ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, October 26, 2012

කලා වැවේ අපේ ජන කතා..




කලා වැව අභියස පිහිටි අපගේ මාමාගෙ නිවස..පාසැල් නිවාඩුව ගත කිරීමට කදිම තෝතැන්නක් වූයෙන් අපද කෙසේ හෝ පාසල් නිවාඩුවට දහසකුත් එකක් කරුණු කතන්දර කියා එහි පැමිණෙන්නට කරුණු සාදා ගෙන තිබිනි..

"ඕන් මන් පංතියෙ පළ වෙනියත් උනා..මේ සැරේ නම් මාමලයෙ ගෙදර ගිහින් එන්නෙ ඉස්කෝලෙ පටන් අර ගන්න දෙදොහකට මෙහා තමයි ඕන්"

මන් දමා ගැසූවේ තුරුම්පු ආසියා බැවින් අනිත් සියළුම කොළ ඊට යටවිය..

මාගේම වයසේ වූ නිමල් අයියා..මාසයක වඩා වැඩිමහල් වීමත් මට වඩා දැනුමින් වඩාත් පොහොසත් වීමත් මා දැඩි ලෙස ඔහුට ආදරණීයව අයියා කීමට පෙළඹිනි..

ඊටත් වඩාලාත්ම මා ප්‍රිය කලේ නැන්දාගේ තාත්තා වූ මනං සීයාගේ ඇසුරයි. මා නිමල් අයියාට ආදරය කලත් මේ මනං සීයා සැමවිටම ඔහු සමඟ වීම ගැන නම් මර්ධනය කල නොහැකි ඊර්ෂ්‍යාවක් සැමදා සිත තුල තුබුනි..අදටද මා නිමල් අයියාට ඊර්ෂ්‍යා කරන්නෙ මා හට නොලද ඒ ඇසුර ඔහුට ලැබුනු නිසාය..

සීයගේ අතීතය පිළිබඳ කතන්දර මතකය සමහර විට පරදින්නේ කලා වැවේ ජල තලයට පමණක් වන්නට ඇතැයි මට සිතුනු වාර ගනන අපමණය...

සවස සිටම  රාත්‍රී නිදිමත එනතෙක්ම වැව් ඉවුරට වී නොයෙක් නොයෙක් කතන්දර කියමින්..බුලත් විට කීපයක්ම හපමින් මදකට අපෙන් සමුගෙන ගොස් සුරුට්ටුවක් බොමින්ද මා, නිමල් අයියා සහ නිර්මලී නංගී ගතකල ඒ අතීතය..අදටත් මට ගෙන එන ඉමිහිරි ආවර්ජනා සුවඳ...

සඳ කළු වලාකුලට මුවා වී තරු කැකුලියන් හා මොන මොනවාදේ දොඩනවා වන්නට පුළුවන..

හාත් පස අඳුරින් වැසී යයි..

""පුතා කියන්ඩ බලන්ඩ මොනාද ඔයාලට ඇහෙන්නෙ?"

බුලත් විට හා සුරුට්ටු සුවඳින් යුත් රැවුල අතගාමින් සීයා අප අමතයි..නිමල් හා නැගනිය නිහඬය..උත්තරය බලාපොරොත්තු වන්නේ මගෙනි..

"සත්තු කෑ ගහනවා...

හුළඟ ගස් කොල වල හැප්පිලා එන සද්දෙ....ම්ම්ම්ම්ම්

එතකොට වැවේ වතුර වැව් බැම්මෙ හැප්පිලා එන සද්දෙ...ම්ම්ම්ම්ම්"

"වැවේ වතුර වැව් බැම්මෙ හැප්පිලා එන සද්දෙ ?!..ඒ සද්දෙ මොනා වගෙද මයෙ පුතේ?"

සීයා මගේ හිස පිරිමදිමින් අසයි..

"හෝ හෝ...සරස්...ගාලා සද්දෙයක් එන්නෙ"

නිමල් හා නිර්මලී සිනා සෙයි..

"හා මයෙ පුතාලා ඇස් දෙක පියා ගෙන හොඳට අහගෙන ඉන්න..අර හඳ වලාකුලෙන් එලි බහින කල්ම අහන් ඉඳලා වැවේ වතුර බිඳෙන සද්දෙ මොන වගේද කියන්ඩකෝ එහෙනම්"

සීයා තවත් සුරුට්ටුවක අග පොඩි කරමින් පවසයි..

