කොළ පැහැයත් කහ පැහැයත් අතර වර්ණයකින් ගැවසි ගත් බණ්ඩි ගොයම ටිකින් ටික රන්වන් පැහැගැන් වෙන්නේත් ආඩම්බරයෙන් අහස දෙස බලා සිටි ගොයම් කරල් බිමට නැවෙන්නේත් බලා සිටිද්දීමය...
නියර පුරා ආරක්ෂකයන් මෙන් සිටුවා ඇති පොල් පිති වල හිඳ යාය පුරා ගොයම් කරල් වල සාරය බීමට පැමිණෙන ගොයම් මැස්සන් වෙත බැල්ම හෙළමින් සිටින් නා නා විද කුරුල්ලෝ විටින් විට යාය වෙත පියඹා ගොස් නැවත් තමන් සිටි පොල් පිති අසුන වෙත පියඹා එයි..
මේ ගොයම් පැසී ලහි ලහියේ ගොයම් කපන්නට සූදානම් වන කාලයයි...
තාත්තා වී අටුවේ කොනක ගසා තිබූ දෑකැති සමූහය ගෙන භූමිතෙල් උලා පීරකින් ඒවා නැවත මුවහත් කරද්දී... අම්මා වී වේලෙන්නට දමන මාගල් මිටිය ලිහා ඒවා තුළට වී තැනින් තැන කපා දැමූ මීයන්ට දෙස් දෙවොල් තබමින් නැවත සකසයි.. ලොකු අක්කා බට පොතු පෙට්ටිය සහ බත් කෑමට ගන්නා වට්ටි ගොන්න එළියට ගෙන අව්වේ දමා සියල්ල පිළිවෙළට සකසා ගනී.
චූටි අක්කාත් මමත් ළඟ එන සතුටුදායක දින කිහිපයකට ඇඟිලි ගනිමින් බලා සිටින්නෙමු
මාර්තු මාසයේ කැපෙන ගොයමට වඩා අප වඩාත් ආශා කළේ අගෝස්තු නිවාඩු කාලයේ ගොයම් කැපෙන සමයටයි. පාසැලේ ක්‍රීඩා උත්සව වලට මුලු කාලයම වැය කරන මාර්තු මාසයත් ඊළඟට පැමිණීමට නියමිත සිංහල අළුත් අවුරුදු සමයත් නිසාම එම කාලයේ ගොයම් කැපිල්ල නම් විටෙක හිසරදයක් වූබවත් මතකය. එනිසාම අගෝස්තු නිවාඩු කාලය ඉතා මිහිරි මතකයන් රන්දන කුඹුරු සමයක් වීම නම් අනිවාර්ය අංගයක්ම වීය.
අද මේ වෙනකොට නම් සුනාමි, භූතයා යන නම් වලින් හඳුන්වන ගොයම් නෙළීමේ යන්ත්‍ර තිබුණත් 70 දශකයේ අග හා අසූවෙ දශකය මුල සියලුම කුඹුරු වැඩ මිනිස් ශ්‍රමයෙන් කර ගත් කාලයක් තිබුණි. එලෙසම කුලියට මළියට නොව අත්තමට එකිනෙකාට උදව් කර ගනිමින් කුඹුරු කල හැටි ගැන අමතක නොවන කාලයක සැමරුම් ගොන්නත් හිත පතුලේ ඇත..
පහු ගිය දොහක..හරියටම අගෝස්තු 13 දිනය පුරාම මම මගේ අසල්වාසී අයියා කෙනෙකු වූ අබේ අයියාගේ ලියැදි කීපයකින් යුත් කුඹුරේ ගොයම් කැපීමට සහභාගී වීමි. කාර්යාල වලටම වී හොර වී ඇති ඇඟ හැමතැනකම ඇදුම් දුන්නත්එදා දිනයම ලත් සතුට නම් කාලයක් හිත පුරා දෝංකාර දෙනු නියතය.. එදින වැඩය කරන අතර තුර මා ෆෝන් කැමරා කාචය තුළ රුවා ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.
මෙය ප්‍රභා මිය යාමට මොහොතකට පෙර ඡායාරූපයක් නොව මාගේ කොන්ද රුදාව නිසා නියරේ ඇලවී සිටිද්දී ගත් ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න !
ගොයම් කැපීම අතින් කළත් මැඩවීම නම් යන්ත්‍රයෙන් කල නිසා දවස් එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ සියලුම වැඩ නිම වීය..
අපේ ගම් වල මැණික් පතල් හෑරීම කුඹුරු වල සිදු වීම නිසාම දණිස තෙක් එරෙන කුඹුරු වල අදටත් අතින් ගොයම් කැපීම සිදුවේ. ගොයම් මැඩවීම සඳහා අද නම් සියලුම ගොවීන් පාහේ යන්ත භාවිතා කරනු දක්නට ලැබේ.
