ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, April 2, 2014

පලා ගත්තෙ පොලෙන්ද ? Photo tour to a Sunday fair

අපි සාමාන්‍යයෙන් පොළේ යන්නෙ එළවළු මිලදී ගන්න..
මේ ළඟදි මමත් පොළේ ගියා ඒ එළවළු ගන්න නම් නෙවෙයි..

එහෙනම් ?

අපේ ගම හරහා දුවන බස් එකක් නැති කාලෙ අපිට ළඟම තිබ්බ පොළ උණේ කහවත්ත පොළ තමයි..ඉරිදට විතරක් තියෙන ඔයකට අම්මා අනිවාර්යෙන්ම යනවා. මම හරි චූටි අක්කා හරි එක්කර ගෙන..හැතැප්ම තුන හමාරක් පයින් ගිහින් බඩු මලුත් ඔළුව උඩ තියා ගෙන ආපහු එන එක කොයි තරම් අමාරු කාර්‍යයක් උණත් පුංචි අපිට නම් හරිම විනෝදජනක දෙයක් උණා.

තේ වතු රබර් වතු අතරින් වැටිලා තියෙන කඳු පල්ලම් බැහැගෙන හෙමිහිට හෙමිහිට ඇවිද ගෙන යන එක කවදාවත් වෙහෙසකර දෙයක් නම් උණේ නෑ. 

අතරමඟ තිබ්බ මහ විශාල මංචාඩි ගහ යටින් රතුම රතු පාටින් බබළන ලිස්සලා යන තරමේ ඔප වැටිච්ච මංචාඩි ඇට කවරයක් අහුල ගෙන..





රබර් වත්ත පාමුලින් යන කොට රබර් ඇට සහ රබර් ඇට වල පොත්ත එකතු කරගෙන යන එන කොට හරිම විනෝද ජනකයි.ටීක් බෝල ගහනවා වගේ රබර් ඇට ගහන්නත්..රබර් ඇටේ පොතු දෙකක් අර ගෙන දෙපැත්තට හිටින විදියට එකට ලොක් කරලා පොඩි හුළං පෙත්තක් වගේ එකක් හදා ගන්නත් පුළුවන් උණා..ඊටත් වඩා රබර් ඇටේ මදේ කවකට්ටකින් හෙමිහිට අයින් කරලා ඒක ඇතුළට ඉරටුවක් සහ නූලක් දාලා රූං පෙති හදන්නත් පුළුවන්..



කහවත්ත පොළට ගිහින් එළවළු ජාති බඩු අරගෙන එනකොට ටවුමේ තිබ්බ හෝටලේකින් පාන් එක්ක උණු උණුවෙම පරිප්පු හොද්දක් ගිල දාන එක ඒ රස නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ..

දැන් ඉතින් පහු ගියදා මමත් ගියා පොළකට..කොහෙද කින්ද මන්ද වැඩක් නෑනෙ..ඕන් බලා ගන්ඩකො පොළේ ගිහින් මම අර ගත්ත දේවල්.. 


















දහඩිය හෙලලා ඒක ජීවිකාව කර ගන්න අයගේ බය තමන්ගෙ බඩ රස්සාව කර ගත්ත කෙනෙකුත් හිටියෙ ඔය..


මේ ෆොටෝ ටික දකිද්දි නම්..හිතට පොඩියක විතර දුකකුත් මෝදු වෙන්නෙ..මොකද මන්දා ?

75 comments:

  1. අර පොඩි එකා කොකා පෙන්නනවා තමුසේ ගහයි පොටෝ නෙවෙයි මගේ...........කියලා. අර තරාදිය ළඟ ඉන්න උන්දැ කියන්නේ මොන පොටෝද මහත්තයා මේ හාඩොප් වෙලා ඉන්න වෙලාවේ කියලා.

    ReplyDelete
    Replies
    1. ආ ඔය තියෙන්නෙ ෆොටෝ වල කතාව අපේ විචාරකගෙන්..අනේ මන්දා විචාරක නිම කර ගන්න බැරි දුකක් තමයි හිතේ තියෙන්නෙ මේ ෆොටෝ දකින දකින වාරයක් ගානෙ

      Delete
  2. රබර් ඇට වලින් රූං පෙති හදන්න මදටිය ඇට එකතු කරන්න ...දැන් ඉන්න පොඩි එවුන්ට කිව්වොත අහයි පිස්සුද කියලා ...... ෆොටෝ ටික නම් දුකේ අංක එක

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් ඒත් ඒ කාලෙ අපේ තිබ්බ ලොකුම සෙල්ලම් බඩු ඕවා තමයි ..අද කාලෙ වෙනස් ලමයින්ට වෙනස් අලුත් සෙල්ලම් බඩු තියෙනවනෙ..

