ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Wednesday, October 3, 2012
අපි ලවු කරමුද ?
"අපි ලවු කරමුද ?'
මා අල්ලපු වැටේ සිටි බට්ටිගෙන් ඇසුවේ එය ප්‍රථම වතාවට බව මතකය.. ඒ වනවිට අප පාසලේ දෙවන හෝ තුන් වන පංතියේ බව යාන්තම් මතකය..
බට්ටිද තම හැඳ සිටි ජංගි කොටය එක අතකින් අල්ලා ගෙන ,
"හා එහෙනම් අපි ලවු කරමු"
කියමින් මා වෙතට දිව ආවාය.
"හා කෝමද ඒක කරන්නෙ?"
මාද යෝජනාව කලාට ඒ වනවිටත් ලවු කරන හැටි දැන නොසිටියෙමි.
"ඔයා සෙල්ලම් බත් උයන්ඩ මන් මගේ පොල්පිති හරකා නාවන්නම්.. එහෙමයි ලවු කරන්නෙ"
"හා"
මා දෙස කටක් ඇරගෙන බලා සිටි බට්ටි නැවත අප දෙදෙනා සෑදූ ලී කෝටු ගසා වහලට හබරල කොළ අසුරා තැනූ සෙල්ලම් ගෙය තුලට ගියාය.
"මිනිස්සුයි ගෑණුයි තමයි ලවු කරන්නෙ"
අපට වඩා වසර දෙකක් වැඩිමාල් නමුත් එකම පන්තියේ පේල් වීම නිසා අපට වඩා උස මහත නිමල් මහදැනමුත්තෙක් ලෙස කීවෙ මේ සිද්දියට දින කීපයකට පෙරය..ඔහු කියන දේවල් ඇත්ත ලෙසම අපට පිළි ගැනීමට සිදු වූයේ ඔහු අපට වඩා වැඩිමහලු වීමත් වීමත් එලෙස පිළි නොගන්නේ නම් අපට ගුටි කෑමට සිදු වන නිසාමත්ය..
"ඉතින් කොහොමද ලවු කරන්නෙ?"
අප පංතියේ කටකාර කෙල්ලක් වූ මාලනී ඇසූවත් නිමල් රවා බැලීම නිසාම අපටද ඒ කාලයේ ලවු කරන හැටි නිමල්ගෙන නම් අසා දන ගැනීමට නොහැකි වීය.
එම නිසා ලවු කොරනවා කියන්නේද අප එදි නෙදා කරන බෝල ගැසීම..ගුඩු පැනීම , තාච්චි පැනීම, චක්කරන් පැනීම, රබර් ඇට ගැසීම , සරුංගල් ඇරීම වැනි ක්රීඩාවන්ම නමුත් පිරිමි ළමයකු සහ ගැහැණු ළමයකු පමණක් එක්ව කිරීම යන්න බව හැර වෙන කිසිම අදහසක් නොමැති බව සැකවින්ම වටහා ගෙන තුබූ බව නම් තාමත් මතකය..
ඊට පසු දින අම්මා සවසට තේ පානය සඳහා සෑදුවේ ගෙදර ඉතිරි වන බත් වියලා බැද පොල් සහ හකුරු එකතු කර වංගෙඩියේ ලා කොටාගෙන ඒවා ගුලි කර සාදා ගත් රසකැවිල්ලක්ය. එවන් රසකැවිල්ලක් සෑදූ විට අපගේ නිවසේ සාමාජිකයන්ට අමතරව බට්ටිලාගේ නිවසේ බට්ටී, බට්ටිගේ මල්ලි සුට්ටාද අයියා ලොකූද බට්ටි අම්මා සහ තාත්තාද එකතු වන්නේ අප නිවසම රසගුලාවක ගිල්වමිනි..
"අම්මේ ඊයෙ මායි පොඩි අයියයි ලවු කලා"
බට්ටී කිසිම ලැජ්ජාවක් නොමැතිව සබාව ඉදිරීයේ මහා හඬින් කීවේ මා දෙස ආඩම්බරයෙන් බලමිනි.
සියල්ලෝම මොහොතක් නිහඬව සිට ඊළඟ මොහොතේ මහා හයියෙන් හිනා වෙන්නට වූයේ..මා අති මහත් ලැජ්ජාවට පත් කරමිනි..ලැජ්ජාවට පත් වූයේ අන් කිසිවක් නිසා නොව...
