ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, May 18, 2013

අළුත් දේ නොහිතුවොත් නොනඟී ඉහලට කරන කිසිම දෙයක්...


ප.ලි. - මෙය අළුත් දෙයක් යැයි කීමට මාගේ දිව නොනැමේ..නමුත් මට අවශ්‍යවූයේ මෙම නිර්මාණයට එකතු වන මුල් කමෙන්ට් 25ක අයිතිකරුවන් නිර්මාණය තුලට ඇද ගෙන නිර්මාණය සජීවීව වර්ධනය කිරීමටය. එය තරමක් දුරට සාර්ථක වූවා යැයි සිතමි...





"මට ඕනෙ කවුරුවත් නොකරපු..."

"අළුත් දෙයක් කරන්න..."

"අළුත්ම අළුත් දෙයක් කරන්න..."

ඈත කොනක් මායිමක් නොපෙනෙන මීදුමින් බොඳ වෙච්ච කඳු යාය දිහා බලා ගෙන මම අත් දෙකත් දිග ඇරලා කෑ ගහලා කිව්වා...

අළුත් දෙයක් කරන්න...

අළුත් දෙයක් කරන්න...

අළුත් දෙයක් කරන්න...

අළුත් දෙයක් කරන්න...

මගේ කට හඬම දෝංකාර දෙන්න පටන් ගත්තෙ..මම කිව්ව වචන අපැහැදිලිවම මගේ සවන් පත් අතරට එක් කරමින්...





photo courtesy..

http://static8.depositphotos.com/1033349/850/v/950/depositphotos_8509404-From-seed-to-fruit.jpg








"අඩෝ ඒක කියලා කෑ ගහපු විදියත් අළුත්නෙ"

කියලා මම හිත හිතා හිටපු කල්පනා ලෝකෙන් මාව බිමට ඇදලා දැම්ම කටහඬත් එක්කම මම පසුපස හැරිලා බැලුවා.. හිනා වෙවී ඉන්නෙ අපේ නලින් "මල්ලිනෙ"

මට එක පාරටම මතක් උනේ සුමිත්ව..මොකද එක කාලෙක කවදක හරි මට අයියා කීවා කියලා නලින්ට  සුහද ලෙඩක් ඇද්දෙ මිනිහනෙ..මට වඩා නලින්ට වයසයි ඒත් මූ මට අයියා කීවා ඒ නිසා මන් පව් අප්පේ කියලා විස්සෝප උනේ සුමිත්..මට හිනා ගියේ ඒක මතක් වෙලා උනත් ඕක නලින්ට කියන්න ගියේ නෑ..අත් දෙකේ ෆයිල් ගොඩට අමතරව කිහිල්ලේ විශ්වකෝෂයක්ද  කොහෙද ගහ ගෙන මිනිහා සමකය වටේ යන්නද මන්දා ? 

"ඔව් බන් ඒක දෝංකාර දෙන විදියත් අළුත් "

"උඹ මේ කතාව අහලා තියෙනවද බන් ?"

"මොන කතාවද ?"

මම ඇහුවා..අහල තියෙනවද බලන්න කියන්ඩ එපාය..නලින් උගුරෙ රැල් බුරුල් කරලා...

"ජීවිතය හා යහ පැවැත්ම උදෙසා කොන්දේසි ගණනාවක් පනවන ඉස්ලාම් දහම ලිංගික ජීවිතයේ දී පනවා ඇත්තේ එක් කොන්දේසියක් පමණි. එනම් ඒ සඳහා නියත වශයෙන්ම ඔවුන් නීතිමය විවාහයකට යටත් විය යුතු බව පමණි. ඒ කොන්දේසියට යටත්ව කාන්තාවක හා පිරිමියකු අතර ඇතිවන ලිංගික ඇසුර දෙදෙනාගෙම සන්තුෂ්ටිය උදෙසාය කියන කතාව බන් ?"

ඇත්තටම ඒ කීව කතාවෙන් මට තේරුනෙ ලිංගික සන්තුෂ්ටිය කියන වචනෙ විතරයි..

"මම දන්නෙ නෑ ඒත් මගේ යාළුවෙක් කීවා මුස්ලිම් ගැහැණු ඔය වැඩේදි ඕන් කර ගනින් කියලා ඔහේ ඉන්නවා මිසක් හෙල්ලෙන්නෙ පෙරලෙන්නෙ වත් නෑ කියලා නම්.."

මම කීවා..
නලින් ගෙ ඇස් දෙකත් උඩ ගිහින්..

"හැමෝම එහෙම නැතුව ඇති නලින්..සමහර විට මගේ යාළුවට හමු වෙච්ච අය එහෙම වෙන්න ඇති. අපිට එක සිද්ධියකින් ඒක හැමෝම එහෙමයි කියලා සාමාන්‍යකරනය කරන්න බෑනෙ"

"උඹලා මොනවද ඔය කියවන්නෙ මම කෝල් එකක ඉන්නෙ පේන්නෙ නැද්ද ?"

එතන හිටි කඩවසම් හාදයා නොරිස්සුමෙන් කීවා..

"එහෙනම් මේක අස්සෙ ඉන්නෙ නැතුව පලයන් අරෙහෙට මල් කඩන්න "
මහ හයියෙන් කිව්වෙ සෙන්නා එතනට එන ගමන්මයි..

