නිධාන කතාව
2012 මාර්තු මස
අපි සාමාන්යයෙන් සමහර වෙලාවල් තියෙනවා සීමාව පැන්නහම
වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව කියන දේවල්.. ඒ වගේ දේවල් අපේ ජීවිතේටම සමහර
වෙලාවට හොඳට, සමහර වෙලාවට නරකට හිටිනවා. එහෙම සිද්ධ වෙච්ච වෙලාවකට ඇණයක්
උණත් පස්සෙ හිතන වෙලාවල් වල ජීවිතේම හැරවුම් ලක්ෂ්යයක් වුණු දෙයක් තමයි
මේ..
මට
පහු ගිය කාලෙ ඉතින් ඔය කැමරා රාජයෙක් හම්බ උණා නොව..මන් ළඟ තිබුණු පොඩි
පොඩි කැමරා එක්ක බලද්දි මේ කැමරාව උස්ස ගෙන ඉන්නත් සෑහෙන කැලරි දහනය වෙන
වැඩක් තමයි. ෆොටෝ ගහන්න හොඳයි, ලස්සනයි කියලා හිතෙන සීනරීස් දැක්කත් ඔය
ප්රශ්නෙ නිසා කැමරාව උස්සගෙන යනවා ටිකක් කම්මැලි වැඩක්ම තමයි..
ඉතින්
ඔය කැමරාව එක්කම මට දවස් කීපයක කැමරා භාවිතය පිළිබඳව පුහුණුවක් ලැබුණා.
කැමරාව එපා කීවත් මේ අති දුෂ්කර පුහුණුව නම් මග හරින්න කිසිම ක්රමයක්
තිබුණෙ නෑ.ඉස්සෙල්ලා තිබුණු කැමරාවෙන් බොහෝම ලේසිවට ගත්තා ඇල්ලුවා ගැහැව්වා
කියන සරල කම බොහෝම ඈතකට ගිහින් තිබ්බත් මමත් ඉතින් ඔය කැමරාවෙ මැනුවල් එක
එහෙම කියවලා දැන් වැඩේ යනවා.. මැනුවල් එක කියවලා ඒකෙ තියෙන විදියටම කරනවා
කියන එකත් මහ ලොකු ගේමක් නෙවී..ඒ පාඩමත් ඉවරයි..
ඊළඟට තමයි ආවෙ ගේම ! එක එක වෙලාවලට කියනවා ,
"Ah
! Now This is the best time for a perfect shot , Please take a sharp
photo from this angle making all adjustmanets what you learnt so far..."
ෆොටෝ
එකක් ගන්ඩ අමාරු අඩු එළිය තියෙන මොහොතවල් වල සහ දුෂ්කර ෆොටෝ ගැනීම ගැන
ඔන්න ඔහොම තමයි මට ෆොටෝ ඉගෙන ගන්ඩ උණේ. මට අකමැත්තක් පෙන්නන්නත් බෑ..මොකද
මෙච්චර ලොකු තෑග්ගක් දීපු කෙනාගෙ හිත රිදවන්න බැහැනෙ කොහොමත්.. අනිත්
භයානකම එක අකමැත්තක් හිතන්නත් බෑ හිතන දේවල් පවා දැනෙන තරම් සමීපතමයෙක් වීම
ඊටත් වඩා ලොකු හේතුවක්..ඔහොම පාඩම් දෙක තුනකට පස්සෙ මන් මහන්සිය නිසාම
පොඩ්ඩක් ඇල උණා පොඩි නැප් එකකට...මගේ කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙම ජනේලෙ
වීදුරුවෙ වහලා සලබයෙක්..ඌ හිතන්ඩ ඇත්තෙ වීදුරුවක් නෙවේ කියලා වෙන්ඩැති. ඕක
දැක්ක විතරයි..
"Oh what a beautiful butterfly, please take sharp photo from outside dear"
මොන බටෆ්ලයියෙක්ද ? ඌ සලබයෙක් මතක් කළා සලබයාට කියන ඉංග්රීසි වචනෙ එන්නෙම නෑ ඔළුවට
"No no this is not a butterfly it is a kind of moth"
කියලා
ෂේප් වෙච්ච මන් කැමරා උපකරණ ටික ලෑස්ති කරන් ගියා එතනට..යකඩෝ ඌ වහලා ඉන්න
තැන මගේ උසට වඩා අඩි 2-3ක් උඩ. මොනවා කරන්නද වැඩිය සද්ද බද්ද නොකර පුටුවක්
උස්සන් ගිහින් ගත්තා ෆොටෝ 2-3ක් ම.. පුටුව උඩ ඉඳන් එහෙ මෙහෙ වෙන්නත් බෑ
හරියටම එළිය වැටෙන පැත්තෙ ඉඳන් ගන්ඩ..
ගන්න ගන්න ෆොටෝ එක බලලා ...
"Oh, this is not sharp enough ! See you cant count its legs !"
හතර පස් පාරක් ගත්තත් ෆොටෝ එක ඔය උත්තරේමයි ලැබෙන්නෙ..
පුටුවක්
උඩ නැගලා මේ කැමරාව එල්ල කරන් ඉඳලා අත් දෙකයි උරහිසත් රිදෙනවා. මහන්සිය
අස්සෙ මේ කැමර හිලෙන් සලභයා දිහා බලා ඉඳලම ඇස් දෙකත් රිදෙනවා..තව ෆොටෝ දෙක
තුනක් අරන් ෂාප් නැහැයි කීවහම මටත් ගන දෙවි නුවන පහළ උණා පොඩ්ඩක්
"Oh, These photos are sharp. The trouble is this butterfly itself is not sharp"
උත්තර දීලා ෆොටෝ ගන්න එක නැවැත්තුවා.
