ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, September 19, 2013

පොත්ද මන්දා ?!

සයිබර් අවකාශයේ තියෙන විශේෂ අනන්‍යතාවය තමයි බහුවිධ මාධ්‍යය භාවිතා කරන්නට හැකි වීම..අකුරු, ශබ්ධ, රූප තුනම එකවිට භාවිතා කරන්නට හැකි වීම නිසාම එයට යා හැකි දුර අසීමිතයි. සයිබර් අවකාශයේ එක් අංගයක් වන බ්ලොග් වලටත් සුවිශේෂී අනන්‍යතාවයක් අනිකුත් මාධ්‍යයන් ඉදිරියේ ගොඩනැගෙන්නේ ඒ නිසාමයි. නමුත් කවුරු හරි කියනවා නම් බ්ලොග් වල තියෙන්න ඕනි ලියවීම් විතරයි කියලා... ඔහුගේ චින්තනයේ දිග පලල ගැන තීරණය ඔබ සතුයි..

ලෝකයේම තියෙන බ්ලොග් දිහා බැලුවහම සමහර ඒවා ඡායාරූප විතරයි..සමහර ඒවා වීඩියෝ විතරයි..අනිත්වා සම්මිශ්‍රණයක් !

අනිත් කාරනේ සයිබර් අවකාශය තුලින් කෙනෙක්ගෙ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්ද? ඒක කොයිතරම් නිවැරදිද කියලා හිතන්න අවස්ථාවක් ලැබුනා..පරිගනකය ඉදිරියේ වාඩි වී කීබෝඩ් වීරයෝ උනු පිරිස් සහ පුද්ගලයන් අප අපේ ජීවිතයේ ඕනි තරම් හමු වී තිබෙනවා..මිනිස්සුන්ගේ හරි ස්වභාවය තේරුම් ගැනීමට නම් ඔවුන් කාලයක් හමුවී ආශ්‍රය කලයුතුමයි..මන්ද එවිට ඔවුන් කවුද යන්න අපට හොඳ හැටි තේරුම් ගත හැකියි..සයිබර් අවකාශයේ විශ්වාසය නිසා අමාරුවේ වැටිච්ච අය නැතුවාමත්ම නෙවෙයිනෙ...

සදය හෝ නිර්දය විවේචන වෙනුවට අපහාස කිර්‍රීම් අවඥාවට ලක් කිරීම වැනි පරිචයක වූවත්..මෙන්න ඊයේ 18 හා අද 19 පොත් ප්‍රදර්ශනයේ රූ කීපයක්..












බලන්නකෝ පොත් මිලදී ගන්න ඇවිත් හිටිය මේ තාත්තයි පුතයි දුටුවහම නම්..මගේ මහන්සිය හිරු දුටු පිණි බිඳක් අතුරුදහන් වෙනවා වගේ නැති වෙලා ගියා...





 බලන්න අද පොත් ප්‍රදර්ශනයේ හිටිය සෙනඟ..මේ අතරේ තෙරපිලා පොත් ගන්න ගියේ නෑ මම නම්..මොකද එහෙම ගියා නම් මගේ බ්‍රහ්මචාරීබවත් නැතිවෙන්න ඉඩ තිබ්බ නිසා !






49 comments:

  1. ඕවයේ ගිහින් පොත් තෝරනවට වඩා හොදයි රෙද්දක් පෙරවාගෙන නිදා ගන්නවා ,,, එහෙම කිව්වේ තරහකට නෙමෙයි ඔතනට එන ගොඩක් අය එන්නේ පොත් ගන්න නෙමෙයිනේ ,,, එකෙන් මේකෙන් වෙන්නේ පොතක් ගන්න යන මිනිහට හිතේ හැටියට පොතක් තොර ගන්න බැරි වෙන එකයි


    එබිලා බලලා යන්න >>> " The අච්චාරු පිටුව "

    ReplyDelete
    Replies
    1. එතනට පොතක් ගන්නම යන්න ඕනිය කියලා නීතියක් හදන්න බෑ...
      ඒකත් හරියට අර සමහරක් කියන්නෙ බ්ලොග් වල තියෙන්න ඕනි මෙව්වා මෙහෙම විතරමයි කියලා ආන්න ඒවගේ නේද ?තමන් කැමති කතුවරයෙක් එක්ක පොඩ්ඩක් දොඩමලු වෙන්න..කාලෙකින් හමු නොවෙච්ච යහලුවෙක් හමු වෙන්න..කාලා බීලා එන්න.තමන් ළඟ තියෙන පොතක් පරිත්‍යාග කරන්න.ඕනි දේකට එතන ඔට්ටුයි..

