"ඕක ඔච්චර දෙයක් නෑ..පෝස්ට් එකක් ලියන්න අදහසක් එන්න තත්පර කීපයක් ඇති හොඳටම"
බොහොම වැර වෑයමෙන් තද කරගෙන ගෙන හිටිය අදහස් ටික, එහෙම නැත්නම් බොහෝ වෙලාවලට නොකියන ඇත්ත, මගේ කටෙන් එළියට පැන්නෙ මටත් නොදැනීමයි..
තත්පර කීපයක නිහඬතාවයක්..
හැමෝම මගේ දිහා විමසිල්ලෙන් බලන් සිටීමත්..
එතෙක් වෙලා බ්ලොග් පෝස්ට් එකක් හරි මොනා හරි ලිඛිත නිර්මාණයක් හරි කරන්න තියෙන අමාරුව ගැන අනිත් හැමෝගෙම අවධානය පැහැර ගනිමින් හර බර දේශනාවක් පවත්වපු කපිලගෙ මුව පොඩියක් ඇරිලා..අතට ගත්ත මත්පැන් වීදුරුව එතනම ගල් වෙලා..අනිත් අතේ බයිට් එකට ගත්ත බැදපු ඌරු මස් කෑල්ල තොල ළඟ වෙව්ලනවා....
චිහ් මගෙත් පාලනයක් නැති කට..පොඩ්ඩක් කට ගා ගත්තහම හිතන්නෙ බලන්නෙ නැතුව කියෝනවනෙ..හිත නොනවත්වාම දොස් තියන්නෙ මට
"දඩස්"
ඒ කපිල වීදුරුව මේසෙ උඩින් තියපු සද්දෙ..
"උඹලා මොන ලේඛකයොද බන් ? මේ ඊයෙ පෙරේදා සයිබර් අවකාශෙට ඇවිත් මොනව හරි කුරුටු ගාලා..කමෙන්ට් දහයක් පහලොවක් එන කොට හිට්ස් විසි තිස් දාහක් ගත්තහම උඹලා හිතන්නෙ උඹලා තමයි ලේඛකයො කියලා"
"නෑ කපිල මම කිව්වෙ ඒක නෙවෙයි.."
"ඒක නෙවෙයි මොකද්ද උඹ කිව්වෙ විනාඩි දෙක තුනකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ පුලුවන් කියලනෙ..හරි හිටහන්"
වැනෙමින් පුටුවෙන් නැගිට්ට කපිල අපි බොමින් හිටිය මේසය අසල වූ කුඩා බැම්ම මත අප ගොඩ ගසා තිබූ බෑග් එක වෙත යමින් පැවසුවා..
කීප දෙනෙක්ම මා දෙස බලමින් ඔළුවේ අත හසා ගත්තා..
කපිල යනු කාලයකට පෙර සයිබර් අවකාශයේ සිංහලෙන් ලිවීම ආරම්භ වූ කාලයේ පටන්ම බ්ලොග් කීපයක්ම ලිව්ව් අයෙක් වීමත් ඔහුගේ සැබවින්ම හොඳ ලිපි කීපයක්ම ලියවී තිබීමත් නිසා සැවොම ඔහුට අවකාශයේ මූලික අයකු ලෙස යම් ගෞරවයක් දැක්වූවා..පසුව ඔහුගේ එම ප්‍රතිරූපය ඔහුම බිඳ දමා ගත්තේ අන් මතවාද ඉවසීමේ සීමාව පටු කර ගැනීම නිසාය..ඒ වගේමයි බිව්වහම කවුරුවත් මිනිහා එක්ක වැඩි වාදයකට යන්නෙත් නෑ මොකද සමහර කරුණු හරිම නිර්දය ලෙස විවේචනය කරන්න ඔහු පෙළඹෙන නිසා..බොහොමයක්ම ළඟින් ආශ්‍රය කරපු අය දැනන් හිටියා කපිලගෙ පෞද්ගලික ජීවිතයේ තිබූ යම් යම් ප්‍රශ්ණ..ඒ නිසාම වෙන්න ඇති ඔහුගේ කාලෙකට පෙර තිබූ චින්තනයේ යම් යම් අර්බුදකාරී තත්වයක් මතුවන්නට ඇත්තෙත්..එම පුද්ගලික කරුණු මොනවාද යන්න දැන ගැනීමේ කුහුලක් අපිට නොතිබුනත් ඒ පිළිබඳව යම් සානුකම්පිත මත ඉවසා දරා ගැනීමට අප සියල්ල අතරේ නිහඬ එකඟතාවයක්ද තිබුනා..
