ඈ වෙනදාටත් වඩා ලස්සන යැයි මට සිතේ.
සුදු පැහැ චාම් ටී ෂර්ට් එකක් සමඟ හැඳි සුදු පැහැ දිගු සාය නිසා සංසාරයේ බොහෝ පෙරුම් පිරූ උවැසියකගේ ඡායාවක් මගේ දෑස කොනක දැවටේ.
"ඔයා සිල් ගන්න ගියේ නැද්ද"
"හ්හ්මුහ්...නෑ අපිට මොන සිල්ද. කනවා බොනවා හැම***, බුදියා ගන්නවා ආයි ආයි ඔය රෝදෙම තමයි කැරකෙන්නෙ"
"හෙමීට... හෙමීට..මේ වෙසක් දවස් ටිකේවත් ඔව්වා ටිකක් හෙමිහිට කියන්ඩකෝ. බලන්න අහල පහළ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙනවා මේ සෙනඟ අස්සෙ"
ඇගේ සුදුමැලි වත රතු වී ඇත. දෙකන් සහ නහය රතු වූ විට ඈ වඩාත් පියකරුය.
"කන්ඩකෝ ඔය අයිස් ක්‍රීම් එක. ඔන්න අත දිගේත් බේරෙනවා"
"ඉහ්...හිහ්...ඉහ්.."
ඈ පොඩි එකකු මෙන් හිනා සලමින් අයිස් ක්‍රීම් කෝන් එකම සෙමින් තම දෙතොල තුළින් මුව තුළ බහා එහි හිම කිරම සූප්පු කරයි.
මට සිනා පහළ වීය..
"ඇයි හිනා වෙන්නෙ?"
අයිස් ක්‍රීම් කෝණයේ කෙළවරක් සපමින් ඈ විමතියෙන මා දෙස බලන්නීය.
"ඔන්න කට දෙපැත්තෙ බේරෙනවා"
මම ඈගේ ලේන්සුව ගෙන ඈගේ මුව පිස දැම්මෙමි.
"ඇයි හිනා වුණේ "
තවමත් ඈ දෑස් තුළ විමතියේ ලකුණු..
"මට මතක් උණා අර කතාව අර සිස්ටර් කෙනෙකුයි, ගොනෙකුයි, බැඳපු ගෑනු කෙනෙකුයි අයිස් ක්‍රීම් කන විදියෙන් කොහොමද බැඳපු කෙනාව අඳුරා ගන්නෙ කියලා ඇම්ඩා අහපු කතාව"
මට උවමනා තරමටම ඈ මුව විළියෙන් රතු වීය..
"යන්ඩ යන්ඩ මම ඔය කතා ඕනි තරම් අහලා තියෙනවා. කී දෙනෙක් නම් ඔයි කතා කියනවද?..හැබැයි ඔයා හරි නරකයි"
"ඇයි?"
"මම ඔයිට ඉස්සෙල්ලත් කිව්වා අර වචනෙ අර ගොල්ලන්ට පාවිච්චි කරන්න එපා කියලා. ඇයි ඒ ගොල්ලො ඒක විකුණන් කෑවයි කියලා මිනිස්සු නෙවෙයිද ?"
ඈ මට පිටුපා ගොස් වැව් බැම්මේ තනා තුබූ තාප්පයට වැළමිටි වාරුව ගෙන ඈත නගන රැළි දෙස බලා සිටින්නීය..
මද සුළඟට ඈගේ කියඹු වැල් සැලෙන්නේ ඈගේ සිතුවිලි කැළඹෙන ආකාරයට යැයි මට සිතුණි..
මට මහත් දුකක් සිතුණි...මා සෑමවිටම මගේ සිත විස්සෝපයට ඇද දමන්නෙ මාගේ පාලනයක් නැති කට නිසාය..
මෙවන් විටෙක ඈට තනිවම සිටීමට ඉඩ දීම වඩා යෝග්‍ය බව මා අත්දැකීමෙන්ම දනිමි...
"මම අරෙහෙට යනවා තව ෆොටෝ ටිකක් ගන්න. මේ ට්‍රයිපොඩ් එක තියා ගන්න"
ඈ ට්‍රයිපොඩය ගෙන තම උකුලට තද කර ගෙන එයට වාරු වී..නිමක් නොපෙනෙන ජල තලයේ ඈත බලා හුන්නාය...
