ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, May 1, 2013

අසම්මත කඳුල - Weak father figure impact...


"මම යන්න ඕනි මල්ලි දුවගෙ  පන්තිය ඇරෙන වෙලාව හරි වගේ !"
---------------------------------------------------------------------------------
තාත්තාගේ කමිසයෙන් නැගෙන දහඩිය සුවඳට මා ඉතා ප්‍රිය කලේ මන්දැයි මා නොදනිමි. හඩු ගඳ සමඟින් එන කලිසමේ සුවඳ කිසිදා මට අපුලක් ගෙන ආවේ නැත. පාඩම් කරන පොත දෙසට යොමුනු දෙඇස කොනින් මා දුටුවේ තාත්තා කමිසය ගලවා අසල වූ පුටුව මත දමා මුහුණ කට සෝදා ගෙන එන්නට පිටත් වූ අයුරුය. මා මේසය අසල පාඩම් කරනවා දුටු ඔහු මාගේ හිස ආදරයෙන් අත ගා, 

"ආ පුතා පාඩම් කරනවද ? විභාගෙත් ළඟයි නේද ?මොනවද පුතේ අමාරු පාඩම් තියෙන්නෙ ?"

එවන් වූ සෙනෙහෙබර සිද්ධියක්, සෙනෙහෙබර වදන් පෙලක්  කිසිදා සැබෑ නොවූ සිහිනයක් පමණි.. සැමදාම වගේ ඔහු මා මේ පරිසරයේ ජීවත් වන බව සම්පූර්ණයෙන්ම  අමතක කර දමා තිබුනි. ඒ ඇයි යන්න පිළිබඳ හඬක් නැගීමට මා හට අවකාශයක් නොතිබිනි. ඔහු පවසන, අසන කිසිම දෙයකට දෙන පිළිතුර ඔහු වඩ වඩාත් කෝප ගන්වන්නේ මන්දැයි මා හට තවමත් තේරුම් ගත නොහැකිය..

යටිබඩ පෙදෙස හකුළුවා ගෙන  ඉහලට පැමිණි විශාල සුසුම් ධාරාවක් මුව හා නාසය වසා අවකාශයට මුදා හල මා කැළඹුනු සුසුම් සිතින් දෙනෙත පොතට යොමු කලෙමි. සිත එක්තැන් කල නොහැකිය. තාත්තා ඇඟ සෝදා ගෙන එන්නට තවත් වෙලාවක් යනු ඇත. මා සෙමින් හිඳ සිටි පුටුව ඇද නැගිට පියා කමිසය දමා තිබූ පුටුව අසලට ගියෙමි. වර්ණය වියැකී ගිය ඉරි සහිත කමිසය...සෙමින් දෑතට ගත්තෙමි. දහඩියෙන් තෙමී ඇති කමිසයේ සාක්කුව සැමදා මෙන්ම මුදල් නෝට්ටු කිහිපයකින් බරය.. දෑස සෙමින් වසා ගෙන කමිසය මුහුන වෙත ගෙන ආවේ ඒ දහඩිය සුවඳ ඉව කරන්නටය...

සඳුන් සුවඳ ලාවට තැවරුන සුවඳක් යාන්තමට නාසයට දැනෙද්දී..හිස පිටුපසින් දැනුනු වේදනාවත් සමඟ මා සිටියේ අසල වූ පුටුවත් පෙරලී බිමට ඇද වැටීගෙනය..දෑතින් ගිලිහුනු තාත්තාගේ කමිසය අසල වැතිර ඇත..වූයේ කුමක්ද ?

"පාහරයා හැමදාම තෝ තමයි සාක්කුවෙ තියෙන සල්ලි කීය කීය හරි හොරෙන් ගන්නෙ . මන් ඕක අල්ලගන්නමයි මෙච්චර දවසක් රැකලා හිටියෙ..තොට මේ ගෙදරින් කන්න දෙනව මදිවටද තව මගේ ඒවා හොරකම් කරන්නෙත් ?

බෙල්ල හා පපුව පෙදෙසට වැදුනු තවත් පා පහර දෙකෙකින් වේදනාව විඳිමින් මා තව වේලාවක් එලෙසම වැතිරී සිටියෙමි...මෙවන් සිදුවීම් සිය ගණනක් නම් සැමදා සිදුවූ, අනපේක්ෂිත , නොපැතූ සැබෑවූ බියකරු  සිහිනයන්ම වීය..හේතූභූතවූ කාරණා කිසිවක් හෙලි නොකරමින් පියා මා හට සැමදා වෛර කලේ මන්දැයි මා තවම නොදනිමි. හේතූභූත වූ කාරණා කිසිවක් නොදනිමින් මා සැමදා ඔහුට සෙනේවන්ත වූයේ කෙසේදැයි මා නොදනිමි. පැතූ ඒ පිය සෙනෙහස කිසිදා නොලද්දේ නමුත් මව මීට හාත්පසින්ම විරුද්ධ චරිතයක් වූවාය. 

