ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, October 15, 2012

අළුත් අළුත් දෑ..


මෙම ලිපිය පුරා ඇත්තේ කර්තෘගේ පුද්ගලික අදහසක් පමණි. එය සත්‍ය තත්වයෙන් වියෝජනය වීමටද ඉඩ ඇත.

පැතුරුනු කුඹුරු යායකට යාවෙලා තිබ්බ අපේ ගෙදර සහිත ඉඩමේ එක සීමාවක් වෙලා තිබ්බෙ අර කීව කුඹුරු යායට ජලය සපයන ඇල පාර...මාළු අල්ලන්න, වැලි ගොඩ දාන්න වගේම පීනන්න තරමේ වතුර නැති උනත් ඇලේ බැහැලා ඉන්න අපි පොඩි උන් ටික හරිම ආසයි. අපේ වත්තෙ එක කෙලවරකින් මේ ඇල ගලකින් පහලට ඇද වැටෙන හරියක් තිබ්බා..අපි කරන්නෙ හබරල පිත්තක් කපලා ඒකෙන් පොඩි පොඩි රවුම් පෙති කපලා..පැපොල් බටයක් අරන් ඒකෙ අඟලක දෙකක කෑල්ලක පොඩි ඉරටු තුනක් එක එක ළඟින් යවලා පොඩි හුලං පෙත්තක් වගේ හදා ගන්නවා..ඊට පස්සෙ මේ පැපොල් බටේ ඇතුලෙන් තව දිග ඉරටුවක් යවලා අර වතුර පාරට අල්ලලා කරකැවෙන්න පුළුවන් විදියට හයි කරනවා.. 




මේක සෑහෙන කාලයක් අපේ ලොකු විනෝදාංශයක් වෙලා තිබ්බා..අපේ යාළුවෙක්ගෙ තාත්තගෙ කැඩිච්ච බයිසිකලයකින් ගලවා ගත්ත ඩයිනමෝවක් සහ රෝදයක් අරන් ඒක සෙට් කරලා අර බයිසිකල් රෝදෙ අතින් කරකවලා අපේ සෙල්ලම් ගෙට අපි විදුලිය අරන් පොඩි ටෝච් වලට දාන බල්බ් දෙක තුනක් පත්තු කර ගත්තා.. යාලුවො සැරින් සැරේ අර බයිසිකල් රෝදෙ කරකවන ජොබ් එක භාර ගත්තා ටික කාලයක් යනකොට අපි පොත් වලින් විතරක් දැකලා ජල විදුලි ටර්බයින් එකක්..මේ කාලෙ රූපවාහිනිය වත් ලංකාවට හඳුන්වලා දීපු නැති කාලයක් බව මතකේ තියා ගන්නකෝ.. 

අපි කලේ ගෙවල් වලින් අයින් කරන ඇළුමිනියම් හට්ටි කීපයක් අපිට ඕනි කරන හැඩේට හදාගෙන පොඩි ටර්බයිනයක් වගේ එකකින් අර ගලා යන දිය පාරට සෙට් කරලා අර බයිසිකල් ඩයිනමෝව ක්‍රියාත්මක කරලා අපේ සෙල්ලම් ගෙට පොඩි පහේ ටෝච් බල්බ් දෙක තුනක් පත්තු කරපු එක..මේකෙන් අපි ලබපු සතුට අනන්තයි. ඊට අවුරුද්දකට විතර පස්සෙ ගමට විදුලිය ලැබුනට පස්සෙ අපි ඒකට හුරු උනා..අපි ඒ කරපු දේ නව නිර්මාණයක් නොවුනත්..අපේ සෙල්ලම් පැපොල් බට ටර්බයිනයේ ඉඳන් දිගට දිගට හිතලා හිතලා අපි ඒ දෙය කරලා ලබපු සතුට නිසාම වෙන්න ඇති අදටත් මන් කවුරු හරිම නව නිර්මානයක් කරලා තිබ්බොත් ඒ දිහාවෙ උනන්දුවෙන් , ආසාවෙන් බලලා තෘප්තියක් ලබන්නෙ..

ටෙක්නො 2012 ප්‍රදර්ශනය රටේම ඉංජිනේරු සහ තාක්ෂණික  දියුණුව විදහා පාන ප්‍රදර්ශනයක් නිසා මම ඒක බලන්න හැම සැරේම යනවා. අද 14 ඉරිදයින් ඉවර වෙච්ච මේක බලන්න ගියත්..අපොයි 2012 මෙච්චරද ඉංජිනේරු සහ තාක්ෂණික  පැත්තෙන් අපි ළං කරගෙන තියෙන්නෙ කියලයි මට නම් හිතුනෙ මොකද්දෝ ලොකු අඩුවක් තිබ්බා...ඒ නිසාම වෙන්න ඇති වෙනදා තරම් ප්‍රදර්ශනය බලන්න සෙනඟක් හිටියෙන් නෑ මන් ගිය වෙලාවෙ නම්..


මේ ප්‍රදර්ශණය 18වෙනි වතාවටනෙ තියන්නෙ..10 සැරයක් විතර බලලා ඒකෙ තිබ්බ දේවල් දැකලා දැකලා අර කුකුලගෙ මොකද්ද එක සුදු පාටයි වගේ වෙලාද මන්දා මට..
කොහොම වෙතත්..ටිකක් අසතුටින් ඒත් අපේ පාසල් ළමුන්ගේ නව නිර්මාණ අංශයට ගියේ..ප්‍රදර්ශනයෙදි නොලැබිච්ච සතුට, තෘප්තිය එතනින් ලැබේවි කියන අදහසින් තමයි..

