ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, May 22, 2013

චින්තනය නිදහස් වේවා ! දේශපාලනික ලිපියක් නොවේ

සෘජු මාවතක ගමන් කිරීමට අපට මඟ පෙන්වනු මැනව.

ශුද්ධ වූ කුරානය .


ඓහලෞකික කරුණු මා විසින් කියන ලද නම්ඔබ විශ්වාස නොකරන්නෙහියමා ද්‍රව්‍යමය කරුණු ගැන කියන කල්හි ඔබ එය කෙසේ විශ්වාස කරන්නෙහිද ?

ශුභාරංචිය : ශාන්ත ජෝන් (111-112)

අසාරේ සාරමතිනො
සාරෙ චා'සාරධස්සිනො...
යම් කෙනෙක් කිසි හරයක් නැති අදහස් වල හරයක් ඇතැයි සිතත්ද,සාරවත් ධර්මයන් නිසරු කොට සලකත් වැරදි අදහස් වලට ගොදුරු වූ ඔවුහු මාර්ගඵල ආදී සාරයක් නොලබත්.


ධම්මපදය : යමක වග්ගය.

ඉහළ උපුටලා දක්වලා තියෙන කරුණු වලටම අදාලා වෙන පහළින් මම කියන්න යන කතාව අහලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒ සුළුතරයක්ම තමයි.ඒත් ගැටලුව තියෙන්නෙ මේ කථාවෙන් කියන්න යන දේ අපේ හිත් වලට කොයිතරම් එක් කරගෙන අපි ජීවිතය අත්දකිනවද කියනඑකයි....

අනිත් අය කියන කරන දේවල් පැත්තකින් තියමු.එහෙම නැත්නම් මේක මහ කුහක කතාවක් වෙනවනෙමම උණත් මේ කියන කතාව තුළින් කියවෙන හර පද්ධතිය තාමත් ජීවිතේට ගොඩක්ම ළඟා කරගෙන නෑ කියලා හිතෙන්නෙ මගේ ක්‍රියාකලාපය මමම විවේචනය කරමින් බලන වෙලාවටයි.

 තමයි කාලාම සූත්‍රය..

 ඒකද ඒක අපි ඕනි තරම් බණට අහලා තියෙනවා..පහුගිය කාල වලදි ඕනි තරම් තොරන් වල පහන් කූඩු වල තේමාව වෙලා දැකලා තියෙනවා කියලා මුලින්ම හිතට එන එක අරුමයක් වෙන්නෙ නෑ..

එහෙම උණත් අපි තැනින් තැන දකින තර්ක විතර්ක, කතා බහ, අඬා දොඩා ගැනීම්, වැලපිලි සියල්ලම දකින කොට හිතෙන්නෙ මේකෙන් කියවෙන ස්වාධීන චින්තනය මොකද්ද කියලා කවුරුවත් හරියට අරගෙන නැහැයි කියලයි..මේ කතාව ඇදුණෙ අපි යාළුවො කට්ටියක් එක්ක ඉන්න වෙලාවක එකෙක්

"
මචන්ලා මූණු පොතේ අරූ මේක ගැන මෙහෙමයි කියන්නෙ ..මම අහලා ඉගෙන ගෙන තියෙන්නෙ මෙහෙමයි..හරි මොකද්ද ?"


"මචන් දැක්කද අරූගෙ බ්ලොග් එකේ ලියලා තිබ්බ ලිපියට අරූ ලියලා තිබ්බ කමෙන්ට් එක ? ඒකට එකෙකුටවත් කට උත්තර නැතුව කුජීතවෙලා තිබ්බාඅපිට් ඉගෙන ගෙන තිබ්බෙ අරූ කිව්ව විදියට උණාට අර කමෙන්ට් එක කියෙව්වහම මටත් හිතුණා ඒක ඇත්ත කියලා"

"
මොකද්ද බන් ඔයිකෙන් හරි ?"


"උඹ නම් අර කතාව හරියටම දන්නවා ඇතිනෙ..අරූ  උඹේ යාළුවනෙ ඒක ඇත්තද බන් ?"

