ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, April 7, 2014

මුහුදේ ඒ යමු ගලක් බලන්න ! - Coral reef destroyers

මුහුදෙ යනවා කිව්වහම ගොඩක් අයට මතක් වෙන්නෙ...මුහුදේ යමු මසුන් මරන්න...කියලා තමයි..

ඒත් මේ මුහුදෙ යාම නම්.... නෑ මසුන් මරන්න නෙවෙයි...මුහුදෙ අසිරිය බලන්න යන ගමනක් ගැනයි මේ කියන්ඩ යන්නෙ...



බුකියෙ අය නම් මේ ගැන මම වින්ද දුක ගැන බොහොම සොව ! පල කරලා තිබ්බා...අනේ ඇයි ඔච්චර දුක් විඳින්නෙ වගේ එව්වා කියවලා..
ඒ උණාට මම නම් සැලුනෙ නෑ ඒ කතා වලට..

මට මේ පෝස්ට් කීපයකින්ම ඕනි උණේ මම දැකපු, අහපු, විඳපු ඒ මුහුදේ අසිරියෙන් බිඳක් ඔබ හැමෝමත් එක්ක බෙදා ගන්න..දහස් ගණනක් වෙච්ච ඒ ෆොටෝ සහ වීඩියො ටික පීරලා බලද්දි හද කකියවන ෆොටෝ කීපයක්ම නෙත ගැටුණා..ඒ ෆොටෝ ටික ගත්තෙත් මේ විදියෙ පෝස්ට් එකක් ලියනවා කියලම තමයි..

මේක වළක්වන්න පුළුවන් නමුත් බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිද්ධ වෙන දෙයක්... ! ?

මොකද්ද මම කියන්න හදන්නෙ..?

කොරල්, නැත්නම් ගල් මල් කියපුවහම එක පාරටම ඔළුවට එන්නෙ..ගල්, ශෛලමය දෙයක් වගේනෙ..මුහුදෙ තියෙන පණ නැති අජීවී දෙයක් විදියට තියෙන මතය තමයි සාමාන්‍ය අපේ ඔළුවට එන්නෙ..කොරල් කියන්නෙ මොනවද අරවද මෙව්වද කියන එක පොඩ්ඩක් කියෝ ගන්න ඕනි තරම් අන්තර්ජාලෙ ලිපි තියෙන නිසා මම කෙටියෙන් කියන්නම්..කොරල් කීයන්නෙ ජීවියෙක්....පණ නැති ජීවියෙක්..

වැඩි විස්තර වලට මේ ලිපියත් කියවන්නකෝ..





ඔය ජීවියා හරිම සංවේදීයි..විනාශ වෙන්න හරිම පොඩි දෙයක් උණත් ඇති..මුහුද වතුරෙ රස්නය වැඩි වෙන එක, ආම්ලිකතාවය වැඩි වෙන එක වගේ ගොඩක් දේවල් අතරෙ අපේ අයගෙම නොසැලකිල්ල නිසා සිද්ධ වෙන හානිය ගැනයි මම කියන්න යන්නෙ.

වතුර බොහොම නිසලව අඩුවටම තියෙන වෙලාවක මේ ජීවී කොරල් පර මෙන්න මේ වගේ වතුරෙන් මතු වෙනවා..



ඔය වගේ වෙලාවලට වඩාත්ම හානියක් වෙන්නෙ මේවා බලන්න එන දේශීය වගේම විදේශීය සංචාරකයන්ගෙන්ම තමයි....ඒක තමයි මම මේ පහළින් දාන ෆොටෝ වලින් පේන්නෙ..











පේනවනෙ කට්ටිය කොරල් උඩින් ඇවිදින හැටි...ඉඳගෙන ඉන්න හැටි..
මේ අය අතරේ අපේ රටේ අය වගේම විදේශිකයෝත් ඉන්නවා..
ඇයි මේක නවත්තන්න බැරි ? කවුද නවත්තන්න ඉන්නේ ? ඒ අය ඒ වැඩේ හරියට කරන්නෙ නැද්ද ?