නමුත් එදා යන්ත්‍ර නොතිබූ සමයක සහ එරෙන කුඹුරු නිසා කුඹුර සැකසීමටවත් මී හරක් යොදා ගැනීමට නොහැකි කුඹුරු නිසා ගොයම් මැඩීම කළේද ගොවීන් තමන්ගෙ කකුල් මගිනි. එය හරකුන් යොදා කරනවාට වඩා කලාවකට කළයුතු දෙයක් වීය. දෙපසේ සිටවූ කරු දෙකකට රඳවනු ලැබූ දෙ අතින් අල්ලා ගතහැකි දණ්ඩ අල්ලා ගෙන තම දේපතුල් වලට මැදි කර ගත් ගොයම් මිටිය ඇට හලෙන තුරු දෙකකුලින්ම පාගනු ලබයි. මෙය ඉතා වෙහෙසකර කාර්යයක් වූවද පළපුරුදු ගොවීන්හ් අට එය ඉතා සුළු දෙයක්ම වීය.කුඩා අපද අපේ වැඩිහිටියන් ඇඹුල සප්පායම් වන විට ගොයම් කරල් 10-15 ගෙන ගොයම් මැඩීම කර ඇත්තෙමු. එහි ප්‍රතිඵලය දැනෙන්නේ කකුල සෝඅදන්නට දියට බැස්ස විටය. පාගන ගොයම් ගස් වලට සීරුණු දෙකකුල් දැවිල්ල දින කීපයක් යනතුරුම පවතී.
ගොයම් මැඩීම කරනු ලබන්නේ රාත්‍රියේ වීමද ඉතා සුන්දරය. පැට්‍රෝල් මැක්ස් ලාම්පු එළියෙන් ආලෝකමත් වන කමත මඩවා ගොඩ කරන ලද පිදුරු ගොඩ අපේ පිනුම් පිටිය වන්නේ කොයි තරම් නම් චමත්කාරයක් එක කරමින්ද ?
එවන් කාලසීමා වල සිදුවූ රසවත් සිද්ධීන් අටෝ රාශියක් හිතට නැගුණත්..එයින් එකක් අදට මගේ සිත පාරවන්නට වූයේ මේ චරිතයේ උන් නැගණිය පසුගිය සතියක අකාලයේ මියැදී මාද එම මළගමට සහභාගී වූ නිසාය...
මේ අප අවුරුදු 8 හෝ 9 ක් වූ කාල සීමාවයි. වැඩිහිටියන්ගේ සියලුම ක්‍රියා දෙස බොහෝ කුතුහලයෙන් බලන්නට පුරුදු වූ කාලයක් හා ඔවුන්ව අනුකරණය කරන්නට පෙළඹෙන කාලයක් වීය.
කිසිම අර්ථයක්, රසක් නොදැන බීඩි බී බලන්නට ගොස් කැස්ස හදා ගත් කොලු නඩයක් වූ අපි...
එක් දිනයක අසල්වාසී කුඹුරක ගොයම් මඩවන කමතකට වී මැඩුවන් ගසා දැමීම..කරල් ඇහිලීම වැනි පොඩි පහේ වැඩ කරමින් සිටියෙමු. රාත්‍රිය වනවිට..අප කමත වටා රැස් වී පිදුරු ගොඩ උඩ පිනුම් ගසමින්ද වැඩිහිටියන්ගේ ඇනුම් බැණුම් වලට ලක් වෙමින්ද සිටින විටෙක කපිල අපිට අතින් අමුතුව සන් කරනු දැක්කෙමු.
අනිත් අයට හොරෙන් එකිනෙකා පැමිණෙන මෙන් ඉල්ලා සිටි බැවින්..අපිද හොරෙන් එකා දෙන්නා කමතින් එළියට ඇදෙමින් සිටියෙමු.
නිහඬවම ඔහු පසු පස එන්නැයි අතින් සන් කල නිසාම අපිද අලිබබා සහ හොරු හතළිහ මෙන් එකා පසු පස එකා කපිල පසුපස ඇදුනෙමි. ඔහු හෙමින් යන්නේ අසල වැඩ නිමවූ කුඹුරෙහි කමත දෙසටය. පැත්තකින් කන්දක් මෙන් අඳුරේ ඉහළට නැගුණු පිදුරු ගොඩද කමතෙහි තැනින් තැන සිටවූ කණුද අතරින් තැනින් තැන පිදුරු ගැලවී වැටුණු පොඩි පැල් කොටයක්ද අඳුරෙහි වූවද වලාකුළකට මුවාවූ සඳ එළියෙහි බබළමින් තිබුණි. අපි සෙමින් සෙමින් කපිල අනුගමනය කරමින් පිදුරු ගොඩට මුවා වීමු. සඳ කෙමින් කෙමින් වලාකුළු අතරින් තම සොමි කිරණ ලොව වෙත මුදා හරිත්ම අඳුරේ වෙලී හුන් පැල්කොටය අප දෙනෙත ඉදිරියේ වඩාත් පැහැදිලි වන්නට වීය..
තැනින් තැන පිදුරු ගැලවී වැටුණු පැල් කොටය තුළ කවුරුන්දෝ අයකු සිටී..හොඳින් බලන විට එක් අයකු නොව දෙදෙනකු බව අප හට පෙනෙන්නට වීය..ඒ සෝමේ මාමා කපිල එක් තමා ළඟම සිටි එකාගෙ කනට කොඳුරා කීමත් සමඟම ක්ෂණයකින් ආරංචිය පෝලිමේ සිටි අන්තිමයාගේ කන වෙතට ඇදුනි. අනිත් කෙනා අසල්වාසී ගෙදරක සිටි සීලවතී නැන්දා බවත් දැන් සියල්ලෝම දනී...අපි සියල්ලෝම බලා සිටිනු නොදැන ඔවුන් ඔවුන්ගේ ලෝකයේය. දෙදෙනාගේ අත පය ක්‍රියාකාරීව යන පෙදෙස් දිහා සෙවනැල්ලක් මෙන් වූ රූ දෙස අපිද ඇසි පිය නොහෙළා බලා සිටින්නව වීමු.
