තුන කියන්නෙ බොහොම සුන්දර දෙයක් වගේම බොහොම ප්‍රයෝජනවත් දෙයක් කියලා නොදන්න කෙනෙක් ඉන්නවද ඉතින් ?
ලෝකයේ මිනිස් පැවැත්මේ රහස රැඳිලා තියෙන්නෙ ඔය තුන තුල කියලා කවුද නොදන්නෙ ?
ඕන් මගේ බ්ලොගයටත් තුන පිරිලා අදට...
මේ පහුගිය දොහ නම් ටිකක විවේකයක් ලබන වෙලාවක් තමයි. බුකියෙ අය නම් දන්නවා හේතුව..කාර්යබහුල වීම අතරේම තවත් අළුත් වැඩකට අත ගහපු එක නිසා..ලියවිල්ල ටිකක් එහෙ මෙහෙ වෙනවා. හැබැයි ලියන්ඩ අත්දැකීම් අටෝ රාෂියක් එකතු කර ගෙන තමයි ආපහු මම එන්නෙ...
මොකද බ්ලොග් ලියවිල්ලෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන මේ කාල සීමාවෙ මම ඉන්නෙ බොහොම සුන්දර මනුස්සෙක් වෙච්ච ක්ෂේත්‍රයේම ප්‍රවීනයෙක් ළඟනෙ..මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඒක දැනෙන්ඩ ඇතිනෙ...
අවුරුදු තුනක් ...පෝස්ට් තුන් සීයක්...
මිනිය නොහැකි තරමේ සතුටක් ගෙනදුන් කමෙන්ට් රාශියක් එක්ක හිතට ලං වෙච්ච හෘදයාත්මක හිත් ගොන්නක් එක්ක ලබපු සතුට..ලබන සතුට මුදල් කෝටි ප්‍රකෝටි ගානක් තිබුනත් ගන්න බැරි දෙයක් තමයි. එච්චර වටින සතුටක් ලං කලේ මේ වෙනකම් මාත් එක්ක හිටපු ඔබ සැම තමයි.
කශූ...කතන්දර ශූරින් ගේ මුල්ම කමෙන්ටුව එක්ක පටන් ගත්ත මම...
අවුරුදු ගානකට ඉස්සෙල්ලා මොනවද මන්දා හොයද්දි අහම්බෙන් මගේ තිරය මතට ආපු මාරයගේ හෝරාවෙ පන්සල් කතාවෙන් සිංහල බ්ලොග් වලට ආදරේ බැන්ද මම..අවසානයේ අද වෙන කොට "ලියන්නා " වෙලා..
බුදු සන්තෝ මට දැනෙන සතුටක් !
සිංහල බ්ලොග් නිසා අළුතින් ජීවිතේට කී දෙනෙක් නම් ලං උනාද ? ඒකත් ගිනිය නොහැකි තරමේ ගානක්..
ඒ සේරටම බොහොම ස්තූතියි කියලා අඩුවෙන් කියන්නෙ නම් නෑ මම..
ඒ වෙනුවට ඔබ සැමව බොහොම ගෞරවයෙන් , බොහොම ලෙංගතු කමෙන් හදවතින් වැළඳ ගන්නම් !
හමු උනාම සිප වැළඳ ගන්නම්...
බත්තරමුල්ලෙ දියත උයනේ සංගීත රාවයට වර්ණ වෙනස් කරමින් රඟන වතුර මලේ වර්ණාවලියෙන් මුසපත් වෙලා හිටි මා දිහා බොහොම ආදරෙන් සඳ කුමාරි තමන්ගෙ සළු වළාකුළු මෑත් කරලා බලන මොහොතේ....
මටත් නොදැනිම මගේ අතේ තිබුනු කැමරාව ක්‍රියාත්මක උනා..
මට හිතුනෙ මම නේද මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා කියලා...
ආපහු ගෙදරට එන්න බස් එකට දෙන්න සල්ලි පසුම්බියේ නොතිබුනත්..මගේ හදවත දෝර ගලා ගෙන යන සතුට නැති කරන්න ඒක හේතුවක් උනේ නෑ..
මම හෙමි හෙමිහිට ගෙදර බලා පියමං කලා සුපුරුදු සතුටින්..