ඔහු නැවත අප බොමින් සිටි මේසයට පැමිණියේ තමන්ගෙ නෝට් බුක් පරිගනකයක් අතැතිවයි...වැනෙමින්...ඔහු ඒ වනවිටත් තමන්ගෙ වෙරි සීමාවේ මැද භාගයට පැමිණ ඇති බව හොඳටම පෙන්නුම් කලා..
අප සැවොම සිතුවේ ඔහු විසින් බොහෝ කාලයක් ගෙන ලියන ලද අති සාර්ථක ලිපියක් අපට පෙන්වීමට ඔහු තැත් කරාවි යන්නයි..
නමුත්..
"විනාඩි දෙකක් නෙවෙයි උඹට විනාඩි දහයක් දෙන්නම්...දැන්...ඔව් මේ දැන් බ්ලොග් පෝස්ට් එකක් ලියලා පෙන්නපන්.."
ඔහු ක්‍රියාත්මක කරන ලද පරිගනකය මා වෙතට පාමින් උපහාසය සහිත සිනාවක් මුව රඳවා ගෙන සිටියා..අනිත් අතේ බඳින ලද හෝරා යන්ත්‍රය දෙස ඔහු බමන මති දෙඇස් යොමු කරන්නටද පටන් ගත්තා..
"අන්න එතකොට මම පිලිගන්නම්..උඹ කියන කතාව ඇත්තක් කියලා..විනාඩි දහයයි..ගන්නවද චැලෙන්ජ් එක ?"
අනේ අම්මපා මමත් දා ගන්න ලෙඩවල්..යන මා පිළිබඳවම හට ගන්නා නුරුස්නා හැඟීමක් සමඟම මා සිත අතීතය වෙත පියඹා ගියා..
"දික් කරපන් අත"
කීස්.....කීස්...හඬින් අඩි රූල් පහරවල් කීපයක් දකුණු අතේ අල්ල හරහා ඇදී යන්නට වූයේ අත්ලම පුපුරු ගස්සවමින්..
"අනිත් අතත් දික් කරපන්..මුන්ට ජීවිතේටම මතක හිටින්න පාඩමක් උගන්වන්න ඕනි..රචනාවක් ලියන් එන්ඩ කිව්වහම බෑ..වෙන නැටිලි නම් පුළුවන් ඕනි තරම්"
අනිත් අත්ල හරහාත් කීස් යන හඬින් ඇදී ගිය අඩි රූල් පාරවල් කීපය සමඟ වේදනාව තව තවත් වැඩි උනා..පන්තිය පසු පසින් ඇසෙන්නට වූයේ සිනා හඬක්..
"හරවපන් අතේ අනිත් පැත්ත"
මා බිය දෙගුන තෙගුන කරමින්..ගුරුවරයා ගුගුලන්නට පටන් ගත්තා..
අත්ලට වදින අඩි රූල් පහරවල් මෙන් නොව දස ගුණයක් තරමේ වේදනා දෙන දඬුවමක් වූ පිට අත්ලට වදින පහර වල් වලට කුඩා අප බොහෝ බිය උනා..
මන්ද යත් එම පහරවල් වේදනාව මුළු ශරීරයම හිරි වට්ටන්නට සමත් වූ බැවින්..පුපුරු ගසන දෙ අත්ලම පිටු පසට ගෙන ආරක්ෂා වන්නට දැරූ තැත ව්‍යවර්ථ වූයේ..ගුරුවරයා තවත් කුපිත කරවමින්..උරිස්සට මදක් පහලින් අල්ලා ගස්සා පසුපසට කර තිබූ එක් අතක් වේගයෙන් ඇද ගෙන අසල වූ ඩෙස්කය මත බලෙන්ම තබා...අඩි රූල් පාරවල් කීපයක්ම එල්ල කලේ මගේ මුළු ගතම හිරි වට්ටමින්..කඳුළු හෙලන්නට තබා වේදනාවෙන් මුර ගාන්නටවත් ඉසුබුවක් නොතබා අනිත් අතටත් එම ප්‍රතිකාරයම දුන් ඔහු..පන්තිය ඉදිරියට මා ඇද ගෙනගොස් බලෙන්ම දන ගැස්වීය..දෙ අත තුලින් ගිණි ගන්නා වේදනාව මුළු ශරීරය පුරාම ඇවිලී යයි..මගේ මුළු ඇඟම ගැහෙන්නට වූයේ වේදනාව සහ ලැජ්ජාව නිසාය..