"කොල්ලව මරන් කාපන්..ඉතින් උන්ට කන්න අඳින්න ගෙනත් දෙනවා වෙනුවට මුන්ව මරන කන්න යනවා. මම නැතිනම් මේ සේරම මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා" 

යකඩ ගැහැණියක් බඳු වූ ඈ පවුලේ බර අතට ගත්තේ පිරිමියකු මෙනි. අතට අහුවෙන ඕනෑම කුලී වැඩක් කරමින් පවුල නඩත්තු කිරීමේ සහ ආරක්ෂා කිරීමේ සියළුව වගකීම ඈ අතට ගත්තාය. හැන්දෑ කළුවර වැටී ගෙන එන්නට වෙද්දී අසල වූ කොස් ගසට නැග කොස් ගෙඩියක් කැඩීම ඇයට ඉතා සුළු කාරණයක් වූවාය. අල්ලපු වැටේ සිරිසෝම මාමා සහ නැන්දා වැට මායිමේ ප්‍රශ්ණයකට රණ්ඩු වීමට ආ වෙලේ ඈ කොස් කපන කැත්ත ගෙන පෙති ගහනවා තොපි සේරම කියමින් ඔවුන් එලවා දමද්දී පියා ගෙතුල කාමරයකට වී නිහඬව සිටියේය.

ඈ නිසාම මා සමස්ත ගැහැණුන් සියල්ලම දෙස මහත් ගෞරවාදරයකින් බලන්නට සහ සලකන්නට පුරුදු වූයේ ඉතා කුඩා කල සිටය. 

අම්මා ගැන තිබූ ගෞරවය තවත් වැඩිවීමත්, තාත්තා වෙත තිබූ නොලද සෙනෙහස ළඟා කර ගැනීමේ අසංතෘප්ත හැඟීමත් වර්ධනය වූයේ දිනක් අහම්බෙන් මෙන් සිරිසෝම මාමා මත හති හලන අම්මා ඇස ගැටුනු දිනය. 

"උඹ ගෑණි වගේ හිටහන් සෝමාරි කමට ගේ අස්සට වෙලා"

පුංචි මෙන්ම නැන්දාද තාත්තාට බැන වැදුනෝය. ජීවිතයේ කඩඉම් විභාගයත් සමඟ මා නිවසින් නගරය වෙත ඇදුනේ නැවත කිසිදා ගෙදර නොයමියි යන හැඟීමෙන්ය.

--------------------------------------------------------------------------------
"ලියන්නා මල්ලි මන් යන්න ඕනි. දුවගෙ පංති ඇරෙන වෙලාව හරි. ආයි ලබන සතියෙ එන්නම්කො"

පීරිස් අයීයා මගේ හිස අතගාමින් පවසයි. වචනයෙන් කිව නොහැකි තරමේ සතුට, දුක,සංතාපය මිශ්‍ර හැඟීමකින් සිත වෙලා ගනිද්දී මා ඔහුගේ සුදුවන් රෝමු පිරුනු පපුව තුල වූ හදවතින් නැගෙන ගැහෙන හඬට සවන් යොමා සිටියෙමි. උණුසුම සවන් පත් වලට දැනෙද්දී..පීරිස් අයියාගේ කිහිල්ලෙන් එන දහඩිය සුවඳ තවත් වරක් තෘප්තිමත් ලෙස නාසය තුලට ඇදගනිමින් මා නැගී සිටියෙමි....

68 comments:

  1. මෙහෙම කොමෙන්ට් දානවට කීප දෙනෙක්ම බැනලා තිබුනා.. ඒත් දාන්න වෙන්නෙ ඒවම තමයි....

    උපරිමයි...
    පට්ටයි....
    රහයි.....

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔය කීප දෙනෙක් බැන්නයි කිව්වට අපිට සිංහල භාෂාවෙ තියන වචනම පාවිච්චි කරන්න වෙනවා අපේ අදහස් ප්‍රකාශ කරන්න

      Delete
  2. එකම කමිසය දින දෙකක් ඇඳීම දැන් නම් මතකයක් පමණයි.
    ඒකටත් එක්ක ඩෙනිම් කලිසම්!

    ReplyDelete
    Replies
    1. අපොයි ඩෙනිම් කවුද හෝදන්නෙ මාසෙකට සැරයක්වත්...

      Delete
  3. උඹ මේ වගේ එකෙක් කියලා දන්නවා නම් මෙච්චර කල් ආශ්‍රය කරන්නෙ නෑ. මින් පස්සෙ යාළුකම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, නිර්මාණයක ඇති දේ සහ නිර්මාණකරුට ඇති දේ අතර වෙනස හඳුනා ගන්නට බැරි ඔබ වගේ පටු අදහස් තියෙනයාළුවො අයින් වෙන එක සෑහෙන්ඩ වටිනවා. අපරාදෙ ඔබ මීට වසරකට විතර ඉහත මම ලියපු කසිප්පු ලියන්නාගෙ කතාව කිය්වන්ඩ තිබුනෙ. එහෙනම් මෙච්චර කල් පෙට්‍රල් පුච්චනෙ නෑනෙ..

      Delete
  4. දැනෙන්නම ලියලා තියෙනවා අයියා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාන් ඔබට යමක් දැනුනා නම් හොඳයි.

      Delete
  5. ලියන්නා ඇවිල්ලෝ....

