ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, September 21, 2013

පොත් නොදුටිමි...

There is a beginning , there is an end..

මෙය මාගේ ප්‍රියතම චිත්‍රපටයක් වූ මැට්‍රික්ස් නිර්මානයේ වූ වාක්‍ය කණ්ඩයකි..එය චිත්‍රපටයේ එක් ප්‍රබල අවස්ථාවකදී ඉස්මතු කර..පසුව අවසනට මදකට පෙර ඉතා උච්ච අවස්ථාවකදී යෙදවේ..

අවසනට මොහොතකට පෙර..මට එය මතක් වන්නේ හෙට දින ඉරිදා..2013 වසරේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවසන් වන බැවිනි..රසවත් පොතක්, පතක් හෝ චිත්‍රපටයක් කියවීම බැලීම අවසන් කරන සෑම මොහොතකම මාගේ සිතට නැගෙන්නේ දුක, ශෝකය, අවිනිශ්චිතතාවය හා බිය මුසු සිතුවිල්ලකි..අපරාදෙ ඒක ඉවර උනේ..යන සිතුවිල්ලත් සමඟම එන තව අළුත් දෙයක් එයිනෙ කියන අස්වැසිල්ලක් ගෙන දෙන සිතුවිලි පුංජයට ඉඩ දෙමින් මුලින් ආ සිතුවිලි දහර නිවා දැමෙයි..මෙය නැවතත් නැවත නැවතත් දිගින් දිගටම සිඩුවන්නකි..
වසරේම මේ සඳහාම ඉතුරු කරගත් මුදල් ප්‍රමාණයකින් මාද පොත් කිහිපයක් මිලදී ගත්තේ..අපෝ රටට ලෝකෙට පෙන්නන්න පොත් ගත්තට කියවනවායෑ..කියා ලෝකයා කියද්දීත්..ඔය නිර්මාණය අතාත්වික, යථාර්ථවාදී නොවන වෙළඳ භාන්ඩයක් පමණකියි විචාරකයන් කියද්දීත්ය...

අපේ සීයා මෙවන් විටෙක සිටියේ නම් කියන්නෙ.. 
"කොහොමත් උඹේ මරි මෝඩ කම් ගෙවෙන්නෙ නම් නෑ..කොරලා විඳලාම බලහන්"
 කියාය.

ඒ නිසාම ලෝකයා කී දෑ නෑසු මා හට හොඳ වූවත් නොවූවත් ගත් පොත් ටික කියවීමේ කාලය එළඹ ඇත..

පොත් වල වටිනාකම වැඩි වන්නේ වැඩි පිරිසක් කියවූ විටෙක බව මා දන්නා නිසා..

මා ලඟ ඇති පොත් පිළිබඳව මා මෙසේ පවසන්නම්..

සන්තියාගෝ නම් සැරිසරන්නා - පවුලෝ කොයියෝ
මෙන්න මං - සමන් වික්‍රමාරච්චි
කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග
මම තවම යමි - කරුණාදාස සූරිය ආරච්චි
මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව - ප්‍රථම භාගය - පළමු වැනි කොටස
තැප්පා සේම ගිනි - සමරවීර විජයසිංහ
කාල සර්ප - කීර්ති වැලිසරගේ
අදිසි - ජගත් ජේ එදිරිසිංහ
ක්ලෝනියකගේ කතා වස්තුව - දයා දිසානායක
නෑසෙන මානය - කරුණාදාස සූරිය ආරච්චි
එළියකන්ද වධ කඳවුර - රෝහිත මුණසිංහ
අරණකට පෙම් බැඳ - විභූතිභූෂණ බන්ද්‍යපාධ්‍යය - පරිවර්තනය චින්තා ලක්ෂමී සිංහ ආරච්චි
Somewhere on the Green Hills - Aditha Dissanayaka
මායාරංජන් සොයා යෑම ඔහුගේ නිර්මාණ අත්දැකීම් හා අප්‍රකට තොරතුරු - ගුණසේකර ගුණසෝම
ප්‍රාදේශීය ව්‍යවහාර - පියසේන කහඳගමගේ
ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය - මුදියන්සේ දිසානායක
පිරිමි ගොඩයි මං විතරයි - උපුල් ශාන්ත සන්නස්ගල

මේ පොත් පෝලිම දැම්මෙ නම් මම මේවයි කියවන්නෙ කියලා පෙන්නන්න ටත් වඩා අහල පහල ඉන්න කෙනෙකුට ඕනිම නම් හුවමාරු කර ගන්න පුළුවන් කියන එක කියන්නයි..මම කියවලා ඉවර උනහම ඉතින් ඊට පස්සෙ මේ පොතම තව දහ දෙනෙක් වත් කියවනවානම් මම දීපු සල්ලියෙ වටිනාකම තව තවත් වැඩිවෙනවනෙ..



