ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, September 17, 2013

පොත් ප්‍රදර්ශනේ අසහනකාරයෝ... ?

පොත් ප්‍රදර්ශනය සහ පොත් මිලදී ගන්නට යන්නන් ගැන සිත රිදවෙන ලිපි දෙකක්ම මේ වනවිට කියෙව්වෙමි. එකක් මාතලන්ගේ සහ අනික අමිලගේ ලිපියයි. අමිල නම් පොත් මිලදී ගන්නට නොව කෑම කන්නට ගොස් ඇති බවක්ම පෙනේ. ඒ නිසා ඒ පැත්තේ ඇති අඩුපාඩු සහ ඒ ආශ්‍රයෙන් ගම් වල සිටින දුප්පත් අයකුට වුවත් ගොඩ යා හැකි ක්‍රමයක්ද යෝජනා කළත් මාතලන් නම් තම සෝපහාස කෞශල්‍යය මොනවට ප්‍රකාශ කරමින් අපූරු නමුත් පොත් ප්‍රදර්ශනය සහ බලන්නට යන්නන් දෙකේ කොළයට දමා කවි පන්තියක්ද පද බැඳ ඇත..

එවන් විටෙක නැවතත් අදද පොත් ප්‍රදර්ශනය ගැන පෝස්ටුවක් පල කිරීම පිළිබඳ විචිකිච්ඡාවෙන් වූවද..රටේ ලෝකෙ මොකා මොක කිව්වත්ය් මම මගේ ගමන යනවා..එච්චරයි..


දැයට කිරුළ ළඟට වැඩිම සෙනඟක් පැමිණෙන සහ වසරේ වැඩිම පොත් තොගයක් එකවර විකිණෙන ප්‍රදර්ශනය මෙයයි...එසේ නම් පල ඇති රුකට ගල් වැදීම බලාපොරොත්තු වීම සාධාරණය.. ගල් ගසන්නන්ටද එසේ ගල් ගැසීමට ඇති අයිතිය මා පුද්ගලිකව නම් ඉතා ගෞරවයෙන් පිලි ගැනීමට සූදානම්ය...


නමුත් පොතක් කියවා ගන්නා දැනුම හෝ වින්දනය වෙනත් කිසිවකින් ලබා ගත නොහැකි බව නම් නිසැකවම කිව හැකිය..කාලෙන් කාලෙට වින්දනය ලබා ගැනීමට විවිධ මාධ්‍යය විවිධාකාරයෙන් පැමිණියත් කියවීම ඒ සියල්ලටම ඉහළින් වැජඹෙන්නේ එම නිසාය..


හරවත් යමක් කියවීමෙන් ඈත් වූ සමාජයක ප්‍රතිඵලය අප අත් විඳිමින් සිටිමු. බහුතරයක් තමා අවට වූ සියල්ලටම නිර්වින්දය වූ සමාජයක් පවතින්නේ නම් එය පාලකයන්ට තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඉමහත් ලෙස ඉවහල් වේ. පාලකයින් වී තමන්ගේ මතය ප්‍රශ්න නොකර පිළිගන්නා සිවිල් සමාජයක් බිහි කරගැනීමේ සිහිනය තරම් දෙයක් දේශපාලකයින්ට තවත් නැත..එම නිසාම ඉතා ඈත අතීතයේ පවා පොත් පත් යනු ප්‍රභූ පන්තියක් විසින් භාවිතා කරන ලද සුඛෝපභෝගී දෑ ලෙස සලකනු ලැබූ අතර එයට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබිණි. පොතක් පතක් කියවා සිතීමට පුරුදු වූ මනුස්සයා ඊළඟට ප්‍රශ්න කිරීමට පෙළඹේ..
එසේ නොවූ යම් පිරිසක් තනා ගෙන තමන්ගේ මතය කොතරම් අඥාන වූවත් එය එලෙසම පිළිගන්නා ගොන් රැළක් නිර්මාණය කර ගැනීමේ අභිලාෂය ඇත්තෝ කියවීම අවඥාවට ලක් කිරීම සාමාන්‍ය සිරිතක්ව පවතී..


පොත් මිලදී ගැනීම ශෝබනයක්ද ? සෝ එකට කරන එකක්ද ? පොත් ප්‍රදර්ශනයට එන අය එන්නෙ ගෑනුන්ගෙ පුකවල් බලලා වින්දයක ලබන්නද ? පොත් මිලදී ගෙන නිවසේ තබා ඇතිවිට කවරදා හෝ එය අතට ගෙන කිසිවකු කියවනු ඇත යන උපකල්පනයේ යෙදුණොත්..මේ ප්‍රදර්ශනයට පැමිණෙන අය පිළිබඳව මට නම් ඇති වන්නේ මහා ගෞරවයකි..පොත් මිටි මිටි උස්සා ගෙන යන අයවලුන් දෙස බලා සිටින විට මට ඇතිවන්නේ සතුටකි...


පුකව්ල් දෙස බලා වින්දනයක් ලැබීමට නම් ය යුත්තේ මෙවන් ප්‍රදර්ශනවලට නොව සීසන් එකේ බීච් වලටය..එසේ ගොස් වින්දනය ලබන්නන්ගේ ක්‍රියා කලාපයන් අපද අත්දැක ඇත්තෙමු..
 
මගේ ක්‍රය ශක්තිය අනුව මට ගත හැකි පොත් ප්‍රමාණය ගැන සිහිවන විට නම් ඇතිවන්නේ දුකකි..එය වෙනත් කාරණාවක් වූවත්..මගේ පුද්ගලික අත්දැකීම වන්නේ නම් මාද මිලදී ගන්නා පොත් වලින් කියවන්නේ 80% ක් පමණක බවත් නමුත් 100% පොත්ම නිවෙසට පැමිණෙන යහළුවන් හෝ ඥාතීන් රැගෙන ගොස් කියවන බවය.
තිරිසනකු වීමට සිටි මා පොළවේ දෙපා තබා ගන්නා සාමාන්‍ය සරල මනුස්සෙක් කළේ මා මෙතෙක් කියවන ලද පොත් පත්ය..මා එයට ණය ගැතිය..