"පුදුමයි ඔය කතාව වචන දෙක තුනකින් කිව්වා..මම හිතුවෙ පැය භාගයක පැයක කතාවක් පවත්වයි කියලා. අර කුරුන්දෙ ලියන ඒවා වගේ "

නලින් මගෙ කනට කෙඳිරුවා.

"කෑ නොගහ හිටු ඕකට තද උනොත් අපි දෙන්නවත් අර ගිලිච්ච ටයිටැනික් එකේ හිර කරයි බන් "

මොනවද උඹලා දෙන්නා මම දිහා බලා ගෙන කුටු කුටු ගාන්නෙ..?"



"නෑ බන් මොකද උඹ ඔය තාම ඇඟිල්ල උරන්නෙ කියලා අපි කතා කලේ "

සෙන්නා ලැජ්ජාවෙන් සූප්පු කර කර හිටි ඇඟිල්ල එළියට අරන් කලිසමේ පිටි පස්සෙ පිහිදා ගත්තා

"නෑ බන් මම මේ දවස් ටිකේ ආයි ඉන්නෙ මගේ ළමා ලෝකෙනෙ"

ඇත්තටම ?"

අපි දෙන්නටම එකවරම කියවුනා

"ඔව් බන් ඉවරයි කිව්වට ඉවරම නෑ තව තියෙනවා"

"මම යනවා යන්ඩ උඹලා එක්ක ඕපදූප කතා කරලා මගේ කාලෙ කන්ඩ බෑ"

අපිට පිට හැරිලා යන සෙන්නා ආයිමත් ඇඟිල්ල කටේ ගහ ගන්නවා මගේ ඉළට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවෙ මඟියා

"මොනවද බන් උඹලා කතා කර කර හිටියෙ බඩු ගැනද "

"පිස්සුද බන් තලත්තෑනි අපි ඕවා කතා කරනවද ? අපි කතා කලේ අළුත් දෙයක් ගැන "

නලින් බරසාරව කිව්වා

මඟියා කාරලා කෙල පිඩක් එහෙම ගහලා 

"අලුත් දෙයක් කරන්න අලුත් විදියකට සිතන්න,අලුත් විදියකට සිතන්න පරණ විදිය අත් අරින්න, පරණ විදිය අත් අරින්න පරණ විදිය හොයා ගන්න, පරණ විදිය හොයා ගන්න පරණ විදියට හිතන්න,පරණ විදියට හිතන්න පරණ විදියට කරන්න... ඊ.ටි.සි...ඊ.ටි.සි... මචන්ලා "

"බලපන් මචන් ප්‍රින්ටින් මිස්ටේක් වෙලා ඔය කතාවෙ ක්ලික් හියර් කියලා එහෙම නිල් පාටෙන් තියෙනවද කියලා ?"


මඟියව එච්චරට දන්නෙත් නෑ..තද වෙයිද මන්දා මෙහෙම බයිට් කරන එකට කියලා මම නලියට පයින් එකක් ඇන්නත් එත් එක්කම අපි දෙන්නටම අහල පහල හෙල්ලෙන්න හිනා ගියා..

මෙච්චර වෙලා මල් කඩ කඩා හිටි හාදයත් අපේ හිනාවට ආයි අපි පැත්තට හැරිලා හයියෙන් හයියෙන් එන්න ගත්තා..

"මචන් උඹලා හයියෙන් හිනා වෙනවා අරූට තද උනාද කොහෙද . මල් කඩන එකට උදැල්ල දාන්න හොඳ නෑ..ලබන ආත්මෙ කෙල්ලො සෙට් වෙන එකක් නෑ"

මම පුනරුත්පත්තිය ගැන මතක් කරලා දුන්නා මුන් දෙන්නටම,

"කවුද මචන් මූ?"

එහෙම ඇහුවෙ මඟියා

"ඔය ශම්මිගෙ වෙන්ඩ මහත්තයනෙ"


නලින් නොදන්න දෙයක් නෑ..හරි මූ සමකෙ වටේමනෙ යන්නෙ..

"මෙන්න අයියෙ උඹට ශම්මිට කතා කරන්න ඕනලු"

මේකා ෆෝන් එක මගේ දිහාට දික්කරගෙන එනවා

මහේ ඇඟ සීතල වෙලා ගියේ අවුරුදු උත්සවේ දවසෙ මම ගත්ත ෆොටෝ එක මතක් වෙලා. කට්ටිය ෆන් එකේ ඉද්දි අර කනා මුට්ටිය එල්ලන්න උදව්වට මොකෙක්වත් නැති මොහොතක ගෑණු ලමෙක් කියලවත් නොහිතා එතන උදව්වට ගිහින් වෙන එකෙක්ගෙ රෙඩ්බුල් එකක් අතේ තියන් මුට්ටිය බඳිනකම් ඒක උස්සගෙන ඉන්නා වෙලාවෙ මම හොම්බ දිග කැමරාවෙන් ගත්ත ෆොටෝ එක මූනු පොතේ කට්ටිය මඩ ගහන්ඩ අර ගත්ත එකට ඒ වෙලාවෙ මුකුත් නොකිව්වට මම අද නම් ඉවරයි කියලා හිත හිතා මමත් වෙව්ලන අතින් ෆෝන් එක ගත්තා..