    ඔය කියන දාඩිය සුවඳටනම් මාත් ආසයි. ඉස්සර අපිට කරන්ට් තිබුණේ නෑ. සාලේ කැබිනට් එක කෙරෝලේ චිමිනි ලාම්පුව තියලා ඒ ළඟ වැල් පුටුවක් තියලා තාත්තා පත්තරේ බලනවා. මං ගිහිං පත්තරේ අයින් කරලා සරමෙන් හැදුනු තොටිල්ලේ වාඩිවෙලා උකුල උඩ ඔලුව තියාගෙන වහල දිහා බලන් ඉන්නවා..... ඒ කාලේ තිබුණු සරල බව දැන්නම් වැරදිලාවත් අපේ ජීවිතවලට එන එකක් නෑ ආයෙමත්...

    ReplyDelete
  6. .....//පීරිස් අයියාගේ කිහිල්ලෙන් එන දහඩිය සුවඳ තවත් වරක් තෘප්තිමත් ලෙස නාසය තුලට ඇදගනිමින් මා නැගී සිටියෙමි....//.....

    කුරුල්ලෙක්ද?...........

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඔබ ඔය අසම්මත කඳුල කියනා මාතෘකාව පස්සෙ තියෙන ඉංග්‍රීසි ටික Weak father figure impact ගූගල් කරලා බැලුව නම් ඔබට පෙනෙයි මගේ නිර්මාණයට පාදක වෙච්ච සිද්ධාන්තය මොකද්ද කියලා..
      එතකොට ඔබ අන්තිමට අහපු ප්‍රශ්නෙ ඉල්ලා අස් කර ගනීවි..

      Delete
    2. හෝව් හෝව්.. මම තාම ප්‍රශ්ණ අහන්ඩ පටන් ගත්තෙ නැතෝ.. :D

      Delete
    3. ඉස්සෙල්ලා පෝස්ට් එකේ සෙන්නගෙ කමෙන්ට් එකක් කියවා කියවා ඉඳලා අකමට උත්තර බඳින්න ගිහින් වෙච්ච පටලැවිල්ල පේනවනෙ..මේ කමෙන්ට් වලට උත්තර බඳින එක නිදිමරගාතෙ කරන්න බෑ..උඩ කමෙන්ට් එකේ ආමන්ත්‍රනය සෙන්නා යන්නට අකමා ලෙස නිවැරදි විය යුතුය...
      සෙන්නා සොරි බන් !

      Delete
    4. writer liyannaa, weni තව මොනවද වෙනී අයියා තියෙන ප්‍රොෆයිල්ස්? :D

      නිදිමතෙනම් බෑ තමයි. හෙටම ඇවිත් ඉතුරුවත් බලලා අරකත් සර්ච් කරලා බලනවා.

      Delete
  7. ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ ඉෆෙක්ට් එකක් තියෙන්නේ. මොකද බං මේ දවස්වල කට්ටියම gay promotion එක වත්ද? :)) මම මේ වගේ පෝස්ට් කීපයක්ම දැක්කා.

    ReplyDelete
    Replies
    1. මම නං ගේ ප්‍රමෝට් කරන පෝස්ට් දාල නෑ හරිද හෙන්රියො මම ප්‍රමෝට් කරන්නෙ මගෙ ගේ විතරයි.

      Delete
    2. හෙන්‍රි ඔබ ඇන්ඩිගේ කතා කීපයක්ම සිංහලට පරිවර්තනය කරලා තිබ්බා මම දුටුවා. ඔබ සිංහල පරිවර්තනය කිරීම ප්‍රමෝට් කරනවද ???
      ඔබ වැනි පුළුල් දැක්මක් තිබිය යුතු අයෙකුත් මෙහෙම වෙළඳ ලෝකෙ පටු විදියට හිර වෙලා ඉන්නවා දැකීම දුකක්.
      ගේ කියන්නෙ ප්‍රමෝට් කරලා කස්ටමර්ස්ලා අල්ලාගන්න දෙයක් නෙවෙයි කියන සරලම කාරනයවත් මේ පුංචි කතාව අස්සෙන් නොතෙරුනු එක හරිම කනගාටුදායකයි.

      Delete
    3. ගේ කියන්නෙ ප්‍රමෝට් කරන දෙයක් හෝ ඩිමෝට් කරන දෙයක් නෙවෙයි හැලප. එය අප කැමති වූවත්, අකමැති වූවත් අප අතර තිබෙන එක් ජීවන රටාවක්..

      Delete
    4. Uh,oh!
      මම කිව්ව දේට වෙනියගේ හිත රිදිලනේ. මුලින්ම මම කොන්දේසි විරහිතව ප්‍රසිද්දියේම සමාව ඉල්ලනවා උඹේ හිත රිදවීම ගැන.

      ඊ ලඟට මම අදහස් කලේ ඒක නෙවෙයි කියලත් කියන්න ඕනෙ. මම දැක්කා මේ දවස්වල GAY AND LESBIAN වර්ගයේ කතා කීපයක්ම බ්ලොග් අවකාසයේ. ඒකට හේතුව මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩ් එකක්ද කියලා මම කල්පනා කලා. මට හිතුනා මේ දවස්වල මොකක් හරි මම නොදන්න හේතුවක් ඇති කියලා ඒකට.

