ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, March 8, 2013

නැගී ගෙන එන අවජාතක පරිචය...

https://twitter.com/AnonyOps



මට අක්කලා තුන් දෙනයි..ලොකු, මද්දු සහ චූටි අක්කා.

ආච්චිට හොඳට කෑම ජාති, බත්, මාළු වගේම සිංහල කෑම ජාති කැවුම් කොකිස්, අළුව , වැලිතලප උඳුවැල් හදන්න පුළුවන් නිසා අපේ අම්මත් ඒ කාලෙ හොඳම කෑම හදන්නියක්. ලොකු අක්කා අම්මගෙන් කෑම ජාති හදන්න ඉගෙන ගත්තා..පස්සෙන් පහු කාලෙ චූටි අක්කා ලොකු අක්කාගෙන් සහ අම්මගෙන් ඔය වැඩේ අල්ලා ගත්තා. අපිට රහට උයලා දෙනවා වගේම ගමේ ගොඩේ අනිත් තැන් වල උනත් උත්සවයක් , අළුත් අවුරුද්දක් ආවොත් ඔය කැවිලි පෙවිලි හදන්න උදව්වට පදව්වට ලෝබ නැතුව මේ දෙන්නම ගියා.අම්මත් එක්කම..

ඒත් මද්දු අක්කා ???

මේ තුන් දෙනා හදන කෑම ජාති කාලා කාලා බඩ පුරවගෙන නිකන් හිටියෙ නෑ ඔව්වයෙ ඇද පළුදු කියන්න ගත්තා. මුල කාලෙ චූටි අක්කට හොඳටමත් ලොකු අක්කට සුළුවටත් කේන්ති ගියාට පස්සෙන් පහු වෙන කොට ඕක ආයි එච්චර දෙයක් උනේ නෑ.. 

"මද්දු මොනාවත් අඩුවක් කීවෙ නැද්ද?"

කියන ප්‍රශ්ණෙ අහලා නෑ කිව්වොත් විතරක් ඒ ගොල්ලො පොඩ්ඩක් දුක් උනා.

"මොකද මද්දු කන්න නැත්තෙ ලෙඩක් දුකක් වෙලාද මන්දා?"

කියලා ඒ ගොල්ලො දුක් උනා.

මන් නම් මද්දු අක්කට,

"තමුසෙ උයන්නෙත් නෑ..උයන්න උදව් වෙන්නෙත් නෑ..කන්න විතරක් එන්න එපා. ඒ මදිවට මෙතන අඩු පාඩු කියවන්නත් එනවා"

කියලා අම්මා රවද්දි උනත් මූණට කීවා. 

පස්සෙ කාලෙ ඔන්න මද්දු අක්කා කුකරි ක්ලාස් යන්න පටන් ගත්තා. 
අම්මා සහ ලොකු චූටි අක්කව පැත්තකට කරලා මෙන්න මෙයා උයන්න පිහන්න ලොක්කා වෙන්න ගත්තා.

"මට එපා මේ තහඩු වගේ ආප්ප. මට බත් ටිකක් උයලා පොල් සම්බෝලයක් හදලා දෙන්ඩ"

මන් නහයෙන් ඇඬුවා. 

"ඇයි තමුසෙගෙ ප්‍රියතම කෑමනෙ ආප්ප"

"ඔව් ඒත් මද්දු හදන ඒවා කන්න පුළුවන්ද?"

පවුලේ අනිත් අය ඒවා සද්ද නැතුව කෑවා උනත් මට වෙන මොනවා හරි හදලා දුන්නා. 

හොඳට පොල් කිරි දාලා පදම් වෙච්ච පිටියෙන් අම්ම හදන ආප්ප කාල තිබ්බ මට මද්දු බිත්තරයි, හකුරුයි තව එක එක නා නාප්‍රකාර දේවල් දාලා මහා සංකීර්ණ කරලා ආප්ප වල රහ නැත්තටම නැති කරලා දැනෙන රහ මොකද්ද කියලා හරියටම තේරෙන්න කාටවත්ම කියන්න බැරි වෙන්න හදපු ආප්ප මට කොහොමටවත් අප්‍රසන්න උනා..

අවුරුද්දක් විතර දඟලලා ආයිමත් මද්දු කුස්සියෙන් අයින් උනා. හිටියටත් වඩා ගෙදර හදන කෑම වල ගුණ දොස් තදින්ම විවේචනය කර කර තමයි එයා කාලය ගෙව්වෙ. එයා අම්මයි ලොකුයි , චූටියි හදන කෑම වලට ඉරිසියාවෙන් පුපුර පුපුරා හිටියා කිව්වොත් හරි. ඒත් තමනුත් ඒ පවුලෙ නිසා විවේචනය කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද ?

පස්සෙ කාලයත් එක්ක අක්කලා තුන් දෙනාම බැඳලා පවුලෙන් අයින් උනා..මද්දු අක්කා කසාදෙත් කඩා ගෙන ආයි ගෙදරට ආවා. 

අදටත් එයා ඉන්නෙ අපේ පවුලෙමයි..

අදටත් අපේ අක්කලා හදන කෑම ජාති හැම එකම වැරදි අඩු පාඩු ගම හැම තැනම කියවා කියවා යන එක මිසක් එයාට තාමත් හරි හමන්වට කොකිසක් වත් හදා ගන්න බෑ. 

