සිතට ගෙන එන්නේ නොමද ආහ්ලාදජනක හැඟීම් සමුදායකි..
සමහර සිදුවීම් තියෙනවා වෙනි අයියා කාටවත් නිර්වචනයක් දෙන්න බැරි...අපි පොඩි කාලෙ වහළෙ ඇවිදිමින් සිටි පූස් තඩියා කිට්ටුවම උළු කැටයක් අස්සෙ අපේ රබර් බෝලෙ හිරවුනා... ඊට පස්සෙ අපි පූස් තඩියගෙ නම කියලා ඔය බෝලෙට අතින් ගහපන් කිව්වා... අපි කිව්වා වගේම ඒකා තව අඩි කීපයක් ඇවිදලා බෝලෙට ලං වෙලා ගැහුවා අතින් පාරක් ඒක බිමට වැටෙන්න...මේ සිදුවීම වෙද්දි මට වයස අවු 6 ක් විතර ඇති... අදටත් පුදුමයි අපි කියපු දේ ඒ සතාට සන්නිවේදනය වුනේ කොහොමද කියලා...
ReplyDeleteමීළග වතාවෙ කලා වැව අද්දරට ගියාම ඔය හිනා හඩ අහන්න උත්සාහ කරන්නම්...
මුල් කොටසත් බලන්නම් මෙ කොටස නම් හිතට වැදුනා අපුරුයි... :D
ReplyDeleteමම දැක්කා වෙනි අයියා බුකියේ දාල තිබ්බා දේසපාලනික කමෙන්ට් එපාය කියලා. එක් දැකලා නාමල් කුමරු ගැන බ්ලොගේ තියෙද්දි මාව මඤ්ඤං වුනා.
ReplyDeleteමේ වෙන ස්ටෝරියක්නේ :)
ඔහොම පුන්චි කාලයක් තිබුන එක කොච්චර වටිනවද?? මට නම් කතාව කියවද්දි හිතුනෙම ඒක...
ReplyDeleteජය..
ලොවෙත්. අම්මෝ මරු. මේක නම් නියමෙට වැදුනා.
ReplyDeleteහ්ම් හ්ම් දැන් ලියන්නත් ලියන්නෙ එක විදියක පෝස්ට් නිසා, මොනවා කියන්නද හිතා ගන්නත් බෑ බං. චිත්‍රත් නෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇත්තටම ඒ හිනා සද්දේ ඔයාලට ඇහුනද?
ReplyDeleteවිශ්වාස කරන්නත් බැහැ ඒත් නොකරත් බැහැ
නාමල් කුමාරයා මිනිස්සුන්ගේ ලේ බිව්වා යක්ෂයෙක් කියල හිතාගන්න බෑ..
ReplyDeleteලස්සන කතාවක් වෙනී අන්කල්...
ReplyDeleteහඳ පායලා තියෙන රෑක වැවක් අයිනේ, බෝ ගහක් පාමුල, චෛත්‍යයක් ළඟ ඉන්නකොට හිතට දැනෙන සනීපෙ, නිස්කලංක බව අකුරු කරන්න තරම් මේ ලෝකේ මොනම භාෂාවක්වත් පෝසත් නෑ.
ReplyDeleteඒත් දැන්නම් රෑක කළා වැව අයිනේ ඇස් දෙක පියාගෙන හිටියොත්...
පී..පී..පී. බ්රූම් රූම්.... (වාහන සද්දේ)
¶∫♩ ♪ ♫ ♬ ♭ ♮ ♯... (බේබද්දන්ගේ සංගීත සාජ්ජයක්)
#$@%^%&^^& පුතෝ මේ රෑ වෙනකම් මොකද යකෝ... (පොලිස් ජීප් රියේ දොර ඇරෙයි. අම්මෝ*** දඩාස්.. දොර වැහෙයි.. සුවදායී චාරිකාවක්)
කතාවටත් වඩා කතාවට අද පිවිසිලා තියන හැටි ලස්සනයි. සීයා අසනීපවෙලා, ලම්යි ටික බලා ඉඳලා. ඉතින් අපිත් එයාලා එක්ක ඇඳ ලඟට වෙලා බලා හිටියා වගේ දැනුනා.
ReplyDeleteඅනෙක සීයා නම් මරු කතන්දර කාරයෙක්. ඔය කතාව සිද්ධවෙලා තියෙන්නේ ලංකාවේ නෙමේද කියලා හිතෙනවා අහගෙන යනකොට:)
ඔය කතාවෙ වෙනීට ඇහුනයි කියන හඬවල් මම විශ්වාස කරන්නේ වෙන කෙනෙක් සහතික කලොත් විතරයි..ඒ මොකද ඔය වෙලාවෙ වෙනී හිටියයි කියල පෙනෙන්නෙ නෑනා ගැන සිහියෙන්..
ReplyDeleteඔය තියෙන්නේ.... මෙන්න කතාවේ නියම ටික දැක්ක තව කෙනෙක්..
Deleteහප්පේ, මයිල් ඉස්මයිල් වෙන කතාවක් නේ.
ReplyDeleteසින්ඩියෙ දැක්කම මම හිතුවෙ වෙන නාමල් කෙනෙක් ගැන කියන්නෙ කියල.
ReplyDeleteපස්සෙ 'ලියන්න' කියල දැක්කම තමයි කියවන්න පටංගත්තෙ.
නියමයි.
This comment has been removed by a blog administrator.
ReplyDeleteමෙම කමෙන්ටුව මැකීමට හේතු වූයේ..ඔබගේ පුද්ගලික දේශපාලනික මති මතාන්තර මෙහි නොතබා යන්න ! මෙය ජන කතාවකි .ඔබ වැනි අය .රස විඳ යාම පමනක් කලාට අමනාප නොවෙමි !
Deleteවැඩිහිටියො කියන කතන්දර අහලා අපි ඉස්සර ජීවිතේ ගැන ඉගෙන ගත්තා මලේ. දැං ඉන්න පොඩි එවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ.
ReplyDeleteගොඩක් ලිපි මග ඇරුනා වෙනී අයියා සෑහෙන්න කියෝලා දැම්මා ඔන්න
ReplyDeleteම්..නාමල් කුමාරයක් සෑහෙන්න බලය තිබ්බ මනුස්සයෙක් වගේ පේන්නේ..!!ල
ReplyDeleteලියලා තියන විදිහ ලස්සනයි..ඒත් සීයා මේ කතාව කියන්නෙ ඕනෑවට එපාවටද කියලා හිතුනා..
මේ කතාවේ මට හයිලයිට් වුනේ නාමල් කුමාරයාට වඩා නෑනා දිහා බලාගෙන නාමල් කුමාරයාගේ කතාව අහන පොඩි කොල්ලෙක්ව..
ReplyDelete