ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, May 9, 2012

වෙසඟ තුලින් දුටු උත්පාද ථිති භංග..

පොඩි එකා සංදියේ අවුරුද්දෙ කැට ගහලා සහ නෑදෑ ගෙවල් වල ගිහින් බුලත් කොලේක ඔතලා දෙන සල්ලි ටික එකතු කර ගෙන අම්මගෙන් සහ තාත්තගෙන් අඬලා අඬලා තව කීයක් හරි එකතු කර ගෙන..ගන්නවා පාට පාට සව් කොල ගන්න පුළුවන් තරම්..අහල තියෙන රබර් වත්තෙ මුර මාමා කසියා ගහලා තුන් කුදුරන් වෙන්න බුදියන් ඉන්න වෙලාව ටක්කෙටම දැන ගෙන..රබර් වත්තට පැනලා ඔට්ටපාලු කිලෝ 2-3ක්ම ගලෝ ගෙන වත්ත පහල තියෙන බට පඳුරත් තලා ගෙන වෙසක් කූඩු හදන්න ලෑස්ති වෙන්නෙ වෙසක් එකට සති කීපෙකට ඉස්සෙල්ලා ඉඳලමයි.


දන්න සේරම කැටයම් දමලා හදන්නෙ පැටව් කූඩුවක්ම තමයි..අට පට්ටම් පැටව් කූඩුව හදනවා ආයි ලෙසටම..ඔහොම හදලා ඒ මම හයේ පන්තියෙ මගේ මතකය හරි නම්..මහ අට පට්ටමයි..ලොකු පැටව් හතරයි..ඒ ලොකු පැටවුන්ට තව පොඩිම පොඩි පැටව් හතර ගනනෙ....සේරම කූඩු 21 ක්..කොහොම හරි අයීයලා අක්කලගේ උදව් අරන් කූඩුව එල්ලුවා වත්තෙ තිබ්බ අඹ ගහේ උඩ අත්තක..ඒ කාලෙ ගමට ලයිට් තිබ්බෙ නෑ..ලොකු කූඩුවට හයි කලේ අපි පතල් ඉටි පන්දම් ( ඒවා පාවිච්චි කලේ මැණික් පතල් වල දෝනා වල වැඩ කරන කොට ) 2ක්..සහ අනිත් කූඩු වලට පොඩි ඉටි පන්දම්..

සර සර සද්දෙට කූඩු වල රැලි හුළඟට සැලෙන සද්දෙ එක්ක හිතට එන්නෙ ලොකු ආඩම්බරයක්..පන්සලේ රෑ වෙසක් නාට්‍යය බලන්න ඕනි නිසා කූඩුව පත්තු කරලා පොඩ්ඩක් නිදා ගත්තා..කෑ ගහන සද්දෙ එක්ක නැගිටින කොට දැක්කෙ..මහ කූඩුවට ගිණි ඇවිලිලා අනිත් පැටව් කූඩුත් කඩා ගෙන වැටිලා බිම තැන තැන ඇවිලෙනවා..චූටි අක්කා කෑ ගහ ගහ අඬනවා..මාත් ඇඬුවා හිතේ හැටියට..


"පුතේ ඔහොම තමයි හැම දේම..අපි ආසාවෙන් , ලස්සනට හදනවා තමයි..ඒවා හරිම අස්ථීරයි..කූඩු මොනාද පුතේ මෙච්චර ලස්සන මිනිස් ජීවිතත් අකාලෙ නැති වෙලා යන්නෙ. ඒකනෙ හැමදේකම තියෙන ස්වභාවය.. ඒක තේරුම් ගන්න බලන්න ඔය අඬන ගමන්ම"


ඔළුව අත ගගා පන්සලේ හිටිය මාමා එහෙම කීවම පොඩියක් තේරුම් ගිය ඇත්ත සත්‍යය පස්සෙන් පහු කාල වලදි කොයි තරම් නම් අපි ආසා කරන දේවල් අපිව දමලා යද්දි හිත සනහා ගන්න ප්‍රයෝජන් උනාද කියලා කියන්න හිටි මාමත් අපිව දමලා ගිහින්..


