නිධාන කතාව
2012 මාර්තු මස
අපි සාමාන්‍යයෙන් සමහර වෙලාවල් තියෙනවා සීමාව පැන්නහම
වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව කියන දේවල්.. ඒ වගේ දේවල් අපේ ජීවිතේටම සමහර
වෙලාවට හොඳට, සමහර වෙලාවට නරකට හිටිනවා. එහෙම සිද්ධ වෙච්ච වෙලාවකට ඇණයක්
උණත් පස්සෙ හිතන වෙලාවල් වල ජීවිතේම හැරවුම් ලක්ෂ්‍යයක් වුණු දෙයක් තමයි
මේ..
මට
පහු ගිය කාලෙ ඉතින් ඔය කැමරා රාජයෙක් හම්බ උණා නොව..මන් ළඟ තිබුණු පොඩි
පොඩි කැමරා එක්ක බලද්දි මේ කැමරාව උස්ස ගෙන ඉන්නත් සෑහෙන කැලරි දහනය වෙන
වැඩක් තමයි. ෆොටෝ ගහන්න හොඳයි, ලස්සනයි කියලා හිතෙන සීනරීස් දැක්කත් ඔය
ප්‍රශ්නෙ නිසා කැමරාව උස්සගෙන යනවා ටිකක් කම්මැලි වැඩක්ම තමයි..
ඉතින්
ඔය කැමරාව එක්කම මට දවස් කීපයක කැමරා භාවිතය පිළිබඳව පුහුණුවක් ලැබුණා.
කැමරාව එපා කීවත් මේ අති දුෂ්කර පුහුණුව නම් මග හරින්න කිසිම ක්‍රමයක්
තිබුණෙ නෑ.ඉස්සෙල්ලා තිබුණු කැමරාවෙන් බොහෝම ලේසිවට ගත්තා ඇල්ලුවා ගැහැව්වා
කියන සරල කම බොහෝම ඈතකට ගිහින් තිබ්බත් මමත් ඉතින් ඔය කැමරාවෙ මැනුවල් එක
එහෙම කියවලා දැන් වැඩේ යනවා.. මැනුවල් එක කියවලා ඒකෙ තියෙන විදියටම කරනවා
කියන එකත් මහ ලොකු ගේමක් නෙවී..ඒ පාඩමත් ඉවරයි..
ඊළඟට තමයි ආවෙ ගේම ! එක එක වෙලාවලට කියනවා ,
"Ah
! Now This is the best time for a perfect shot , Please take a sharp
photo from this angle making all adjustmanets what you learnt so far..."
ෆොටෝ
එකක් ගන්ඩ අමාරු අඩු එළිය තියෙන මොහොතවල් වල සහ දුෂ්කර ෆොටෝ ගැනීම ගැන
ඔන්න ඔහොම තමයි මට ෆොටෝ ඉගෙන ගන්ඩ උණේ. මට අකමැත්තක් පෙන්නන්නත් බෑ..මොකද
මෙච්චර ලොකු තෑග්ගක් දීපු කෙනාගෙ හිත රිදවන්න බැහැනෙ කොහොමත්.. අනිත්
භයානකම එක අකමැත්තක් හිතන්නත් බෑ හිතන දේවල් පවා දැනෙන තරම් සමීපතමයෙක් වීම
ඊටත් වඩා ලොකු හේතුවක්..ඔහොම පාඩම් දෙක තුනකට පස්සෙ මන් මහන්සිය නිසාම
පොඩ්ඩක් ඇල උණා පොඩි නැප් එකකට...මගේ කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙම ජනේලෙ
වීදුරුවෙ වහලා සලබයෙක්..ඌ හිතන්ඩ ඇත්තෙ වීදුරුවක් නෙවේ කියලා වෙන්ඩැති. ඕක
දැක්ක විතරයි..
