ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, October 18, 2012

සමුදුන් මතකය.... ටටා බායි බායි...



මට හරියටම මතක නෑ......
උඹ මගේ මගේ ජීවිතේට ඇතුළු වෙච්ච දවස..


Photo courtesy from..
http://amazingpicturesoftheflowers.blogspot.com


ඒත් එය අනිවාර්යෙන්ම මගේ යාළුවෙක්ගෙන් වෙන්න ඇති උඹ මාත් එක්ක ඒකාත්මික වෙන්න ඇත්තෙ.. ඒ නිසාම උඹෙයි මගෙයි සම්බන්ධෙට වයස මෙච්චරයි කියලා ඉලක්කමකින් ලෝකෙට කෑගහලා කියන්න නම් මට අද බෑ..

ඒත් අද මේ මොහොත වෙනකොට උඹෙයි මගෙයි අතරෙ කොයි තරම් සමීපව අතීතයක් තිබ්බත්  මාත් එක්කම එකම හුස්ම පොද බෙදා ගෙන හිටියත් ඒ අතීතයෙන් ඉතුරු වෙලා තියෙන්නෙ කොයි තරමෙ දෙයක්ද කියලා උඹ දන්නෙම නැතුව ඇති.....

මාත් තාම මේ නිමේශය වෙනකම්ම දන්නෙ නෑ. තාමත් මගේ අනාගත ආරක්ශාව වෙනුවෙන් ම මම ඒ මතකයත් එක්කම මහා වෙළුමක් දමාගෙන ඉන්න බව උඹ දන්නවද කියලවත් මන් දන්නෙ නෑ..

මට මතකයි මගේ යාළුවො උඹව දැකපු ගමන්ම කීවෙ,

"මචං ඕක නම් උඹට හරි යන එකක් නෙවෙයි දැන්මම අයින් කරලා දාපන්"

කියලයි.මට තේරෙන්නෙත් නැත්තෙ ඇයි මට ඒ කාලෙම ඒක කරන්න බැරි උනේ ඇයි කියලා..කොහොම හරි මතකය අවුස්සලා ගන්න කොට අඩුම තරමේ අවුරුදු දහයක් වත් උඹ මා එක්කම ඉන්න ඇති..මන් කීප විටක්ම උඹව මගේ ජීවිතෙන් අයින් කරනවාමයි කියලා කියපු කරපු දේවල් උඹ ගානකටවත් අරගත්තෙ නැතුව මාව අතඇරලා යන්නෙම නැතුව හිටියා..

ඒත් ඇයි මට උඹව ඊයේම අයින් කරනවාමයි කියලා හිතුවෙ කියන එක නම් තාමත් මට හරියටම උත්තරය්ක් දෙන්න බැරි ප්‍රශ්ණයක්ම තමා..උඹ ඊයේ උදේ හිටියෙත් වෙනදා වගේම පහු ගිය අවුරුදු දහය පුරාවටම හිටිය විදියටම වෙන්න යන්නෙ මොකද්ද කියලවත් හාන්කවිසියක්වත් නොදැනයි. ඒත් ඒ මොහොත..ඒ අවසාන තීරණය මට හරිම පහසුවක් උනයි කියලද උඹ හිතන්නෙ ? නෑ ලෝකයා මොනවා කීවත් මමයි උඹට ජීව රුධිරය පොවමින් රක්ෂා කලේ..ඒක උඹ දන්නවා..

ඒත්..

මොනවා කරන්නද ? දවසක අපි දෙන්නට වෙන් වෙන්න වෙන බව අපි දෙන්නම දැන හිටියනෙ..

මන් දන්නවා මන් දැන් මොනවා කීවත් ..මොනවා ලීවත්...මොන තරම් සුසුම් හෙළුවත්..උඹට උඹටම උරුම චිතකයක දැවී හිගින් ඇති..මගෙන් වෙන්වෙලා ගිය මොහොතේ මට උඹ දිහා බලන්න බැරි වෙච්ච එක ගැන මට දැන් නම් දුකයි..ඒත් මන් බය උනා උඹෙන් වගේම මගෙනුත් ගලා ගිය රුධිරය කඳුළු මැද්දෑවෙන් උඹ දිහා බලලා සමු දෙන්න..

ආ මට මේ දැන් මතක් උනා ඇයි අන්තීමේ මන් උඹව මගේ ජීවිතයෙන් සමු දෙන්න තීරණය කලේ කියලා..

