ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, May 7, 2012

වෙසක් මුදල් වලටම යටවෙලා තමයි..ඒත්..

වෙසක් මුදල් වලටම යටවෙලා තමයි..ඒත්.. මේ සියුම් , ලස්සන නිර්මාණ වලට යටින් දිවෙන කතාවකටත් පුළුවන් නම් ඔබේ සිතුවිලි දහරාව යොමු කරන්න...සේරම අමතක වෙලා සියුම් වේදනාවක් වගේම ඉමහත් භක්තියක් ඇති වෙනවා මේ නිර්මාණවලට දායක වෙච්ච අයවළුන් දිහාවට..ඔව් ඒ අය බලාපොරොත්තු වෙනවා ඇති තමයි වානිජ පරමාර්ථයන්...



අද ඒ කියන්නෙ මේ ෆොටෝ වලට අහු උන 06 වෙනි ඉරු දින රාත්‍රිය..මගේ ඔළුව ඇතුල තිබුනු සැලසුම උනේ එක දවසක් තනියම ගිහින් ෆොටෝ අරන් ඊළඟ දවස් ටික යාළුවො එක්ක යනවා කියලයි.
ඒ වගේම අද මම ගියේ යාළුවො සෙට් එක එක්ක..ඒත් ඒ ගොල්ලන්ගෙ ෆොටෝ මේකෙ නෑ. හේතුව තමයි එක් කෙනෙක් දෙන්නෙක්ගෙන් පටන් අරන් එක් හඬින්ම සේරම බොහෝම ආදරණීය විදියට මගෙ ඔළුව සහ බෙල්ල අතගාලා කීවෙ..


"ඔය කුජීත බ්ලොග් එකේ අපේ ෆොටෝ එහෙම දමලා තිබ්බොත් බොලා ආයි පොසොන් එකට දන්සැල් කන්න වෙන්නෙ කඩෙන් ගත්ත දත් සෙට් එකකින් තමයි"


එච්චර කාරුණිකව, ආචාරශීලීව ඉල්ලපුවහම නන්නාඳුනන කෙනෙක්ගෙ උනත් ඉල්ලීමක් අහක දමන්නෙ කොහොමද කියලා ඕන් මන් දාන්නෙ වෙසක් අසිරියේ ෆොටෝ විතරයි.. මන් නහින්නද වෙසක් තොරනෙ, කූඩු වල එහෙම ෆොටෝ ගන්න කොට ඒ අස්සෙ උඹලගෙන් එකෙක් දෙන්නෙක් ඒ අස්සෙ රිංගුවට..!


වාහන පෝලිමක පැය 2-3ක්ම කට්ටෙ අනුභව කරලා අපි ගියේ සිරස වෙසක් කලාපය බලන්න..අනෙ අප්පේ..එහෙමත් ට්‍රැෆික් බ්ලොක් එකක් !


ඇතුල් වීමම පේනවනේ සෙනඟ.
.



ලංකාවෙ දිගම තොරන් රාජයා කියලයි කියන්නෙ..ඒ වගේම ලංකාවෙ කොටම තොරන් රාජයා වෙන්න ඕනි කියලත් මට හිතුනා...








 ඔන්න ඉතින් පිට්ටනියෙ තිබ්බ කූඩු තරඟෙ..සෙනඟ ඇතුලෙන් ගිහින් හොඳට බලලාඅ ෆොටෝ අල්ලන්න නම් බෑ..පෝලිමේ පේලි දෙකක් විතර මෙහා ඉඳන් කැමරාවෙ දමලා කැමරාව ඔළු ගෙඩි වලට උඩින් අල්ලලා පෙනෙන මානයට තමයි ෆොටෝ ගත්තෙ..ඒ නිසා කූඩු වල පහල බාගය පෙනෙන්නෙම නැති තරම්..