" ලවු කරනවා කියලා කරන්නේ ආන් අරකලු බන්"
කියා අප පන්තියේම උන් උඩහ ගෙදර සිරී මා හට කීවේ අසල බඩවැටිය ළඟ සිට දෙපැත්තට අදිමින් සිටි කකුල් අටේ බලු ජෝඩුවක් පෙන්වමින් මා හට කීම නිසාය.. ටික වෙලාවක් අප ඒ දෙස බලා සිටි නමුත් මා හට ඒවන තෙක් ඊට පෙර දිනයේ බට්ටි නගාට මා කල යෝජනාව පිළිබඳව නාම මාත්‍රයක් සිහියට නොනැගුනි..
"ඉතින් පොඩි අයියයි බට්ටියි මොනාද කලේ ?"
සිනා හඬ මැදින් එසේ ඇසුවේ බට්ටිගෙ තාත්තා පියදාස මාමායි.
"මුකුත් නෑ.. මන් සෙල්ලම් බත් ඊවා.. පොඩ්ඩයියා සෙල්ලම් හරකව නෑවුවා"
බට්ටිද මේ වැඩිහිටියන් සිනා වෙන්නේ කුමකටදැයි තේරුම් ගත නොහැකිව විපිලිසර වෙමින් පැවසුවාය..
මේ සිද්දිය අමතක වන තුරුමත්..සහ මා අක්කලාගේ සහ අයියාගේ සිනාවට ලක් නොවන තාක් කල් මා බට්ටි නගා සමඟ කිසිම සෙල්ලමකට නොගිය අතර ඉන් පසු වූවද ඈ මා කී දෙයක් කිසි විටකත් සබාවක් ඉදිරියේ නොකියන්නට වග බලා ගත්තාය.
අප ප්‍රදේශයේ මැණික් කර්මාන්තයේ යෙදෙන්නේද වී වගා කරන කුඹුරු ආශ්‍රිතව නිසාම බොහෝ කුඹුරු තරමක් එරෙන සුළුය.. සමහර කුඹුරු ලියදි කුඩා අපගේ බඩ ප්‍රදේශය දක්වාම එරී යයි..
අප වඩාත් ආසා කලේ මෙවන් ලියදි වල මඩේ එරෙමින් සෙල්ලම් කිරීමටය.. රත්වූ වතුර සහිත මඩක දනක් එරී සිටින විට දැනෙන සනීපය..හා අස්වැන්න නෙලා අවසන්වූ පිදුරු ගොඩේ කරවටක් ගිලී ගිය විට දැනෙන සනීපය..වෙන කිසිවකිනුත් ලබා ගත නොහැකිය..
මා බට්ටි සමඟ එවන් දිනක එක ලියද්දක මඩේ එරී සෙල්ලම් කරද්දී බට්ටී ඈ තමන්ගේ පපු පෙදෙස දක්වාම එරී ගිය බැවින් හඬන්නට වූවාය..මාද බිය වී බට්ටී ඇද ගැනීමට එදෙසට ගියද..එම ප්‍රදේශය සමහර විට ගැඹුරු පතලක් තිබුනු ලියද්දක් බැවින්..මාද එරී පපු පෙදෙස දක්වා එරී ගියේය.. කුඹුරේ අසල ලියද්දක් කොටමින් සිටි තාත්තා , අයියා සහ ගුණපාල මාමා සමඟ සිමියොන් මාමා දුව විත් අපව මඩ ගොඩින් එලියට ඇද ගත්තේය.. මඩ වල සිර වී තිබූ අපගේ ජංගි කොට දෙකද ටික වෙලාවකින් සොයා දුන්නේ සිමියොන් මාමායි..අප මඩෙන් ඇද ගන්නා විට අපගේ ජංගි කොටද මඩ තුල හිර වී ඇත.
"මුන් දෙන්නා මඩේ ලවු කර කර ඉඳලනෙ"
ඕනෑම එකකට මා සහ බට්ටී ට මෙලෙස කියා සිනා වීම පුරුද්දක් කර ගෙන තුබූ අයියා එලෙස කීවත් ඒ සමඟම තාත්තාගෙන් වැදුනු කන හරහා පාර නිසා එම සමච්චලය සදහටම අවසන් වීය.