මෙහි ඇති සමහර පොත් මේ වසරේ නොව මීට වසට කීපයකට ඉහතදී ප්‍රකාශිත වී මහත් වීවේචනයන්ට සහ විවාදයන්ට ලක් වූ පොත්..එම විවේචන හා සංවාද මාගේ සිතේ රැඳී පැවතෙන තුරු මා මෙම පොත් මිලදී ගෙන හෝ කියවීම රුචි නොකලේ ඒවාට වහල් වී කියවීම යනු එය පොත මගේම රසවින්දනයට බාධාවක් වන අයුරක් මට වැටහී ගිය බැවිනි..විවේචන හා සංවාද වලට මගේ අකමැත්තක් නොතිබුනත්..එය මගේ වින්දයට බාධාවක් වන්නේ නම් එය මා කියවන්නෙ නැත.. පොත සම්පූර්ණයෙන්ම කියවා විඳ අවසන්ව..විවේචන කියවීමට ඉටා ගත්තේ එය මට සුදුසු බව තේරුම් ගිය බැවිනි..

දැන් හෙට සිට.. අත්පත් කර ගත් පොත් කියවීම ආරම්භ කල යුතුය..

අවසානයේ..තවමත් තැන තැන රැව් දෙන ඔව්වො බුක් ෆෙයා ගියේ පොත් ගන්ඩ නෙවෙයි..පුක් බලන්න යැයි පැවසූ අයට සාක්ෂි සහිතව අප පොත් මිලදී ගත් පහත ඡායාරූප කීපය අකමැත්තෙන් වූවද මෙහි පල කිරීමට සිදුව ඇත..එවිටවත් ඔවුන් කට හා පුක වසා ගෙන අප කියන දෙය පිලිගෙන නිහඬ වනු නොඅනුමානය..





ප.ලි. - අත්වැරදීමකින් වැරදි ඡායාරූප කිහිපයක් මෙහි පල කර ඇති බැව් පසුව සොයා ගැනිනි..නිවැරදි ඡායාරූප පසුව දමන බවට පොරොන්දු වෙමි..
ඡායාරූප කිහිපය ඉවත් කරන ලදී..


47 comments:

  1. //ප්‍රාදේශීය ව්‍යවහාර - පියසේන කහඳගමගේ
    ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය - මුදියන්සේ දිසානායක//

    කියවලා ඉවර වෙලා මේ පොත් ගැන විස්තර ටිකක් ලියන්න පුළුවන්ද වෙනී?
    විශේෂයෙන් දෙවනි පොත ගොඩක් වැදගත් වේවි කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ ඒ පොත් නම් දැනටමත් කියවන්න පටන් ගත්තා..හරිම රසවත් වගෙයි..කියවලා ඉවර වෙලා ලියන්නම්..

      Delete
  2. මේ ගැහැණුන්ගේ පොටෝ දැමීම බොහොම අශ්ලීල ක්‍රියාවක්. බොහොම කණගාටුයි වෙනී. ඔබ වගේ කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේනෑ.

    ReplyDelete
  3. මං නං මෙව්වට මුකුත්ම කියන්නේ නැහැ... උඹ නෑවට පස්සේ කියහං මං තුවායක් තැපෑලෙන් එවඤ්ඤං.. :D :D :D

    ReplyDelete
  4. ඕන් අයින් කලා ෆොටෝ ටික..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං මෙතන පෝස්ට් එහෙකුත් නැහැනේ බොල... :D

      Delete
    2. නාන්නම කියලා රෙදි පෙරෙදිත් අරගෙන ගිහින්ම වතුර එකකුත් ඇදලා..ආයි ඕනි නැහැ කියලා හිතුනා..