ඒක ගමේ හැම කෙනාම දන්නවා..වගේම අදටත් ලොකු සහ චූටි අක්කලාගේ හදන කැවිලි පෙවිලි වල ජනප්‍රියතාවය කවදාවත් අඩු වෙලා නෑ. එන්න එන්නම වැඩි වෙනවා මිසක්. 

පහු ගිය අවුරුද්දෙ අම්මා මිය යන්න ඉස්සර වෙලා මද්දු අක්කා නැති තැනක අපි තුන්දෙනාට එයා හංගා ගෙන හිටි රහස කීවා.

"මද්දු අවජාතක ළමෙක්"

ඒ කාලෙ අම්මගෙ ගමේ හිටිය පවුලකින් අනාථ වෙන්න යන ළමෙක් නිසා අපේ අම්මා තත්තා අරන් හදා ගෙන තියෙන්නෙ . ඒත් අදටත් මද්දු අක්කා අපේ පවුලෙම කෙනෙක් විදියට තමයි අපි සලකන්නෙ..

එයාගෙ තමන්ගෙ අඩු පාඩු වහ ගන්න  අනුන්ගෙ අඩු පාඩු කියවා කියවා යන ගති ගුණය එයා අන්තිම හුස්ම හෙලනකම්වත් වෙනස් කර ගන්න එයාට බැරි වෙයි. මොකද එයා හිතා ඉන්නෙ එයා මහ ලොකු සේවයක් කරනවා ඒකෙන් කියලා.

අනේ පව් !

ඇනොනිමස් ඇවිත් බ්ලොග් වලට කුණුහරුප ලිය ලියා ගිහින් අනුන්ගෙ ජීවිත වල අඩු පාඩු කියවා කියවා බ්ලොග් ලියන ස්ත්‍රී හෝ පුරුෂ කියන ලිංග දෙකෙන් එකකටවත් දාන්න බැරි ඇනෝලා....

පව් දෙයියනේ !

ඒ ගොල්ලන්ගෙ ළමයිත් කවදා හරි ඔය වගේම කරයි. මොකද ඔය ජානමය ගති ලක්ෂණ තමයි පරම්පරාවෙන් ඉදිරියට යන්නෙ. 

තමන්ගෙ අවට තියෙන පරිසරයෙන් තමන්ගෙ ජීවිත වලට ලැබෙන ඌණ උත්තේජනය සමබර කර ගන්න කරන මේ වැඩ නිසා කෙටිකාලීනව ඒ ගොල්ලො යම්කිසි වින්දනයක්, තෘප්තියක් ලැබුනත් දිගු කාලීනව ඒ ගොල්ලො ලබන්න යන දේ ගැන හිතන කොට දුකයි. 

ඒ ලියන ළමයි පුදුමයි තමන්ගෙ දෙමව්පියන්ගෙ, සහෝදර සහෝදරියන්ගෙ නැත්නම් තමන්ගෙ ළමයින්ගෙ බිරිඳගෙ ඇස් දෙක දිහා බලලා අවංකෙන්ම හදවතට එකඟව කතා කරලා වැඩ කරනවා කිව්වහම..ඒ ගොල්ලො එක්ක ඉන්නවා කිව්වහම..ඒ කරන වැඩ තමන්ගෙම දෙමව්පියො දන්නවනම් තමන්ගෙ සොහොයුරු සොහොයුරියො දන්නවනම් කොයි තරම් නම් තමන්ව පිළිකුල් කරයිද ? 

ඔවුන් දැන් වපුරනු ලබන දේ ඔවුන් පසු කලෙක නෙලා ගනු ඇත...

ඒ නෙලා ගන්නා විට ඔවුන්ට බොහෝ අසරණ කමක් දැනෙනු ඇත.. එය ඒකාන්තයි..එවිට ඔවුන් ප්‍රමාද වැඩිය.. 

බෞද්ධ, ක්‍රිස්තියානි , මුස්ලිම් හෝ අන්‍යාගමික අළුත් රැල්ලේ ආගමක් නො අදහන කිසිවකු වූවත් මේ සොබා දහම් නීතියෙන් ගැලවෙන්නේ නැත. 

රස්නය පතා ඔබ දල්වන ගින්නට කිසිම පාලනයක් නැත. එය ඔබ දවන කල අප උපේක්ෂා සහගතව බලා සිටින්නෙමු.  ඔය ඔබ දැල්වූ ගින්නයි ඔබව පුළුස්සා දමන්නේ..

මේ  පරිචය තුල  අපිට අව්‍යාජ යහපත් ඇනෝලා කාණ්ඩයද අහිමි වීමේ ඛෙදවාචකයට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් සැබවින්ම මේ යහපත් ඇනෝ කණ්ඩායම කුමන හෝ නමක් තුලින් පැමිණ තම මහඟු කාර්‍යභාරය ඉටු කරන්නේ නම් එය වඩා වටී.. 

මේ තත්වය මත මා මින් පසු කිසි දිනක ඇනොනිමස් කමෙන්ට් සඳහා මගේ බ්ලොගය තුලින් ඉඩ පහසුකම් සලසා දෙන්නේ නැත. 