ඔහොම්මම අර කොසොල් රටේ කාලාම ගොත්‍රයේ කට්ටිය වාසය කරපු කේසපුත්ත ගමේ අයත් බුදුන්  ගමට චාරිකාවේ  වැඩියහම ඇහුවලුනෙ..මේ ගමට එක එක ජාතියේ ශ්‍රමණයො එනවා .  ගොල්ලන්ගෙ එක එක වාද කියනවාඅනුන්ගෙ ඒවා ගරහනවාකවුරු බොරු කියනවද කවුරු ඇත්ත කියනවද කියලා අපිට ලොකු සැකයක් එනවා

"
හරි ඔබලට සැකයක් එන්න ඕනි තැනම සැකයක් ඇවිත් තියෙන්නෙඊළඟ දවසෙ එහෙම එකක් ආපුවහම මෙන්න මේ නිර්ණායක වලින් බලන්න ඔබේ තර්කයට ගැලපෙනවා නම්.."


එහෙමයි බුදුන් දේශනා කළේ..

"
මචන් මෙන්න මේ ක්‍රයිටීරියා වලට දමලා බලපල්ලා ඔය කරුණු ටිකමමත් ඔහොම අවුල් වෙච්ච වෙලාවල් වල කරන්න බලන්නෙ ඔහොමයි.." 


මම උණා නම් එහෙම කියයි.

මෙන්න දහය

මේක ගත්තෙ කාලාම සූත්‍රයෙන් ලිව්වෙ මට තේරෙන මගේ භාෂාවෙන්

1.
අනුන් කියන හින්දා පිළි ගන්න එපායමක් තමට ඇසුණයි කියලා තමන්ගෙ සිහිබුද්ධියෙන් විමසලා බලන්ඩ ඕනි කියන එකයි මේ කියන්නෙඕකෙන් කියවෙන්නෙ නෑ අනුන් කී හින්දා ප්‍රතික්ෂේප කරන්නයි කියලා . අනුන් කියන දේක ඇත්ත නැත්ත තෝරා බේරාගන්න අසන්නාට හැකියාව තියෙන්න ඕනිඑච්චරයි.


2. 
පරම්පරාවෙන් ආවයි කියලා පිලි ගන්නත් එපාතමන්ගෙ පැරැන්නෝ ඇත්තයි කියලා එළඹිලා හිටි මතයන් ,අදහස්  හින්දම පිළිගන්නත් එපාමෙතෙන්ටත් සිහි බුද්ධිය යොදන්න.


3. 
යමක් මෙහෙම වෙන්න පුළුවන් කියලා අනුමාන කරලා හිතලා ඒක ඇත්ත හැටියටත් ගන්න එපාමොකද අනුමාන කරන කරුණු සමහරවිට එහෙම වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්අනුමාන කරපු කරුණු  වෙලාවෙ ඇත්ත උණාට පස්සෙදි ඉඳුරාම වෙනස් වෙන්නත් පුළුවන්බලන්නකෝ ඔය අනුමානෙට ප්‍රසිද්ධ බ්ලොග් ලියන අයගේ ජීවිත අල්ලලා පුදගලික පළි ගැනීම් වලට ලියන බ්ලොග් දිහා...ඔව්වා විශ්වාස කරගෙනම ඉන්න අය කොයිතරම් නම් ඉන්නවද ? ඒවා ලියන්නෙ අනුමාන මත...


4. 
ආගමික පොත් පත්වල තිබ්බයි කියලත් විමර්ශනයට ලක් නොකර නම් පිලි ගන්න එපා.. අපොයි අද පරිචය බලන්නකො ඔය ආගමික ග්‍රන්ථ ඔළුව උඩ තියාගෙන යන කොට්ඨාශයක් ඉන්නෙ...ආන්න  අයට දීපු කම්මුල් පාරක මේක නම්...සයිබර් අවකාශයෙත් ඔහොමමයි ඉතින්..බ්ලොග් එකක තිබ්බයි කියලා පිලි ගන්ඩෙපා..විමර්ශනය කරන්න පුළුවන් තරම්.