 මෙතන කූඩුව බලන්න යනකොට මන් වගේ හත් අට ගුනයක් මහත කාන්තාවක් "ඔන්න යකා එනෝ " කියලා මාවත් පෙරලන් දිව්වා.. ළඟට ගියහමයි දැක්කෙ..කූඩුවෙ පහල විලක් විදියට නිර්මාණය කරලා තිබුනු වතුර භාජනයෙන් විටින් විට යකෙක් මතු වෙන්නයි ඒක හදලා තිබ්බෙ..අර මාව පෙරලන් දීව කෙනාව ආයි දැක්කෙම නෑ..දැක්ක නම් ෆොටෝවකට අල්ලනවයි කියලා හිටියෙ..
 මෙතන තිබ්බෙ රූකඩ නාට්‍යක්..අපේ සෙට් එක "රූකඩ මඩු යාග පොලේ" සින්දුව කිය කියා හිටියට කවුරුවත් අපි දිහාවෙ නම් බැලුවෙ නෑ



 වෙසක් අසිරිය වගේම වෙසක් අසිරිය විඳින්න එන අය දිහාවෙත් සැරින් සැරේ වලාකුළු අතරින් එබිලා බලලා යන්න මෙයා අමතක කලේ නම් නෑ..එයාට ලැජ්ජා හිතෙන්න ඇති..එයාගේ එලියට නොදෙවෙනි වෙන්න එලියක් හැමතැනම තිබ්බ එක ගැන...

අහල පහල තියෙන අහස සිඹින ගොඩනැගිලි  පවා ලස්සනට පෙනුනා... 

 හිටපු සෙනඟෙන් අතලොස්සක් විතරයි මේ..


 දෙපැත්තටම ඉන්න පෝලිම දැක්කහම අපි ධාතු වඳින්න යන අදහස වෙනස් කර ගත්තා..සෙට් එකේ හිට්ට උන් ඒ වෙනුවට කරපු විකල්ප යෝජනා නම් ඉතින්...අනේ අම්ම්පා උඹලාට යන්න වෙනම අපායක් හදන්න වෙයි..මොක වටේ වැට බැඳත් කට වටේ වැටවල් බඳින්න පුළුවන්ද ?



තව හත් වෙනිදාත් වෙසක් බලන්න යන්න හිතන් ඉන්නවා බෞද්ධාලෝක මාවතෙ..


51 comments:

  1. ලස්සන තොරන්. පින්තූරත් ලස්සනයි. අර 'මෙන්න යකා එනවෝ ' කියලා කාන්තාවක් දුවපු හැටි කියවනකොට හිනායනවා.

    මේ හැමදේටම යටින් දිවෙන කතාවකුත් තියෙනවා නේද? මේ වැය කරපු මුදල්වලින් ඇඳන් නැතිව රෝහල්වල බිම නිදන ලෙඩ්ඩුන්ට ඇඳන් ටිකක්, අනාත ලමයින්ට අවශ්‍ය ඇඳුම් ටිකක්, දුප්පත් ඉස්කෝලෙක ලමයින්ට පුටු, මේස ටිකක් අරගෙන දුන්නා නම් මීට වඩා හොඳයි නේද කියලා මගේ හිත අහනවා. කවුරු හරි මොනා හරි කියන්ට කලින් පොඩ්ඩි මෑතකදී රෝහලකට, රෝහල් ඇඳක් පරිත්‍යාග කලා හොඳේ.

    ReplyDelete
    Replies
    1. රෝහල් වලට අවශ්‍ය පහසුකම් දෙන්න වෙන් කරන සල්ලි සහ පාසල් වල පහසුකම් වලට වෙන් කරන සල්ලි වලින් කරන ගසා කෑම් නැති කරා නම් ඉවරයි. දුප්පත් ළමයින්ට ඇඳුම් පැලඳුම් සහ අවශ්‍ය දේවල් දෙන එක නම් හොඳයි. ඒ ළමයින්ගේ අම්මලා තාත්තලාට රස්සාවක් හදලා දෙනවනම් ඊට වඩා හොඳයි.

      Delete
    2. පොඩ්ඩීගේ කතාව මසුරන්.. ව්ශාල සල්ලි කන්දරාවක් යට කරලා මේ කරන නාස්තියට වඩා හොඳ නැද්ද නැති බැරි මිනිස්සු හොයලා එදාට ඒ මිනිස්සුන්ට ගෙයක් දොරක් දරුවන්ට පොත්පත් අරන් දුන්නා නම් ?