සැරට බනිනවා නම් අහන් ඉන්නෙත් නෑ කියලා මම ෆෝන් එක කන ළඟටම නොගෙන වෙව්ලන හඬින් 

"හල්ලෝ"

කිව්වා,

"අයියෙ මොනාද අනේ ඔය ගොල්ලෙ හිනා වෙවී කතා කරනවා ඇහෙන්නෙ"

ආහ් මම හිතුවා වැරදී..මේ ලමයට කේන්ති ගිය බවක් පේන්නෙ නෑ කටහඬින් නම්..

"නෑ නංගි..අපි මේ අළුත් දේවල් ගැන කතා කර කර හිටියෙ"

"ශාහ් ඒක නම් මරු"

කියලා මේ ලමයා හිනා වෙනවා,

"දීහන් අයියෙ ෆෝන් එක"

 මම ෆෝන් එක ආපහු දීලා නලින් සහ මඟියා දිහාවට හැරුනා..

"කවුද බන් අර හති දමා ගෙන මේ පැත්තට දුවන් එන්නෙ "

මම ඇහුවෙ ඇත්තටම මට උපැස් යුවල නැතුව දුර පේන්නෙ නැති හින්දා,

"ආ ඔය ඇටේකුත් කහ කහ එන්නෙ නිශාන් මලයනෙ"

එහෙම කිව්වෙ මඟියා..

"ආ මෙන්න උඹලට බයිට් එකට ගෙනාවා "

ඇපල් ටිකක් අනිත් අතේ එල්ලා ගෙන ආපු ඇපල් ශොපින් බෑග් එක අපි දිහාට දි කරන ගමන් නිශාන් මලයා බෝතලේ දිහා බලපු හැටි නම් මට ඇල්ලුවෙ නෑ..

"ඇයි බන් මේ ඇපල් කපලා මැද අයින් කරලා..?

නලින් අහන කොටම ,

"ඇට වපුරලා පල අතට ගන්න ඕනි කියන කතාව අහල නැද්ද බන් "

"ඕක ඔච්චර කහන්න එපා බන් ගලවලා අතට එයි එතකොට හිටවන්නද හිතන් ඉන්නෙ ?"

මෙච්චර වෙලා නොකර සද්ද හිටිය සුදීක කතාවට පැන්නා


"මොකක් ගැනද උඹලා කතා වෙන්නෙ?"

නිශාන් ඉක්මනට අත් දෙකම නිදහස් කර ගෙන සුදීක දිහා බැලුවා,


"අපි අළුත් දෙයක් විදියට කැමරා පොලේ ගහන්නෙ කොහොමද කියලා කතා කර කර ඉන්නෙ බන්. උඹට අයිඩියාස් තියෙනවද ?"

නළල රැලි ගන්නලා නිශාන් පිටි පස්ස බැලුවෙ පිටි පස්සෙන් ආපු අඩි සද්දෙ දිහාවට...




හයේ හතරේ සයිස් එකට වඩා පොඩියක් පොඩි උනාට බොහොම සැර පරුස බැල්මක් එක්ක සීරියස් මනුස්සයෙක් නිශාන් පිටි පස්සෙ..
කොට්න් කලිසමයි ඒකටම මැච් වෙන්න කාකි වගේ කමිසයක් ඇඳන් හිටි මනුස්සය දිහාට අපේ නෙත් හැරවුනේ ඉබේටම,

"කවුද සෙන්නා කියන්නෙ?"

ගැඹුරු හඬකින් අණ දෙන්න වගේ මාත් එක්ක ඔය හු#$$%% වැඩ බෑ වගේ වොයිස් එකකින් මිනිහා අපි හැමදෙනා දිහාවෙම බැල්මට් එක දානවා..

"ඇයි මොකටද සෙන්නා හොයන්නෙ ඔය මහත්තයා කවුද ?"

යකෝ කැහුට්ටා වගේ හිටියට නලියට තියෙන ගට ! අපේ තොල කට වේලිලා තියෙන වෙලාවෙ නලින් හෙමිහිට ඇහුවා.

මේ මනුස්සයා නලින්ගෙ කේශාන්තයේ සිට පාදාන්තය දිහා බැලුවෙ මහ විමසුම් බැල්මක්..ඉඳගෙන හිටි නලින්ගෙ පාදාන්තය බැලුවෙ ඒක කවර් වෙලා තිබ්බ පුටුවත් අයින් කරලා.

"මම සීඅයිඩී එකෙන්..සෙන්නව හොයන්නෙ ලොකු අපරාධයක් කරලා තියෙන සැක කාරයෙක් විදියට"

පොඩ්ඩ පොඩ්ඩ වැදිලා කන් අඩි රත් වේගෙන එන එක නැවතිලා අපි සේරම අයිස්ලන්තයට ගිහින් දැම්ම ගානට හීතල උනා..

"ස.....ර්...ස්.......ර් මෙතන සෙන්නා කියලා කෙනෙක් නෑ..

අපි එහෙම කෙනෙක් දන්නෙත් නෑ..

අහලත් නෑ..

කියලත් නෑ...ස...ර්..සර්ට කවුරු හරි වැරදි ඔත්තුවක් දීලාද කොහෙද !"