5. 
තර්කානූකූල යැයි කියල පිලි ගන්නත් එපාඕනි පට්ට පල් බොරුවක් තර්කානුකූල කරලා රවුම් කරලා බටර් ගාලා ගිල්ලවන්න පුළුවන් අයියලා අද කාලෙ විතර වෙන කිසිම කාලෙක හිටියෙ නෑ.. හින්දා තර්කානුකූලව ඉදිරිපත් කළා කියලා බොරුව ඇත්ත වෙන්නෙ නෑ...ඔව් ඔව් අර බ්ලොග් වල ලියලා තිබ්බ කතා උණත් මොන තර්කානුකූලව ලියලා තිබ්බත් ! ආයිමත් හිතලා බලන්නකො..


6. 
න්‍යායන් වලට අනුකූලයි කියලත් ඒක ඇත්තම තමයි කියලා පිළිගන්ඩෙපා කියලයි මේකෙන් කියවෙන්නෙමොකද න්‍යායක් හැදෙන්නෙ තරකානුකූලව.. තර්කානුකූල ක්‍රමවේදය තුළින් එන්නෙ මහ බොරුවක් නම්...අනේ අදහන කෙනාට සොරි ඩොට්කොම් තමයි නේද ?


7.
බොහොම දක්ෂ කථිකයෙකුටබොහොම දක්ෂ ලේඛකයකුට පුළුවන් යමක් යහපත් දෙයක් කියලා තමන්ගේ තියෙන දක්ෂ කමින් ප්‍රයෝජන අරගෙන පෙන්නන්නඒත්  පෙන්නන දේ සැබවින්ම යහපත්ද කියන එක කරුණු දිගින් දිගටම විග්‍රහ කරලා 
ලාම පිළිගන්ඩයි කියලයි කියන්නෙ.

8. 
තමන් දැනටමත් බැඳිලා ඉන්න දැක්මකින් සහ  දැක්මට ගැලපෙනවයි කියලා යමක් පිළිගන්නත් එපා..මොකද යමක ගැඹුර දකින්න ඒ දැක්ම බාදා වෙනවා වෙන්න පුළුවන්පෙට්ටියෙන් පිට හිතන්න කියන්නෙ ඒකට වෙන්න ඕනියි කියලයි මට නම් හිතෙන්නෙ


9. 
දැන උගත් අයකු කියන දෙය  උගත්කම නිසා ගරු කරලා පිලි ගන්න ඕනි කියලා පිලි ගන්ඩෙපා..දැන උගත් කම නිසා ඔහු
 /ඇයකෙරෙහි අපේ ඇති වෙන භක්තිය නිසාම ඔවුන් කියන දේ විමසීමකින් තොරවම  විදියටම පිලි ගන්න ගියොත් අපේ ස්වාධීනතාවයට ඒක බාධාවක් වෙනවා

10. 
මෙයා අපේ ගුරුවරයා කියලා පිළිගන්නත් එපා..මෙතෙන්දි බෞද්ධයින්ට නම් කීවෙ බෞද්ධ ධර්මය වුණත් විචාරාත්මක විග්‍රහයක් කරලා මිසක් පිළිගන්ඩෙපා කියලයි..


ඔච්චරයි ඔය කරුණු දහයම තියෙන්නෙ කාලාම සූත්‍රයේ...

ඔය කරුණු දහයම එකට අනා ගෙන තමන්ටම කියලා ස්වාධීන චින්තනයක් ඇති කර ගත්තොත් අරයා අරක කිව්වා..මෙයා මේක කිව්වා..අර බ්ලොග් එකේ මට ගැහුවා..එම බ්ලොග් එකේ මට ගැහුවා...අයියෝ මම ඉවරයි කියලා හිත හිතා ඉන්න ඕනිත් නෑ...ඕකව අහු වෙච්ච දවසට අඬු හතරම කඩනවා කිය කියා යන්ඩ ඕනි වෙන්නෙ නෑ.. ...

ඔබේ ආගම මොකක් උණත්,  ඔබට තිබිය යුතු ස්වාධීන චින්තනය ගොඩනැගෙනවා නම් වෙන්න ඕනි එච්චරනෙ.

ඔබේ අරමුණ ජීවිතයේ සත්‍යය සොයා යාම හෝ එදිනෙදා ජීවිතයේ පැන නගින ගැටළුවලට විසඳුම් සොයනවා වෙනවා වෙන්න පුළුවන්...ඔය කොතෙන්දිත් මේ විග්‍රහයන් ප්‍රයෝජනවත් වෙනවා නේද කියලා ඔබලම විග්‍රහ කරලා බලන්නකෝ !




