ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, October 2, 2012

පොත් අතර නෙත්...


"මේ යන විදියට ඔයාලගෙ කැම්පස් පටන් ගන්නත් තව අවුරුදු තුනක් වත් යයි..ඊට පස්සෙත් තව අවුරුදු හතරක්..ඊට පස්සෙත් තව අවුරුදු 4-5ක් වත් යයි නේද ජොබ් එකක් හොයා ගෙන පිළිවෙලක් වෙන්න"

"ඔව්..එච්චර කලයක් යයි"

"ඔය උස ගොයම් ජාති වවලා පොඩ්ඩක් එහාට මෙහාට වෙලා වැස්සක් වැස්සොත් එහෙම ගොයම් කරල් බිමට වැටෙනවා ගහ එක්කම. එතකොට අස්වැන්නෙන් භාගයක්ම ඉවරයි වතුරෙ"

කියමින් තාත්තා අයියාට උපදෙස් දුන්නේ මෙවර වැඩිය උස නැති ගොයම් වර්ගයක් තවාන් කර පැල සිටුවන ලෙසටයි. වැපිරීම පසෙකලා ඉතා කෙටිව වැඩෙන වී වගා කල එහා කෙලවර නොපෙනෙන තරමේ වූ යාය අද පුරාම අද පෙනෙන්නේ අස්වැන්න නෙලා ගත් පසු ලියදි වලින් ඉහලට නැගුනු ඉතා කෙටි ගොයම් කොට සහිත යායකි.පහු ගිය දින කීපය පුරාම අස්වැන්න නෙලීමටත් , ගොයම් පිඩි ගෙන ඒමටත් ගමන් කිරීම නිසා වෙනදාට සරුවට නියර පුරා වැඩුනු තණ ගස් පෑගී පොඩි වී තුබූ නමුත් නැවත හිස ඔසවමින් සිටියේය.

මෑත අනාගතය මෙන්ම ඈත අනාගතයද අවිනිශ්චිත මා කෙටි කැපූ ගොයම් කොටමතින් පෙනෙන යායේ එහා කෙළවරටම දෙඇස යොමා දෙඇස් කෙවෙනි රිදුම් දෙනතෙක් බලා සිටියෙමි. 

"තව අවුරුදු 10 ක් නැත්නම් 12ක් කියන්නේ ලොකු කාලයක්"

"හ්ම්ම්ම්"

හ්ම් යන්න හැර ඊට වඩා සුදුසු පිළිතුරක් මා හදවතින් පැන නොගනී. 

"මන් මොකද කරන්නෙ?" ගෙදරින් කරදරේ දැන් විභාගෙත් ඉවර නිසා.. මල්ලිට අර එහා ගෙදර සඳමාලි බඳින්න ඕනි කියනවනෙ"

මන් මොකද කරන්නෙ යන්න දෙසවන් තුලින් රිංගා හදවත කළඹන කල මා අපි කරන්නෙ කුමක්ද යන්නට පිළිතුරක් සෙවීම පිණිස යායේ ඈතම ඈත කෙළවරට දෑස යොමු කර නැවතත් කල්පනාවේ නිමග්න වන්නට විය. කාලය අවකාශය තුල නතර වන්නට වීය..කෙළි ලොල් වියේ පටන්ම එකට හැදී වැඩී දෙමවිපියන්ගෙන් ලබන තරමටම  සෙනෙහසක්, ලබැඳියාවක් බෙදා හදා ගනිමින් ආලවන්ත කමකට මුල පිරූ වසර 5ක් පමණ කාලය..අප දෙදෙනා අප දෙදෙනා ගැනම කෙතරම් නම් සිහින මාලිගා තනන්නට ඇද්ද ? දෙදෙනාට දෙදෙනා නොමැති වන ජීවිත කාලයක් තබා නිමේශයක්වත් හිතා ගන්න නොහැකි වූ කාලයක..