අද දවසේ උඹ බොහොම අහිංසකව මගේ තුරුලෙ හිටියට දවසක පිළිකාවක් වෙන්න උනත් පුළුවන් කියලා වාර්තාමය ලිපියකින් හොල්මන් වෙලා ගිය යටි හිත මට පෙරදිනයේ පෙන්නපු ස්වප්නමය මායාවෙ භීෂණය ඇති කලේ උඹ බව..

දුක මිශ්‍රිත සතුටකින් මන් සමු දුන්න උඹ ආයිනම් මගේ ජීවිතේට එන්න එපා..

========================================
මේ විරහ සටහන තිබ්බෙ මගේ තවත් එක් පෙම්වතියක්ගෙන් අයින් වෙච්ච එකට කියලා හිතපු අයට...

මේ මගේ කකුලෙ තිබ්බ ඉන්නෙක් (wart) එන්න එන්නම ලොකු උනා..ඒකා පිළිකාවක් උනත් වෙන්න පුළුවන් කියලා දැක්ක රිපෝට් එකක් නිසාත් ඊට ඉස්සරින්දා හීනෙක මන් පිළිකා රෝහලේ ඉන්නවා දැක්ක නිසාත්..ඊයේ දුවලා ගිහින් ඕක අයින් කරා. ඒක කපලා අයින් කලේ. 

මට කොහොමත් තුවාල වලට බය ෆෝබියා එකක් තීයෙනවා පොඩි කාලෙ ඉඳලම..තුවාල කර ගත්තත් ඕකට බෙහෙත් දානවට සහ සුද්ධ කරනවට මන් අකමැතියි..රිදුනත් නැතත් බොරුවට බෙරිහන් දෙනවා.

ඊයෙත් ඉතින් අර හිරි වැටෙන්න බෙහෙත විදින කොටත් මන් චුට්ටක් කෙඳිරි ගෑවා..ඩොක්ටර් හිනා වෙවී බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්න කියලා විනාඩියකින් විතර ඇවිත්..

මොනාද මන්දා අඬු පඬු ටිකක් ගත්තා..

මන් අහක බලා ගත්තා..කකුලෙ උඩටයි පහලටයි පත්තර කොල ටිකක් අරන් වැහුවා. ලේ යන එකට..

මට යාන්තම් දැනෙනවා ඒ හරියට කතුර තියෙනවා වගේ..
ඩොක්ටර් ඇහුවා "
දැනෙනවද?"
 කියලත් ..
"පොඩ්ඩක් දැනෙනවා"
 කියලා මම කීවා..

ඊට පස්සෙ ටකස් ගාලා ළඟ තිබ්බ බේසමෙන් අර කපන එක ගත්තා මන් හිතුවෙ..මන් දැන් හිතා ගන්නවා දැන් තමයි කපන්නෙ කියලා..රිදෙන්න ගත්තත් එක්ක පොඩියක් විතර..මන් හ්ස්ස්ස්ස්සූඌඌඌඌහ්... ගෑවා.. 

අර නර්ස් කියනවා ආ සුරුබුහුටි නර්ස් කෙනෙකුත් හිටියා උදව්වට මට ඉස්සෙල්ලා අඳුන්වලා දෙන්න බැරි උනා නොවැ..

"කකුල හොල්ලන්නෙ නැතුව ඉන්න මේ ඩ්‍රෙසින් එක දාන කම්"

ඈ ???!!!  ඒ කියන්නෙ වැඩේ හරිද ඩොක්ට යන්නත් ගිහින්..නර්ස් ඩ්‍රෙසින් එක දැම්මම ඩොක්ට,

"බොරුවට කෑ ගහන්නෙ?!"

"ඩොක්ටර් නම් කියයි මටනෙ රිදෙන්නෙ"

මාත් අතැරියෙ නෑ..

"හරි රිදෙනවනම් වෝර්ට් එක කපන කොටනෙ කෑගහන්න ඕනි"

අර නර්ස් හිකි හිකි ගගා හිනා වෙනවා..
"ඇයි එතකොට මන් කෑ ගැහුවෙ ඒක කපන කොට නෙවෙයිද ?

නෑ මන් ඩ්‍රෙසින් එක දාන්න යනකොට"

නර්ස් හිනා වෙවීම කියපි..