ප්‍රධානම දේ නරඹන්න එන අය කොරල් ආශ්‍රිත පරිසරයක් ගැන දැන්වත් වෙලා ඉන්න ඕනි..

එතන දවසම රැඳිලා ඉන්න වන ජීවී නිලධාරීනගෙ කාර්‍යය තමයි ඒ පිළිබඳව දැනුම්වත් කරන්න වැඩ පිළිවෙළක් යොදන එක..

හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ දවසට දෙතුන් සැරයක් විතර නළාව පිඹලා කොරල් උඩ ඇවිදින අයව නවත්තන වැඩ පිළිවෙලින් එහාට ගිය යමක් තියෙන්න ඕනි..සෑම භාෂාවෙන්ම ලියවෙච්ච බෝඩ් ටිකක් හයි කරන එක මහ ලොකු වැඩක් නෙව්යිනෙ..

ඒකවත් මේ වෙනතුරු කෙරිලා නැති එක නම් හරිම කනගාටුවට කාරණයක්..

මේ කොරල් පරිසරයට ආදරය කරන විදේශිකයින් මෙතනට එනවා..මේ පහළ තියෙන ෆොටෝ එකේ ඉන්න ජර්මන් ජාතිකයත් ඒ වගේ කෙනෙක්..ඔහු නම් තමන්ගෙ ජීවිතේට තියෙන රිස්ක් එක උණත් අමතක කරලා කොරල් උඩ ඇවිදින ඕනිම තරාතිරමක කෙනෙකුට ඒක කරන්න එපා කියලා උපදෙස් දෙන්න කොයිම වෙලාවකවත් මැලි වෙන්නෙ නෑ..මේ තියෙන්නෙ ඔහු රුසියානු යුවලකට උදෙස් දෙන අවස්ථාවක් තමයි..පස්සෙන් පහු ලිපියක ඔහු සහ මේ කොරල් පර ආශ්‍රිතව ඉන්න නිතර පැමිණෙන කැස්බෑවකු අතරෙ තියෙන අපූරු සම්බන්ධය ගැන විස්තරයක් සහ වීඩියෝ ටිකක් මම දාන්නම්..




මේ තියෙන්නෙ මේ ආශ්‍රිතව තියෙන වන ජීවී කාර්යාලය..මෙතන ගොඩනැගෙන අළුත් බිල්ඩිම ඒ අයට වෙන්න ඕනි..




මේ වගේ යටි තල පහසුකම් සැපයෙන අතරේ..කොරල් විනාශ කරන අන්දමේ හැසිරීම් තියෙන අයව පාලනය කරන්නත් නොකඩවා ක්‍රියාත්මක වෙන වැඩසටහන් මෙ අය ඉදිරිපත් කරනවානම් ගොඩක් හොඳයි කියන එක තමයි මගේ අදහස නම්..

කොරල්, කොරල් පර, සහ විසිතුරු මාළු ගැන ඡායාරූප සහිත පෝස්ට් එකකින් නැවත හමුවෙමු එහෙනම්..

30 comments:

  1. එහෙනම් අපි ඩොල්පින් වෙනී කිව්වට පාඩුවක් වෙලා නෑ. මේ තියෙන්නේ සිරා පොස්ටුවක්.
    කොහොමත් කොරල් විනාශය කියන එක නවත්තන්න කිසිම තැනක් ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබ්බේ නෑ. ඉඳ හිට පුද්ගලයෙක් දෙන්නෙක් තනිව ගත්තු උත්සාහ හැරෙන්නට . කොහොමත් ස්වාභාවික තියෙන දේ ටිකට ගහලා පෙන්නලා හම්බ කරගෙන කනවා ඇරෙන්න සංරක්ෂණ වැඩපිළිවෙලක් ගැන කාටවත් හැගීමක් නෑ

    ReplyDelete
    Replies
    1. පොඩි පහේ සංරක්ෂණ වැඩ පිළිවෙලකුත් යනවා ඔය අතරේ..ඒ ගැනත් ලියන්නම්..ඒ ප්‍රයත්නය විසි තිස් ගුණයකඉන් වැඩි වෙලා ආයි ආයි කෙරෙනවා නම්..සතුටුයි

      Delete
  2. කොරල් බලන්න වෙනම ක්‍රමයක් අපි හිතන්න වෙනවා. අපේ මිනිස්සුන්ගෙන් නම් දැන උගත් වුන පලියට ඕවා නෙපාග ඉදී කියල හිතන්න බැහැ..අපේ උන් දැනුවත් කරන්න යොදන සල්ලි වලින් කූනිස්සො අරං කැස්බෑවොන්ට කන්න දාන එක වටිනවා..