"අපි....."

මා ගොඩ ගසා තිබූ පිදුරු ගොඩ දෙසට දෑස යොමු කලේ ඒ දිදුලන දෑසට එබී මගේ අනාගත බලාපොරොත්තුව කීමටයි. ඒ දෑස එතනින් අතුරුදන්ව තිබුනි..

නිලන්තීගේ විවාහයෙන් මාසයකට පසුව ඇගේ මලනුවන්ද සඳමාලි ගෙදරට කැඳවා ගෙන විත් තුබු බව මව මට කීවේ මාගේ හිත ඇතුලේ තිබෙන්නේ කුමක්ද යන්න කියවීමට තරම් වූ මහත් කුහුලකිනි. මහා දිය කඳක් නැවැත්වීමට හැකි වැව් ඉවුරක් මෙන් මා මේ වනවිටත් මාගේ සිතුවිලි දෙනෙතින් පිටවීම නවතා දමා තිබුනි. මව සුසුමක් හෙලා තම ප්‍රයත්නය ව්‍යවර්ථ වූ බව සපත කරගෙන හුන් තැනින් නැගිට්ටාය.

"අර කැම්පස්  එකේ හිටපු නංගිට මොකද උනේ ? අර තාත්තගෙ අවුරුද්දෙ බණට දානෙට එහෙම මෙහෙ ඇවිත් උදව් කරපු ළමයා ?"

එක් සෙනසුරාදාවක මා ගෙදර පැමිණි දිනක මා විමසන්නේ ලොකු අක්කායි. 

"දැන් ඉතින් ඔය ජොබ් කරන තැනින් වත් හොඳ කෙනෙක් හොයා ගන්න මල්ලි"

"තාම හුල්ලනෙ අර නිලන්ති සක්කර වට්ටම  ගැන වෙන්ඩෝනි"

චූටි අක්කා තරමක කෝපයෙන් පවසයි. 

"දන්නවද නිලන්තිට මොකද උනේ කියලා?"

"මන් දන්නෙත් නෑ මට දැන ගන්ඩ ඕනිත් නෑ..යකෝ නිවාඩුවට මන් ගෙදර ආවෙ මේ ගෙදර මිනිස්සුන්ගෙ දුක සැප බලන්න විතරයි"

"උඹට මූලග්ගාය ! ඒකනේ අපි මොනා හරි කීවහම ඔච්චර ඩෝන් යන්නෙ"

චූටි අක්කා තම දියණියද රැගෙන අසල වූ පුවක් ගෙඩි කීපයද ගෙන යන්නට නැගිට්ටාය.

කාලයේ වැලි තලාවට නිමේශයෙන් නිමේශය වැසී යයි. 

"අනේ මන් ඇස් දෙක පියවෙන්න කලින් මුනුපුරෙක් බලන්න නැති වෙයි"

"අම්මෙ ඔය ඉන්නෙ එක් කෙනෙක් වෙනුවට හත් දෙනෙක්ම.. හිතේ හැටියට බලා ගන්ඩකො"

මා සොයුරාගේත් සොයුරියන් දෙදෙනාගේත් දූ පුතුන් පෙන්වමින් රෝගාතූර වී සිටින මවට පැවසූවෙමි.

මව පෙර මෙන් කිසිවක් නොකියයි. ඒ වෙනුවට ඈ තම දෑස තෙත මාත්තු කර ගත්තාය...ඒ කඳුළු මතින්ම ඈ සිය දිවි ගමනේ තවත් එක නවාතැන්පලක් පසුකලා පමණි..