හතර විලි ලැජ්ජාවයි. ඊළඟ දවසෙ නම් හරියටම බලා ඉඳලම කෑ ගහන්න ඕනි..

මන් එහෙම තරයේම අදිටන් කර ගත්තා..



69 comments:

  1. "හතර විලි ලැජ්ජාවයි. ඊළඟ දවසෙ නම් හරියටම බලා ඉඳලම කෑ ගහන්න ඕනි.."

    කොහෙද ඉතින් අයිය බලන් ඉන්න ඇත්තේ නර්ස් නෝනගේ වෝර්ට් දිහාවනේ ....

    ReplyDelete
    Replies
    1. ප.ලි. - වෛද්‍ය මතය අනුව කෘතීම රසායන ආලේපිත නියපොතු වලට සීරීම නිසාද පසුකාලීනව ඉන්නෝ ඇති විය හැකි(ලු).

      Delete
    2. අනේ මන්දා මල්ලි මේ ඉන්නා හැදුනෙ නම් කොහොමද කියලා.. කැක්කුමේ හැටියට මට ඒ වෙලාවෙ මුකුත් පෙනුනෙ නෑනෙ..

      Delete
  2. ශුවර් නේද අදාල එකමයි කැපුවෙ කියල.

    ReplyDelete
    Replies
    1. සුවර් එකට එකයි..ඕන් මේ දැනුත් බලලමයි කීවෙ ප්‍රසා මල්ලි..

      Delete
  3. කපපු එව්වා ගැන අර ඕනයා වටේ පතුරෝල තියෙන්නේ .... දැන් හොඳයිද ?

    ReplyDelete
    Replies
    1. තුවාලෙ නම් සනීප වෙමින් තියෙන්නෙ මල්ලි, ඕනය අහුවෙච්චාවෙකො මට !

      Delete
  4. මට පෙනෙන හැටියට වෙනියා තුවාලේ රිදිලා නෙවෙයි කෑගහල තියෙන්නේ.. නර්ස් නෝනාගේ අවධානෙ ගන්න..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ සරත් අයියෙ..තුවාලෙ දිහා විතරයි බැලුවෙ නර්ස් නෝනා..

      Delete
  5. හිකිස්....අපුච්චේ....පව් ඉන්නා

    ReplyDelete
    Replies
    1. එතකොට මන් පව් නෑ ?????!!!!

      Delete
  6. Replies
    1. බොට නම් හිනා !

      Delete
  7. ඔය කියන කතාව ඇත්ත. ඉස්සර තුවාලක් උනු හැටියේ අම්මා කරන්නෙ මට ඒක දිහා බලන්න එපා කියන එක. තුවාලේ දැක්කොත් තමා වේදනාව වැඩි. පොඩි තුවාලයක් උනත් කෑ ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් දැක්කොත් වේදනාව වැඩී තමා..ඒත් බලන්නමයි හිතේ..

      Delete
  8. ලස්සන නර්ස් කෙනෙක් සිටිමේ ආදීනව

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..රිසෙප්ශන් එකේ හිටි ළමයා ඊට වඩා හැඩයි !

      Delete
  9. සමන්ද සිලවා ගේ සිංදුව මතක් වුනේ... නෝනා මගෙ නර්ස් නෝනා... ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මටත් ඒ වෙලාවෙ ඒ සින්දුව මතක් උනා..ඒ උනාට මුමුනන්න නම් ගියේ නෑ..

      Delete
  10. අපිව නොමග යැවීම සදහා දාපු පොස්ට් එකක්. අපි මේකට තීන්දුවක් FB එකේ දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලෝකයා කියන කයි කතන්දර හැමෝම විශ්වාස කරන්නෙ නෑ නොවැ...

      Delete
  11. ඔබ වාසනාවන්තයි නොවැ. ගැහැණුන් මීට වඩා කොපමන දෑ කපල ඉවත් කරනවද සරීරෙං. විසේසයෙං කිව්වොත් ළදරු ආහාර නිස්පාදන කම්හල් එහෙම.........