      Delete
  3. වෙනි අයිය කහවත්ත කියන්නේ රත්නපුරේ පැත්තේ එකද ? ඒකටනම් යනවා අඩුයි අපි යැවෙන්නේ ගොඩකවෙල එකට බඩු ලාබයි . පොටෝ ටික ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා ඒ කහවත්ත තමයි. අපේ ගමට ලඟම තිබ්බ ටවුන් එක. ඒ කාලෙ වගේම අදත් ගුරුගේ තොරන ප්‍රසිද්ධයි කහවත්තෙ ..

      Delete
    2. අඩේ සිංදුවා තා කොහේ සිටද බොල ගොඩකවෙල එන්නෙ. අපිත් ඉන්නෙ එහේ තමා.

      Delete
  4. යකඩෝ මගේ ලඟත් අපේ පොළේ ගත්ත පින්තුර ටිකක් තියෙනවනෙ දැම්මෙ නැතුවට.හැබැයි අපේ පොළ නං මීට වඩා ටිකක් ගොඩේ පාටයි.

    ReplyDelete
    Replies
    1. හැලපෙ අයියා ඉතින් ඔන්න පොලේ ෆොටෝ ටිකෙන් පෝස්ට් එක පටන් ගනී. රටවටේ ගිහින් අන්තිමේ මොනාලිසාගෙ ෆොටෝ ටිකක් දාලා කතාව ඉවර කරයි. අනේ ලියහන්කො අයියෙ ඒ ෆොටෝ ටික දාලා පෝස්ට් එකක්

      Delete
  5. ෆොටෝ ටික අගෙයි..මං ආසම අර ළමයගෙ එකට..ඒකට දුක හිතෙනව..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරකයා..

      Delete
  6. රබර් ඇටයක් තාර පාරෙ අතුල්ලල දන්න කියන එකෙක්ගෙ අතක වගේ තියල බලල තියනව ද? :-)

    ReplyDelete
    Replies
    1. මං එකෙක්ගෙන් අම්බානක ගුටිත් කාලා තියෙනවා ඇනෝ රස්නේ වැඩිවෙලා.

      Delete
    2. අරූ,

      ගුටිකාල බේරුනානම් ඇති. නොහිතන වෙලාවක ඔහොම කරන්න ඕනෙ දුවන්න බලාගෙන. තාමත් මට නම් හිනා වෙන්න පුළුවන් ඕව මතක් කරල. දැන් කාලේ ඉන්න ළමයිනුත් අපි විදිහටම ඕව කරන්න ඕනෙ කියල මම නම් හිතන්නෙ නෑ, මොකද රබර් ඇට වලට වඩා ඕනේ තරම දේවල් තියනව සහ පරම්පරාවෙන් පරම්පරාවට සිතුවිලි, කැමති අකමැති දේ වෙනස් වෙන නිසා. ඒ උනාට අපේ ආතල් අපිට ආතල්.

      Delete
    3. ඇනෝ සහ අරූ ඒ දවස් වල අපි ඉස්කෝලෙදි ගුරුවරුන්ගෙ කොයිතරම් ගුටි කෑවද රබර් ඇට සන්තකයේ තබා ගැනීමේ වැරැද්දට..හරි අහිංසක රබර් ඇටයක් . ඒත් ඕක සිමෙන්තියක හරි ගලක හරි අතුල්ලලා කාගෙ හරි අතක තිබ්බම ! :-D

      Delete
    4. අපෝ නෑ... කියල දුන්නොත් දැං එවුන්ටත්... හි හි... ඒව ඉල්ලං කෑම්...

      Delete
    5. අපොයි හිරු දැන් අය උනත් ඉතින් අර කිව්ව වගේ කියලා දුන්නොත් නම් ...