නාස් පුඩු අතර දැවිල්ලක් ඇති කරමින් දහස් ගනනකගෙ පයට පෑගෙන පොළව මතින් නැගී එන දුහුවිල්ල කන්දරාවද දෑස තෙහෙට්ටුවට පත් කරන්නට වැර දරන හිරු රැස්ද වලකාලමින් මා අසල වූ පොත් කඩයක සෙවනට රිංගා ගතිමි. කාච සිත්තම් උපකරණ සහිත බෑගය නිසා උරහිස තරමක් ඇදුම් කයි. දහසක් සෙනඟ තම කියවීමේ තෘප්තිය සංතෘප්ත කර ගැනීමේ අභිලාසයෙන් පොතින් පොත...කඩයෙන් කඩයට ඇදෙන්නේ ඇවිස්සුනු කඩි රැලක් මෙනි.කුඩා දරුවකු වඩා ගත් මවක් එක අතකින් තම බෑගය එල්ලාගෙන පොත් තට්ටුවක වූ පොත් තෝරයි.. වයස අවුරුදු 5-6ක් වන්නට පුළුවන් දරුවාද අසල එල්ලා තිබෙන සඟරාවක් අදිමින් එහි වූ පින්තූර දෙස විමසිල්ලෙන් බලයි.. මා කෙසේ කරේ එල්ලා ගෙන තිබූ කැමරාව ක්‍රියාත්මක කර කාචය ඇස තුලට රඳවා ගත්තාද මතක නැත. එසැනින්ම මව තම දරුවා අදින සඟරාව ඔහුගෙන් ගලවා ගැනීමට තම හිස හැරෙව්වාය. විදුලියක් කෙටුවාක් මෙන් හැඟීමක් මා හිතට දැනී..ශටරය එබීමට අමතක කරවන්නට සමත් ඒ දෑස්..



කැමරාව පහත හෙලූ සැනින් හමු වූ දෙඇස්..හඳුනා ගැනීමට තත්පරයෙන් ලක්ශයකින් එක් නිමේශයක් පමණක් ප්‍රමාණවත් වීය..

"ඉතින් ඔයා ෆොටෝ ග්‍රැපි ද කරන්නෙ ? මට ආරංචි උනා ලොකු ජොබ් එකක් කරන්නෙ කියලා. අම්මගෙ මල ගේ ආරංචි උනා ..එන්න බැරි උනේ මන් දැන් ගම් පැත්තෙ යන්නේම නැති තරම්"

මදක් විඩාබර වූවත්..කාලයත් සමඟ වියපත් වූවත් ඒ දෑස් එදා මෙන්ම දිදුලයි. හඬ එදා මෙන්ම දයාබරයි..

පොඩි එකා තමන් අතවූ බීම බොනවා වෙනුවට එහි බටය හපමින් සිටින අතර..ඈ විටින් විට විමසන ප්‍රශ්ණ මදකට නවතන්නේ තම සිසිල් බීම එක බීම සඳහායි..

"කෝ පුතාගෙ තාත්තා ලොකු දුවෙක් හිටියා නේද ?"

ඈ බියපත්ව හිසින් හා ඇසින් දරුවා පෙන්වමින් කීවේ කිසිවක් නො අසන ලෙසය..

එය තුල තේරුම් ගත හැකි කතන්දරය හා නිවසින් විටින් විට මා ලද ඉඟි එසේනම් එලෙසම වන්නට ඇත..

"මන් මෙහේ ඉන්නෙ.. " 

ඈ මටද ආසන්නම නගරයක් නමක් පවසන්නී..

"ටීචින්ග් කරනවා..දුව නම් කැම්පස්..මෙයා තාම මොන්ටිසෝරි.. පුතා මාමට කියන්නකෝ අපෙත් ෆොටෝ එකක් ගන්න කියලා.."

"මේකෙ බැට්‍රි බැහැලා..අද මන් එක්ස්ට්‍රා බැට්‍රි ගෙනත් නෑ"

මා කැමරාව අත පත ගාමින් පිළිතුරු දුන්නෙමි..

"ඇයි මට වයිෆ් දරුවො ඉන්න තැන් කියන්ඩ අකමැතිද ?"