අවාසනාවක මහත වූයේ සිරස්ව සිටි දෙදෙනා සෙමින් උක්කුටව වාඩි වීමත් සමඟ සිදු වන්නේ කුමක්ද යන්න අපගේ දර්ශන පථයෙන් ඈත් වීමය..පෙනෙන දෙයට වඩා නොපෙනෙන දෙය තුළ මහා විශාල දෙයක් වේයැයි සිතන මනුෂ්‍ය චින්තනය අපට සහජයෙන්ම ලැබුණු නිසා..දැන් එකිනෙකා හෙමි හෙමි පිදුරු ගොඩින් මෑත්ව පැල් කොටය වෙත ඇදේ..පැල් කොටයේ පිදුරු කඩා වැටී ඇති සිදුරකින් එබී බලන්නට උත්සාහයද එතරම්ම සාර්ථක නැත..එකිනෙකා එකා පිටිපස්සේ එකා පොරකද්දී සිදු වූයේ අප සියලුදෙනා නැගී සිටි නියර පලුවට අප සියල්ලම තවදුරටත් දරා ගැනීමට නොහැකිව අසරණ වීමයි..සිදුරු පිරුණද අසල වූ වතුර පිරුණු ලියැද්ද තුළට එකිනෙකා ඇද වැටෙද්දී හූ කීම පටන් ගත්තේ කවුරුද යන්න අදටද අබිරහසකි. අඳුරේම සරමත් අතට ගෙන ඉගිලුණු සෝමෙ මාමා පසුපස සීලවතී නැන්දාද මිටින් හල කුරුල්ලකු මෙන් දිව ගිය බව අපට පසුව කීවෙ ඒ වනවිටත් පිදුරු ගොඩ අසලා රැඳී සිටි රනාය. මේ සිද්ධිය අපට කාලයක් යනතුරු මහා විශාල විනෝදයක් ගෙන දුනි. නමුත් පසු දිනයක වූ සිද්ධියක් සමඟම අප සියල්ලම ගමේම සිටි ගම කන්ඩ ආ හැතිකරයක් ලෙස හංවඩු ගැසෙන්නටත් හේතු පාදක වූයේද මෙම සිද්ධියමය... වෙනත් වෙල් යායක ගොයම් මැඩවීමකට අප ගොස් එහි සිටි චූටික්කි නම් අවුරුදු හය හතක දැරිවියක් අසල වූ පැල් කොටයකට ගෙන ගොස් සෝමෙ මාමා මෙන් අත පත ගා බලන්නට තීරණය කර තිබුණි...
කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිම හැඟීමක් හෝ ලිංගිකත්වයක් පිළිබඳව හාංකවිසියක් ඇඟට , හිතට නොදැනෙන කාල සීමාවක..අප චූටික්කිව රවට්ටාගෙන ගොස් අත පය අත ගා බැලුවෙමු. නමුත් කිසිම වෙනසක් නැත. ඇයද සිනහ වෙමින් මෙය තවත් සෙල්ලමක් ලෙසට ගෙන සිටි බව නම් මතකය...
ඇය මේ බැව් ඇගේ අම්මාටද කිවූ බව දන්නේ දිනක් ඈ ආයි එහෙම තොපිලා චූටික්කිගෙ ජංගිය පල්ල අතගාලා තිබ්බොත් කපනවා තොපිලයෙ බිලිං ජුංඩව කෝප්පිහියකින් යැයි අප සෙල්ලම් කරන පිට්ටනියටම විත් අප සියල්ලටම බැණ වැදී ගිය නිසාවෙනි..
චූටික්කි පසුව චූටි වී අප සැමගේ හොඳම යෙහෙළිය වූවා පමණක් නොව පසු ගියා කාලයේ ලෙඩ ඇ ඳට වැටී අපගෙන් සමු ගන්නට පෙර අප ගම වෙත යන සැම දිනකම මොනවා හරි රසකැවිල්ලක් සාදා අප නිවෙස වෙතට එවන්නට තරම් හිතේෂිවන්ත කමක් තිබුණි...
අද ඒ කුඹුරු යායම පුරන්ව ගොස් ඇත...
ඒ සුන්දර වටාපිටාවේ හුන් බොහෝ අය අපව මෙහි දමා ගොස් ඇත..
අපුරු ළමාවියක් ගෙවූ අප සියල්ලෝම වැඩිහිටියන්ව ඇත..
නමුත් මනස තවමත් ඔකඳ වන්නේ ඒ සුන්දර අතීතයේම පමණි..
// ආයි එහෙම තොපිලා චූටික්කිගෙ ජංගිය පල්ල අතගාලා තිබ්බොත් කපනවා තොපිලයෙ බිලිං ජුංඩව කෝප්පිහියකින් //
ReplyDeleteඑතකොට ඕක කැපුවෙ කාගෙ කිරිජ්ජපල්ල අතගාන්න ගිහින්ද?
එකෙන්ම බ්ලාස්.. :D
Deleteහික්ස්, ඔය තියෙන්නෙ අපූරුවට කවුරුවත් කැපුවෙ නෑ...හිටින්කො ආයි ආපු වෙලාවකම පෙන්නන්ඩ එතකොට විශ්වාසෙට ගනියිනෙ...නැතිනම් බොලාගෙ මෙහෙ ඉන්න නියෝජිතයෙකුටවත් පෙන්නන්ඩද ඉතින් ! :-D
Deleteබිලිං ඩිංග තිබ්බට ඇට දෙක නං මං හිතන්නේ තාම අර නයින්ටියේ ලැගේජ් එකේ නේද??