මම හොරෙන් සෙන්නා ගිය දිහාව බැලුවා..මිනිහ මෙතන නලින් උස්සන් ආපු විශ්වකෝෂයත් හොරෙන් උස්ස ගෙන ගිහින් ළඟම තියෙන මල් පඳුර ළඟ ගල් බැම්මෙ වාඩි වෙලා ඒක කියවනවා..මට පෙනුනෙ ඇස් කොනෙන්..අර ටෙලිපති වත් තිබ්බා නම් මේ වෙලාවෙ කොයිතරම් හොඳද ? මම සෙන්නගේ හිතට මගේ හිතෙන් කනෙක්ට් වෙලා දුවපන් බන් දුවපන් බන්...කියලා සිය සැරයක් විතර කිව්වා..මට ඉබේටම බැලුනේ අර සීඅයිඩී කාරයා දිහා..මම දිහා කන්න වගේ බලන් ඉන්නවා..වගේම මම හොරෙන් බලපු දිහාව හොඳට බලනවා..චෙහ් මට තිබ්බෙ සෙන්නා හිටි පැත්ත නොබලන්න...

ඒ එක්කම මේ වගේ සීන් එකක් මීට  ඉස්සර වෙලා තිබ්බා නේද කියලා එකපාරටම මගේ ඔළුවට එනවත් එක්කම...මම ආයිමත් මේ මනුස්සයගෙ මූණ දිහා හොඳට බැලුවා..

මීට ඉස්සෙල්ලා දැකලා තියෙන මූනක්..ඒත් අපේ ඔෆිස් එකෙන් ඔය හැම ආයතනයේම ඉන්න ලොක්කන්ට උගන්වලා තියෙන නිසා සමහර විට ට්‍රේනිං එකකට ආපු ලොක්කෙක් වෙන්නත් පුළුවන්..අප්පා මිනිහා අතේ අමුත් කළුපාට දිග ලෙදර් බෑග් එකක්..සමහර විට වෙපන් එක වෙන්ඩ ඇති..කොහොමත් ඔය සැකකාරයෝ අල්ලන්න යනකොට අපි වගේ නිකං අත පය වන වනා යයියෑ?

ඒත් මේ වගේම සීන් එකක් උනේ කොහෙදිද කියලයි මම කල්පනා කලේ ...

මේ මනුස්සයා තමන් හිටි තැනින් පොඩ්ඩක් මෑත් වෙලා සෙන්නා ඉඳගෙන ඉන්න දිහා බලන ගමන්ම තමන්ගෙ අතේ තිබ්බ බෑග් එකේ සිප් එක අරිනවා...

මට දැන් මැවිලා පේනවා අර ඉංග්‍රීසි ෆිල්ම් එකක වගේ අපි හය හත් දෙනාට වෙඩි තියලා මැරෙන්න දඟලද්දි මට පේනවා ලේ අතරින් සෙන්නගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන යනවා..

අපි ක්‍රියාත්මක වෙන්න ඕනි මිනිහා වෙපන් එක ගන්න ඉස්සරවෙලා..

මට බියර් කඳුලක්වත් නොබී කොහෙද තිබ්බ චූ බරකුත් සෙට් උනා..
අපි හය හත් දෙනෙක් මේ මිනිහා තනියම..

මොකටද සර් සෙන්නව හොයන්නෙ ? මොකද්ද මිනිහා කල අපරාධෙ?"

මම ඉන්න තැනින් නැගිටලා සීඅයිඩී පොර ළඟට ආවෙ වෙපන් එක උදුරා ගන්න ඕනි කියන අදහසත් එක්කමයි..

අර මම ගිය පරණ කුන්ග්ෆූ පන්තියෙ කිව්වෙ සතුරගේ ඇස් දෙක දිහා බලාගෙනම ඉන්න එතකොට තමයි සතුරගෙ ඊළඟ මූව්මන්ට් එක එන්න ඉස්සෙල්ලම දැන ගන්න පුළුවන් කියලා..මමත් සෙට් කලා අයි කන්ටෑක්ට්..

මුලින්ම දැක්ක යක්ශ මූන කොහොමද මෙච්චර වෙනස් උනේ සහ මේ ඇස් දෙක යට තියෙන්නෙ හිනාවෙන් මිරිකෙන ඒක පිටට පනින්න නොදෙන බොහොම අමාරුවෙන් වලක්වාගෙන ඉන්න මූනක්..හරි මට අතීත සිද්ධිය මතක් උනා..උණවටුන බීච් එක ගාල්ල ගෙට්ටුව ! මෙන්න මිනිහා...මට බකස් ගාලා හිනා යන්න ආවත් ඒකත් පොඩ්ඩක් වලක්වා ගත්තා..

"ඕකා අර පරණ ටයිටැනික් නැවට ගිහින් රෝස්ව උස්සලා හංගන් ඉන්නවා කියලයි සැක"

නලින්ගෙ ඇස් දෙක ඉස් මුදුනෙ..සමකය වටෙ එකට ඊලඟ ලිපිය ටයිප් වෙනවා සට පට ගාලා...ටයිටැනික් එකේ රෝස් ගැන..

තමන්ගෙ බෑග් එක ඇරලා ඒකෙන් මෙන්න එලියට ඇදලා ගත්තෙ රෙඩ් ලේබල් එකක්..මම හිතුවෙම වෙපන් එකක් කියලමයි..