එසේ වූවාට අන් අයට පාන්ද කියා මා හට සිතීමට මා යොමු කළේද පොත්ය..


පෝස්ටුව ලිවීමට ප්‍රස්තුත වූ මාතලන්ගේ පෝස්ටුව දුටු සැණින් මා හට ඇති වූයේ කේන්තියකි..ඒ ක්ෂණයකින් ඇයි ඔහුට එහෙම අදහසක් දරන්න අයිතියක් නැද්ද ? තමුන් අකමැති දෙයක් ලියන කියවන අදහන කෙනෙක් ගැන කේන්ති ගන්න තරම් මෝඩයෙක් ! මගේ සිත මටම සරදම් කර මා නැවත ප්‍රකෘතිමත් කළේය..මාගේ මේ සිත ගොඩනැගීමට උදව් කළේ මා මේ වෙනතෙක් කියවූ පොත් නොවේ යැයි කියනවාට වඩා සියතින් ගෙල සිඳගැනීම මට වඩා පහසුය..


අදද හෙටද සහ ප්‍රදර්ශනය අවසන් දිනය වෙනතෙක්ම මම එහි යමි. එය කිසිවකුටත් පාන් විය යුතු නැත..මාගේ ක්‍රය ශක්තිය හීන වනතුරු මා පොත් මිලදී ගනිමි..


 මන්ද මත් පානය කර අපහසුවෙන් රාත්‍රිය ගත කරන මට වඩා නිදිමත එනතෙක් දෙගොඩ හරීයේ පොතක් අත තබා ගෙන සිටින මට මා වඩා කැමති බැවිනි...
එය මගේ පුද්ගලික කැමැත්තයි..



මෙන්න අද රූ සටහන්..




















අද ගත්ත පොත්...


83 comments:

  1. කොළ සාරි වැඩියි කහ සාරි නැද්ද. අනුන්ට කියා කියා තමුසෙත් හොඳ පුකවල්නෙ පොටෝ ගහලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තමුසෙ කියන්නෙ ගෑණුන්ට පුකවල් ගෙදර තියලා එන්න කියලද ? පොතක් පතක් කියවලා හික්මීමක් හදා ගන්නවා පුකවල් දැකපු පලියට කුලප්පු නොවී ඉන්න !

      Delete
    2. පුකවල් ගෙදර තියලා එන එකට මගේ සම්පුර්ණ විරෝධය මේ අවස්ථාවේ පලකරනන් කැමතියි..

      Delete
    3. තෙද බල ඇති කඳ සුරිඳුනි!
      ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි.

      Delete
    4. මගෙත් බලවත් විරෝධය අමිල ඒකට නම්...
      මොකද්ද මේ හැමතැනම හල හලා යන එකම කම්නෙටුව ඇනෝ ?

      Delete
  2. බොහොම කේන්ති ගිහින් වගේ ඒ වුණාට වැඩිපුරම පොටෝ අරන් තියෙන්නෙනම් පස්ස පැත්තවල්මයි. ඒ මක්කැයි වෙනි.........

    ReplyDelete
    Replies
    1. ගත්ත ෆොටෝ වල උඹලට පේන්නෙ පස්ස පැත්තවල් විතරයි නලින් !

      Delete
    2. well said weniya!! naki manamalaya out!

      Delete
    3. අපේ නලියා නාකි මනමාලයෙක්ද ? හලේ මන් දැනන් හිටියේ නැති හැටි !

      Delete
  3. පොත්වල අගය දන්නෝ දනිති, නොදන්නෝ නොදනිති.

    ReplyDelete
    Replies
    1. මගේ සම්පූර්න පට්ටන්දරේම අයින් කරලා මේ වචන ටික දාලා ෆොටෝ ටික දාන්නයි තිබ්බෙ කතන්දර...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. මම කලිං වතාවල් වල ගතපු පොත් දැන් මා ගාව නැහැ. ඒවා යින් දෙකක් අපේ ගෙදර වේයො කාල මඩුවට විසික් කරලා තිබිල මම හොයාගත්තා..

    මං පොත් ගත්තා.. තව පොත් ගන්නත් ඕනි.. මේ පාර මම තව මාසෙකින් විතර මේ පොත් ඔක්කොම අර මරාදානෙ පරණ පොත් කාරයාට දෙනවා..

    පොතක් නිකං කාටවත් දුන්නම අගයක් නැහැ.. මගෙන් පොත් ගතපු සමහර අය එක නවල් එක කියවන්න මාසයක් දෙකක් ගන්නවා.. මට ඒක දවසින් දෙකෙන් කියවන්න පුලුවන් කතාවක්..

    පරණ පොත් කඩ කියන කලාව දියුනු කරන්න අපි මීට වඩා උනන්දු වෙනවා නම් හොදයි කියලා මට හිතෙනවා..

    ගියපාර ප්‍රදර්ශනේ බලන්න ගිය මම ගත්තෙ වැඩියම ලාබ පොත්.. කියවීමට අරමුණක් දැක්මක් බොහෝ දෙනාට තිබුනාට මට එහෙම එකක් නැහැ.

    සර් අයිසැක් නිවුටන් ප්‍රින්සිපියා කියන පොතින් තමුන්ගේ මතය ගෙනහැර දැක්වුවා.. චාල්ස් ඩාවින් සිය මතය ගේන්නෙත් පරිණාමවාදය කියන පොතෙන්.. සිග්මන් ෆොයිඩ් වගේ එයත් එහෙමයි..ඒ කාලෙ යුරෝපෙ පොතක් කියන්නෙ මහ පෙරළියක්..

    පල්ලිය කලබල වෙන.. හෝ පල්ලිය සතුටු කරන මිනිසුන් අතර කතාවෙන පොදු මහජනයාගේ ඇඟ ඇතුලට කාවැදුනු දෙයක්.. නමුත් අද වැඩිපුර විකිනෙන්නෙ මොනවද? නවකතා..

