"මොනවද මේ නර්ස් අලවන , හයි කරන කෑලි වලින් වෙන්නෙ?"
"ඔය වයර් සේරම සම්බන්ධවෙන්නෙ මේ Lie detector කියන මැසින් එකට..ඔයා මොනවා හරි බොරුවක් කීවොත් ඒක මේ මෙශින් එකෙන් දෙන ප්‍රින්ට් අවුට් එකෙන් හොයා ගන්න පුළුවන්"
"මන් බොරු නොකීවොත්?"
"ඒකත් හොයා ගන්න පුළුවන්"
"ඒ කියන්නෙ මන් කියන දේවල් විශ්වාස නෑ.?"
"විශ්වාසද නැද්ද කියන එක මට ජජ් කරන්න බෑ ඒ නිසයි මේ වගේ යාන්ත්‍රික ක්‍රමයක් යොදා ගන්නෙ"
"ආ හරි මන් රෙඩි"
"මන් අහන ප්‍රශ්න වලට ඔව් නෑ වගේ කෙටි පිළිතුරු දෙන්න..ඔන්න මන් පටන් ගන්නවා.."
"ඔබේ නම !@@#$%^&& ?"
"ඔව්."
ඔබේ වයස 41යි ?
"ඔව්"
"ඔබේ ගම *******?"
"ඔව්"
"ඔබ දැන් පදිංචිය ******?"
"ඔව්."
"ඔබ සත්තු මරලා තියෙනවද ? "
....කැරපොත්තො, කූඹි, කඩි, වේයො, මීයො, සර්පයො රාශියක් හිතට එයි
"ඔව්."
"ඔබ හොරකම් කරලා තියෙනවද ?"
"ඔව්."
"ඔබ කාමයෙ වරදවා හැසිරිලා තියෙනවද ?"
...සිතට නැගුනු සිතුවිලි සියල්ලම කොටු කොටු දමා වසා ගතිමි....
"ඔව්"
"ඔබ බොරු කියලා තියෙනවද ?"
"ඔව්"
"ඔබ සුරාපානය කරලා තියෙනවද ?"
"ඔව්."
"ටෙස්ට් එකේ පලවෙනි කොටස එක ඉවරයි. "
විනාඩි 15කින් පමන පසුව..
"ඩොක්ටර් මගෙ ටෙස්ට් එකේ රිසල්ට් කොහොමද ?"
20% ක් බොරු.....
ReplyDeleteඒ කියන්නෙ මෙතන තියන සමහර ඒවා කරලා නෑ... (ඔබ කාමයෙ හැසිරිලා තියෙනවද ?) :D :D
නම , ගම . ඉන්න තැන වැරදිද දන්නෙ නෑහ්...
Deleteමට හිතුනා.. මට හිතුනා..
Deleteමම බොරු අල්ලන රෝබෝගේ කතාව අහලා තියේ.., මුලින් කියවන්න යනකොට මම හිතුවේ ඒක කියලා :))
ReplyDeleteනෑ ලිශන් මලයා මේ ආතම් විවරනයක්..හැබැයි රොබෝවෙක් කිව්වත් වැරදිත් නෑ..දවසෙ පැය ගනනාවක්ම රොබෝ තමයි...
Deleteඅයි කුඩුන්ට් අන්ඩස්ටෑන්ට්!:P
ReplyDeleteඅයි ඩෝන්ට් නෝ හව් ටු සිම්ප්ලිෆයි මෝර්...
Deleteමට පේන්නෙ නම වැරදියි වගේ... @@#$%^&& ?" මෙහෙම නං තියෙනවැයි!:P
Deleteආ ඔය අහු උනේ වැරදියට දීපු උත්තරයක්...තව තව..
Deleteප්‍රෂ්න 9 යිනෙ තියෙන්නේ...
ReplyDeleteඑකක් බොරුනම් ප්‍රතිෂතය 11.11 වියයුතුයි...