මා මොහොතකට ඈගෙන සමු ගත්තෙමි. මද අඳුර වැටී ගෙන එද්දී තැනින් තැන දර්ශනීය ආකාරයෙන් සකසා තිබූ වෙසක් පහන් කූඩු වල එකින් එක වූ විදුලි බුබුළු දැල්වෙන්නට පටන් ගති. අසල වූ ජල තලය මත විවිධ රටා අදිමින් වෙසක් කලාපය ආරම්භ කරන සංඥාව වූනෙක මල් වෙඩි සතර පැත්තකින් අහසට ඇදී ගොස් විවිධ හඬ නගමින් පුපුරා යන්නට වූයේ සියල්ලන්ගේම දෑස් ඒ දෙසට යොමු කරවාලමිනි.
මා මේ සියල්ලම කැමරා කාචයේ සටහන් කර ගනිමින් ආපසු ඈ වෙත පැමිණෙන විට ඈගේ සියලු අඳුරු මනෝභාවයන් ඈගෙන් ඉවත් වී නැවතත් සුපුරුදු සිනහව මුව අගට ලං කර ගෙන මා දෙස බලා සිටින්නීය.
"ඔය ෆොටෝ ටික සේරම මට සීඩී එකකට ලියලා දෙන්න..හෙමිහිට බලන්නම් නිවාඩු පාඩුවෙ.. මතක් කරන්න අද යන්න ඉස්සර වෙලා අර අවුරුදු උත්සවේ ෆොටෝ තියෙන සීඩී එක බලලා ඉවරයි මම ඒක දෙන්නම්"
ඈ ළදැරියක් මෙන් මාගේ එක් අතක එල්ලී ගෙන මුළු වෙසක් කලාපයේම වූ සෙනඟ අඩු කූඩූ සහ තොරන් සියල්ලම බැලුවාය.
මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය විටෙක නොමසුරුව මා අත වූ අමතර ලෙන්ෂයන් , බැටරි ආදි වූ බෑගය කරේ එල්ලා ගෙන මා දෙස නෙත් යොමා සිටියාය. මැදියම් රැය පහන් වෙද්දී අප ඈගේ නවාතැන වෙත පැමිණියෙමු.
සියල්ලෝම වෙසක් උත්සවය නිසාම තමන්ගේ ගම්බිම් බලා ගොස්ය..
උණුසුම් දිය දහරකින් ගත දොවා ගෙන සිහින් මධුවිතක් ආමාශ ගත වෙද්දී සන්ධ්‍යා කාලයේදී ගතට දුන් වෙහෙස සියල්ලම ගතින් මෙන්මසිතින්ද පහව ගොසිනි.
දන්සැල් වලින් සහ සෑමතැනම තුබූ ආපනශාලා වලින් විවිධ වූ දෑ කා තිබූ නිසා මද හෝ කුසගින්නක් නොදැනේ..
"යන්න ඉස්සර මම නූඩ්ලස් එකක් හදලා දෙන්නම්. නැත්නම් ගෙදර ගිහින් ඔයා බඩගින්නෙ නිදියයි"
ඈගේ උණුසුම් ඇඟිලි තුඩු මාගේ පපුවේ රෝම අතරේ සක්මන් කරයි..
වෙහෙස නිසාම නින්දක් යාමට ගොස් අසල වූ මාර්ගයේ මහ හඬ නගමින් ගමන් ගත් මෝටර් රථය නිසා මා හිස එසවූයෙමි.
"ඉඳලා උදෙන්ම යන්ඩකෝ..."
ඈ ආයාචනය කරන්නීය..
"බෑ බබා මට යන්ඩෝනි.."
"ඒ උණාට ඔයා බීලා ඔය බයික් එකේ යන කොට පොලිසියෙන් ඇල්ලුවොත්"
"ඔයා දන්නවනේ මගේ යාළුවො ගැන..කෝල් එකක් දීලා ෂේප් වෙන්නම්"
"මොකද්ද ඔයා ටිකකට ඉස්සෙල්ලා අර අද වෙසක් දවසේ ඇත්තම කියන්නම් කියලා කීවෙ?"