ආන්න ඒ වගේ තමයි..පහු ගිය ටිකේම මම වින්ද වෙසක් අසිරිය ලස්සන කැටයම් නිර්මාන, ලස්සන ලස්සන කූඩු...ඒවා සමහරක් සුන්බුන් විදියට හෙට කුණු ලොරියට එකතු වෙයි..හරියටම අපි මේ ලස්සනට ඇඳුම් ආයිත්තම් වලින් සරසන් ඉන්න ශරීරය..කොයිතරම් සැන්ට් පව්ඩර් ගාල ලස්සනට සුවඳට හිටියත් ...දවසක ඒ වගේ ජරාජීර්ණ වෙලා කුනු වෙලා පස් වලට එකතු වෙයි..කියන කතන්දරේ වගේම..


ඔහොම හිත හිතා පහු ගිය දවස් දෙකේ මන් ගියේ බෞද්ධාලෝක මාවතේ වෙසක් බලන්න.. මේ තියෙන්නෙ ඒ වෙසක් අසිරිය තමයි ඕන්..




මේ තියෙන්නෙ බෞද්ධාලෝක මාවතට ඇතුළු වෙන තැන තමයි...
මෙන්න කූඩු ...




බොදු බැති ගී ගයන කණ්ඩායම්..








 මේ තියෙන්නෙ තොරණ..




තොරණ බලන්න හිටි සෙනඟින් ටිකක්


මේ බෞද්ධ මන්දිරයේ මේ බුදු පිළිමය නම් දවසින් දවස වෙනස් කලා..



ආයිමත් කූඩු..




මේ කූඩුවෙ මුචලින්ද නාග දරනය කියලා ගහලා තිබ්බට...අනේ මන්දා මට නම් ගැරඬි දඟරයක්වත් පෙනුනෙ නෑ..





හැබැයි, අර මුචලින්ද නාග දරනය බෝඩ් එක එන්ඩෝනි මෙතෙන්ට තමයි කියලයි මන් හිතන්නෙ..








 මේ බෞද්ධ මන්දිරයේ තියෙන චෛත්‍යය..




 බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත්‍රන ශාලාව ( BMICH)   බලන්න වෙසක් වලට සැරසිලා ඉන්න අපූරුව..












 කූඩු සහ තවත් සැරසිලි..








ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා... උත්පාද ඨිති, භංග...ඕක ලෝකස්වභාවය තමයි..අපිත් පැවතිලා ඉන්න වෙලාවෙ පැවතිලා තියෙන වෙසක් අසිරිය බැලුවයි කියලා වැරැද්දක් හිතෙන්නෙ නෑ මට නම්...

51 comments:

  1. ලස්සන කූඩු. ලස්සන කූඩු. ලස්සන කූඩු.
    එන පාර නම් වෙසක් එකට ලංකාවට එනවාමයි.:)

    ReplyDelete
    Replies
    1. මහන්සි වෙලා ෆොටෝ ගහන එක හැමදාම කරනවා උනත් ඒවා බෙදා හදා ගත්තෙ මේ වගේ මේ සැරේම තමයි..ඒකෙඋත් පාඩු නෑ කියලා හිතෙන්නෙ..පොකූ ලබන සැරේ ලංකාවට වෙසක් බලන්නත් එක්ක එනවයි කියන එක ඇහුවමයි..

      Delete
  2. ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් මලය නම් බලන්න ඇති ඉතින් හැම තැනම වගේ නේද ?

      Delete
  3. මතකයි ඉස්සර මොකා හරි මට වෙසක් කාඩ් එකක් එවලා තිබුනා, "සුභ වෙසඟනක් වේවා" කියල.

    ReplyDelete
    Replies
    1. මමත් බොහොම පරිස්සමින් ලීවෙ ඒ වචනෙ ඉඳුනිල්..