මාද දෑස් පියාගෙන හොඳින්...වඩාත් හොඳින්...දෙසවන් දිය කැලති..කැලතී..වැව් ඉවුරේ බිඳෙන හඬින් මුළු සිතම පුරවා ගන්නට තැත් කරමි..විවිධ විවිධ තාල හඬ..විටෙන් කවුදෝ මුමුනන හඬ..සමඟ නිරන්තරයෙන්ම..සල...සල..හඬින් දෙසවන්..පිරී යන්නට වීය...දැස් සෙමින් විවර කලෙමි...සඳ කුමරිය වලා පටින් එබී බලන්නට තව ඇත්තේ මොහොතකි..නැවත..දෑස පියා ගතිමි..

එවිටම...විස්මයෙන් මා සිත ගත අවුළුවාලමින්..දෙසවන් පිරී ගියේ..දෙදෙනකුගේ කිංකිණි සිනහා හඬකිනි...

ක්ෂනයකින් සිතූයේ..නිමල් අයියා හා නැගනිය වන්නට පුළුවන යන්න වූවත්..
මුළු පරිසරයම ගිගුම් දුන්නේ..එම සිනහා හඬිනි..එය රැව් පිළිරැව් දෙන්නෙ..කැඩී බිඳී විසිරෙන ජල තරංග..සමඟිනි...තව දුරටත්..ජලය බිඳෙන හඬක් එතැන නැත..ජලයේ බැස ප්‍රීතියෙන් ක්‍රීඩා කරමින් ජලය ඉස ගන්නා කොල්ලෙක් හා කෙල්ලකගේ සිනා හඬ පමණි එතැන තිබුනේ...
මේ නම් කුමන විස්මයක්ද ???

මා දෑස විවර කලෙමි..නිමල් හා නැගනියද නිහඬව අසා සිටී..ඔවුන්ගේ මුහුණේ වූයේද මා ඇසූ දෙයම ඔවුන්ටද ඇසුණු නිශ්චිත බවකි..

"ඔව් මයෙ පුතේ මොනාද ඇහුණේ ?"

නැවතත් සඳ එළියේ මනස්කාන්ත බවින් අවට පරිසරය බබලන්නට වීය..

"මට ඇහුනේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි...වතුරෙ බැහැලා වතුර ගහ ගන්නවා හිනා වෙවී"

මට පිස්සු යැයි සිනහා වේයැයි සිතමින් මා පැවසූවත්..

තිදෙනාම තම හිස වනමින් මා අනුමත කලෝය..

"ඒ තමයි නාමල් කුමාරයා තමන්ගෙ බිසවුන්නාන්සෙ එක්ක කලා වැවේ නාන කොට හිනා වෙන සද්දෙ"

"අනේ සීයේ ඒ කතාව මොකද්ද ? කියලා දෙන්නකෝ"

"පුතේ මන් දැන් මෙච්චර වෙලා කියලා දුන්නෙ කලා වැව හොයා ගත්ත කතාවනෙ..දැන් ඒක මතකද ?"

"ඔව් ඔව් "

මුඛ පරම්පරාවෙන් ආ ඉතා සිත් අලවන කතා කිහිපයකින් එකක් වූ එය සීයා මෙන් ඉතා රසවත්ව අකුරු කිරීමේ හැකියාවක් නැතත් එය සැකෙවින් මෙසේය..මෙය මාගේ මතකයේ රැඳී ඇති කොටසයි..සීයා මීට වඩා මෙම කතාව කීවා යැයි මා මතකය පවසයි..

කඩවර කියන්නෙ අනුරාධපුරයේ සිටි නගර වැසියෙක්..එයාට හිටි අඹු සිඟිත්ත නම් නියම වධක බාරියෙක්...මෙයාගේ නින්දා අපහාස ඉවසලා ඉවසලා බැරිම තැන අඹුවත් දාලා කැලේකට ගියාළු..ගිහින් ඔය වනන්තරේ පල වැල කාලා සත්තුත් එක්කම බොහොම සාන්ත දාන්ත ජීවිතයක් ගත කර කර අවුරුදු 12ක්ම ඉන්නකොට ආයිමත් මෙයාගෙ නරක වෙලාවටද කොහෙද..රජවාසලට දඩ මස් සපයන මනුස්සයගෙ ඇහැ ගැටිලා මේ ආරංචිය රජ්ජුරුවන්ගෙ කනේ තියලා..නිකන් නෙවෙයි හොඳ පත සයිස් කේලමකුත් එක්කම ගින්න දීලා..