සියලු දෙනාටම වෙසඟේ අසිරිය සිතට දැනේවා..

29 comments:

  1. "ඔබේ ආගම මොකක් උණත්, ඔබට තිබිය යුතු ස්වාධීන චින්තනය ගොඩනැගෙනවා නම් වෙන්න ඕනි එච්චරනෙ."

    සහතික ඇත්ත,අද වෙලා තියෙන්නේ තමුන්ගේ මතය තමයි හරි නැත්තම්,තමුන්ගේ ආගම විතරයි හරි කියන ඕලමොට්ටලයෝ ටිකක් නැති ප්‍රශ්න ඇති කිරීම, හැම ආගමේම ඉන්න මේ බහු භුතයෝ ටික මේ රට නැති කරනවා කවදාහරි.

    ReplyDelete
  2. සාදු සාදූ

    වෙසක් සතියේ බණක් කියවාගත්තා.....

    ReplyDelete
  3. බොහොම වැදගත්...

    ReplyDelete
  4. මේ පෝස්ටුව ගොඩක් වැදගත්. ඒ වගේම ජීවිතයට එකතු කරගන්න ඕනෙ අත්‍යවශ්‍ය ප්‍රතිපත්තියක් ගැන විස්තර කරනවා. බොහොම ස්තූතියි මේ ගැන කතිකාවක් ඇති කරන්න ගන්න වෑයමට.

    ReplyDelete
  5. අපිට වෙසක් නෑ....හැක්

    ReplyDelete
  6. කාරණා ටික සෑහෙන්න වැදගත්. ස්වාධීන චින්තනයක් නැති එක තමයි අවුල.

    වෙනී අයියටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා.

    ReplyDelete
  7. කාලම සුත්‍රය කියල ඉගෙන ගන්නවට වැඩ මෙහෙම සරලව දැන ගන්න ලැබුන එක හොදා.මම ඕකෙන් කරුණු 2 ක් 3 ක් වගේ තම ක්‍රියාත්මක කරන්නේ.
    සමහර වෙලාවට අපිට ඉන්න වෙන පරිසරය මත මේක වෙනස් වෙනවා නේද බන්?හිතහන් ලොක්ක කියන දේවල් ඔක්කොම හරි කියල හිතාගෙන ඉන්න සෙට් එකක් එක්ක වැඩ කරනකොට.ඔය තම නැන පමණින් කරන්න ගියාම ජොබ එකට කෙල වෙනවා නේ බන්.මට එහෙම තත්වයකට මුණ දෙන්න උනා, දැන් මමත් ලොක්ක හරි කියාගෙන ඉන්නේ...

    ReplyDelete
  8. //අනුන් කියන දේක ඇත්ත නැත්ත තෝරා බේරාගන්න අසන්නාට හැකියාව තියෙන්න ඕනි//

    ඔය කියූ දහයෙන් එකක්ම වත් නොකර, ඇත්ත නැත්ත තෝරාබේරා ගන්නේ කොහොමද කියලා හිතාගන්න ටිකක් අමාරුයි. පිළිනොගන්න හැටි කිව්වට, පිළිගන්න විදිහ එච්චරම පැහැදිලි නැහැ නේද කාලාම සූත්‍රයේ? තර්කනය එපා කිව්වට අවසානයේ යම් කිසි තාර්කික ක්‍රමයකින්ම නේද මේක වටහා ගන්න වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. තිසර මෙතන කියන්නෙ "යමක්" තර්කානුකූල ක්‍රමයකට ඉදිරිපත් කරලා තිබූ පමණින්ම එය නිවැරදියි කියලා පිලි ගන්න එපා කියලා නේද ? ඔබ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගෙන තියෙනවා නම් කපුටා සුදු සුදු පාට කුරුල්ලෙක් කියලා ඔප්පු කරන හැටි දන්නවා ඇතියි කියලා හිතෙනවා.
      අනිත් කරුණු නවයත් එහෙමයි. තම තමන්ගේ දැනුම අවබෝධය අනුව හොඳ නරක තෝරා බේරා ගන්න කියන එක නේද මෙතන කියන්නෙ ? දැනුම කියන්නෙ ක්ෂණයකින් වෙනස් වෙලා නව දැනුමක් එකතු වෙන ප්‍රපංචයක් විදියට සැලකුවොත්...
      මෙතන මේ කරුණු දහය එපා කියන එක තුල පරිචයකට මුල පුරන කෙනාගෙ ඔළුවට එන අදහස තමයි එහෙනම් කොරන්නේ කොහොමද කියන එක ! මේ එක එක කරුණ ගත්තොත් තිසර, ඒ කරුණ නිසාම යමක් පිලි ගන්න එපා කියන්නෙ ඒක තව දුරටත් විග්‍රහ කරලා විමර්ශනය කරලා බලන්න කියන එක..විග්‍රහය සහ විමර්ශනය තුලින් ඒ කරුණම ඔප්පු වෙනවා නම්... පිලි ගන්න කියන එක අන්තර්ගත වෙනවා එපා කියන එක තුල..මේ දැනුම ප්‍රපංචය වේගයෙන් වෙනස් වෙන එකක්..