හිනා වෙලා මොනා හරි තේරුම් අරගෙන වගේ ඒ පාඩම එතනින් ඉවර උණා කියමුකො..
මේ තියෙන්නෙ ඒ ෆොටෝ සෙට් එකේ වැඩිම ලකුණු දීපු ෆොටෝ එක.. ඒත් ලකුණු 40යි.
ඔන්න ඔහොම කැමරා ලෙසන් ඉවර වෙලා මට වෙන කරන්න කීව වැඩක් දවස් දෙක තුනක් ම අමතක වෙලා අත පහු උණා.. මෙන්න එනවා SMS එකක් ෆෝන් එකට
This butterfly itself is not sharp :-D
කියලා..
එතකොටයි මට මීටර් උණේ මොකද්ද කියලා.. ඒ වෙලාවෙම අතපසු වෙච්ච වැඩේ ඉවර කරලා
දැම්මා. දැන් කැමරාව ගෙනාවට ඕක දමලා තියා ගන්ඩ මට හරි හමන් එකක් නෑ..
කැමරාව අරන් යන බෑග් එකේම තමයි තියලා තියෙන්නෙ..දවස් කීපයක්ම ඔය කියන කැමරා
ආරක්ෂක බොක්ස් එකක් බලලා තිබ්බත් මිලදී ගන්න එක අතපහු උණා.. අද උදේම චැට්
එකේදි අහනවා,
"Still not buy the humidity control box for the camera ?
"Nope but soon I am gonna buy that"
"Aah this butterfly itself is not sharp"
කියලා ආවෙ නැද්ද උත්තරයක් !
ඒ
වෙලාවෙම චෙක් කළා වෙලාව නවයයි කාලයි. ඔෆිස් යන්ඩ වෙලාව තියෙනවා. ඒ ෂොප්
එක එක. මේ වෙලාව ඇරලා. ගියා ගත්තා බොක්ස් එක.. ඒ වැඩෙත් ඉවරයි..
මටම හිනා මතක් වෙනකොට.. මේ වචන සෙට් එක මාව පාලනය කරන හැටි කියලා. ඇත්තටම මේක ගැන වාදයක් ගියානම්..ඒ කීවෙ
දැන්
කී දවසක් ඔහොම කිය කියා ඉන්නද ..හැම වැඩේම ඔය වගෙයි කල් දම දමා ඉන්නවා වගේ
එකක් කීවනම් එහෙම මගෙත් හිතත් රිදෙනවා.. මමත් මොනවා හරි ම කියනවා..අවසාන
ප්රතිඵලය දෙන්නම් හිත් රිදවා ගන්නවා..
මේක හොඳ සාර්ථක ක්රමයක් තමයි එයා පාවිච්චි කරන..
මමත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා යමක් කරවා ගන්නෙ කොහොමද හිත් නොරිදවා කියලා..
හැබැයි මට එකක් ෂුවර් මගේ ජීවිත කාලෙටම සෑහෙන වාරයක්,
"Aah this butterfly itself is not sharp"
කියන එක අහන්ඩ ලැබෙයි. මට විරුද්ධ වෙන්ඩ බෑ ඒකට.. ඒ මගේම වචන !
ඒ එක්කම මගේ වැඩ අතපසු කිරීමේ නරක පුරුද්දත් නැති වෙලාම යයි..
වර්තමානය
තත්පරෙන් තත්පරේ...විනාඩියෙන් විනාඩිය..පැයෙන් පැය..දසින් දවස...සතියෙන් සතිය..මාසෙන් මාසෙ ගෙවිලා ගිහින් මාස 31 ගියපු වර්තමානයෙ ඉඳලා පහු ගිය කාලය දිහා ආපහු හැරිල බලද්දි..සතුට, වගේම දුකකුත් මිශ්රිත මහා අමුතු හැඟීමක් තමයි ඡායාරූපකරණය හා බැඳිච්ච මගේ ජීවිතය ගැන ඇති වෙන්නෙ..
ගත්ත සමහර ඡායාරූප ගැන තාවකාලිකව තෘප්තියක් ලැබුනත්..හිත පතුලෙ අසංතෘප්ත වෙච්ච මහා ලොකු පිපාසාවක් එක්ක ජීවත් වෙන මම කවදා හරි මේ පිපාසයෙන් අත්මිදෙයිද කියන එක තරමක ප්රශ්ණයක්...
ඒක ප්රශ්ණයක් වෙන්නෙ පහු ගිය කාලය තුල මා කොයි තරම් නම් කාලයක් ඡායාරූපකරණය වෙනුවෙන් වෙන් කලාද කියන එක මත තමයි..ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාවකට යොමු උන නිසාම ITPA එහෙම නැතිනම් ඉන්ද්රනාථ තේනුවර ඡායාරූප ඇකඩමියට සම්බන්ධ වීම නිසා ඒ ශිල්පය ගැන එහෙන් මෙහෙන් දැනගෙන හිටි කරුණු ගොඩක් එක්ක නව දැනුම් රාශියක් ළඟා කර ගනිමින් ඉන්නවා. ඉදිරියෙදි නම් ඒ දැනුම උරගා බලන්න හොඳ අවස්ථාවක් ලැබෙයි කියන ලොකු බලාපොරොත්තුවක් එක්ක..කාලය ගෙවෙන්නෙ ..
ඒ වගේමයි ඉතින් තමුන් නියැලිලා නොහිටිය ක්ෂේත්රයක් ගැන හදාරන කොට ඉතින් ඒකෙ තියෙන අහුමුළු වලට ගත සිත යොමු කරන්ඩ වෙන කාලය එක්ක ලොකු තරඟයක් එනකොට ඒ වෙනුවෙන් කැප කරන්නෙ මොන කාලයද කියන එක මත පහුගිය කාලයේම මට මග ඇරිලා ගියේ මේ ලියවිල්ල තමයි. බ්ලොග් එකේ කාලෙකට සැරයක් හරි පෝස්ට් එකක් දාන්ඩ ඕනිය කියන සිතුවිල්ල අමාරුවෙන් උනත් යටපත් කරගෙන ඉන්න උනා. ඒත් එක්කම හිතට සතුටක් එන්නෙ මේ අත්දැකීම් එක්ක ජීවිතේට එකතු වන දේවල් වලින් ලියන්ඩ තියෙන දේවල් මහාකන්දරාවක් ගොඩගැහෙන එක ගැන තමයි..
ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Thursday, October 16, 2014
Thursday, August 14, 2014
මේ කපන කාලයයි ! Harvesting Time
කොළ පැහැයත් කහ පැහැයත් අතර වර්ණයකින් ගැවසි ගත් බණ්ඩි ගොයම ටිකින් ටික රන්වන් පැහැගැන් වෙන්නේත් ආඩම්බරයෙන් අහස දෙස බලා සිටි ගොයම් කරල් බිමට නැවෙන්නේත් බලා සිටිද්දීමය...
නියර පුරා ආරක්ෂකයන් මෙන් සිටුවා ඇති පොල් පිති වල හිඳ යාය පුරා ගොයම් කරල් වල සාරය බීමට පැමිණෙන ගොයම් මැස්සන් වෙත බැල්ම හෙළමින් සිටින් නා නා විද කුරුල්ලෝ විටින් විට යාය වෙත පියඹා ගොස් නැවත් තමන් සිටි පොල් පිති අසුන වෙත පියඹා එයි..
මේ ගොයම් පැසී ලහි ලහියේ ගොයම් කපන්නට සූදානම් වන කාලයයි...
තාත්තා වී අටුවේ කොනක ගසා තිබූ දෑකැති සමූහය ගෙන භූමිතෙල් උලා පීරකින් ඒවා නැවත මුවහත් කරද්දී... අම්මා වී වේලෙන්නට දමන මාගල් මිටිය ලිහා ඒවා තුළට වී තැනින් තැන කපා දැමූ මීයන්ට දෙස් දෙවොල් තබමින් නැවත සකසයි.. ලොකු අක්කා බට පොතු පෙට්ටිය සහ බත් කෑමට ගන්නා වට්ටි ගොන්න එළියට ගෙන අව්වේ දමා සියල්ල පිළිවෙළට සකසා ගනී.
චූටි අක්කාත් මමත් ළඟ එන සතුටුදායක දින කිහිපයකට ඇඟිලි ගනිමින් බලා සිටින්නෙමු
මාර්තු මාසයේ කැපෙන ගොයමට වඩා අප වඩාත් ආශා කළේ අගෝස්තු නිවාඩු කාලයේ ගොයම් කැපෙන සමයටයි. පාසැලේ ක්රීඩා උත්සව වලට මුලු කාලයම වැය කරන මාර්තු මාසයත් ඊළඟට පැමිණීමට නියමිත සිංහල අළුත් අවුරුදු සමයත් නිසාම එම කාලයේ ගොයම් කැපිල්ල නම් විටෙක හිසරදයක් වූබවත් මතකය. එනිසාම අගෝස්තු නිවාඩු කාලය ඉතා මිහිරි මතකයන් රන්දන කුඹුරු සමයක් වීම නම් අනිවාර්ය අංගයක්ම වීය.
අද මේ වෙනකොට නම් සුනාමි, භූතයා යන නම් වලින් හඳුන්වන ගොයම් නෙළීමේ යන්ත්ර තිබුණත් 70 දශකයේ අග හා අසූවෙ දශකය මුල සියලුම කුඹුරු වැඩ මිනිස් ශ්රමයෙන් කර ගත් කාලයක් තිබුණි. එලෙසම කුලියට මළියට නොව අත්තමට එකිනෙකාට උදව් කර ගනිමින් කුඹුරු කල හැටි ගැන අමතක නොවන කාලයක සැමරුම් ගොන්නත් හිත පතුලේ ඇත..
පහු ගිය දොහක..හරියටම අගෝස්තු 13 දිනය පුරාම මම මගේ අසල්වාසී අයියා කෙනෙකු වූ අබේ අයියාගේ ලියැදි කීපයකින් යුත් කුඹුරේ ගොයම් කැපීමට සහභාගී වීමි. කාර්යාල වලටම වී හොර වී ඇති ඇඟ හැමතැනකම ඇදුම් දුන්නත්එදා දිනයම ලත් සතුට නම් කාලයක් හිත පුරා දෝංකාර දෙනු නියතය.. එදින වැඩය කරන අතර තුර මා ෆෝන් කැමරා කාචය තුළ රුවා ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.
මෙය ප්රභා මිය යාමට මොහොතකට පෙර ඡායාරූපයක් නොව මාගේ කොන්ද රුදාව නිසා නියරේ ඇලවී සිටිද්දී ගත් ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න !
ගොයම් කැපීම අතින් කළත් මැඩවීම නම් යන්ත්රයෙන් කල නිසා දවස් එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ සියලුම වැඩ නිම වීය..
අපේ ගම් වල මැණික් පතල් හෑරීම කුඹුරු වල සිදු වීම නිසාම දණිස තෙක් එරෙන කුඹුරු වල අදටත් අතින් ගොයම් කැපීම සිදුවේ. ගොයම් මැඩවීම සඳහා අද නම් සියලුම ගොවීන් පාහේ යන්ත භාවිතා කරනු දක්නට ලැබේ.