      Delete
    2. අනේ ඔව්. මම දන්නා ප්‍රීති කියල කෙල්ලෙක්ටත් මොකෙද්දෝ එකෙක් ඔහොම කාඩ් එකක් එවල තිබ්බ මෙන්න මෙහෙම ගහපු. ප්‍රීති වෙසගනක් වේවා කියල. අම්මාද බොලේ කිව්වලු.. ඒ කාඩ් එක බැලුවට පස්සේ ඉතින් ආයේ කියන්න ඕනේ නෑ නේ ඒ ගෙදර තත්වේ,

      Delete
    3. ක්සැන්ඩර් ++++++

      Delete
  4. සහතික ඇත්ත වෙනී අයියේ...ඇතිවෙනවා..නැතිවෙනව...නමුත් කරපු හොඳ වැඩ ගැන හිතල නිහතමානීව සතුටු වීම වැද ගත් නේද...මොකද කරපු හොඳ විතරයි නේව එගොඩ යනවනම් අපේ පිහිටට තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සතුටු වෙනවා කියන එකට වඩා උපේක්ශා සහගත සිතුවිලි ඇති කර ගන්නවා කියන එක හොඳයි කියලයි මගේ අදහස නම් රාජ් මලයා..

      Delete
    2. ඔවු ඔවු..,හරි වචනේ ඔලුවට ආවේ නැනොවැ වචන කොටන වෙලේ

      Delete
  5. //සර සර සද්දෙට කූඩු වල රැලි හුළඟට සැලෙන සද්දෙ එක්ක හිතට එන්නෙ ලොකු ආඩම්බරයක්....//

    මට නම් ඒ සද්ද තාමත් ඇහෙනවා ඇහෙනවා වගේ...ඒයින් ඇතිවෙන්නෙ ආඩම්බරයද....නිරාමිස සතුට ද ....?

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙනෙ සුමිත් ඒ කාලෙ දැනුනෙ ආඩම්බරයක්..දැන් දැනුම් තේරුම් ඇති කාලෙ දැනෙන්නෙ නිරාමිස සුවයක්ම තමයි..

      Delete
    2. ඇත්තටම ඒක සතුටක්.. නිරාමිස නෙවේ.. ලොකු කමට..

      Delete
    3. එහෙමත් කීවහැකි තමයි...ඇයි බන් ගොඩක් උන් කම්මැලි කමට එහෙ මෙහෙ වෙවී ඉන්න කොට අපි කට්ටෙ කා ගෙන හදා ගත්ත එක ගැන ලෝක සත්‍යය කෙසේවෙතත් ටිකක් ලොකු කමට හරි ආඩම්බර වෙන්ඩෝනි අනිවා...

      Delete
  6. වෙසක් දවසේ මිනිස්සු අතරේ තෙරපෙන කොටම කොහොමත් ඉගෙන ගත්ත ධර්ම කරුණු ඔක්කොම මතක් වෙලා සංසාරෙ කලකිරෙනවා නේ..
    ඒත් එහෙම වෙලත් අපි වගේ වෙසක් බලපු නොබලපු හැමෝටම වෙසක් පෙන්නන්න වෙනී ගත්ත උත්සාහයට නම් ගොඩක් පින්..

    ReplyDelete
    Replies
    1. මම ගියේම 6.30 වෙනකොට අටන් අරන්..9 වෙනකොට ඉවර කරන්න බලාගෙන..ඒ නිසා වැඩිම සෙනඟ ඉන්න වෙලාවෙ මන් ගෙදර..

      Delete
  7. ඇති වෙනවා නැති වෙනවා.. හැමදේම ටික කාලයයි. ඒ ගැන තේරුම් අරගෙන වැඩ කරනවා නම් අපි කාටවත් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ මම හිතන විදියට.

    වෙනි අයියගේ ෆොටෝ ටික නම් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රාර්ථනා ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ වගේම ප්‍රශ්න ඇති උනහම පෙනෙන්න ගන්නවා ඒ ප්‍රශ්න වලට නියම හේතුව සහ ඒ ප්‍රශ්න වල උනත් තියෙන ඔය ලෝකස්වභාවය..අනිත්‍යය..එතකොට ප්‍රශ්නෙ එච්චර බර නෑ..උත්තර ලේසියි...

      Delete
  8. ඉන්න ටිකේ හොදට ඉදිල්ලා - යන දාට මේවා අරගෙන යන් නෑ කියනවනේ...

    ෆෝටෝස් ටික නම් ෆට්ට වෙනී අයියේ..