අවුරුදු දොලහක් තිස්සේම කැලේට කැඳවලා තියෙන්නෙ කඩවරට වටිනාකම නියම කරන්ඩ බැරි තරමේ නිධානයක් පරිස්සම් කරන්ඩයි කියලයි රජ්ජුරුවන්ට ගින්න දුන්නේ.. 

දැන් කැඳෙව්වා මේ අහිංසක මනුස්සයව රජතුමා ඉස්සරහට.. ඇහුවා නිධානෙ ගැන..දැන් ඉතින් කඩවරාට කට උත්තර නෑ.. මේ මනුස්සය වනාන්තරේ ජීවත් වෙන්න ගියේ අඹුවගේ කන් කරච්චලෙන් බේරෙන්න මිසක් නිධානයක හාංකවිසියකින්යැ? හැබැයි ඔය කැලේ සක්මන් කරන කොට කඩවරගෙ ඇහැ ගැටිලා තිබ්බා කලා වැල් කියන යෝධ වැල් වලින් දොර වැහිලා තිබ්බ නිසා වතුර එක තැන රැඳිලා තිබ්බ තලාවක්...හැතැම්ම ගානක් පැතිරිලා තිබ්බ මේ ජල තලාව තමයි මන් දැනන් ඉන්න එකම නිධානය කියලා රජ්ජුරුවන්ට කීවා..රජතුමාත් එතන පරීකශා කරලා තමයි..ඉහකුල වැව, කිරි ඔය සහ තලවතුරු ඔයේ වතුර හිර කරලා තමන් බෙහෙවින්ම ආදරේ කරපු කලා වැව බැඳලා තියෙන්නෙ..

කඩවර මේ වැවේ මුරකාරයා විදියට පත් කලාලු..

සියල්ලෝ සතුටින් ජීවත් උනාද ඉන් පස්සෙ? 

එක වර්ශාවක් එක්කම එක දවසක කඩවරා දැක්කලු බැම්මේ වතුර කාන්දු වෙන උමඟක්..පොඩි පහේ එකක් වෙන්න ඕනි..ඒත මේ වතුර කාන්දුව දිගටම තිබ්බොත් වැව් බැම්ම කැඩිලා යන එක ස්ථීරවම දැන ගත්ත කඩවරා කලේ එතැනට පැනලා තමන්ගේ ඇඟෙන් ඒ උමඟ වැහෙන විදියට එන ජල කඳට තමන්ගෙ ජීවිතය පූජා කරපු  එක..මේ පිනෙන් තමයි කලා වැව බාර දෙවියෙක් විදියට කඩවර දෙවියෝ උපන්නෙ..

"ඉතින් සීයෙ නාමල් කුමාරයායි එයාගෙ බිසවගෙයි කතන්දරේ කියන්ඩකො"

පුතේ දැන් රෑ වෙලා නොවැ.. අද ගෙදර ගිහින් අපි හෙටත් එනවනෙ මෙතැන්ට..හෙට කියන්නම් ඒ කතාව"

හැමදාම වගේ කතාවක් පටන් අරන් මොනා හරි ඉඟියක් දීලා අපේ ඔළුව කුතුහලෙන් පුරෝලා ඊළඟ දවස වෙනකන් අපිව පොරොත්තු කරන එක සීයගෙ විනෝදාංශෙද මන්දා ?

ඉතින් මමත් නාමල් කුමාරයෙගෙයි බිසවුන්නාසෙ ගැනයි මනං සීයා කියපු ජන කතාව ඊළඟ පෝස්ට් එකෙන්ම කියන්නම් !

ප.ලි ඉස්සෙල්ලා ලියපු මඩ පෝස්ට් එකේ කමෙන්ට් වලට හැම එකටම උත්තර ලීවෙ නෑ..අර ගහෙන් වැටුන මිනිහට ගොනා අනින්නැහෙ..මඩ කාලා ඉන්න කෙනාට තව කමෙන්ට් වලිනුත් මඩ ගහන එක හොඳ මදීයි කියලයි මන් හිතුවෙ..

ප.ප.ලි.. සෙනසුරාදා , ඉරිදා..යාල සංචාරෙ..නිසා කමෙන්ට් නම් කියවන්න් බැරි වෙයි.අඟහරුවාද වෙනකම්ම..