      Delete
    3. ඇනෝ එක්ක එකඟයි කන්න බොන්න ආතක් පාතක් නැති මිනිහෙක්ට මාළු ටිකක් දෙනවට වඩා හොඳයි බිලීපිත්තක් හදලා දෙන එක.එහෙමත් නැත්තම් ඒකක් හදාගන්න කියලා දෙන එක....

      මේවා මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක හොඳයි අඩුගානේ අවුරුද්දකට සැරයක් ජාතක කතාවක් බලෙන් හරි පෙන්නනවානේ මිනිස්සුන්ට.දෙයක් හිතට ගන්නවනම් ඒකම මදෑ.පොකු අක්කා මේ කතාව දැයට කිරුළ වගේ මුදල් වියදම් කරන දේකට කිව්වනම් චුට්ටක් සාධාරණයි.

      හැබැයි කාත් කවුරුවත් නැති ළමා නිවාසෙක ලමයිට වැඩිහිටියන්ට මොනාහරි ආධාරයක් කරනවනම් ඒකෙ නරකක් මම දකින්නේ නෑ මොකද පුංචි ලමයින්ටයි වයස්ගත පුද්ගලයන්ටයි රස්සා කරන්න දෙන්න බෑනේ..

      Delete
    4. @ පොකු -සහ ලංකා - ඔව් කොච්චර පින් සිද්ධවෙනවද ඒවගෙ දෙයකින්..ඒ වගේ දේවලුත් හරියට වෙනවා මෙහෙ..අපි වෙසක් බලනවා වගේ ඒව බලන්න යන්නෙ නෑ නම් තමයි..සමහර මීඩියා ඒ සිද්ධීන් ආවරනය කරනවා..
      @ඇනෝ සහ ගැමියා - දෙන්නගෙම කතාවල ගත යුත්තක් තියෙනවා..

      Delete
  2. කාපු කට්ටට බොහොම පින් වෙනියො...

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා ස්කයි මල්ලි ඉන්න !

      Delete
  3. අලංකාරය. නියම පොටෝ ටිකක්ය.
    ඇත්තටම ධාතු බලන්නැතිව මොනව බලන්නද ගියේ ?

    ReplyDelete
    Replies
    1. එතන සෙනඟ මල්ලි හරියට..ඒ නිසා ධාතු බැලුවෙ නෑ..අනිත්වා බලලා ආපහු ආවා..ආවා කිව්වට තව පැය 2-3ක්ම ට්‍රැෆික් බ්ලොක් එකේ හිර වෙලා හිටියා

      Delete
  4. නියමයි... දැන් ඉතිං අපි කොළඹ යන්න ඕනේ නෑ...

    ReplyDelete
    Replies
    1. කම්මැලි නොවී එන්න ෆිශ් මල්ලි යාලුවොත් සෙට් කරන්...

      Delete
  5. පින්ම සිද්ද වේවා.වෙසක් බලන්න නොගිය අපිට මෙහෙම වෙසක් පෙන්නුවාට.... සාදු සාදු සාදු......

    ReplyDelete
    Replies
    1. මෙන්න තව කම්මැලියෙක්..ගෙදර වැඩත් ඉවර එකේ මොකෝ වෙන්නෙ වෙසක් ටිකක් බැලුවනම්...

      Delete
  6. මේ කැමරාව මොකද්ද..හඳේ පොටො එකක් ඔච්චර සාර්ථකව අල්ලන්න පුලුවන් නිසයි අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. මාත් කල්පනා කලා ඕක. අර මේකාගෙ ටෙලිෆෝටෝ ලෙන්ස් එක දාලා වෙන්න ඇති. අපේ කැමරා වලින් ගැහුවම පොලොවෙ ඉඳලා හඳට තියෙන දුර පැහැදිලිව අවබෝධකරගන්න පුලුවන්.

      henryblogwalker the Dude

      Delete
    2. Cannon 500D with 18-270mm lens.
      මීට වඩා පැහැදිලිව ගන්න ටෙක්නික් මන් තාම ඉගෙන ගන්නවා හෙන්රි ..