ඕනි නමකින් ප්‍රොෆයිල් එකක් හදා ගෙන ඇවිත් කමෙන්ට් කරන එකයි ඇත්තෙ ඒ වගේ කට්ටිය. 


ප.ලි. හොඳින් අවධාරනය කර ඇති පරිදි සහ කීප තැනකම කියා ඇති පරිදි මෙහි අවජාතක ලෙස මා හඳුන්වා ඇත්තේ බ්ලොග් වල කුණුහරුප ලියමින් යන පිරිස බව නැවතත් මෙහි අවධාරනය කරමි. යම් යම් අය මේ කාරණය වෙනත් දිශාවන් ඔස්සේ ගෙන යන බව පෙනේ. 

මා මෙසේ කිරීමට හේතු වූයේ,
පහු ගිය කාල සීමාව තුල මාගේ බ්ලොගය තුල කමෙන්ට් කරන්නට පැමිණෙන පොඩ්ඩි,බින්දි,හිරු, මාරයා , අභීත, ඉන්දික, මාතලන්, කතන්දර වැනි මගේ අතලොස්සක් පමණ වූ පාඨකයන්ගේ කමෙන්ට් වල පිළිතුරු ලෙස කුණුහරුප ලියමින් පුද්ගලික මඩ ප්‍රහාර එල්ල කිරීම බව සලකන්න. එලෙස කල සමහර කමෙන්ට් ස්පෑම් කර ඇති අතර සමහර ඒවා මකා දමා ඇත. ඒවා අයින් කරන්නට පෙර ඔවුන් දකින්නට ඇති බව මා විශ්වාස කරන්නේ පසු කලෙක ඔවුනුත් මගේ බ්ලොග් එකේ කමෙන්ට් කිරීමට මැලි වන බව දුටු නිසාය. 

ජීවිත කාලෙටම දෙපාරකට වඩා හමුවී ඇත්තේ මාරයා සහ අභීත පමණි. අන් අය මට පුද්ගලිකව හමු වී නැත.

ඔබට ඔවුන් හා පුද්ගලික කෝන්තර පිරිමසාගැනීමට තිබුනද මට ඔවුන් මගේ සහෘද කැලයි. ඔබත් එහි සිටී.

ඉහත කී අතලොස්ස හැර කිසිම ඇනොනිමස් අයකු මා බ්ලොගය ලියූ මුල් දිනවල මා දිරිමත් කලේ නැත. 

ඔවුන්ගෙන් පසු මා හා එක්වූ පිරිස අදද මා සමඟය.

හෙට සියල්ල මා හැර ගියද මා දිගටම ලියනු ඇත..

මගේ බ්ලොග් කඩමාල්ලට සිටින්නේ ඉතා සුළු පාඨක පිරිසක් බැවින් ඔවුන් හෝ රැක ගැනීම මගේ අරමුණයි.

බ්ලොග් වල කුණුහරුප වදන් ලියමින් යන්නේ ඔබ නම් මා ඔබට අවජාතක යැයි කියන්නට බිය නැත. එය ඔබගේ දරුවන්ටද යනු ඇත. එය සොබා දම් නීතියයි..

එසේ නොවන ඇනොනිමස් සහෘදය ඔබගේ හිත රිදුනා නම් මට සමාවෙන්න..එය මා ඉල්ලන්නේ හදවතිනි. ඔබගේ ඔය හිත රිදීම මාගේ හිතද රිදීමකි. එය සහෘද බව යැයි මට සිතේ...

මොන දේ උනත් අපි මද්දු අක්කා එයාගෙ ජීවිත කාලය ඉවර වෙනකම්ම ඉතාම ආදරයෙන් බලා ගන්න තීරණය කරලා ඉවරයි. මොකද මද්දු අක්කට දැන් ඉන්නෙ අපි විතරක් නිසා. 

120 comments:

  1. අඩෝ උබේ කටේ මසුරන් දාන්න ඕන.. කියපු කතා ටික සහතික ඇත්ත...

    අනික මම උඩ ටික කියවද්දි පොඩ්ඩක් බය උනා....

    ReplyDelete
    Replies
    1. මට පුරුදු විදියට කතන්දරයක් අස්සෙම ඔතලා දුන්නා ඕන්..

      Delete
  2. මමත් උඩ ටික කියවද්දි, හිතුවේ වෙනම කතාවක්. අන්තිමට එද්දි නම් සතුටක් දැනුනා. හැමෝම මේ වගේ ඉන්නවා නම් අපිට කැමති තැනක ගිහින් කැමති දෙයක් කියන්ට නිදහසක් තියෙයි.

    වෙනී කරලා තියෙන්නේ හොඳ වැඩක්:)

    ReplyDelete
    Replies
    1. බින්දිත් කියලා තිබුනා, දැන් එළ, පට්ට, ෆට්ට, නියමයි, මැක්සා කියනවට වැඩි දෙයක් මේ බ්ලොග් අවකාශේ කියන්න බෑ කියලා.. මොනවා කිව්වත් වැරදි තත්ත්වයක් තමා දැන් තියෙන්නෙ..

      Delete
    2. අපොයි ඔව් . ඒ වගේ පැතලි කමෙන්ට් වලට වුලක් නැහැ . පොඩ්ඩක් හිතල මතල යමක් කිවොත් බෙල්ල කැපෙන වෙලාව ෂුවර් නැහැ .