පහු ගිය වතාවක මා ගමේ ගොස් බට්ටීගේ නිවසට ගිය විට මේ සිද්දිය සිහියට නගා පැවසූ විට බට්ටි නගා මෙන්ම ඈගේ ස්වාමි පුරුෂයාද සිනහා වූ ආකාරය මට ඊයේ මෙන් මතකය..
"අද කොහෙද පොඩි අයියෙ ළමයින්ට එහෙම ලස්සන ළමා කාලයක්?"
ඔහු බට්ටි නගා දෙස බලමින් තම දරුවන් පාඩම් කරන දෙස බලමින් විස්සෝපයෙන් මෙන් කීවේය..
"මේ ළමයි අපි වගේ කාලෙ එනකොට මතක් කරලා හිනා වෙන්ඩ ළමා කලයක් ඇත්තේම නැති තරම් "
බට්ටි නගාද හිඳ සිටි අසුනින් නැගිට්ටේ මා දෙස බලමින් සිනාසෙමිනි.
පසු ගිය දිනක සැමරූ ජාත්‍යන්තර ළමා , වැඩිහිටි දිනය පිළිබඳ සිතමින් කාලය ගත කරන නිමේශයක මා හදවත ලැගුම් ගත් මෙම උණුසුම් ලෙස මා හදවත පුබුදවමින් මුවඟට සිනාවක් එක්කරන මේ සිද්ධිය මා මගේ සහෘදයන් සමඟ බෙදා හදා නොගන්නේ මන්දැයි යන ප්‍රශ්ණයට පිළිතුරකි මේ...
Subscribe to:
Post Comments (Atom)
අෆ්ෆා .... මරු ලව් කිරිල්ල.
ReplyDeleteඇත්තටම, අයියලාට වගේ ළමා කාලයක් අපිට තිබුණෙ නෑ. ඒ වගේම දැන් ඉන්න ළමයින්ට අපිට තරම්වත් ළමා කාලයක් නෑ. නැවතිල්ලක් නැතුව මේ රේස් එක මිනිස්සු මොකට දුවනවද කියල මට වෙලාවකට හිතෙනව.
සමහර විට අද කාලෙ ළමයි ළමා කාලෙ ගෙවන්නෙ ටීවී සහ පරිගනක ඉස්සරහ..ගේම් ගැන මතකයන් ඉතුරු වෙයි බෙදා හදා ගන්න පහු කාල වලදි..
Deleteඅරක තුන්වෙනි එකනම් මේක පලවෙනි එක වෙන්ටෑ මයේ හිතේ :D
ReplyDeleteවෙන්න ඇති වෙන්න ඇති..පේනවනෙ ඒ කාලෙ ලවු කරනවා කියලා හිතන් හිටි දේවල් !
Deleteදුක හිතුනෙමි.
ReplyDeleteමේ පරම්පරාවේ උන්ගේ ළමයින්ට මොනවා වෙයිද?
උන්ගේ ළමයින්ට?
වෙනස් වූ පරිසරයක ඉඳන් උනත් මේ පරම්පරාවෙ සහ ඊළඟ පරම්පරාවෙ ළමුන්ටත් කියන්න ළමා කාලයක් තියේයි කශු..ඒත් දුක නම් තමයි...
Deleteනියමයි වෙනී අයියේ. පොඩි කාලෙට ගියා වගේ දැනුන. පොඩිඑවුන් කරන සමහර දේවල් වලට හිනාවෙන්න පුළුවන් මැරෙනකල්.
ReplyDeleteඔව් මල්ලි, ඒවා අපේ හිතේ රැඳෙන්නෙත් ජීවිත කාලෙටම තමයි..මේ මතකය අවුරුදු 33කට එහා..ඒත් සජීවී !
Deleteකාලෙ වෙනස්. තාලෙ අලුත්. අපට කලින් පරම්පරාවට තිබුණු සමහර රසවත් ළමා අත්දැකීම් අපට නැහැ. අපට තිබුණු සමහර රසවත් අත්දැකීම් ඔවුන්ට නැහැ. දැන් බාල පරම්පරාවට තියෙන සමහර රසමුසු අත්දැකීම් මෙන්ම ඉගෙනීම ආදියට ඇති අවස්ථාව අපට තිබුණෙ නැහැ. අප රස විඳි ළමාවිය ඔවුන්ට නැහැ.