"මතකද මම ඔයාට කීවා මම මේ තත්වෙට වැටුණෙ කොහොමද කියලා"
"ඔව් මතකයි ඔයා එක එක සැරේට එක එක කතාවල් කීවා..තාත්තා අතින් උණ නිසා කීවා..අර ඉස්කෝලෙ සර්ගෙ කතාවක් කීවා.හාමුදුරුවො දහම් පාසලෙදි.."
"ඇති ඇති...ඒ බිව්ව වෙලාවට එහෙම කියන්න ඇති"
"ඉතින් ඇත්තම කතාව මොකද්ද ?"
"ඔය මොකක්වත් හේතු නෑ අනේ මම මේකට ආසයි"
"ආ ඒකද ඇත්තම කතාව?"
"ඔව් වෙසක් එකේ ඇයි මම බොරු කියන්නෙ?"
"හා ලබන ඉරිදා මොකද කරන්නෙ?"
"ලබන ඉරිදා බෑ සෙනසුරාදා අර බැංකුවෙ මහත්තයා එක්ක නුවර එළි යනවා..එන්නෙ සඳුදා උදේට"
"මට මොනවද ගේන්නෙ"
ඔයාට ඔයා කැමතිම ස්ට්‍රෝබෙරි ගේන්නම්"
විටින් විට ඇද හැළුණු දුවන වැසි නිසා මදක් තෙමී තිබුණු බයිසිකලය මත හිඳ ගත් මාගේ තුනටිය දිගේ මුළු ශරීරයම හිරි වට්ටන සීතලක් මොළය වෙත ඇදෙන්නටවීය..
සීතල වූ හෙල්මටය පැළඟ ගත් මා නැවත ඈ දෙස බැලූයෙමි.
මා දුටු සුන්දරම හදවත සතු කත ඇයයි...
------------------------------------------------------------------------
ප. ලි. මේක කෙටිකතාවක් විතරයි කියලා කියන්ඩම ඕනිද ???
\\\මා දුටු සුන්දරම හදවත සතු කත ඇයයි... ///
ReplyDeleteබරක් පතළක් නැති ජීවිතයක් නිසා හැමෝම සනස සනස ඉන්න පුළුවන් වීමේ ප්‍රතිපලයක් කියලා හිතෙන්නේ නැද්ද ..?
බොහොම ලස්සනට ලියවිලා තියෙනවා ..
ජීවිතේ බරක් පතලක් දැනෙන්නෙ අපි හරි තැනින්ම ජීවිතේ අල්ල ගත්තහමද කියලා මට සැකයක් තියෙනවා සහන්..
Delete"ප.ලි ප. ලි. මේක කෙටිකතාවක් විතරයි කියලා කියන්ඩම ඕනිද ???"
ReplyDeleteදැන් උබ කියන හින්දම ඔව් කියන්නම් කෝ...මොකටද බොරු කියන්නේ නේද ? වෙසක් දවසේ ..
හා නැත්නම් බොලාලා මේක මටයි උනේ කියලා පද හදනවනෙ
Deleteඅයියෝ වෙනී අර පලි නොතිබුණානම් නේ මරු.. එහෙමනං කියවන අපටත් මනෝ ලෝකෙක අරාජික වෙන්න තිබ්බනේ..
ReplyDeleteඇත්තටම යහන් ගතවෙන්නේ ආසාවටම නම් ඒ මොහොත මොනතරම් සුන්දර වෙයිද,
මම දන්නවනේ බොලාලා හදන පද ඒකයි පලියක් ලිව්වෙ...ආසාවෙන්..ඔව් එහෙමත් වෙනවා..නලින්
Deleteඅතේ දියපට්ට මතු වූ හේතුව සොයා ගත්තා යැයි සිතමි.
ReplyDeleteඒ නම් ගෙදර දොරේ වැඩ පල නිසා සෑම්
Deleteමං ඒත් බැලුවා වෙනි අන්කලුයි හොම්බ දිග කැමරාවයි පේන්න ඉන්නවද කියලා වෙසක් බලන්න ගියාම... හි හි...
ReplyDeleteබොරු කිය කිය ඉන්නවට වඩා ,තිත්ත උනත්, දරාගන්න අමාරු උනත් ඇත්තටම හැමතිස්සෙම ඇත්ත කියලා, හිනාවෙන, අඬන වෙස් මූණු ගලෝගෙන ඉන්න පුළුවන් නම් හදවත සුන්දරව තියාගන්න අමාර නෑ....
