ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, September 5, 2012

අහල බලමුද ?



එක එක කාලෙට, එක  එක තාලෙට, එක එක මූඩ් එකට අපි අහන්නෙ එක එක සින්දු තමයි. අද හොඳ සින්දුව හෙට එච්චර ගතියක් නෑ නෑ වගේ වෙන්නෙ ඔය අපේ තියෙන මූඩ් වෙනස් වෙන නිසා වෙන්න ඇති. 
සංගීතය සහ සින්දු කාලෙන් කාලෙට එක එක ආරට හැදෙන්නෙත් ඔය යුගයේ අවශ්‍යතාවය කියලා හඳුනාගත්ත යම් යම් සාධක හරහා නොව.. අද කාලෙ නිතර ඇහෙන ඝෝෂාකාරී සංගීතය සහ මහා ලොකු තේරුමක් නැති ජනප්‍රිය සිංදු මන් නම් අහන්නෙ නෑ කීවොත් පට්ට් පල් බොරුවක්. හැබැයි සැරයක් දෙකක් අහයි. ආයි ආයි පස්සෙන් පන්නගෙන අන්තර්ජාලෙ හොයන් ඩවුන්ලෝඩ් කරගෙන එහෙම නැත්නම් සීඩී එකක් හොයාගෙන අහන්න පෙළඹෙනවානම් අඩුයි.

එහෙම හොයලා අහන්න තරම් දෙයක් ඒවායෙ නැති නිසා වෙන්න ඇති. 
මට මතකයි අර මගේ පුංචි රෝස මලේ අමරසිරි පීරිස් ශූරින් ගයන ඔය සිංදුව තිබ්බ සීඩී එක නිල් කැට වැස්ස ආපු කාලෙම මන් හොයන් ගිය ගමනක්. අන්තිමේ රෙකෝඩ් බාර් කීපයකම ඔත්තුවකින් පස්සෙ ගියා නුගේගොඩට. එහෙත් කීපපොලකින් පස්සෙ තමයි සුපර් මාකට් එකෙන් තැනක් ගැන කීවෙ. ඕන් ඔතනටත් ගිහින් තමා ඒකෙ ඔරිමජිනල් සීඩී එක හොයා ගත්තෙ. අද නම් ගොඩාක් සිංදු අන්තර්ජාලයෙන් හෝ යූටියුබ් එකෙන් ගොඩ දාගන්න පුළුවන්. ඒත් ඔය මගේ පුංචි රෝස මලේ වීඩියෝ එක ආවෙත් මුල් සිංදුව ඇවිත් ටික කාලෙකට පස්සෙ තමයි. එච්චර මහන්සි වෙලා හොයා ගත් නිසාම වෙන්න ඇති අදටත් ඒ සීඩී එක මන් ළඟ තියෙනවා සහ විවේකෙන් ඉන්න වෙලාවලට ඒක අහනවත් එක්ක. 

මේ තරම් සියුමැලිද කළු ගල් සිංදුව නම් අන්තර්ජාලෙන් හොයා ගන්න පුළුවන් උන නිසා එච්චර දුකක් වින්ඳෙ නෑ..

අදටත් ගෙදර විවේකෙන් ඉන්න වෙලාවල් වලට මන් සින්දු අහන්න ඕනි උනහම ඔය FM මීටරයක් අල්ලගෙන ඒකෙන් ඇහෙන සින්දු අහන් ඉන්න එක තමයි කරන්නෙ.  සින්දු වගේම ඇඩ් ඇහෙනවා ඔය අතරෙ කතන්දර හරියට ටෙලිනාට්‍යය වගේ යනවා..නිවේදක නිවේදිකාවො අසන්නන් එක්ක හුරතල් වෙනවා..එකම විකාරයයි කියලා ලියන්න හිතලත් ආයි හිත වෙනස් කර ගත්තා එකම රස සාගරයයි කියලා ලියන්න ඕනියි කියලා. මොකද ඒවා විවේචනය කරන්න නම් නෙවෙයි මන් මේ සැරසෙන්නෙ..ඒකට මට කොහෙත්ම සුදුසුකමක් නෑ.. වර්තමානයේ ඉන්න සුන්දර තරුණ තරුණියන්ගෙ අවශ්‍යතාවයන්ට සරිලන හැටියට නොවැ එව්වා හැදිලා තියෙන්නෙ..ඉතින් මට පාන්යැ ඔව්වායෙ වැරදි හොයන්න හෝ හරි ගස්සන්න.දැන් මැදිවියේ හිටියට මාත් අද තරුණ වියේ හිටිය නම්  සහ අද තරුණ තරුණියන් අනාවරණය වෙච්ච පරිසරයට මාත් අනාවරණය උනානම් මාත් ඒ අය වගේම ඉඳී..එච්චරයි...සහ එච්චරම සරලයි..කියලා හිතලා මන් ඔය පරම්පරාව එක්ක ගැටුම් ඇති කරගන්න නම් කැමතිම නෑ..