ReplyDeleteදැන් ළමයින්ට උදේ සිට රාත්‍රී වෙනතුරු ඉගෙනීමටම සහ ටීවී බැලීමටම සිදුව ඇත්තේ අපේ පරම්පරාවෙ අය දෙමවුපියන් වීම නිසා කියන එකත් අමතක කරන්න බැහැ.
මොනවා වුණත් වෙනිගෙ රසවත් අත්දැකීමක් බෙදා ගත්තට ස්තුතියි.
ඔබ මතු කල කරුණ හරිම වැදගත් නලිනි..අපේ උවමනාවටවත් අද කාලෙ ළමයි වින්දනීය කාර්යයකට යොමු කරන්න බෑ..සමාජයෙන්ම ඔවුන් තරඟකාරී රික්තකයකට යොමු කරවලා.. පොඩ්ඩෙක්ගෙන් අහන්න ට්‍රිප් එකක් යමුද කියලා.. "බෑ ටියුශන් මිස් වෙනවා" කියනවා..
Deleteඇත්තටම වෙනි අයියේ අපේ පොඩි කාලේ අපි දැනෙන්න ... දැන් මතක් කරලා වරු ගණන් හිනාවෙන්න වැඩ කරලා ඇති.
ReplyDeleteඑත් දැන් පරම්පරාව ඉපදුන ගමන්ම රේස් එකටනේ වැටෙන්නේ එකයි දුක.
ඔව් මල්ලි, ඒත් එහෙම ගන්න අධ්‍යාපනයේ ප්‍රථිපලය විදියට එන දරුවන් පරපුර දිහා බලන්න..බහුතරයක් අසහනයෙන් පෙලෙනවා කියලා පේනවා මූන බැලූ ගමන්ම ! මූනෙ හිනා කඳුලක් නෑ..අඩුම තරමේ ස්වාභාවික පෙනුමවත් නෑ..පිස්සු විකාර ගොඩක් කරගෙන.. කමක් නෑ..ඒ අයගේ නිදහස ! ඒත් ජීවිතයම ඒක නම් ?!
Deleteකෝ මේ ලකී..? අර ප්‍රශ්නේ අස්සවන්න...
ReplyDeleteඅපිනං ඔයිට වඩා ලොකු වැඩත් කොලා නෙව වෙනී අයියේ... ඔය මීයෝ බලන සීන් එහෙම... හප්පා ඕවිට මැදදීනේ ඒක කොලේ... එතන ළිඳ ගාව නනා හිටලා ඒක දැකපු ලොකු කෙල්ලෙක් අපි ලොකු උනාට පස්සෙත් ඕක කිය කිය විහිළු කලා නෙව...
ඔව් මල්ලිගෙ ඒ කතාව කියවපු ගමන්ම මට මේ සිද්ධියත් මතක් උනා.. ඒ උනාට පොඩ්ඩක් කල් ගත්තා මේක ලියන්න..ඉන්නකෝ මල්ලිගෙ කතා කියවන කොට මට මතක් වෙන්නෙත් මගේ අතීතයේ අමතක වෙලා තිබ්බ සිදුවීම් ගොඩාක්..
Deleteමලා... මාරයියා වෙනි අයියට මල්ලිද.... මං හිතං හිටියේ මාරයියට දැං අවුරුදු 60කට විතර කිට්ටු ඇති කියලා... එහෙම බැලුවොත් වෙනි අයියාට 70 ක් විතර ඇති නේද.. හි හි...
Deletekidding ( මම දන්නවා දෙන්නම තාම 35න් මෙහා කියලා... හි හි... )
ඔබ මූනු පොතේ නැති නිසා හිරු දන්නෙ නැතුව ඇති..මට මේ ගොඩක් අය මල්ලිලා තමයි.. 41ක් කියන්නේ 35 ට එහාද මන්දා ?..මාරයා එහෙම නම් තාම පොඩි උන් නොවැ..
Deleteහරි ඔන්න ඉතිං මං මූණු පොත නැතුවම වෙනි අයියාගේ වයස අහ ගත්තා... හි හි....
Deleteළමා දිනනම් මොනාද වෙනි අයියෙ...
ReplyDeleteඔය ලව් කරන හැටි හොයාගත්තනං නේද හොඳ?
බට්ටි නගානං දන්නවා ඇති දැන් :D
කෝ මේ වෙනි අයියා.. ඉක්මනට ඇවිත් උත්තර දෙන්ඩෝඕඕඕඕඕ....