මන් පුදුම උනා !

ඇයි ?


මේ නව නිපයුම් අංශයට අළුතින්ම එකතු කරලා තිබ්බ විශ්ව විද්‍යාල අංශයේ නව නිර්මාණ කීපයකින් එකක්..
සාමාන්‍ය රෝද පුටුවක්...තමන්ගෙ ඔළුව විතරක් චලනය කරලා ඒක යන දිශාව වෙනස් කරන්න පුළුවන්ලු...




මේක සාමාන්‍ය ටැප් එකකට හයි කරපු ගැජට් එකක්..අපි වීදුරුව ටැප් එක යටින් තිබ්බහම වීදුරුවෙ ප්‍රමාණයට වතුර පිරිලා ඉබේම ටැප් එක වැහෙනවා.. Automatic Water glass filling machine..



Latent Fingerprints enhancement and feature identification
ඔය ඇඟිලි සලකුණු පරීක්ශාවෙදි පාවිච්චි කරන්න පුළුවන් වැඩිදියුණු කරපු ක්‍රමයක් තමයි මේක



e-Learning platform for visually impaired Students 
මේක දෑස් නොපෙනෙන දරුවන්ට ඉගෙන ගන්න පහසු වෙන්න හදපු ප්‍රෝග්‍රෑම් එකක්ලු



Power saving Soldering iron
විදුලිය ඉතුරු කිරීම අරමුණු කරගෙන කරපු තව නිර්මාණයක්..



මේක ටිකක් ඉන්ටරෙස්ටින්ග් එකක් උනේ..උස් තැන් වල පෝස්ටර් අලවන්න පුළුවන් ගැජට් එකක් තමයි මේ..ජන්ද කාලවලදි උඩින් උඩින්ම පෝස්ටර් අලවන්න කරන යුද්ධෙදි මේක නම් ප්‍රයෝජනවත් වෙයි කියලයි මට හිතුනෙ..











මේක බෙහෙත් පෙති කරල් වගේ දෙන අයට ඒක නියම වෙලාවට ඇඳ ළඟටම දෙන්න හදපු රොබෝවෙක්..බෙහෙත් පෙති ටික අතට ගන්න කම්ම මේ රොබෝවා වැඩේ අතාරින්නෙ නැහැයි කියලයි හදපු පොඩි එකා කීවෙ








මේක කෙසෙල් ඇවරි කපන උපකරනයක්..සාමාන්‍ය පිහියකින් කෙසෙල් ඇවරියක් කපද්දි අහල පහල තියෙන ඇවරි වල පිහිය වැදිලා තුවාල වෙන එක නවත්තන්න පුළුවන් විදියේ ගැජට් එකක් තමයි මේ..



මන් හිතන්නෙ නව නිර්මාණ අතරින් ගන්න යමක් තිබ්බ එකම නිර්මාණය තමයි මේ බතික් පින්සල..තමන් හදපු නිර්මාණය ඇයි හැදුවෙ..දැනට තියෙන ක්‍රමයට වඩා ඇයි මේක හොඳ..සහ බතික් කර්මාන්තය ගැන සුපිරිම සුපිරි මනා දැනුමක් එක්ක මුඛරි කමක් තිබ්බ මේ පොඩ්ඩා නොවෙන්න මන් මේ පෝස්ට් එක ලියන්නෙත් නැති වෙන්න තිබ්බා..දරුවො ! පුතේ උඹලා වගේ පොඩ්ඩො ඉන්න ඕනි හැදෙන්න ඕනි..නව නිර්මාණ වලට පණ පොවන්න ඕනි පරපුරක මහා පිදුරු ගොඩක් මැද උඹ මට පෙනුනෙ රත්තරන් ඉදි කට්ටක් වගෙයි..ඉදි කට්ට නිසා වෙන්න ඇති හොඳින් නොබැලුවොත් උඹව අනිත් අය අතරෙ නොපෙනුනෙ





General humidity analyzer
වාතයේ තියෙන අර්ද්‍රතාවය විශ්ලේශනය කරන උපකරණයක්


Versatile Seeder බහුකාර්ය බීජ වප්කරය - නමින්ම කියවෙනවා කරන්නෙ මොකද්ද කියලා



Braille  printing utility මේ ගැජට් එකට කීබෝර්ඩ් එකක් සවි කරලා අන්ධ අය පාවිච්චි කරන බ්‍රේල් භාශාවෙන් යමක් ප්‍රින්ට් කරවා ගන්න පුළුවන්.


Eco friendly hand bag කඩදාසි වලින් සකසා ගත හැකි කිලෝ තුනක් විතර දමන්න පුළුවන් බෑගයක්


මේකත් යම් තරමක වටිනාකමක් තියෙන නිර්මාණයක්. අපිට අහන්න දකින්න් ලැබෙනවා මෝටට් බයික් වල යන අය ඇක්සිඩන්ට් වෙනවා ස්ටෑන්ඩ් එක ගහලා තියෙද්දිම බයිසිකලේ ස්ටාට් කරගෙන ගිහිල්ලා. මේකෙන් ස්ටෑන්ඩ් එක ගහලා තියෙද්දි බයික් එක ස්ටාට් වෙන එක නවත්තන ගැජට් එකක්


අර්තාපල් අල සුද්ද කරන ගැජට් එකක් සහ නොබිඳෙන වීදුරු බෝතල් හදන ක්‍රමයක්..