      එතකොට ඔලුවට පොල්ලෙන් ගහනවයි වගේ කියපු දේයි අදහස් කලේ අන්තිම ඡේදයේදි කිසි සේත්ම බලාපොරොත්තු නොවුන අවසානයකට නැතිනම් surprise එකකට මුහුණ දෙන්න සිදුවුන නිසා. ඒක ඇත්තටම අනපේෂිත, ඔලුව ‍තෝන්තු වෙන අවසානයක්. තාත්තගේ හැසිරීම් රටාව මේ විදියට බලපායි කියලා මට නම් එතනට එනකල් හිතුනෙම නෑ.

      හිතවතෙක් බලාපොරොත්තු නොවෙන දෙයක් කිව්වාම හිත රිදෙනවා වැඩියි. නමුත් මින් පස්සෙ මම නිදහසේ හිතට එන දේ නොකියා ඉන්න බලන්නම්.

      Please accept my apologies.

      Delete
    5. හිත රිදුනෙ නෑ හෙන්රි ඒ නිසා ඔබගේ සමාව ඉල්ලීම සහ මම සමාව පිලිගැනීම දෙකම අපි මේ සීන් එකෙන් අයින් කරමු. ඒක ඉවරයි. "නියම හිතවතෙක්" ගෙන් මම බලාපොරොත්තු වෙන එකම දේ තමයි හිතට එන ඕනිම දෙයක් නිදහසේ ඒ විදිහටම මට කියන එක..මේ වචන ටිකක් හින්දා ඔබ "නියම හිතවතෙක්" කියන කැටගරියෙන් එලියට යන එකක් නෑ කියලා හිතනවා වගේම පතනවා !

      Delete
    6. හපොයි නෑ මචං. ඒ කැටිගරියේ කිසි වෙනසක් නෑ. නමුත් මම අත්දැකලා තියෙන දෙයක් තමයි, අපිට හුඟක් හිතවත්තු අතින් කියවෙන සුළු දේකට අපිට මහ මෙරක් වගේ හිත රිදෙන බව. උදාහරණයක් හැටියට අර අපාය ක්ලාස් එකේ එකෙක් මට පට්ට කුණුහරපයක් කිව්වට මම ඒක එච්චරට ගනං ගන්නේ නෑ. නමුත් උඹ මාත් එක්ක කතා කරකර ඉඳලා දොර හයියෙන් වහගෙන ගියොත් මට ඒක වදිනවා අම්බානක. දීපා තේ එක ගෙනත් මේසෙ උඩ ටිකක් හයියෙන් තිබ්බොත් ඒක අර කඩේ වේටරයා දඩාස් ගාලා තේ එක මේසෙ උඩ තිබ්බා වගේ නෙවෙයි. ඒක මහ බොළඳ සිතුවිල්ලක් වෙන්න පුලුවන්. නමුත් ඇත්ත ඒකයි. එහෙම වෙන්නේ අර කැටිගරියේ ඉන්න නිසා.

      Delete
    7. මමයි සමාව ඉල්ලන්න ඕනි හෙන්රි එහෙනම්..මමයි එච්චර දුර දිග නොහිතා අර කමෙට්න් එකට උත්තරේ ලිව්වෙ !
      සමාවෙයන් !

      Delete
    8. වෙනී අයියව නම් අදුරගත්තා... හෙන්රි අයියත් අදුරගන්න වටින මනුස්සයෙක්... බලමුකො අනාගතේදි... :)

      Delete
    9. බොහෝම ස්තුතියි සාතන්.

      වෙනියෝ අපි මේකට මරාගත්තා මදි වගේ, නේහ්? :D දැනට ඔහෙ කමක් නෑ. මෙන්න දැම්මා පහක්.

      Delete
  8. හප්පට සිරි ගජ... අන්න මේකෙම ඔපොසිට් කතාවක් නූතන විශ්ණු ශර්මන් ලියලා තිබුනා.. :D

    නියමයි වෙනි අයියා..මරු කතාව..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. සෙන්නා ඒ ලින්ක් එක දාන්න.මට ඒ බ්ලොග් එක අහුවෙලා නැත්ද මන්දා ?
      උඩ වෙච්ච පටලැවිල්ල හරි ගැස්සුවා ඕන් ! :-D

      Delete
    3. අයියෝ ඕවා මොන පටලැවිලිද ලියන්නා. ඕවා සුළු දේවල්නෙ..

      මේ.... රවි අයියගෙ බ්ලොග් එක දන්නෑ කියලා විහිළුනම් කරන්න එපා හරිය. අර නිදහසේ හිතන එකා බන්.. කෝකටත් ඔන්න ලින්ක් එකත් දැම්මා.

      http://ranrandil.blogspot.ae/2013/05/183-pre-determined-farewell.html


      ඒක නෙමේ බොල කෝ අපේ වෙනි අයියා ? තොපි දෙන්නා එකතු වෙලා ආයෙත් ඒ අහිංසකයව එළියට ඇදලා දැම්මද ?