    ReplyDelete
    Replies
    1. "හොඳට " ඔන්න ඔය සංකල්පය හරියටම අර ගේන් ජීවත් වීම නේන්නම් හොඳම දේ..හැබැයි එක එක්කෙනා ඕක ගන්න විදිය වෙනස්..

      Delete
  9. සාදු සාදු සාදු ....පොස්ටුව එලය...
    ලොව සියලු දේ අනිත්ත්‍යය ...නිත්‍ය එකම දේ අනිත්‍ය පමණි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා...

      Delete
  10. හම්.. මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා නම් හැම පෝයකටම මුළු කොළඹම (දවසින් යන්න පුළුවන් ගොඩාක් දුර) ඇවිදල ඔය වගේ දේවල් බැළුවා.. ස්තූතියි වෙනි අයිය ඒවා මතක් කලාට.. අවාසනාවට මෙදාපාර වෙසක් එකට ගෙදර බුදුපහනවත් පත්තුකරන්න නොලැබිච්ච එක.. ඒත් මේපාර ලෝකෙ හැමදේම අස්ථිරයි කියනදේනම් දරුණුවටම අතිවින්ද..

    ReplyDelete
    Replies
    1. ඕ..ඔබ විශාල කරදරයකට මූන පාලා හැඩයි..සියල්ලම වෙනස් වෙයි..ලබන සැරේ ආයිමත් ඉස්සර කලා වගේම කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා..

      Delete
  11. බණ කතාව සහ වෙසක් පින්තූර ටිකනං අගනේය.
    අර මුචලින්ද නයා එතන ඉන්න බැරි නිසා මාරුවෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නයි, නයි..සාමාන්‍යයෙන් එකට ඉන්නවා නේද ???

      Delete
  12. පොස්ට් එකේ කූඩු පෙන්වීම ගැනත් තොරන් රාජයා වගේම අර පත වාහනේ තිබුණු රිෆ්ලෙක්ෂන් එක තියන පින්තුරය ගැනත් ඉතාම ස්තුති වෙමි. ඒ වගේම යටින් කියන කතාව ගැන නම් කොමෙන්ට් කරන්නේ නැතිය, ඒ තව ඒ ගැන ටිකක් හිතන්න ඕනෑ කියල හිතෙන නිසා ය.

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි ක්සැන්ඩර්..හිමිහිට කල්පනා කරලා බලන්ඩකෝ..හැමෝම මේ කරුනු ගැන එකඟ වෙන්නෙ නම් නෑ..

      Delete
    2. ඒ පත වාහනේ වෙනී අයියගෙ නෙමෙයි නේද? :D

      Delete
  13. වෙනියො පින්තුර ගත්තෙ ඇනඩ්‍රෝයිඩ් ෆෝන් එකෙන්ද ? :-))

    ReplyDelete
    Replies
    1. වෙනියව විනාස කරලා.. :)

      Delete
    2. හ්ම්ම්ම් චෙහ් 22 දවසම ඉඳලත් මගේ ෆෝන් එක ඔබා අයියට පෙන්න ගන්න බැරි වෙච්ච එක තමයි මට දුක...

      Delete
  14. //ආන්න ඒ වගේ තමයි..පහු ගිය ටිකේම මම වින්ද වෙසක් අසිරිය ලස්සන කැටයම් නිර්මාන, ලස්සන ලස්සන කූඩු...ඒවා සමහරක් සුන්බුන් විදියට හෙට කුණු ලොරියට එකතු වෙයි..හරියටම අපි මේ ලස්සනට ඇඳුම් ආයිත්තම් වලින් සරසන් ඉන්න ශරීරය..කොයිතරම් සැන්ට් පව්ඩර් ගාල ලස්සනට සුවඳට හිටියත් ...දවසක ඒ වගේ ජරාජීර්ණ වෙලා කුනු වෙලා පස් වලට එකතු වෙයි..කියන කතන්දරේ වගේම..//

    මේ ටික ඇති බං.. සිරා !

    ReplyDelete
    Replies
    1. පෝය කිට්ටුවෙන කොට හිතෙන දේවල් වල හැටි බලන්ඩකෝ...