    ReplyDelete
    Replies
    1. ඉතින් වෙනියගෙත් ළදරු නිශ්පාදන කම්හලම තමයි කපලා දාලා තියෙන්නෙ. :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. Dude +++++++ දවසේ කතාව ...:P

      Delete
    3. ඔව්වා මුසාවාද කවිකාරි ඔයා ඔව්වා විශ්වාස කරන්ඩ එපා අප්පා !
      Shanka + DDT + Dude + ගැමියා ------------------

      Delete
  12. මට නං මුලින්ම හිතුනා මේ නං ෂුවර් එකටම පෙම්වතියක් ගැන නම් වෙන්න බෑ කියලා.. හි හි....

    තුවාල වලට බය වෙන එක නම් මට තිබුනේ නෑ ලු... හැබැයි තුවාලකට බේත් දාන්න නම් ඉස්සර බයයි... ඒත් දැං ගානක් නෑ... අපේ මහත්තයා තුවාල කරගෙන එන විදියට බය වෙලාත් බෑනේ... ඕවට බේත් දාන්න හැමදාම ඩොක්ට ගාවට එක්කන් යන්න ගියොත් පඩිය ඉවරවෙයි ඒවටම... හි හි...

    අනිත් එක ඉතිං කවදහරි බඩ මැද්දෙන් දෙකට කපන්න වෙයිද දන්නෙත් නෑනේ.. ඒක නිසා ඒ බය නැති කරගත්තා.... හි හි

    ReplyDelete
    Replies
    1. මට නම් මේ බය නැති කරගන්නම බැරි වෙයි අප්පා !

      Delete
  13. හිරි වැට්‍ටුවමත් රිදෙනව කියල කෑගහන අය ඕනා තරම් දැකල තියෙනව. ඒ වුණාට මට ළඟදි හම්බුනා "ඕන තරම් මහන්න හිරිවට්ටන්න නම් එපා" කියල කිවුව කෙනෙක්. ඒකට හේතුව විදියට එයා කිවුවෙ "මම **** (තග් කෙනෙක්ගෙ නමක්) ගෙ පුතා. ඒ නිසා මට ඉවසන්න පුළුවන්, හිරි වට්ටන්න නම් එපා" කියල. මහල ඉවර වෙනකනුත් හිටිය ඒ මනුස්සය. අනේ වෙනි අයිය ඉන්න තිබුනෙ එතන්

    ReplyDelete
    Replies
    1. මන් එතන හිටිය නම් මන් බෙරිහන් දෙයි සුවර් එකටම..මාර මනුස්සෙක්නෙ එයා නම්..ඔව් සමහර අයට දරා ගැනීමේ හැකියාව වැඩී..

      Delete
  14. ඔහොම තව එකෙක් හිටියා ප්ලාස්ටර් එකක් ගලවගන්න මාර ගේමක් දීපු, ඇන්ඩියා කියලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක මතක් උනා හෙන්රි මට මේ මයිල් කකුලේ අලවලා තිබ්බ තඩි ප්ලාස්ටරෙ ගලවන කොට..

      Delete
  15. තව පොඩ්ඩෙන් චාටර් වෙනෝ!! :P

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් කියන්නෙ කෙස් ගහෙන් බේරුනෙ !

      Delete
  16. ඒ කියන්නෙ තව එකෙක් ඉන්නවද ? මගෙත් නිකට යට එකෙක් ඉන්නවා, මාත් එක්කම ටික ටික ලොකු වෙච්ච.. බැටේ දෙනවද කියලා මම මේ කම්පනා කොරන්නෙ..

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තුරු නොකපා අයින් කරනවා නේද? අපේ අම්මගෙ එකෙක් ඇවිත් කොළ වගයක් කොටලා ගාන්න කිව්වා.. දවස් දෙකයි..

      කොළ ජාතියෙ නම නම් දන්නෙ නෑ.. ඒත් දැක්කොත් අඳුරනවා.. සෙන්නලාගෙ පැත්තෙ යහමින් කැලේට වැවෙන පඳුරක්.. සුදු පාට මලක් එනවා.. මල තාරාවෙක් වගේ..

      තව ගම්මිරිස් ඇටයක් රත් කරලා කරන ක්‍රමේකුත් තියෙනවා.. හරියට නොදනී..

