ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, June 6, 2014

නවමු අත්දැකීමක පහස ... ආලෝක පින්තාරු..

මවකගෙ කුසින් බිහිවෙලා මුල්ම වරට ඇස් ඇරලා බලන වෙලාවෙ ඉඳන්ම අපි අපේ අවසන් හුස්ම වාතලයට එකතු කරලා දෙඇස් පියා ගන්නා තුරුම ලෝකය දකින්නෙ ආලෝකය හා අඳුර අතරෙ ඇති වෙනස තුලින් කියලයි මට හිතෙන්නෙ..මේ වෙනසේ ඇති  ගණනය කල නොහැකි තරමේ විවිධත්වය තමයි අපි ජීවිතය කියලා පින්තාරු කරන්නෙ...අනේක වාරයක් දුක් වේදනා විඳින අතරෙ සොබා දහම අපේ ජීවිත සමබර කරන්න හිත සතුටු කරන්න දීලා තියෙන එක අවස්ථාවක් තමයි කලා නිර්මාණ කියන්නෙ...නිමා කල නොහැකි තරමේ නිර්මාණ අපගේ ඇස තුලින් මනසට ගෙන එන්නෙ සතුටක්..ඒ සතුට පස්සෙ දිවියටම වෙනත් අරුතක් එකතු කරනවා..ජීවිතේ ඉස්සරහට යන්නෙ මේ අරුත් මතින්..

මම මෙහෙම ප්‍රවේශයක් ගත්තෙ...මගේ එක විනෝදාංශයක් තමයි ෆොටෝ ගන්න එක..මගේ ඇස අඳුර ආලෝකය අතරේ විඳින සුවය මට කොහේ හරි සටහන් කර ගන්න ඕනි උනා. ඇයි ඒ සතුට තව කෙනෙකුට මෝදු කරන්න අවස්ථාවක් ලැබුනොත්...කියන කාරණයත් එක්ක... අපිට වැඩියෙන්ම සතුටක් ලැබෙන්නෙ මොකෙන්ද කියන ප්‍රශ්ණය ඕනි කෙනෙකුගෙන් ඇහුවොත්... උත්තරය වෙන්නෙ අපිට වැඩියෙන්ම සතුටක් ලැබෙන්නෙ තව කෙනෙකුට ළඟා කරන සතුටකින් කියලයි මගේ පුද්ගලික අදහස.. ඒ නිසා වෙන්න ඇති..අපි විඳින සතුටක සේයාවක් අපි අන් අය සමඟ බෙදා ගන්න කැමති.


කැමරාවක් හම්බ උන නිසා සහ කැමරාවකට ආදරය කරන කෙනෙකු සමඟ ජීවිතය බෙදා හදා ගන්න උනු නිසා අවුරුදු ගණනාවකට උඩ ඉඳලම මමත් ෆොටෝ ගත්තා. එහෙන් මෙහෙන් කියවලා
එහෙන් මෙහෙන් යමක් දැන ගත්තා. එහෙම දැන ගත්තත් නිසි හැදෑරීමක් නම් කරලා තිබ්බෙ නෑ..මම මේ වෙනකම් මේ බ්ලොග් එකේ බෙදා හදා ගත්ත ෆොටෝ එහෙම ගත්ත ඒවා..ඒ නිසාම කෙනෙක් හිතලා තිබ්බා මම ඡායාරූප ශිල්පියෙක් කියලා. එහෙම කිව්ව හැම තැනකම මම ඒ අයව ප්‍රසිද්ධියෙම නිවැරදි කලා, මම කැමරාවක් අත දරන්නෙක් මිසක ඡායාරූප ශිල්පියෙක් නොවන වග. බුකිය පුරාම මම සිය වාරයක් එහෙම ලියලා ඇති.