      Delete
    4. ආ ඒක මම කියෙව්වා ඒ කතාව ටැබූ ඉන්න කාලෙම දාලා තිබ්බ එකක්..එච්චර හොඳ නිර්මානයක් කරන්න මම තාම හීන මවනවා බන්..
      අනේ ඒ අහිංසකයත් ඉන්නවා ඕන් ඔහෙ... :-D

      Delete
  9. කතාව නියමයි වෙනී අයියේ.. ආපහු වෙනි අයියා කතා ලියන්න පටන් ගත්ත එක හොදයි.. ටික දවසක් ඉදන් බලන් හිටියේ කතාවක් ලියනකන්.

    ReplyDelete
    Replies
    1. කථාවක් ලියන්න තියෙන්න ඕනි මානසික නිහඬබවක් තිබ්බෙ නෑ මල්ලි...බලමු ඉස්සරහදි..නොලියූ පැත්තවල් ගොඩක් තියෙනවා ලියන්න..

      Delete
  10. මුලින්ම මාතලන් කියල තිබෙන වචන තුන හැර තවත් වචන තිබේද මෙයට කියන්න.
    විශිෂ්ටයි...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි..

      Delete
  11. හැමදාම කියනව වගේ ලියන්නගේ නිර්මාණ ශක්තිය හෙන ඉහලයි. ඒකට හේතුව ලියන්නෘ, වෙනී, නිර්දය විවේචකයා යන තුන්දෙනාම එකිනෙකා පරයන්න දරණ උත්සාහය හින්දා කියලයි මට හිතෙන්නේ.. අහුමුළු අත ගෑවම අනන්තය දකින්න පුළුවන් වෙන්නේ හොද පරිකල්පනයක් හා විචාර බුද්ධිය ඇත්තෙකුට පමණයි.. වෙනී, කව්රු කියන දේටවත් තරහ වෙන්න එපා බොල.. තරහ ගන්න එපා. මිනිහට මේක තේරෙන්නේ නැත්නං මේවා මොනවද කියන එක පෝස්ට්කටුවක් දාලා හරි කියල දෙන්න.. මොකද අපේ ආච්චිත් ඒ දවස් වල පළිගු මැණිකේ බල බල සුරසේනට දෙහි කපලා, ශ්‍රියන්ත රගපාන එක නාටිටියක්වත් බැලුවේ නෑ.. තේරුනාද

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කල දේ තෙරුනා දේශකයා..ලාංකීය පරිචය තුල මේ වෙනකන් සිද්ද වෙච්ච දේ ගැන යම් වැටහීමක් එක්කමයි මේක ලිව්වෙ...ඔබ කියන පසුවදනක් ලියන්න හිතා ඉන්නවා එන කමෙන්ට් සහ කමෙන්ට් නොදමා එන ප්‍රතිචාර එක්කම...මට ඕනි වෙලා තියෙන්නෙ ගොඩනැගෙන ප්‍රතිරූපය බිඳවැටෙන නිර්මාණයක් හරහා දිවි ගෙවන්න මිසක් පට්ට බ්ලොග් එකක් ලියන එකෙක් වෙන්න නෙවෙයි. පොළවෙ පය ගහලා ඉන්න සරල මනුස්සයෙක් වීමට වඩා තව දෙයක් තියේද ?

      Delete
    2. මචං ලියන්නා

      උඹෙ ලිවීමේ වරදක් නෑ. ඒත් මාර නැහැ. මේ දේශකයා වගේ අයගෙන් ටිකක් විතර පරිස්සම් වෙන්න. උඹට හරි මට්ටමකට යන්න තව ගොඩක් දුරට යන්න ඕනෙ. හරි පාරේ ඉන්නෙ. හැබැයි පාරට බාල්දි පෙරලන්නෙ උඩ ඉන්න "සහෝ"ල තමයි.

      උඹට අවංක විචාරයක් ඕනෙ නං

      කතාව හෙන සරලයි. නිතර පාවිච්චි වෙන සිම්බල්ස් එකට අඹරල හදපු සුප් එකක් වගේ. අන්තිමට චාතුර්යා ටෙලි නාට්‍ය වගේ පරස්පරයක්.

      ඔහොම යමං, ටාගට් එක පේනවනං.

      උඹට ඕනෙ හිත සතුටු වෙන විචාරයක් නං

      මචං වෙනියා, මේ තරම් වචන ගලපල ලියපු, මේ තරම් මනුස්ස හැඟීම් උද්දීපනය කරන, මේ තරම් මනුස්ස සිත ගවේශණය කරපු ලිවීමක් මම දැක්කෙ මාටින් වික්‍රමසිංහගෙන් පස්සෙ. ලාංකීය සාහිත්‍ය කඩා වැටෙනවා කියන විචාරකයින්ට වෙනියා හොඳ පහරක් එල්ල කරල තියෙනව. අපේ සාහිත්‍යයට නව බලාපොරොත්තුවක් උඹ දීල. මට එන කඳුලු වලට අපෙ ගෑණිත් බය වෙලා දැන් ඉස්පිරිතාලෙ ගෙනියන්න හදනව. මට ලෑස්ති වෙන්න තියෙන නිසා මම යනව. උඹට තුති!