      Delete
  15. වෙනී අයියා හැම තැනම ඇවිදලා වගේ... ඇවිද්දට පාඩු නෑ.. මොකද අපිත් මේ නිසා මේවා දැක්කනේ...

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් තැන් තිබුනා මල්ලි, මන් ගියේ ඔය වෙසක් කලාප තුනේ විතරයි...

      Delete
  16. උඹ බ්ලොග් එකක් ලියන්න කරුණු හදාගන්න අර අහිංසකයන්ගෙ මුචලින්ද නාග දරණෙ බෝඩ් එක මාරු කලා නේ? මාත් අර පළවෙනි පින්තූරෙ නාග දරණෙ හෙව්වා පැය බාගයක්. හෙහ් හෙහ්


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ ඩහවස් දෙක තුනේම ඒ බෝඩ් එක තිබ්බෙ එතනමයි..මන් දැක්කට කියන්න ගියේත් නෑ..ඒකෙ අයිතිකාරයො එළඹ සිටි බුද්ධියෙන් ඉන්ඩ එපාය..

      Delete
    2. අනේ නොදන්න නිසයි අහන්නෙ. මොකක්ද ලියන මහත්තයො ඩහවස් කියන්නෙ? :)
      henryblogwalker the Dude

      Delete
    3. හලේ සුදු අයියෙ දවස් කියන එක මන් ගහලා තියෙන හැටි හැබෑටම...

      Delete
  17. මරු ඈ... නියම ගමන.. එල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..

      Delete
  18. වෙසක් නොබලන අපි වගේ අයට වෙසක් පෙන්වන්න ගන්න උත්සාහයට ගොඩාක් පිං.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ හිටිය නම් මල්ලිලත් ඉතින් බලනවනෙ...

      Delete
  19. ගොඩක් ස්තූතියි මිත්‍රයා - අවුරුද්දට, වෙසක් එකට, පොසොන් එකට මෙහෙට වෙලා ඉන්න එක විඳවන වැඩක්
    ඒ අවුල ටිකක් හරි මගෑරෙනව කෙනෙක් මහන්සිවෙලා මෙහෙම පින්තූරු අරන් බෙදාහදා ගන්න එකෙන්
    අන්තිමට.... පිං ඔබට

    ReplyDelete
    Replies
    1. ඔව් තිස්ස, ඒ කියන ප්‍රයෝජනය මන් මුල් පෝස්ට් දමද්දි ඔළුවෙ තිබුනෙ නෑ..පස්සෙ තමයි එහෙම වටිනාකමක් තියේ කියලා තේරුනෙ..කීව එකට ස්තූතියි..

      Delete
  20. ඉස්සර වෙසක් කුඩුවක් හදලා ඉටිපන්දම් පත්තු කළා ම බොහෝ වෙලාවට ගිනි ගන්නවා.. ඒකෙන් පුංචි හිත් වලට තේරුම් කරවන්නේ මහා ගැඹුරු විශ්ව ධර්මතාවක්. ඒත් දැන් පාට පාට බල්බ් දාපු වෙසක් කුඩු වලින් අපි වෙසක් කුඩුවකින් බලාපොරොත්තු වෙන ඒ මහා විශාල අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් රැංගෝ අන්න ඒ සත්‍යය වෙන්න ඇති අපි ඒ කාලෙ ඉගෙන් ගත්තෙ..වෙසක් කාලෙදි..

      Delete
  21. පොඩි කාලෙ අපි හදාපු වෙසක් කූඩුවලට උනෙත් ඒ ටිකම තමයි! තව සමහර ඒවා වැස්සට දිය වෙලා ගියා.

    ReplyDelete
  22. ඕ වෙසක් කාලෙ වැහි කාලෙම තමයි ඉතින්..දැන් නම් කාලගුනෙත් වෙනස් වෙලා..අපි එහෙම වෙන වෙසක් කූඩු ආයි ආයි අලවලා පත්තු කරනවත් එක්ක..ගිනි ගත්තොත් නම් සොරිම තමයි..අඬලා වැලපිලා නිකන් ඉන්නවා..දැන් තමයි ඒකෙ පිටිපස්සෙ තිබිච්ච ඇත්ත තේරුම් යන්නෙ...

    ReplyDelete