      Delete
    6. ගුරු පුටුවේ කකුල් යටින් මදය අයින් කරපු රබර් ඇට හතරක් තියල තියනවද එකෙක්වත්

      Delete
    7. ආන්න අටමො එකතමයි කරනවනම් වැඩෙ.පුටුව කඩන් වැටෙනව කියලමයි හිතෙන්නෙ

      Delete
    8. රබර් ඇටේ රවුම් නිසා පුටුව කකුල් හතරට තියන්න බෑ..එකක් ගුරුවරු කරන්නෙ පුටුව ඇදලා ආයි ලං කරලා ඉඳ ගන්න එක. එතකොට රබර් ඇට විසි වෙනවා...අපි කලේ අපේ ක්ලාස් රූම් වල බිම සිමෙන්ති කැඩිලා තියෙන තැන් වල රබර් ඇට කෑලි පුරවලා තියෙනවා..අපේ ලක් බයි චාන්ස් එකට සමහර දවස් වලට ටීචර් පුටුව ඇදලා ඉඳගන්න කොට හරියටම පුටු කකුලක් සෙට් වෙනවා අර රබර් ඇට කෑලි පුරවපු වලකටම..

      Delete
  7. අනිත් මිනිස්සු එළවළු හා අනිත් ගෙදරදොරට උවමනා කරන දේවල් ගන්න පොලේ යද්දි වෙනී අයිය පොලේ යන්නෙ ෆොටෝ ගන්න :D

    ෆොටෝ ටිකනම් හොදයි අයියෙ, මිනිස්සු ජීවත් වෙන්න කොච්චර සටනක් කරනවද කියල ඒවගෙන් හොදට පේනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මේ වගේ ෆොටෝ ගන්න මට පුරුදු කල j ට තමයි ඉතින් ක්‍රෙඩිට් එක යන්ඩ ඕනි..

      Delete
  8. මොනවාද බන් මංචාඩි ඇට කියන්නේ...මදටියද???
    ලස්සන ෆොටෝ ටික.
    පොළේ ගිහිනුත් පලාගන්න අය ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ මදටිය වලට දෙමල හෝ සංස්කෘත වචනෙ මංචාඩි . අපේ පැත්තෙ අපි පාවිච්චි කල වචනෙ තමයි මංචාඩි

      Delete
  9. වෙනි අයියේ පොලේ වැල්පෙනෙල තිබ්බේ නැතෙයි ;)

    ReplyDelete
    Replies
    1. තිබුනා මල්ලි තිබුනා . මම නෙවෙයි ඇහැක් ඇරලා බැලුවෙ !

      Delete
  10. පලාබබාලා හිටියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ කශූ ඔය කාලෙ ඡන්දෙ තිබ්බෙ නෑ..

      Delete
  11. මේ හැම ෆොටෝ එකටම කතා කරන්ට පුලුවන් උණානම් කියලා හිතුණා...දුකකුත් හිතට ආවා...

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කලා හැම ෆොටෝ එකකටම පොඩි කතාවක් ලියන්න හදලත් දුකයි අප්පා.. ලියන්ඩ බෑ පොඩ්ඩියෙ..

      Delete
  12. මාත් ඊයේ මාර්කට් ගිහිල්ල දේශිකා බඩු ටික ගන්නකං පැත්තකට වෙලා බලන් හිටියා. හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු දිහා ආසාවෙන් බලා හිටියා උනත් උඹ කියනවා වගේ මට නං ඒ කව්රුවත් ගැන දුකක් දැනුන් නෑ..

    ReplyDelete
    Replies
    1. මම ෆොටෝ ගන්න වෙලාවෙත් මටත් එහෙම එකක් දැනුනෙ නෑ බන්,බඩු ගන්න අය එක්ක හිනා වෙවී කතා කර කර කඩියො වගේ ඒ අය ඉන්නවා දුටුවම මටත් ඇති උනේ සතුටක්.. ඒත් මේ ෆොටෝ වල තත්පරෙන් 1/125 වගේ ක්ෂණයකින් එන ඒ අයගෙ මූහුනුවලින් පිලිබිඹු වෙන මනසේ සිතුවිලි කදම්බය මොකක් වෙන්න ඇතිද කියලා හිතන කොට ඇති වෙන්නෙ දුකක්. ඒක හැමෝටම ග්‍රහණය කර ගන්න බැරි දෙයක් වෙන්න නම් පුලුවන්..

      Delete
    2. ජීවත් වෙන්න කරන අරගලය කෙදිනකවත් දුකක් ලෙස සැලකිය නොඒ..