නමුත් එදා යන්ත්ර නොතිබූ සමයක සහ එරෙන කුඹුරු නිසා කුඹුර සැකසීමටවත් මී හරක් යොදා ගැනීමට නොහැකි කුඹුරු නිසා ගොයම් මැඩීම කළේද ගොවීන් තමන්ගෙ කකුල් මගිනි. එය හරකුන් යොදා කරනවාට වඩා කලාවකට කළයුතු දෙයක් වීය. දෙපසේ සිටවූ කරු දෙකකට රඳවනු ලැබූ දෙ අතින් අල්ලා ගතහැකි දණ්ඩ අල්ලා ගෙන තම දේපතුල් වලට මැදි කර ගත් ගොයම් මිටිය ඇට හලෙන තුරු දෙකකුලින්ම පාගනු ලබයි. මෙය ඉතා වෙහෙසකර කාර්යයක් වූවද පළපුරුදු ගොවීන්හ් අට එය ඉතා සුළු දෙයක්ම වීය.කුඩා අපද අපේ වැඩිහිටියන් ඇඹුල සප්පායම් වන විට ගොයම් කරල් 10-15 ගෙන ගොයම් මැඩීම කර ඇත්තෙමු. එහි ප්රතිඵලය දැනෙන්නේ කකුල සෝඅදන්නට දියට බැස්ස විටය. පාගන ගොයම් ගස් වලට සීරුණු දෙකකුල් දැවිල්ල දින කීපයක් යනතුරුම පවතී.
ගොයම් මැඩීම කරනු ලබන්නේ රාත්රියේ වීමද ඉතා සුන්දරය. පැට්රෝල් මැක්ස් ලාම්පු එළියෙන් ආලෝකමත් වන කමත මඩවා ගොඩ කරන ලද පිදුරු ගොඩ අපේ පිනුම් පිටිය වන්නේ කොයි තරම් නම් චමත්කාරයක් එක කරමින්ද ?
එවන් කාලසීමා වල සිදුවූ රසවත් සිද්ධීන් අටෝ රාශියක් හිතට නැගුණත්..එයින් එකක් අදට මගේ සිත පාරවන්නට වූයේ මේ චරිතයේ උන් නැගණිය පසුගිය සතියක අකාලයේ මියැදී මාද එම මළගමට සහභාගී වූ නිසාය...
මේ අප අවුරුදු 8 හෝ 9 ක් වූ කාල සීමාවයි. වැඩිහිටියන්ගේ සියලුම ක්රියා දෙස බොහෝ කුතුහලයෙන් බලන්නට පුරුදු වූ කාලයක් හා ඔවුන්ව අනුකරණය කරන්නට පෙළඹෙන කාලයක් වීය.
කිසිම අර්ථයක්, රසක් නොදැන බීඩි බී බලන්නට ගොස් කැස්ස හදා ගත් කොලු නඩයක් වූ අපි...
එක් දිනයක අසල්වාසී කුඹුරක ගොයම් මඩවන කමතකට වී මැඩුවන් ගසා දැමීම..කරල් ඇහිලීම වැනි පොඩි පහේ වැඩ කරමින් සිටියෙමු. රාත්රිය වනවිට..අප කමත වටා රැස් වී පිදුරු ගොඩ උඩ පිනුම් ගසමින්ද වැඩිහිටියන්ගේ ඇනුම් බැණුම් වලට ලක් වෙමින්ද සිටින විටෙක කපිල අපිට අතින් අමුතුව සන් කරනු දැක්කෙමු.
අනිත් අයට හොරෙන් එකිනෙකා පැමිණෙන මෙන් ඉල්ලා සිටි බැවින්..අපිද හොරෙන් එකා දෙන්නා කමතින් එළියට ඇදෙමින් සිටියෙමු.
නිහඬවම ඔහු පසු පස එන්නැයි අතින් සන් කල නිසාම අපිද අලිබබා සහ හොරු හතළිහ මෙන් එකා පසු පස එකා කපිල පසුපස ඇදුනෙමි. ඔහු හෙමින් යන්නේ අසල වැඩ නිමවූ කුඹුරෙහි කමත දෙසටය. පැත්තකින් කන්දක් මෙන් අඳුරේ ඉහළට නැගුණු පිදුරු ගොඩද කමතෙහි තැනින් තැන සිටවූ කණුද අතරින් තැනින් තැන පිදුරු ගැලවී වැටුණු පොඩි පැල් කොටයක්ද අඳුරෙහි වූවද වලාකුළකට මුවාවූ සඳ එළියෙහි බබළමින් තිබුණි. අපි සෙමින් සෙමින් කපිල අනුගමනය කරමින් පිදුරු ගොඩට මුවා වීමු. සඳ කෙමින් කෙමින් වලාකුළු අතරින් තම සොමි කිරණ ලොව වෙත මුදා හරිත්ම අඳුරේ වෙලී හුන් පැල්කොටය අප දෙනෙත ඉදිරියේ වඩාත් පැහැදිලි වන්නට වීය..
තැනින් තැන පිදුරු ගැලවී වැටුණු පැල් කොටය තුළ කවුරුන්දෝ අයකු සිටී..හොඳින් බලන විට එක් අයකු නොව දෙදෙනකු බව අප හට පෙනෙන්නට වීය..ඒ සෝමේ මාමා කපිල එක් තමා ළඟම සිටි එකාගෙ කනට කොඳුරා කීමත් සමඟම ක්ෂණයකින් ආරංචිය පෝලිමේ සිටි අන්තිමයාගේ කන වෙතට ඇදුනි. අනිත් කෙනා අසල්වාසී ගෙදරක සිටි සීලවතී නැන්දා බවත් දැන් සියල්ලෝම දනී...අපි සියල්ලෝම බලා සිටිනු නොදැන ඔවුන් ඔවුන්ගේ ලෝකයේය. දෙදෙනාගේ අත පය ක්රියාකාරීව යන පෙදෙස් දිහා සෙවනැල්ලක් මෙන් වූ රූ දෙස අපිද ඇසි පිය නොහෙළා බලා සිටින්නව වීමු.