"Oh what a beautiful butterfly, please take sharp photo from outside dear"
මොන බටෆ්ලයියෙක්ද ? ඌ සලබයෙක් මතක් කළා සලබයාට කියන ඉංග්‍රීසි වචනෙ එන්නෙම නෑ ඔළුවට
"No no this is not a butterfly it is a kind of moth"
කියලා
ෂේප් වෙච්ච මන් කැමරා උපකරණ ටික ලෑස්ති කරන් ගියා එතනට..යකඩෝ ඌ වහලා ඉන්න
තැන මගේ උසට වඩා අඩි 2-3ක් උඩ. මොනවා කරන්නද වැඩිය සද්ද බද්ද නොකර පුටුවක්
උස්සන් ගිහින් ගත්තා ෆොටෝ 2-3ක් ම.. පුටුව උඩ ඉඳන් එහෙ මෙහෙ වෙන්නත් බෑ
හරියටම එළිය වැටෙන පැත්තෙ ඉඳන් ගන්ඩ..
ගන්න ගන්න ෆොටෝ එක බලලා ...
"Oh, this is not sharp enough ! See you cant count its legs !"
හතර පස් පාරක් ගත්තත් ෆොටෝ එක ඔය උත්තරේමයි ලැබෙන්නෙ..
පුටුවක්
උඩ නැගලා මේ කැමරාව එල්ල කරන් ඉඳලා අත් දෙකයි උරහිසත් රිදෙනවා. මහන්සිය
අස්සෙ මේ කැමර හිලෙන් සලභයා දිහා බලා ඉඳලම ඇස් දෙකත් රිදෙනවා..තව ෆොටෝ දෙක
තුනක් අරන් ෂාප් නැහැයි කීවහම මටත් ගන දෙවි නුවන පහළ උණා පොඩ්ඩක්
"Oh, These photos are sharp. The trouble is this butterfly itself is not sharp"
උත්තර දීලා ෆොටෝ ගන්න එක නැවැත්තුවා.
හිනා වෙලා මොනා හරි තේරුම් අරගෙන වගේ ඒ පාඩම එතනින් ඉවර උණා කියමුකො..
මේ තියෙන්නෙ ඒ ෆොටෝ සෙට් එකේ වැඩිම ලකුණු දීපු ෆොටෝ එක.. ඒත් ලකුණු 40යි.
ඔන්න ඔහොම කැමරා ලෙසන් ඉවර වෙලා මට වෙන කරන්න කීව වැඩක් දවස් දෙක තුනක් ම අමතක වෙලා අත පහු උණා.. මෙන්න එනවා SMS එකක් ෆෝන් එකට
This butterfly itself is not sharp :-D
කියලා..
එතකොටයි මට මීටර් උණේ මොකද්ද කියලා.. ඒ වෙලාවෙම අතපසු වෙච්ච වැඩේ ඉවර කරලා
දැම්මා. දැන් කැමරාව ගෙනාවට ඕක දමලා තියා ගන්ඩ මට හරි හමන් එකක් නෑ..
කැමරාව අරන් යන බෑග් එකේම තමයි තියලා තියෙන්නෙ..දවස් කීපයක්ම ඔය කියන කැමරා
ආරක්ෂක බොක්ස් එකක් බලලා තිබ්බත් මිලදී ගන්න එක අතපහු උණා.. අද උදේම චැට්
එකේදි අහනවා,
"Still not buy the humidity control box for the camera ?
"Nope but soon I am gonna buy that"
"Aah this butterfly itself is not sharp"
කියලා ආවෙ නැද්ද උත්තරයක් !
ඒ
වෙලාවෙම චෙක් කළා වෙලාව නවයයි කාලයි. ඔෆිස් යන්ඩ වෙලාව තියෙනවා. ඒ ෂොප්
එක එක. මේ වෙලාව ඇරලා. ගියා ගත්තා බොක්ස් එක.. ඒ වැඩෙත් ඉවරයි..
මටම හිනා මතක් වෙනකොට.. මේ වචන සෙට් එක මාව පාලනය කරන හැටි කියලා. ඇත්තටම මේක ගැන වාදයක් ගියානම්..ඒ කීවෙ
දැන්
කී දවසක් ඔහොම කිය කියා ඉන්නද ..හැම වැඩේම ඔය වගෙයි කල් දම දමා ඉන්නවා වගේ
එකක් කීවනම් එහෙම මගෙත් හිතත් රිදෙනවා.. මමත් මොනවා හරි ම කියනවා..අවසාන
ප්‍රතිඵලය දෙන්නම් හිත් රිදවා ගන්නවා..