හිතේ සතුටට සල්ලි වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා මට ආයි ආයිත් තහවුරු උනා..
බ්ලොග් ලිවිල්ලෙන් ලැබුන, ලබන සතුටත් එමමයි..ඒක ලබන්න මම වාසනාවන්ත උනා..
හැබෑට උඹ දැං සතුටු ෙවන්ෙන් බ්ෙලාග් ෙනාලිය ෙන් බං.. මටත් බැරිය තව අවුරුදු දහයකින් අැවිත් කියන්න දැං අවුරුදු ෙදාළහයි කියලා.. හැක්..
ReplyDeleteඒක ෙනෙමයි බං උඹට නං තුන මතක් උනා.. ඒ්ත් අර අවුරුද්දට ඒක ගාෙන් බිත්තර දාන ෙකාන්කිරිට් බාස්ට නං ෙම් පාර තුන අමතක ෙවලා. දැං මිනිහා අබ සරණ ෙවලාද මන්දා සද්දයක්වත් නෑ
සුභ පැතුම් ෙවනී..
උෙඹ් ඩයනා අාපසු ඒනතුරු.. ෙහාද genre කතාවක් දාන තුරු උඹ ලිව්වය කියල මම නං පිලිගන්ෙන් නැහැ..
අවුරුදු තුනක් බ්ලොග් කියවලා ඊළඟ තුන තමා ලිව්වෙ ඉතින්...
Deleteනොලියන්ඩ තියෙන හේතු රාශියක් දක්වනවට වඩා මෙහෙම කියන්නම්..පාරිසරික සාධක ගොඩක් බලපානවා ලියන්ඩ උත්තේජනයක් ලබා දෙන්න. මම හිටපු පරිසරය ඌණ උත්තේජක පරිසරයක්. ඒක සමබර කර ගත්තෙ ලියවිල්ල හරහා. මම දැන් ඉන්න පරිසරයම ජීවයෙන් පිරිලා...ඒවට සම්බන්ධ වෙලා ආපහු එනකොට ලියන්න වෙලාවක් නෑ..ලියන්න හුදකලාවක් නෑ..කොහෙන් හරි මේ තුලිතය බිඳ ගෙන ආයි ඒක එකින් එක සකස් කරන්න ඕනි. ඒ කාලය ආයිමත් මම අටින් ලියවෙයි..
දේශකයට ස්තූතියි..
සංතෝෂයි සංතෝෂයි.. අප්පරමාන සංතෝෂයි...
ReplyDeleteමේ ඒක නෙවෙයි අයියා.. තුන පිරෙනකොට සතුටු වෙද්දි අයියට දෙක නැති වීම ගැන දුකක් එහෙම නැද්ද..? :D
මොකක්ද මාරේ මල්ලි උඹ ඒ කියපු කුප්ප කතාව? උඹ කියන්නේ මේ අපේ වෙනියා testically challenged බුවෙක් කියලද? (නෑ ඒ යෙදුම උඹට ඉංග්‍රීසි පංතියෙදි ඉගැන්නුවේ නෑ. ඩික්ෂනරි එකෙත් නෑ. :D)
Deleteචිකේයියා.. අපේ නැහැ ඔය කුණුහරප බාසාවෙන් වැඩ...
Deleteමං මේ කිව්වේ තුන ලබද්දි දෙක ඉවර වෙනවා කියලනේ හෙන්රි අයියා.. නැතිව මේ ඔය මූණු පොතේ කොල්ලෝ වෙනී අයියගේ දෙක නැති උන සීන් අනං මනං ලිව්වට ඒවා ගැන හිතලනං නෙවෙයි ඕං.. මං අහිංෂකයි... :D
දෙක විතරක් නෙවෙයි මාරයා මල්ලි, නැතිවෙන හැම දශමයම ගැන දුකයි...මක් කරන්නද ඒකට නම්..
Deleteහෙන් රි අපොයි මේ මල්ලි එහෙම කතන්දර කියන්නෙ නෑ ..මඩ ගහන්නෙ නෑ මට..හා එහෙම කරපු තැනක් තියේ නම් පෙන්නන්ඩ ඔට්ටුයි බැරුවට...