ඔය අතරේ පහුගිය මාසෙක මම පුල පුලා බලා හිටිය ඉන්ද්‍රනාථ තේනුවර ෆොටෝ ඇකඩමිය (ITPA)  මට යන්න පුළුවන් නිවාඩු දවස වෙච්ච ඉරිදාවක ඒ ගොල්ලන්ගෙ අළුත්ම පාඨමාලාව පටන් ගත්තා. මම ආයි දෙසැරයක් නොහිතා එතනට සහභාගි උනා. දැන් තමයි ඡායාරූපකරණය ගැන පිළිවෙලට යමක් ඉගෙන ගන්නෙ අපේ තේනු සර්ගෙන්...ඔය පාඨමාලාවට ගිය හැමෝම සහ දන්න අය කියනවා වගේ..ඡායාරූපකරණය වගේම ඒ හා බැඳිච්ච ජීවන රටාවක් අපූරුවට අපේ මනසේ සිත්තම් කරනවා මේ ආදරණීය ගුරුවරයා..


තේනු සර්ගෙ ඡායාරූපකරණයේ නව මානයන් සොයා යාමේ නවතම එළි දැක්ම ජූනි 14 , 15 , 16 කියන දිනවල කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ජේ.ඩී. ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වෙනවා ඉන්ද්‍රනාථ තේනුවරගේ ආලෝක පින්තාරු කියන නමින්..


මේක ගැන මේ වෙනකොට හැම මාධ්‍යයකින්ම ප්‍රචාරය වෙන නිසා ගොඩක් අය ඇහැ ගැටිලා ඇතියි කියලා හිතනවා. 


මේ ලිපියෙනුත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්.. 


http://nethfm.com/article/17243

මේ ප්‍රදර්ශනය ගැන අපේ සර් මෙහෙමයි බුකියෙ කියලා තියෙන්නෙ

උපුටා ගැනීම
ආලෝක පින්තාරු හෙවත් Light Painting යන්න මීට බොහෝ වසර ගණනකට ද පෙර අත්හදා බලන ලද්දකි. හිස් අවකාශය තුළ ආලෝක පුංජයක් මගින් විවිධ චිත්‍ර ඇඳීම එහි මූලාරම්භයයි.
දෙවනු ව කුඩා ආලෝක කදම්බයක් මගින්, යම් පමණක් වස්තූන් ආලෝකවත් කරන්නට පටන් ගැණිනි. මෙම ක්‍රමය ආලෝකය වත් කිරීම හෙවත් Light Pumping යනුවෙන් ශ්‍රී ලංකාවේදී හැඳින්වුව ද, ජාත්‍යන්තර ව එය භාවිත තාක්ෂණික වචනයක් නොවේ.
පටල පට කැමරා භාවිතයේදී මෙය තරමක් පහසු මෙන් ම අපහසු ද කාර්යයකි. පටල පට කැමරාවේ ආකාරයට එහි ද්වාරය සකසා, කේබල් රිලීසයක් මගින් ද්වාරය ඇර තබා, බොහෝ වේලාවක් ගත කරමින්, එක් හෝ දෙකක් හෝ විදුලි පන්දම් ආධාරයෙන් වස්තූන් ආලෝකවත් කර ගැණිනි. එහිදී අවට ඇති ආලෝකයන් සියල්ල නිවා දැමීම මගින් අධික අඳුරක් ලබා ගැනෙන අතර, පන්දම් එහා මෙහා ගෙන යන විට, කාච වැස්ම මගින් පරෙස්සමෙන් කාචය වැසීමෙන් ඒවා අනාවරණය වීම වැළක්වා ගත හැකි විය.


නමුත් ඩිජිටල් සෙන්සරය මෙවන් අධික කාලයක් නිරාවරණය කර තැබීමේදී, එහි උෂ්ණත්වය ඉහළ ගොස් අනවශ්‍ය විශාල නොයිස් ප්‍රමාණයක් සෑදෙන්නට පටන් ගනී. එනිසා පටල පට ක්‍රමවේදය ඩිජිටල් සෙන්සරයට ආදේශ කළ නොහැකි වෙයි.


නමුත් ඩිජිටල් කැමරාව සමග සමගාමී , මෘදුකාංග භාවිතයෙන් පටලයට වඩා ඉහළ නිර්මාණ කර ගන්නට පුලුවන.