දෙකක් බොරුනම් ප්‍රතිෂතය 22.22 විය යුතුයි
නිගමනය : යන්ත්‍රය දෝෂ සහිතයි !!!!
ඩොක්ස් අතගාලා රවුන් කලාද දන්නෙ නෑ...
Deleteවැඩක් නැහැ..මැෂින් එක බොරු කියන එවුන් අල්ලගත්තට ප්‍රතිශත ගනන් වලට හරි දුර්වලයි වගේ.....
ReplyDeleteප.ලි.
මාතෘකාව හරහා අපව නොමග යවා මෙතනට ගෙන්වා ගැනීමට දරන උත්සාහය හෙලාදකිමු.
හ්ම්ම්ම්...වචනෙ දැක්ක ගමන් ...එක්කො ඕනි නෑ..මන් වැරදී තමයි.. (රහසින්) ආයි වරෙන් බන් කමක් නෑ..හෙලා දැක්කටනම්..
Delete'කාමයෙහි වරදවා හැසිරීම' සහ 'සුරාපානය' වගේ වචන ඔය 'Lie Detectors' වලට තේරෙන්නේ නෑ.:D
ReplyDeleteඊඊඊහ් ඕවට අසභ්‍ය වචන පාවිච්චි කරන්නෙයි කියලද පොඩී කියන්නෙ ???
Deleteමම ට්‍රයි කොලේ කියපු බොරු මොනාද කියලා අල්ලගන්න... ම්හු මේක කොම්පීතර ජිල් මාට් එකක්.
ReplyDeleteමම හිතන්නේ වයස වැරදි ඇති ආයේ ගම වැරදි ඇති... හික් හික්
අනිවා ඒ දෙකම බොරු කියලා ඇත්තෙ...
Deleteමම හිතන හැටියටනං වයස වැරදියි වගේ...
ReplyDeleteවයස නම් හරි ඇති මල්ලි..පහු ගිය දවසක නේද සැමරුවෙ...
ReplyDeleteපිස්සුද අනේ, මොන Lie detector ද? අර පොලිෂ් මාමල වගේ දෙකක් ඇන්න නම් නිකන්ම ඇත්ත කියනව. :-)
ReplyDeleteහිකිස්.. ඒක නියමෙටම වැඩ කරන මැසිමක් තමයි...
Deleteවරදවා ගන්නේ නැතිව කාමයේ හරියාකාරවම හැසිරෙන්න ඇති..බොරු කියලා තියෙන්නේ එතන.. මීට වඩා විස්තර කරන්න බැහැ මට. වැඩිහිටියන්ට පොඩි එවුන් කියන එව්වා නෙවෙයිනේ ඒවා.
ReplyDeleteහ්ම්ම්ම්ම් හ්ම්ම්ම්..වරදවා නොගත්ත ඒවයින් එකක් නේන්නම් ඒකත්...
Deleteහෑ ඒ කුනුහබ්බේ මොකක්ද?
ReplyDeleteකෝ කෝ කුනුහබ්බ...?
Deleteකවුද දන්නෙ ඔය මැෂිමත් බොරැ කරනවද කියලා.
ReplyDeleteඑහෙම නැත්තං මේ වගේ රිසල්ට් එකක් එන්න විදිහක් නෑ.
ඇත්තම කීවත් පිලිගන්නෙ නැත්නම් මොනා කරන්නද ?
Deleteඅපරාදේ, මැෂිමට බයේ ඔක්කොම ඇත්ත වමාරලා.. (රහසින්) ඇත්තටම අය්යේ ඔහොම මැෂිමක් තියේද??
ReplyDeleteඅෆොයි තියෙනවා මල්ලි, මන් දැකලා තියෙන්නෙත් ෆිල්ම් වලින් තමයි..
Deleteඔය මැශිම වැඩ කරන එකක් නෙමේද කොහෙද?