    ලංකාවෙ මිනිස්සු විෂයන් හදාරන්නෙ විබාග වලට.. එතනින් එහා කිසිම දෙය්ක නැහැ.. අපේ රටේ බුදුසමය, ඉතිහාසය, නවකතා, කෙටිකතා කවි.. හැර වෙනත් පොත් තිබේනම් ඒවා බොහොම අඩුයි..

    කොටින්ම පොතක් කියන්නෙ නිකම්ම නිකං එන්ටර්ටේනින් මීඩියා එකක් වෙලා.. කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අමිල මල්ලි කොයිතරම් කියවනවා ඇද්ද කියන එක ගැන අපිට ඩදහ්සකට එන්න ඔබේ ලියවිල්ල හොඳටම ප්‍රමානවත්..මිනිස්සු විෂයක් කියවන්නෙ මතයක් දරන්න..මතයක් ගොඩ නගා ගන්න..මතයක් වෙනුවට මතය දරන්නාට බැට දෙන සමාජයක මතයක් දැරීම කියන්නෙ..නිකන් තියෙන එකේ ටිං කිරි ගා ගැනීමක් මිස අන් යමක් නොවේ..

      Delete
  5. පොත් ගන්න හොඳ අවස්තාවක් හම්බවෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳම හොඳ අවස්ථාවක් මට නම් !

      Delete
  6. පොත් කියවීම ගැන මා කිසිම ආකාරයකින් සිත රිදෙනා යමක් කියා නැත. මා විවේචනයට ලක් කරනුයේ මෙහි ඇති විකාර ස්වරූපය පමණයි. ඔබේ ඡායාරූපම එයට කදිම සාක්කියකි. මගේ පෝස්ටුවේ දයානන්ද රත්නායක සහෘදයාගේ කොමෙන්ටුව කියවන්න. මෙහි ඇත්තේ බාල පොත්ය. ඕනෑම දිනක ඔය ලබා දෙන වට්ටම මරදානේ පොත් සාප්පුවල ලබා දෙයි. මේ කරන්නේ මම පොත් කාරයෙක් කියා පෙන්වීම පමණි. කේන්ති ගන්න කාරි නෑ.. පැරාත් ඔය පොත් දාන අය ගැන කාලෙකට කලින් ලියලා තිබුනා.. පොත් කියවන්න මිළදීගන්න පොත් ප්‍රදර්ශණේම එන්න ඕනද. අනිත් දවස් 358 ම මුකුත් කියවන්නේ මිළදී ගන්නේ නැද්ද.. හදවතට කතා කර විමසන්න.. කුමක්ද සත්‍යය කියා... ඇත්ත කවදත් වෙනිවැල්ගැට වගේම මාර තිත්තයි මචෝ..

    ReplyDelete
    Replies
    1. පොත් වලට වෙනත් කාලවලදීත් මේ වගේ වට්ටම් ලැබෙනවාද? ? ?
      ඒ ගැන නම් මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ
      පොත් කියවන්න කොච්චර ආස උනත් දැන් පොත්වල මිළගනන් නිසාමයි අවුරුද්දක් පුරා
      කීය කීය හරි එකතු කරන් දවසක් දෙකක් ගිහින් ‍තෝරලා ‍තෝරලා ප්‍රදර්ශණෙන් පොත් ගන්නෙ

      Delete
    2. මරදාන ඉස්ටේසම පැත්තේ ඉඳලා ආනන්දේ පැත්තට එනකොට ඉස්සෙල්ලම හම්බ වෙන පොත් කඩයක් තියෙනවා. ඇන්ටි කෙනෙක් ඉස්සරහ ඉන්නේ. කිසි පිලිවෙලක් නැති කඩයක්. ඕනම පොතක් එතෙන තියෙනවා. ඒ වගේම හොන්ද ඩිස්කවුන්ට්ස් දෙනවා. මට කඩේ නම මතකෙට එන්නේ නෑ. මතක් උනොත් දාන්නම්. මම පොත් කියවන පිස්සුව තිබුන කාලේ පොත් ගන්නේ ඔතනින්මයි. මට හැමදාම පොඩි පොතක් නිකනුත් හම්බ උනා...

      Delete
    3. ඔය මාතලන් කියන්නෙ අර මල්පියලි පොත් විකුණන කඩේ නේ.මල්පියලි පොත් බැලුවට පස්සේ වෙන මුකුත් කියෙව්වෙ නැද්ද ?

      Delete
    4. ඇයි ඒවා පොත් නෙමෙයිද? ඒවා තමයි වැඩියෙන්ම විකිනෙන්නේ. ඔහේ කියවන්නේ ප්‍රබුද්ධ ඒවා විතරක් වෙන්න ඇති. ඕකත් එක ලෙඩක්.. අපි නම් ඕන පොතක කියවනවා.. අකුරු තේරෙනවනම්.. සහ පේනවනම්..

      Delete
    5. පොත් සාපු වලින්ම ප්‍රකාශ කරලා සේල් කියලා දැම්මොත් ඇරෙන්න අනිත් කාලවලදි පොත් වලට මොනම ඩිස්කවුන්ට් එකක් වත් ලැබෙන්නෙ නෑ. පුස්තකාල වලට නම් 10% ක වට්ටමක් හිමියි.ඔය පැනඩෝල් බන අයට වෙනිවැල්ගැට වල තිත්ත හිතා ගන්න පුළුවන් හිතෙන් විතරයි මාතලන් ! වෙනිවැල්ගැට මෙච්චර තිත්ත ඇති කියලා හිතා හිතා ඉන්නෙ නැතුව දවසක බීලා බලන්ඩකෝ !

      Delete
    6. වෙනීගේ පොත් සාප්පු ගැන දැනීම මෙතනින්ම පේනවා.. මරදානෙන් පොත් ගන්න ඕන කෙනෙක් ගෙන් අහන්න.. එක පොතක් ගත්තත් ඩිස්කවුන්ට් දෙනවා මම කියපු කඩේ. අනික ඕනම පොතක් තියෙනවා.. කොම්පුටර් නෑ.. අන්කල් විනාඩි 15 පොත ගෙනත් දෙනවා.. ජාත්‍යන්තර පොතුත් තියෙනවා.. ඒ ඇර මරදානේ ඕනම පොත් කඩේක ඕනම දවසක දෙනවා..