මේක හොඳ සාර්ථක ක්‍රමයක් තමයි එයා පාවිච්චි කරන..
මමත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා යමක් කරවා ගන්නෙ කොහොමද හිත් නොරිදවා කියලා..
හැබැයි මට එකක් ෂුවර් මගේ ජීවිත කාලෙටම සෑහෙන වාරයක්,
"Aah this butterfly itself is not sharp"
කියන එක අහන්ඩ ලැබෙයි. මට විරුද්ධ වෙන්ඩ බෑ ඒකට.. ඒ මගේම වචන !
ඒ එක්කම මගේ වැඩ අතපසු කිරීමේ නරක පුරුද්දත් නැති වෙලාම යයි..
වර්තමානය
තත්පරෙන් තත්පරේ...විනාඩියෙන් විනාඩිය..පැයෙන් පැය..දසින් දවස...සතියෙන් සතිය..මාසෙන් මාසෙ ගෙවිලා ගිහින් මාස 31 ගියපු වර්තමානයෙ ඉඳලා පහු ගිය කාලය දිහා ආපහු හැරිල බලද්දි..සතුට, වගේම දුකකුත් මිශ්‍රිත මහා අමුතු හැඟීමක් තමයි ඡායාරූපකරණය හා බැඳිච්ච මගේ ජීවිතය ගැන ඇති වෙන්නෙ..
ගත්ත සමහර ඡායාරූප ගැන තාවකාලිකව තෘප්තියක් ලැබුනත්..හිත පතුලෙ අසංතෘප්ත වෙච්ච මහා ලොකු පිපාසාවක් එක්ක ජීවත් වෙන මම කවදා හරි මේ පිපාසයෙන් අත්මිදෙයිද කියන එක තරමක ප්‍රශ්ණයක්...
ඒක ප්‍රශ්ණයක් වෙන්නෙ පහු ගිය කාලය තුල මා කොයි තරම් නම් කාලයක් ඡායාරූපකරණය වෙනුවෙන් වෙන් කලාද කියන එක මත තමයි..ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාවකට යොමු උන නිසාම ITPA එහෙම නැතිනම් ඉන්ද්‍රනාථ තේනුවර ඡායාරූප ඇකඩමියට සම්බන්ධ වීම නිසා ඒ ශිල්පය ගැන එහෙන් මෙහෙන් දැනගෙන හිටි කරුණු ගොඩක් එක්ක නව දැනුම් රාශියක් ළඟා කර ගනිමින් ඉන්නවා. ඉදිරියෙදි නම් ඒ දැනුම උරගා බලන්න හොඳ අවස්ථාවක් ලැබෙයි කියන ලොකු බලාපොරොත්තුවක් එක්ක..කාලය ගෙවෙන්නෙ ..
ඒ වගේමයි ඉතින් තමුන් නියැලිලා නොහිටිය ක්ෂේත්‍රයක් ගැන හදාරන කොට ඉතින් ඒකෙ තියෙන අහුමුළු වලට ගත සිත යොමු කරන්ඩ වෙන කාලය එක්ක ලොකු තරඟයක් එනකොට ඒ වෙනුවෙන් කැප කරන්නෙ මොන කාලයද කියන එක මත පහුගිය කාලයේම මට මග ඇරිලා ගියේ මේ ලියවිල්ල තමයි. බ්ලොග් එකේ කාලෙකට සැරයක් හරි පෝස්ට් එකක් දාන්ඩ ඕනිය කියන සිතුවිල්ල අමාරුවෙන් උනත් යටපත් කරගෙන ඉන්න උනා. ඒත් එක්කම හිතට සතුටක් එන්නෙ මේ අත්දැකීම් එක්ක ජීවිතේට එකතු වන දේවල් වලින් ලියන්ඩ තියෙන දේවල් මහාකන්දරාවක් ගොඩගැහෙන එක ගැන තමයි..
හඃ හා................අර මටත් බඩු ගන්ඩ කියලා දුන්න තැනින්ද ගත්තෙ? මිළ ඇහුවොත්නම් කලන්තේ හැදෙයි නේද? සුපිරි බඩුවක් බව පෙනෙනවා. මමනම් මගේ කැමරාව දාලා තියෙන්නේ වායුරෝධක විනිවිද පෙනෙන ප්ලාස්ටික් පෙට්ටියක. තව ඉස්සරහට මේ කැමරාවේ වැඩ අපිටත් බලන්න පුළුවන් වෙයිනෙ?