      Delete
    2. ඒ දවස්වල මගේ වම් අතේ යටි පැත්තෙ චූටි ඉන්නෙක් හිටියා කාලයක්ම, ඒක ඉතිං ටිකක් ලස්සනට තිබුණු නිසා මාත් ඔහේ තියෙන්න ඇරියා. පස්සෙ මම දන්නෙම නැතුව ඒ හරියෙ තව කීපයක්ම ඇවිත්. එතකොට නම් වැඩේ දෙල්. ඒ දවස්වල අපි 9 වසරෙ හිටියෙ. යාළුවෙක් කිව්ව ඌ උගේ නිකටෙ තිබිච්ච ඉන්නා හඳුන්කූරක් පත්තු කරල පිච්චුව, උඹත් ඒ විදියට කරපන් කියල. ඒ කාලෙ ආයිත් මොනවද කියන සුනංගුවෙත් අත්හදා බලල ඉවරයි. කාමරේ දොරවහන් දත කට විකාගෙන එකකට වැඩේ දුන්නා. පස්සෙ ඉන්න නෑ, තුවාලෙ විතරයි. ඉස්කෝලෙ ගිහිල්ලත් වීරයා වගේ හැමෝටම පෙන්නල පොර වගේ හිටියා. ඒත් ඒකෙ වේදනාව දන්න නිසා ඉතුරුවට ඒක කළේ නෑ.

      මම අහපු කතාවක් තිබුණ කාක්කෙක් නාපු වතුරෙන් කාටවත් නොකිය ඉන්නො හේදුවම ඒව හැලෙනවය කියල, කෙමක්ළු. මගේ විශ්වාසයක් නම් තිබුණෙ නෑ ඒව ගැන. ඒත් දවසක් මම දැක්ක ගෙදර එළියෙ තිබුණු බේසමක වතුරෙන් කාක්කෙක් නානව. හිතුන ටිකක් ටෙස්ට් කරල බලන්න. ඒ වතුරෙන් අතහේදුව. ටිකක් ඉඳල ගිහින් නෑවා. පස්සෙ මට ඔය සීන් එක අමතකම වෙල ගියා. ඒත් ටික දවසකට පස්සෙ කොහොම හරි අතේ හිටපු ඉන්නො එකෙක්වත් නෑ, මටත් හිතාගන්න බෑ ඒක වුනේ කොහොමද කියල, හැබැයි ඒ ඉන්නො නැති වුනාට මම අර කරපු ගොන්කමේ කැළල නම් තාමත් අතේ තියෙනව.

      Delete
    3. @ හරී, මොකක්ද බන් ඒ.. තාරාවෙක් වගේ මලක් එන ගහ..? ඇහුවෙත් අදමයි.

      @ DDT,

      කාක්කෙක්ව දැකපු කාලයක් නෑ බන්.. අනිත් එක උනුත් දැන් හොරවෙලා නාන්නෙම නෑ. වතුර බිල වැඩි වෙයි කියලද මංදා ..

      Delete
    4. ඕක ලොකු වෙන්න ඉස්සෙල්ලා අයින් කරන්න..පොඩි එකෙක් නම් අර මොනාද ඇසිඩ් වර්ගයක් දෙනවා ඒකෙ ගාන්න..මේක ටිකක් ලොකු එකක් නිසා කපලා අයින් කලේ.
      ඔව් හරී අත්බෙහෙත් තියෙනවා ඒ එකකින් වත් නෙවෙයි මේකා අයින් උනේ
      DDT ඒ වගේ ක්‍රම බයයි අප්පා වෙන විශබීජ එහෙම ගියොත්

      Delete
  17. //ඊළඟ දවසෙ නම් හරියටම බලා ඉඳලම කෑ ගහන්න ඕනි..// ඉතින් වෙනි අය්යේ ආයේ මොකක්ද කපන්නේ..
    මටත් ඔහොම එකක් වුනා දතක් ගලවන්න ගිහින්.. මං කට ඇරගෙන බලා ඉන්නවා ගලවනකල්. පුළුන් ටික තියන කොට තමයි දන්නේ දත ගලවලා ඉවරයි කියලා. :)

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන වගේම මටත් දතක් ගලවන්න ගිහින් ඔහොමම උනා

      Delete
  18. ගෝස් කෑල්ල දැකලා ඔහොම නම්?? අනේ මන්දා අද නර්ස් ගැන විස්තර අඩු මොකද කියලා මම මේ කල්පනා කලේ....