      Delete
    3. මොකෝ දන්නෙ නෑ උඹ හෙන්රි කියන එක හරියට ගැහැව්වෙ. වෙනද ගහන විදියට මට මතක් වෙන්නෙ කුකුල් බෙට්ටක්.
      henryblogwalker the Dude

      Delete
    4. කී සැරයක් නම් ඒකට දෝශාරෝපන ඇහුවද ඉතින් ?!! :-DD

      Delete
  7. මහන්සි වෙලා මේ දේවල් අපිට බලන්න දාපු එක ගොඩක්ම වටිනවා වෙනී අයියේ..

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ ෆොටෝ ටික ගන්නවමනෙ ඉතින් මේ සැරේ ශෙයාර් කරන්න හිතුවා මල්ලි..

      Delete
  8. පොටෝ මොටෝ වෙනියො, කාපු දන්සැල් වල විස්තර දැම්ම නං හරි වටිනව.

    ReplyDelete
    Replies
    1. ඔබා අයියෙ... පිං අනුමෝදම් කළාට "ප්‍රෝටීන් - විටමින් " අනුමෝදම් කරන්න බෑනෙ....-:)

      Delete
    2. දන්සැල් නම් මොනාද ඔබා අයියෙ..අඟලෙන් අඟල තිබ්බා..වැඩිය කෑවෙ නම් නෑ..ටිකයි
      @සුමිත් - ඒක නම් ඇත්ත..

      Delete
  9. නියමයි. අපේ පැත්තෙ කරුමෙට වෙසක් කූඩුත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් කොළඹ තමයි හොඳම වෙසක් මන් හිතන්නෙ !

      Delete
    2. වෙසක් කොළඹ, පොසොන් අනුරාධපුරේ..

      දංකොටුව කසිප්පු අහ් වැරදුනා..

      Delete
    3. හිතේ තියෙන්නෙම කසිප්පුම තමයි ඉතින් සෑම්ගෙ...අනේ මේ පෝය කාල්දිවත් සැදැහැ සිතින් ඉන්නකෝ...

      Delete
  10. අන්තර් ජංජාලයෙන් වෙසක් බල බලා යනගමන් මේකටත් ගොඩවුනා. වෙසක් කූඩු, පින්තූර ලස්සනයි. අපිටත් පෙන්නුවාට පිං!
    "විකල්ප යෝජනාව" ගැන නම් මොනවත් හිතුවෙත් නෑ, හිනාවුනෙත් නෑ, ලියන්නෙත් නෑ හොඳේ! :D

    ReplyDelete
    Replies
    1. ඔව් හිත මිතුරු දන්නෙ නැද්ද අපෙ උන්ගෙ කට කැඩිච්ච කතා..

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. "ඔන්න යකා එනෝ" ඇඩ් පාරක් වෙන්න ඇති....

    පිංතූර ටිකනම් ෂෝක්....ගිහින් බැලුව වගේ තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා එද්දිලු නේද දිව්වා කියන්නේ...

      Delete
    2. අනේ මන්දා ඒ සීන් එකට නම් අපි සේරටම හිනා..

      Delete
  13. පොටෝ ටික ලස්සනයි අර කරලා තිබුන යෝජනාව ගැන යමක් හිතුනා
    ඔයිට වඩා සල්ලි නාස්ති කරන තැන් ඕන තරම් තියෙනවා
    ආගමික වැඩක් කරනකොට විතරක් ඔහොම අදහස් එන එක ගැන දුකයි

    ReplyDelete
    Replies
    1. ඕ ඒක නම් සහතික ඇත්ත..තව කොයිතරම් දේවල් වෙනවද ? ඒව ගැන නෝ කතා තමයි..

      Delete
  14. අත කඩාගෙන අවුරුදු ක්‍රීඩා කලාට පස්සේ අඬු කඩාන වෙසක් බලන්න නම් ගියේ නැතෝ.. ඉතින් වෙනීගේ වෙසක් තමයි මමත් බැලුවේ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට සනීප කර ගන්න ! පොසොන් වලටත් ලංකාවෙම ඉන්නවනම් පොසොන් අසිරිය බලන්න පුළුවන් වෙයි ඔබට!