මා භාවිතා කලේ ද නිශ්චිත ස්ථාවර රාමුවක කැමරාව රඳවා, තත්පර 20 හෝ 30 හෝ අනාවරණ කාල යොදමින් ඡාවාරූප 30 - 40ක් හෝ විටෙක 60 - 70ක් පමණ හෝ ඊටත් වැඩියෙන් හෝ අනාවරණය කොට ගෙන, ඒ සියල්ල ෆොටෝෂොප් හි ලේයර් බ්ලෙන්ඩින් මෝඩ් හි ඇති විශේෂතාවයන්ගෙන් ප්‍රෙයා්ජනයෙන් එකට එක්කාසු කිරීමයි.
අප ආලෝක පින්තාරු පසුතලය මත සූදානම් වන්නේ හිරු බැස යන්නට පෙර ය. කැමරාව ස්ථාවර ව රඳවා, හිරු බැස ගිය ඔන්න මෙන්න තිබියදී පළමු රාමුව අනාවරණය කර ගනු ලැබේ. ඉන්පසු හාත්පස දැඩි අඳුර ගාල් වන තෙක් සිට, කෙළවරෙක සිට පියවරෙන් පියවර, කොටසින් කොටස විදුලි පන්දම් දෙකක් ආධාරයෙන් ආලෝක ගන්වමින් ඉදිරියට පැමිනෙන්නෙමු.


ඩිජිටල් සෙන්සරයේ වර්ණ උෂ්ණත්ව පරාස අනුව කෙල්වින් අංශක ප්‍රමාණය වෙනස් කිරීමෙන්, ටංස්ටන් බල්බයේ එළිය කහ පාටටත්, LED පන්දමේ ආලෝකය නිල් පාටටත් -සටහන් කර ගන්නෙමු. පසු සංස්කරණයේ දී මේ වර්ණ වෙනස තවත් වැඩි කර ගැනීමෙන් ඡායාරූපයට නාටකීය ස්වරූපයක් එකතු වෙයි.


අප ප්‍රධාන වශයෙන් මේ ආලෝකවත් කිරීම සඳහා භාවිතා කළේ විදුලි පන්දම් හතරකි.


අඩු බල ටංස්ටන් සහ LED පන්දම් දෙකකුත්, වැඩි ආලෝක බලයක් සහිත ටංස්ටන් සහ LED පන්දම් දෙකකුත් වශයෙනි. කැමරාවට කිට්ටු, විශාල ප්‍රෙද්ශ ආලෝකවත් කිරීම සඳහා විදුලි පන්දමේ මුහුණතට ආලෝක විසිරුමක් Diffuser යොදා ගතිමු.


කැමරා ක්‍රියාකරු සහ ආලෙක කරණය අතර සම්බන්ධිකරණය සඳහා අපි වෝකි ටෝකි 4ක් ද යොදා ගත්තෙමු.


මගේ මේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පළමු සහ එක ම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනයයි. නමුත් එය ලෝකයේ මුල් ම ආලෝක පින්තාරු ප්‍රදර්ශනය නොවන වග අවධාරණය කරන්නට කැමැත්තෙමි. නමුත් මා භාවිතා කළ තාක්ෂණය වෙනත් කිසිවකු භාවිතා කර නැති වග පමණක් දනිමි.එපමණක් ද නොව තව අවුරුදු ගණනාවක් ම යන තෙක් වෙන කෙනෙකුට තඉා මටවත් යළි මෙවැන්නක් කළ නොහැකි වනු ඇති. මන්ද එය එතරම් ම අධික මුදලක් වැය වන කාර්යයක් නිසා ය.


එමෙන් ම මවිසින් ඡායාරූපයට නගන ලද මේ දැවැන්ත පසුතලවල, විදුලි පන්දම් එළියෙන් නිර්මිත පළමු සහ එක ම ඡායාරූප සමුච්ඡය මෙය පමණක් ම වන්නේ ය..!!