      Delete
    2. හරි වෙනී... එක විදිහකින් හිතුවහම මම වැරදි කොණකින් අල්ලගෙන කියලා හිතෙනවා... නමුත් ප්‍රායෝගිකව මේක කරන්න යෑමේදි මතු වූ ගැටළු මට තියනවා... නමුත් එවැනි දීර්ඝ සංවාදයකට මෙය අවස්ථාව නොවේ යැයි සිතෙන නිසා ඔබගේ පිළිතුර භාරගන්නවා.

      Delete
    3. ඔව් තිසර ප්‍රායෝගිකව පැන නඟින ගැටළු බොහෝයි.. ඒවත් එකින් එක විහ්‍රහ කර ගෙන යාමේ ක්‍රමවේදයක් තුල ඔබේ ගැටළු තත්වය පහ වේවා !මටත් විටින් විට පැන නැගෙන ඔය වගේ තත්වයන් සාකච්ඡා කරන්න දැනුමක් තියෙන අය සමඟ සාකච්ඡා කරලා සහ පොත් පත් ඇසුරෙන් මගේ විග්‍රහයේ පරාසය පුළුල් කරලා ගොඩ දාගන්න බලනවා.

      Delete
  9. මමත් හැමදාම හැමතැනම කියන්නේ ඕකයි. නියම බුද්ධාගම කියන්නේ ඕකයි. ඇයි බැරි එක එකාගේ දර්ශණයි, චින්තනයි කරේ තියාගෙන යන්නේ නැතුව, තමන්ගේ චින්තනයකට අනුව කටයුතු කරන්න. විය යුත්තේ එයයි.

    ReplyDelete
  10. Hondai Barai neda

    ReplyDelete
  11. වටිනා අදහසක්. කාලෙකට පස්සේ ඇවිත් වටිනා දෙයක් ඔලුවට දාගත්ත. ඇත්තටම තර්ක කිරීමෙන් ගොඩක් දේවල් ඔප්පු කරන්න පුළුවන්.නමුත් සත්‍ය කියන එක තර්ක කිරීමෙන්ම දැනගන්න බෑ.

    ReplyDelete
  12. කාලාම සූත්‍රයේ මෙච්චර දේවල් තියනවා කියලා මම දැනන් හිටියෙ නෑ.. හැබැයි මේකෙන් බුද්ධ ධර්මයේම දේශණා කරන ශ්‍රද්ධාව අභියෝගයකට ලක්වෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. බලන්න සෙන්නා ඒක විග්‍රහ කරලා මට එන්නෙ නම් මෙන්න මේ වගේ අදහසක්..ශ්‍රද්ධාව තිබිය යුතුයි සත්‍යය සොයා යන ගමනට එළඹෙන්න. නමුත් ගමන ඉක්මන් කරන්නෙ ප්‍රඥාවෙන් නේද ? බුද්ධ පරිචය ගත්තොත් ශ්‍රද්ධාවෙන් සොළොසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වූ බුදුන් ඉන්නවා. ප්‍රඥාවෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වූ බුදුන් ඉන්නවා යැයි කියවෙනවා.
      අපි අපිට තේරෙන විදියට ඕක විග්‍රහ කලොත් සෙන්නාම බලන්න !

