ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, September 23, 2013

සැබෑ වූ අනිකාගේ සිහිනය - අනිකත් මම


සයිබරයට හිත නිරුවත් කරන ඕනිම කෙනෙක්ගේ සිහිනයක් සැබෑ වෙච්ච සන්ධ්‍යාවක්..



චන්දන ඇල්ලෙවෙල සහෘදයාගේ මුහුණුපොතට නිරුවත් කළ හිත "එකෙක් මම අනිකත් මම" කෙටි කතා සංග්‍රහය ඊයෙ 22 වෙනිදා දෙහිවල සන්සෙට් බීච් හෝටලයේදි පැවැත්වුනා...

සහෘද කැලක් නැවතත් හදවතට සමීප කල තවත් එක් සොඳුරු සැන්දෑවක් වෙච්ච ඒ මොහොත නම් හරිම සුන්දරයි..

වචන දාහකින් කියන්න ඕනි දේ කියවෙන  පහල තියෙන ෆොටෝ තමයි මට මෙතන කියන්න තියෙන සේරම කතාවල් තියෙන්නෙ..





































රූ සහෘද සංසදය එක්ක මට තියෙන්නෙ හරිම සොඳුරු අතීතයක් ඒ අයගේ දෙවැනි කටයුත්ත වෙච්ච මුතු අහුරක් එක්ක එකතු උනත්..පස්සෙන් සිදු වෙච්ච දේවල් වලට එකතු වෙන්න බැරි උනත්..අන් තැන් වලදි ඔවුන් මුන ගැහුනා සැමවිටම..චන්දනව මට මුණගැහෙන්නෙ එතනින්..

චන්දනගේ ලේඛක දිවියට සුබ පැතුම් එක කරන්නම් මෙහෙම !

38 comments:

  1. සෙනසුරාදා කිව්වනම් මමත් එනවා වෙනියෝ. මේක ෆේස්බුක් එකේ තිබුණට මොකක්ද කියලා හරියටම දැනගෙන උන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි හත්දෙයියනේ 22 ගහල යන පාරත් දාලා තිබ්බේ...

      Delete
    2. ඒක තමයි අපිට ඒක ගැන කතා කරන්න අමතක උනා නෙ සුදීක..

      Delete
  2. චන්දනට සුභ පැතුම්!!! වෙනියගේ පොටෝ ටිකෙන් ඒක කොයි තරං ලස්සන උත්සවයක්ද කියල පේනවා.. සුභ පැතුම්. මට කිරි කන්න බැරි උනා

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ හොරෙන් ඇවිත් ගියාද කියලා ?!

      Delete
  3. සුපුරුදු ලෙස බවලත් උදවියත් කවර වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කාන්තාරයක ෆොටෝ ගන්න ගියහම මලක් දුටුවොත් ඕක නොගන්න එකා කවුද බන් ?

      Delete
  4. මොකද්ද අර යෝගට් කෝප්ප උඩ පොල් කටු තියලා තියෙන වැඩේ....???

    බ්ලොග් සෙට් එකත් ඉන්නවා නේ එහෙන් මෙහෙන්... හි හි

    ReplyDelete
    Replies
    1. මඤ්ඤොක්කා සමඟ බෙලිමල් වතුර සංග්‍රහයක් තිබුනා හිරූ

      Delete
    2. පසුව බ්ල්ක් ඕපල් ටිකක් පොල් කට්ටේ දමාද රස විද ඇත

      Delete
  5. එල එල... සුභ පැතුම් එක් කරනව අපේ චන්දනට...

    ReplyDelete
  6. මේ පොටෝවල කලින්වට වඩා සෑහෙන දෙයක් තියෙනවා.. කොහොමද මාතලන්ගේ වැඩ.. අයිලාෂ්ලටවත් කරන්න පුළුවන්ද..

    ReplyDelete
    Replies
    1. මං ඕක කියන්න ගිහිල්ලත් නොකියා හිටියේ වෙනියියට මල පනී කියල

      Delete
    2. නැතුව නැතුව ! නැත්නම් ෆොටෝත් ගහලා බ්ලොගුත් ලියලා තව මුන්ගෙන් කතාත් අහන්ඩනෙ වෙලා තියෙන්නෙ !

      Delete
  7. ෆොටෝ වල හැටිටයට වැඩේ නියමෙට කෙරිල තියෙනව වගෙයි.
    පොල්කටුවලට දාල දෙන්න ඇත්තෙ පොල් රා වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. මුලදිනම් බෙලිමල් වතුර.....හවස් වෙනකොට ‘බ්ලැක් ඕපල්‘ කියලා ජාතියකුත් දැම්මා...