මා මුව මත ඇඳුනේ සිනාවක් පමණි..

ඈ ඈත කෙළවරක වූ පොත් කඩයක් තෙරපෙන සෙනඟ දෙස දෑස් යොමා ගෙන සිටියාය..

කුඩා දරුවා තවමත් තම බීම එක බොනවා වෙනුවට එයට සෙමින් පිඹිමින් බෝතලය ඇතුලේ එකතු වන වා බුබුළු දෙස බලමින් සිටී..
ඈ තවමත් ඈත යොමා ගත් දෙනෙතින් යුතුව..

"අපි අපි ගැන කොයි තරම් සිහින..."

එම වචන පේළියේ ඉතිරිය මගේ දෙසවනට නොවැටුනේ..මා එතනින් අතුරුදහන් වූ බැවිනි.

ඈ විස්මයෙන් වටපිට බලනවාත් දරුවා මා ගිය දිශාව ඈට පෙන්නනවාත් මා දුටුවේ  අසල වූ මාර ගසේ අතු අතරිනි..ඒ වනවිටත් මා ප්‍රදර්ශන භූමියෙන් පිටත ගේට්ටුවත් පසු කර තිබුනි...

"ගොළු හදවත" "අහිමි ආදරය" සමඟ මිලදී ගත් බෞද්ධ පොත් පත් කීපයක නම් ඇතුලත් කුඩා රිසිට් පතේ පිටුපස වූ ජංගම දුරකතන අංකය මා නැවතත් පසුම්බිය තුලට ඔබා ගත්තේ සිය වන වාරයට වන්නට පුළුවන..

නිමි නැත...

61 comments:

  1. මරු ෂොට් එක වෙනී......

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු..ගත්ත ෆොටෝ දහස් ගාන අතරින් මේ ගත්ත ෆොටෝ එක සුවිශේෂී..

      Delete
  2. ලස්සන පිංතූරයකි....

    ReplyDelete
    Replies
    1. ඔව් අමිල මල්ලි..ඔයාට තරම් ලස්සනට කතා ගොතන්න නම් බෑ ඕන්..

      Delete
  3. ප්‍රථම ආදරේ වෙන්ටෑ මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. තුන් වෙනි ප්‍රථම වෙන්නැති මයෙ හිතේ...

      Delete
  4. අනේ මන්දා, මොනා කියන්නද කියල හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නැත්නම් ආයි සිත්තයරය්ක්වත් ඇඳලා එවන්න මල්ලි...

      Delete
  5. නියම ෆොටො එකක් වෙනි අයියා

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එක එඩිට් කලා මල්ලි..ඒකෙන් තමයි මේ ඉෆෙක්ට් එක ආවෙ..

      Delete
  6. මම මුලින් හිතුවෙ මේ උඹ ගත්ත පොතකින් උපුටා ගත්ත දේවල් කියලා. උමට මොකද මේ වෙන්න යන්නෙ? අර ෆෝන් නම්බර් එක ගත්තද නැත්ද? මට ඒක තේරුනේ නෑනෙ.

    උඹ මේ ෂොට් එක කොහොමද ගත්තෙ? දුවගෙන ගිහින් ඇඟට පනින ගමන්ද? :D :D

    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එතන පොඩියක් පැටලිලි සහගතයි..අවස්ථා සම්බන්ධයන් කැඩුනු විදිය..බීම එකක් බොන්න යන අතරෙ එයා තමන් ගත්ත පොත් වල බිලක ලියලා ටෙලිෆෝන් නම්බරේ දෙනවා.. දැන් මේකට කෝල් කරනවද නැද්ද..කියන දෙගිඩියාවෙන් තමයි සිය සැරයක් විතර තමන්ගෙ පර්ස් එකෙන් ඒ දීපු ටෙලිෆෝන් නම්බරෙ අතට අරන් බලලා ආයිමත්දමා ගන්නෙ..
      සාමාන්‍ය ෆොටෝ එකක් පිකාසා එකෙන් එඩිට් කලා හෙන්රි...
      ඕන් මාත් එල්ලා ගත්තා ඒ (හඩු ) ඩෙනිම් බ්ලොග් එක..පූද්දට වාගේ මට හිතෙන හැටි එකට තමා යන්නෙ...

