නිදා හුන් ශිශිර නිද්‍රාවෙන්
අවදි වන්නට කාලයයි මේ..
නෙතු මානයේ දැවටුනු
සිහින දහසක ඡායාමාත්‍රයන්
ලුහුබඳින්නට කාලයයි මේ...
තණපත් මත රැඳුනු පිණිබිඳු
නිරුවත් දෙපා සිප ගත් කල
කය පුරා දෝරෙ ගලන
ප්‍රහර්ෂයකින් උමතු වන්නට කාලයයි මේ..
විටෙක සිඳී ගිය උමතු සිතුවිලි ගඟ
යලිත් සයිබර් අවකාශය පුරා
ගලා යවන්නට කාලයයි මේ...
Background Photo : http://www.goodfon.su/wallpaper/trava-rosa-kapli-makro-zelen.html
ලොකු දෙයක්.. හැබැයි ඔහොම කියල ආයි බයිලා ගහනවා බොරු හරිය....
ReplyDeleteලිව්වෙ නෑ විතරක් නෙවෙයි කියෙව්වෙත් නෑ දේශකයා. පෝස්ට් ගොඩක් තියෙනවා කියවන්න..
Deleteහෙහ්.. කී පාරක්නම් ඔහොම කිව්වද දැන් ?
ReplyDeleteපෝස්ට් එක පබ්ලිෂ් වෙන ඩිංගට ආයෙ නින්ද ගිහිල්ලලු.
Deleteඑහෙම නේන්නම්..හැබැයි අර ප්‍රසාගෙ එක තරම් නම් කොන්ක්‍රීට් නෑ ඕන්..කියෙව්වෙ නැති කාලෙනෙ යකඩෝ සේරම හොඳම කවි, කතන්දර, ලිපි ලියලා තියෙන්නෙ !
Deleteනින්දෙන් අවදි උන එකනං ලොකු දෙයක්.ආයෙම අනික් පැත්ත හැරිල නිදාගන්නෙ නැත්නං හරිම හොඳයි.
ReplyDeleteඅපොයි නෑ අයියෙ..ඔය ගොල්ලෙ ලියපුවා කෙල හලාගෙන කියවනවා මේ..
Deleteඔවු ඔවු බාගෙට ලියල නවත්තපු ඒව ගොඩක් තියෙනව ලියන්න.
ReplyDeleteඔව් ප්‍රසා ඔව්... හැමදාම මතක් කරනෝ...මාත් හැමදාම අමතක කරනෝ...
Deleteකුම්හකර්ණගේ කවියක්ද ?
ReplyDeleteනැහැ අනේ මාස තුනක විතර පොඩි නින්දක් !
Deleteකොහෙද ඉතින් අමාරුවෙන් නැගිට්ටමත් මුන්දෑලා කියන කතා බලපල්ලකො
ReplyDeleteඅන්න බලන්න මැලේ රාළ විතරයි අප්පා මම ගැන සානුකම්පිත බැල්මක් හෙළුවෙ..
Delete//යලිත් සයිබර් අවකාශය පුරා
ReplyDeleteගලා යවන්නට කාලයයි මේ...//
කිව්වට විතරක් මදි ඈ...
මදි මදි...මහ හැරිච්ච කාලෙ ලියලා තිබ්බ පෝස්ට් ටික කියවලා..එහෙම රැල් බුරුල් හැරලා පටන් ගන්න ඕනි...
Deleteගලා යවන්නට කාලයයි මේ //
ReplyDeleteඉංගිරිසි බෙහෙතට කරන්ඩ බැරිඋනු දේ කැලෑ කොලේකින් කලහැකිය.
ඔප්පු කරල පෙන්නහං වෙනි අයියා.
මෙච්චර කල් ගිහිල්ලත් ඕවා මතක තියගෙන ඉන්නවා නොවැ !
Deleteජම්මාන්තර මිත්‍රයො උනහම ඕව අමතක කොරල හරියනවද?
Deleteආයෙත් ලියන එක ගැනනම් අප්‍රමාන සන්තෝසයි.
ජ ය වේ වා !!!!
ReplyDeleteස්තූතියි සීජේ..
Deleteඑක් මහ බැලුම පුම්බලා බලලා වාගේ!
ReplyDeleteඅනික් බැලුම් කොයි?
Deleteබෑ කශූ අනිත්වා බලන්ඩ ගියොත් බබා හම්බ වෙයි වගේ අතරමඟදිම...එකක් බලලා පැන්නා වතුරට ආයිමත්...
මම හිතුවේ ස්ලිපින් බියුටි වගේ දිගටම නින්දේ කියලා.. කමක් නෑ එහෙනම් ඇහැරුනේ.. බලමුකෝ..
ReplyDeleteස්ලීපින් බියුටිගෙ නම් උගුරෙ හිර උනා කියන්නෙ ඇපල් කෑල්ලක්ද කොහෙදනෙ !
Deleteමගේ නම් හිර උනේ කැමරාවක් බන්...
ඒයි දිනේෂ් උබත් ෆේරි ටේල්ස් බලනවා නෙහ් .. :D
Deleteවෙනී අයියා ඉතින් ඕක බෙල්ලේ එල්ලන් ඉන්න තරමට හිර නොවී තියෙයියැ..
Deleteඔමායා, ඇයි අපි බැළුවම හොද නැද්ද බං..
ආ ඇයි ඔමා අපිට බලන්ඩ හොඳ නැත්ද ඉතින් සුරංඟනා කතා ?