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම කරන්න බෑ..මුහුද යට තියෙන කොරල් බලන්න ඕනි වතුරෙ පා වෙවී..ස්නෝකල් එක හරහා..වතුර නැති වෙලාවට මේ ෆොටෝ වල තියෙන විදියට කොරල් උඩ නැගලා ඇවිදින්න එපා කියන එක දැනුම්වත් කලාම ඇති..ඊට අමතරව කොරල් වලට හානි වන විදියෙ දෙයක් කලොත් දඩ ගහනවා වගේ කතාවක් එකතු කලා නම් හරි..දැන් බලන්න කොළඹ පාරවල් වල කුනු දානවට දඩ ගැහුවා..මාස කීයද දඩ ගැහිල්ල හරියට කලේ ? දැන් ප්‍රසිද්ධ පාරවල් අයිනෙ කවුරුවත් කුනු දාන්නෙ නෑ..

      Delete
  3. මෙන්න පෝස්ට්... නියමයි වෙනී.
    ජර්මන් ජාතිකය ගැන ලිපියනම් නොවරදවාම දාන්න..
    අර කැම AW120 ක් නෙහ්..? :D

    ReplyDelete
    Replies
    1. ඔව් සංචාරකයා..කැමරාව නම් ඒක තමයි..අන්තිම දවසක මම හරියට බැට්‍රි කවරෙ වහන්නෙ නැතුව වතුරට අරගෙන ගිහින් කැමරාවම සවුත්තු උනා..

      Delete
  4. පරිසරය සුරැකීම දරුවෙක් හදාවඩා ගන්නවාටත් වඩා අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අවධානය යොමුවෙන්න ඕනි පරාසය අති පුළුල් නිසා ඒක හරිම අමාරුයි තමයි විචාරක..

      Delete
  5. //බුකියෙ අය නම් මේ ගැන මම වින්ද දුක ගැන බොහොම සොව ! පල කරලා තිබ්බා...අනේ ඇයි ඔච්චර දුක් විඳින්නෙ වගේ එව්වා කියවලා..// මොකාද හැබෑට මෙහෙම කියපු එකා? :D
    අපිනම් කිව්වෙ නෑ ඕන් අයියව තව තවත් දිරිමත් කලා මිසක ;)

    සිරාවටම වැදගත් ලිපියක් අයියේ :)

    ReplyDelete
    Replies
    1. දිරිමත් කලා නේන්නම්..නැතුව නැතුව..
      ඉස්සරහ පෝස්ට් කීපයම මේ ගැන වෙයි..ඒත් අවුරුදු උත්සවේ මඩ සහ ෆොටෝ සඳහා පෝස්ට් කීපයක්ම වෙන් කරන්නත් වෙයිනෙ..ඔය අව් අස්සෙ..

      Delete
  6. සුදු කැස්බෑවා වගේ මුහුදට වෙලා එහෙනම් මේක තමා මෙයා කරලා තියෙන්නේ..

    පරිසරය සුරැකීම කියන එක ඉතින් හැමෝම කතාවෙන, ඉදලා හිටපා පොඩි දෙයක් විතරක් කරන දෙයක් වෙලානේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි..ඉන්න කැස්බෑවන්ගෙත් හොඳ ෆොටෝ ටිකක් සහ විඩියෝ ටිකක් තියෙනවා..

      Delete
  7. ලංක‍ාවෙ පරිසරය සුරකින්න කොච්චර අමාත්‍යාංශ ආයතන තිබුණත් ඒවයෙ ඉන්න උං කරන්නෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමයි. කවුරුහරි පරිසරයට ආදරය කරන මනුස්සයෙක්ගෙන් තමයි සුලු හරි දෙයක් වෙන්නෙ. ඔය නීති දැම්මත් ඒව බලපාන්නෙ පොඩි මිනිස්සුන්ට විතරයිනෙ.