"මම මාතලන්..උඹලා සෙට් වෙන බව දන්නවනෙ අද මෙතන.."

අම්මපා මුගෙ රඟපෑම නම් ඉස්තරම් !

"අර හැම එකම පොලිටිකල් විදියට ලියන මාතලන් ?"

කාගෙද ඒ විස්මය පිරිච්ච කටහඬ ?

"හැම එකම කියන්නෙ අර වැඩෙත් පොලිටිකලිද බලන්නෙ ?"

කට්ටිය බය වෙච්ච එක දෙපිටින් යන්න හිනා වෙනවා..

මාතලන්ටත් හිනා..බ්ලොග් එකේ මොන සීරියස් දේවල් ලියන්නෙ මෙච්චර සරල මනුස්සයෙක්නෙ කියලා හිතන්නත් අමාරුයි..

"මචන්ලා මම මේ ෆොරින් ඩෙලිගේශන් එකක් එක්ක රට වටේ යනවා..සොරි බන් උඹලා එක්ක සෙට් වෙන්න බැරි එක..නැතුව මම යන්නෙ උඹලා මෙව්වා වෙලෙන්නත් කලින් පත්තරවල දාන එකට බයේ නම් නෙවෙයි ඔන්න"

සෙන්නාටත් අත වනාගෙන මාතලන් අපෙන් සමු ගත්තා..මම එතකොටත් මාතලන් අපිට තග දාන එක ෆොටෝ අරන් මූනු පොතට අප් කරලත් ඉවරයි. මොකද ඒ වෙලාවෙ හිතුවෙ අපි සේරම මරයි කියලනෙ ..එහෙම උනා නම් අපිව මැරුවෙ කවුද කියලා කාට හරි දැන ගන්න ඒ ෆොටෝ එක ඇති..

ඒත් ඉතින් මාතලන්ව ටැග් කරන්න මම මූනු පොතේ ඉන්නවා දැකලා නෑනෙ..

කට්ටිය මාතලන්ට පිං දිදී  ගෙනා රෙඩ් ලේබල් එක ඕපන් කරන කොටත් නිශාන් මලයා තාම සද්දයක්වත් නෑ...බැලින්නම් මිනිහා ඉඳ ගත්ත පුටුවෙම කලාන්තේ දාලා..තාම සිහිය නෑ..නලින් කූල් ස්ප්‍රයිට් ටිකක් මූනට ඉහින කොට තමයි පියවි සිහිය ආවෙ..

"අනේ පව් අපේ සෙන්නා අයියව දැන් ඇරෙස්ට් කලාද ?"

ආයිමත් හිනා හඬින් පලාතම ගිගුම් දුන්නා...


ඔය සද්දෙට මෙන්න සෙන්නත් අර මහ තඩි පොතත් උස්සගෙන අපි හිටි දිහාවට දුව ගෙන එන්නෙ තමන්ට අත වනලා ගිය මාතලන් දිහාවෙත් බල බලා..






මාතලන් යන දිහා බල බලා ආපු සෙන්නා එතන තිබ්බ ගල් බංකුවේ කකුල පැටලිලා දෝං ගාලා පෙරේතයා පොලවේ ගහන්නැහේ බිම ඇද වැටෙන කොට සුදීක දුවලා ගිහින් නැගිට්ටවලා එක්කන් ආවා. අපොයි නලින් ගෙ විශ්වකෝෂයදෙකටකැඩිලා. ඒකේ කෑලි දෙකත් අරගෙන බොහොම දුකෙන් ආවත් නලින් සෙන්නගේ නාඩි බලන්න ගත්තෙ වෙද මහත්තෙක් වගේ..

"නාඩි බලන්න මට වෙන ලෙඩක් නෑ බන් කවුද අර ආපු හාදයා ? ඇයි උඹලා ලොවෙත් නැති වෙන්න හිනා උනේ?"

"ඒ මාතලන් අපිට බෝතලයක් දෙන්න ඇවිත් කොහෙද රට වටේ යන ගමන්"

"අපරාදෙ මට කතා කරන්නවත් බැරි උනානෙ"

"ඕනි නෑ බන් අපි කතා කලානෙ ඒ මදැයි "

එහෙම කීවෙ දේශකයා

"ආ බන් උඹ ආවෙ කොයි වෙලාවෙද ?"

"ඇයි බන් සෙන්නා උඹ ඔය විශ්ව කෝෂෙ පාඩම් කර කර ඉන්න වෙලාවෙ බන් ආවෙ"

"මේක පාඩම් කලේ නෑ..මම පොඩ්ඩක් පස්සෙ ඕනි වෙන ලිපියකට අවශ්‍ය කරුනු ටිකක් ටික බැලුවා අනේ නලින් මම අළුත් එකක් අරන් දෙන්නම්..මේක කැඩුනනෙ මම අතින්"

"ඔනි නෑ සෙන්නා ඕකත් මගේ නෙවෙයි ඔෆිස් එකේ"

නලින් කිසිම ගානක් නැතුව කීවා..

"එහෙනම් නලියගේ ඒවා බය නැතුව කඩතහැකි බන්"

ප්‍රසා අමාරුවෙන් උනත් කනට ඇහෙන නෑහෙන ගානට කිව්වෙ තමන් කියන එක වචනෙට එක ඇඟිල්ල ගානෙ නමමින්..