      Delete
    3. මචං ඇනෝ,
      දේශකයා වගේ අයටත් තමන්ට හැඟෙන දේ ඔබට වගේම ඒ විදියටම ලියන්න තියෙන අයිතියට අපි ගරු කරමුකෝ. හරි අපි මොහොතකට හිතමු ඒ අය පෙරලන්නෙ බාල්දි කියලා මම එක්කෝ ඒ බාල්දි ටික නාන්න හරි ගන්නම්කො..ම්ම්ම් බාල්දි කඩයක් දාන්නත් හොඳා...
      \\අවංක \\ - මම දේශකයාටම කියලා තියෙනවනේ මට පට්ට ලියන එකෙක් වෙන්න ඕනි නෑ..සරල දෙයක් ලියන්න ඕනි කියලා..චාතුර්‍ය්යා බලා නැත..පරස්පරය බිහිවන්නේ තමන්ගේ කියවීම තුලින්ම නේද ?

      ලියවිල්ල හරහා ළඟා කර ගන්න කිසිම පැහැදිලි මෙන්න මේ වගේ කියලා කියන්ඩ පුළුවන් ටාගට් එකක් නැති නිසාත් මට යන්ඩ එක පාරක් කියලා එකක් නැති නිසාත් මේ සේරම ටාගට් මගේ...මේ සේරම පාරවල් මගේ..මේ පට්ට නිදහසට මම හරි කැමතී..මගේ එක ටාගට් එකක් උනේ ඔබ වගේ ඇනෝවෙක්ගෙ කමෙන්ටුවක්..එයත් හරි !

      \\සතුටු විචාරය \\
      මගේ මුළු පෝස්ට් එකටම වඩා ඔබේ කමෙන්ටුව රසවත් බව නම් නොකියාම බැහැ. එයට තුති !

      Delete
  12. මේක පුදුම විදිහට පපුවට වැදුනා වෙනි.

    ReplyDelete
    Replies
    1. මේ කතාව පිටුපස ඔප්පු කරන ලද මනෝ විශ්ලේෂණයක් තියෙනවා අයිලාස්..

      Delete
  13. කෙටි උනත් ලස්සනට ලියල ‍තියෙනව.
    දුර්වල තාත්තා චරිතයක බලපෑම. නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා ඒ නියමය අඳුනාගෙන තියෙන්නේ ප්‍රසිද්ධ මනෝ විශ්ලේෂණයක් තුලින්..

      Delete
  14. ආපහු මේ වගේ කතා ලියන්න පටන්ගැනීම ගැන සතුටුයි... කතාව ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ... එල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන්..පසුගිය නිහඬ බව තුල කතන්දර ලෙස ගිණි තැබිය හැකි දේවල් එහෙන් මෙහෙන් එකතු උනා..

      Delete
  15. මට හැඟෙන විදිහට, තාත්තා නැති නිවසක බාප්ප කෙනෙකුගේ හැසිරීම මේ ආකාරයෙන් සිදුවෙනවා යන්න මේ කතාවෙන් හොඳින් පෙන්නලා තියෙනවා කියලා. මේක කෙටි කතාවක් වුවත් නව කතාවක ලක්ෂණ තිබෙනවා කියලයි මට නම් හිතෙන්නේ. හදුනාගැනීමට ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඔව් තරු අරුණ දුර්වල පියෙක් හෝ පියෙක් ලෙස සලකන වැඩිහිට්යෙක් යටතේ ඉන්න දරුවකුගේ තත්වය මෙහෙම වෙන්න පුළුවන්. ඇත්තටම මේක මහ දිග නව කථාවක කටු සටහනක් විතරයි. මා අතින් ඒ නවකථාව දැනටමත් ලියවෙනවා...

      Delete
  16. //මන් යන්න ඕනි. දුවගෙ පංති ඇරෙන වෙලාව හරි. ආයි ලබන සතියෙ එන්නම්කො//

    මෙන්න මේකෙන් තමයි මගේ ඇස් වලට කඳුළු ආවේ ...

    ReplyDelete
    Replies
    1. "දුවගේ පංති ඇරෙන වෙලාව" ඔය වචන හතරෙන් මන් කියන්න ගිය මහ දිග කථාව කවුරුවත් අල්ලාගන්නෙ නැතිවෙයි කියන සැකය තිබ්බා..ඒත් කියාගන්ඩ බැරි ඔබ ! සහෘදයෙක් සැබවින්ම !ඔව් ඇසකට කඳුළු එන තරමේ යටිපෙල අරුතක් එතන තියෙනවා මනඃකල්පිතයක් නොව සැබෑවක්ම උනු...

      Delete
  17. කමෙන්ට් එකකින් කියන්න බැරි තරම් දේවල් ගොඩක් තියෙනවා මේ කතාව ඇතුලේ මට හිතෙන විදියට.... වාක්‍ය කීපයකින් චරිත කීපයක් මේ විදියට මවන්න “ ලියන්නා ” ට තියෙන හැකියාව ගැන මට ඉරිසියාවකුත් එනවා... ( මේක ඇතුලේ නවකතාවක ප්ලොට් එකක් පේනවා මට...හි හි)

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු මම නොකියා සිටි දෙය..මගේ පාඨකයො අල්ලගන්නවා කොහොම හරි..මේක දැනටමත් ලියවෙමින් තිබෙන නවකථාවක සැකිල්ලක් පමණයි.