වෙනි අයියගෙ තුනට සුභ පැතුම්. ඔය තුනෙන් කීයක්නම් අපතෙ ගිහින් ඇද්ද? තව වැඩ ගන්න තිබ්බ දෙකක් නිකම්ම වගේ අහක ගියේ නැත්තම්. ප්‍රීතියි වෙනි අය්ය ප්‍රීතියි.
ReplyDeleteඅපතේ ගියා නම් තමයි ඉතින්...මොනා කරන්නද ? ඉස්සරහදිවත් හොඳට වැඩක් ගන්න බලමු..නේද ?
Deleteමගේ සුබ පැතුම්!
ReplyDeleteෆොටෝ එක නියමයි. ඒත් ඇයි ඇදවෙලා? බිමට වැටෙන්න මොහොතකට කලින් ගත්තු එකක් වෙන්නැති.
ස්තූතියි කශූ..මගේ මුලම කමෙන්ටුකාරයා...
Deleteෆොටෝ එක හිතලම ඇල කලා..ලෙන්ස් එක වයිඩ් ඇන්ගල් නෙවෙයි නිසා හඳ අහුවෙන එකක් නෑ කියලා හිතලා..ඒත් සාමාන්‍ය විදියට ගත්තත් හොඳට එන්න තිබුනා..
සුබ පැතුම වෙනියෝ...:)
ReplyDeleteස්තූතියි පොඩ්ඩියෙ..ආයිමත් බ්ලොග් කියවීම පටන් ගන්ඩෝනි...
Deleteවෙනී මචං. ලැබුවාවූ තුනට තවත් තුන ලැබූවෙකුගෙන් සුභ පැතුම්. අපි පිට කසා ගම්මු. HeyDude බ්ලොගට සහ 'මට හිතෙන හැටි' බ්ලොගටත් අවුරුදු තුනයි.
ReplyDeleteහැකි ඉක්මනින් අනිත් බ්ලොග් කියවීම පටන් ගන්න ඕනි හෙන් රි...
Deleteහුරේ තව අවුරුදු දෙකායි......ඊට පස්සේ මේකත් වහන්න කියතහැකි....!!!!
ReplyDeleteකන්නා කොටින්ම කියතොත් දැනටමත් මේකෙ ලියවෙන්නෙ ඉඳලා හිටලා තමයි..
Deleteසුභ පැතුම් වෙනියො... හැබැයි නිකා ඉඳල හරියන්නෑ පෝස්ට් ඕනෙ ඈ..
ReplyDeleteස්තූතියි සංචාරකයා, ලියන්ඩ ඕනි ලියන්ඩ දේවලුත් තියෙනවා...පොඩි විරාමයක් තමයි අරගෙන ඉන්නෙ...
Deleteසුබ පැතුම් වෙනී අයියා
ReplyDeleteස්තූතියි රාජ්..බ්ලොග් එකක් කියවන්නත් බැරි උනා පහු ගිය දවස් වල නම්...
Deleteලියන්නාගේ තුනට ජය වේවා !!!!!!!!
ReplyDeleteහදවතින්ම සුබ පැතුම් වෙනී.... යමු ඉදිරියටම. බ්ලොග් ලියැවිල්ල නිසා මට හමුවූ තවත් සහෘදයෙක් ඔබ...
ReplyDeleteවෙනීගේ තුනට වැඩි වැඩියෙන් ලැබේවා
ReplyDeleteසුබ පැතුම් .........
ReplyDeleteවෙනීගෙ තුනට සුබ පැතුම්.අවුරුදු ගතවුණාට පෝස්ට් නං වැටෙනවා බොහොම අඩුයිද මංදා.හතර වසරේදිවත් බලමුකෝ.
ReplyDeleteඔන්න එහෙනම් අඟහරු වාසීන්ගේනුත් සුභ පැතුම්!! ජය වේවා එහෙනම් කරන කියන දේවල් වලටත්!
ReplyDeleteහෑ තුනෙයි අය්යෙ...ජය වේවා..!
ReplyDeleteතුන, තිහ දක්වා වර්ධනය වෙන්නට වාසනාව ලැබේවා! මගෙන් උණුසුම් සුබපැතුම්.