56 comments:

  1. තව එකක් අතරමග නවත්තල, කෝ වෙනී අයියෙ අර පතල් කතන්දර ටික.

    ReplyDelete
    Replies
    1. යාල ගිහිල්ල තලගොයෙකුත් මරා‍ගෙන එන්ට :D

      Delete
    2. පතල් කතන්දරේ මැණික් ගැන ලියන්ඩ තියෙනවා නේන්නම් !
      අම්මෝ තලගොයි මරන්නෙ නම් නෑ..ගාමිණි අයියල පුහුණු කරලා එවන අළුත් නිළධාරීන් වන නීති කඩන අයට කිසිම සමාවක් දෙන්නෙ නෑළු..අනික මන් වෙජිටේරියන් කාරයා වෙච්චි..පෝයත් සඳුදා...! පවට පොළඹවන්නමයි හදන්නෙ ප්‍රසා නම් ! :-D

      Delete
    3. පතල් කතන්දරේ පඳුරු අස්සේ ගහල වෙනි අයියා මාරු වෙලා..

      Delete
  2. අපිවත් කුතුහලේකින් පුරවලනේ ගියේ....... අද තමා මාත් ඉතිං මේ පැත්තට අවේ....... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමනලී..එහෙනම් දිගටම එන්නකෝ...

      Delete
  3. කලා වැවේ වතුර බැම්මෙ වදින හඬ මටත් ඇහුනා බන් අයියේ... උඹ කොච්චර දස්ස ලියන්නෙක්ද !

    ඔහොම ළමා කාලයක් ලබපු අයනම් ඇත්තෙන්ම හරිම වාසනාවන්තයි..

    මොකක්ද මේ කලාවැව හොයාගත්තු කතාව ? ඒක ධාතුසේන රජතුමා හදවපු එකක් නෙමේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා මන් ඒ අතින් නම් හරිම වාසනාවන්තයි..
      මෙතන තියෙන්නෙ තියෙන්නෙ කලා වැව සොයා ගත්තු කතාව නෙවෙයි සෙන්නා..එක හැදෙව්වෙ ධාතුසේන රජතුමා තමයි. කතාවෙ රජ්ජුරුවො කියන්නෙ ධාතුසේන රජතුමාට තමයි. කලාවැව හදවන්න අවශ්‍ය ප්‍රභවය හම්බ වෙච්ච කතාව කියවෙන ජන කතාවක් තමයි මේ..

      Delete
    2. හොහෝ දැනුයි තේරුනෙ...

      Delete
  4. අදමයි ආවේ.ජය !
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි..ආයිමත් එන්න

      Delete
  5. අනේ ඒ දෙන්නගේ කතාව ඉක්මනට කියන්ඩෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රමුදි, මට ඒ පෝස්ට් එක දාන්න පුළුවන් වෙයි අඟහරුවාදා වෙනකොට..සඳුදා වෙනකම්ම යාලෙ සංචාරයක් තියෙනවනෙ ඒකයි !

      Delete
  6. මම නම් අහලා තියෙන්නේ කලා වැව හැදුවේ ධාතුසේන රජ්ජුරුවෝ කියලයි.. කලා කියල තරුණයෙක් ඔය වගේ සිදුරක් නිසා වෙන්න ගිය විපත්තියක් වලක්වපු නිසා ඒ කරුණයගේ නමින් වැව නම් කරා කියලයි..
    6 වසර වගේ සිංහල පොතක (මට ඒක හරියට මතක නෑ) ඔය විස්තරේ තිබුණ..

    ReplyDelete
    Replies
    1. ඔව් බණ්ඩා කලා වැව හැදෙව්වෙ ධාතුසේන රජතුමා තමයි..ඒක ඕනිම කෙනෙක් දන්න නිසා මන් නම නොදා රජතුමා කියලා දැම්මා. ධාතුසේන රජතුමාට කලාවැව හදන්න ප්‍රභවය හමු උනේ මෙහෙමයි කියලා කට වහරින් ආපු ජන කතාවක් තමයි මේක ! කලා වැවට නම වැටුනෙ කොහොමද කියන එක මේ පෝස්ට් එකේ සඳහන් වෙලා නෑ නේද ? කලා වැල් නිසා කලා වැව නම වැටුනා කියල නම් මමත් කොහෙවත් අහලා නෑ !

      Delete
  7. අයියෝ මදෑ කාලෙකින් ජනකතාවක් අහනං ලෑස්ති උනා... :(

    ReplyDelete
    Replies
    1. ඉන්නකො හසියා අඟහරුවාද වෙනකොට කතාවෙ ඉතුරු ටික දාන්නම් !