අවාසනාවක මහත වූයේ සිරස්ව සිටි දෙදෙනා සෙමින් උක්කුටව වාඩි වීමත් සමඟ සිදු වන්නේ කුමක්ද යන්න අපගේ දර්ශන පථයෙන් ඈත් වීමය..පෙනෙන දෙයට වඩා නොපෙනෙන දෙය තුළ මහා විශාල දෙයක් වේයැයි සිතන මනුෂ්ය චින්තනය අපට සහජයෙන්ම ලැබුණු නිසා..දැන් එකිනෙකා හෙමි හෙමි පිදුරු ගොඩින් මෑත්ව පැල් කොටය වෙත ඇදේ..පැල් කොටයේ පිදුරු කඩා වැටී ඇති සිදුරකින් එබී බලන්නට උත්සාහයද එතරම්ම සාර්ථක නැත..එකිනෙකා එකා පිටිපස්සේ එකා පොරකද්දී සිදු වූයේ අප සියලුදෙනා නැගී සිටි නියර පලුවට අප සියල්ලම තවදුරටත් දරා ගැනීමට නොහැකිව අසරණ වීමයි..සිදුරු පිරුණද අසල වූ වතුර පිරුණු ලියැද්ද තුළට එකිනෙකා ඇද වැටෙද්දී හූ කීම පටන් ගත්තේ කවුරුද යන්න අදටද අබිරහසකි. අඳුරේම සරමත් අතට ගෙන ඉගිලුණු සෝමෙ මාමා පසුපස සීලවතී නැන්දාද මිටින් හල කුරුල්ලකු මෙන් දිව ගිය බව අපට පසුව කීවෙ ඒ වනවිටත් පිදුරු ගොඩ අසලා රැඳී සිටි රනාය. මේ සිද්ධිය අපට කාලයක් යනතුරු මහා විශාල විනෝදයක් ගෙන දුනි. නමුත් පසු දිනයක වූ සිද්ධියක් සමඟම අප සියල්ලම ගමේම සිටි ගම කන්ඩ ආ හැතිකරයක් ලෙස හංවඩු ගැසෙන්නටත් හේතු පාදක වූයේද මෙම සිද්ධියමය... වෙනත් වෙල් යායක ගොයම් මැඩවීමකට අප ගොස් එහි සිටි චූටික්කි නම් අවුරුදු හය හතක දැරිවියක් අසල වූ පැල් කොටයකට ගෙන ගොස් සෝමෙ මාමා මෙන් අත පත ගා බලන්නට තීරණය කර තිබුණි...
කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිම හැඟීමක් හෝ ලිංගිකත්වයක් පිළිබඳව හාංකවිසියක් ඇඟට , හිතට නොදැනෙන කාල සීමාවක..අප චූටික්කිව රවට්ටාගෙන ගොස් අත පය අත ගා බැලුවෙමු. නමුත් කිසිම වෙනසක් නැත. ඇයද සිනහ වෙමින් මෙය තවත් සෙල්ලමක් ලෙසට ගෙන සිටි බව නම් මතකය...
ඇය මේ බැව් ඇගේ අම්මාටද කිවූ බව දන්නේ දිනක් ඈ ආයි එහෙම තොපිලා චූටික්කිගෙ ජංගිය පල්ල අතගාලා තිබ්බොත් කපනවා තොපිලයෙ බිලිං ජුංඩව කෝප්පිහියකින් යැයි අප සෙල්ලම් කරන පිට්ටනියටම විත් අප සියල්ලටම බැණ වැදී ගිය නිසාවෙනි..
චූටික්කි පසුව චූටි වී අප සැමගේ හොඳම යෙහෙළිය වූවා පමණක් නොව පසු ගියා කාලයේ ලෙඩ ඇ ඳට වැටී අපගෙන් සමු ගන්නට පෙර අප ගම වෙත යන සැම දිනකම මොනවා හරි රසකැවිල්ලක් සාදා අප නිවෙස වෙතට එවන්නට තරම් හිතේෂිවන්ත කමක් තිබුණි...
අද ඒ කුඹුරු යායම පුරන්ව ගොස් ඇත...
ඒ සුන්දර වටාපිටාවේ හුන් බොහෝ අය අපව මෙහි දමා ගොස් ඇත..
අපුරු ළමාවියක් ගෙවූ අප සියල්ලෝම වැඩිහිටියන්ව ඇත..
නමුත් මනස තවමත් ඔකඳ වන්නේ ඒ සුන්දර අතීතයේම පමණි..

Monday, August 11, 2014
කාලයයි මේ.. From Hybenation..
නිදා හුන් ශිශිර නිද්රාවෙන්
අවදි වන්නට කාලයයි මේ..
නෙතු මානයේ දැවටුනු
සිහින දහසක ඡායාමාත්රයන්
ලුහුබඳින්නට කාලයයි මේ...
තණපත් මත රැඳුනු පිණිබිඳු
නිරුවත් දෙපා සිප ගත් කල
කය පුරා දෝරෙ ගලන
ප්රහර්ෂයකින් උමතු වන්නට කාලයයි මේ..
විටෙක සිඳී ගිය උමතු සිතුවිලි ගඟ
යලිත් සයිබර් අවකාශය පුරා
ගලා යවන්නට කාලයයි මේ...
Background Photo : http://www.goodfon.su/wallpaper/trava-rosa-kapli-makro-zelen.html

Friday, July 11, 2014
තුනක සතුට...එක හිතකින් උතුරලා යනකොට.. After three years..
තුන කියන්නෙ බොහොම සුන්දර දෙයක් වගේම බොහොම ප්රයෝජනවත් දෙයක් කියලා නොදන්න කෙනෙක් ඉන්නවද ඉතින් ?
ලෝකයේ මිනිස් පැවැත්මේ රහස රැඳිලා තියෙන්නෙ ඔය තුන තුල කියලා කවුද නොදන්නෙ ?