    ReplyDelete
    Replies
    1. නීති දාලා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය හරියට නොහැදුවොත් ඉතින් ප්‍රසා මල්ලි කියන දේම තමයි වෙන්නෙ..

      Delete
  8. දිර්ඝකාලීනව බරපතල ප්‍රශ්නයක් වෙනී..

    ReplyDelete
    Replies
    1. ඔව් කොරල් වැවෙන්න කාලාන්තරයක් යනවා..ඒත් කැඩෙන්න යන්නෙ තත්පරයි..

      Delete
  9. මේක නම් ප්‍රශ්නයක් තමා... !

    ReplyDelete
    Replies
    1. විසඳුම් පෙනි පෙනී තියෙන ප්‍රශ්නයක් තමා..

      Delete
  10. කොරල් විතරක් නෙවේ බොහෝ ජීවී පද්ධති ඉතාමත් සංවේදියි. පොඩි වෙනසකින් උනත් විනාස වෙන්න පුළුවන්. සම හරක් සංචාරකයෝ ඉන්නවා ඒවා විනාස කරන එක හපන්කමක් කියල හිතා ඉන්න. අර ජර්මානු ජාතිකයාගේ ක්‍රියාව අගය කරනවා! ඒ වගේම මේ තොරතුරු අපට ගෙනාවටත් ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි අවුරුදු උත්සවේ ලිපි කීපයකින් පස්සෙ තව ලිපි කීපයක්ම ලියවෙයි මේ ගැන..

      Delete
  11. අඩේ මටත් ආසයි ඔය අත්දැකීම විද ගන්න...වෙලාවක බලමුකෝ එහෙනං...හැබෑට ලොකු මාමෙ ගල් බලන්න වෙරළෙ ඉදන් බැයිද දැන් ?

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආපු දවසක හික්කා පැත්තෙ යන්න.. ස්නෝකලින් මාස්ක් එකක් කුලියට ගන්න පැය ගානකට.. එච්චරයි මල්ලි, මාමෙ කීව පලියට පුතේ කියන්ඩබෑ වයස් පරතරේ මාස ගානකින් වෙනස් වෙන නිසා..:-D

      Delete
  12. ලස්සන විස්තරයක් වෙනී!!

    ReplyDelete
    Replies
    1. මුහුද යට ලස්සන එන්නෙ තව ඉස්සරහදි ලියන පෝස්ට් වලින් චන්දන..

      Delete
  13. එහෙනම් කොල්ල මුහුදට ගිහින් ගලුත් බැලුව..නියම විස්තර ටික මචෝ..

    ReplyDelete
    Replies
    1. ගල් සහ මාලු බලපු ඒවයෙ විස්තර ඉස්සරහට එන්නෙ උමේශ් මල්ලි

      Delete
  14. පට්ටයි හොඳේ...

    බොලාගෙ DSLR එකට කිට් එකක් දැම්මද?

    ReplyDelete
    Replies
    1. ධනා මේක අන්ඩර් වෝටර් කැමරාවක්ම තමයි..අනෙ අම්මෝ අරකටත් කිට් නම් තියෙනවා..ඒක බරපතල වැඩී..මේ කැම් එක පොඩී..සැහැල්ලුයි..

      Delete
  15. උඹට දැන් ගල් පෙනෙන්න බැහැ නේද?

    ReplyDelete
  16. හික්කඩුවේ කොරල් ගාඩ්න් (දැන් චායා ට්‍රාන්ස්) හෝටලේ ලඟට කැස්බෑවෝ දෙන්නෙක් එනවා. උන්ට කන්න දෙන්න සුද්දන්ට විකුණන්න එපැත්තෙ එවුන් හෝයිය පුරේට මුහුදු පැළෑටි ගලවනවා. වන ජීවියෙ එවුන් උඩ බලාගෙන ඉන්නවා.

    ReplyDelete