"වරකෝ කඩන්න..වචන හතෙන් ශේප් නේද බන්"

ප්‍රසා ලැජ්ජාවෙ රතුවෙලා..

"සුදීක කැමරා පොලේ ගහන අළුත් ක්‍රම කියලා දෙන්නද ?" 

එහෙම ඇහුවෙ ප්‍රසා සුදීක දිහාට හැරිලා..

"ඕක වචන දහයේ සීමාව ඇතුලේ ඉඳලා උඹට කියන්න බෑනෙ ප්‍රසා"

සුදීක බොහොම අනුකම්පාවෙන් කීවා.

"මොකද්ද බන් ඔය වචන දහයේ සීමාව?"

දේශකයා  මගේ කනට කෙඳිරුවා..

"මෙහෙමයි ප්‍රසා එක දිගට වචන දහයක් කියන්නෙ නෑ බන්. ඒක තමයි අවුරුදු උත්සවේ දවසෙ හැමෝටම තිබ්බ චැලෙන්ජ් එක"

"කවුරුවත් දිනුවෙ නැද්ද "

"නෑ බන් මාත් එක්කත් කතා කරපු දිගම වාක්‍යයේ තිබ්බෙ වචන අට හමාරයි"

"ඈ ඕයි !අළුත් ක්‍රමේට කඩපු කැමරාවල කෑලිද බන් ඔය පාර්සලේ තියෙන්නෙ ?"

ප්‍රසාගෙ පුටුව යට තියලා තිබ්බ පාර්සලේ පෙන්නලා ඇහුවෙ ඉවාන් හෙවත් අනුරාධ මලයා..

"නෑ බන් ඒ මගේ ඩුප්ලෝ මැශිමෙ මෝටරයක් මේක කැඩිච්ච නිසා හොඳට ගියා උඹලා එක්ක සෙට් වෙන්න එන්ඩ පුළුවන් උනා"

"අදම යන්ඩ ඕනිද ප්‍රසා"

මම එහෙම ඇහුවෙ ඕනි නම් මගේ ගෙදර ඉන්නෙ මම තනියම නිසාත්..කවුද අකමැති සුදු කොල්ලෙක්...ඈහ් කට් කට් කට් ඒ කෑල්ල !
මගේ ගෙදර නවාතැන් දෙන්න පුළුවන් නිසා..ඒ ගැන බොහොම සද්භාවයෙන්මයි..

"ඔව් අයියෙ අදම යන්ඩෝනි..නැත්නම් ගෙදරින්..."

ප්‍රසා ඉතුරු ටික ගිල ගත්තෙ වචන දහය නිසාද නැත්නම් කට බොරු කියන්ඩ ගියත් දිව බොරු නොකියන නිසාද දන්නෙ දෙයියො තමයි !

"!@##$%%% &^%^$%^%   $^%&*^ #$$#$^% "

"කවුද බන් අර කොහා වගේ පාරෙ කුණු හරුප කිය කියා යන්නෙ?" 

"බලහන් සරමත් කරට අරගෙන ! රතුපාට ජොකෙක් බන් ඇඳලා ඉන්නෙත්"

"ඔය අර සංජීව මලයනෙ"

එහෙම කීවෙ නලින්

"අර තාම සිංගිරිස් වලින් කොටන මෙන්ඩිස් මලයද "

"ඔව් ඔව්"

"!!@@#$$$% ආ අයියලා ටික තරා වෙන්ඩෙපා අලුත් කුනු හබ්බ ටිකක් කියලා හිතන්ඩකෝ...#$%^%$## ඕන් අපි කැපුනා ඒනම්"

රතු පාට ජොකා පේන්ඩ ආයිමත් සරම උස්සා ගත්ත මෙන්ඩිස් මලයා ආයිමත් මෙච්චර අවුරුදු හතලිහක් හිටි අපිත් අහලා නැති තරමේ අළුත් කුනු හරුප ටිකක් කියව කියවා අපේ දර්ශන පථයෙන් ඈත් උනා...

"මෙහෙමයි අපි අළුත් දෙයක් කරනවා කියලා හිතලා හිතලා කොහොම කරත් ඒ දෙය ඊට ඉස්සෙල්ලා කවුරු හරි කරලා තියෙනවා නේද ?"

මෙච්චර වෙලා ළඟ ළඟම නව නවා හිටපු අපේ සහන් මලයා සයිලන්ට් මෝඩ් එකේ ඉඳලා වොයිස් මෝඩ් එකට මාරු උනා..ඒ එක්කම
එතනට කඩා වැදිච්ච හාදයා දැක්කහම අපිට කට උත්තරත් නැති උනා...





"කවුද මචන් ඒ කළු හාදයා ? "

එකවරම කීප දෙනෙක්ගෙ මුවට නැගුන ඒ ප්‍රශ්නයට මට එක්වරම උත්තර දෙන්න පුළුවන් උනා..

"ඒ තමයි හෙන්රි අයියා..."

"අපේ ඩූඩ් ද බ්ලොග්වෝකර් ?"

"ඔව් ඔව් ඔව්..."