Deleteඔය ඉංදිකට පෙන්නන්න හදන්නෙ අර පස්සෙ බට් කරගත්ත එක වෙන්නැති.
Deleteකැලෑ පූසො ෆොටෝ එකක් එවල ඔප්පු කරන්න හැදුවොත් රැවටෙන්න එපා. ලොක්ක දැන් ෆොටෝ ශොප් ඔස්තාර්.
Deleteදේශා ඒක අර සීයා කොහොම හරි පොල්තෙල් සුට්ටක් ගාලා ගලවලා දුන්නා !
Deleteඅර අලි හොඬවැලක් හයි කර ගත්ත එකාට වෙච්ච දේ අහද්දි මම නම් වෙන එව්වා බට් කරන්නෙ නෑ ප්‍රසා..
ෆොටෝසෝප් නෑ බන් ඔරිමජිනල් එව්වයෙන් එවන්නෙ ඕනිම නම් අන්තර්ජාතික පරීක්ශනයකට උනත් යැව්වහැකි..
// ෆොටෝසෝප් නෑ බන් ඔරිමජිනල් එව්වයෙන් එවන්නෙ ඕනිම නම් අන්තර්ජාතික පරීක්ශනයකට උනත් යැව්වහැකි..//
Deleteඑවහන් එවහන්, කෝමත් උඹ මැක්‍රො පොටෝ වලට දස්සය කියල මම අහල තියෙනව..හැක් හැක්...
අම්මපා මේ ඉන්දිකයා නම් මගේ කොයි ආත්මෙ තරහ කාරයෙක්ද මන්දා ? අහුවෙයකො ආයි ලංකාවට ආපු කාලෙක..
Delete:P
Deleteඑතකොට ඔය භූතයා කියන එකාගේද අර පින්තුරේ ....
Deleteෂහ්..පොටෝ ටිකෙත් වෙනී අයියා ඉන්නෙ නිකං මොඩ් ගොවියා වගේ. :D
ReplyDeleteබොහොම රසබර කතන්දර ටිකක් නෙහ්..
මරු ඈ..
ආයි ඉතින් ෆොටෝ ටික දැම්මෙ නැතිනම් මේකෙ එකාලා කියයි මම කුඹුරකටවත් බැස්සෙ නැතෙයි කියලා...ඇබැයි හොර වෙලා තියෙන ඇඟවල් තාම රිදෙනවා..
Deleteපස්ට පිංතුර ටිකක් එක්ක රසබර පෝස්ටුවක්. මට මතක් වුණේ අපි පොඩි කාලේ කොළ මඩවපු විදිය. දැන් කොයින්ද ඒ වගේ මැඩුවං ගොඩේ පිනුං ගහන්න අවස්ථාවන්.
ReplyDeleteඔව් නලියා කාලය වෙනස් වෙලා..සේරම වෙනස්වෙලා..පිනුම් ගහන්ඩ බෑ ඔළුවත් බරයි අප්පා !
Deleteඅප්පා පිංතුර ටික දැක්කත් හිතට පවන් ගහන්නැහෙ සනීපයි.අපට දැන් කොහෙද එහෙම කාලයක්.
ReplyDeleteමමතාම කොළඹ හිටියත් ගමක ඉන්න නිසාමද කොහෙද මේ චාන්ස් එක වදිනවා අයියෙ..ඉතින් හිතට සතුටුයි..
Deleteකන්දේ ලන්දේ ... ගගුලැල්ලේ පේනා තෙක් මානේ...
Deleteමන බැන්දේ වින්දේ සුව පහසේ... වාසේ ගම්මානේ ...//
වෙල් යායේ ...දොල පාරේ... නිල් වන් ජලාසේ .. .
ගං තීරේ ගුරු පාරේ.... සිරි දෙවි සිනාසේ ....
ඒ මවි තුරුල්ලේ සුරූපි යොවුන් ලාලනී...
සංඛෙත වූ වාසනාවෙ ...ගමිමානේ.... කන්දේ ලන්දේ....//
ඇල් හේනේ ...රුක් සෙවනේ... ගෙපැලේ විහාරේ .. .
පූජාවෙ බෙර නාදේ... ගැමි ගීත රාවෙ ...
මා පුංචි කාලේ ... ලැබූ ආදරේ ...සුන්දරත්වෙ .. යයිදෝ මැකීලා.. ගමිමානේ...
ගායනය - රෝහණ බැද්දගේ
බලු පූට්‍ටු වලට ගල් ගහපු උන්ට පටිසන් දෙනවා කියන්නේ ඇත්ත තමයි. ගිය ආත්මේ සෝමේ මාමයි සීලවතී නැන්දයි ඒ වැඩේ කලා. මේ ආත්මේ වෙනියයි කොලු නඩෙයි ඒකම කලා. උඹලටත් හම්බ වෙයි. (ඔය ලැගේජ් වලට අහුවෙන්නෙත් ඕවයේ විපාක තමයි)
ReplyDelete//උඹලටත් හම්බ වෙයි//
Deleteහම්බුවෙලා ඉවරයි. මේ ඒ කාලෙ තමා ඕක ගෙවන්නෙ.