This comment has been removed by a blog administrator.
Deleteහි හි...
Deleteහි හි...
හි හි...
හි හි...
හි හි...
මොකද්ද බන් හි...හී.. ඇනෝ ?..ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නැති නිසයි මම උඹේ උඩ කමෙන්ට් එක මැකුවෙ !
Deleteමම බොහොමයක් වෙසක් කලාප වල ඇවිද්දා හිරූ..අඳුනන කීප දෙනෙකුත් හමු උනා..
DeleteThis comment has been removed by a blog administrator.
Deleteජීවිත කතාව කෙටි කතා හැටියට එළි දක්වන්න තහනමක් නෑලු.
ReplyDeleteනෑලු...නෑලු...එහෙම වෙනකොට ඒකෙ සජීවී බව රැකෙනවනෙ...
Deleteලස්සන නිර්මාණයක්. අර ප.ලි කෑල්ල කතාවේ මාතෘකාවට යටත්ද?
ReplyDeleteතරු අරුණත් මාව අමාරුවෙ දාන්ඩ නේද ඔය හදන්නෙ ?
Deleteකෙටි කතාවක් විය යුතුමයි කියල නීතියක් නෑ නොවැ වෙනී...අත්දැකීමක් වුණත් ප්‍රශ්නයක් නෑ...
ReplyDeleteමොකක් හරි...කතාව ලස්සනයි හිතට වදිනව...අර කෙල්ල නං හරිම සුන්දර හදවතක් තියෙන කෙල්ලක් වගේ...
ඔව් අයියෙ, කෙටි කතාවක් වෙන අත්දැකීම් නේද අපිට හොඳටම ලියන්ඩ පුලුවන් වෙන්නෙ මට හිතෙන විදියට
Deleteතමන්ගෙ රැකියාව ආසාවෙන් කරන්න පුලුවන්නම් කොච්චර ලොකු දෙයක්ද ! අපිට වෙලා තියන හෙනේ කරන රැකියාව එපා වෙලා තියන එකනෙ.. අර ඩූඩත් දවසක් කිව්වෙ..
ReplyDeleteකැමරාව, ට්‍රයිපෝඩ් එක, අවුරුදු උත්සවේ ගැන එහෙම නොකියා හිටියනම්.. මේක කෙටි කතාවක් කියලා නොකිව්වත් අපි එහෙම හිතා ගන්නවා.
ඒ ටික එබුවෙ..එතකොට කතාව රසවත් වෙනවනෙ..නන්නාඳුනන දේවල් එකතු කරනවට වඩා...
Deleteලියන්නාව බලන්න හැමදාම එන නිසා නිර්මාණයත් නිර්මාණකරුවාත් අතර අත්දැකීම් නැති බව හිතාගත්තා!!
ReplyDeleteනිර්මාණකරුවා නිර්මාණයම වෙන්න ඕනි නෑනෙ..මනසින් අපිට අනන්තය දක්වාම මවන්න පුලුවන්..එයයි මනසේ විශ්මය රූ..ඒක තේරුම් නොගන්න බහුතරයක් පහු ගිය කාලෙ මාව දාලා ගිහින් කියලා ඔබටත් පෙනෙනවනෙ..
Delete
ReplyDeleteකතාව ලස්සනයි.
මාතෘකාව දැක්කාම දෙන්ට හදන පණිවිඩේ තේරුම් ගත්තුහැකි. ප්‍රධාන චරිතය නිර්මාණය කරලා තියෙන්නේ අර ලියන්නා කියන එක්කෙනාගේ චරිත ලක්ෂණත් අරගෙනනේ.:)
ඔව් පොඩ්ඩි, දන්න කෙනෙක්ගෙ චරිත ලක්ශන එක්ක ගනුදෙනු කරන්න ලේසියිනෙ..නැත්නම් අමාරුවෙන් මට සමීප නැති චරිත ලක්ෂණ දාලා ලියන්නත් තිබුනා..මම මෙහෙම තෝරා ගත්තා..
Deleteඑක්කෝ මම මේ කතාව පටලවගෙන.. නැත්නම් වෙනී අයියේ උඹ අපිට පටලවන්න හදනවා....