      Delete
    7. මට මෙතන අපි දෙන්නගෙන් වැඩියෙන් දන්නෙ කවුද කියන එක ගැන ප්‍රශ්නයක් නෑ මාතලන්..මම දන්න දේ මම කිව්වෙ..එච්චරයි. ප්‍රදර්ශනේ තියෙන විශාල පරාසයේ තේරීම කරන්න නම් මරදානෙ විතරක් නෙවෙයි ලංකාව පුරාම තියෙන ප්‍රකාශක ස්ථානවලට යන්න ඕනි..මෙතන එක තැනකින් සේරම ප්‍රකාශකයො හමු වෙන්න පුළුවන් සහ එම ප්‍රකාශකයන්ගේ ප්‍රකාශන වලට 25% හෝ 30% වට්ටම් දෙනවා...
      මරදානෙ ඕනිම කඩේක ඕනිම දවසක මේ වට්ටම් දෙන බව මම දැනන් හිටියෙ නෑ..ඊළඟ සැරේ ගියහම ඉල්ලන්නම් ! මම අන්තිමට මරදානේ පොතක් ගත්තෙ ගාමිනි අයියගෙ මොනරවිල පොත..

      Delete
    8. මම හෙටත් ඔය පොත් ප්‍රදර්ශනේට යනවනේ මාතලන්..මම ඔය කතාව සහසුද්දෙන්ම මරදානේ තියෙන පොත් කඩවල් වලින්ම දැනගෙන කියන්නම්. අවුරුද්දෙ අනිත් කාලවලටත් ඒ අය මේ වට්ටමම දෙනවද නැතනම් කොහොමද කරන්නෙ කියලා..එතකොට මම දැනට නොදන්න දේ ඒ අයගේ කටින්ම දැන ගෙන මෙතන දාන්නම් !අර පොත් කඩේ නම මතක් උනොත් කියන්න !

      Delete
    9. උඹ හිතුවද එතන ඉන්නේ හරක් කියලා... ඒකට එතනදි අහලා හරියන්නේ නෑ... ප්‍රදර්ශණේ ඉවර උනාම මරදානේ කඩේකට ගිහින් අහපන්..

      Delete
    10. මම ඒකත් අහන්නම්කො..

      Delete
    11. පහත සඳහන් පොත් කඩවලින් තමන් ගේ ප්‍රකාශනවලට 20%-30% අතර වට්ටම් දෙනවා.

      1. දයාවංශ ජයකොඩි
      2. ගොඩගේ
      3. විජේසූරිය (පුංචි බොරුල්ලේ)

      මෑත අතීතයේ පහත කඩවලටත් මා තුන්හතරපාරක් ගොස් තියෙනවා. වට්ටම් ගැන වැඩි මතකයක් නෑ.
      4. සූරිය
      5. සරසවි (නුගේ ගොඩ)

      වෙනි, පොත් එලිදැක්වීමක දී සාමාන්‍යයෙන් වට්ටම් දෙන්නේ නෑ.

      Delete
    12. //මම ඔය කතාව සහසුද්දෙන්ම මරදානේ තියෙන පොත් කඩවල්
      වෙනි අයියා, ඒ ගමන්ම මරදානේ තියන පොත් කඩ ගැන සුට්ටන් විස්තරක් දැම්මොත් වැඩේ තවත් වටිනවා.

      Delete
    13. කතන්දර කියා තිබෙන ආයතනවල වසරේ සෑම දිනකම තමන්ගේ පොතකට 30%ක වට්ටමක් දෙනවා වෙනී. මා පොත් ගන්නේ ඒ තැන්වලින්.

      Delete
    14. ඒක දැන ගත්ත එක හොඳයි..
      ගැටළුව තියෙන්නෙ ප්‍රකාශක ස්ථාන වල පොත් එතනින්ම අර ගන්න රට වටේ යන්න කරන වියදමයි කාලයයි කියන දෙකට සාපේක්ෂව මෙතන ලැබෙන 20% වාසියි නේද ? එක ස්ථානයකින් අපිට සේරම ප්‍රකාශකයො ළඟට ගිහිල්ලම ගන්න පුළුවන්..ඒ වාසිය නම් තියෙනවා..

      Delete
  7. අසහනකාරයා කව්ද කියලා පොටෝ ටිකෙන්ම පේනවා..

    ReplyDelete
    Replies
    1. ඔබේ සංජානනීය ගැඹුර මේකෙන්ම පේනවා මාතලන්. එහෙනම් මොඩලින් ෆොටෝ ගන්න ඡායාරූප ශිල්පින් බොහොමයක් ඉන්න ඕනි අංගොඩනෙ...මම ෆොටෝ ගන්නෙ අජීවී පොත් ගොඩවල් විතරක් නෙවෙයි..පොත් ගන්න එන අයගේ සජීවී හැඟීම් දනවන ෆොටෝ..ඔබ කියාවි ඔය පිරිමින්ගෙ ෆොටෝ දිහා බලලා එහෙනම් තව කතාවක් !මම කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම මේ වගේ ෆොටෝ ගන්නවා..ඒකට හේතුව මම කාලෙකට උඩදිත් කිව්වා..කීපවාරයකම ඔබ නෙත නොගැටෙන්නට ඇති "මිනිස්සු" කියන තේමාවෙන් මම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් තියන්න හිතා ගෙන ඉන්නවා..ඒකටයි මේ එකතුව කරන්නෙ නම්..

      Delete
    2. මම පෝස්ට් එකක් ලිව්වා... ඒකේ උඹගේ නම නෑ. මම කිව්වේ මම දකින විකාර. ඒකත් අද නෙමෙයි මීට අවුරුදු දෙකකට කලින්.. මෙතන උඹ හෙඩිමේ අසහනකාරයෙක් ගැන කියලා පෝස්ට් එක පුරාම මාතලන් කියන එකා අසහන කාරයෙක් කියලා කියනවා.. නමුත් උඹගේ ෆොටෝ වලින් තේරෙනවා කව්ද අසහන කාරයා කියලා.. මම නම් කැමරා උස්සන් ඕවා අස්සෙ දඟලන්නේ නෑ.. පුකවල් නම් කොහේ ගියත් බලනවා.. උඹට නම් සුදු පිටක් වත් පේන්න බෑ වගේ.. මිනිස් ඉරියව්ය ඔය අරගෙන තියෙන්නේ.. මෙතන තියෙන එක චායාරූපයක් වත් ප්‍රදර්ශණයට සුදුසු නම් නෑ.. මේ ඇති.. මම කියන්න ඕන සමහර ඒවා කොල්ලෝ උඹට බුකියේ කියලා තිබුනා.. ගුඩ් නයිට්..