      Delete
  7. ඇත්තම සිදු වීමක්ද වෙනි අයියෙ?

    ReplyDelete
    Replies
    1. නිකම් ඒ වගෙයි ඒ වගෙයි නේ...

      Delete
  8. ලස්සන කතාවක්...! රස වින්දා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමිත් හැමදාම වගේ...

      Delete
  9. මුල්ම පේලි 4 ගැන නම් කියල වැඩක් නෑ ..:/

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව ඒ කියන්නෙ කැම්පස් සිලෙක්ට් වෙලා අවුරුදු හතක් ඉඳලා තමයි ඩිග්‍රීය ගත්තෙ..ඒ කොටස සැබෑවක්ම තමා..

      Delete
  10. මේක ඇත්තටම ගත්තු ෆොටෝ එකක්ද ? කොම්පීටර් ජිල්මාට් එකක්ද ?

    වෙනි අයියෙ මොනවද වෙන්ඩ යන්නෙ ? මට දැන් උඹේ ඇත්ත හොයන්නත් බෑ, නිර්මාණ හොයන්නත් බෑ..ඔක්කොම ටැපලිලා. මෙහෙන් වෙනි, අරහෙන් ලියන්නා.. අනේ මංදා..

    මේක කතාවක් හැටියට ගත්තොත් ලස්සන කතාවක් කියලා කියන්ඩ පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ගත්ත ෆොටෝ එක පිකාසා එකෙන් එඩිට් කලා මල්ලි..ඒ කුතුහලය..එහෙමම තියෙන්න අරිමු නේද ?

      Delete
  11. හපොයි දෙයියනේ....

    මේක් ලියලා තියෙන්නෙ ලියන්නද, එහෙම නැත්නම් වෙනි අයියද?

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතිං මේ වෙන කවුද..? වෙනීම තමා...

      (අපි ජාතියක් හැටියට පුරුදු වෙන්න ඕන වඩා රසවත් දේ බාරගන්න...)

      Delete
    2. මාරයා ලකී...

      නිර්මානය හා නිර්මානකරුව දෙන්නෙක්ලු වෙනී තමා කියන්නෙ.

      Delete
    3. කියන්නා කොහොම කිව්වත් නිශ්...ලියන්නා කපටියා...

      (එහෙම කියන්නේ ඌනේ බං..ඒ උගේ වාසියට..මේ අපේ වාසියට...හරි සරලයිනේ බං...)

      Delete
    4. නිර්මාණය හා නිර්මාණකරුවා කියන්නෙ දෙන්නෙක් තමයි..... ඒ වුනාට ලියන්නා හා පහු ගිය දවස් වල පොත් ප්‍රදර්ශනේ අංගනාවො ඉන්න තැන්වල කැමරාව මානගන හිටිය වෙනි අයියා කියන්නෙ එක්කෙනෙක්නෙ...D

      Delete
    5. @මාරයා,
      +++++++++
      පළවෙනි කෙමෙන්ට් එකට අත් දෙකම උස්සලා එකඟයි..

      Delete
    6. හෆොයි... මේකෙ මට ලියන්න උත්තරය්ක් ඉතුරු කරලම නෑ..
      හැබෑටම මොකාද ඔය iOS6 එකේ සිංහලෙන් කොටන්න හදපු එකා ?