      Delete
  8. වෙනි අන්කල් සීයට හපන්.. මෙයා හෙට නෙවෙයි තව දවස් ගානක් බලං ඉන්න වෙයි කියලමයි නවත්තලා තියෙන්නේ.....

    මට මතකයි පොඩි කාලේ කියෙව්වා කඩවර අඩවිය කියලා නව කතාවක්.. ඒකේ ඔය කතාව තිබ්බා වගේ මතකයි... මම හරි ආස කතාවක්.. හැබැයි පොත නම් දැං හොයන්නවත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු මේක බොහොම ප්‍රසිද්ධ ගොඩක් අය දන්න සහ බොහෝ පොත් වල ලියවෙලා තියෙන ජන කතාවක් තමයි..මටත් මතක් උනේ මන් බලපු පොතකින් මේ අතීතය..

      Delete
  9. ඔය කතාව කියවලා තමයි අර ඕලන්දෙ හාන්ස් කියන ලමයා ඩයික් එකක තිබ්බ ලීක් එකකට ඇඟිල්ල දාගෙන ඉඳලා වීරයෙක් වෙන්න්න ඇත්තෙ.:)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ කතාව අපේ පොත් වල තිබ්බ කතාව ..ඒ වෙනුවට ඇයි මේ කතාව නොතිබ්බෙ කියලා විමසන එක නම්..වඩා හොඳයි තමා..අර ළමයා මැරුනෙ නෑ..කඩවර තමන්ගෙ ජීවිතේම පූජා කලා..

      Delete
    2. නමුත් උඹ දැක්කද ඒ කතා දෙකේ තියෙන සමානකම?
      වෙනීයා, හාන්ස්ගෙ කතාවෙ සමහර වර්ෂන් වල කොල්ලා මලා කියලා තමයි කියන්නෙ. වර්ෂන් තියෙනවනෙ බං.
      කඩවර දෙයියංගෙ කතාව පාඩම් පොත්වල නොතිබ්බෙ ඇයි කියන එක ප්‍රශ්නයක් තමයි උඹ කියන්නා වගේ
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  10. සීයා ළඟ ඉඳන් කතාව අහන් හිටියා වගේ දැනුනා. :)

    ReplyDelete
    Replies
    1. කෝම හරි සීයා කියලත් කීවා එහෙනම් !

      Delete
    2. හෙහ්..හෙහ්.. මට හිතුන ඕක කියයි කියල :D

      Delete
  11. Replies
    1. ස්තූතියි බුද්ධි..

      Delete
  12. මදෑ කියවගෙන, කියවගෙන ගියා. දැන් ඉතින් අඟහරුවාදා වෙනකල් ඉන්ට එපායැ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි මේ යාල සංචාරෙ නිසා තමයි !

      Delete
  13. පුංචි කාලේ මතක් උනා. බෝම ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බතී..දුකයි ඒ අතීතේ මතක් වෙනකොට නම්...

      Delete
  14. සීයල කොහොමත් කතා දෙකට කඩල දෙන්නෙ නේද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..ඒ උනාට මන් සීයා බිසි නොවෙන්න එකම කතාවකට ලියන්නත් තිබ්බා මේක නම්..

      Delete
  15. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
  16. කුඩා කාලයේ ලැබෙන එක්ස්පීරියන්සස් මුලු ජීවිතේම වෙනස් කරනව නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒ ගැන නම් කිසිම තර්කයක් නෑ..

      Delete
  17. පහ වසර පොතේද මන්දා තිබුනේ කාල කලා වැව බේරගත්ත හැටි..
    ආයෙත් ඒ කතාව මතක් වුනා..

    වෙනීගේ සුපුරුදු ලිවීම් රටාව ආයෙත් දැනුනා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ..ඒ කතාව අපේ කාලෙත් පොත් වල තිබ්බා..ඒ අපේ හෙන් රි මතක කරපු හාන්ස් ගෙ කතාව වගෙයි මතක..

      Delete
  18. අදමයි මේ පැත්තට ආවේ. හරිම ලස්සන කතාවක්. ඉතුරු ටික අහන්න අඟහරුවාදාට පස්සේ එන්නම්කෝ...
    කඩවර දෙය්යෝ අදටත් මිනිස්සු අදහනවාද? ඒ ගැන විස්තර ටිකක් පුළුවන් නම් කියලා දෙනවාද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට...ඔව් මන් හිතන්නෙ තාමත් කඩවර දෙවියන්ව අදහනවා...