Deleteඊට පස්සෙ ලව් කරන හැටි හොයා ගත්තද? නැත්තම් තවමත් පොල්පිති හරකා නාව නාව ඉන්නවද?
තාමත් දන්නෙ ඒ කාලෙ දැනන් හිටි ටිකම තමයි ලකී මල්ලි ! පහු ගිය දවස් පොඩ්ඩක් බිසි මල්ලි ඕන් අද තමයි පොඩි ඉස්පාසුවක් ආවෙ ..
Deleteහිනා උනා බං පණ යන්න.
ReplyDeleteමේක මට උඹේ ලෑන්ඩ්මාක් පෝස්ට් එකක්.
මම උඹේ බ්ලොගට ආවේ මුලින්ම අල්ලපු ගෙදර නංගිලාගේ පෑන්ටීස් කියවන්න. ඔන්න අද බට්ටිගෙයි උඹෙයි ජංගි කොට ගැන කියෙව්වා. ඒකයි මේක ලෑන්ඩ්මාක් එකක් වෙන්නෙ.
ලව් කරන හැටි පස්සෙ හොයා ගත්තද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔව් හෙන්රි ඒ කැම්පස් කාලෙට වඩා මිහිරි මේ පොඩිම කාලෙ වෙච්ච දේවල් වලටයි..
Deleteතාම හොයනවා කොහොමෙයි ලවු කොරන්නෙ කියලා...
කවදාවත් පරණ නොවෙන උණු උණු මතක. අපේ අම්මලා තාත්තලට තිබුන ළමා කාලෙන් භාගයක්වත් අපිට නෑ, අපේ ළමා කාලෙන් අරික් කාලක්වත් අපේ පොඩිඋන්ට නැතිවෙනවා ඒක සහතිකයි.
ReplyDeleteමේක වෙනස් වෙයි කියලත් හිතෙනවා මල්ලි..දැන් යන ක්‍රමය දැක්කහම වැඩිහිටියන්ට තේරෙන කොට අද අධ්‍යාපනයේ තත්වය...
Deleteහැහ් හැහ්... මරු කතාව බන් වෙනි අයියේ.. හිනා වුනා ඇති වෙන්ඩ.. ඇත්තටම දැන් හැදෙන පොඩි උන් ගැන දුකයි...
ReplyDeleteඔව් බහුතරයක් දුවන දිවිල්ලට..අවට කිසිවක්ම පේන්නෙත් නෑ..
Deleteඇත්තට ඕකේ තේරුම හොයා ගන්නකම් හරි ප්රහ්නයික් තිබුනා තමයි මොකද්ද මේ ලවු කිරිල්ල කියලා.. හි හි... ඔය බලු සීන් එක නම් මං හිතන්නේ මට අවුරුද 15ක් විතර වෙනකම්ම මීටර් උනේ නෑ... හි හි...
ReplyDeleteදැන් ඉන්න පොඩි එවුන් ඉපදෙන්නෙත් උපාධි සහතිකේ ගන්න පාඩම් ටික කට පාඩම් කරගෙන නේ.. ඇයි ඉතිං අම්මලා බඩේ ඉන්න කාලෙදි ටියුෂන් දෙනවානේ.. හි හි...
ඔව් හිරු සහතික ඇත්ත..අපිට හරිම කුතුහලයකින් තමයි ඒ කාලෙ හැම දෙයක් දිහාම බැලුවෙ !
Deleteකතාව වගේම සිත්තරෙත් පංකාදු පහයි..
ReplyDeleteස්තූතියි හරි.. සාමාන්යෙන් සිත්තරේ බලන්නෙ අපේ හෙන් රි තමයි !
Deleteඅද ගැන හිතන්නට සිත් දෙන රසවත් එදා කතාවක් ....
ReplyDeleteඇත්තෙන්ම මේ හැම කතාවක්ම හිතට තදින් දැනෙන්නේ , මේ අත්දැකීම් වගේම ඒවා මටත් ලැබිලා තියෙන නිසාමද දන්නෙත් නැහැ ..
ස්තුතියි
ඔව් මහේශ් මන් හිතන්නෙ අපි දෙන්නම සම වයසේ වීම සහ සුන්දර ගමක ළමා කාලය ගත කිරීම නිසා වෙන්න ඇති...
Deleteහිනා වෙලා බඩත් රිදෙනවා..:) දැන් පොඩි එවුන්ට නම් කොහෙද එහෙම නිදහසක්. ඉපදෙන්නත් ඉස්සර ඉඳල ම තරඟය ට දානවනේ.