මම හිතන්නෙ හෙන් රි මේ ආත්මෙ කරපු ඒවා පල දෙනවා ඇත්තෙ ලබන ආත්මෙ තමයි..තව කාලයක් තියෙනවා නෙ..ඔන්න ඔහෙ බලා ඉමු..
Deleteඉන්දික වෙලාවක බොලා සහ තව සෙට් එකක් ඉන්නවා මාසයක විතර මගේ XXX ඇක්ටිවිටීස් වල වීඩියෝ එවන්නම්..නැතිනම් හිතා ඉන්නෙ අපි මේ සෙx නැතුව වේලි වේලි ඉන්නවා කියලා නේහ් !
මගුලයි ඒ පාර වීඩියො එඩිටින් ක්ලාසුත් ගිහින් වගේ. වෙනි අයියා අත වනන ඒව xxx නෙමේ මෙයා.
Deleteඑඩිටිං මක්කටැයි ? ඉන්ඩකෝ කොපියක් එවන්නම් එකෙන්ම ..
Deleteඒවහං ඒවහං. ඔය සමහර සයිට් වල තීනවනෙ disgusting කියලත් කැටගරියක්. ඒවට ආසය බලන්න අයට ඕක දාල ගානක් හොයාගන්න බැරිය!
Deleteඉපනැල්ල පැගුනාම මෝල් තද වෙනවා කියලා කියමනක් තියෙනවා නෙව... :D
ReplyDeleteඔය කුඹුරේ අයිතිකාරයට කියහං මීට පස්සේ මිටි වී ජාතියක් ගහන්ටය කියලා.. නැත්තං ඉතිං හැමදාම ගොයං කැපිල්ල කරන්න වෙන්නේ කරු තියලා උස්සලා තමා :D
කොට වී ජාති තියෙනවා තමයි බන් තියෙන පලියට දාන්නෙ නැහැනෙ. ඒක සුදුසු වෙන්න ඕනි වෙල් යායටම..සහ මේක මේ පුරුදු වෙන්න කරන කුඹුරක් නෙවෙයි හැමදාම දාන වියක්..සහ මම නම් කැමති උස ගොයම් වලට කපන කොට හතරට නැවී ගෙන කපන්න ඕනි නෑ...
Deleteඉපනැල්ල දැකලා කීප දෙනෙක්ගෙම මෝල තද වෙලා තියෙන බව නම් මමත් දුටුවා.. :-D
ගැන්ග් රේප් කියන එක මේ ලෝකෙට බිහිකරලා තියෙන්නේ වෙනිලා තමයි... :D
ReplyDeleteනමුත් එදා යන්ත්‍ර නොතිබූ සමයක සහ එරෙන කුඹුරු නිසා කුඹුර සැකසීමටවත් මී හරක් යොදා ගැනීමට නොහැකි කුඹුරු නිසා ගොයම් මැඩීම කළේද ගොවීන් තමන්ගෙ කකුල් මගිනි. එය හරකුන් යොදා කරනවාට වඩා කලාවකට කළයුතු දෙයක් වීය. දෙපසේ සිටවූ කරු දෙකකට රඳවනු ලැබූ දෙ අතින් අල්ලා ගතහැකි දණ්ඩ අල්ලා ගෙන තම දේපතුල් වලට මැදි කර ගත් ගොයම් මිටිය ඇට හලෙන තුරු දෙකකුලින්ම පාගනු ලබයි. මෙය ඉතා වෙහෙසකර කාර්යයක් වූවද පළපුරුදු ගොවීන්හ් අට එය ඉතා සුළු දෙයක්ම වීය.
මේ කෑල්ල තෙරුනේ නෑ... එරෙන හින්දා මීහරක්ගෙන් හාන්න බැරි බවනම් දන්නවා... ඒත් ගොයම් මඩින්න තියෙන අවුල මොකද්ද... ගොයම් මඩින්නේ කමතේනේ...
බීට්ල් මීහරක් ගෙන් හාන්න සහ මඩවන්න බැරි කම නිසා අපේ පැත්තෙ මී හරක් හිටියෙම නෑ ..ඉතින් කොහෙන්ද නැති මීහරක් ගෙන් මඩවන්නෙ ? අපි තමයි ගමේම හිටි මී හරක් රැල..ගමේ වැඩිහිටියො කීව විදියට නම්...
Deleteහොදම මී හරකා කොළඹ හතේ ලැග්ගම ඒ අහිංසක මිනිස්සු කෝම හාන්නද අයියේ මං අහන්නේ..
Deleteඇයි ඕගොල්ලො කර ඇරියෙ.
Deleteඅපේ පැත්තෙ හිටියෙම "එළ" හරක් ම විතරයි...
Deleteඉස්සර පහේ පන්තියේදී "වෙල් යායක සුන්දරත්වය" කියල රචනයක් ලියන්න කියලා එකෙක් ලියල තිබ්බ "සැන්දෑවට වෙල් යාය ත්‍රාසජනකය." කියල. කියවුනේ නම් ඌ ත්‍රාසජනක කියන වචනේ තේරුම දැනන් හිටියේ නෑ කියල. ඌත් මොනවා හරි දකින්න ඇති.
ReplyDeleteකොහොම වුනත් මුලික මානව අයිතිවාසිකම් වලටත් වඩා එහා ගිය මුලික සත්ව අයිතිවාසිකම් තියෙනවා. ඒවා උල්ලංඝනය කරන එක හරිම වැරදියි.
"ලියැද්ද තුළට එකිනෙකා ඇද වැටෙද්දී හූ කීම පටන් ගත්තේ කවුරුද යන්න අදටද අබිරහසකි" - වෙන කවුද ?