      Delete
  2. අද කෑලී අහුවෙලා නෑ වගේ.. අපරාදේ අද දවස..

    ReplyDelete
    Replies
    1. උඹේ සද්ද දැමිල්ල හින්දා අපිටත් බලාගන්න තිබුන දේවල් මිස් වෙනවා... සික්

      Delete
    2. මෙන්න ආයිත් පිදුරු දානවෝ....

      Delete
    3. ඇවිලෙන ගින්නට පැස්ටෝල් දාපල්ලා ඔය මාරයා කියනවා වගේ...

      Delete
  3. මේ පාර තම යන්න බැරි උනානේ exhibition එක බලන්න.කට්ටියම ගිහින් වගේ..මොකද දන්නේ නැහැ නේද තත්වේ ඒ පැත්තෙ..

    ReplyDelete
  4. බලන්න ගොඩාක් දෙවල් තියෙනව වගෙ.යන්න බැරි එක තමයි දුක

    ReplyDelete
    Replies
    1. ඔව් මොනවා කරන්නද යන්න වෙන්නෙ නැති නම් ඉතින් !

      Delete
  5. තවමත් යන්න බැරි වුණා. බලමු හෙට අනිද්දා.

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා..සෙනසුරාදා සහ ඉරිදා..සෙනඟ ගොඩ්ක් ඉඳීවෙ නේද සුදීක ?

      Delete
  6. අඩේ කෙහෙල් කොරොට්ටගේ පැටියා දැන් ලොකුයි නේ?

    උඹලගේ වාද විවාද කවද්ද බං ඉවර වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. 22 වෙනිදා වෙනකන් විතරයි හෙන්‍රි..

      Delete
  7. පින්තුර ටිකත් හොදයි,කෙටි සටහනත් සමග.
    අර දරුවත් එක්ක ඉන්නෙ අවුරුදු කුමාරය නේද?
    ඈ..යකෝ..දරුවො ඉන්න පප්පලවද කුමාරයො කෙරුවෙ?

    ReplyDelete
    Replies
    1. ඔය අපේ කෙසෙල් කොරටුවෙ අධිපති බුද්ධි මලයනෙ !

      Delete
    2. වෙනී අයියා, වැරදිලා හරි කෙන්ජියට මාව අවුරුදු කුමාරයෙක් වගේ පෙනිලා.... ෂා කොච්චර දේවල් හිතන්ඩ ඉතුරුවෙනවද නේද?

      Delete
    3. කෙන්ජිට කණ්නාඩි දෙකක් අරන්දෙන්න කාලෙ හරි වගේ.

      Delete
    4. හාහා... උඔ පැහෙන්නැතුව හිටපංකෝ..... ඌට හොඳට ඇස් පේනවා....!

      Delete
    5. කෙන්ජිටත් පේන දේවල් හැබෑටම !
      අනේ මන්දා මෙව්වට මුකුත් කියලාත් බෑ..නොකියත් බෑ...

      Delete
  8. බුද්ධිට පුතෙකුත් ඉන්නවද? :)

    ReplyDelete
    Replies
    1. බුද්ධි බැන්දේ 2010 මුල හරියේ. දැන් පුතාට වයස දෙකක් විතර ඇති මං හිතන්නේ!

      Delete
    2. පොඩ්ඩි, අපේ අම්මටත් පුතෙක් හිටියා නේ.......!

      ................
      කකා,මෙතෙන්ට ලින්ක් එකක් දැම්මේ නැති එක නම් වස වැරැද්දක්.....:D

      Delete
    3. පොඩ්ඩිට උත්තර ලැබිලා තියෙන්නෙ ඔය

      Delete
  9. අර "මෙගා බලන් නැතුව" කියන පෝස්ටරයේ "බලන්" කියන වචනේ ගැලපෙන්නේ නෑ නොවැ?