ReplyDeleteඔව් ඒ අයත් තරඟය වැළඳ ගන්නවනෙ...
Deleteහි හි....
ReplyDeleteලවු කිරිල්ල නේ....
හොදා හොදා..
අපි එහෙමයි ඕන් ඒ කාලෙ ලවු කොරේ...
Deleteබට්ටි නම් ළමයිත් හදාගෙන ලවු කොරලා. වෙනී තාම පොල්පිති හරකෙක් ලනුවෙන් බෙල්ලේ එල්ලන් යනවා වගේ කැමරාවක් එල්ලගෙන පොටෝ ගහ ගහ ඇවිදිනවාද ? කියමුකෝ ටිකක් ඒ ගැනත් කතාවක් දෙකක්..
ReplyDeleteසරත් අයියටත් එන ප්‍රශ්න... ලියන්නම්කො තව කතා ටිකක ඔබ්බලා..ඒ කතා දෙක තුනකුත් එහෙනම් !
Deleteඅපරාදේ බට්ටිව බැඳ ගත්තේ නැත්තේ. :D
ReplyDeleteඅර මඩ ගොඩේ බැහැලා උන්නු කතාව නම් හරිම ලස්සනයි. මොන තරම් රසවත් ලමා කාලයක්ද? ඊරිසියාවේ බෑ.
ඔව් පොඩ්ඩි පහු කාලවලත් මන් කිය කියා හිටියෙ මන් බඳින්නෙ බට්ටිම තමා කියලා.. ඒත් ඉතින් ගම දාලා එන්න උනානෙ...
Deleteකියවූවෙමි - සිතින් හැඬූවෙමි....!
ReplyDeleteඔව් සුමිත්..මටත් එසේ වන වාර නම් අනන්තයි !
Deleteමඩේ එරෙන්න කලින්ම ජංගි අතුරුදහන් වෙලා තිබුණද කියල සාධාරණ සැකයක් කියවන්නාට ඇති වෙන්න පුළුවන් සමහර විට. මටනම් එහෙම හිතුනේ නැහැ.. :)
ReplyDeleteදැන් කාලෙ 3 වසරේ ළමයි බොහොම ඉදිරියෙන් ඉන්නේ. මගේ යාලුවෙක්ගෙ, 3 වසරෙ ඥාති පුතෙක් එක පන්තියෙ ඉන්න බට්ටි කෙනෙකුට ලවු ලෙටර් එකක් දීල ඉස්කෝලෙදි මාට්ටු වෙලා තිබුණ.. අන්තිමට හොයාගෙන තිබුනේ කොල්ලා චිත්‍රපටයක දැක්ක දෙයක් අනුකරණය කරල...... ඉතින් ඒ ළමයට එහෙමට වැරද්දක් කියන්න බැහැ ඒ ගැන.
කොහොම වුනත් ළමයින්ට ළමා කාලයක් තව දුරටත් උරුම නෑ ගොඩක් තැන් වලදී. හැබැයි වයසට නොගැලපෙන දේවල් කිරීම නම් එන්න එන්නම වැඩි වෙනවා කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්.
ඒත් මමත් ඔය වැඩේ 2 වසරෙදි කළානේ. ඉස්කෝලෙ ඇරිල දවසක් මම ගෙදරත් එක්ක ගියා. අපේ අම්ම මාමා කෙනෙක් අත ඒ දැරිවි ගෙදර යැව්ව, එයා වෙලාවට ගෙදර නාවම ඒ ගෙදර මිනිස්සු බයවෙයි කියල. අපි 4 වසරෙදිද කොහේද ඉද්දි එයාල පදිංචිය මාරුකරල කොහේද දුර පළාතකට ගියා. ඊට පස්සෙ ලව් මලඉලව් තමයි. අදවෙනකන් ආයි එහෙම කෙනෙක් හම්බුනෙත් නෑ. :(
Deleteඑව්වනම් මේ පොඩි කමට ආසාවට කරන ඒවනේ බං... ආයිමත් ඒ සෙල්ලම කරන්න කාලෙ හරි. :)
Deleteඔව් රාමා ළමා මනසට නොගැලපෙන බොහෝමයකට ආවරණය වෙන කොට වෙන යමක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑනෙ..
DeleteDDTට රාමා කල යෝජනාව මාත් එකහෙලාම ස්තීර කරනවා !