      Delete
    3. පොඩ්ඩි, සෙන්නා, බින්දි ඔව් මමත් දැක්කා සමහර කමෙන්ට් වලට ලියලා තියෙන උත්තර..අප්‍රසන්නයි..මෙහෙම කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.

      Delete
  3. හැමෝම මේ වගේ ඇනෝලාව එලවලා දැම්මා නම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේම ඔය ඇනෝලට විතරක් තියෙන සයිට් වලට තමුන් අක්මැති නම් නොයා ඉන්න එකත් හොඳයි. මොකද එතකොට ඒ ගොල්ලන්ටම එපා වෙයි නෙ..එපා වෙන්නෙ නැත්නම් ඔහෙ කර ගෙන ගියාවෙ..අපි ඔය කුණු කන්දල් අපේ ඔළුව උඩ ගොඩ ගහ ගන්න ඕනියැ ?

      Delete
  4. වෙනි අයියා මේ වගේ කතාවක් එක්ක උපහැරණ සහිතව කතා කරපු එක ගැන මම ගොඩක් සතුටූ වෙනවා. ඇනෝ එන්නෙත් අපෙන්ම කෙනෙක් කියන මං කියන අතරම කියනේ බ්ලොග් අවකාශය මෙහෙම ගියාට නම් කිසිම දාක සුන්දර වෙන්නේ නෑ කියන එකයි. බ්ලොග් අවකාශේයේ ඉන්න හොඳ මිනිස්සුත් අහිමි වෙන වැඩ තමා දැන් සිද්ධ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි කියන කතාව වෙන්නත් පුළුවන්..ඒත් හොඳ මිනිස්සු කියන්නෙ පවතින තත්වය හොඳින් ග්‍රහනය කර ගන්න පුළුවන් සංවේදී කොට්ඨාශයක් නිසා ඒ අය යන එකක් නෑ..සමහර විට කෙටි හෝ දිගු නිහඬතාවයකට වැටෙයි...

      Delete
  5. වෙනී මහත්තය මම දැනං උන්නට වඩා බොහොම මුහුකුරා ගිය ඇත්තෙක් යැයි සිතුනේ කොටසක කහපාට ගා ඇති බැව් දුටු විටයි!

    ReplyDelete
    Replies
    1. අනේ තිසා මහත්තයා (:-D) ඒ ටික වැරදිලාද කොහෙද පාට උනේ !!! මහත්තයා කියන්ඩ එපා බන් මට ලැජ්ජයි..බලහන් අනිත් උනුත් කටින් අත වහන් හිනා වෙනවා..ආයි ඔය වචනෙ කියලා තිබ්බොත් අම්ම්පා කමෙන්ට් එක මකනවා...

      Delete
    2. මාත් මේ කටින් අත වහන් හිනා වෙන්න ගිහිං අතත් විකුණා. අයියෝ... :D

      Delete
  6. ඇනෝ වහන එක මමනං අනුමත කරන වැඩක් නෙමේය. ඒත් ඇනෝලා පමන ඉක්මවා යද්දී වෙන කරන්නටම දෙයක් නැතිනං වැහුවාට කමක් නැතිය.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි දවසම කවුරු හරි කුනුහරුප ඔබයිද කියලා මේක දිහාම බල බලා ඉන්නත් බෑනෙ..

      Delete
    2. එහෙම ඉඩ දිලා අපිට වෙන වැඩක් කරගන්ඩ වෙන්නැ එක එක්කෙනාට බනින එවෘ මකනවා ඇරෙන්ඩ

      Delete
  7. වෙනී කියල තියෙන කතාව නං සහතික ඇත්ත.
    ඔබ කරපුදේ මමත් කරන්නද කියල මේ දහ අතේ හිත හිතා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරදරයක් තියේ නම් එහෙම කරන එක හොඳා අයියෙ..කමෙන්ට් මොඩරේට් කරන්න වෙලාවක් තියේ නම් ඒකත් හොඳා..

      Delete
    2. කමෙන්ට් මොඩරේට් කරන එකට නම් මම කැමති නෑ, ඒක හොද සංවාද වලට බාධාවක්.

      Delete
    3. ඔව් සුමිත් මාත් ඒ අදහසේ තමයි ඉන්නෙ..

      Delete
  8. කිසිම ලාභයක් නැති බ්ලොග් ලිවීම වගේ දේකදිත් අපේ කට්ටිය කා ගන්න හැටි දැක්කම බ්ලොග් එපා වෙනවා. වෙනී මගේ මිතුරෙක් සමවයස් අයෙක්ගේ නිසා මේ ටිකත් ලියන්නෙ. මම ඉස්සර මගේ බ්ලොග් එකේ ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් ලියන්න අවස්ථාව දීල තිබ්බා. නමුත් ඒක අයුතු විදියට පාවිච්චි කරන කොට බ්ලොග් ලෝකෙම ඉන්න මම ඇසුරු කරන අය මට උපදෙස් දුන්නා වහාම කමෙන්ට් මොඩරේට් කරන්න කියලා. දැණ මම එහෙම කරනවා. ඇනෝලට ඉඩ තියනවා. හැබැයි අනවශ්‍ය දේ බැහැ. නමුත් අපි කරන දේ වැරදි. මත වාරණයකින් තොරව ඕනෙ දෙයක් කියන්න අවස්ථාව තිබිය යුතුයි. නමුත් හැසිරෙන්න දන්නෙ නැත්නම් අනෙක් අයට ගරු කරන්න දන්නෙ නැත්නම් වෙන මොනවා කරන්නද?