පන්තියේ පන්ති භාර ගුරුවරයා මෙන්ම සිංහල ගුරුවරයා වූ ඔහු දේශපාලනික වශයෙන් අප පවුල සමඟ තිබූ කෝන්තරයක් නිසා කුඩා අපගෙන් බොහෝ පලි ගත් බව වැටහෙන්නේ දැනුම් තේරුම් තියෙන මේ අවදියේ වූවත්..ඒ වනවිට එවන් අවබෝධයක් නොවීය..
"මුළු පංතියටම මේක පාඩමක්..ගෙදර වැඩක් දුන්නහම ඒක කර ගෙන එන්න ඕනි කියන විදියට..නැති උන් සේරටම මේ දඬුවම තමයි"
ඊට පෙර දින පන්තියේ අවසන් කාල පරිච්ඡෙදයේ අප හට ලබා දුන් රචනාව වූයේ මා මුව පොව්වෙක් නම් යන රචනාවයි..සාමාන්‍යෙන් මා පාසලේදී ලබා දෙන ගෙදර වැඩ කිරීමට පුරුදු වී සිටියේ දහවල් විවේක කාලයේදීය..එයට කාරනා කීපයක්ම තිබිනි.. එකක් නම් පන්තියේ බහුතරයක් විවේක කාලය තුල කෑමට මොනවා හරි රැගෙන විත් හෝ පාසැලේ කැන්ටිමෙන් ලබා ගෙන කන කාලය මඟ හැරීමට හැකි වීමය.. තාත්තා අකාලයේ මියදුනාට පසු ලෙලි වලක රැකියාව කරන අම්මාට අප පවුලේ පස් දෙනකුගේ බඩ වියත රැක ගැනීමේ යුද්ධය අතරතුර අප හට අමතර පහසුකම් ලබා දීමට නොහැකි වූවාය.එම කාල සීමාව තවත් දුෂ්කර එකක් වූයේ සැම දිනකම වලේ රැකියාවද නොමැති වීමය..අප පස් දෙනා එම දවස් ගත කරන්නේ දිනයටම එක් වේලක් වූ බත් සහ පොල් සම්බෝලයක් මඟිනි..පාසැල හැරී ගෙදර දුව යන්නේ එය භුක්ති විඳ..අම්මාට ලෙලි තැලීමට උදව් කිරීමටය..සවස් කාලය පාසැලේ වැඩ කිරීමට නොහැකි වන්නේ එබැවිනි. ඊයේ නම් ගෙදර තිබූ එකම කුප්පි ලාම්පුවේ තෙල් අවසන් වීම නිසා ගණන් ටික හැදූ පසු රචනාව ලිවීමට කාලයක් ඉතුරු නොවීය..මෙම කතාව කටක් ඇර..පන්තිය ඉදිරියේ කියන්නේ කෙසේද ? පෙර දිනයක දඬුවම් ලැබීමට ඔන්න මෙන්න තිබූ මොහොතක එවන් යමක් පැවසූ විට මෙම ගුරුවරයාම සෝපාහාසයෙන් පැවසූයේ,
"ඇයි උඹලයේ මහ එකා පස්සෙන් ගිය මැම්බර් කාරයා උදව් කලේ නැද්ද?"
යන්නයි..
ගුරුවරයා තම පාඩම පටන් ගති..
වේදනාව යාන්තමින් පහව යද්දී..මා හට ඉබේම අතැඟිලි දෙස බැලිනි.. පිට අත්ල පිපිරී ලෙලි ගැසී ඇත..සමහර තැන් වල කුඩු හමද ගොස් ඇති නිසා ලේ නොගලයි..වේදනාව තවත් වැඩි වන්නට වීය..බඩ ගැස්සෙමින් හිස් කරකැවෙන්නට වීය..මා නැගී සිටියෙමි...