"නමුත් මනස තවමත් ඔකඳ වන්නේ ඒ සුන්දර අතීතයේම පමණි.. " - මනස විතරමද ?
ඇත්තමයි රාමා මම නම් නෙවෙයි. වෙන කවුරු හරිපටන් ගත්තා..මාත් සපෝට් එකක් දුන්නා..ගත සිත දෙකම තමයි ඉතින්..
Deleteසුන්දර මතකයන් අවදි කිරීමක් වෙනී .......
ReplyDeleteමට නම් මතක ...පංසලේ සල්පිලක් දවසක දැරිවියකට අරම කලා කියලයි....අපි හතර පස් දෙනෙක්....
අපි නම් ඔය හුජ්ජ බරටවත් ... නොවන කාලයක්දි කරපු වැඩක් කෙන්ජි ... පස්සෙ කරපුව නම් ඉතින් ...:-D
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteයන්තං ගොඩ...
ReplyDeleteඔව් දේශකයා තව තියෙන්නෙ වී වේලන්ඩ විතරයි ! :-D
Deleteආං පරණ වෙනී ඇවිල්ල.
ReplyDeleteඔය ගොයම් කපා පෑගිල්ල දැන් සුන්දර දෙයක් වගේ පෙනුනට මට නං එහෙම නෑ. ඇඟේ කාටුව ගෑවිලා කහනව නන්ස්ටොප්. වී මලු කරගහගෙන යන්න ඕන සෑහෙන්න දුරක්. හැබැයි ඊට වැඩිය සුන්දරයි මඩ වැඩ කාලෙට. කැහිලි මොකුත් නෑ මඩේ ඉඳගෙන වැඩ. ඔය කොල මඬින යන්තරේට මෙහේ කියන්නෙ බූසිය කියල. අපි වැඩිය කැමති ඕකට ගොයම් දාන්න. නමුත් පොඩ්ඩ මිස් උනොත් අත ඇතුලෙ. මම දැකල තියනව මැනික් කටුව ලඟින් අත ගියපු බුවෙක්. ට්‍රැක්ටර් වැඩකරන උදවියගෙ ඔය අත යන කේස් එකයි ස්ටාර්ට් කරන්න ගිහිල්ල දත් කඩාගන්න එකයි ටිකක් විතර තියනව.
රාජ් ඔය කාටුව ගෑවිලා ඇඟ කසනවා කියන එක මට නම් වෙන්නෙම නෑ ! පොඩි කාලෙ ඉඳලම කාටුවට හම හුරුවෙලා වෙන්න ඇති මම හිතෙන්නෙ.නා ගෙන ගෙට ආවම සේරම ඉවරයි ! මැසිමට ගොයම් දැමිල්ල කරන්නෙම නෑ මම දුටු ඇක්සිඩන්ට් වලටම බය වෙලා !
Deleteඌරන්ට මොන සෞකය ද ? කහන්නෙ අපේ වගේ සුමුදු හමවල්.
Deleteනැහැ කම්මල මම හිතන්නෙ , කසනවා කියන්නෙ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරන පද්ධතියට එන වැරදි සංඥාවකින් ඇති වන ප්‍රතික්‍රියාවක් නේද ? ඒකනෙ අසාත්මිකතාවය කියන්නෙ. අපි පොඩි කාලෙ ඉඳලම කාටුවට පුරුදු වෙලා ශරීරය එහෙම වැරදි සංඥා දෙන්නෙ නෑ..වෙන්නෙ ඒකයි..
Deleteඋඹට වැඩිය කුඹුරු වල හිටපු එකෙක් නෙව මම. නමුත් කැහිල්ල නං තියනව නානකල්
Deleteරාජ් මම හිතන්නෙ නෑ රාජ්ලා මට වැඩිය කුඹුරු වැඩ කරලා තියෙනවා කියලා නම්..යන්තම් තේරෙන කාලෙ ඉඳලම 1993 කොළඹට එනකම්ම වැඩ කලා..ඊට පස්සෙ නම් ඉතින් කලාතුරකින් තමයි කුඹුරකට බැස්සෙ...
Deleteරාජ්, වෙනී අය්ය කුඹුරට කොච්චර හුරුද කියල උඹල දන්නෙ නෑ. කොටිම්ම කුඹුර කොටන්නෙ නැති කපන්නෙ නැති කාලෙට මෙයාට වැඩක් නැති නිසා පඹයට හරි ගිහින් හිටගෙන උන්නලු.
Deleteරාජ් දන්න ගොයං වැඩ හුහ්...
Deleteහොඳ වෙලාවට ජපන් අට්ටැට්ටර් ලංකාවට ආවේ.. නැත්තං තාමත් වෙනී කුඹුරේ බානට බඳිනවා... :D
අර හොම්බ දිග කැමරාව එල්ලගෙන, GPS එකයි, ස්මාට් ෆෝන් එකයි අතේ තියාන ගොයං කපන මනුස්සයෙක් දැක්කම වටේ පිටේ මිනිස්සු ඇස් උඩ තියාන බලං හිටියයි කියල තමයි ලෝකයනං කියන්නෙ.
ReplyDeleteකොහොම උනත් කොළ 07 ඉඳල මේ වගේ චාන්ස් එකක් ලැබුනයි කියනඑකනං ලොකු දෙයක්.