      Delete
    2. මම දන්න විදියට වෙනි මේ ලියලා තියෙන්නේ පිළිගන්න එපා කෑල්ල විතරයි මචං... පිළිගන්න ඕනේ මොනවද කියලා ඊලඟට තියෙනවා...

      Delete
  13. බොහොම වටිනා ඔවදන් පෙළක්නේ... වෙසක් සමයේ ධර්ම දේශනාව..

    ReplyDelete
  14. තම නැණ පමණින් කියනවනේ!

    මගේ නැණ පමණින් මාත් තේරුම් ගන්න උත්සහ කරනවා අයියා!

    ReplyDelete
  15. කාලාම සුත්‍රය කිව්වම මට කරුමෙට වගේ මතක් වෙන්නේ අශ්රොෆ් කියන මුස්ලිම් කොන්ග්‍රස් නායකයාව. සෝම හාමුදුරුවොන්ට ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා කපන්න එකා පාවිච්චි කලෙත් මේක. නමුත් ඒකාට ඒක උගන්වලා සෝම හාමුදුරුවොන්ව වැට්ටුවෙත් අපේ චීවරදාරීන් පිරිසක්ම බව කියන්න ඕනේ. අපේ බ්ලොග් අවකාශෙත් ඔය වගේ. මමත් බොහෝ වෙලාවට මගේ ප්‍රඥාවට ගෝචර නොවෙන දේ බාර ගන්නේ නෑ. මට පිළිගන්න පුළුවන් විදියට එනකම්. මේක සෘණාත්මක චින්තනය කියලා හිතන්න එපා. බුදු දහම නම් මම එක සිතින්ම පිලි ගන්නවා. බුදුරදුන්ම බුදුදහම වුනත් තර්කානුකූලව හිතලා බාර ගන්න කිව්වේ ඒ සුත්‍රය දෙද්දී තමන් දෙසු දහම විතරක් ඉස්තරම් කියලා වෙන් කරලා තියන්නේ නැතිව. අනෙක සත්‍ය නිසා බිය විය යුතුත් නැහැ. මේ පොස්ට් එක මට ඉතාම වටිනවා. මොකද මේක ගැන අහල තිබ්බට මේ වගේ සරලව දුන්නේ සුන්දර නිහතමානි ද වෙනිවැල් විතරයි. තව දහ පහලලොස් වතාවක් වත් මේක කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඒක සෘණාත්මක චින්තනය වෙන්නෙ නෑ කොහොමත්ම සුදීක..කල යුත්තේත් එයමයි. ඔහොම කියන කියන කෙනාගේ අදහසට අපිට ප්‍රඥාගෝචර නොවන දේවල් පවා අපිට අපේ ජීවිතේට භාර ගන්ඩ බෑ කොහොමටත්..එහෙම බාර ගත්ත අය දිහා බලන්න එතකොට තේරෙනවා නේද මොකද්ද පලය කියලා ...

      Delete
  16. සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!!

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. බොහොම කාලෝචිතයි.. අන්ධානුකරණයෙන් අනුන් පසුපස යන සමාජයකට මේ පණිවිඩය බොහොම වටිනවා.

    ReplyDelete
  19. වටිනා පණිවිඩයක් වෙනි අයියේ.

    ReplyDelete
  20. කරුණු දහයටම එකඟයි. බොහොම ස්තුතියි වෙනි අයියේ.

    ReplyDelete
  21. [im]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg[/im]

    ReplyDelete
  22. යාථර්තය නිරුවත් කරමින් ඔබ පැවසු කරණා පිළිබඳව හිතන්න බොහෝ ඇත.ඔබේ අතින් කොහොමටත් වටිනා දේවල් ලියවෙන්නෙ.
    තෙරුවන් සරණයි!

    ReplyDelete
  23. බුදු දහමේ අගය වඩාත් වැටහෙන්නෙ මේ වගේ සරලව පැහැදිලි කෙරෙනකොට. මලේ උඹට තෙරුවන් සරණයි ..!

    ReplyDelete