මේක ඉටි පන්දම් හදන පහසු ක්‍රමයක්..ඔහු අත් පත්‍රිකාවකුත් දුන්නා..ඒක කියවලා බලන්න නම් බැරි උනා..



ආයිමත් කෙසෙල් ඇවරි කපන ලේසි පහසු ක්‍රමයක් සහිත උපකරණයක්


මේ හරිය බලද්දි මට නව නිර්මාණ එපා වෙලා තිබ්බෙ..ඒකට හේතුව උනෙත් එක් කුඩා නව නිර්මාණකරුවෙක්ම තමයි..
එච්චර සෙනඟ නැති නිසා වෙන්නත් ඇති..මේ පොඩ්ඩො පොඩ්ඩියො තමන්ගෙ නිර්මාණය අඩංගු කුටි වල රැඳිලා හිටියේ නෑ බොහෝ වෙලාවලට.. අහල පහලට වෙලා තමන්ගෙ යාළුවො එක්ක කතා බහ කරමින් හිටියා..නමුත් යම් අමුත්තෙක් තමන්ගෙ නිර්මාණය දිහා බලද්දිවත් ඇවිත් පොඩ්ඩක් විස්තර කරන්න උවමනාව තිබ්බ අය කීප දෙනයි හිටියෙ..අර බතික් පින්සල හදපු පුතා නම් හැම වෙලාවෙම තමන්ගෙ නිර්මාණය ගැන කියමින් සහ නරඹන අය අහන ප්‍රශ්ණ වලට උත්තර සපයමින්ම තමයි හිටියෙ. 

ටිකක් පොශ් විදියට ඇඳගෙන ආපු ගෑණු ළමයි ටිකක් එක්ක කතා කර කර ඉන්න එකට වඩා ප්‍රමුඛතාවයක් දීපු ළමයි කීපදෙනෙකුත් නොහිටියාම නෙවෙයි..ඒ අතරින් දෙන්නෙක් හිතන් ඉන්න ඇති ඉංග්‍රීසි කියන්නෙ මැජික් වගේ අනිත් අයට නොතේරෙන දෙයක් වෙන්න ඇති කියලා..එහෙම උපකල්පනයක ඉඳ ගෙන ඒ දෙන්නා කතා කරපුවා අහන් හිටි අයට හරිම ජුගුස්පාජනක වෙන්න ඇති කියලයි මට හිතුනෙ නම්..
කොයියම්ම වෙලාවක වත් කිසිවෙක් නොහිටිය එක කුටියක තිබ්බෙ ලැප්ටොප් පරිගණකයයි ඒක වයර් වලින් සම්බන්ධ කරලා තිබ්බා සාමාන්‍ය හෙල්මට් එකකට.. නිර්මාණයෙ නම ගහලා තිබ්බෙ Wireless something something something..blah blah blah කියලයි.

මට ආපු ලොකුම ප්‍රශ්නෙ මේක වයර්ලස් කියන්නෙ කොහොමද වයර් එකකින් සම්බන්ධ වෙලා තියෙද්දි කියලයි..අහන්න කෙනෙක් හිටියෙත් නෑ. මන් ඕනි එකක් කියලා ෆොටෝ එකක් ගත්තා..ඊළඟ කුටියට ඉස්සරහට අඩියක් තියනකොටම,

"මේ ෆොටෝ ගන්ඩ එපා"

 කියලා හරිම අකාරුණික විදියට කීවෙ අර නිර්මාණය හිමි දරුවා විය යුතුයි. ඔහුගේ මුහුනේ ළමයෙකුගේ තිබිය යුතු මානුශික ළමා ගතියක් මට පෙනුනෙත් නෑ. මම ඒ සැනින්ම ,

"මම ෆොටෝ එකක් ගත්තා. මෙන්න ඔයා ඉස්සරහම ඒක මකනවා" 

කියලා ඔහුට කැමරාව පෙන්වමින් එය මකා දැමුවා.


ඒ එක්කම මට ලොකු කුතුහලයක් ආවා මේ නිර්මානයේ තියෙන වටිනාකම ගැන දැන ගන්න.

"මේක ඩිමෝ එකක් කරලා පෙන්නන්න පුළුවන්ද ?"

ඔහු අකමැත්තෙන් උනත් හෙල්මට් එක අතට අරන් ස්විච් එකක් ඔන් කරලා පරිගනක තිරයේ තිබ්බ මවුස් පොයින්ටරය පොඩ්ඩක් හෙල්මට් එක හොලවලා එහෙ මෙහෙ කරලා පෙන්නුවා. 


"මේකට පේටන්ට් අරන්ද තියෙන්නෙ ?

"වයර්ලස් කිව්වට දැනට වැඩ කරන්නෙ වයර් හරහා නේද ?"