ReplyDeleteනැත්නම් මෙච්චර කෙබර කෙලින වෙනියට 80% ලකුනු දේව්ද ?
ඒකත් කෙබරයක්ද මන්දා ??? කල්පනා කරලා ඔළුව අවුල් වෙනවා අෆ්ෆා...
Deleteමෙහෙම වෙන්න බැරිද එකේ වයර් දෙක දෙපැත්ත මාරු කරලා ගහල තිබුනද කියල. 80% බොරු නේද කියන්න ඇත්තේ.
ReplyDelete20% ඇත්ත මොනාද එතන තියෙන ?
Deleteවයස නමි බොරුවත් කියලා තියෙන්නේ
ReplyDeleteලියන්නා සීයා පට්ට නාකියි නොවෑ
20% ඇත්ත මොනාද එතන තියෙන ?
Deleteඇයි මට මේ ටික විතරක් තේරුනේ නැත්තේ.....
ReplyDeleteතව කල් යන්න ඕනි මෝරන්න...
Deleteඇත්ත කියන්න ගියාමත් ඔහොම වෙනවා , :D
ReplyDeleteඅනිවා ඩෙෆා...ඔහොමම තමයි වෙන්නෙ..
Deleteපන්සිල් පද පහ ආරක්ශා කලාද කියලා තියෙන ඒවට දුන්න උත්තර වෙන්න ඇති 80% අහු වෙන්නේ.. අනිත්වා තමයි 20% :)
ReplyDeleteහ්ම්ම් දිනේස්ට තේරිලා තියෙන්නෙ නියමෙටම..
Deleteමන් හිතන්නේ ඕක බොරු මැෂිමක්
ReplyDeleteබොරු මැසිමකින් ඇත්ත දෙයක් දෙන්නෙ නැත්ද ?
Deleteසමහරවිට මැශිම බොරු කරනවා ඇති
ReplyDeleteහික්ස්..අනේ මන්දා ??
Deleteනම,ගම කොටුවට දාලා වයස විතරක් පේන්න දාල තියෙන්නෙ අපිව රවට්ටන්න වෙන්නැති.....
ReplyDeleteඅහුවෙන් එපා කෙල්ලනෙ............
හික්ස්..කෙල්ලො අහුවෙයි මේ වයසට නම්....
Deleteහ්ම්ම්ම්...... අපි හැමෝම වැරදි කරලා තියෙනවා. ඒත් සමහර වෙලාවට ඒ වැරදි අපි හිතන තරම්ම දරුණුත් නෑ!
ReplyDeleteඅෆොයි ඔව්..නැත්නම් මෙලහකටත් කූරු ගනිනවා...
Deleteඒ කිව්වේ අප්පා. ??
ReplyDeleteඅනේ මන්දා ඒ කිව්වෙ මොකද්ද කියල නම්..
Deleteමොකක්ද කීව වැරද්ද ? මම හිතන්නේ බීලා නෑ හැමදාම වීදුරුව අතට අරන් මොනා හරි කියෝ කියෝ ඉඳලා සොට් එක අහක දාලා තියනවා ඒක තමා ඔය යන්තරෙට අහුවුණේ
ReplyDeleteඅහක දමන්නෙ නෑ..වටිනා කියන දේවල් අපිනම් අහක දමයි..
Deleteඅම්මපා....මෙකත් නිකං බොරු සමග හෙලුවෙන් වගේ නොවැ...
ReplyDeleteඔව් රාජ් ඒ නාට්‍යය බලන්න නම් බැරි උනා..
Deleteඇත්තටම ඇත්ත කියනවා නම් මටත් තේරුනේ නෑ..!!
ReplyDeleteඔතන එච්චර තේරෙන්න දෙයක් කියලා නෑ අෆ්ෆා..
Deleteමට මතක් උනේ රජගෙදර තියන බොරු කියනකොට කනේ පාරක් දෙන මැසිම.
ReplyDeleteඒ කතාවත් මතක් උනා තමයි...
Delete