      Delete
    3. හොඳටම සුවර්ද ඔය කතා කරන්නෙ දුක ගැනමයි කියලා ? ජීවිතයෙ ජීවත් වෙන්ඩ කවදාවත් අරගල නොකරපු සේරම රිදී බන්දේසි වලින් ළඟට ආපු අයට ඕවා තේරෙන්නෙ නෑ දේශකයා, මගේ උපකල්පන සාවද්‍ය වෙන්න පුළුවන් ..

      Delete
    4. වෙනී කියන දෙය නම් මට තේරෙන්නෑ. එක්කෝ මං කියන දෙය වෙනීට තේරෙන්නෑ.. කව්රු මොන රස්සාව කරත් දුක් විදිනවා ඒක එහෙම නැහැ කියන්න බැහැ. තමන් කරන වෘත්තීය අනුව එහි දුක් අඩු වැඩි වෙන්න හැකියි. ඉතිං අසරණ කමට වුවත් එළවලු විකුණන අයත් තමන්ගේ වෘත්තිය කරගෙන යනවා. අපිත් නොයෙකුත් රැකියා කරගෙන යනවා. සංවේදි රෑප පෙලක් වුවත් මට එහි දුක් විය යුතු තරම් දෙයක් පේන්නේ නැහැ.. මේක නරුම අදහසක් නෙමෙයි මට හිතෙන්නේ ඔවුන් ඒක දුක් මහන්සියෙන් වුනත් කරන එක ගැන සතුටු වෙන්න ඕන කියලයි..

      Delete
    5. ලොවේ දුක දැක දයාබරවී
      නෙතින් කඳුලක් නොහෙලුවේනම්
      ඔබේ නාමෙන්
      කුමට සත්සර රාව නංවා
      හිඳිමි ගොළු වී මං...

      Delete
    6. මට දුක හිතෙන්නේ එවන් වටපිටාවන් වලින් මිදිලා දැන් ජීවත්වෙන කෘතිම ස්වභාවය මතක් වුනාම. මම ඉන්න පලාතේ පොලකට ගියාම ෆොටෝ ටිකක් ගන්න ඕන. මේක ග්‍රාමිය පැත්තක්.

      Delete
    7. ඔව් අරූ මටත් ඉතින් ඔය සෙතේම තමයි..ඒත් සමහර වෙලාවකට ඉඩ හසරක් ලැබෙනවා මේ පරිසරයෙන් මිදෙන්න..

      Delete
  13. ෆොටෝ දැක්කහම පොඩි දුකක් දැනෙනවා තමයි. මිනිස්සු ජීවිතේ ගැට ගහ ගන්න විඳින මහන්සිය දැකලා වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර , ඒ අයගෙ අතුලාන්තය දැනුනොත් ඊටත් වඩා දුක හිතෙයි..

      Delete
  14. කරන වෘත්තිය අනුව මිනිස්සුන්ගේ රූප ස්වභාවයත් හරියනවද මන්දා, මම දැකලා තියෙන හැම පොලකම වෙළඳාම්කරන අය වගේමයි මෙයාලත්.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්‍රි අපේ හිත ඇතුලෙ රැඳිලා තියෙන්නෙත් මේ රූපකායන්ම තමයි..

      Delete
  15. බඩු නෙවෙයි පොටෝනේ අරන් තියෙන්නේ.අර මුල්ම පොටෝ එකේ වම් පැත්තේ ඉන්නේ එහෙදි මුණ ගැහුනු කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. පොලට බඩු ගන්න ආපු අයෙක් විය යුතුයි අමුතු...

      Delete
  16. හුගක් ෆොටෝ හරිම සංවේදී..

    ReplyDelete
    Replies
    1. ඔව් උමේශ්..ඒ අයගේ ජීවිතත් සංවේදීයි ඒ වගේම..

      Delete
  17. අපේ පොලේ වයසක ආච්චි කෙනෙක් ඉන්නවා. පවු හැමදාම උන්දැට ගනන් වරදිනවා. ඉතුරු දුන්නොත් රුපියල් පනහක්වත් වැඩියි හැමදාම.. එච්චර වයසට ගිහිල්ලත් ඒ තරම් දුක් විඳින්නේ නැති බැඑරි කමටම වෙන්න ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා නැති බැරි කමම තමයි..සමහර විට ඒ අය ජීවිත කාලයම කරපු දේ ඒක වෙන්න ඇති..