ඉතින් මොකද්ද මේ කිය කියා හිටියෙ..සින්දු ඇඩ් සහ නාට්‍ය.. FM වල යන..රෑ ඉරපාන අහන්න පුළුවන් හැමවිටම ඒ වෙලාවෙම ඇහුවා..බැරි වෙච්ච ඒවා පස්සෙ ඩවුන්ලෝඩ් කරන් හරි ඇහුවා..

ඔහොම මෙන්න මේ මීටරේම තමයි මන් අහන්නෙ කියලා සීමා වෙලා ඉන්නෙ නැතුව මන් නම් එක එක මීටරේ අහ අහ ඉන්න කොට අහු උනා ..හොඳ නාලිකාවක්..මේ නාලිකාව සැරින් සැරේ ටික ටික අහලා තිබ්බත්...පහු ගිය දවස් කීපෙම දිගටම ඇහුව නිසා..මගේ හිතට ටිකක් වැදුනා..ආයි මොකටද බොක්කටම වැදුනා..සමහර විට ටිකක් ඔය ශාස්ත්‍රීය වගේ සින්දු සහ 60 ඉඳන් 90 දශකය අග වෙනකන් ඇහිච්ච සින්දු වලට කැමති අය  මේකට කැමති වෙයි... 

ඇඩ් උනත් යන්නෙ හරි අඩුවෙන්..මන් මේක යාළුවෙකුට කීවහම මිනිහත් අහලා මට කීවෙ ,

"උඹ ඕකට කැමති වෙන එක පුදුම වෙන්න දෙයක්යැ. ඒකෙ වැඩියෙන්ම යන ඇඩ් එක අර වෙනිවැල් ඇඩ් එකනෙ"

කියලයි. පස්සෙ මිනිහත් පිළි ගත්තා ඇත්තටම ඒ නාළිකාව මිනිහගේ ටේස්ට් එකට යනවා කියලා. මන් දන්නවා මේක පොඩි පහේ ඇඩ් එකක් වෙයි කියලා ..කමක් නෑ අනිත් අයත් ඇඩ් දමන එකේ..මන් මේක රස විඳලා තනියෙන් තියා ඉන්නෙ ඇයි ..ඕන් ඔහෙ බෙදා හදා ගන්නවා කියලා හිතලයි මේක ලියන්න තීරණය කලේ.

මොකද්ද නාළිකාව ?

FM 103.6 යන VIP 

කියන නාළිකාව තමා මේ. ආ ඕකම තමයි අපිත් අහන්නෙ කියලා හිතපු අයට .. කියන්නෙ 2011 පටන් ගත්තත් මන් නම් අහන්න ගත්තෙ මේ ළඟදි ඉඳලයි කියලයි. මේක මූණු පොතේ පේජ් එකකුත් තියෙනවා..

ආආආආ අපේ යාළුවො කීප දෙනෙකුත් දැනටමත් මේ ලයික් දමන් ඉන්නෙ.. ඒකේ නමටම හරියන සම්භාව්‍ය අසන්නන්ගෙ රේඩියෝව කියන එක නම් තාමත් හරි කියලයි මට නම් හිතෙන්නෙ
නිකම් වගේ අහලා නැති අයත් පොඩ්ඩක් අහලා බලන්නකෝ.. සමහර විට ඔය ගොල්ලන්ගෙ ටේස්ට් එකට අල්ලලා යාවි..
මෙන්න මූණු පොතේ ලින්ක් එක

http://www.facebook.com/pages/VIP-Radio/238693139534324

ඔන් ලයින් අහන්නත් පුළුවන්නෙ..ඒත් ඉතින් අද කාලෙ හැම ෆෝන් එකේම  FM Radio පහසුකම තියෙද්දි ඕකට ආයි ඩේටා පුච්ච ගන්නෙ මක්කටෙයි ?

http://www.vipradiosl.com/

මේ ලින්ක් වලින් ගිහින් බැලුවහමයි මතත් තේරුනෙ ඇයි වෙනිවැල් ඇඩ් එක නිතර යන්නෙ කියලා..මේක ඒගොල්ලන්ගේ රේඩියො විකාශනයක්නෙ..

නිකමට වගේ ඕන් නිකම්ම නිකම් දෙන රේඩියෝව අහලා බලන්ඩකෝ එහෙනම් !