    එය "මෙගා බලන්නේ නැතුව" කියා වෙනස් විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. කියන භාෂාවෙන්ම ලියලා වගෙයි කශූ..

      Delete
  10. ලංකාවෙ හිටියා නම් අනිවාර්යෙන්ම මම පොතක් දෙකක් ගන්න යනවා...ගිය වර ගිහිල්ලා කැටපත් පවුරෙ නිසදැසකුත් ලියලයි ආවෙ...

    ReplyDelete
    Replies
    1. මේ සැරේත් කැටපත් පවුරක් තිබුනා සිරා මල්ලි..

      Delete
  11. ඉතින් බලපන් වෙනි අයියේ කොහොමද මේ සෙනගත් එක්ක පොත් තෝරන්නේ, හරියට පෝයට කැළණි ගියා වගේ

    ReplyDelete
    Replies
    1. මොන පොත්ද මල්ලි මේ සෙනඟත් එක්ක නම්..නිකං දෙන කොල කෑල්ලක් ගන්නත් පොර කනවා !

      Delete
  12. මෙදා පාර අතේ සල්ලි නැති නිසා යන්නේ නෑ කියලා හිටියෙ.. කොහෙද.. මේ වෙනි අන්කල් එක්ක නං බෑ අප්පා....

    ReplyDelete
    Replies
    1. මේ සති අන්තේ විතරයි හිරූ...

      Delete
  13. වෙනියා නොමැතිව මේ පොත් ප්‍රදර්ශනයේ ගැම්මක් නැත.. ගිය අවුරුද්දෙත් මේ වගේම සද්ද දමා හිටි හැටි මතක් වෙනවා. ඉතිං උඹ මේ ගැන දෙන පබ්ලිසිටිය හරි වැදගත්.. පුක් කාරයෝ මෙනව කිව්වත්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන්..ලබන මාසෙ ලියන්න වෙන්නෙත් නැති එකේ ඕන් ෆොටෝ ටිකෙන් වැඩේ දෙන්නයි යන්නෙ !

      Delete
    2. ඇයි ලබන මාසෙ මොකෑ වෙන්නෙ..

      Delete
  14. පොත් අපේ නෙත් වගේ.....

    ReplyDelete
  15. වෙනී බ්‍රහ්මචාරී කියල මම දැනගෙන හිටියේ නැහැ නොවැ,මල කෙළියයි මීට පස්සෙ උඹත් එක්ක කුණුහරුප කියන්නත් බැරිවෙනවනෙ

    ReplyDelete
    Replies
    1. අනේ හැලපයියෙ ඕනි කුනුහරුපයක් කියහන්..එහෙමට ඒක කැඩෙන්නෙත් නෑ !

      Delete
  16. අදනං පුක්ස් අඩුවෙන් ෆොටෝ දාල තියෙන්නෙ. :D

    අර දුමින්ද අයිය කාටද පොත් ඉල්ලන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොහේ ගන්නද ඒ ෆොටෝ..පුකක් පේනකොට මට ඊළඟට පේන්නෙ මාතලන් ගොයියා ලොකු පොල්ලක් අතේ තියන් ඔරවන් ඉන්න හැටිනෙ බන් !
      පාසල් පුස්තකාල වලට..මාත් දුන්නා ගිය සැරේ ගත්ත පොතක්...

      Delete
  17. උඹේ බූක්ස් තුලත් අරූගේ පුක්ස් තුලත් දෝලණයවූ මං තුමා අන්තිමට හුක්ස් වී හිස් අහස දසට ලුක්ස් දමමින් මික්ස් වෙච්ච හිස් ගෙඩියට වික්ස් ටිකක් ගා ගත්තෙමි. හික්ස්!

    ReplyDelete
    Replies
    1. හික්ස් හික්ස්..බොටත් වෙන දේවල් අයියෙ...

      Delete
  18. අප්පට සිරි බ්‍රහමචාරි................. අනගාරික වෙනි නෙවෙයි. නාගරික වෙනි........... හිකිස්

    ReplyDelete
  19. අනේ අපි නොදන්න බ්‍රහ්මචාරී...

    ReplyDelete