ReplyDeleteනැහැ විචාරක තුමා මේක මට 2012දි තෑග්ගකට ලැබිච්ච එකක්. අර සිහින අවුරුදු උළෙලදි එහෙම ෆොටෝ ගත්තෙත් මේකෙන්ම තමයි..
Deleteමීට මාස හයකට විතර කලින් ආපහු දිගටම ලියනව කියලා උඹ අඬබෙර ගැහුව නේද?
ReplyDeleteයකඩෝ මාසෙකට කලින් අඬබෙර ගැහුවෙ හැලපෙ අයියෙ..බලහන් අන්තිමේ ගහපු අඬබෙරේ පළුවකුත් නෑ ඕන් !
Delete+++++++++
Deleteකාලෙන් කාලෙට වෙන වෙනස් කම් කෙටියෙන් හරි ලියා තියන්න. තවත් කාලයක් ගියාම ඒවා වටිනවා.
ReplyDeleteඒක නෙමෙයි, පොටෝ ඇකඩමියේ නිත්‍ය නිරූපන ශිල්පියා ඔයා අයියා?:D
ඔව් මල්ලි...නොලියා ඉන්න කොට බඩ පපුව දාලා ගියා වගේ හැඟීම ආයි එනවා නම් ශෝක් අප්පා..
Deleteනෑ කැලෑසියේ හැම කෙනාටම ඒ චෑන්ස් එක නම් එනවා...
මේ මනුස්සයො ඔය කැමරාව උස්සගෙන ඉන්න පාවිච්චි කරන කැලරි වලින් ටිකක් මේක ලියන්නත් පාවිච්චි කරනවකො.
ReplyDelete(කැලරි යන වදන ප්‍රවේශමෙන් පරිහරනය කරන්න. අකුරු අඩු වූ විට බයානක ප්‍රථිපල අත්විය හැක.)
පහු ගිය දවස් වල කැමරාව උස්සගෙන හිටියෙත් නෑ මල්ලි...අන්තිමේ ලියලත් නෑ..මක්කද කලේ හැබෑටම ?
Deleteඑහනම් ඡායාරූප ප්‍රදර්ශනයක්වත් තියමුද ? ඇත්තටම අර දිගටම ලියපු ඒවාට මොනවද බං වුනේ වෙනි අයියේ
ReplyDeleteඡායාරූප ප්‍රදර්ශණයක් තියන්න ඕනියි කියන අදහස නම් තියෙනවා..ඒත් තාම එක ඡායාරූපයක්වත් අරගෙන නෑ ප්‍රදර්ශණයකට හරි යන ඒවා..
Deleteඅනේ අපිටත් ඔහොම පිනට දෙන මොකෙක් හරි හිටියනම්.....
ReplyDeleteපිනට නෙවෙයි බන්..ආදරේට..ආදරේට...
Delete//වැඩිය සද්ද බද්ද නොකර පුටුවක් උස්සන් ගිහින් ගත්තා ෆොටෝ 2-3ක් ම..// පොඩි චලනයක් ආවට, සළබයා ඉගිලෙන්නෙ නෑ නේද සමනළයා වගෙ.
ReplyDeleteකොහොම වුනත් වෙනි අයියා කැප වීමෙන් ඉගෙන ගන්න කොල්ලෙක් වගෙ පේනව ;)
මං මුකුත් කිව්වට කමක් නැද්ද අහබං ප්‍රසා.. හැක්..
ReplyDeleteඋඹ කියහං. මට මොකද. අහගන්නෙ වෙනී අයියගෙන්නෙ. :D
Deleteඒ හාදයා වෙනිවැල් නෙමෙයි ගිනිවැල් බං.. ගිනිවැල්..
Delete:-D
Deleteඉදල හිටල හරි ඇවිත් පොල්ලෙං ගැහුව වගේකියල මාරු වීම ගැනමගේ බලවත් මෙව්ව එක...
ReplyDeleteඔව් අප්පා මටත් හිතට අමාරුයි තමයි..ඒත් කෝ හිතට මෙව්වා එකක් ලියන්ඩ..හැබැයි එයි...කවදා හරි...