දැන් හැදෙන ළමයින්ට මෙහෙවු ළමා කාලයක් ලැබෙන්නේ නැති එක කණගාටුවට කරුනකි.
ReplyDeleteවෙනී අයියා පසුව 'ලවු කිරීම' යනු කුමක්දැයි සොයාගත්තාද යන්න දැනගැනීමට කැමැත්තෙමි.
තාම හොයනවා ප්‍රසා මල්ලි...
Deleteඅපේ අප්පොච්චිලාටනම් මෙහෙම කාලයක් තිබ්බා, අපිටත් මේවා ලාවට වගේ තිබ්බා, ඒත් දැන්
ReplyDeleteහ්ම්ම්ම් පරම්පරාවෙන් පරම්පරාවට අළුත් දේවල් තමයි එන්නෙ.. අද බහුතරය්ක් දන්නෙ තමන් අනාවරණය වෙන පරිගනක පරිසරයට තමයි
Deleteකියවුවෙමි.සිනවුනෙමි.හැමෝම අපේ ළමයින්ට එහෙම නැ කියා කියා දුක වුනාට තමන්ගේ ළමයට මඩ ටිකක්වත් අන්න දෙන්නේ නැනේ..
ReplyDeleteසහතික ඇත්ත මාල් ඒ වගේමයි ළමයිත් කැමති නෑ මඩ ටිකක් වත් අනන්න..ඔවුන් සියල්ලටම වානිජමය වටිනාකම් දීලා නොව..අඪ්ඬුම් පැළඳුම් නාස්ත් කොරන්ටවත් ඊට පස්සෙ වටිනා කියන සබන් දාලා හෝදන්නවත් වෙයි කියලා පස්ස ගහලා ඉන්නවද මන්දා ?
Deleteමැවි මැවී පෙණුන අයියෙ!! ළමා දිනය වෙනුවෙන් ලියවුණු ඉස්තරම්ම සටහනක්!!!
ReplyDeleteස්තූතියි ජනූ නඟා..
Deleteලස්සන මතකයක් වෙනී..මේ ගැන මීට වැඩිය කියන්න ගිහින් සවුත්තු කරන්න කැමති නෑ..
ReplyDeleteඔව් රූ ලස්සන ආයිමත් සජීවීව ඉන්න කැමතීම මතකයක් තමා..
Deleteහිනාවෙන්නට දෙයක් නැත... ලවු කරනවා කියන්න මේක තමාය... ගෑනු ලමයාගේ ලවු කිරීම වෙනස් වී ඇත්තේ මඳ වශයෙනි.... සෙල්ලම් බත් වෙනුවට ඈ ඇත්තටම බත් උයයි.... පිරිමි ලමයා නම් පොල්පිති හරකා වෙනුවට, බයිසිකලයක්, මෝටර් බයිසිකලයක් හෝ වාහන කට්ටක් හෝදයි... නැත්නම් කොම්පියුටරයක් සමග සෙල්ලම් කරයි.... මීට වඩා වෙන ලවු කිරිල්ලක් ගැන නම් මාත් දන්නේ නැතිය...
ReplyDeleteඇත්තටම... දැන් ලමයින්ගෙ ළමා කාලෙ ගැන වග කියන්න ඕනෙ මව්පියො වෙන අපි නෙවෙයිද?
ReplyDeleteතිසර කීව අදහස් දෙකටම එකඟය..සහතික ඇත්ත නොවෙන්නම් !
Deleteහෙහ් හෙහ් පව් වෙනී මාමා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි අඩ්ව් රජා ඔබට විතරයි මගේ දුක තේරුනෙ ...
Deleteදැන් ළමයින්ට හෙම්බිරිසාව හැදෙනවා තව කොච්චර නම් ලෙඩ තියනවද ඉතින් සීමාවන්ට හිරවෙලා
ReplyDeleteසහතික ඇත්ත ලොකු .. බහුතරයක් ලෙඩ වලට බයයි..ඒත් ඒවා හැදෙන්න ඕනි..නැත්නම් ඇඟේ ප්‍රතිශක්තිය නිදියන් ඉන්නවා නේද ?
Deleteපියවරෙන් පියවර කතාවේ වැදගත් පණිවිඩයට ගිය හැටි හරි ඇපූරුයි .