      Delete
    3. මට දුක උඹේ තේරුම් ගැනීමේ තත්වය ගැන බන්..මම මාතලන් කියන නම තැන් තුනක සඳහන් කරලා තිබ්බා..මාතෘකාව ආයි බලහන් ඕනම නම්.. පොත් ප්‍රදර්ශනේ අසහනකාරයෝ...? ප්‍රශ්නාර්ථ ලකුණෙන් කියන්නෙ මොකද්ද කියලා තේරෙනවනෙ..මම කොතනකවත් මාතලන් අසහනකාරයෙක් කියලා නෑ,,ඒක උඹම සංජානානය කර ගත්ත දෙයක් ඒකට මට කරන්න දෙයක් නෑ..බුකියෙ කොල්ලො මට ඔයිට වඩා දේවල් කියලා තියෙනවා බන්..ඕනයා කීව කතා ඔයිට වඩා ඇති..එතන උන්ගේ කතා වල ගැඹුර මම දන්නවා..උඹ හිතනවද මම ප්‍රදර්ශනේට තියන්න ගත්ත ෆොටෝ මේ බ්ලොග් කබලේ දායි කියලා..මේ අතුරු ෆොටෝ ..හොඳ ටික වෙනම තියාගෙන ඉන්නෙ..මාත් නිදියනවා බන් ගුඩ් නයිට්..

      Delete
    4. සුන්දර වලියක්වගේ...

      Delete
  8. අනේ මංද බං කොහෙවත් තියන පොත් ප්‍රදර්ශනයකට දන්න කියන උන් ඇරගන්න යනව වගේ මට පේන්නෙ .

    ReplyDelete
    Replies
    1. විචිකිච්චාවක් ඇති කර ගන්න එපා බන් මමයි මාතලනුයි නේ ඇර ගන්නවා වගේ පේන්නෙ...මේ මතවාද ගැන මෙහෙම කෙරෙන සංවාදයක් විතරයි..පුද්ගලිකව යන්නෙ නැති දෙයක්..

      Delete
    2. මූයි මායි හැමදාම කොක්ක.. ගනන් ගන්න එපා.. යාළුවෝ කියන්නේ ඒක තමයි.. නැතුව කට පුක වහගෙන ඉන්න එක නෙමෙයි.. කියන්න ඕන දේ මූනටම කියන්න ඕන..

      Delete
    3. මාතලන් මේ දරුවන්ට තේරෙන්නෙ අපි ඇර ගන්නවා කියලා ඒකයි..ගහ මරාගන්න ගිහින් අර මුලින්ම තිබ්බ සුහදත්වයෙන් වෙන් වෙලා යන සීන් ඒ ගොල්ලො හිතන්නෙ තියෙන්නෙ පොත් පත් වල ෆිල්ම් වල විතරයි කියලයි...

      Delete
    4. ඒක මිසක් මන් බැලුව ඒ කියන්නෙ අනිත් උන්ටත් වඩා කිට්‍ටුම දෙන්නෙක් නිසා කියන්න තියන දේ මූනටම කිව්වට තරහ යන්නැති අවුල් ගන්නැති එකිනෙකා හොදට දන්න දෙන්නෙක් . ඒක තාමා නියම ‍ෆිට් එක මට පැහැදිලියී : - ))
      ______________________________________________________________

      එකම කොමෙන්ට් එක දෙපාරක් වැටිල නිසා යට තියන එක මමම මකා දමනව .
      මේක හෙන හිසරදයක් දන්නෑ ඇයි එහෙම වෙන්නෙ සෙට්ටින්ග් වල කේස් එකක්ද දන් නෑ නේ

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. වෙනී. මම සාමාන්‍යයෙන් අනුන්ගේ වාදවිවාද මැද්දට පනින්නේ නම් නෑ. ඒ වගේම ගින්නකට පිදුරු දාන්නෙත් නෑ ඒක මේ සුහද මඩ නා ගැනීමක් නෙවෙයිනම්. නමුත් මම හිතනවා මේ මෑතකදි ඉඳලා උඹට හොස්ස අගින් මැස්ස යන්න බැරි සීන් එකක් නම් තියෙනවා. ඇයි උඹ මේ කේන්ති අරන් තියෙන්නේ? යකෝ ඉක්මනට නාකි වෙයි. ඕවා අල්ලලා දාපල්ලා බං.

    ReplyDelete
    Replies
    1. මේක එහෙම සීරියස් කේස් එකක් නෙවෙයි හෙන්‍රි..පොඩි සුහද විවාදයක්..අන්තිමේ මායි මාතලනුයි බදා ගෙන සිපාචාර කරලා සමු ගන්නෙ ! පෝස්ට් එකක් ලියලා ලබ්බ බහින කන් බලා ගෙන හිටියත් කමෙන්ට් 20 වැටෙන්නෙ නෑ..වලියකට වගේ ලිව්වොත් ප්‍රථිපල සාර්තකයි..එච්චරයි...

      Delete
    2. :D එහෙනම් කමක් නෑ. එහෙනම් අපි පිදුරු සහ පෙට්‍රල් අරං එන්නද?

      Delete
    3. බොලා එන කොට අළු යට තිබ්බ ගිණි පුපුරුත් නිවිලා ගිහින් !

      Delete
  11. කොයි තරම් දුරට මගේ සත පහ වැදගත් වේද දන්නේ නෑ.