විවිධ ජනමාධ්‍යයන් හි පළවන සමහර යෙදුම් අතිශයින් සාවද්‍ය ය. ඒවා ලියූ ලේඛක ලේඛිකාවන්ගේ ඡායාරූප ගැන දැනුම අල්ප වීමත්, මා කියන දෙය වෙනත් මානයකින් වටහා ගැනීමත් නිසා, සමහර කරුණු අමු අමුවේ ම වෙනස් වී තිබිණි.


නමුත් ඔවුන් ඒ සියල්ල කළේ මා වෙනුවෙනි. මට උදව් කිරීම සඳහා ය. රට පුරා සිටින ජනතාවට මගේ ප්‍රදර්ශනය ගැන කීම සඳහා ය.
එනිසා යම් පමණකින් හෝ එය නිවැරදි කරනු සඳහා මේ සටහන මෙසේ ලියා තබමි.


උපුටා ගැනීම අවසන්.


(ඉන්ද්‍රනාථ තේනුවර , ජූනි 01)




මේ තියෙන්නෙ බුකියෙ සර් හැමෝටම කරපු ආරාධනාව..

අපි නම් දවසම එතන ඉන්නවා. හැමෝම එන්න. ඇවිත් නවමු අත්දැකීමක පහස විඳ ගන්න එහෙනම්...

29 comments:

  1. හමුවෙමු එදිනට...

    ReplyDelete
    Replies
    1. අපොයි නලියව බ්ලඩ් ඩොනේශන් එකෙන් පස්සෙ හමු උනේත් නැහැ නොවැ...

      Delete
  2. ඊලඟට අපි බලන් ඉන්නවා මේ වගේ ආරාධනාවක් වෙනී ගෙන් එනකං....... සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. අපොය් ඉවාන් මලයා මගෙන් ආරාධනාවක් එන්න ඉස්සර තව දහසක් එව්වා තියෙයි..මම එතනත් ඉඳී..මම මේ ඉගෙන ගන්න පටන් ගත්තා විතරයිනෙ..

      Delete
  3. මාත් ඔහේ හිටියනම් ඕකට එනවා බං. මාත් පිළිවෙලට ඉගෙන ගන්න ආසා දෙයක් ඕක. එක්කෝ පට්ට ඡායාරූපශිල්පියෙක් වෙයි. නැතිනම් තිබිච්ච පුකත් නැතුව යයි.

    ReplyDelete
    Replies
    1. තිබිච්ච් පුක කිව්වේ ?

      Delete
    2. ඒක ඔය විහිළු කතාවක් බං. උඹ දන්නවත් ඇති. අර වර තුනක් ඉල්ලන්න ගිහින් වෙච්ච කතාවක්.

      Delete
    3. ඔව් මට මතක් උනා හෙන්‍රි හිටියා නම් පුතණ්ඩියවත් එක්කම එයිනෙ කියලා...දැන් තමයි මේකෙ දිග පළල සහ සුන්දරත්වය තේරෙන්නෙ ඩූඩ්..

      Delete
  4. එහෙනං වෙනී අයියත් හෙට අනිද්ද වෙනකොට ටෝච් එකක් අරගෙන රෑට රෑට එහෙමෙහෙ යන්න පටං ගනියි. :D

    ReplyDelete
    Replies
    1. ඒ ටෝච් එක අරගෙන රෑට රෑට ඇවිදින එක නම් ඊයෙ අදත් කලා මල්ලි..මේ වගේ දෙයක් නම් කරන්න අපිට හිතා ගන්නවත් බෑ...

      Delete
  5. ඉන්ද්‍රනාථ තේනුවර නම් ඒ සොඳුරු ගුරුවරයාටත්, අපේ වෙනියා නම් ගෝලයාටත් ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ..මෙහෙ හිටිය නම් ඉතින් ඔබත් එනවනෙ..