    මම වැඩිහිටියෙක් විදියට දකිනවා ලංකාවේ විශාල සමාජ පරිහානියක්. බ්ලොග් ලෝකෙත් ඉන් වෙනස් නැහැ. අපි කවුරුත් 100% නිවැරදි නැහැ. ඒ නිසා අන්මත තිබිය යුතුයි. නමුත් එතැන අපහාස උපහාස නොතිබිය යුතුයි. කාටවත් අපහාස කරලා ලබන වින්දනය මොකක්ද? මිනිස්සුන්ට අපහාස කරන්න උපහාස කරන්න තරම් අපිට තියන නිදහස අයිතිය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් වෙදනා ඔන්න ඔය කාරනෙ තමයි මටත් හිතට හරියට වද දෙන්නෙ..කමෙන්ට් මොඩරේට් කරන්න නම් වෙලාවක් නෑ අප්පේ..

      Delete
  9. කල් යල් බලල ලියපු නියම ලිපියක් වෙනී අයියා...

    ReplyDelete
    Replies
    1. ලිපියක් කියවලා ඒකෙ කමෙන්ට් ටික නිදහසේ කියවන්න නැත්නම් වැඩක් නෑනෙ සාතන්...

      Delete
  10. ඔව්වට ඉතිං මං නෙවෙයි කට හොල්ලන්නේ. වල් බූරු නිදහස කියන එක හොඳ නැහැ කියලා කවුද මංදා කාලෙකට කලින් කියලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, සහතික ඇත්ත..අපි නිහඬව සිටිය යුතුද කියලත් හිතුනා වෙලාවකට..

      Delete
    2. ඔය කාරනේ ගැන මං මොනවත් නොකියා හිටියේ වෙනී අයියා ඕක කියන්න කාලෙකට කලින් මං ඕක කිව්වේ... ඒත් ඒ වෙද්දී වෙනී අයියලා හිටියෙත් ඇනෝලගෙන් ලැබෙන අවංක අදහස් හරි වටිනවා කියන තැන... ඕනනං වෙනී අයියා පරණ පෝස්ට් ආයේ බලන්න... මං එයින් පස්සේ හිතා ගත්තා ඕවා කියලා වැඩක් නැහැ කියලා...

      වැදගත් අදහස් තියෙන වැදගත් ඇනෝලට වැදගත් විදියට ෆ්‍රොෆයිල් එකක් හදං ඇවිත් වැදගත් විදියට ඒ කියන දෙයක් කියන්න බැරිනං ඒ වැදගත් අදහස් මගේ බල්ලටවත් නැතිවට කමක් නැහැ කියන තැනයි මං එදා හිටියෙත්..අද ඉන්නෙත්... කෙනෙකුට කියන්න පුළුවන් අනේ ඉතිං එහෙම හදං ඇවිත් උනත් ඕන එහෙකුට ඕන කුණුහරුපයක් කියලා යන්න පුළුවන්නේ කියලා... ඔව් පුළුවන්...හැබැයි එතකොට වාදයක් ඇදිලා යද්දී ඇනෝලාට අනේ ඒ ඇනෝ මං නෙවෙයි වගේ මාරු වෙලා යන්න බැහැ..සුළුම හෝ වගකීමක් එනවා ෆ්‍රොෆයිල් එකකුත් එක්ක ඕනම එහෙකුට. අනික ටිකක් හරි වෙලාව අරං ෆ්‍රොෆයිල් එකක් අරින එකාට ඒක ගැන තණ්හාවක් එනවා... එහෙම ආවට පස්සේ උනුත් අර ජරා ගතියෙන් ටිකක් උඩට ඇවිත් අනන්‍යතාවයක් හදාගන්න හදනවා... ඒ හින්දා මම කැමති ඕන එකෙක් ෆ්‍රොෆයිල් එහෙකින් ඇවිත් කියන ලබ්බක් කියලා යනවට... මං ඇනෝ වහලා තියෙන්නේ.. ඒත් ඇනෝලා නති උනාට ෆ්‍රොෆයිල් වලින් එන අය ඕන තරං මගේ දේශපාලන කතන්දර පතුරු ගහන්නේ... ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි..ඒවට ඉඩ තියෙනවා.. හැබැයි අර හැංගිලා කෙලින අයගේ වැදගත් අදහස්නං මං තියා මගේ බව්වටවත් එපා... අදහස් දෙන්නනං ඕන තරං කට්ටිය..කරන්න ගියාමනේ රගේ තියෙන්නේ...