මාත් සමඟ සිටි අනිත් අය ඇසූ ප්‍රශ්ණ වලට ඔහු නිසි පිළිතුරක් දුන්නෙ නම් නෑ. ඔහුට ඒ පිළිබඳ එක්කෝ දැනුම නැති වීම හෝ නැතිනම් ඔහුගේ නිර්මාණය පිළිබඳ අධි තක්සේරුවකින් සිටීම විය හැකියි..


"මේ සැරේ වැඩකට ඇති නව නිර්මාණ අඩුයි නේද ? "

මගෙන් ඇහුවෙ ඒ සිද්ධිය බලා හිටි තලතුනා කෙනෙක්. 

"පාසල් වලින් සහ අවට පරිසරයෙන් මේ ළමයින්ට ලැබෙන දේවලින් තමයි නව නිර්මාණ බිහි වෙන්නෙ..බහුතරයක් ඇලී ගැලී ඉන්නෙ කම්පියුටර් වල..ඔවුන් හිතන්නෙ මුළු ලෝකෙම ඒක තමයි කියලයි..ඇයි අර දරුවා අරෙහෙම රූඩ් විදියට කතා කලේ මහත්තයට"

"තමන්ගෙ නිර්මාණයේ අයිතිය තමන්ට තියෙන්නෙ. ඒක එයාගෙ අයිතිය ඒ නිසයි මන් ඒ ගත්ත ෆොටෝ එක ඩිලීට් කලේ..මේ අය තාම දරුවොනෙ, ඒ අයට පහුවෙන කොට තේරෙයි"















අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කිව්වෙ සෑහෙන ඉදිරි දැක්මක් තිබ්බ ප්‍රාඥයෙක්. 


මන් පුදුම උනා...
ඇයි ?
සමහර අවුරුදු වල තිබ්බ අති විශිෂ්ඨ නව නිර්මාණ බිහි වෙච්ච මොල කෝ ?
දුකක් ඇති උනා
ඇයි ?
හෙට දවසේ මීටත් වඩා පහලට වැටෙයි නේ..



ජාතියක මූලාංකුර වෙච්ච පාසැල් ශිෂ්‍යයො තනලා තිබ්බ නව නිර්මාණ දුටුවහම මට නම් හිතුනෙ...

අනිච්චේ.... දුක්ඛේ ....සංසාරේ....
කියලයි

අපේ ආච්චිලා සීයලත් තමන්ට දරා ගන්න බැරි කම්පනයක් ආවහම ඔහොම කියලා කම්මුලට අත තියලා හූල්ලලා තමන්ගෙ එහෙ මෙහෙ වෙච්ච හිතා ආයිමත් උපේක්ශාව පැත්තට හරවා ගන්නවා මන් අත්දැකලා තියෙනවා..

තනි මම විතරක් මොකට කම්පා වෙනවද මෙව්වට ?


56 comments:

  1. ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ලත් මේක බලන්න බැරි වුන එක ගැන කණගාටුයි..ගොඩක් දේවල් මගෑරිලා වගේ..

    කොහොම වුනත් ස්තුතියි මේ ගැන විස්තර බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම තිබ්බෙ රූ අර දේශන එහෙම තිබ්බ පැත්තෙ..මමත් අන්තිම මොහොතේ තමා දැක්කෙ..

      Delete
  2. නොගිය අපිට යාන්තම්වත් සැනසෙන්න පුළුවන් මේක බලලා ස්තුතියි වෙනී සීයේ
    (රූප පෙට්ටිය නැති කාලේ ළමයි උනා කියන්නේ අපිට සීයා කෙනෙක් නේද)

    ReplyDelete
    Replies
    1. මන් බොට කියන්නෙ නෑ සීයා..අපිත් මේ ඊයෙ පෙරේදා ඒලෙවල් කරපු ගානයි ඕන්...

      Delete
  3. බලන්න ගිහින් අපිටත් බලන්න ෆොටෝස් හරි දාපු එක ලොකු දෙයක්. ඒත් ඒව දිහා බලල ක්‍රියාකාරීත්වය නම් හිතාගන්න අමාරුයි. අනෙක දැන් බලන් ගියාම එතනට ගියත් වැඩි වැඩක් නෑ වගේ.

    ReplyDelete
  4. ගණන් ගන්න එපා බං අයියේ.. හොයා ගන්න තියෙන හැම අළුත් දේම හොයා ගත්තට පස්සේ උන් කියලා මොනවා අළුතින් කරන්නද... දැනටත් හදලා තියෙන මැෂීන් එකක් හරි මොකක් හරි එ‍කක් තමන්ට හොයා ගන්න පුළුවන් දේවල් දාලා ප්‍රති නිර්මාණය කිරිල්ල අළුත් වැඩක් කියලා හිතං ඉන්න එක උන්ගේ වරදක්ම නෙවෙයි..මග පෙන්වන අයගේ අවුලක්.. මොනවා ‍කරන්නද කොපි කරන උන්නේ දැන් මග පෙන්වන්නෝ වෙලා තියෙන්නේ...

    අනික අළුත් දෙයක් හිතන්නත් ළමයින්ට නිදහසක් තියෙන්න ඕන..පරිසරයත් එක්ක ගැටෙන්න අවස්ථාව වැඩි වෙන්න ඕන.. ඒවට වෙලාව දෙනවෑ දැන් ඉන්න අම්මලා තාත්තලා... ළමයි හිතන්නේ ළමයින්ගේ මොලවලින් නෙවෙයිනේ අම්මලගේ තාත්තලගේ මොල වලින්නේ..අම්මලා තාත්තලාට අළුතින් හිතන්න බැරි එකයි අවුල...