ඕන් මගේ බ්ලොගයටත් තුන පිරිලා අදට...
මේ පහුගිය දොහ නම් ටිකක විවේකයක් ලබන වෙලාවක් තමයි. බුකියෙ අය නම් දන්නවා හේතුව..කාර්යබහුල වීම අතරේම තවත් අළුත් වැඩකට අත ගහපු එක නිසා..ලියවිල්ල ටිකක් එහෙ මෙහෙ වෙනවා. හැබැයි ලියන්ඩ අත්දැකීම් අටෝ රාෂියක් එකතු කර ගෙන තමයි ආපහු මම එන්නෙ...
මොකද බ්ලොග් ලියවිල්ලෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන මේ කාල සීමාවෙ මම ඉන්නෙ බොහොම සුන්දර මනුස්සෙක් වෙච්ච ක්ෂේත්රයේම ප්රවීනයෙක් ළඟනෙ..මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඒක දැනෙන්ඩ ඇතිනෙ...
අවුරුදු තුනක් ...පෝස්ට් තුන් සීයක්...
මිනිය නොහැකි තරමේ සතුටක් ගෙනදුන් කමෙන්ට් රාශියක් එක්ක හිතට ලං වෙච්ච හෘදයාත්මක හිත් ගොන්නක් එක්ක ලබපු සතුට..ලබන සතුට මුදල් කෝටි ප්රකෝටි ගානක් තිබුනත් ගන්න බැරි දෙයක් තමයි. එච්චර වටින සතුටක් ලං කලේ මේ වෙනකම් මාත් එක්ක හිටපු ඔබ සැම තමයි.
කශූ...කතන්දර ශූරින් ගේ මුල්ම කමෙන්ටුව එක්ක පටන් ගත්ත මම...
අවුරුදු ගානකට ඉස්සෙල්ලා මොනවද මන්දා හොයද්දි අහම්බෙන් මගේ තිරය මතට ආපු මාරයගේ හෝරාවෙ පන්සල් කතාවෙන් සිංහල බ්ලොග් වලට ආදරේ බැන්ද මම..අවසානයේ අද වෙන කොට "ලියන්නා " වෙලා..
බුදු සන්තෝ මට දැනෙන සතුටක් !
සිංහල බ්ලොග් නිසා අළුතින් ජීවිතේට කී දෙනෙක් නම් ලං උනාද ? ඒකත් ගිනිය නොහැකි තරමේ ගානක්..
ඒ සේරටම බොහොම ස්තූතියි කියලා අඩුවෙන් කියන්නෙ නම් නෑ මම..
ඒ වෙනුවට ඔබ සැමව බොහොම ගෞරවයෙන් , බොහොම ලෙංගතු කමෙන් හදවතින් වැළඳ ගන්නම් !
හමු උනාම සිප වැළඳ ගන්නම්...
බත්තරමුල්ලෙ දියත උයනේ සංගීත රාවයට වර්ණ වෙනස් කරමින් රඟන වතුර මලේ වර්ණාවලියෙන් මුසපත් වෙලා හිටි මා දිහා බොහොම ආදරෙන් සඳ කුමාරි තමන්ගෙ සළු වළාකුළු මෑත් කරලා බලන මොහොතේ....
මටත් නොදැනිම මගේ අතේ තිබුනු කැමරාව ක්රියාත්මක උනා..
මට හිතුනෙ මම නේද මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා කියලා...
ආපහු ගෙදරට එන්න බස් එකට දෙන්න සල්ලි පසුම්බියේ නොතිබුනත්..මගේ හදවත දෝර ගලා ගෙන යන සතුට නැති කරන්න ඒක හේතුවක් උනේ නෑ..
මම හෙමි හෙමිහිට ගෙදර බලා පියමං කලා සුපුරුදු සතුටින්..
හිතේ සතුටට සල්ලි වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා මට ආයි ආයිත් තහවුරු උනා..
බ්ලොග් ලිවිල්ලෙන් ලැබුන, ලබන සතුටත් එමමයි..ඒක ලබන්න මම වාසනාවන්ත උනා..

Friday, June 6, 2014
නවමු අත්දැකීමක පහස ... ආලෝක පින්තාරු..
මවකගෙ කුසින් බිහිවෙලා මුල්ම වරට ඇස් ඇරලා බලන වෙලාවෙ ඉඳන්ම අපි අපේ අවසන් හුස්ම වාතලයට එකතු කරලා දෙඇස් පියා ගන්නා තුරුම ලෝකය දකින්නෙ ආලෝකය හා අඳුර අතරෙ ඇති වෙනස තුලින් කියලයි මට හිතෙන්නෙ..මේ වෙනසේ ඇති ගණනය කල නොහැකි තරමේ විවිධත්වය තමයි අපි ජීවිතය කියලා පින්තාරු කරන්නෙ...අනේක වාරයක් දුක් වේදනා විඳින අතරෙ සොබා දහම අපේ ජීවිත සමබර කරන්න හිත සතුටු කරන්න දීලා තියෙන එක අවස්ථාවක් තමයි කලා නිර්මාණ කියන්නෙ...නිමා කල නොහැකි තරමේ නිර්මාණ අපගේ ඇස තුලින් මනසට ගෙන එන්නෙ සතුටක්..ඒ සතුට පස්සෙ දිවියටම වෙනත් අරුතක් එකතු කරනවා..ජීවිතේ ඉස්සරහට යන්නෙ මේ අරුත් මතින්..