ReplyDelete…අද කාලේ දරුවන් ගැන දුක් වෙනව වගේම අපේ ලමා කාලය මතක් කල පෝස්ට් එකක් .
බොහෝම ස්තූතියි ගිම් හැමදාම වගේ ..
Deleteහි හි..නියම ලියවිල්ල :)
ReplyDeleteමටත් මතක් වෙලා තාමත් හිනා වෙන සිද්ධියක් තමා හිරු හිමාවි..
Deleteදැන් කාලෙ ඔහොම වුනානම් මොන මොන කතා කියයිද?
ReplyDeleteඑහෙම නම් කියන කතාන්දර ගැන හිතා ගන්නවත් බෑ නිසුපා නංගි..
Deleteමම පරක්කු වෙලානෙ, මේ වෙනි අය්යෙ උඹල මඩේ එරිල හිටියෙ අත් උස්සගෙනද ,නැත්නම් අතුත් මඩ යටද ?
ReplyDeleteපොඩි උන්ගේ ලමාකාලය සුන්දර කරන්න දෙමාපියන් දැනගන්න ඕනෙ, උන් ඉන්නෙ අපි දෙන පරිසරයෙ. ලේසියට අරගෙන දෙන ප්ලාස්ටික් සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරමින්. අපේ දෙමාපියන් අපිට දුන්න පරිසරය දුන්නම ළමයි නිකම්ම උන්ගේ ලෝකය සුන්දර කරගන්නව. අනේ දැන් පොඩි උන්ට අපිට වගේ ළමා කාලයක් නෑ කියනව මිසක් දෙන්නෙ නෑ.
මොන පරක්කුවක්ද ? මේ ඊයේ දැම්ම පොස්ට් එක..
Deleteඔව් ළමයින්ට අපි දෙන පරිසරය තමයි ඒ අය හැදෙන්නෙ වැඩෙන්නෙ..පරිසරයත් වෙනස්නෙ අද නම්...
මගේ ප්‍රදාන ප්‍රශ්නෙන් පැනල ගිහින්,// මේ වෙනි අය්යෙ උඹල මඩේ එරිල හිටියෙ අත් උස්සගෙනද ,නැත්නම් අතුත් මඩ යටද ?//පැනල යන්න එපා වෙනි අය්යේ , උඩ සිත්තරෙන් පේනව උඹ ඉන්නෙ ඇදුමක් නැතුව කියල. මඩේ බැහිල්ල කල්තියා ගහපු ප්ලැනක්,ඔය තොන්ඩුවක් ඇදල පෙන්නලත් තියෙන්නෙ අටෝපු උගුල .
Deleteඑච්චර විස්තර මතක නෑ..බන්.. අපි මඩ වලින් බෝල හදනවා කුඹුරෙ බැහැලා..තව එක එක සත්තු හදලා නියරේ තියනවා.. එතකොට අත් දෙක මඩ වලින් උඩ තමයි තියෙන්නෙ ! :-D
Deleteniyama kathawa anagathedi punchi lamainta me wage lassana lama kalayak naththatama nathuwa yavi
ReplyDeleteඅනිවා දැනටමත් ඒක වෙමින් පවතිනවා උමා..
Deleteපොඩි කාලෙ ළමයි කොයි තරම් අහිංසකද, අව්‍යාජද
ReplyDeleteඅව්‍යාජ බව...ඒක තමයි හොඳම දේ..බලන්නකෝ ඒත් පහු වෙනකොට කොයිතරම් වෙනස් වෙනවද ? අපි අපිම උනත්..
Delete"පුංචි කාලේ අපි සින්දු කියපු හැටි
ReplyDeleteපැන්චියෙ මට මතකයි...
පුංචි පැටික්කිට වෙච්ච පොරොන්දුව......?"
බාත්රූම් එකෙන් නාලා, කෝඩියල් එකක් බීලා, ඔෆිස් එකේ වැඩ අස්සේ කම්පීතරෙන් T20 සෙමි ෆයිනල්ස් බැලුවා.
එදා..මෙදා.. මුකුත් නොකියමි.
ඔව් මාත් එහෙම තමා මැච් එක නම් බැලුවෙ..
Deleteකියන්න දෙයක් නෑ මට නම් විඳවනවා විතරයි මේ මතකයත් එක්ක..
අපි බලා ඉමු.. උන්ගේ කාලෙත් උන් මොන මොනා හරි කියන්නේ නැතැයි..
ReplyDelete