    ReplyDelete
    Replies
    1. "අනික අළුත් දෙයක් හිතන්නත් ළමයින්ට නිදහසක් තියෙන්න ඕන..පරිසරයත් එක්ක ගැටෙන්න අවස්ථාව වැඩි වෙන්න ඕන.. ඒවට වෙලාව දෙනවෑ දැන් ඉන්න අම්මලා තාත්තලා... ළමයි හිතන්නේ ළමයින්ගේ මොලවලින් නෙවෙයිනේ අම්මලගේ තාත්තලගේ මොල වලින්නේ..අම්මලා තාත්තලාට අළුතින් හිතන්න බැරි එකයි අවුල..."

      සහතික ඇත්ත.. දැන් තියෙන්නෙ රේස් එකක්.. පාන්දර ජාමෙ ඉස්කෝලෙ ගිහින් හවස ටියුසොන් ගිහින් රෑ ගෙදර එන ළමයිට මොන නව නිර්මාණද?

      Delete
    2. 'දැනටත් හදලා තියෙන මැෂීන් එකක් හරි මොකක් හරි එ‍කක් තමන්ට හොයා ගන්න පුළුවන් දේවල් දාලා ප්‍රති නිර්මාණය කිරිල්ල අළුත් වැඩක් කියලා හිතං ඉන්න එක උන්ගේ වරදක්ම නෙවෙයි.'

      වරදක් උනත් නැතත් මාත් වැඩිහරියක්ම දැකල තියෙන්නෙ ඒ වගේ දැනට තියෙන ඒවම ආපහු හදපු ඒව තමයි.

      Delete
    3. ඔව් මාරයා මල්ලි සහතික ඇත්ත..හරී ගෙයි ප්‍රසාගෙයි කතාවත් කියෙව්වහම..මගෙ අප්සට් ගිය හිත හැදුනා ටිකක් ඕන්

      Delete
  5. ආ අනිත් කාරනේ පොටෝ වලින් කිසිම දෙයක් පැහැදිලි වෙන්නේ නං නැහැ... තව ටිකක් උපකරණ ලං කරලා පෙන්නුවනං වටිනවා...

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ලන් කරලා ගන්න ගියා නම් මන් ගුටිත් කනවා එතනින් මල්ලි..ඔය තාක්ශනික එව්වයෙ විස්තර කරන්න නම් මටත් එච්චර තේරෙන්නෙ නැති ගානයි..ඒ ලමයින්ටත් තේරුම් කරන්න එච්චර තේරුමක් නෑ

      Delete
  6. හෙලිමට් කොල්ලනං කොලු තාත්තෙක් වෙන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. ඔව් ආචාරශීලිත්වය නම් බින්දුවයි

      Delete
  7. අමතක වෙන්න කලින්.... ඔය ස්ටෑන්ඩ් එක එහෙමම තියෙද්දි මතක නැතුව යන ලෙඩේ අපේ මහත්තයටත් තියෙන නිසා ඒ නිර්මාණය නම් වටිනවා... හි හි

    අපේ මාමත් ඔය නව නිර්මාණ මොකද්ද එකකින් දිනුවා ඉස්කෝලෙ යන කාලේ... එයා හැදුවේ පතල් වල විශ වායු හඳුනගනන් පුළුවන් රොබෝ කෙනෙක්....

    මේ ‌ගොඩක් නිර්මාණ අවට පරිසරයේ දකින දේවල් ගැන හිතලා කරපුවා නිසා වටිනාකම වැඩියි කියලා මට හිතෙන්නේ..... හැබැයි මට එක දෙයක් පෙනුනා.. මේ වෙනි අයියා කියලා තියෙන නිර්මාණ ඔක්කොම වගේ කොළඹින් පිට හෝ කොළඹ කොනේ ඉස්කෝලවල ළමයින්ගේ නිර්මාණ කියලා... හරිද මන්දා....

    ReplyDelete
    Replies
    1. මේවයෙ වටිනාකම අඩුවක් නෑ..නමුත් හරිම සරලයි නේද ? මම මේක දැන් අවුරුදු 10 විතර තිස්සේ බලනවා..

      Delete
  8. මොනා උනත් ඔයවගේ දේවල් සංවිධානය කරන එකේන් යමක් අලුතෙන් හිතන එකාලට පොඩි තල්ලුවක් ලැබෙනව නේව අයියේ

    ReplyDelete
    Replies
    1. මෙක සංවිධානය වීමෙ වරදක් නෙවෙයි රාජ් මල්ලි..ඉදිරිපත් වෙන නිර්මාන වල අඩුවක් තියෙන්නෙ..ලමයින්ගෙ නව නිර්මානවලට තියෙන උනන්දුවේ අඩුව තමයි..

      Delete
  9. නව නිපැයුම් ගැන කතා කරලා වැඩක්‌ නැහැ. දක්ෂයින්ට තැනක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. වැඩියෙන් තැන තියෙන්නේ රෝදය නැවත සොයා ගන්න අයටත්, අනුන්ගේ දේ තමන්ගේ දේ කර පෙන්වන "නව නිපැයුම් කරුවන්ට" විතරයි. අර මහා බුද්ධිමතෙක් කියපු, හිටපු නව නිපැයුම් කොමසාරිස්‌ කෙනෙකුත් පේටන්ට් අපේක්ෂිත නව නිපැයුම් මංකොල්ල කාල මාට්ටු වුනේ...