      Delete
    2. ස්තුතියි වෙනි.. දැන් නම් ගොඩක් හොඳයි, අකුරු කොටන්නත් පුළුවන්.

      Delete
  15. ලස්සනම ලස්සන පොටෝ ටිකක්... ගෙදර ඉඳන් වෙසක් බැලුවා වගේ මාර වටිනවා.තව ටික කාලයක් යද්දි මේ විදියට කූඩු හදයිද කියලා පැහැදිලි සැකයක් එනවා මොකද ඉස්සර පහන් කූඩු වැහිවැහැලා තිබ්බ මේ පැත්තේ දැන් ඒ තරම් වෙසක් සිරියක් දකින්න නෑ...

    මුදල් බලාපොරොත්තුවෙන් වගේම එහෙම බලාපොරොත්තු නොවී ආත්ම තෘප්තියට පහන් කූඩු තොරණ් හදන මිනිස්සුත් නැතිව නෙමෙයි.අනික් අතට එදා ඉඳන් දන්සැල් වැඩිවෙනවා මිස අඩුවීමක් නම් දකින්න නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් නවීන පන්නයේ කූඩු එයිද මන්දා ? දන්සැල් ගැන කතාවට නම් මමත් එකඟයි..ඇත්තටම ඒ කාලෙට වඩා ගොඩක් දන්සැල් තියෙනවා අද කාලෙ !

      Delete
    2. තියනවා තියනවා මොකද නැත්තේ. ඉස්සර (2002) විතර කාලේ තිබ්බ යකඩ කුඩු. දැන් ප්ලාස්ටික් කුඩු. ගෙනාවා ඇමිණුවා ඇලෙව්වා..

      Delete
  16. ගොඩාක් ලස්සන තොරන් තිබිල තියෙනවා.

    ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, තව එක ෆොටෝ සෙට් එකක් තියෙනවා ඒකත් දමන්නම් !

      Delete
  17. කුරුලු තොරන් තිබ්බෙ නැද්ද වෙනී මාමා.... :D

    ReplyDelete
    Replies
    1. ඈහ් ඒ මොනාද බොලේ ඒ..???

      Delete
  18. ලොකේ ලංකාවේ විතරනේ මේ වගේ දේවල් සිද්දවෙන්නේ..ඉතින් ඔය ක්‍රියාවන් ලඝු නොකොට විඳින එක තමා හොඳ වැඩේ..වෙසක් දවස් වලට විතර නොවැ ඔය වගේ අලංකාර දේවල් නිර්මාණය වෙන්නේ..අනිත් කාල වලට ඔය ඇතිපදන් කස්ටිය තැන් තැන් වලටා ආධාර පොත් පත් රොද පුටු අරව මේවා..දන් දෙන්නේ..ඉතින් වෙසක් එකට පොසොන් එකට ඔයවගේ නිර්මාණ ඉදිරිපත් කලාට කමක් නෑ...
    කොහොමත් සිරස වගේ ආයතනයක් නිකං ඔව කරනවයැ..අනිවා මාකටින් පාරක් යටින් යනවමනේ..වෙනසකට තියෙන්නේ අනිත් චැනල් ඔව කලාට හරියට මාකට් කොරගන්න දන් නැති එකනේව...දෙපැත්තම සංතොශයි නම් වෙන කුමන කතාද...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රාජ්..ඕකට මොකට හිතේ ගතේ ගැටුම් ඇති කර ගන්නවද ? ඕන් ඔහේ බලලා අල්ලලා දාමු...කියලයි මන් කියන්නෙත්..

      Delete
  19. Replies
    1. කිරි පැනි ටිකට දෙන්නම් ආයිමත් එක පෝස්ට් එකක් එහෙනම්...

      Delete
  20. HNB බිල්ඩින් එකද කොහෙද ලස්සනට බෞද්ධ කොඩියෙ පාටින් ලයිට් දාල තිබ්බා. වෙනියගෙ ඇහැට අහුවෙලා නැහැනේ.. :(

    ReplyDelete
    Replies
    1. දැකලා නෑ සෑම්..වාහනේ යන කොට ඇහැ ගැටෙන්නත් ඇති..ඒත් ෆොටෝ එකක් ගහල නෑ..

      Delete