"කොහෙද යන්නෙ තෝ"
මා වේදනා බර එක අතකින් මුව වසා ගතිමි..ඇඟම දුන්නක් මෙන් ඇකිලී ගැස්සෙන්නට වීය..
"දුවපිය එලියට පන්තියෙ වමනේ දැම්මොත් පට්ට ගහනවා"
පන්තිය අසලවූ කොස් ගසට අත තබා මුළු ශරීරයම හකුලවමින් ආමාශයෙන් එන තිත්ත රස කෙල සමඟ කාරා ගසමින් සිටිද්දී..
"ලියන්නා පුතා මොකද ?"
ඒ කටහඬ නාලිනී ගුරුතුමියගේය..පාසැලෙන්ම මා හට ඉතා ආදරය කල ඈ..බොහෝ විට මා හට පොත් පත් පවා ලබා දීමෙන් උදව් කලාය..ඈ නොවන්නට මා පාසැලට ඒම මහත් වදයක් ලෙස සලකන්නට වුයෙමි..
"මොකද ලමයො වමනෙට එනවද ? මොනවද කෑවෙ උදේට ?ජරාවක් කන්න ඇති මොනා හරි.."
කොස් ගස පාමුල වූ පිත සහිත කහ පැහැ දියරය දෙස බලා සිටි ඈ..
"එන්න පුතා"
පවසමින් මා ගුරු කාමරය වෙත රැගෙන ගොස් ඈගේ බෑගයේ වූ ජෑම් ගෑ පාන් පෙත්තක් සහ තේ උගුරක් පොවා මා නැවතත් පන්ති කාමරයට ඇරලවූවාය..පසු කලෙක සිසුන්ට දඬුවම් කිරීමට විරුද්ධව බොහෝ රැස්වීම් වල කතා කල ගුරුවරියන්ගෙන් එක් අයකු වූ ඈ..නොබෝ කලකින්ම පාසැලින් වෙනත් පාසැලකට මාරු වීමක් ලද්දී..මාවද හැකි ඉක්මනින් එම පාසැල වෙත මාරු කර ගැනීමටද උත්සුක වූවාය..
අධ්‍යාපනයෙන් ජීවිතය ගොඩ දමා ගත හැකිය යන්න කුඩා කල සිටම මසිත රෝපණය කිරීමට සමත් වූ ගුරු දෙවියන්ගෙන් එක් අයකු වූ ඈ මා දිවිය තුල සදානුස්මරණීය වන්නේය..
වර්තමානය මෙන් දරුවන් සහ දෙමව්පියන් ගුරුවරුන් අභිබවා නොයන කාලයක් තුල මොන තරම් අමානුෂික දඬුවමක් දුන්නද එය විඳ දරා ගෙන පාසැල් ගොස් ඉගෙනුම් කටයුතු කිරීමේ අභිලෂය පෙරටු කොට ගත් කාලයක් වීය. එය හරි යැයි පැවසීමට හෝ සාධාරණීකරනය කිරීමට මට කෙසේවත් අවශ්‍යතාවයක් නොවීය. එය එසේ සිදු වීය..අසරණ කමේ අන්තයට ගොස් සිටි අප දෙමව්පියන් සැමවිටම පවසන්නට පුරුදු වී සිටියේ...
"උඹ මොනා හරි මගෝඩි වැඩක් කරන්න ඇති. ඒකනෙ ඔහොම තැලුම් කෑවෙ..ගුරුවරු කියන්නෙ දෙවිවරු හෙටම ගිහින් වැඳලා සමාව ගනින්"
යන්නයි.
දැඩි පාලනයක් යටතේ වූවද, එවන් සිද්ධීන් තුලින් අප ජීවිතයට ලබා ගත් පාඩම් බොහෝය..සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි අද පවා..එවන් වූ සිද්ධීන් වල ව්හරිත වලට වෛරී සිතුවිලි හට නොගන්නේ එබැවිනි..
නව පාසැලේ එවන් සැර පරුෂ ගුරුවරු සහ ගුරුවරියන් නොසිටියත්, එදිනෙදා දෙන වැඩ එදිනෙදාම නොපිරිහෙලා ඉටු කිරීම තුලින් පසුව මා ලබා ගත් ජයග්‍රහන නම් නිමක් නොවීය..