හරි යන්නෙ නැත්නම් ඕන් ආයි ඕගොල්ලො අහ අහා හිටි එව්වම අහන්ඩලා අනේ !

40 comments:

  1. මාත් ඉස්සර ඒලෙවල් කරන කාලේ ලක්හඩේ ගිය රැයේ ඇසෙන ගී අහන්න පුරුදු වෙලා හිටියා.... දැන් නම් අහන්න හම්බුවෙන් නෑ....

    කිව්වත් වගේ ටකරන් සංගීතේ තියෙන සින්දු ඇහුවත්, ආස හිතුනත් ඒක ටික දවසයි.... ගිය ටිකේ අර කල්ප කාලයක් කියන සින්දුවට ආසා හිතිලා ඇහුවා... අද උදේ දැම්මම ඒක එපා වෙලා කියලා තේරුනා... ඒත් ඔය කිව්ව මේ තරම් සියුමැලිද කලු ගල්, සදකඩපහනක වගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ... හැබැයි ඉතිං ඒවා හිතට වදින එක එක වෙලාවල් තියෙනවා...

    දැන් මේ ෆ්‍රීක්වන්සි එක මාක් කරගන්න කියලා බැලුවම නම දන් නැති උනාට ෆේවරිට් ගොඩේ මේකත් තියෙනවා.... හි හි....

    ReplyDelete
    Replies
    1. ඔව් මේ චැනල් එක ටිකක් ප්‍රසිද්ධයි හිරු හේතුව තරමක් හරි ඝෝෂාකාරී සංගීතයෙන් මිදිලා නිසා..

      Delete
  2. අම්මෙ බස් එකේ යද්දි අති වෙන්න සිංදු .කොත්තු ගහනව වගේ. හිහ්

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්..අර බස් වල දමාගෙන ස්ටිකර් ගහන් ගියහම සල්ලි දෙන චැනල්ම තමයි ඒවයෙ යන්නෙ..

      Delete
  3. සින්දු අහන එක නම් නියමයි වැඩක් නැති වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඇයි මොනා හරි වැඩක් කරන කොටත් බෑක්ග්‍රවුන්ඩ් එකේ සිංදුවක් යනව නම්..පොඩි අප් එකක් තියෙනවා..

      Delete
  4. මං නං මේක අහල තියෙනව අයියෙ... අර කියන්න වගේ රස සාගරය කලත්තල මඩ කරල දාන, බඩු මලු බෙදන, අවාසනාවට ඇත්ත කතා කියන, ටාසන් බාප්පල ඩෙඟා නටන මගුල් සක්වලවල්වලට වඩා නං සිය ගුණයක් හොඳා සහ රහක් තියෙන ඩීජේල ටිකක් ඉන්නව ඇත්තටම

    ReplyDelete
    Replies
    1. අපි හිතමු මේකට ඒ ලෙඩේ නම් බෝ නොවේවා කියලා..

      Delete
  5. බලන්න ඕන අහලා...

    ReplyDelete
    Replies
    1. බලන්න කො හැබැයි ටිකක් ක්ලැසික් වලටම තමයි බර..

      Delete
  6. අහන්න ගත්තා....

    ReplyDelete
    Replies
    1. මල්ලිලා වගේ අයට නම් ...අනේ මන්දා.. හිපොප් නම් නෑ..ඕන්

      Delete
  7. බොහෝම ස්තූතියි දැණුවත් කිරීමට.... ටික වෙලාවක අහලා තමා කොමෙන්ට් කළේ.. බද්‍රජී මහින්ද ජයතිලක කියන්නෙ නම් අපේ කාලයේ පොරක්

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙ අපේ කාලෙ සින්දු තමයි වැඩියෙන්ම යන්නෙ ...

      Delete
  8. දැන් අහන්න ගත්ත. නියමයි තමයි. මම අහන්නෙත් පරණ සින්දුනේ.

    ReplyDelete
    Replies
    1. නියමයි..ඇත්තටම මටත් මේ චැනල් එක වැදුනෙ ඒක නිසාමයි..

      Delete
  9. වෙනිවැල් එකේ නිසා වෙන්න ඇති වෙනීගෙනුත් නොමිලේ ඇඩ් එක :D

    ReplyDelete
    Replies
    1. හිකිස්...සාබිත් ඇත්තටම එෆ් එම් අහලා ඒකාකාරී වෙලා හිටි කාලෙක තමා මේක අහන්න ලැබුනෙ..ඒකයි බෙදා හදා ගන්න හිතුවෙ..වෙන්ඩෝල් ලගෙ කියලා දැන ගත්තෙ පස්සෙ මූනු පොතෙන්

      Delete
  10. මාත් පැරණි සින්දු වලට ආසයි. අහල බලන්න ඕනි. ස්තුතියි මේ ගැන කිව්වට.