      Delete
  19. වෙනි අයිය කියන්නද මාමා කියන්නද හිතාගන්න බැහැ හොඳ විදියක් ඔබම කියන්නකෝ. ඉහත සඳහන් සටසන අතීතාවර්ජනය ඉමහත් ආසාවෙන් යුතුව කියෙව්වා කලක මට තිබු හීනයක් වන ජීවිතය සහ විඳින්නට ආසාකල අත්දැකීමක් ඔබ විඳින්නට පිං කරතිබෙනවා එය මේ තරමින් හෝ අප සමග බෙදාගන්නට ගත වැයමට මාගේ හදපිරි ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. උඹ නං සීයා කිව්වත් අවුලක් නෑ.. හි හි....

      Delete
    2. ඔව් ඒ අතින් නම් මන් වාසනාවන්තයි...සීයා කීවත් කමක් නෑ..අවුරුදු 41ක සීයලා ඔබටත් ඉන්නවනම්.. :-D

      Delete
    3. මේ හිරුවා, අපේ වෙනි මස්සිනාට වට කරගෙන නිර්දය ලෙස පහර දෙන්නෙ මොකද? :O
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  20. විශ්ව විද්‍යාල දාහකින්වත් ගන්න බැරි දැනුම් සම්භාරයක් තමයි ආතලා, ආත්තම්මලා ගාව තියෙන්නේ.
    හ්ම්ම්... මට නම් ඔය වාසනාව තිබුනේ නෑ. දැන් එවුන්ටනම් ඒ වාසනාව තිබුනත් වැඩක් නෑ. ටී.වී.එකයි, කොම්පීතරෙයි.


    ReplyDelete
    Replies
    1. ඔව් සහතික ඇත්ත..මටත් පවුලේ බාලයා නිසා..වැඩි කාලයක් ආච්චිලා සහ සීයලගෙ ඇසුර ලැබුනෙ නම් නෑ..

      Delete
  21. අනිත් කතාවත් ඉක්මනට දාන්න අයියා මාත් හරි ආසයි පරණ කතා අහන්න.

    ReplyDelete
    Replies
    1. හා මල්ලි, අඟහරුවාදා වෙනකොට අනිවා දමනවා..

      Delete
  22. වෙනී අයියට ඇත්තටම මේ කියන කිංකිණි හඩ ඇහුනද ? මටත් ආසාවක් උපන්න ඒ සද්දෙ අහන්න... අපට බැරි වෙයිද ඔය ඉසව්වට ගිහිං ඔය කියන හිනා හඩ අහන්න... යාලා සංචාරයේ කැමරා ඇස දුටු දේ අපිටත් ඕනෙ... ජය !

    ReplyDelete
    Replies
    1. ඇහුනා ඇහුනා. කිට්‍ටුවෙන් හිටියේ නෑනා නෙව.. කිංකිනි ඇහෙන වයසෙත් නෙ වෙනියා ඒ කාලෙ..

      Delete
    2. ඔව් ඒක ඇත්තටම ඇහෙනවා අදටත්..හොඳින් අහන් ඉන්න ඕනි..ඊළඟ කොටසින් කියන්නම්කො..දැනටත් මූනු පොතේ දැම්මා මල්ලි
      යන්ඩලා සරත් අයියා..අපි පොඩි උන් ඒ දවස් වල..

      Delete
  23. ඊළඟ කතාව ට මග බලා හිඳිමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇපල්..

      Delete
  24. හොඳයි.. සීයා ඉතින් තව දවසකට අනිත් කතාව තියාගත්තා කියමුකො.. එතකොට වෙනියා මේ කල්ප කාලෙකට පස්සෙ කතාව කියනකොට මොකටෙයි අර තවත් දවසකට ඇද්දෙ ? ශික් ඕක් දන්නවා නම් මම දෙකම කියවන්නේ ඊලඟ සතියෙ..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සරත් අයියා..සති අන්තෙ යාල සංචාරයක් ගියානෙ අපි..ඒකයි..

      Delete
  25. අනේ මන්දා බං වෙනි අයියේ නාමල් කුමාරයා කියද්දීම මට මැවෙන්නේ රගර් බෝලයක් නේ... ලෙඩක්ද මන්දා..

    ReplyDelete