    ReplyDelete
    Replies
    1. මේ වේදනාව අස්සෙ නර්ස් නෝනෙ දිහා වැඩිය බැලුවෙ නෑ මල්ලි

      Delete
  19. නෝනා මගේ නර්ස් නෝනා...;)

    ReplyDelete
  20. අම්මියෝ පිස්සු හැදෙනවා මාත් හරි බයයි ඔය කපන කොටන ඒවාට.මගෙත් ඇහේ නගනයක් කැපුවා ඒක ආයෙත් එනවා.:/

    ReplyDelete
    Replies
    1. නිශාන්, නගන වැඩි වෙන්නේ කසන කොට ඇඟිල්ලෙන් පොඩි කලාම. ඕකට මුලදී නම් සරල විසඳුමක් තියනවා. උදේ පාන්දර කතා නොකර ගිහින් තුත්තිරි ගහක මල් එන කොටස ඇදල එකේ නටුව වගේ කොටස නියපොත්තෙන් සුරලා ගත්තම එන යුෂය ගෑවා නම් හරියට හරි. මේක විද්‍යාත්මක පැත්ත නම් දන්නේ නෑ. නමුත් අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි..!!

      Delete
    2. ඔය වැඩේට මමනං කරන්නෙ තුත්තිරි ගහේ මල නගනෙ උඩිං හෙමීට අතුල්ලන එකයි. ලෙඩේ නියමෙට සනීප වෙනව.

      Delete
    3. නගන වලට නම් අර බත් ඉදීගෙන එන කොට එන පෙන ගානවා..

      Delete
  21. කැපුව නේද බොල.......ඉන්නා

    ReplyDelete
    Replies
    1. කපලා බැද්දට විසික්කා කොලා

      Delete
  22. පව් නේද ‘ඉන්නා‘.

    ReplyDelete
    Replies
    1. එතකොට මන් පව් නැද්ද ?

      Delete
  23. අකමැති තුවාලය ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. තාම සනීප වෙමින් පවතිනවා රූ

      Delete
  24. මගක් යනකොට මට නම් තේරුණා වෙන මොකක් හරි තමයි කියල. හහ් හහ්

    ReplyDelete
    Replies
    1. හිකිස්..මුල ඉඳලම කීවෙ ඉන්නා ගැනම තමයි !

      Delete
  25. කියල වැඩක් නැහැ ඔබ නම් සුපිරිම ලියන්නෙක්..සුපිරිම..කියවගෙන ආවේ මාර හැඟීමකින්..අවසානය මෙහෙමයි කියල නිකන්වත් හිතුවේ නැහැ..මාර පෝස්ට් එකක්.

    ජයම වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. මන් හිතුවෙම අහුවෙයි කියලා මුල පේලියෙන්ම...

      Delete
  26. හී හී...මාර බයගුල්ලෙක්නේ මෙයා...:)

    ReplyDelete
  27. හි හි... ලියන්නාගේ ඉන්නා....

    ReplyDelete
  28. Replies
    1. එක් කෙනෙක්වත් ආසාවට අයියෝ ලියන්නා කීවෙ නැති හැටි..

      Delete
  29. නර්ස් අක්කලා නම් හරිම හොඳයි අප්පා මම හොස්පිටල් එකේ ඉන්න කාලේ මාර ආදරෙන් කතා කලේ... කොච්චර ආදරේද කියනවනම් ලේ ගන්න කටුව හරි තැනට නොගහා හතර පස් පොලකම ඇනලා මොනා කරන්නද පැටියෝ ඔයාගේ නහර හොයන්න අමාරුයිනේ කිව්වා... හොඳ කුණුහබ්බ මතක් වුනත් ඒ කියපු විදියට ගොළු වුනා අප්පා.

    හැබැයි සිහිනැතිකරලා ඔපරේෂන් එක කොරලා මාව වාට්ටුවට ගේනකොට නම් මම එතන හිටිය නර්ස්ටයි අර මොකක්ද එකක් ඔලුවේ ගහගෙන නිල් පාට ඇඳගෙන ඉන්න කස්ටියටයි සිහි විකලෙන් බැන්නලු පලු යන්න.

    ඒ තරහටමද මන්දා මැහුම් කපනකොට මට මරු රිටර්න් එකකුත් හම්බුනා...

    ඒක නෙමේ වෙනි අයියේ දැන් රැවුල විතරක් වෙන්නැ කපන්න තියෙන්නේ?????

    ReplyDelete
    Replies
    1. අපොයි රැවුල නම් කපන්නෙ නෑ..මන් කීවෙ උඩු රැවුල !

      Delete