      මං දැන් හුගාක් අඩවි වල කමෙන්ට් කිරිල්ලත් නවත්තලා දාලා තියෙන්නේ නිකං මොකටද ඇනෝලා එක්ක පැටලි පැටලි මගේ කාලේ කා ගන්නේ... මගේ කමෙන්ට් එක නැහැයි කියලා බ්ලොග් නැති වෙන්නේ නැහැ තමා..ඒත් ඉතිං අපේ සත පහත් වටින එකෙක් හරි නැතෑ... :D

      කොහොම හරි කාලයක් ගිහින් හරි කමක් නැහැ වෙනි අයියා මේ පාරෙන් යන්න ආව එක හොදයි... කමෙන්ට් මොඩරේට් කරන්න එපා... මොකද අපි කවුරුත් කැමතියි දාපු කමෙන්ට් එකක් එවෙලෙම වැටෙනවා දකින්න... ඇනෝ වැහුවම ඇති...

      Delete
    3. Mata ooka awaboodhakarawalaa dhunna anolata sthuuthiyi...

      Delete
    4. මං හිටිය ස්ථාවරේ අමතක වෙන්න තරම් කාලයක් මන් මේ බ්ලොග් වල හිටියෙ නෑනෙ මල්ලි..ඔව් මන් දුටුවා ඔබලාගේ අදහස් පවා..නමුත් කරන්නන් වාලෙ කරනවට වඩා අත්දැකීමෙන් අවබෝධයෙන් කරපුවහම ඒක ස්ථීරයි..ඔය කුණුහරුප ලිය ලියා යන්නෙ 2-3 දෙනෙක් වෙන්න ඕනි..අන්තිමේ කොහොම හරි මෙහෙම උනානෙ ඒකට සතුටුයි..

      Delete
  11. ස්තූතියි වෙනි.. මමත් ඇනෝ කොමෙන්ට්ස් වැහුවේ හිතකින් නෙමෙයි. ඒත් මේක කියවන දෙමව්පියන්ගේ බලවත් ඉල්ලිම මත තමයි මේ ඇනෝ කොමෙන්ට්ස් වාරනය කලේ. ඒත් දැන් ඉල්ලන්නේ කොමෙන්ට්ස් මොඩරේට් කරන්න කියලා. ඒකනම් කරන්න බෑ. මොකද කොමෙන්ට් එකක් දාපු ගමන් ඒකට රිප්ලයි එනකන් බලාගෙන ඉන්න කෙනෙක් මමත්. ඒත් කුණුහබ්බ නම් දුටු විගසම මකනවා. මේ මොන දේ කලත්. තමන්ගේ හිත දන්නවා මොකක්ද කරන්නේ කියලා. උඹට කියන්න ගාල්ලෙ ගෙට්ටුවේ අවසාන මොහොතේ සිඳුවූ දේ මගේ හිත සසල කලා. ඒකයි මම අභීතට කිව්වේ. වහාම ඒක නවත්වන්න කියලා. මොකද මම ඕගනයිස් කල දෙයක් නොවන නිසා. ඒත් එතනත් උඹ වගේ මිනිසුන් කීප දෙනෙක් හෝ හිටය බවත් කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් කමෙන්ට් මොඩරේට් කරන්නත් වෙලාවක් නෑ මේ වැඩ අතරෙ.. හරියට හරි මුළු ලෝකෙටම හංගන් ඉඳී..සමහර විට ජීවිත කාලෙම කවුරුවත් දැන ගන්නෙ එකක් නෑ..ඒත් තමන්ගෙ හෘදය සාක්ෂිය !
      ඔව් ගාල්ල ගෙට් එක අපිත් ගියෙ වවුලගෙ මඟුලට..ඉතින් එල්ලිලා උන්නා..අපි නෙවෙයිනෙ ඔර්ගනයිස් කලේ..එහෙම කියලා ඒ සිද්ධිය ඔයි තරම් දුර යන්න දීලා නොකර සද්ද හිටි මමත් වැරදී..ඒ ගැන දුකයි..

      Delete
    2. අහන එකත් හරිද මන්දා..ගාල්ලෙදි මොකද උනේ..?
      කියන්න බැරිනම් යම් ඉඟියක් වත් කරපං මචං..!

      Delete
    3. ගිය දේ ගියාවෙ වීයා..නොදන්නවනම් නොසොයා ඉන්න..වැඩක් නෑ..තවත් කුණු කන්දල් විතරයි. ගන්න හරයක් නෑ එතන වෙච්ච දෙයින්..

      Delete
    4. මේ පැත්තේ මොකක් හරි වලියක් යනවද? බැරිද බ්ලොග් ගොසිප් කියලා සයිට් එකක් කාටවත් පටන් ගන්න! සෑහෙන්න දේවල් මිස් වෙනවා වගේ දැන් මට! :D හොඳට හිට් හම්බකරන්නත් පුලුවනි! අපිත් ඉතින් ඕප දූප වලට කැමති පෘතග්ජන මිනිස්සුනේ! :p

      Delete
    5. මගේ ලිපිය සම්බන්ධෙන් නම් මුකුත් වලියක් නෑ මල්ලි, මේ ඇනෝලා කීප දෙනෙක් එයාල අකමැති අය අපේ බ්ලොග් ලිපි වල කමෙන්ට් දාපු ගමන් දුවන් ඇවිත් කුනුහරුප ලියලා යනවා..එහෙම කරන්නෙ අපි ඇනෝ ඇරලා තියෙන නිසා නේ...