    ReplyDelete
    Replies
    1. එහෙනම් චන්දනට අල්ලලා යයි වැඩේ...

      Delete
  11. ලංකාවට ආව වෙලේ වෙනිවැල් ෆැක්ටරිය ලඟින් යද්දී පත ඇඩ් එක දැක්කට අහන්න හම්බවෙලා නෑ. (අහන්න ලංකාවේ ඉන්න එපයි හරියට. ඒ නැතත් රේඩියෝවේ වැඩිය සින්දු අහන පුරුද්ද මට දැන් නෑ, ගිරව් වගේ සිංග්ලිෂ් කථාව එක්ක හුරතලේ එපා වෙලා.)

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. මම ඉන්නටික කාලේවත් දැන් ඔය නාලිකා අහන්නේ නැහැ. අර භාසා ශයිලිය අහලා බඩ දඟලනවා. ඊටත් හපන් නිවේදිකාවන්ගේ හුරතල් වීම

      Delete
    2. @Alexander

      …එකඟයි කමෙන්ට් එකේ අන්තිම පේලියට.අනික තමා එක නාලිකාවක යන එකමයි අනෙක් එකෙත් තියන්නේ. එකම වචන සෙට් එක, එකම මාතෘකාව, පුද්ගල රූපය විතරයි වෙනස්.

      Delete
    3. ක්සැන්ඩර් ඒ කච කචේ නැති වීමත් මේකෙ එක විශේෂත්වයක්..
      ලංකා මේක නම් ටිකක් වෙනස්..
      හිරු සහ චන්දන එක්ක එකඟයි

      Delete
  12. //"උඹ ඕකට කැමති වෙන එක පුදුම වෙන්න දෙයක්යැ. ඒකෙ වැඩියෙන්ම යන ඇඩ් එක අර වෙනිවැල් ඇඩ් එකනෙ"//

    මේ ඇඩ් එකේ අනිවාර්යයෙන් ඉන්නේ ඔයා වෙන්ට ඇති.:D

    ReplyDelete
    Replies
    1. නෑ පොඩ්ඩි මගේ සර්නේම් එකේ වෙනිවැල් කෑල්ල තියෙන නිසාත් ගොඩාක් මාව දන්නෙ වෙනිවැල් කියන නමින් නිසාත් තමයි ඒ !

      Delete
  13. රේඩියෝ චැනල් වලට එක frequency එකක් දෙන්න යනව නේද මුළු රටටම. නුවරට එකයි කොළඔට එකයි දකුණට එකයි නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, මේක දිවයිනටම මේ ෆ්‍රීක්වන්සි එකම තමයි

      Delete
  14. අහල බලමුෙකා ෙවනීෙග චැනල් ඒක.

    ReplyDelete
    Replies
    1. මගේ නම් නෙවී ප්‍රසා..මන් අහන එකක් විතරයි !

      Delete
  15. රේඩියෝව වගේම වෙනියත් වෙනිවැල් නිශ්පාදනයක්ද ? මොනවා උනත් ඔත්තුවට තෑන්ක්ස් ඈ....? මට නම් ඔය අළුතෙන් එන සින්දු ඇහෙන්නෙ නැතිම තරම්. ලංකාවෙ හිටපු මාස එකහමාරෙදි නම් එහෙන් මෙහෙන් ඇහුනා. අපි නම් තාම විඳින්නේ වික්ටර්, අමරදේව, සුනිල්, ටී.එම්, ප්‍රියා ඊ.ටී.සී, ඊ.ටී.සී අයගේ සින්දු තමයි......!

    ReplyDelete
    Replies
    1. මේකෙ ගොඩක් යන්නේ ඒ සින්දුම තමයි දුමී..ඒකයි මටත් වැදුනෙ !

      Delete
  16. www.buzzradio.lk me thiyenne channel eka.. :D

    ReplyDelete
    Replies
    1. ඩේටා පිච්චෙනවනෙ මේකට..

      Delete
  17. ඉතින් කොහොමද ඕක අහන්නෙ?
    කමක් නෑ . පස්සෙ බලමු.
    උඹේ චිත්‍රයක් නැතුව පාලුයි.

    ඒයි, කෝ මගෙ චිත්‍රේ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. චිත්‍ර ටික ඊළඟ පෝස්ට් එකට දාන්නම් හෙන්රි ...

      Delete
  18. මම මේ මේකට කමෙන්ට්ටුව දාන්නේ ඒක අහන ගමන්..

    ReplyDelete