    වෙනි අයියා දන්නවා ඇති රත්නපුර කන්දක් උඩ තියෙන උසස් විද්‍යාලයේ(මමත් එකේ ඉගෙන ගෙන තියේ :) ). 1992, 1993 කාලෙ වෙන්න ඕනි. ඒකෙ ලොකු ප්‍රදර්ශනයක් තිබිලා ප්‍රේමදාස ජනාධිපති තුමාත් බලන්න ආව. ගෑනු ළමයි කතා කරන රොබෝ කෙනෙක් හද(ව)ල තිබුන. කවුරු හරි ප්‍රශ්නයක් ඇහැව්වම බුද්ධිමත් විධියට පිළිතුරු ලබා දෙන රොබෝ කෙනෙක්. මේක දැකපු ජනාධිපතිතුමා ඒ නිර්මාණය ඉතා අගය කලාලු. ඒ වෙන කොට වෙනත් පාසලකට ගිහින් හිටපු අපිත් ප්‍රදර්ශනේ බලන්න ගියා විතරක් නෙවෙයි ඉතින් හැම දේම හොඳට පරීක්ෂා කලා. වහල් තිබුනු කාමරයක් ඇතුලේ කතා කරන සද්දයක් ඇහිල බලන කොට අක්ක කෙනෙක් මයික් එකකට කතා කරනවා රොබෝ වෙනුවෙන්. අඳුරන අක්ක කෙනෙක් නිසා අපි රොබෝ ලඟට ගිහින් ඒ අක්කගේ නම කියල කතා කලා. :). ටිකක් වෙලා අරගෙන රොබෝ ඇහැව්වා "ඒ කවුද" කියල ..

    අර කොලුවනම් වයර්ලස් කියන එකෙන් අදහස් කරන්න ඇත්තේ මවුස්ලස්‌ කියන එක වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් රාමා ඒ සිද්ධිය මට මතකයි අපිත් ඕක බලන්න ආවා..අපි ඒ කාලෙ කැමප්ස් සිලෙක්ට් වෙලා ගෙදර වේලි වේලි හිටිය කාලෙනෙ..

      Delete
  10. මම දකින අනිත් කාරනේ තමයි ඉස්කෝලෙ කාලෙ ඔය වගේ නිර්මාණ කරන දක්ෂයො හිටියත් සාපෙ උපෙ ඉවර වෙද්දි උන් ඒවා අතඇරලා.. ගොඩක් දුරට වෙන්නෙ අත හිත දෙන්න කවුරුත් නැතිකම..

    අනික අපේ රටේ කවුද ඔය නව නිර්මාණ පාවිච්චි කරන්න පෙළඹෙන්නෙ.. නර්ඩ් එකේ එහෙම කොච්චර අලුත් දේවල් තියෙනවද? කෝ ඒවා පාවිච්චි කරන මිනිස්සු.. මිනිස්සු ගොඩ දෙනෙක් කැමති නෑ පුරුදු ක්‍රම අතාරින්න..
    උදාහරණයක් කිව්වොත්.. නර්ඩ් එකේ කාර්‍යක්ෂම පොල් උල් හදලා තියෙනවා.. මම දැකලා කොහේවත් එව්වා පාවිච්චි කරනවා.. නර්ඩ් එකේම කැන්ටිමේ පොල් ලෙලි ගහන්නෙත් නිකන් උලකින්.. :)

    මේ ටිකත් කියන්න ඕනා.. සමහර නව නිර්මාණ මිලෙන් වැඩී.. කාර්‍යක්ෂම ලිපක් ගැන හිතුවොත් ඒකක් දාහෙකොළ කීපයක් වෙනවා.. ගල් තුනක් තිබ්බමත් ලිපක් හදන්න පුලුවන් කියලා හිතෙන මිනිස්සු ඒකක් ගන්නවද?.. පස්සෙ ඉන්ධන ඉතිරියෙන් වෙන ලාභෙ හිතන්න තරම් මිනිස්සුන්ගෙ මොළ දියුණුවෙලා නෑ.. ඉතින් මිලදී ගන්න සහනාධාර හෝ පහසු ගෙවීමේ ක්‍රමයකුත් හදලා නව නිර්මාණ මිලදී ගන්න මිනිස්සුන්ව යොමුකරවන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හරී ඔය පොල්කටු ඇඟුරු වලින් සහ පොඩි කරන්ට් එකකින් පත්තු කරන ලිපක් හැදුවා නේද එක්කෙනෙක්....

      අපේ මහත්තයා ඒක දවසක් එක්සිබිෂන් එකකදි දැකලා ඒක ගනන් වැඩි නිසා අරගන්නේ නැතුව ගෙදර ආවා... දවස් දෙකක් තුනක් කල්පනා කරලා මොනාද කෑලි ටිකක් සෙට් කරලා ඔය ලිප හැදුවා... පොල්කටු අඟුරු උනත් හදාගන්න පුළුවන් නිසා ඇත්තටම පුදුම ඉතුරුවක් වෙනවා ඒකෙන්...