නෑ මල්ලි ෆොන් එක විතරයි සාක්කුවෙ තිබ්බෙ , ඒක දැක්කෙත් නෑ කවුරුවත්ම .. අයියත් අහනවා දකින හැම වෙලාවෙම වැඩ කරනවා දැක්කෙ කොයි වෙලාවෙද ඕවා ගත්තෙ කියලා ?
Deleteමම කොහොමත් චාන්ස් කාරයනෙ ඉතින් !
කාලෙකින් බ්ලොග් කියවන්න ඉඳ ගත්තා. මේ කියවූ පොස්ටුවම හිත අන්ද බැඳ ගත්තා, එතකොට වෙනිලයි අහ තියෙන්නේ හෙල්මළු ලියදි නෙවෙයිද.?
ReplyDeleteහෙල්මළු ක්‍රමය පටන් ගන්නෙ ඕපනායක, උඩවෙල පහුවෙච්ච ගමන්මයි. අපේ ගම හරිය සහ අපේ කුඹුරු තිබ්බ හරිය කඳු නැහැ..ගමේ කඳු තිබ්බ හරියෙ තනිකරම තේ සහ රබර් තමයි දාලා තිබ්බෙ. ඔය කඳු වැටී දෙකට මැඩිව තිබ්බ නිසාම වෙන්න ඕනි ඒ හරිය මැණික් වලින් හොඳට පොහොසත්..
Deleteගොයම් පැහිල කරල් නැමෙන්දි පටන් ගන්නකොට පටන්ගන්නව කමත සුද්ද කරන්න. ඊටපස්සෙ අමු ගොම දියකරල බෝලත්තෙන් කමත පුරා රටාවකට ගාල වේලෙන්න සතියක් විතර තියනව.
ReplyDeleteකුඹුරු අදේ කරපු සියාතු සීය එයාගෙ පුත්තු හයදෙනාගෙන් මාව කරේ අරන් යන විමලෙ මාමත් එක්ක ඇවිත් අපේ කිරි අම්මට නිල වසයෙන් ගොයම් කැපීම දැනුම් දෙනව. ඔතනින් පස්සෙ තමයි අපේ සෙල්ලම් ගෙවල්වලට දඩාවතේ යන දඩෝරියො පදිංචියට ඇවිත් , ගස් වල දිගේලි කරපු පොල් පිති හරක් දර මිටි වලට යන්නෙ.
පොල් පිති හරක් වෙනුවට සියාතු සීයලගෙ මී හරක් පට්ටියේ හිටපු නාඹර මී වස්සො ටිකක් ගේනව.
මේ මම බ්ලොග් එකක් ලියන්න කියල හිතපු දවස් වල බාගෙට ලියල නවත්තපු අපේ ගෙදර ඇත්තටම සිදුවෙන සිදුවීම් පෙලක්.
පිදුරු ගොඩේ උන ඉපල් තියල ඊට උඩින් පිදුරු දාල හදන පිදුරු ගෙවල්වල අපිත් පොඩි බට්ටියො එක්ක පෙන්ටෝච් බැටරි වල ධන ඍන බැලුව.
අපරාදෙ බාගෙට ලොයලා නැවැත්තුවෙ...ස්තූතියි ලියපු බාගෙ උනත් අපි එක්ක බෙදා හදා ගත්තට
Deleteවැඩ කලාද... ෆොටෝ ගැහැව්වද
ReplyDeleteවැඩ කරන අතරේ ෆොටෝත් ඇල්ලුවා ඉතින්..
Deleteපුදුමයිනේ වෙනී අපේ ගමේ හෙම නම් කුඹුරු වැඩ කලේ හරක්ගෙන් ඊට පස්සේ ට්‍රැක්ටර් අත්ට්‍රැක්ටර් වලින්. අපි පොඩි කාලේ වෙනකොට ඔය උඩ තියෙන ඇග්‍රිමෙක් ඇවිල්ලා. ඕක ආව දවසත් හරි මට දෙවියන්ගේ ලෙඩ හැදුනා.
ReplyDeleteරංගි අඩි 2-3 එරෙන අපේ කුඹුරු යායට ඕවා දාන්ඩ බෑ! කකුලෙන් ගොයම් පෑගුවෙ නම් ඇග්‍රිමෙක් මැසිම එන්ඩ ඉස්සර ! අර උඩ අහලා තිබ්බෙ පාගන්නෙ කමතෙනෙ ඒකෙ මීහරක් දාන්ඩ බැයිද කියලත් . කමත තියෙන්නෙ යාය මැද ඒකට මීහරක් කරතියා ගෙන යන්ඩද ? ඒ කාලෙ ඔයා එන්ඩ තිබ්බෙ අපේ යායට !
Deleteආපහු හිතෙන ගියා පුංචි කාලෙට. ඒ ගමේ සුවඳ දැණුනා. අම්බුලේ රස දැණුනා. නෙතට කඳුලක් ඉනුනා.
ReplyDeleteමිහිරි වේදනාවක් ඇතිකලාට පින් සිදුවේවා.
වෙනි, මම ඊ මේල් එකක් එවලා ඇති බලන්න.
තාම මේ අර මලයගෙ නම්බර් එක හොයනවා...
Deleteහරි මම කතාකරා. පුළුවන් වුනොත් ලබන සඳුදා (18) ගිහින් හම්බ වෙනවා. ස්තුතියි කරපු උදව්වට.
Deleteවෙනි . රස වින්දෙමි .