Deleteහි හි ඉස්සර මන් හැම මාසෙම අලුතෙන් එන ඩිස්නි DVD එක ගන්නවා අරන් දහ සැරයක් විතර බලනවා ,
Deleteදිනෙශ්‍යගේ කතා කියවද්දී මට හිතුණා මන් වගේ එයත් එවුවට ලයික් එකෙක් කියලා ..
මේ වෙනිවැල් අයියේ ඔයාව මන් අදුරගන්නෙත් ඔයාගේ බෙල්ලේ නිතර තියෙන ඔය උරචක්කර මාලේ හින්දා
අදටත් මම ඩීවීඩී ගන්ඩ යනකොට ෆෙයරි ටේල් ෆිල්ම් ටික සේරම එකතු කර ගන්නවා !
Deleteඅනේ මගේ පැතුම තමා,
ReplyDelete"වෙනී පුතා නැලවෙන්නේ නැලවි නැලවි නිදියන්නේ බ්ලොග් එක අවරට යන්නේ සැම දෙවියනි රැකදෙන්නේ"
කියන එක. ඒ නිසා නිදා ගං මහ්ත්තයො අයෙ ගිහින්.
අපොයි ඇයි අර ???? හිටහන් හිටහන්...බොලාලා පහුගිය මාස තුනට ලියලා තියෙන පෝස්ට් ගොඩ කියවන්ඩත් එපායැ !
Deleteඔයා කවුද? මොනවද කරන්නේ?
ReplyDeleteඇඬෙනවා අප්පා....!
Deleteහුරතල් වැඩිද මන්දා
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම් වඩා ගෙන හුරතල් කරන්ඩ හිතෙන්නෙ නැද්ද අටමෝ ?
Deleteහීන ගොඩකුත් දැක්කද? :D
ReplyDeleteහීන ගොඩක වාටි වගේ දැක්කා..සේරම මමම පුරවා ගන්ඩෝනි...පොඩ්ඩියෙ..සේරටම ඉස්සර කියවන්ඩ ගොඩ ගැහිලා තියෙන බ්ලොග් පෝස්ට් ගොන්න..
Deleteනින්දෙන් ඇහැරිල....
ReplyDeleteඇහැරිලා ඉන්න එක කොයිතරම් අමාරුද කියලත් හිතෙනවා අප්පා...
Deleteආ.... දැන් ඇහැරිලාද?
ReplyDeleteඔව් අයිලාස්..දැන් ඇහැරුනා විතරයි වගේ...ඉන්ඩකො අලු ගසා බසා දාල එන්ඩ..
Deleteලස්සන පින්තූරේ !
ReplyDeleteපහුගිය කාලෙ ෆොටෝශොප් ඉගෙන එකත් වටිනවා..
Deleteආ මං හිතුවේ ලංකාවේ නෑ කියලනේ...
ReplyDeleteඒ ඇයි නලියා..මම කොහේ යන්ඩද ඉතින් මේක දමලා..බුකියෙ දාන ෆොටෝ පරණ ඒවා අනේ..ගනන් ගන්ඩෙපා...
Deleteමොකදෑ වුණේ හැබෑටම?
ReplyDeleteපොඩි විවේකයක ගත්තා..ඒ කාලෙ වෙනත් ප්‍රයෝජනවත් වැඩකට යොදා ගත්තා...
ReplyDeleteකයිවාරු නැතුව ලියහංකො හොඳ කෙටිකතා ටිකක්. අර ඉස්සෙල්ල ලිව්ව වගේ.
ReplyDeleteකෙටි කතා ලියන්ඩෝනි බන්...මූල බීජ නම් තියෙනෝ එකක් දෙකක්..චරිත් ටික ගොඩනගා ගන්ඩ ඉස්පාසුවක් තිබ්බෙ නෑ...
Deleteඑහෙනම් වෙනියා අයියත් ආයේ වෙලේ වගේ :D කමෝන් කමෝන්
ReplyDeleteඔව් මල්ලි ඔයලත් ලියලා තිබ්බා ලිපි ගොඩක් ටයිටල් එක බලලා නිකන් හිටියා..දැ ඉතින් කියවන්න ඕනි..කීපයක්ම කියෙව්වා...
Deletegood .... මචෝ.......!!!
ReplyDeleteබොහොම ස්තූතියි කෙන්ජියො...
Deleteඅම්මපා කියහන් අයියේ
ReplyDeleteඅම්මපා කියන්ඩ වෙලාවක් නැතුව පරණ එව්වා කියවනවා බන් මේ දින ටිකේ..
Deleteකස කාරයෙක් නං ගියා... මේ පෙරහැර එනකං ඉන්නේ...
ReplyDeleteපෙරහැර එනෝ තිසර..මම කියවපු නැති කාලෙ මේ කට්ටිය ලියලා තියෙන ලිපි ගොන්න කියවනවා අප්පා..එකක් වත් අහක දාන්ඩ බැරි තරමෙ රහයි...
Deleteතවත් අලුත් බොල්ග් එකක් වාගේ ....කට්ටිය මේ පැත්තටත් එන්ඩෝ ..
ReplyDelete" ලියන්නා නින්දෙන් නැගිට්යි "
අලුත්මත් නෙවෙයි ඇනෝ..අළුතින් ලියන්ඩ හිතුවා...
Deleteමමත් වෙලාවක් හොයාගෙන කියවන්න ආවේ.... කෝ වෙනී අයියා දැන්නේ නැගිටලා තියෙන්නෙ....
ReplyDeleteමාස තුනක නින්දකින් නැගිට්ටෙ බුද්ධි මලයා..
Delete