Deleteදැන් ඉතින් පටන් ගත්තනෙ දිගටම ලියපන්..
ReplyDeleteඋඹ මොකක්ද මේ කියන්න තටමන්නේ....කැමරා එක පෙට්ටියකට දාලා ආපහු බ්ලොග ලියනවා කියන එකද :D
ReplyDeleteඅන්න තේරුනා. හැබැයි අර පෙට්ටියෙ ප්‍රයිස් ටැග් එක ගලවන්න අමතක වෙලා තාම.
Deleteඅනේ මන්දා අරූ..තැටමුවට තැටමුවට මුකුත් කියවෙලා නැතුවා වගෙයි...
Deleteපිස්සුද නියමෙට කියවිලා තියෙනවා.. පෙට්ටිය හයදාහයි කියලා.. :D
Deleteමාරයාට තමයි වැඩේ තේරුණේ...
Deleteසලඹයා = moth තමයි
ReplyDeleteමොත් කිව්වෙ අර ඉපියා කියන එකා නේද ? අර වී ගෝනි වල එහෙම හැදෙන්නෙ...
Deleteවෙනී.... උඹ විහිළුවක් කරනවද, එහෙම නැත්නම් සීරියස්ද...?
Deletehttps://www.flickr.com/groups/1289645@N25/
Deleteමේ පෝස්ට් එකේ මුල කොටස කියවල 2012 දී කමෙන්ට් කරපු බවක් මතක තියෙනවා.... :)
ReplyDeleteෆොටෝ ගහන්න ඉගෙන ගන්න එකේ හොඳ ෆොටෝ ටිකක් හරි බ්ලොග් එකේ දාන්න
ඇත්ත වශයෙන්ම කිව්වොත් කැමරාවට හරියන එකෙක් කැමරාව පිටිපස්සේ නොහිටිය කරුමෙට ඔය හොම්බ දිග කැමරාව ඇහුව බැනුං කප්පරේ හැටියට... යන්තං ඒ හිටිය ගෝතයව යංකිසි තත්තෙකට ඇදලා දාන්න සමත් වෙච්ච ඉන්ද්‍රනාථ අයියට හොම්බ දිග කැමරාවේ වගේම මගෙත් ස්තූතිය මේ අවස්තාවේ පුද කර සිටින්ට ඕන.. :D
ReplyDeleteමොකද කිව්වොත් මටත් යකා නැගලා හිටියේ ඔච්චර කැමරාවක් තියං මේ යකා කරන විපත්වල හැටි කියලා.. :D
අනේ වෙනී අයියේ පිං සිද්ධ වෙයි මේ බ්ලොග් ලියං යන වේගේ අඩු කරහං.. උඹ දැන් මාසෙක ඉඳලා මේක ලියන ලිවිල්ලේ හැටියට මට කියෝ ගන්නත් අමාරු තරං.. :P
ඔව් ළමයි අද පෝස්ටුව...
“වෙනී අයියගේ අළුත් පෙට්ටිය“
(කරුණාකර මාත්තුරුකාවට අදාලව කතා කරන්න.. :D )
ඈ වෙනියො, නයෙක් නැතුව යමක් ලියන්න හිහෙන්නෙම නෑ නේද බං? හරි කමන්නෑ, නය බැරිනං ඇනකොන්ඩ එක්ක හරි ලියහන්.
ReplyDeleteඒක නෙවේ ලොක්ක, පෙනේද උඩින් තඩි කකුළුවෙක් බොට කෙලින් යන පාඩමක් කියා දීල. ඌ බ්ලොග් එක ලියන ලිවිල්ලට නලියගෙ පත්තරේ අච්චු ගහන්නෙත් නෑ. අනේ මන්ද මොකටද මයෙ කට...
හා..හා ඊළඟ...
මමත් ආසයි ෆොටෝ ගහන්න..හැබැයි ෆෝන් එකෙන්....
ReplyDeleteසියළුම කමෙන්ට් වලට මගේ නොමද තුතිය සහ පිලිතුරු නොසැපයූ කමෙන්ට් සඳහා සමාවද ඉල්ලා සිටිමි...
ReplyDelete