      Delete
  6. අනිවාර්යෙන් එනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ඔබ එන වෙලාවට මම එතන ඉඳියි කියලා හිතනවා..එන දවස කියන්නකො

      Delete
  7. ඔය ඔක්කොම හොඳට හදාරලා, ඔයා ගන්න පින්තූරු බලන්ට අපි එනවා...:)

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතින් එහෙනම් පොඩ්ඩිගෙ රටේ තියන්න වෙයිනෙ..

      Delete
  8. ඊළග එක වෙනී ගෙන් වුනොත් නරකද....

    ReplyDelete
    Replies
    1. ඒකට නම් තව ගොඩක් දුර යන්න වෙනවා මහේශ්...

      Delete
  9. විස්තරය කියවීමෙන්ම මෙහි ඇති විශ්මිත බව පෙනෙනවා. මේ ගැන කෙටි වීඩියෝ වාර්තාවක් සකසා ඉදිරිපත් කරන්න පුලුවන්නම් අපේ අවබෝධය තවත් පුළුල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් ඒක හිතුණා වෙනි අයියේ, ස්තුති

      Delete
    2. https://www.facebook.com/photo.php?v=608558875919010&set=vb.100002947105775&type=2&theater
      බුකියෙ තේනු සර් මේක දමලා තිබ්බා. ඔබලා දෙන්නම බුකියෙ ඉන්න නිසා බලන්න. විචාරක තුමාට නම් මේ ප්‍රදර්ශනය බලන්නත් එන්න පුලුවන් නොවැ..

      Delete
  10. මටත් මේ දවස්වල පින්තුර ගන්න පිස්සුවක් හැදිලා. හොම්බ දිග කැමරාවකටමයි හිත...අපේ ලොකු දුටත් එහෙම්මයි . වෙනි හරි වාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි ඒක නම් ඇත්ත..ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක්ගෙන්ම ඉගෙන ගන්න ලැබිච්ච එක වාසනාවක් නොවැ...

      Delete
  11. Replies
    1. වෙනියෝ.....මට මේ ලින්ක් එක හරියට දාගන්න බැහැ. හැබැයි ලංකා ඊනිව්ස් එකේ තියෙනවා ස්වර්ණවාහිනිය, තේනුවරට අරින්න ආපු හැටි.

      Delete
    2. ඔව් අරූ සර් ඔය කතාව කිව්වා බුකියෙත්, ඔය බිස්නස් වාහිනී ඔහොමම තමයි..

      Delete
  12. වෙනි ගෙ ලියැවිල්ල කියෙව්වාම මටත් ඒ පන්තියට යන්න හිතුන නෙව..!!

    ReplyDelete
  13. ඕක බලන්න යන්න වාසනාව නැති හැටි. මමත් හිතන් ඉන්නේ ලංකාවට ආවම ඔය වගේ පන්තියකින් චායාරුපකරණය පිළිවෙලට ඉගෙන ගන්න

    ReplyDelete
  14. වෙනියගේ ලියවිල්ල කියෙව්වට වඩා මට හිතට වැදුනේ ඉන්ද්‍රනාත තේනුවරයන් ගේ සටහනයි.. ඇත්තටම ඔහුගේ නිර්ව්‍යාජ ගති පැවතුමත් නිරහන්කාරකමත් කියන දෙකම කටුගාන ලද සටහනක් මේ..විසල් නිර්මාණයක් කරන ගොඩක් දෙනා මේකේ තාක්ෂනය කියන්න අදිමදි කරන කාලයක තමන්ගේ මහන්සියේ ප්‍රථිපල නෙලන ඉන්ද්‍රනාතයන් මේ සටහනේ ඒ ගැනත් කියන්නේ සම්පුර්ණයෙන්ම මහන්සිය මැවී පෙනෙන විදියට. වී කරලක් පැහෙද්දී කොතරම් බර වෙනවාද, ඒ තරම්වූ නිරහංකාර බවක් මට මේ සටහනෙන් පෙනෙනවා.. ඉතිං ස්තුතිය යන්නේ ඒ සටහනේ හිමිකරු ඉන්ද්‍රනාත තේනුවරයන් වෙත.. මගේ ආචාරය ඔබටයි..

    ReplyDelete