      Delete
  5. පොටෝ මෙතන දැමිල්ල කොහොම වුණත්... මේව ගන්න වෙලාවෙ අහු වුණා නම් වෙනියට ගත්තු පොත් ටික කියවල ඉවර කරන්න තිබුන ඇක්සිඩන්ට් වෝඩ් එකට වෙලා... :D

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මේ කොමෙන්ටුවෙන් වැඩක් ඇතෙයි...ඒ කොහොම වෙතත්... jokes apart වෙනී ඒ ටික අහක් කරපු එක හොඳයි...

      Delete
    2. ඔව් සපා ඒක තේරුනා ප්‍රමාද වෙන්න ඉස්සර..

      Delete
  6. වෙනි ගේ ලයිස්තුවේ පහත පොත් දෙක මා සතුව ඇත.

    ඒවා ගැන මා ලියූ පොත්-කතන්දර (නොහොත් විචාර) පොත් කියවන අයගේ යහපත පිණිස පහත යා කරමි.

    1. අදිසි - ජගත් ජේ එදිරිසිංහ
    http://kathandara.blogspot.com/2012/08/book-review.html

    2. එළියකන්ද වධ කඳවුර - රෝහිත මුණසිංහ
    http://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html

    මා ලියූ පොත්-කතන්දර එකතුවට පාර මෙන්න.
    පොත්-කතන්දර

    ReplyDelete
  7. එළියකන්ද වධ කඳවුර ඔබේ බ්ලොගයෙන් තමයි මම නෝට් කලේ මුලින්ම..අදිසි නම් ඔහු බුකියේ මිතුරු ලැයිස්තුවේ ඉන්න නිසා එතනින් දුටුවා

    ReplyDelete
  8. අපරාදේ කියන්න බෑ, මම උඹ ඔය කියපු එක පොතක්වත් කියවලා නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් කියවලා නෑ..කියවන්නයි යන්නෙ හෙන්‍රි...
      ඔබ මේ පොත් කියවන්නෙපා..අර ඇන්ඩිගෙ වගේ පොත් කියවන්ඩකෝ..

      Delete
    2. මචං. කියවන්න ඕනෙ වුනත් විදියක් නෑ. සිංහල දකින්නෙත් මේ බ්ලොග් කියවනකොට විතරයි. කොච්චර පල්හෑලි වුනත් පත්තරයක් වුනත් කියවන්න ආසයි. ඊ පත්තර බැලිල්ලත් එපා වෙලා තියෙන්නේ.


      Delete
  9. පොත් කියවන එක දැන් දැන් ඈත් වී යන නමුත් බ්ලොග් ඔස්සේ ඒ ගැන කියවන්න ලැබුනම සතුටු හිතුනා. ඔය පොත් වලින් මා කියවා ඇත්තේ අරණකට පෙම් බැඳ - විභූතිභූෂණ බන්ද්‍යපාධ්‍යය - පරිවර්තනය චින්තා ලක්ෂමී සිංහ ආරච්චි විතරයි. ස්තුතියි මේ පොත් ගැන හෝඩුවාවක් දුන්නට. ඒවා කියවලා ඒවායේ අන්තර්ගතය ගැනත් විචාරයක් දුන්නොත් නම් පන්කාදුයි

    ReplyDelete
    Replies
    1. මට විචාර කරන්න තරමේ දැනුමක් නම් නෑ..මම වින්ද රසය නම් ලියන්න පුළුවන්..ඒක කරන්නම්..ගොඩක් පත්තර වල විචාර යනවනෙ..

      Delete
  10. ඔය ටී එක ඇඳන් ඉන්නේ උඹද...? එතකොට පොටෝ එක ඇල්ලුවේ කව්ද...?

    කොහොමත් උඹේ පොත් ගැන තියෙන ආලය ගැන මට ආඩම්බරයි. මම දැක්කා චානුක කියවන්නෙත් උඹ සල්ලි දීලා ගන්න පොත්ය කියලා.. ඒක බොහෝම පින් සිද්ද වෙන වැඩක්..

    ReplyDelete
    Replies
    1. චානුක සර් මගෙන් මේ වෙන කන් නම් ඉල්ල ගත්තෙ සෙංකොට්ටන් පොත විතරයි..අනිත් පොත් ඉල්ලුවොත් පැනලා දෙන්නෙ..පොත කියවලා ඉවර වෙලා චානුක සර්ගෙ විචාර ටික කියෙව්වහම..මට මිස් උන දේවල් අල්ලා ගන්න පුළුවන් !