      වැඩේ කියන්නේ අර ගන්න තිබුන ලිප රැ 4000 ගානක් උනා.. නමුත් මේ ලිප හදාගන්න අපිට ගියේ රු 450ක් වගේ ගානක්....

      Delete
    2. මහත්තයා නියම දස්සයෙක්නෙ.. ඒ වගේ මහත්තයෙක් ලබන්ඩ පින් කරන්ඩ ඕනා.. :)

      ඒකනෙ මන් කිව්වෙ.. ඔච්චර සල්ලි තියෙන අක්කලා ඕක දාලා ආවානම් එදාවේල හොයාන කන මින්ස්සු ගැන කවර කතාද?

      ලිප් හදලා විකුනන්ඩ පටන් ගන්නකො..

      Delete
    3. ඔව් ඔන්න ඔය පැත්තෙ අඩුව නිසා නව නිර්මාණකරුවන්ගේ උත්තේජනයත් හීන වෙලා තියෙන්නෙ..

      Delete
  11. Replies
    1. ස්තූතියි සචිත්

      Delete
  12. එකක් දෙකක් තියෙනවා හිතට අල්ලලා ගිය.අර ළමයා නම් අයියට කතා කරපු විදිහ වැරදියි තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ ළමයා මූන බලලා අංකල් ෆොටෝ ගන්න නම් එපා කියලා හරි කීවනම් මට එච්චර අප්සෙට් යන්නෙ නෑ..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. බලන්න යන්න බැරි වුනා.. එච්චර උන්නදුවක් තිබුනේ නැ..මේක කියෙව්වට පස්සේ නම් යන්න තිබුනා නම් කියලා හිතුනා.. හොඳ පොස්ට් එකක් වෙනි අයියේ..
    ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. මේක ඉවර උනාට පස්සෙයි පෝස්ට් එක දැම්මෙ රෙඩ්..මට කල් ඇතුව ලියන්න බැරි උනා..

      Delete
  15. ෂාහ්! ස්තුතියි මේ ලිපියට!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරුහිමාවි..

      Delete
  16. අපේ රටෙත් ඕන රටක නිෂ්පාදනයකට නොදෙවෙනි නිෂ්පාදන කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා... කවදාවත් හොර කරන්න බෑ කියලා ලංගමේට දීපු ජර්මනියෙ නිෂ්පාදිත ටිකට් මැෂිමෙනුත් හොරට ටිකට් කැඩුවෙ අපේ එකෙක්... වැඩේ තියෙන්නෙ මේ වගේ සම්පත් රැක ගන්න රජයෙන් ලැබෙන අනුග්‍ර‍හය අන්තිම සවුත්තුයි... එක්කො අලුත් නිර්මාණෙත් එක්ක නිර්මාණකරු වලපල්ලට යනවා... නැත්නම් මූලික සැලසුම වෙනත් රටකට විකුණලා නිකං ඉන්නවා... අපේ රේ ගුණවර්ධන මහත්තයා තමයි මුලින්ම ලෝකෙ රෝද දෙකේ අත්ට්‍රැක්ටරේ හැදුවෙ... ඒ කාලෙ රජය කිව්වෙ අපිට රෝද දෙක එපා රෝද හතර ඕනෙ කියලා...අන්තිමට එතුමා ඒ සැලසුම ජපානයට ලබා දුන්නා... ඔවුන් ඒක පාවිච්චි කරලා රෝද දෙකේ ට්‍රැක්ටර් හැදුවා... එපා කියපු අපේ උන් අගේට සල්ලි දීලා ගත්තා... ඔන්න ඔය නින්දිත වැඩේ නතර වෙච්ච දවසක අපේ කොල්ලො කෙල්ලොත් ලක්මවට දායාද කරපු අලුත්ම නිෂ්පාදන අපිටත් පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබෙයි...

    ReplyDelete
    Replies
    1. සිරාගේ කමෙන්ට් එක දැකල මතක් වුනේ..

      වෙනි අයියෙ, අර කහවත්තේ පිස්තෝල බුවා ගැන ආරංචියක් නැහැ නේද කාලෙකින්.. ඇතුලට ගිහින්ද දන්නෙත් නැහැ..

      Delete
    2. සිරා... රේ ගුණවර්ධනද , රේ විජයවර්ධන ද.....?

      අපේ මාම ඕනෙ වෙලාවක අපේ සර් කියාගෙන ඉස්සර දුවන්නේ.. මට මතක විජයවර්ධන කියලා.....

      Delete
    3. සමාවෙන්න... රේ විජයවර්ධන තමයි නියම කෙනා... ජපානයේ කුබෝටා සමාගමට තමයි ඔහුගෙ සැලසුම දීලා තියෙන්නෙ... අදටත් හොදම රෝද දෙකේ ට්‍රැක්ටර් කුබෝටා..

      ස්තූතියි හිරු නිවැරදි කිරීම සම්බන්ධයෙන්

      Delete
    4. මුලින්ම හදපු රෝද දෙකේ අත් ට්‍රැක්ටරය ගම්පහ වේලක වැඩකලා මීට අවුරුදු 12 කට විතර උඩදී , සිරා හොයල බලන්න ඉහලගම පැත්තෙ කෙනෙක් ළග ඕක තියෙන්න ඕනෙ.