      Delete
    2. ඔව් නියමෙට තිබුනා..මම නම් හවස් වෙනකොට ගෙදර ගියා රෑ වෙනකන් හිටි අය ඔය කියන්නෙ

      Delete
  8. පොල් රා සමග මයියොක්කා නොම්බර එකයි.දැන් දැන් වෙනිත් යන යන තැන කැමරාව ඇන්න යනවනේද

    ReplyDelete
    Replies
    1. රෙන්න යන්නෙත් ඒක අරගෙනලු.... :)

      Delete
    2. මඤ්ඤොක්කා සමඟ බෙලි මල් වතුරත් හොඅන්දයි හැලපෙ!

      Delete
  9. ඔහු ඔය පොත් 500 ක් පමණක් මුද්‍රණය කොට නොමිලේ බෙදා හැරීමද ඊයේ කලේ?
    පොත් සාප්පු වල විකුනන්නෙ නැති කතාවක් ඇහැව්ව.
    අතින් අත යවල කිවන්න සලස්වනව විදියක් තමා මට තේරුම් ගියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි එහෙම තමා උනේ ! කියවලා බෙදා හදා ගන්න ඕනි..

      Delete
  10. මට නම් හැන්ඩි කොල්ලෝ කීපදෙනෙක් පෙනුණා...:D :D

    ReplyDelete
    Replies
    1. ඉහි.....ක්.... තෑන්ක් යූ.....!!

      Delete
    2. උඹ ගැන නෙමේ කියල තියෙන්නෙ.
      ඕනය ප්‍රධාන කොට තොප හැර කීප දෙනෙක් ගැනයි :).

      Delete
    3. මගේ ෆොටෝ එකක් ඔතන දැම්මෙ නැත්තෙත් හැන්ඩි වැඩීදෝ මන්දා කියලා හිතුන නිසා !
      සුමිත් හැන්ඩියා !

      Delete
  11. එතැනට ගියා සේ හැගුමක් ඇති විය. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් ඔයාත් ආවනම් හොඳයිනෙ

      Delete
  12. බොක්කේ වැඩක් වගේ වෙනී. ඒ ඉන්න කට්ටිය කවුද කියලා දැනගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. සමහරෙක් මූනු පොතේ ඉන්නෙ වෙනත් නම් වලින් අරූ..සමහරෙක් නම් රියල් නමිනුත් ඉන්නවා...ඉන්න අයගෙන් බාගෙට බාගයක් තමා මමත් දන්නෙ !

      Delete
  13. ඔන්න අපෙනුත් සුභ පැතුම්..වෙනී අයියා දැන් කැමරාව අත අරින්නෙම නැති හැඩයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මේ වගේ ඉවෙන්ට් එකකටවත් කැමරාව ගෙනියන්නෙ නැතිනම් ඉතින් අර කඩුව කොස් කොටන්නද කියලා තමා අහන්න වෙන්නෙ

      Delete
  14. මන් මගේ පොතේ මුල් පිටුවේ ලිව්ව මෙහෙම!!

    දැලි පිහියෙන් බඩකපානොගෙන, කිරි කෑම නම් වූ උඩුගංබලා යන ගමනේ අලුත් මානයක්,අලුත් කඩයිමක් තැනූ තවත් එක් සුන්දර මිනිසෙකුගේ සුන්දර නිර්මාණයක්, එය උපන් තිඹිරිගෙය තුලම විඳගත්තෙමි... 2013-9-22

    ReplyDelete
  15. සුබ පැතුම් !!!!!! වෙනි අයියගේ පින්තුර ටික නම් පංකාදුයි... වරදක් කියන්න තරම් ඔන්න ,...අර වෙනියගේ ෆොටෝ එකක් තිබ්බ නම් තමා බලන්න වැඩේ නැද්ද වනියෝ ....

    ReplyDelete
  16. කවුද බන් අර සෝමාලිය චේ ගුවේර වගේ ඉන්න සිර ඩයල් එක?

    ReplyDelete
    Replies
    1. නුතනයයි , හසිකයයි තමා....

      Delete
  17. පස්සෙන් පහු නෙව දැක්කේ . මිස් වෙලා මට ...මොනව උනත් ලේඛන දිවියට තවත් පොත් එක්කාසු වේවා...සුබ පැතුම්

    ReplyDelete