"මොකද කියන්නෙ දැනටමත් තත්පර දහයක් ගිහින්.. තව විනාඩි නවයයි තත්පර පනහක් තියෙනවා..චැලෙන්ජ් එක භාර ගන්නවද ?"
කපිල වැන්නවුන්ගේ හන මිටි, උද්ධච්ච මත වාදයන් පරාදය කිරීම කෙදිනක හෝ කිසිවෙකු හෝ අතින් සිදුවිය යුතුය..නමුත් එම දිනය සහ වෙලාව මේ මොහොත නොවේ..පුද්ගලයාද මා නොවේ..
මම මද සිනහවක් මුවගට නගා ගතිමි.
"ඔන්න ඔය ලැපා තියහන් කපිල පැත්තකින්. ඔය කියන විදියට විනාඩි දහයෙන් බ්ලොග් පෝස්ට් ලියන්න පුළුවන් නම් ඉතින් ඕනිම කෙනෙක් ලියයිනෙ දවසට විස්ස තිහ..උඹ දිනුම් චැලෙන්ජ් එකෙන්"
මා මුලින් කිවූ දෙය සහ කපිල තේරුම් ගත් දෙය අතර වූ පරස්පරය නොවිසඳාම මම කපිලට ජයග්‍රහනය දී නිහඬ වී සාදයේ අරමුණ වෙත ගත සිත යොමු කරන්නට වීමි.
නව පාසැලේ එවන් සැර පරුෂ ගුරුවරු සහ ගුරුවරියන් නොසිටියත්, එදිනෙදා දෙන වැඩ එදිනෙදාම නොපිරිහෙලා ඉටු කිරීම තුලින් පසුව මා ලබා ගත් ජයග්‍රහන නම් නිමක් නොවීය..
"මොකද කියන්නෙ දැනටමත් තත්පර දහයක් ගිහින්.. තව විනාඩි නවයයි තත්පර පනහක් තියෙනවා..චැලෙන්ජ් එක භාර ගන්නවද ?"
කපිල වැන්නවුන්ගේ හන මිටි, උද්ධච්ච මත වාදයන් පරාදය කිරීම කෙදිනක හෝ කිසිවෙකු හෝ අතින් සිදුවිය යුතුය..නමුත් එම දිනය සහ වෙලාව මේ මොහොත නොවේ..පුද්ගලයාද මා නොවේ..
මම මද සිනහවක් මුවගට නගා ගතිමි.
"ඔන්න ඔය ලැපා තියහන් කපිල පැත්තකින්. ඔය කියන විදියට විනාඩි දහයෙන් බ්ලොග් පෝස්ට් ලියන්න පුළුවන් නම් ඉතින් ඕනිම කෙනෙක් ලියයිනෙ දවසට විස්ස තිහ..උඹ දිනුම් චැලෙන්ජ් එකෙන්"
මා මුලින් කිවූ දෙය සහ කපිල තේරුම් ගත් දෙය අතර වූ පරස්පරය නොවිසඳාම මම කපිලට ජයග්‍රහනය දී නිහඬ වී සාදයේ අරමුණ වෙත ගත සිත යොමු කරන්නට වීමි.
මෙහෙමයි බං සමහර වෙලාවට ලියන්න (කොටන්න) ඕනේ ඩේ එක දිගට එනවා. සමහර වෙලාවට කොච්චර ට්‍රයි කලත් කියන්න ඕනේ ඩේ කියවෙන්නේ නෑ.
ReplyDeleteනාඩියා කියන්නේ ලියන්න ඕනේ ඩේ නෙවෙයි දේ කියන එක පැහැදිලියි. මමත් එකඟ වෙනවා. සමහ වෙලාවට ලියන්න හිතාගෙන ඉන්න දේ ලියාගෙන යනකොට එපා වෙලා මකලා දානවා. මොකද කිව්වොත්, අනේ මේක එච්චර වැදගත් නෑ කියලා හිතෙනවා.
Deleteදඬුවම් දෙන එකේ හොඳ පැත්තකුත් ඇති..! හැබැයි ඔච්චර දරුණුවට නෙමේ..
ReplyDelete"ලියන්නා පුතා" :D
වෙනිවැල් පුතා කිව්වොත් නරකද.. :D
මම ඔය ගැන පෝස්ට් එකක්ම ලිව්වා,බලපංකො.