    ඒත් මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙමයි.
    ලංකාවේ මිනිස්සු පොත් කියවන්නේ හරිම අඩුවෙන්.
    එහෙමත් නැත්නම් කියවන්නේ අර සුජීව ප්‍රසන්නාරච්චිගේ වගේ පොත්.
    පොත් කියවන මිනිස්සුන්ගෙ කල්චර් එක මීට වඩා යහපත් වෙන්න ඕනේ. ලංකාවේ එහෙම එකක් නෑ නේද මේ වෙද්දි? අර අසූව දශකයෙන් පස්සේ ආවා ටී වී එකට අරකට මේකට හුරු වෙච්ච අය පොත් කියවන මිනිස්සු වෙනවා නම් ඒ හරිම අඩුවෙන්.
    අනික සාමාන්‍යෙන් මේ වගේ රටක කෝච්චියක යනකොට බස් එකේ යනකොට එහෙම නැත්නම් කෝපි බොන ගමන් පොත් කියවන මිනිස්සු කොයි තරම්ද? පොත් විතරක් එන්මෙයි දැන් ඔය ටෙක් ගැජමැටික් වලිනුත් කියවන්න පුළුවන්නේ. ඒත් මම ලංකාවේ ඒක දකින්නේ කලාතුරකින්.
    පොත් ප්‍රදර්ශනේට ඇත්තටම මිනිස්සු පොත් ගන්නද කියලා මට හිතෙන්නේම නෑ. ඔය ගෲප් වල ශෙයා වෙන පින්තූර ටිකයි තමන් ගත්ත පොත් ගැන කියෝන ටිකයි කී දවසකටද? ඒක ගෝ එකකට විතරයි නේද අපිත් බුක් ෆෙයා ගියා කියන්න.
    ඊළඟට පොත් ප්‍රදර්ශන ඕනේ නෑ පොත් කියවන මිනිසුන්ට. ඔය ගණන් වලටම පොත් ගන්න පුළුවන් අවුරුද්ද පුරාම මම දැක්කා මගේ මරණේ එහෙම කතාවක් කොහෙද කියලා තිබුනා. මේක බිස්නස් ට්‍රික් එකක් විතරයි මට නම් ඔය පොත් ගන්න යන අය කියන විදියට බාල කොලිටියේ පොත් බොහොමයකුත් විකිනෙණ තැනක් නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලංකාවෙ අය පොත් කියවීමෙන් ගොඩක් ඈත් වෙලා...ඒක හරි..බහුතරයකගෙ තත්වය ඒකයි..ඒ ගොල්ලො බොහොම පටු ජීවන චක්‍රයකට කොටු වෙලා ඉන්නෙ. ඉගෙන ගැනීම , රස්සාවක් කිරීම , විවාහ වීම දරු මල්ලො හැදීම..ඔය වගේ..ඔය අවු අස්සෙ කියවන්න වෙලාවක් තියෙයිද අහනවා..වෙලාව තියෙන්නෙ කිසිම චිත්ත වෙහෙසක් නැති ටීවී එක දිහා බලා ගෙන ඉන්න එක..ඒ හින්දම බහුතරයක් නිර්වින්දිත සමාජයක් බිහිවෙන්නෙ..ඒ අය තව මනුස්සෙකුගේ දේකට සංවේදී නැහැ..ටීවී එකේ පැතලි චරිතවලට විතරයි සංවේදී..මොකද ඒක එතනින් ඉවරයිනෙ..ඔන්න පොතක් පතක් නොකියවපු ස්මාජයක අද පලය..කියන්නා කෙසේ කීවත් සේල් නොදාපු කාලවලදි පොත් සාප්පු වලින් ඔය වට්ටම් දෙනවා කියන එක මම නම් පිලිගන්නෙ නෑ..මට නම් එහෙම වට්ටම් හම්බ වෙලා නෑ..ෆේස් බුක් එකෙයි බ්ලොග් වලයි ශෙයා කෙරෙන ෆොටෝ දිහා බලලා අපිට පොත් ගන්න එන සමස්තය දිහා තීරනයකට එන්න අමාරුයි..මේ අපි කීප දෙනෙක් විතරයිනෙ සයිබර් අවකාශයේ මේ ගැන කියවා කියවා දඟලන්නෙ..1%ක් වත් නෑ..අනිත් 99% ගැන අපි කොහොමද එහෙම කියන්නෙ ?

      Delete
  12. අඩේ පොත් ප්‍රදර්ශනයකුත් තිබ්බා නේද ..?

    ReplyDelete
  13. ඉස්සර පොත ප්‍රින්ට්කළ අවුරුද්දට අනුව 60% දක්වා ඩිස්කවුන්ට් දුන්නා, දැන්නම් උපරිම 30% ද කොහෙද...
    මම නම් මේ පාර යන්නෙ නෑ, සල්ලි නෑ, වෙන වෙන ඉවන්ට් වැඩියි.

    ReplyDelete
    Replies
    1. පහු ගිය අවුරුද්දෙම මම නොබී ඉතුරු කරපු සල්ලි සුමිත්..ගෙට්ටු පාටි වලට නොගිය හින්දා මාව අතහැරලා දාපු යාළුවන්ගෙන් පලි ගන්නයි මම මෙහෙම කරන්නෙ !

      Delete
  14. //එවන් විටෙක නැවතත් අදද පොත් ප්‍රදර්ශනය ගැන පෝස්ටුවක් පල කිරීම පිළිබඳ විචිකිච්ඡාවෙන් වූවද..රටේ ලෝකෙ මොකා මොක කිව්වත්ය් මම මගේ ගමන යනවා..එච්චරයි..//

    ඉතින් ඒ ඇතිනේ වෙනියෝ...:)