ReplyDeleteඅර හොඳ වෙලාවට කිව්වේ ෆොටෝ එක ඔබේ කියා ... නැත්නම් කරුණා දුවගෙන එනවා ඔය පැත්තේ අඳුනා ගන්න .
අර අම්මගේ තර්ජනය කියවූ පසු මට මතක් උනේ ...කොහේදෝ කියවපු " බිලින් කජ්ජා " ගැනයි
බුකියෙ ඔය ෆොටෝ එක දමලා හැමෝම කියන්ඩ ගත්තෙ ඕකම තමයි අප්පා !
Deleteනිල්වන් ගොයමට මෙය තේරෙන්නෑ හනිකට හනිකට කරල් පැසෙන්නෑ
ReplyDeleteසුටුස් ගාලා හිත අතිතයට දුවපු ලිපියක්. සිරා කොලුවා පුංචි කාලෙ මේ විදියට කොළ මඩවපු විදිය හොදට මතකයි...ඒ කාලෙ අපි හරක් ලව්වාත් ඔය වැඩේ කෙරෙව්වා....අර බිම වැටිලා ඉන්න ෆොටෝ එකේ නම් වෙනී මාමා පිරිභාහරන්ගෙ මල්ලි වගේ....
ReplyDeleteබුකියෙත් හැමෝම කිව්වෙ ඔය කතාවමයි ඔය ෆොටෝ එක දැකලා කිව්වෙ..
Deleteඅපි ඉන්නේ මුද අයිනේ නිසා කුඹුරු නැහැ. අපි පොඩි කාලේ දැල් අදින්න තමයි සෙට් වෙන්නේ. කුණුහරුප වකාරයයි. දැල් ඇදල ගෙවල් වලට මාට්ටු උනාම හොදි ඕන නෑ.
ReplyDelete
ReplyDeleteනීල ගොයම් රැල්ලේ පාවෙලා
ඈත සිසිල් සුවඳේ හා වෙලා
රෑට පැලේ තනි වී ගී ගයා
උදේ මා බලන්නට එනවා දෝ ඔයා...
ඈත පුරා අස්වනු පීදුනා
කෙත සාර වීය මාගෙ පිනින් නෑවිලා
ලබන මහේ එක පැලකට වෙලා
ඉඳිමු මිහිරේ සතුටින් සැනසිලා...
මිහිරි රසින් දහවල බත උයා
හැමදාම ගේනවා කුඹුරට හිස තියා
කිරළ ගහේ හෙවනට ළංවෙලා
ඉඳිමි මිහිරේ ඔබ එනතුරු බලා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : ඇන්ජලින් ගුණතිලක
ආ..මේ ඇවිත් ඉන්නේ....
Deleteසින්දු ඇනෝ මගේ මුළු පෝස්ට් එකම රසවත් කරලා ගොඩක්..
Deleteඔන්න විභීෂණ ත් ගොඩවුනා.....
ReplyDeleteසොඳුරු මිහිරි මතක...
Deleteවෙනී යො..අර ෆොටෝ ටික නම් බොහොම ලස්සනයි....
ඇත්තටම මේ කෙහෙද..අර මැණික් ගරන සීන් එකක් කියල තිබුනේ.. ඒ කියන්නේ මේ රත්නපුරේ පැත්තේද?
අපි ඉතින් ඔය වගේ පළාත් වල ඉන්න වාසනා කරලා නැහැ...වෙනී ගේ ගම පළාත හින්ද හිතෙන්නේ නැතිව ඇති...
ඒ මේ විභීෂණ නම් මේ වගේ ලස්සන පළාත් වල ජීවත් වෙන්න හරිම අසයි...
මේ නම් පන්නිපිටියෙ කුඹුරු යායක් තමයි..අප ගම් පලාත නම් ඉතින් පැල්මඩුල්ල..
Deleteකුඹුරු වැඩ බලන්න ගිහින් තියනවා... ඔය රෑට පැට්‍රොමැක්ස් පත්තු කරගෙන ගොයම් මැඩිල්ල අපේ පැත්තෙත් තිබ්බා... වී හුලං කිරිල්ල තමයි මම ඒ කාලේ ආසවෙන් බලාගෙන ඉන්නේ... ලොකු අය එපා කිව්වත්, අර හුලං වදින්න අපි එතනින් එහා මෙහා දුවනවා. හැබැයි හුලං වදින්නේ නිකන්ම නෙමෙයි.. අර වී ටික බේරිලා වැටෙද්දි ඉතුරු ඔක්කොම රොඩු අපේ ඇඟේ... ගොවියෝ විවේකයක් ගන්නකොට අපි ගිහින් අර ෆැන් එක කරකවනවා.... හැබැයි අපි පොඩි කාලෙම.. හරක් වෙනුවට අත්ට්‍රැක්ටරයත්, මැඩිල්ල වෙනුවට යන්ත්‍රත්, හුලං කරන ෆෑන් එක අත්ට්‍රැක්ටරෙන් බෙල්ට් එකක් දාලා කරකවන්නත් පටන් ගත්තා. අපේ ගමෙත් තාම වැඩ කරන කුඹුරු කීපයක් තියනවා.. වැඩි හරිය අත් ඇරලා, සමහර එව්වා ගොඩ කරලා ගෙවලුත් හදලා...
ReplyDeleteඅපේ ගම් පලාතෙත් තත්වය එමමයි තිසර..මේ කුඹුරු යායෙත් වැඩියෙන්ම තියෙන්නෙ පුරන් වෙච්ච කුඹුරු !
Delete