      Delete
  12. සමාවෙන්න සහෝ බ්ලොගර් වලින් මගේ අඩවියේ දමන කමෙන්ටු පබ්ලිෂ් වෙන්නේ නැහැ.ඔබට බොහොම ස්තුතියි!ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ආ ඒක පබ්ලිස් නොවුනට කමක් නෑ හිරු හිමාවි.. මට කියන්න ඕනි දේ ඔබ කියෙව්වනෙ.. ඒ හොඳටම ප්‍රමානවත්...

      Delete
  13. මේක ඇත්ත සිද්ධියක්ද???????

    ReplyDelete
    Replies
    1. තරියා මල්ලිට කැමති විදියකට ගන්න පුළුවන්...

      Delete
  14. හරිම ලස්සන කතාවක් ....ඇත්ත වුනත් නොවුනත් , ඇත්ත වගේම අපට දැනෙනවා ...
    මට නම් හිතට දැනුනම වචන ටික “මදක් විඩාබර වූවත්..කාලයත් සමඟ වියපත් වූවත් ඒ දෑස් එදා මෙන්ම දිදුලයි. හඬ එදා මෙන්ම දයාබරයි.“....
    ..මේ සිදුවීම අපේ හිත ඇතුලෙ මවන්නට ඔබට හැකි වුනා...

    ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. මට සතුටුයි..මට කියන්න උවමනා දේ කියවෙලා තියෙනවා එහෙනම්..ඔබේ පැසසීම හොඳ තල්ලුවක් !

      Delete
  15. කියවන කොට හිතෙන්නේ නම් ඇත්ත සිද්ධියක් වගේ.. නිමි නැත කියල තියෙනවනේ.. ඉතිරි කොටස බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. නෑ ඉඳුනිල් මේ වගේ ජීවිත කතන්දර...වලට කවදාවත් නිමි කියලා දාන්න බැහැනෙ...

      Delete
  16. මොහොතකට හිත ගොළු කරන්න සමත් උන කතාවක් . නිර්මාණයක්නම් ගොඩක්ම සාර්ථකයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්..ආයිමත් ඕන් ඔබට කමෙන්ට් කරන්න පෝස්ට් ටිකක් ලියවෙයි වගේ..කියවන බව නම් දන්නවා..

      Delete
  17. මේක සනාතනව අපේ රටේ වෙන කතාවක්.. අපි කැම්පස් ගිය කාලේ නම් වැහිලා තිබුනේ මාස ගණන්.. කොහොමටත් එකතුව අවුරුද්දක් වෙන්න පුළුවන්.. අන්තිමට ගමේ කෙල්ල වෙන එකෙක් බැඳලා ලමය ලවා අපිට අංකල් කියවනවා . වෙනීගේ ඇත්ත කතාවද කියලා ලොකු දුකක් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. "අය්යා, අක්කා" වෙලා හිටි අපට මුලින්ම "අංකල්ලා ඇන්ටිලා" වෙන්න සිද්ද වුණහම දුක ඩබල් නෙහ්? :(

      Delete
    2. මගේ එක බලාපොරොත්තුවක් උනේ දුක කියන රසය මතුකරන්නයි..විහිළුවට වගේ අපේ සිහින මල්ලිට බැන්නත්..මාමේ හරි අංකල් හරි කියන එකට මන් නම් කැමතී..ගොඩාක් වයසින් බාල අය අයියෙ කියන කොට ටිකක් නොගැලපෙන ගතිය නිසා අප්සට් අප්සට් වගෙයි මට නම්..

      Delete
  18. නියම ‍ෆොටෝ එකක් වෙනී අයියා.

    "ඉතින් ඔයා ෆොටෝ ග්‍රැපි ද කරන්නෙ ? මට ආරංචි උනා ලොකු ජොබ් එකක් කරන්නෙ කියලා." ඔවු මෙයා දාන්නෙනං කොලම්බු සෙවන් කියල තමයි.

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් ෆොටෝ එක හැදුවා මල්ලි.. පිකාසා වලින්.. @Colombo 07.