      Delete
  18. අපූර්ව චින්තකයෙක් තුල බිහිවෙන්නේ පරිචයට එහා ගිය යමක්.නැත්නම් පරිචය තුල උකහාගත් යමකින් ඔහු නිර්මිත ලොවක කතා වස්තුවක් අඹනවා.ඔබ ඒ කාර්ය හොඳින් කරලා

    ReplyDelete
    Replies
    1. පරිකල්පනය තුල කල හැකි දේ කරන මාවත් විටෙක විස්මයට පත් කරනවා ජනා මල්ලි..පරිචයෙන් පොහොසත් නම් ඒ පරිකල්පිත් නිර්මාණය වඩාත්ම යථාර්ථයට සමීප වෙනවා. එයට කලයුතු කැපකිරීම් කරන්න සමහර විට බොහෝ බාධා තියෙනවා..

      Delete
  19. අනේ මන්දා මොනවා කියන්න කියලා! අද තමයි මුලින් ම ආවේ. හිතට වැදෙන ලොකු කතාවක් මේක. තාත්තා කෙනෙක්ට කොච්චර බලපෑමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ පැමිණීමට...ඵලයට ගල් ගසන සමාජයක එයට හේතුභූත වූ දෙය සොයා යන්නට පෙළඹවීමක් කිරීමට කරන වෑයමක් විදියට මේක හඳුන්වන්න මම කැමතියි..

      Delete
  20. මිනිස්සු අතර මනුස්සයා

    ReplyDelete
  21. ඇඩෙනවා... ඇඩෙනවා....එච්චරයි කියෙන්නේ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පොඩි එකෙක් උනා නම් මලක් කඩලා අතට දීලා නලවා ගන්නවත් තිබ්බා ඒත් උඹ නලවන්නෙ කොහොමෙයි රජෝ ?

      Delete
  22. අම්මා,තාත්තා විසින් වෙන අත පසුවිම් පු0චි දරුවෙකුගේ මනසට තදින්ම කා වැදුනම ජීවිතේ වෙනස් වෙන තරම් ....:අවු.10 දි තාත්තා අතින් අතවරයට ලක්වීම, ලෝකයට වසන් කලේ තාත්තා මත අම්මා,අක්කා, මම යැපිම නිසාත් අපිට යන එනමක් නැති වේ යැයි සිතු නිසාත්, අම්මා කියන අසරන චරිතයට දුකක් දෙන්න තරම් හයියක් මගේ හිතේ නොතිබුනේ තාත්තාගේ කල්කිරියාව නිසා අම්මා උවමනාවටත් වඩා බැට කා තිබු නිසාය....ඒදා පටන් මම,මගේ හිතින් ඉතාමත් දරදඩු චරිතයක් උන අතර පිරිමි සන්හතිය ගැන මා තුල වුයේ පිලිකුලකි,පාසැල් කාලයෙන් පසු සටන් කලාවක් හැදෑරිම පටන් ගත් අතර මා තුල වු ගෑනු ගතිය පහව ගියේ මටත් නොදෑනිමය. මට අවු.13 වන විට අක්කා වැඩි දුර ඉගෙනිමේ කටයුතු සදහා පිට රටකට ගිය අතර,-අම්මා තාත්තා නම් අදම මිනිහාගේ වැඩ කටයුතු වල එලබි සිටි අතර ඇයගේ ආදරයද අක්කා වෙත පාවි ගිය බව දැනුන මා තව තවත් ගෙදර පරිසරයෙන් ඈත් වන්නට විය.
    අ.වු. 17 දි ඇය මුන ගැසිම මගේ හුදකලා ජීවිතය උඩු යටි කුරු වන්නට වුයේ ඈ තුලින් මා විටෙක මගේ අක්කාත් අම්මාත් දුටු නිසාය. ජීවිතයේ එතෙක් වු සියල්ල ඇය ඉදිරියේ දිග හැරිය දා අ.වු. 7 කට පසු සුව නින්දක වැටුනේය.,,,, දිනෙන් දින ඇය නොදැක ඉන්නට බැරි තරමට ඒ ආදරයට ලෝබ වුනි,ඇය තුලද මා ගැන තිබු ආදරය විටෙක අනන්තයයි මට සිතුනි...
    මේ සියල්ල සිදු වි 8 ට අවුරුද්දක් ගෙවුනි,අවුරුදු 7 කට පෙර යෝජිත විවාහයකින් ජීවිතේ අලුත් පිටුවක් පෙරලු මන් අද ගොඩාක් සතුටින් ඒ ආදරය විදිනව මේ ලෝකයේ මාව තෙරුම් ගත් එකම පිරිමි ආත්මය ඔහු පමණයි,
    ඇය මා හැර නොගියා නම් ඈ වෙනුවෙන් නොකල හැකි දෙයක් මට නොතිබුනි,නමුත් ඒ හැරයාම මා තදින් නිදා බලමින් සිටි සිහිනයකින් අවදි කරන්නාක් මෙන් වුනි,..... කෙසේ වෙතත් මා මිය යන්නා තුරු ඇය වෙනුවෙන් උපන් කුලුදුල් ආදරය හිතේ කොනක ඉතාමත් ගරුත්වයකින් සටහන් කර තබන්නට මා සිත් වුයේ තුවාල වි තිබුන මගේ සිත ඈ විසින් සුවපත් කල කාලයක් තිබු නිසාය,ඇයගේ ආදරය නොතිබුනා නම් මගේ ජීවිතය මිට වඩා වෙනස් වුවක් වන්නට තිබුනු නිසාය.එ0ගලන්තයේ සිට ල0කාවට ගිය සෑම විටම ඇය හා දුරකථනයෙන් කතා කිරිමට අමතක නොකරන්නේ කලගුණ සැලකිමක් ලෙසය.ජීවිතයේ මා විසින් ආදරය කල ප්‍රථම හා අවසාන ගැහැනිය ඇයම විය.
    ..............................................................................
    ලියන්නාගේ ලිපිය මන් අද උදේ පාන්දර කියෙව්වා,දවසම ඔලුවේ වැඩ කලේ ලිපිය පුරා කැටි වෙලා තිබුන මොකක්දෝ කියාගන්න බෑරි කාරනයක් ,දුකක්,අතපසුවිමක්,කලකිරිමක්,අහිමි වු දෙයක් නැවත ලැබිමක් ....................කියලා මට හිතෙනවා.මේ ලිපිය මගේ ජීවිතේ අවුරුදු 8 කට ආපස්සට ඇදන් ගිහින් උස්සලා පොලොවේ ගහැව්වා හා සමානයි,,,, හිත නිදහස් වුනා,,,,,,,ලියන්නා ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. මේ වගේ සත්‍ය ජීවිත කතන්දර ගණනාවකින් සැලුනු, කම්පනය වෙච්ච මගේ හිතේ දෝංකාරය තමයි මම මේ කුඩා නිර්මාණයට එකතු කරන්න පෙළඹුනේ..
      ස්තූතියි..ඔබ ඒ කතාවට මහා උපහාරයක් එකතු කලා වගේ දැනෙනවා ඔබේ ජීවිත කතාව එකතු කලහම...