හැමෝටම සතුටින් කෑගැස්සුනා..මොකද එච්චර ප්‍රසිද්ධ කෙනෙක් මේ වගේ සෙට්වීමට එයි කියලා කවුරුවත් නොහිතපු ගානයි..

එයින් පස්සෙ ආවෙ බ්ලොග් ලෝකෙට අළුතින් ආපු තමන්ගෙ සියවස් භාගයක් වෙච්ච අත්දැකීම් තමන්ගෙ සහෘදයන් එක්ක බෙදා ගන්න කැමැත්තෙන් ඉන්න කෑම්ප්ඩෙන් හවුස් ලියන අයියා...

"මෙන්න මගේ ගානෙ අළුත්ම එකක්"

කට්ටියගේම අවධානය කැඩුනෙ ඒ එක්කම ඇහුනු කිංකිණි හඬින්..

"පොඩ්ඩි !"

හැමදෙනාගේම ඇස් ඒ දිහාට හැරුනා

"මේක ගෙනාවෙ එහෙන්මයි"

අපි කවදාවත් දැකලා නැති වර්ගයක වයින් බෝතලයක් අපි අතරෙන් තියලා හැමෝම එක්ක සුහද හිනාවක් පාලා යන්න පොඩ්ඩි අමතක කලේ නෑ..

අවසානයි...






40 comments:

  1. දෝංකාර දෙන විදියත් අලුත්නේ...
    නව සොයාගැනිමක්..

    ReplyDelete
  2. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කිව්වනෙ. එ්ක හින්දා අලුත් දෙයක් කරන එක හොඳහි.

    ReplyDelete
  3. අලුත් දෙයක් කරන්න අලුත් විදියකට සිතන්න,අලුත් විදියකට සිතන්න පරණ විදිය අත් අරින්න, පරණ විදිය අත් අරින්න පරණ විදිය හොයා ගන්න, පරණ විදිය හොයා ගන්න පරණ විදියට හිතන්න,පරණ විදියට හිතන්න පරණ විදියට කරන්න... ඊ.ටි.සි

    ReplyDelete
  4. Replies
    1. හැ,, මේ වෙනි අය්යේ, මම දැක්කේ ඊයේ මේකේ අර අලුත් විදියකට හිතන්න කියන ටික විතරයිනේ,, අද ආයේ අප්ඩේට් කොරයි?? දැන් අද බලද්දි තව තියනවා.. O.o පස්සේ එන්නම්,, දැන් බෑ,,

      Delete
  5. ඇටයක් වපුරලා ගෙඩියක් අතට ගමු!

    ReplyDelete
    Replies
    1. ඇයි අයියේ මම මේ කොමන්ට් එකේ ඇටයක් ගැන ලිව්වේ? :'(
      මීට වඩා හොඳයි මාව කපලා ලුණු දැම්මා නම්!

      මේ ඇත්තට අර එවෙලේ ආවේ මාතලන් අයියද? සැ ! පස්සෙවත් මට කිව්වේ නැහැනේ ඔයා

      Delete
  6. කරනවා නම් අලුත් වැඩක් තියෙනවා කවුරුත් නොකරපු. කැමරාව පොලේ ගහපං.

    ReplyDelete
    Replies
    1. නියම ලියවිල්ලක් වෙනියෝ.

      Delete
  7. සංසාරේ වෙනියෝ උබ නම් හැබෑ දක්ෂයෙක්නේ බොල...උබ එහෙනම් කිව්වත් වගේ අලුත් වැඩක් කළා ... සිරාවටම අලුත් දෙයක් බන්..

    පිස්සුද බන් මට දැන් ඔය බයිට් එකට ගන්න ඒවා තේරෙන්නේ නෑ.වෙලා තියන එව්ටම.හිත හිරිවැටිලා තියන්නේ :D :D

    ReplyDelete
  8. හැක් හැක් ...... වැනි අයියේ උඹ තමයි දවසකටත් මිනිහා.. :D

    (දැන් මේකෙ මුකුත් ලියන්නත් භයයි :D )

    ReplyDelete
    Replies
    1. ශබ්ද කෝසේ පාඩං කරපු එකනං වැරදී.. හරිය...

      Delete
    2. හැත් හැත්... දැන් ඉතින් හොයපල්ලකො අලුත් ශබ්ධ කෝශයක්...

      Delete
  9. උඹලා එක්ක විහිලුවටවත් සෙට් වෙන්න බය ඕකනේ.. වේලෙන්නත් ඉස්සර පත්තරේ දාලා..

    ReplyDelete
  10. අම්මො ආයි කියන්නේ වෙනියෝ කියලම තමා... මේකනේ බං අලුත්දේ.... මේ සිතුවිල්ලම අලුත්නේ.. බ්ලොග් කලාවට නව සංකල්පයක්...පිස්සු පීකුදු ලියැවිල්ලක් නේ....මේ ටික දැක්කේ දැං...

    ReplyDelete
  11. මරුම මරු වැඩක් මේකනම්... ලයිවු අප්ඩේට් ස්ටෝරි....මාතලන තාම මේක දැකලා නැතිව ඇති.

    ReplyDelete
  12. ආයේ හු ඈ.. මේ කොහෙදිද සෙට් උනේ...

    ReplyDelete
  13. එළ කිරි ඈ.. තව කොටසක් තියේ වගේ දැනේ...