      Delete
  19. Weni..langadima guti kanawa me camerawa nisa.dakapu gaman mama hithuwa salli denne mama thama kiyala.baluwama nane,eka hondata giya.nathnam ageta kasade gewagena inna mata nikam kathandara godai..modaya

    ReplyDelete
  20. ම්..දැන් ඔය ගෙදර අරන් ගිය පොත් ටික කියෙව්වද?

    මම කිව්වෙ අර ගොළු හදවත හා අහිමි ආදරය ගැන..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ.. ඒ පොත් ටික නම් කියෙව්වා සේරම.. නොකියවපු පොතක් ළඟ තියන් ඉන්නවා කියන්නෙ පිස්සු හැදෙනවනෙ අප්පා...

      Delete
  21. මේක ඇත්ත කතාවක්ද වෙනී? නැත්නම් ඔය අරන් ගිහින් කියවපු පොතක කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ජීවිත කාලෙදිමත් සිද්ධ වෙච්ච සහ මෑත පොත් ප්‍රදර්ශනයෙදි උනු සිදුවීම් කීපයක් අලලා මන්ම ගොතපු කතාවක් පොඩ්ඩියෙ..

      Delete
  22. හ්ම්......... ඇත්ත එකක්ද කියලා අහන්නෙ නැතුව ඉන්නම් නේ....:)))

    ReplyDelete
    Replies
    1. යන්තම් ඇති...එක්කෙනෙකුට වත් එහෙම හිතුනු එක ගැන.. :-D

      Delete
  23. වෙනී, එතනින් මාරුඋනේ නිකම් අර චාලි චැප්ලින් වගේ වෙන්න ඇති. ඒකනේ සෙනග ගොඩ මැද්දෙ පොඩිඑකාට පෙනුනෙ.

    ReplyDelete
    Replies
    1. පොඩි එකා බලන් ඉන්න ඇති.. තමන්ට පොත් කීපයක් සහ බීම අරන් දීපු මාමා හොරෙන්ම යන්නෙ කොහෙද කියලා...

      Delete
  24. අයි හත්වලාමේ කොයි මේකට මන් දාපු කමෙන්ටුව ?

    ReplyDelete
    Replies
    1. තරහ අවසර... සරත් අයියෙ.. ඒක ස්පෑම් වෙලා තිබිලා මේ දැන් ඕන් හැදුවා.. පොඩියක් බිසි මන් මේ ලත වෙන්නෙ ඉස්පාසුවක් ආපු ගමන්ම කමෙන්ට් ටිකට උත්තර බඳින්නයි...

      Delete
  25. කවදත් වගේම ලිවීම මනරම්. චිත්ත රූප මැවෙන විදිහට අවස්ථා පරිස්සමින් තෝරබේරගෙන ගලපගෙන ලියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලිනි..ඒත් කමෙන්ට් ටික කියවද්දි හිතෙනවා අඩු පාඩු තියෙනවා ඒ වෙලාවෙ ඇහැ නොගැටිච්ච...

      Delete
  26. හොඳ කතාවක්,
    ලස්සනට ලියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයාල් බතී ඔබගේ ඇගයීම මට හයියක්...

      Delete
  27. අඩේ.. මං බිසී වෙච්ච දවස් ටිකේ එළකිරි කතාවක් ලියලනේ...

    මං තාමත් ඇස් දෙකක් හොයනව අයියේ. අවු.12ක් තිස්සේ. හැබැයි ඒ ඇස් දෙක හම්බ උනොත් මං නම් වාෂ්ප වෙන එකක් නෑ. එයා මොන තත්ත්වයෙ හිටියත්......
    හ්ම්ම්ම්.....

    තාම අපේ අම්මගෙන්නම් ඔය බර බරේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ආයි කතා ටිකක් ලියන්න හිතුනා..
      ළඟදීම ඒ බර බරය පැමිණේවා !

      Delete
    2. තෝව කොටියම කාපිය!

      Delete