      Delete
    6. මේ පැත්තේ කියලා කිව්වේ බ්ලොග් අවකාශය පැත්තෙ :)

      Delete
  12. මාත් මේ කල්පනා කළේ ඇනෝ කමෙන්ට් නැති කරනවද කියලා....
    හැබැයි ඒකෙං කමෙන්ට් කරන අයම අපහසුතාවයට ලක්වෙන නිසයි පොඩ්ඩක් අල්ලං හිටියේ...

    ReplyDelete
    Replies
    1. මාත් ඔහොම හිතුවා මල්ලි, ඒත් සැබවින්ම බ්ලොග් වලට සහ බ්ලොග් වල තියෙන අදහස් වලට ආදරේ කෙනෙක්..තමන්ගේ යහ ප්‍රතිචාරය දක්වන්න අව්‍යාජ උවමනාවක් තියේ නම් තමන්ගෙ නමින් නෙවෙයි තමන්ගෙ අනන්‍යතාවය හැඟවෙන ඕනිම නමකින් ප්‍රොෆයිල් එකක හදා ගන්න එක ඔය ඇනෝලා කියන තරම් මහ ලොකු කජ්ජක්ද ? මට හිතෙන්නෙ ඒක ප්‍රෝඩාවක් අතලොස්සක් වෙච්ච ඇනෝලා තමන්ගෙ පැවැත්ම රැක ගන්න කරන. අපි බය කරන්න හදනවා...ඇනෝ වැහුවොත් අපේ මහ ලොකු දාර්ශනික මති මතාන්තරය මෙතන ප්‍රකාශ කරන්න වෙන්නෙ නෑ කියලා වගේ..ප්‍රොෆයිල් එකක් හදා ගන්න බැයි නම් ඔය කියන මති මතාන්තරය බොලාලම තියා ගනිල්ලා කියන්නයි වෙන්නෙ..

      Delete
  13. නිර්නාමිකයන් සභ්‍ය ලෙස අදහස් දක්වන්නේනම් මමත් ඒවා කපාහරින්නේ නැහැ. නාමිකව ආවත් ඒ නියම නමක් ගමක් ඇති පුද්ගලයකු නොවන්න පුළුවන්. කෙසේ වෙතත් හිස රදයක් වන නිර්නාමිකයන්ව නම් පාලනය කලයුතුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කපා හැරීමක් නෙවෙයි මේ සම්පූර්ණ ප්‍රතික්ශේප කිරීමක් විචාරක..තමන්ගෙ නියම නමින්ම ප්‍රොෆයිල් හදන් එන්නෙ කීප දෙනයි නේ..අනිත් අය හැමෝම අන්වර්ථ නාම වලින් හරි ප්‍රොෆයිල් හදන් එනවා..

      Delete
  14. වෙනි අයියා ඉතාමත් හොඳ තීරණයක්...තාම මට ඒ ගැටයලුව ඇවිත් නෑ.මඩ ප්‍රහාර කාට හෝ මගේ අඩවිය හරහා එල්ල කරන්න ආවොත් මමත් දෙවරක් නොසිතා ඇනෝ අයින් කරනවා..ඒ වගේම මම හැම වචනයක්ම භාවිත කරන්නෙත් පරිස්සමෙන්. අන් සිතක් නොරිදවා යි.

    ReplyDelete
    Replies
    1. අන් සිත නොරිදවීම කියන එක අපිට 100%ක් හැම වෙලාවෙම කරන්න බෑ..ළඟින් ගියත් හෑයීඊඊඊඊ ගාගෙන අඬන්න ඉන්න උන නම් ඉතින් වෙන කාට හරි ඇඟිල්ලෙන් ඇන්නත් අඬයි මල්ලි..

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මේ තර්කයේ අඩුවක් තියෙනවා.

    ජාන මගින් හැම එකක්ම තීරණය වෙන්නේ නෑ. සමහර ජාන මියුට් වෙනවා. බොහෝ විට ක්‍රොස් ඕවර් වෙනවා. කොටසක් විතරයි රිප්‍රොඩියුස් වෙන්නේ. ජීව විද්‍යාවට කෙසේ වෙතත් ගණිතයට හෝ ජෙනටික් ඇල්ගොරිතම් කරපු අය මේක දන්නවා ඇති.

    ආච්චී, අම්මා වගේම දුලා හැදෙනවා කියන්නේ, තාත්තා වගේ පුතා හැදෙයි කියන්නේ අර කූප්‍රකට වඳ කෙහෙල් මොටයි තියරියේම දිගුවක්.

    ලියන්නා ඒ වඳ කෙහෙල් මොටයි කතාව "දැක්කා නොදැක්කා" වගේ කියලා පෙනුණු නිසයි මේ මතක් කලේ.

    මට නං හිතෙන්නේ ඇනෝ බ්ලොක් කලත් නොකලත් කමෙන්ට් මොඩරේට් කරන එක හොඳයි වගේ. හැබැයි මේක මාර වාතයක්.

    ReplyDelete
    Replies
    1. That's the finger my dear !

      Delete
    2. කතන්දර බොහොම අකැමැති ඇනෝ ඉවත් කරනවාට. මම ඇනෝ ඉවත් කළ දවසේ මට ඊමේලයක් එවා තිබ්බාද මතකයි.

      ඔහුගේ පැත්තෙන් ඔහු හරි.