    ReplyDelete
  14. ඉතිං වෙනී අයියෙ අලුත් විදියට කැමරා පොළොවෙ ගහනවනං මම දෙන්නං අයිඩියාස්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔව් වෙනී අයිය කට්ටියට කතා‍කරන්නෙ හයෙන් පස්සෙ එන්න කියලයි කියල එදා මාරයත් කිවුව තමයි.
      සුදීක දන්නව 'අදාල ස්ථානෙදි' මනුස්සය වචන කීයක් කතාකළාද කියල. :D

      නියමයි වෙනී අයියා.

      Delete
  15. පාර්ට් ටු එකත් එල..ගහ ටික ටික ලොකු වෙනවා .... නියමයි මචන් නියමයි...

    ReplyDelete
  16. #%^^$@%$^&.
    ( traha novi..alut comment ekak kiyala hitana).
    Jayawewa

    ReplyDelete

  17. මේකත් නරක නැහැ ..අසරණයා 50 ගැහුවෙත් මේ වගේ එහෙකින් .. තව චරිත ටිකක් දාලම ලියන්න තිබුණේ..

    ReplyDelete
  18. අමුතුම ආරකින් ලියවෙන තැනක් කියලා මට හිතුනා,

    ReplyDelete
  19. ස්නයිපර් කෙනෙකුට මැෂින් තුවක්කුවක් අහුවෙලා වගේ. Spraying bullets! :D

    ReplyDelete
  20. අලුත් දෙයක් නම් තමා...:)

    ReplyDelete
  21. සිතිවිල්ල අලුත් ආරකට ලෙසටම අකුරු කොරල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි, මේවගේ සෙට් වීමක් ඇත්තටම වෙනවා නම් මම තමයි මුලින්ම වැඩියෙන්ම කැමතිත්..

      Delete
    2. සියලු වාද බේද අමතක කොට එවන් සුන්දර දවසක් දකින්න මම් හින දකිනවා...

      Delete
    3. මෙහෙම අපි යං අපේ දරුවන්ගෙ වෙඩිමක් මේ අවකාසේම සෙට් වුනොත් එහෙම හැමෝම සෙට් වෙයි.

      Delete
    4. වෙනි අයිය පදිංචි වෙලා ඉන්න කිට්ටුව නැතුව වෙන කොහේ හරි සෙට් වෙමු. නැත්තං මම එන්නෙ නෑ. :D

      Delete
    5. නලීන් කිසිම වාද බේදයක් නෑ බන්..ඔව්වා ඔය වචන අස්සෙන් කමෙන්ට් අස්සෙන් හදාගෙන හිත් අස්සෙ ගල් වගේ හිර කරන් ඉන්න ඒවා විතරයි..

      ඔව් කෙන්ජී..ඒ වගේමයි අපි ගෙට්ටු වලදි, අවුරුදු උත්සවේදි සහ නොයෙකුත් සමාජ සත්කාර වැඩ සටහන් වලදි එකමුතු වෙලා හමු වෙනවා..වැඩ සටහන අවසානේ බෝතල් වලට සෙට් වෙන වෙලාවලුත් නැතුවාමත් නෙවෙයි..

      අනේ ප්‍රසා ඔය මාරයා මල්ලි කියන එව්වා විශ්වාසෙට ගන්ඩෙපා බන්..සිරාවටම උඹ බය වෙන්ඩෙපා..මාසයක් දෙකක් උනත් ඇවිත් නැවතිලා හිටින් මෙහෙ..මැස්සෙකුටවත් වහන්න ඉඩ තියන්නෙ නෑ මම..

      Delete
    6. මම නම් ඔය වගේ හමුවීමකට මුහුණ දුන්නා :)

      නලින් අයියයි,අටම් අයියයි,සුදීක අයියයි,සුමිත් අයියයි,ප්‍රසන්න අයියයි,ජෝන් අයියයි,තව පොඩි සැට් එක!

      මතකනේ එදා!! :D

      වෙනි අයියා විතරයි මිස් වුනේ!

      Delete
  22. "නෑ බන් ඒ මගේ ඩුප්ලෝ මැශිමෙ මෝටරයක් මේක කැඩිච්ච නිසා හොඳට ගියා උඹලා එක්ක සෙට් වෙන්න එන්ඩ පුළුවන් උනා"

    හැක් හැක්.. ලයිව් අප්ඩේට්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..මූනු පොතේ සැරිසැරුවහම ඕවා නිකම්ම අහු වෙනවා කස කස ගාලා දේශකයා !

      Delete
  23. වෙනි අයියේ පට්ටලු ආ !

    ReplyDelete
  24. අපූරු කතාව..සිරාවට අලුත් අළුත් දේවල් තිබුනේ නැත්තං මෙලෝ රහක් නෑ.!!

    ReplyDelete
  25. මේ මොකක්ද බොල මේ.... කමෙන්ට් වලින්නම් හිතා ගත්තහැකි මොකද උනේ කියලා.ශික් මුලින්ම කමෙන්ට් එකක් දාලා තිබ්බනම් මගේ නමත් කතා වස්තුවට ඇතුල් කරගන්න තිබ්බනේ.....

    ReplyDelete
  26. සුන්දර අතීතයක් අතීතයක්

    ReplyDelete