ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, September 16, 2013

පොත්...පොත්...පොත්..

පෙත් ප්‍රදර්ශනයේ තෙවැනි දිනය අදයි..දෙවෙනි වතාවට එහි ගොඩවැදුනු මා එහි මට අවැසි වූ පොත් රාශියක්ද මිලදී ගෙන ඉසුඹුවක් ලද මොහොතේ මා කැමරා කාචයේ රැඳුනු සිත්තම් කිහිපයක් ඔබට ගෙන එන්නට අවසර !














පොත් ගොන්නක් සහිත බෑගය එක අතකින් රැගෙන ඡායාරූප ගැනීම ඉතා දුෂ්කර බැවින් මීළඟ දිනයේදී නම් පොත් මිලදී ගන්නට පෙර එය කරමියි සිතා ගත්තෙමි..


මේ තියෙන්නෙ මම දැනටමත් අර ගත්ත පොත්..




තව කීපයක්ම අනිවාර්යෙන්ම ගන්න තියෙනවා..මේ පොත් අතරේ තියෙන පොත් දෙකක්ම ගන්න කීව අයිති කාරයගේ කට කනේ මේ වෙලාවෙ..ඌට කියන්නෙ මම කියවලා ඉවර වෙලා තමයි පොත් ටික දෙන්නෙ නම් පුතෝ...ඒ පොත් ටික කාලෙකට ඉස්සර කියවලා තිබ්බට ආයිමත් රසවිඳින්න තහනමක් නෑ නොවැ..

ඔක්තෝම්බරය කියවන මාසෙ හින්දා ආයි මේ ටික කියවනවා මිසක් බ්ලොග් ලිවිල්ලක් එහෙම නම් නැති වෙයි ඕන් !

එතකොට අර අපේ කතන්දර උතුමා වැඩ වැඩි උනහම වැඩ..වැඩ..වැඩ..කියන්නැහේ මාත් කියන්නෙ පොත්..පොත්...පොත්.. කියලයි..

27 comments:

  1. මමනම් ගියේ නෑ බන් ඒ පැත්තෙ... කොයිද අපිට යන්න වෙලා.... එල එල....

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි....

    ReplyDelete
  2. මටත් තාම එන්න බැරි වුණා ලියන්නෝ..දැන් ලබන මාසේ මලවපන් ගත්ත ඒවා ටික.

    ReplyDelete
  3. ඔව් ඇත දෙකම හොඳට තියෙන වෙලාවක ෆොටෝ ගන්න , අර බලු ප්‍රදර්ශනේ අරං තිබුනේ නලින් අයියා ඒ වගේ ටිකක්.

    ReplyDelete
  4. ගත්ත ඒවායේ හොද නරක කියන්නකෝ....ප්‍රදර්ශනේට යන්න වෙන්නැති හිනදා පස්සේ හරි අරගෙන කියවන්න බැරියෑ

    ReplyDelete
  5. ඔන්න මටත් මිස් වෙන දෙයක්. ඔය පොත් ප්‍රදර්ශණ දෙසැම්බර් වල කවදාවත් දාන්නේ නෑනෙ. වැරදි මාසේ ඒකටත් ‍තෝරාගෙන තියෙන්නේ.

    මීට පස්සෙ කමෙන්ට් දාන්න වෙන්නේ අපේ වැඩ ඉවරකරලා තමයි. මේ දවස් වල වැඩ වැඩ වැඩ!

    ReplyDelete
  6. අපිට මෙහෙම හරි දකින්න සලස්වන එකම ලොකු දෙයක් නොවැ.

    ReplyDelete
  7. පොත් ගත්තට ලාබයක් නෑ අය්යේ,මගටයි කෑමටයි වියදම් වුනාම

    ReplyDelete
  8. හකරල්ලා කියපු එකම තමා මට කියන්න තියෙන්නේ ඊටත් දැන් computer එක නිසා පොත් කියවීම 0 ටම බැහැලා

    ReplyDelete
  9. ඔතනින් පොත් තුනක් මා ලඟ තියෙනවා දෙකක් ම (ගුරු ගීතය සහ ඇල්කෙමියා) 2012 ප්‍රදර්ශනෙන් තමයි ගත්තේ.

    අනිත් එක දේශීය පොතක්. එලියකන්ද වධ කඳවුර. අපේ දේශය ගැන, ජාතියේ වීර පුතුන් ගැන මාර ආඩම්බරයක් ඇතිවෙන්නේ ඒක බලන කොට.

    මෙන්න ඒ පොත ගැන මගේ විචාරයට පාර:
    http://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html

    දුබල සිත් ඇත්තෝ නොබලත්වා!

    ReplyDelete
    Replies
    1. ලින්ක් නැත්තන් කකාත් අද මෙතන නෑ

      Delete
  10. දැන් ඉතින් තුන් පැයේම ඔතන ''ටැග්' ගැහි ගැහි ජෝඩුවලට බැල්මට් දදා ගෑනුන්ගෙ පින්තූර අල්ල අල්ල මෙතන ගෙනත් දාවි

    ReplyDelete
    Replies
    1. හලෝ මාරයා කොහොමද !!

      Delete
  11. පසුගිය වතාවල මිලදී ගත් පොත් තවමත් කියවා අවසන් කලේ නෑ. ඒත් මේ පාරත් බලන්න එනවා. බොහෝ විට හෙට.

    ReplyDelete
  12. ඔක්තෝබරේ කියවලා, නොවැම්බරේ මොකද කරන්නේ?

    ReplyDelete
  13. පොත් ගොඩක් අරගෙන නේ... මටනං දැන් කියවන්න වෙලාවක් නෑ අප්පා..

    ReplyDelete
  14. මොකද අර සමහර ගෑනු ළමයින්ගේ පින්තූර දෙපාරක් අරගෙන තියෙන්නේ...:)

    ReplyDelete
  15. උඹ ඔය පොත් ටික කියෙව්වට පස්සේ අපිට විදින්න වෙන දුක ගැන මම මේ හිතන්නේ...

    ReplyDelete
  16. දෙවෙනි සහ හතරවෙනි පින්තූර වල සිටින ගැහැණු ළමයා ගැන විශේෂ අවධානයක් දක්වා ඇති බව පෙනේ.

    යකෝ වෙනී අයියෙ බොලා පොත් කියව කියව හිටියම අපි කියවන්නෙ මොනවද?

    ReplyDelete
    Replies
    1. කවුරුත් ආස පොඩි ගැට වලට නේ... නේද ප්‍රසන්න මල්ලි ?

      Delete
  17. කාල සර්ප කියන පොතට සම්මානෙකුත් හම්බ උනා නේද?

    ReplyDelete
  18. කාල සර්පයි,අත අත නෑරයි බලන්න බැරිවුනා

    ReplyDelete
  19. අයියන්ඩි අර අධිසි යුධ පෙරමුන මටත් කියවන්ට දෙනවාද...........?

    ReplyDelete
  20. ඔන්න ඔතකොට තමයි ලංකාවෙ නෑති එකේ පඩුව දැනෙන්නෙ..

    ReplyDelete
  21. අපිට නම් යන්න වුනේ නෑ,,ඒත් පින්තුර වලින් එහෙ ගියා වගේ දැනුනා

    ReplyDelete