ReplyDeleteමේ ජාතියේ කොල්ලෙක් එක්ක කෙල්ලෙක් ඉන්නවා කියන එකත් පුදුමයි.. එකිනෙකා තේරුම්ගැනීම මත එහෙම ඉන්නවා නම් කෙල්ලට තියෙන්නෙ සුන්දර හදවතක් තමයි.
...ආයෙත් කියන්නේ, මම පටලවගෙනද දන්නෙ නෑ... :)
මේ වෘත්තීය ගණිකාවක් තිසර, මම නිර්මාණය පොඩ්ඩක් විවෘතව තිබ්බා..කියවන කෙනාට තමන්ගේ අභිමතය පරිදි ඕනි අච්චුවකට දාලා රස විඳින්න ඕනි නිසා. මුලින්ම ලියපු කතාවෙ මීට වඩා ඉඟි කීපයක් දැම්මා ඇය ගණිකාවක් බව පෙන්නන්න..දෙවෙනි, තුන් වෙනි වාරයේ ඒ ටික අයින් කලා...
Deleteඇත්තටම මම හිතුවේ.. මෙහි පිරිමියා තමයි ගණිකා වෘත්තියේ යෙදෙන්නේ කියලා... දෙබස් පිළිවෙලට කියවගෙන යනකොට මට හිතුනේ එහෙමයි.
Deleteඔහෝ...ඔබ තවත් මානයක් මතු කර ගත්තාද ? එහෙම පැත්තක් මටත් නොහිතුන වෙලාවක..හ්ම්ම් ඔබ නම් නියම කියවන්නෙ තිසර, ඒක බ්ලොග් ලෝකෙම දන්නවනෙ මම අමුතුවෙන් නොකිව්වට !
Deleteනැත්තන් වෙනී... තිසර ඉතින් අපේ සුසමාදර්ශෙ නොවැ....
Deleteආ එහෙනං වෙනී අයිය වෙසක් බලන්න යනවයි කියල ගිහිල්ල තියෙන්නෙ අමුතු වෙසක් බලන්න නේද.
ReplyDeleteකෙටිකතාවක් විතරයි කියල කියන්න ඕන නෑ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කියල කිව්වනං ඉවරයිනෙ. :D
අපි බොහොම සැදැහැ සිතින් වෙසක් බැලුවා ප්‍රසා මල්ලි,
Deleteඕක කෙටි කතවක් කියලා ඔලුවෙන් හිට ගෙන කීවත් පිලි ගන්නෙ නෑ කට්ටිය නම් !
වෙනිවැල්ගැට මාමා අර ඇත්තිට තුන අතේ තියාගන්න දීල නෙව.
ReplyDeleteප.ලි - තුන = ට්‍රයිපොඩ් එක
ඔව් මල්ලි ෆොටො ගන්න කොට ඔය තුන නම් උස්සගෙන යන එක මහ වදයක්..ඒත් රෑ ෆොටෝ වලට අනිවා ඕනිම වෙනවා..
Deleteඇම්ඩගෙ කථාව මුකක්ද...අහලා නෑනෙ ඔය කියන එක...
ReplyDeleteඉන්ඩ මම ලියලා දාන්නම් මෙසේජ් එකක් විදියටම..
Deleteඅවාසනාවට අපිට හමුවෙන්නේ නෑනේ
ReplyDeleteමේ වගේ සුපිරිසිදු, නැවුම්, ත්‍යාගශීලී, සුන්දර හදවත්,
එහෙම හමුවෙනව නම්..
13වෙනි ව්‍යවස්තාව ඔබ දෙපාමුල තියල පුච්චන්නම්
බස්නාහිර පලාත් සභාවට ඔබට ටිකට් එක අරගෙන දෙන්නම්
(හුටා 13 පිච්චුවම ඒක කරන්නෙ කෝමද?) නෑ ජාතික ලැයිස්තුවෙන් දියවන්නාවට ටිකට් එක අරගෙන දෙන්නම්
ලැම්බෝගිනියක් ගෙනත් දෙන්නම්
අපොයි ලැම්බෝගිනි අරන් දීල ඒ ලමයින්ව බංකොලොත් කොරන්ඩ එපා..පැට්‍රොල් ගනන් නොවැ..