      Delete
    5. ඔව් ඕගොල්ලො සේරමගේ මේ අදහස් දැක්වීමෙන් මගේ පෝස්ට් එකට වඩා වටින කරුනු ටිකක් මෙතනට එකතු උනා..ස්තූතියි ලමයි !

      Delete
  17. නව නිර්මාණකරුවන්ගේ සංගම් තිබුනත් කොල්ලො කෙල්ලන්ට ලැබෙන තල්ලුව අඩුයි. අනික නව අදහස් අඩුයි.

    අර රෝද පුටුව මම දැකල තියෙනවා කලින්.

    ස්තුති වෙනි අයියා මෙවන් පෝස්ටුවක් දැම්මාට.

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් ඒක මාත් ඉස්සෙල්ලා දැකලා තියෙනවා..එමමයි..

      Delete
  18. මම නම් කැමති කෙහෙල් කැන් කපන යන්ත්‍රයට. ලමයි දෙන්නෙක්ම ඒ වගේ නිර්මාණයක් කරන්ට හේතුව මොකක්ද දන්නේ නෑ නේද්? ලමයි කෙහෙල් ගෙඩිවලට ආසා හින්දද? කෙහෙල් ගෙඩිවලට හොඳ ඉල්ලුමක් තියෙන හන්දද?

    මොනම නිර්මාණයකට උනත් අවශ්‍ය එක් හිතුවිල්ලක් විතරයි.:)

    ReplyDelete
    Replies
    1. ඔව් කෙසෙල් ඇවරි කපන මෙතඩ් දෙකක්..ම තිබ්බා.. අනිවා එක සිතුවීල්ලයි ඕනි..එතකොට කාටවත් කියන්න නම් බෑ වෙලාවක් නෑ කියලා..සිතුවිලි වල වේගෙට..

      Delete
  19. Replies
    1. ස්තූතියි සුදු මහත්තයටත්..

      Delete
  20. කොහොම හරි වෙනියා සහ කාචය තියෙනකල් අපිටත් වැඩිය යමක් මිස් වෙන්නෙ නෑ. උඹට ස්තුතියි. අර බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහලා ස්ටාට් කරන්න බැරි කතන්දරේ සමහර බයික් වල දැනටත් එනවා නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මටත් ඔය බයික් එකේ කතාව අහලා තියෙනවා ඒත් දැකල නම් නෑ..

      Delete
  21. වෙනී හරි.. අර හෙන්රි බ්ලොග් එකේ කිවුව වගේ අලුත් පරම්පරාවේ හැකියාවල් මොට වෙලා වගෙයි මටත් පෙනෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියෙ..පහු ගිය අවුරුදු දහය ඇතුලත වැටිච්ච වැටිල්ල මන් මේ නව නිර්මාන කොටසින්ම දැක්කා..ඒකයි දුක

      Delete
  22. ඔය කොළඹ ලොකු එක්ෂිබිෂන් වල නැති උනාට ගමේ ඉස්කෝල වල තියෙන ප්‍රදර්ශන වල ඔයිට වැඩිය නව නිර්මාණ තියෙයි කියලයි මටනං හිතෙන්නෙ.

    'Wireless something something something..blah blah blah' ඒකනං නියම නම. :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ප්‍රසා..එව්වා ප්‍රචාරය වෙන්නෙත් නැහැනෙ..

      Delete
  23. මොනව කියන්නද මන්දා...

    ජය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බණ්ඩා

      Delete
  24. ඕකෙ තෑගී දෙන්න ගියේ දේසපාලු මාමෙක්නම් අනිවා අර පෝස්ටර් අලවන මෙව්වා එක තමයි එක.

    ඉස්සර...
    ඉස්කෝලේ ගියා. ගෙදර ආවා. දාගත්තා ඇඳුමක්. ගිල්ලා උඩින් පල්ලෙන්. දිව්වා. ආයෙ එන්නේ රෑ වෙලා. කොල්ලොත් එක්ක නටලා, කැලේ ඇවිදලා.

    දැන්....
    ඉස්කෝලේ ගියා. එහෙම්මම පන්ති ගියා. ගෙදර ආපු ගමන් බාත්රූම් එකෙන් වොශ් 1ක් දාලා ටීවී එකේ කාර්ටුන් බැලුවා. නයිට් ක්ලාස් ගියා. ඇසෙස්මන්ට් ටික කම්පියුටරේ දාගෙන හැදුවා. නිදාගත්තා.

    නව නිර්මාණවලට ලොකු රුකුලක් උනේ නිදහස වගේම ආච්චිලා සීයලාගේ කතා ටික කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි...ඔය දේශපාලු කතාව කවුරු හරි එතනම කිව්වා..
      ඔව් ආන්න ඒ හර පද්ධතිය කඩා වැටීමත් එක ලොකු හේතුවක් තමයි...

      Delete
  25. අපිත් ඔය තරගේ 2009-2010 අවුරුදු වල හිටියා එත් ඔය තරම් චාටර් විදියට අපිනම් හැසිරුන් නෑ...හරිම කටගා‍ටුයි අයියා................

    මගේ බ්ලොග් එක ඇවිත් යන්න .............

    http://www.sinhalapedia.blogspot.com/2012/02/12-20.html

    ReplyDelete