ReplyDeleteමුල පටන් අරන් තිබුනා. ඒත් අන්තිමට කෑම කෑම එච්චරයි..හැක්..
Deleteසමහර ගුරුවරු දන්නවා කිරලා මැනලා දඬුවම දෙන්න. නමුත් බහුතරයක් ගුරුවරු දඬුවමෙන් බලාපොරොත්තුවෙන්නේ ළමයිව බයකරගැනීමක් කරන්නයි.
ReplyDeleteජීවිතයේ හැම දෙයක්ම බින්දුවයි එකයි කියලා ඩිජිටල් විදිහට බලන මිනිස්සු ගෑන කථන්දරයක් ......
ReplyDeleteMayya ++++++++++++++++++++++++++++++++++
Deleteමට නම් මේ දවස්වල ලියනවා තියා හිතන්ටත් බෑ...:(
ReplyDeleteඒ මොකද අනේ ඔයාගේ හිත කවුරු හරි හොරකම් කරලද? ..ඔන්න අපිවනම් අල්ලගන්ට එපා ඕවට හොඳේ .... :D
Deleteමම ලියපු ළිපි 100 ක් විතර තියෙනවා.. කවිත් සමඟ.. ඒවා කවදාවත් පලවෙන එකක් නෑ. ඒකක් කාලීන නෑ.. අනික මටවත් දිරවන්නේ නෑ.. ඉතින් හොහෙද අනිත් උන්ට දිරවන්නේ.. විනාඩී 10 න් නම් පෝස්ට් එකක් ලියන්න බෑ. චේද දෙකක් නම් යාන්තමට ලියාගන්න පුළුවන්.
ReplyDeleteහැබයි සමහර ඒවා දැක්කහම් උඹේ කතාව ඇත්තක් කියලත් හිතෙනවා..
දැං ඔය පල්ලෙහයින් තියෙන කතාවම ලියන්න තිබ්බනෙ ඒ වෙලාවෙ පෝස්ට් එකක් විදියට.
ReplyDeleteමෙහෙමයි වෙනියෝ කපිල කිව් එක ඇත්ත වෙන්න පුළුවන්. හොදට මනසින් පදම් වෙච්ච දෙයක් කොටන්න නං විනාඩි දෙක තුනක් උනත් වෙලාව ඇති වෙන්න හැකියි. ඒත් ලියන්න කිසිම දෙයක් නැතිව වාඩි වෙන මනුස්සයෙකුට පැයක් නෙමෙයි දවසක් විතර යාවි එකක් කොටන්න..
ReplyDeleteඇත්ත, මාත් මේ දවස්වල ලියන්නෙ මොනාද කියල දහ අතේ කල්පනා කරනවා ඒත් ඔලුවට එන්නෙ නෑ, හැබැයි සමහර වෙලාවල් තියනවා හිතන්නෙත් නැතුවම ඔලුවට අදහස් එනවා, ඒ වෙලාවට සින් සින් ගාද්දි පෝස්ට් එක කොටල ඉවරයි :D
Deleteමට නම් ලියන්න හිත නිදහසේ තියන්න ඕන. මොකක් හරි යන්තම් කුරුටු ගා ගන්නෙ එහෙම වෙලාවට තමයි.
ReplyDeleteමාත් ලියන්නෙ විනාඩි දහයකින් විතර ,ලියන්න කලින් ලියන එක හිතාගෙන වාඩි ගන්න ඕන නැත්නම් අතරමං වෙනවා,එහෙම වුණු වාර කියක්ද මන්දා ..ඊට පස්සෙ පැය ගණන් හිටියත් කිසිම දෙයක් ඔලුවට එන්නෙ නෑ ..
ReplyDeleteවිනාඩි දහයෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි වුනාට, ඔය සමහර සුප්‍රසිද්ධ ගීත රචකයෝ සමහර ගායායන්ගේ කරදරෙන් බේරීන්නම බැරි වුනාම, ක්ෂණිකව බස් ටිකට් එකක ලියලා දීපු ගීතත් අන්තිම ප්‍රසිද්ධ ජනප්‍රිය ගීත වෙච්ච වෙලාවල තියෙනවා නේද?
ReplyDeleteකියෙව්වා !