      Delete
  23. අසම්මත උනත්, මිනිස්සුන්ගේ ජීවිත ගැන හරි හැටි නොදැන, එයාලගේ චරිත බිමට දාන්ට අපිට බැරි බව ඔප්පු කරන කතාවක් මේ වෙනී. හදවතට කතා කරලා තියන කතාවක්. උඩ කමෙන්ට් එකෙන්ම ඒක ඔප්පු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි, ඒත් අදටත් සමාජයේ බහුතරයක් කරන්නේම ප්‍රතිපලය දිහා බලලා ඒකෙන්ම තමන් මේවෙනකන් සංජානනය කරගෙන තියෙන දේ තුලින් අවසන් නිගමනයකට එළඹිලා අයෙක් තමන්ට වඩා පහත් හෝ උසස් කියලා සලකන එකයි.එහෙම කෙහෙල්මලක් නෑ කියලා තේරෙන්නෙ කීයෙන් කී දෙනාටද ?

      Delete
  24. මේ කතාව වෙනී හරි නිර්දය විවේචකයා හරි ලීවොත් කොයි වගේ වෙයිද කියලයි මම කල්පනා කලේ..!!

    ReplyDelete
    Replies
    1. හරය නම් මෙමම වෙයි..රූ..මෙච්චර කෙටි වෙන එකක් නෑ කතාව..

      Delete
  25. මේකට කොහොම කමෙන්ට් කලාත් පහලින් තවත් කෙනෙක් ඇනෝ කෙනෙක් විදියට අමුතු දෙයක් කියන්න ඉඩ තියෙනවා. එදා ඉඳල මම මේකේ ගියපු ගොඩාක් කෙටි කතා කියවල තියෙනවා. නමුත් එහෙම කතාවක් කියල යටින් ප/ලි කෑල්ලක් දන්නේ නැති නිසා ඇතැම් අය හිතන්නේ නිර්මාණකරුවාගේ ඇත්ත තත්ත්වය කියල.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කෙනෙක්..අමුතු දෙයක් ??? ඒ කොටස නම් ටියුබ් ලයිට් අසර්...
      මෙහෙමයි අසර් මට ප.ලි.යක් දාන්නත් තිබුනා..මෙහෙමයි මේ මගේ කතාව නෙවෙයි කියලා..එහෙම දැම්මා නම් කෙනෙකුට හිතෙන දේ වෙනස් වෙන්නෙ නෑ එහෙම නොදැම්මයි කියලත්..මට දැඩි විශ්වාසයක් තියෙනවා පාඨකයො නිර්මාණය සහ නිර්මාණකරු අතර වෙනස හඳුනනවා කියලා..එහෙම නොවන අය මගේ පාඨකත්වයෙන් අයින් වෙන එක හොඳයි මේ වගේ නිර්මාණයකින් හරි..මගේ ඊළඟ සාමාන්‍ය රටාවෙ නිර්මාණයට ඔවුන් ඒවි..සහතිකයි..

      Delete