    ReplyDelete
  15. //"පොත් මිලදී ගැනීම ශෝබනයක්ද ? සෝ එකට කරන එකක්ද ? පොත් ප්‍රදර්ශනයට එන අය එන්නෙ ගෑනුන්ගෙ පුකවල් බලලා වින්දයක ලබන්නද ? "// ඔය ටිකත් එක්කම පොත් ගන්නත් , එතනදී පෙරලලා බලන්න විතරකටත් ,පොත් ප්‍රදර්ශනයට ගියාය කියලා පෙන්න පොත් කඩවල් කීපයක් ලඟ ඉඳගෙන හිටගෙන ෆොටෝ ගහලා බුකියේ දාන්නත්,උසේන් බෝල්ට් ටත් වඩා වේගෙන් පොත් ප්‍රදර්ශනය් හරහා ඇවිදගෙන යන්නත් කට්ටිය එනවා,
    පොත් ගන්න ඕන එකා ප්‍රදර්සනයෙනුත් ගන්නවා, කඩේනුත් ගන්නවා,පුස්තකාලෙනුත් ගන්නවා. ඒත් පොත් ප්‍රදර්ශනයට යන "බහුතරයක්" ෂෝ එකට යන අය.
    (වෙනි අයියේ උඹට ඇත්තටමත් ඔහොම තරහා යනවද බං)

    ReplyDelete
    Replies
    1. නෑ බන් කීබෝඩ් එකෙන් විතරයි..මේ කැහුටු මම කේන්ති ගිහින් ගුටි කන්ඩ බෑ බන්..මාතලන් මහ දරුණු එකෙක් මම දැක්කනෙ එදා !

      Delete
    2. මොකද මේ සමහර කමෙන්ට්ස් උඩින් පැනලා ගිහින් අනෙක් ඒවාට උත්තර දීලා තියෙන්නේ?

      Delete
    3. පොත්...පොත්..පොත්...

      Delete
  16. අපොයි වෙනියට ඩෝං ගිහින්නෙ. මේ ගමන ගියාම ඔතන තියෙන හොඳ කෑම කඩ ටිකක ෆො‍ටෝ ටිකක් අරගෙන ‍මේකෙ දාන්න.

    ReplyDelete
    Replies
    1. කෑම කඩවල ෆොටෝ ගන්නවා තියා ලං වෙන්නවත් බෑ මල්ලි...

      Delete
  17. පොත් ප්‍රදර්ශනේ වටිනාකම නම් ඕන කරන පොත් ටික එකම දවසේ ගන්න පුළුවන්.අතුරු ආතල් ඇත.අපි කවුරුත් ඇස [පිනවන්න කැමති නිසා ඔය මොනවා උනත් ඒ ආතල් එකත් එතන තියනවා.යාලුවෝ සෙට් එකක් එක්ක ප්‍රදර්ශනෙකට ගිහින් පොත් තොරණ එකත් පොඩි ආතල් එකක්.නැතුව චිත්‍ර ප්‍රදර්ශනෙකට ගිහින් මේ වගේ පිස්සු කෙලින්න වෙන්නෙත් නැහැනේ.එක නිසා ඕක හොඳා මට නම් කීප පැත්තකින්ම.

    ReplyDelete
    Replies
    1. පොත් කඩේකට ගියහම නොලැබෙන දේවල් ගොඩක් මෙතනින් ලැබෙනවා..ඔය අව් අස්සේ පුකක් දැක්කට නම් චූන් වෙන්නෙ නෑ බන් මේ කොළඹ පුකවල් පේන තරමට..කපුටත් සුදු පාටට පේන්නෙ දැන්..

      Delete
  18. පොතක පතක අගය දන්නේ පොතක් රස විඳින කෙනෙක් විතරයි. කෙනෙක් එහෙම නොකලා කියල අපිට බනින්න බැහැනේ. නමුත් අද සමාජයේ පොත් වලට තියෙන පිළිගැනීම අඩුවෙලා යන බවනම් කිව්ව හැකි

    ReplyDelete
    Replies
    1. පොත් කියවන මිනිස්සුන්ට තියෙන වටිනාකම අඩු උනා..නෙවෙයි අඩු කලා..පාලකයන්ගේ යහපත උදෙසා...

      Delete
  19. ෂික් වලිය අතරමග නැවතිලානේ... :D
    අද රෑටත් දෙකක් දාගත්තම වලිය පටන් ගනින් වෙනියා...
    (උඹත් දෙකක් දා ගත්තම අර කෙන්ජි ලොක්කා වගේමයි... )

    ReplyDelete
    Replies
    1. හරි ඇති බන් කෙන්ජිත් එහෙනම් මගේ වයසෙම වෙන්ඩ ඇති..

      Delete
    2. අම්බෝ...මේ ලිපිය මට මිස් වෙලා.
      ඊයේ දවල් ඉදලම බොන්න සෙට් වෙලා හිටියෙ.
      හොද වෙලාවට මිස් උනේ.කරති කඩන ඉන්න වෙලේ මොනවා කියනවද දන්නෙ නැහැනෙ.
      මේව වලිද මාරයා මල්ලියො?

      Delete
  20. (රයිට්. කමෙන්ට් ක්ෂණිකව පබ්ලිෂ් වෙනව).
    උඹට තරහ ගන්න දෙයක් මාතලන් කියල නෑ වෙනී. සාමාන්‍යයෙන් පොත් නෙවේ හැම මඟුලකටම අදාල සතිය හරි දවසෙ හරි මේවගේ අමුතු දේවල් සිද්ධ වෙනව. කොටින්ම සෙනඟ ටිකක් එකතුවෙන තැන්වලට යන්න ගැවසෙන්න මිනිස්සු කැමතියි. ඒක මිනිස් ගතිය. ඒ අතරෙ පොත් කියවන උදවිය නොකියවන උදවිය පුකවල් බලන උදවිය, බඩුවක් සෙට්කරගන්න බලාගෙන ආපු උදවිය ඉන්නව. ඒව ලිව්ව කියල කරන්න දෙයක් නෑ බං.