මම මෙහෙම ප්රවේශයක් ගත්තෙ...මගේ එක විනෝදාංශයක් තමයි ෆොටෝ ගන්න එක..මගේ ඇස අඳුර ආලෝකය අතරේ විඳින සුවය මට කොහේ හරි සටහන් කර ගන්න ඕනි උනා. ඇයි ඒ සතුට තව කෙනෙකුට මෝදු කරන්න අවස්ථාවක් ලැබුනොත්...කියන කාරණයත් එක්ක... අපිට වැඩියෙන්ම සතුටක් ලැබෙන්නෙ මොකෙන්ද කියන ප්රශ්ණය ඕනි කෙනෙකුගෙන් ඇහුවොත්... උත්තරය වෙන්නෙ අපිට වැඩියෙන්ම සතුටක් ලැබෙන්නෙ තව කෙනෙකුට ළඟා කරන සතුටකින් කියලයි මගේ පුද්ගලික අදහස.. ඒ නිසා වෙන්න ඇති..අපි විඳින සතුටක සේයාවක් අපි අන් අය සමඟ බෙදා ගන්න කැමති.
කැමරාවක් හම්බ උන නිසා සහ කැමරාවකට ආදරය කරන කෙනෙකු සමඟ ජීවිතය බෙදා හදා ගන්න උනු නිසා අවුරුදු ගණනාවකට උඩ ඉඳලම මමත් ෆොටෝ ගත්තා. එහෙන් මෙහෙන් කියවලා එහෙන් මෙහෙන් යමක් දැන ගත්තා. එහෙම දැන ගත්තත් නිසි හැදෑරීමක් නම් කරලා තිබ්බෙ නෑ..මම මේ වෙනකම් මේ බ්ලොග් එකේ බෙදා හදා ගත්ත ෆොටෝ එහෙම ගත්ත ඒවා..ඒ නිසාම කෙනෙක් හිතලා තිබ්බා මම ඡායාරූප ශිල්පියෙක් කියලා. එහෙම කිව්ව හැම තැනකම මම ඒ අයව ප්රසිද්ධියෙම නිවැරදි කලා, මම කැමරාවක් අත දරන්නෙක් මිසක ඡායාරූප ශිල්පියෙක් නොවන වග. බුකිය පුරාම මම සිය වාරයක් එහෙම ලියලා ඇති.
ඔය අතරේ පහුගිය මාසෙක මම පුල පුලා බලා හිටිය ඉන්ද්රනාථ තේනුවර ෆොටෝ ඇකඩමිය (ITPA) මට යන්න පුළුවන් නිවාඩු දවස වෙච්ච ඉරිදාවක ඒ ගොල්ලන්ගෙ අළුත්ම පාඨමාලාව පටන් ගත්තා. මම ආයි දෙසැරයක් නොහිතා එතනට සහභාගි උනා. දැන් තමයි ඡායාරූපකරණය ගැන පිළිවෙලට යමක් ඉගෙන ගන්නෙ අපේ තේනු සර්ගෙන්...ඔය පාඨමාලාවට ගිය හැමෝම සහ දන්න අය කියනවා වගේ..ඡායාරූපකරණය වගේම ඒ හා බැඳිච්ච ජීවන රටාවක් අපූරුවට අපේ මනසේ සිත්තම් කරනවා මේ ආදරණීය ගුරුවරයා..
තේනු සර්ගෙ ඡායාරූපකරණයේ නව මානයන් සොයා යාමේ නවතම එළි දැක්ම ජූනි 14 , 15 , 16 කියන දිනවල කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ජේ.ඩී. ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වෙනවා ඉන්ද්රනාථ තේනුවරගේ ආලෝක පින්තාරු කියන නමින්..
මේක ගැන මේ වෙනකොට හැම මාධ්යයකින්ම ප්රචාරය වෙන නිසා ගොඩක් අය ඇහැ ගැටිලා ඇතියි කියලා හිතනවා.
මේ ලිපියෙනුත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්..
http://nethfm.com/article/17243
මේ ප්රදර්ශනය ගැන අපේ සර් මෙහෙමයි බුකියෙ කියලා තියෙන්නෙ
උපුටා ගැනීම
ආලෝක පින්තාරු හෙවත් Light Painting යන්න මීට බොහෝ වසර ගණනකට ද පෙර අත්හදා බලන ලද්දකි. හිස් අවකාශය තුළ ආලෝක පුංජයක් මගින් විවිධ චිත්ර ඇඳීම එහි මූලාරම්භයයි.
දෙවනු ව කුඩා ආලෝක කදම්බයක් මගින්, යම් පමණක් වස්තූන් ආලෝකවත් කරන්නට පටන් ගැණිනි. මෙම ක්රමය ආලෝකය වත් කිරීම හෙවත් Light Pumping යනුවෙන් ශ්රී ලංකාවේදී හැඳින්වුව ද, ජාත්යන්තර ව එය භාවිත තාක්ෂණික වචනයක් නොවේ.
පටල පට කැමරා භාවිතයේදී මෙය තරමක් පහසු මෙන් ම අපහසු ද කාර්යයකි. පටල පට කැමරාවේ ආකාරයට එහි ද්වාරය සකසා, කේබල් රිලීසයක් මගින් ද්වාරය ඇර තබා, බොහෝ වේලාවක් ගත කරමින්, එක් හෝ දෙකක් හෝ විදුලි පන්දම් ආධාරයෙන් වස්තූන් ආලෝකවත් කර ගැණිනි. එහිදී අවට ඇති ආලෝකයන් සියල්ල නිවා දැමීම මගින් අධික අඳුරක් ලබා ගැනෙන අතර, පන්දම් එහා මෙහා ගෙන යන විට, කාච වැස්ම මගින් පරෙස්සමෙන් කාචය වැසීමෙන් ඒවා අනාවරණය වීම වැළක්වා ගත හැකි විය.
නමුත් ඩිජිටල් සෙන්සරය මෙවන් අධික කාලයක් නිරාවරණය කර තැබීමේදී, එහි උෂ්ණත්වය ඉහළ ගොස් අනවශ්ය විශාල නොයිස් ප්රමාණයක් සෑදෙන්නට පටන් ගනී. එනිසා පටල පට ක්රමවේදය ඩිජිටල් සෙන්සරයට ආදේශ කළ නොහැකි වෙයි.