      Delete
    2. ඔය විචාර ගැන උඹ ඉන්න මතයේ මමත් ඉන්නවා. උඹට මතකද ඉස්සර අපි සින්දුවක් ඇහුවම, අපේම රූප රචනාවක් අපි හදාගන්නවා.. ඒවා වීඩීයෝ එකකට ගන්න පුළුවන්නම්, ඔය සම්භහිය කළා කාරයොන්ට ඇපත් නෑ. ඒ උනාට දැන් වීඩීයෝ එකකුත් එක්ක දුන්නම. අපිට ඒක විඳින්න වෙන්නේ නෑ. මම පොඩි කාළේ කියවපු මඩොල්දූව ෆිල්ම් එකේ තිබුනේ නෑ. බැද්දෙගම නම් හිතේ තිබුන එකමයි. ඒ වගේ තමයි පොත් කියවීමත්. මම නම් හිතන්නේ පොතකට විචාරයක් ලියන්න අඩු ගානේ මාස හයක් වත් ඉන්න ඕන කියලා. නැත්නම් ඒ විචාරයත් නිකං පබ්ලිසිටියක් විතරයි. හොඳට ගහන පොත්, වැඩියෙන් විකිනෙනනවා.. මිනිස්සු ගල් අරක්කු හරි නෑ කියලා විචාර කළාවේ හෙදෙනවා.. ඒ උනාට වැඩෙයන්ම බොන්නේ ගල්...

      Delete
  11. අම්මෝ පොත් ගොඩ :)

    ReplyDelete
    Replies
    1. මා 2-3 කට කියවන්න තියෙනවා පොඩ්ඩියෙ

      Delete
  12. පොතක් පතක් තමන් කියවල තව කෙනෙකුට කියවන්න සැලසීම නම් ගුණවත් ක්‍රියාවක්.
    වෙනිත් පොත් ගුල්ලෙක් නොවැ බලන් ගියාම.

    ReplyDelete
    Replies
    1. අරගෙන කියෙව්වට පස්සෙ එකතුවක් තියා ගන්නවට වඩා බෙදා හදා ගත්තහම වටිනාකම වැඩි වෙනවනෙ කෙන්ජි

      Delete
  13. දැන් ආයේ බ්ලොග නවත්තලා පොත් කියවන්න් ගනීද දන්නේ නෑ වෙනි අයියා

    ReplyDelete
    Replies
    1. ආයි ඒකෙ දෙකක් නෑ මල්ලි..

      Delete
    2. නෑ නේන්නං. ඒවා තැපැල් නයින්ටියේ ලැගිජ් එකට අහුවුනානේ. :D

      Delete
    3. අප්පට බොල ඇත්තද වෙනි අයියේ

      Delete
  14. අපොයි ආයෙ පොත් ටිකක් හොයාගෙන කියවන්න පටංගන්න වෙනව. ගමේ එකාගෙ වෙලත් සෙංකොට්ටංවත් තාම කියවන්න බැරි උනා.

    ReplyDelete
  15. බොහෝ පින් අත් වේවා යන්න මගේ හද බොක්කෙන්ම පතමි ,,,,

    ReplyDelete
  16. අරණකට පෙම් බැඳ මා සිත වශීකළ පොතක්,මුලදී බිරිඳගේ ලයිබ්‍රරියෙන් ගෙනාපුවම කියෙව්ව පස්සේ මටම පොතක් ගත්ත නිතරම කියවන්න හිතෙන නිසා,සත්‍යජිත් රායි ඔය පොතෙන් ෆිල්ම් එකක් කරලා තියෙනව නේද ආරන්යක් කියල.
    වෙනී ගත්තු පොත්වලින් හතඅටක් මගේ ලඟත් තියෙනව.

    ReplyDelete
  17. පොතක් කියවන්න නිදහසක් නැති එක ගැන මාරම දුකයි කියල තමයි ඉතින් කියන්න වෙන්නේ මටනම්.

    ReplyDelete
  18. අඩේ පොත් කේස් එක තාම ඇදෙනවා වගෙයි...එළ එළ...

    ReplyDelete
  19. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  20. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  21. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  22. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  23. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  24. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  25. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  26. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  27. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  28. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  29. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete
  30. ලීලා සහ සෝමා නැත ගයානි සහ ශාලිකා ඇත ?

    ReplyDelete