    ReplyDelete
    Replies
    1. මම තරහ ගත්තෙ නෑ රාජ්.. උඹලට යමක් කියවලා තේරුම් ගන්නත් බෑනෙ..මට කේන්ති ගියා ගිය සැනින් කේන්තිය නිවුනා කියලා ඔය බොහොම පැහැදිලිව ලියලා තියෙන්නෙ ! කේන්තිය කෙටිකාලීනයි..තරහ කියන්නෙ යම් දිගු කාලීන දෙයක්..එහෙම දෙයක් උනේ නෑ..
      \\පෝස්ටුව ලිවීමට ප්‍රස්තුත වූ මාතලන්ගේ පෝස්ටුව දුටු සැණින් මා හට ඇති වූයේ කේන්තියකි..ඒ ක්ෂණයකින් ඇයි ඔහුට එහෙම අදහසක් දරන්න අයිතියක් නැද්ද ? තමුන් අකමැති දෙයක් ලියන කියවන අදහන කෙනෙක් ගැන කේන්ති ගන්න තරම් මෝඩයෙක් ! මගේ සිත මටම සරදම් කර මා නැවත ප්‍රකෘතිමත් කළේය.\\

      Delete
    2. raj_wvp@yahoo.com ට මේල්ලුව එවපං.

      Delete
    3. මෙන්න රාජ් මාව හැක් කරන්ඩ යනෝ !

      Delete
  21. සාම්ප්‍රදායික පොත් ප්‍රදර්ශන ගැන විස්තරේකට වඩා මේ පෝස්ටුවේ පොත්වල අගය ගැන වක්‍රව කියලා තියනවා කියලා දැනෙනවා වෙනී..ඒ නිසා ස්තුතියි..

    පොත් ගැන මමත් ඉන්නේ වෙනීගේ මතයෙම තමා..ඒත් මම ප්‍රදර්ශනයෙන් ගන්න පොත් හැම එකක්ම කියවනවා ඒ නිසා පොත් ප්‍රදර්ශනය බලන්න යන්නේ ඇත්තටම පොත් ගන්න ආසාවෙන්..නමින් අඳුරගත්තේ නැති වුනත් එකම ජාතියේ එකම ලේඛකයන්ට පෙම් බඳින සහෘදයින් ගොඩක් මටත් පොත් ප්‍රදර්ශනේදි හම්බවෙලා තියනවා..
    ඒ අයත් එක්ක කතා කරද්දි දැනෙන්නෙ කාලෙකින් නොදන්න යාළුවෙක් එක්ක කතා කරනවා වගේ..

    පොත් කියවීම තේරීම මිලට ගැනීම හා ප්‍රදර්ශන බලන්නට යාම එක අතකට අසහනයකට සහනයක් සොයා යෑමක්..

    ReplyDelete
    Replies
    1. ලක්ශ 10කට කිට්ටු වෙන්න පිරිසක් මේ ප්‍රදර්ශනේට ආශක්ත වෙලා ඉන්නෙ ඔය කාරන කීපා නිසා මිසක් පුකවල් බලන්න නෙවෙයි රූ...මිනිස්සු කියවන්න ආසයි, කැමතියි..

      Delete
  22. මම මේ පොත් ප්‍රදර්ශනයෙ නරකක් දකින්නෙ නෑ හොදක් මිසක...2010 පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ඒ භූමියෙ ඉදිකල පුවරු බොහොමයක් ඩිසයින් කලෙත් මම...රැල්ලට හරි කමක් නෑ මිනිහෙක් පොතක් කියවන්න පුරුදු වෙනවානම්...කිසිම වැඩක හොදක් දකින්නෙ නැති අය මෙහිත් නුගුණ දකිනවා වෙන්නටත් පුලුවන්...ඒක ලෝක ස්වභාවය.

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා මල්ලි මම කියන්නෙත් ඒකමයි...පොත් කියවන රැල්ලක් හදන්න ඕනි තමයි

      Delete
  23. එකම දෙයක් විවිධ අය දකින විදිහ වෙනස්. වෙනිගෙ හුඟක් අදහස් සමග මම එකඟයි. මම දන්න විදිහට විජේසූරිය එකේ තමන්ගෙ ප්‍රකාශනවලට වට්ටම් දෙනවා. එහෙම නැතුව ගුණසේන, සරසවි, ලේක්හවුස්, විජිත යාපා, ජෙයා වගෙ කඩවල එහෙම වට්ටම් දෙන්නෙ නැහැ අවුරුද්ද පුරා. අර විදිහට වට්ටම් දෙන කඩ සාප්පු තව ඇති. නමුත් බහුතරයක් දෙනා ඒවා ගැන දන්නෙ නැහැ. ප්‍රදර්ශනයෙදි 20% වට්ටමක් ලැබෙන බව කවුරුත් දන්න නිසා, අඩු මුදලකට වැඩි පොත් ප්‍රමාණයක් ගන්න එතනට යන එක සාධාරනයි. අනික විවිධ ආයතන ගණනාවක් එකම තැන පොත් විකුණනවනෙ. ඒකත් ලොකු හේතුවක්. පරණ පොත් කඩවලින් ලාබෙට පොත් ගන්න පුළුවන් වුණත්, අපි කියවන සමහර පොත්, විශේෂයෙන්ම වේගයෙන් වෙනස් වෙන විද්‍යාවන්ට අදාල පතපොත එහෙම තැන්වලින් ගන්න බැහැ. ඒ වගේ පොත්වල මිළත් අධිකයි. කොළඹින් බැහැරට යද්දි, මිළ තවත් වැඩි වෙනවා. ඒ නිසා අඩු මිළකට එහෙම පොතක් ගන්න හුඟ දෙනෙකුට ලැබෙන එකම අවස්ථාව පොත් ප්‍රදර්ශනය.

    ReplyDelete
    Replies
    1. අපි සාමාන්‍යෙන් කියන්නෙ සහ හිතන්නෙ සාමාන්‍ය පොත් ගැන විතරයි, මෙඩිසින්, ඉන්ජිනියරින් සහ අයිටී වගේ ලොකු ගනන් පොත් වලට 20% වට්ටම කියන්නෙ ලොකු ගානක අඩුවීමක් තමයි..මම දුටුවා ඒ පොත් තියෙන තැන් වල ගොඩක් අය හිටියා..පොත් වල සයිස් එකට ඒ පොත් 2-3ක් අරගෙන යන්නත් බැරි තරමේ !

      Delete
  24. වෙනී...........පොත් කියවීම සහ පොත් ප්‍රදර්ශණය එකක් නොව දෙකක් කියලා හිතපන් බන්.

    ReplyDelete
    Replies
    1. දෙකක් එකිනෙකට සම්බන්ධ..

      Delete