ReplyDeleteකොහොමද අප්පා ඉක්මනට බ්ලොග් පෝස්ට් ලියන්නේ... මට නම් එහෙම බෑ..
මේ පෝස්ටුව ඒ වෙලාවෙ ලියල කපිලගෙ කට වැහුවනම් ඉවරනෙ :D
ReplyDeleteඅනේ මන්දා... මම මේ කල්පනා කරන්නේ, වෙනී කියපු දේයි, කපිල තේරුම් ගත්ත දේයි පරතරය කොමෙන්ට් තීරුවෙත් පේන්න තියනවද, එහෙම නැත්නම් මම අනාගෙනද කියලා.... මම කලින් වතාවකත් අනාගෙන තියනවනේ...
ReplyDeleteමට හිතෙන්නේ යමක් ලියන්න අවශ්‍ය මූලික වස්තුබීජය හිතේ පහළ වෙන්න තත්පර ගණනයි යන්නේ කියන අදහසයි වෙනී කියන්නේ. ඒක රචනයක් විදිහට ඔප මට්ටම් කරලා ඉදිරිපත් කිරීම ගැන නොවෙයි. ඒ අනුව හිතුවොත්, ඒක නම් බොහෝ අවස්ථා වලදි ඇත්ත කියලා මට හිතෙන්නේ... ඊට අමතරව, ඒ තත්පර ගාණකදි හිතේ ඇතිවෙන අදහස, තව විනාඩි ගාණකදි අර්ථ පූර්ණ ගීත රචනවක් බවට පත් කරන්න පුළුවන් කම තිබුණු ප්‍රේමකීර්ති වගේ අයත් හිටියා.
නැහැ තිසර ඔබ අනා ගත්තෙ නෑ..මට කියන්ඩ ඕනි උනේ ඒකම තමයි. මම මෙතරම් වෙලා නිහඬව හිටියෙක් ඒකමයි. මේක සංනිවේදනයේ තියෙන එක ලොකු බාධාවක්..කියන්නා කෙසේ කීවත්..අසන්නා අසන්නේ සහ තේරුම් ගන්නේ තමන්ට අවශ්‍ය දේ පමණයි..මම අන්තිමේ \\මා මුලින් කිවූ දෙය සහ කපිල තේරුම් ගත් දෙය අතර වූ පරස්පරය නොවිසඳාම\\
Deleteකීවෙ එය අවසානයේ හෝ තේරුම් ගනියි කියලයි..
මං හිතන්නෙත් වෙනි අදහස් කරන්ට ඇත්තේ එක තමයි තිසර , මොකද සමහර පොස්ට් වලට නිමිති පහල වෙන්නේ තප්පර ගානකදී, එක මේ වෙලාවේදී මෙතැනදී වෙනවා කියලා කියන්ට බෑ.. අවුරුද්දක් අරන් ලිව්වත් ලියන්නේ ඒ මොහොතක සිතුවිල්ල
DeleteThis comment has been removed by the author.
Deleteඇත්ත වෙනී! උඔ හරි. හොඳ ලිපියක් එහෙම ආවට ගියාට ලියන්න බෑ. නැවත නැවත කියවමින් ගවේශනය කරමින් ලියන ලිපි ගොඩක් සාර්ථකයි..
ReplyDeleteවෙනි........මේ ලියලා තියෙන පෝස්ට් එක තුල උඹ කතාවක් ගොඩනගා ගන්නා හැටිනම් අපූරුයි. කෙනෙකුගේ ජීවිතය ගැන ලියනවා තරම් ලේසි දෙයක් තවත් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. ප්‍රබන්ධයක් නිර්මාණයක් කරන්න ඒ තරම් පහසු නැහැ. සිතුවිල්ල ක්ෂනිකව හිතට ආවත් එය අඩුම ගානේ දහදෙනෙකුටවත් රස විඳින්න පුළුවන් විදිහට කෙටි මොහොතකින් ලියන්න පුළුවන් අය විරලයි. ඒ සඳහා කාලය සහ විවේකය ඕන. නමුත් මම ලියනවා වගේ තම ජීවිතය ලියන්න එහෙම කාලයක් යන්නේ නැහැ බව මගේ හැඟීමයි.
ReplyDeleteඅයියා තාමත් මීයෝ අල්ලනවද..?
ReplyDelete