Delete//ප. ලි. මේක කෙටිකතාවක් විතරයි කියලා කියන්ඩම ඕනිද ???//
ReplyDeleteමේක අපි පිලිගන්න ඕනෙද?
නැතුව නැතුව අයිලාස්..අනිවා පිලි ගන්න ඕනි ඕන් !
Deleteඋඹ මේ කියන්නේ ආදරය කරන දේවල් අයත් කරගත යුතුම නෑ කියන එකද?
ReplyDeleteආදරය කරන දේවල් අයත් කර ගත යුතුම නෑ කියන එකද කියවෙන්නේ මේකෙන් ? එහෙම අදහසක් එනවා තමයි...ආදරය කරන දේවල් කියන එකෙන් කියන්නෙ කාන්තාව සහ අයත් කර ගන්නවා කියන එකෙන් අදහස් කරන්නෙ කසාද බැඳ ගන්නවා කියන අර්ථය ගත්තොත් ඔව්. මම ඒක තමයි කීවෙ...
Deleteමාර සංවේදී ප්‍රේම කතාවක් කියලා මට හිතෙන්නෙ.
ReplyDeleteවෙනි අයියා, අර ඇම්ඩගෙ කතාව මොකද්ද?
හෆොයි මම හිතුවෙ ඇම්ඩගෙ කතාව හැමෝම දන්නවා ඇති කියලා..
Deleteජීවිත පොතෙන් ගත්ත කෙටි කතාවක් ?
ReplyDeleteජීවිත පොතේ අච්චාරු ටිකක් දාලා රසවත් කරන්න හදපු කතාවක් කියමු..
DeleteLama vitarak Lowata penana Laya nopenana Laduna..
ReplyDeleteJayawewa
ලය අඳුරා ගන්න පොඩි හරි එලියක් වෙනවා නම් මේකත්...
Deleteaniwa Ayyandi..aniwa.
DeleteJayawewa
දැන් මේ ප.ලී කෑල්ලට සම්බන්ද කරලද වෙනී අයියා මාතෘකාව දැම්මේ?
ReplyDeleteකෝම උනත් කතාවන්ම ඇත්තටම ලස්සනයි වෙනී අයියේ..
ප.ලි කෑල්ලටත් මාතුකාව සම්බන්ධ වෙනවා මල්ලි...
Deleteමට මේ ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ. ඇයි කියල මට තේරෙන්නෙත් නෑ. දුකක් දැනුනා අන්තිමට.
ReplyDeleteඑහෙමත් කමක් නෑ මල්ලි..ඒකත් එක හැඟීමක් නෙ..
Deleteනියමයි.. ඒත් තවත් භාවාත්මක කරන්න තිබුනා නෙව...
ReplyDeleteඑතකොට 18+ වෙනවනෙ දේශකයා..
Deleteඑක් වරක් ජයන්ත කම්මැල්ලවීර මහතා ප්‍රකාශ කරලා තිබුණා. කතාවක් ලියන්න පාදක කර ගන්නේ බොහෝ විට වෙනත් පුද්ගලයින් හෝ ලේඛකයාම මුහුණ දුන් අත්දැකීම් කියලා. අපි මොනවත් කියන්නෑ. එහෙම වුනත් ඔයාගේ නිදහසනේ. :)
ReplyDeleteහිකිස්..ඔය සුදීක නොකියා කියන්නේ...
Deletewardiyata hitana epa..nokiya hityata math hitiya ehama yaluwo 2,3 habai eka yalukamak witarami. (wena kisiwak nata)
DeleteJayawewa.
This comment has been removed by a blog administrator.
ReplyDeleteහිතට දැනුනන කථාවක්.
ReplyDeleteමේවා හැබෑ ලෝකෙ වෙන දේවල් නම් තමා...එත් මේක කතාවක් කියලා කියලා මතක් කරන එකේ නම් හොරයක් තියෙනවා....පොටෝ කේස් එකකුත් තියෙනවනෙ....අනෙක පේනවනෙ ටයිටල් එක " මුසාවදා වේරමනී".... සුදු ලූනු ගඳකුත් එනවා....
ReplyDeleteokkomath hari me mokatada pasu liweemak api wage ahinsakayo hithanne naha meka privet experience ekak kiyala :P
ReplyDelete