ReplyDeleteඅප්පට උඩු වෙනිය කල්සන් ඇදල ඉවරයි.සරමෙන්ම ඉන්නවෙයි
Delete/////හිතේ සතුටට සල්ලි වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා මට ආයි ආයිත් තහවුරු උනා../////
ReplyDeleteවෙනී.....මමත් ඔහොම හිතුවා. ඊට වඩා යතාර්තය වෙනස්. සල්ලි නැතුව මමයි, ගෑනියි, දුවයි අමුම අමු කට්ටක් කෑවා අපි දැන් ඉන්න රටෙත්. අපේ සුන්දරත්වය, අපේ නිර්ව්‍යාජ්තවය බල්ලාට යනවා, සල්ලි නැති වුනාම. සල්ලි නෙමේ මූලික සාධකය..හැබැයි වෙනියෝ සල්ලි නැති වුනාම බලපන්...ගෙදර ඉන්න බල්ලාත් යනවා.
උඹට බොක්කේ සුබ පැතුම්!!!!!!
සුබ පැතුම් වෙනී අයියේ...
ReplyDeleteඋණුසුම් සුබපැතුම්!
ReplyDeleteජය වේවා
ReplyDeleteඅවඅරුදු තුනට මගෙනු උණුසුමුසුභ පැතුම්...
ReplyDeleteඅඩුගානෙ ඔයා ගන්න පිංතූර ටිකක් වත් අපිට බලන්න දැම්ම නං හොද නැද්ද
සුබ පැතුම් !!
ReplyDeleteඅපෙනුත් උනුසුම් සුභ පැතුම්.(එ වුනාට මොටොර් සයිකලෙ උඩ දුකෙන් ඉන්නවට වඩා බෙන්ස් එකක් ඇතුලෙ දුකෙන් ඉන්න එක හොදයිනෙ බන්)
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් වෙනී අයියා…!!!!
ReplyDeleteවෙනී අයියේ, උඹේ තුන්වෙනි සැමරුමට මගෙන් උණුසුම් සුභ පැතුම්!! ඒ වගේම තවත් බොහෝ කාලයක් අපිත් සමඟ ඉන්න ලැබේවා!!! කියලත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteජයවේවා!!!!
සුභපැතුම් වෙනී..!
ReplyDeleteශුභ පැතුම් වෙනියෝ !!
ReplyDeleteඅඩේ මේ මේ අර මූණු පොතේ උඹේ කොළඹ හතේ පොශ් කෑම ජාති නැතිව මෙන්න මේ බ්ලොග් එක අප්ඩේට් කරපන්.
ReplyDeleteසුභක්.....
තුනට සුභ පැතුම් වෙනී මාමේ....ඉදලා හිටලා නැතුව නිතරම ලියපංකො...
ReplyDeleteවසර තුනක ප්‍රීතියට සුභපැතුම් වෙනියෝ... මං හිතන්නේ මේ අර ගෙදර යනගමන් ගත්තු ෆොටෝ එකක් වෙන්න ඇති..
ReplyDeletehttp://www.blogcdn.com/www.coolage.in/media/2013/09/untitled-2-1378185282.jpg
සුබපැතුම් වෙනී. පහුගිය අවුරුද්ද නං එච්චර හොඳ නෑ.
ReplyDeleteසුබපැතුම් වෙනී අයියා. ඉස්සර වගේ වැඩිය පේන්න නැත්තෙ මොකද දැන්.
ReplyDeleteසුබ පැතුම් වෙනි...!!!!!
ReplyDeleteසුබ පැතුම් වෙනී...
ReplyDeleteවෙනියගෙ තුන වේලෙනව දැන් කාලෙක ඉඳන්. ඔන්න ඔහේ අතේ ගහන පින්තූරයක්වත් දාල අප්ඩෙට් කරහන්.
ReplyDeleteකිව්වත් වගේ තියන පොටෝ කෑලි දාලා හරි කමක් නෑ හීනියට බ්ලොගේ ඇදං යන්න පුළුවන් නං හොඳායි..නැතත් ඉතිං හොඳාාාායි!!
ReplyDeleteසුභ පැතුම් වෙනී...
වෙනි අයියගෙ පාෙලිෂ් වෙච්ච තුනට අපේ බොක්කෙ සුභපැතුම්
ReplyDeleteසුභ පැතුම් වෙනි අංකල් . දිගටම ලියන්න
ReplyDelete