නමුත් ඩිජිටල් කැමරාව සමග සමගාමී , මෘදුකාංග භාවිතයෙන් පටලයට වඩා ඉහළ නිර්මාණ කර ගන්නට පුලුවන.
මා භාවිතා කලේ ද නිශ්චිත ස්ථාවර රාමුවක කැමරාව රඳවා, තත්පර 20 හෝ 30 හෝ අනාවරණ කාල යොදමින් ඡාවාරූප 30 - 40ක් හෝ විටෙක 60 - 70ක් පමණ හෝ ඊටත් වැඩියෙන් හෝ අනාවරණය කොට ගෙන, ඒ සියල්ල ෆොටෝෂොප් හි ලේයර් බ්ලෙන්ඩින් මෝඩ් හි ඇති විශේෂතාවයන්ගෙන් ප්රෙයා්ජනයෙන් එකට එක්කාසු කිරීමයි.
අප ආලෝක පින්තාරු පසුතලය මත සූදානම් වන්නේ හිරු බැස යන්නට පෙර ය. කැමරාව ස්ථාවර ව රඳවා, හිරු බැස ගිය ඔන්න මෙන්න තිබියදී පළමු රාමුව අනාවරණය කර ගනු ලැබේ. ඉන්පසු හාත්පස දැඩි අඳුර ගාල් වන තෙක් සිට, කෙළවරෙක සිට පියවරෙන් පියවර, කොටසින් කොටස විදුලි පන්දම් දෙකක් ආධාරයෙන් ආලෝක ගන්වමින් ඉදිරියට පැමිනෙන්නෙමු.
ඩිජිටල් සෙන්සරයේ වර්ණ උෂ්ණත්ව පරාස අනුව කෙල්වින් අංශක ප්රමාණය වෙනස් කිරීමෙන්, ටංස්ටන් බල්බයේ එළිය කහ පාටටත්, LED පන්දමේ ආලෝකය නිල් පාටටත් -සටහන් කර ගන්නෙමු. පසු සංස්කරණයේ දී මේ වර්ණ වෙනස තවත් වැඩි කර ගැනීමෙන් ඡායාරූපයට නාටකීය ස්වරූපයක් එකතු වෙයි.
අප ප්රධාන වශයෙන් මේ ආලෝකවත් කිරීම සඳහා භාවිතා කළේ විදුලි පන්දම් හතරකි.
අඩු බල ටංස්ටන් සහ LED පන්දම් දෙකකුත්, වැඩි ආලෝක බලයක් සහිත ටංස්ටන් සහ LED පන්දම් දෙකකුත් වශයෙනි. කැමරාවට කිට්ටු, විශාල ප්රෙද්ශ ආලෝකවත් කිරීම සඳහා විදුලි පන්දමේ මුහුණතට ආලෝක විසිරුමක් Diffuser යොදා ගතිමු.
කැමරා ක්රියාකරු සහ ආලෙක කරණය අතර සම්බන්ධිකරණය සඳහා අපි වෝකි ටෝකි 4ක් ද යොදා ගත්තෙමු.
මගේ මේ ප්රදර්ශනය ශ්රී ලංකාව තුළ පැවැත්වෙන පළමු සහ එක ම ආලෝක පින්තාරු ඡායාරූප ප්රදර්ශනයයි. නමුත් එය ලෝකයේ මුල් ම ආලෝක පින්තාරු ප්රදර්ශනය නොවන වග අවධාරණය කරන්නට කැමැත්තෙමි. නමුත් මා භාවිතා කළ තාක්ෂණය වෙනත් කිසිවකු භාවිතා කර නැති වග පමණක් දනිමි.එපමණක් ද නොව තව අවුරුදු ගණනාවක් ම යන තෙක් වෙන කෙනෙකුට තඉා මටවත් යළි මෙවැන්නක් කළ නොහැකි වනු ඇති. මන්ද එය එතරම් ම අධික මුදලක් වැය වන කාර්යයක් නිසා ය.
එමෙන් ම මවිසින් ඡායාරූපයට නගන ලද මේ දැවැන්ත පසුතලවල, විදුලි පන්දම් එළියෙන් නිර්මිත පළමු සහ එක ම ඡායාරූප සමුච්ඡය මෙය පමණක් ම වන්නේ ය..!!
විවිධ ජනමාධ්යයන් හි පළවන සමහර යෙදුම් අතිශයින් සාවද්ය ය. ඒවා ලියූ ලේඛක ලේඛිකාවන්ගේ ඡායාරූප ගැන දැනුම අල්ප වීමත්, මා කියන දෙය වෙනත් මානයකින් වටහා ගැනීමත් නිසා, සමහර කරුණු අමු අමුවේ ම වෙනස් වී තිබිණි.
නමුත් ඔවුන් ඒ සියල්ල කළේ මා වෙනුවෙනි. මට උදව් කිරීම සඳහා ය. රට පුරා සිටින ජනතාවට මගේ ප්රදර්ශනය ගැන කීම සඳහා ය.
එනිසා යම් පමණකින් හෝ එය නිවැරදි කරනු සඳහා මේ සටහන මෙසේ ලියා තබමි.
උපුටා ගැනීම අවසන්.
(ඉන්ද්රනාථ තේනුවර , ජූනි 01)
මේ තියෙන්නෙ බුකියෙ සර් හැමෝටම කරපු ආරාධනාව..
අපි නම් දවසම එතන ඉන්නවා. හැමෝම එන්න. ඇවිත් නවමු අත්දැකීමක පහස විඳ ගන්න එහෙනම්...

Subscribe to:
Posts (Atom)