      Delete
  18. මේ ඉරිදා හික්කඩුවේ පොලේ ගියාද? මාත් හිටියා දැක්කෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය පොලේ අයට එහෙම කියන්ඩෙපා මේ ෆොටෝ ගැන ආයි පැත්ත පලාතෙ ගිහින් හමාරයි ඕන්..මල්ලි හික්කඩුවෙද ???

      Delete
    2. මාත් හික්කඩුවේ...

      Delete
  19. මමනං අම්ම එක්ක තාම හැමදාම ඉරිදා පොලට යනවනේ... -_- අනේ මන්දා තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. අපිත් පොඩි කාලෙ එහෙම තමයි සුදූ මහත්තයා..ඒත් දැන් නම් ඉතින් තනියෙම තමයි යන්නෙ..ආ තනියට කැමරාව ඉන්නවා..

      Delete
  20. අඩේ දෙල්කඳ පොලේ ගියාම දැනෙන සනීපේ ඇඟට දැනුනා පොටෝ ටික දැක්කම බන්

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර දෙල්කඳ පොල වෙන්න ඇති දුකා.

      Delete
    2. ආ මම මේ ළඟදි ගියා අළුත් දෙල්කඳ පොලට..තැන සහ හදපු මාකට් එක නම් හොඳයි..
      දුකා කියන්නෙත් ඉස්සර එක ගැන තමයි..

      Delete
    3. ඔව් ඔව් මම කියන්නේ පරන එක තමා . . දැන් එතන වෙන මොකද්ද අටමගලක් දලලු නේද?

      Delete
    4. විශ්වාස කරපන් දුකා.....මම හැදුනු වැඩුනු මහගෙදර ඔය පොල ඉස්සරහා. නමුත් මම අවුරුදු 20කින් විතර ඕක දැක්කේ නැහැ.

      Delete
    5. මොකද්ද මන්දා අටමගලක් නම් හදනෝ තමයි. අපොයි අරූ එච්චර කාලෙකින් ලංකාවට ආවෙ නැද්ද ???

      Delete
    6. වෙනියෝ......මම ඔයිටත් වඩා බොහෝ කාලයක් රටින් පිට. වරින් වර ආවා ගියා. අවුරුදු 15-20කින් ගියේ නැහැ ඒ පැත්තට. මොකද දන්න කියන යාළුවෝ, නෑදෑයෝ ඔක්කොම ඉඩම් විකුණ විකුණ ඈතට ගියා....ඒ පැත්ත නිකම් මලකඩ පංචිකාවත්තක් වුනා.

      Delete
  21. හැබැයි වෙනී අයියා ඡන්ද කාලේ ගියානම් තව මරු ෆොටො ටිකක් ගන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මල්ලි එහෙනම් එච්චර හොඳ ෆොටෝ ගන්න පුලුවන් වේවිද කියලා නම් සැකයි..

      Delete
  22. /*පලා ගත්තෙ පොලෙන්ද */
    මේක දැක්ක ගමන් හිතුනේ වෙනී අයියට අකරතැබ්බයක් වෙලා කියල. :D

    කුඩයක් ඉහලගෙන ඉන්න සීයගේ ෆොටෝ එක නියමයි

    ReplyDelete
    Replies
    1. ඒ සීයගෙ හිනහව ඊටත් වඩා අපූරුයි .. :-D

      Delete
  23. ඉස්සර අම්මගෙ පඩි දවසට හැමදාම අම්මත් එක්ක බලන්ගොඩ යනවා. බස් එකේ යන එකනම් මරනවා වගේ වැඩක්. කොට කොටා කන්ද අදින එක තරම් බෝරින් වැඩක් ආයෙ කොහෙවත් නැතුව ඇති. ඉස්සර මං ආසම වැඩේ මුස්ලිම් කඩේකින් උළුඳු වඩේ කන එකයි පොලීසියේ කොඩි කණුවේ බෝඩ් එල්ලන් මාංචු දාගෙන ඉන්න වැරදිකාරයො බලන එකයි තමයි. කවුරු කොහොම කිව්වත් ඒ දැකපු දේවල් තමයි අපිට වැරදි වැඩවලින් ඈත් වෙන්න මග කියා දෙන්න ඇත්තෙ.

    රස්සාව හා දුක කියන දේ ගැන කියනකොට මට නිතරම මතක් වෙන්නෙ රත්නපුර ස්ටෑන්ඩ් එකේ හවසට කැරකෙන දෙතුන් දෙනාව. ලෝකයෙන්ම අපවාද විඳගෙන, කැමති/අකමැති, ලස්සන/අවලස්සන හැමෝටම තමන්ගෙ ජීවිත අවදානම ගැනවත් නොහිතා සේවය සලසන අයගෙ මතුපිටින් පෙන්නන හිනාව අස්සෙනුත් පේන්නෙ ඔය කියන දුකම තමයි.

    අන්තිමට ප්‍රශ්නෙකුත් ඉතුරු උනා. ඔය ෆොටෝ අල්ලනකොට කවුරුවත් විරුද්ධ උනේ නැද්ද? ඔහොම ෆොටෝ ගන්නකොට තියෙන නීතිමය බාධාවන් මොනවද?

    ReplyDelete
    Replies
    1. නීතිමය පැත්ත ගැන නම් මම දන්නෙ නෑ අකමා. ඒ අය එක්ක සුහදව වචනයක් හරි මම නම් කතා කරනවා..ඒ අයට ඩිස්ටර්බ් නොවෙන්න ඈත ඉඳන් ගන්න ෆොටෝනෙ බන්.. සමහරෙක් නම් දන්නෙත් නෑ..ෆොටෝ පබ්ලිශ් කරද්දි නම් පොඩ්ඩක් හොඳින් බලනවා ඒක පබ්ලිශ් කරන්න හොඳද කියලා ..

      Delete
  24. කතා කරන පින්තුර ..අපුරුයි. ඔය පින්තුර ගන්න කොට එපා කිවේ නැද්ද . මට නම් බයයි සමහර වෙලාවට බනියිදෝ කියල . මෙහෙ මල් බයිසිකල් වල පින්තුර ගන්න ඕන වුනහම ඉස්සෙල්ලම කරන්නේ මල් ටිකක් ගන්න එක ..
    කහවත්තේ පොළ ගැන මටත් මතක ගොඩයි. අපි නිවාඩුවට ගමේ ගියහම ආච්චි අඬගහනවා පොලේ යන්න .
    ආපෝ බහින්න නම් බැරිය. දනිහ කටේ ගෑවී ගෑවී නැගපල්ලකෝ ආපහු එද්දී . මන් නම් යන්නේ කලාතුරකින් .
    පාර හොඳට හදලා බස් යන්න ගත්ත කාලේ වුනත් ආච්චි දඩි බිඩි ගාල අර පරණ ෂෝර්ට් කට් එකෙන්ම තමයි ගමන .පරණ පුරුද්දට

    ReplyDelete
    Replies
    1. බින්දි අපේ අක්කලත් හරි අකමැතීයි පොලේ යන්න ගෑනු ලමයි පිරිමි ලමයි අතරෙ වෙනස ඒකනෙ.. සූම් ලෙන්ස් එක පාවිච්චි කලහම හරි. ගොඩක් අය එක්ක මම අඩුම තරමෙ හිනා වෙනවත් එක්ක. ඒ අය අහන්නෙ මොන පත්තරෙන්ද කියලයි ..

      Delete
  25. ආයෙමත් කහවත්තට භීෂණය එයිද..? :D

    ReplyDelete
    Replies
    1. ආයි අර රහස් පරීක්ශක තුමා කහවත්තෙ යයිද ??? :-D

      Delete
  26. වම්බොටුයි,ගහලයි,පලයි විකුන්නනම් කොහොමද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හොකෑස්...ආප්පයි, හැලපයි, ඉඳිආප්පයි විකුණන විදියටම වෙන්න ඇති බන්..

      Delete
  27. ඇයි වෙනී අයියෙ ඔය කහවත්තෙ පොල බදාදටත් තියෙනව නේද?
    අනේ ‍අපේ පොලේනං ෆොටෝ ගහන්න තියා හැරෙන්නවත් ඉඩක් නෑ සෙනසුරාදට. මෙහේ පොල පටංගන්නෙ තියෙන දවසට කලින් දවසෙ දවල්ටනෙ.

    මටනං හිතට වැදුනෙ යට ඉඳල 4 වෙනි ෆොටෝ එක.

    ReplyDelete
  28. වෙන්න ඇති මල්ලි අපි ගියේම ඉරිදා එකට..ඔය අසූ ගනන් වල.. ෆොටෝ නම් හික්කා පොලේ එව්වා

    ReplyDelete