      Delete
    3. කතන්දර මේක වාතයක්.. ඇත්තටම ඒක තමයි නියම වචනෙ..කමෙන්ට් මොඩරේට් කරලා හරි ඇනෝ ඉන්න දෙන එක හොඳයි කියන එක එක්ක එකඟයි..ඒත් වෙලාවක් නෑනෙ සුදු අයියෙ ඒක කරන්න..(දවසකින් උනත් වැඩිමහල් අයට අයියෙ කීවැහැකි.. :-D)

      Delete
    4. අහෝ මලණුවනි,

      ඔබ මාගේ මූලික තර්කය ගැන කිසිවක් නොපවසන්නේ ඇයි?

      බ්ලොග් අවකාශය කැතකරන කුණුහරුප කමෙන්ට් දමන අය කරන වැරදිවලට ඔවුන් ගේ දෙමව්පියන් ට දොස් පැවරීම වැරදි බව ඔබට නොතේරේද?

      එසේම ඔබ මේ අයගේ දරුවනුත් කවදා හෝ නරක අයම පමණක් වේයැයි කියන්නේ ඇයි?

      ජන්මයෙන් නොව ක්‍රියාවෙන් පමණක් වසලයෙක් වන බව පැවසෙන බුදු වදන ඔබට අමතකද?

      පියා වරදට පුතු මැරීම සාධාරණයැයි කියන ලාංකීය "වඳ කෙසෙල් මොටයි" බූරු තර්කය ඔබ අනුමත කරනවාද?

      මීට

      අයියණ්ඩී

      Delete
    5. අයියණ්ඩිය ඔබ තවමත් බලා සිටින්නේ මගේ ඇඟිල්ල දිහා නොවැ..ඒ ඇඟිල්ලේ තුවාල උනේ නියපොත්ත කපන්න ගිහින් අයියණ්ඩිය..

      \\බ්ලොග් අවකාශය කැතකරන කුණුහරුප කමෙන්ට් දමන අය කරන වැරදිවලට ඔවුන් ගේ දෙමව්පියන් ට දොස් පැවරීම වැරදි බව ඔබට නොතේරේද?\\
      එසේ කුණුහරුප ලියමින් යාම වැරදි බව ඔබට වැටහේ යැයි මම සිතමි. ඔවුන් අඩුම තරමේ තමන්ගේ දෙමවිපියන්ටවත් සුළුවෙන් හෝ ආදරේ නම් එය නවතා දැමිය යුතුය...මන්ද ඔබ දුටුවාද අන් අය එවන් තැන්වල ඔවුන්ගේ දෙමව්පියන්ට බනින ආකාරය..ඔබ එවන් තැන්වලත් මෙසේ ප්‍රශ්ණ කලාද ?
      \\එසේම ඔබ මේ අයගේ දරුවනුත් කවදා හෝ නරක අයම පමණක් වේයැයි කියන්නේ ඇයි\\
      බුදු හාමුදුරුවො උනත් තේරුම් ගත්තෙ සොබා දම් නීතිය නේද ? ඔවුන්ට ජාතක වෙන්න පින් තියෙන්නෙ එවන් චර්‍යාවක් තියෙන දරුවන් තමයි..
      \\ජන්මයෙන් නොව ක්‍රියාවෙන් පමණක් වසලයෙක් වන බව පැවසෙන බුදු වදන ඔබට අමතකද?\\
      කාලාම සූත්‍රයද ඔබට අමතක නැතැයි සිතමි...
      \\පියා වරදට පුතු මැරීම සාධාරණයැයි කියන ලාංකීය "වඳ කෙසෙල් මොටයි" බූරු තර්කය ඔබ අනුමත කරනවාද?\\
      යමක් පිළිබඳ මෙලෙස අවසන් විනිශ්චයකට පැමිණෙන්න තරම් ඔබ සුදුසුද ? එය මගෙන් නොව ඔබෙන්ම විමසා ගන්න !

      Delete
    6. කතන්දර මේ දැන් ඇතිවෙලා තියන තත්වයට සැලකිය යුතු ප්‍රමානයකින් ඔයත් වගකියන්න ඕන

      Delete
  18. ඇනෝ කොමන්ට් දාන්නෙත් මේ අපි එක්ක හිනා වෙලා කතා කරන උන්ම තමයි.අවජාතක ළමයෙක් නෙවේ එහෙම කරන්නේ අවජාතක බලු කමට.

    ReplyDelete
    Replies
    1. බල්ලො වගේ කලගුණ දන්න, බොහොම හිතේෂිවන්ත සත්ව කොට්ඨාශයකට අවමන් කරන්න හිතෙන්නෙ නෑ මල්ලි..ඔය කුණුහරුප ලිය ලියා යන අයගෙ නම් ජාතකයෙ වැරැද්දක් තියෙනවා..ඒ ගොල්ලන්ගෙ ළමයිත් එහෙමම වෙයි..ඒ ළමයිගෙ ළමයි කුණුහරුප කියලා තමන්ගෙ දෙමව්පියන්ගෙ පුකට පයින් ගහලා එළියට ඇදලා දාන දවසට ඒ ගොල්ලො පසු තැවෙයි..

      Delete
  19. උඩ කතාව කියවද්දී වෙනස්ම දෙයක් හිතුනේ.ඒ උනාට යට ටික කියෙව්වම මෙහෙම මිනිස්සු කියල හිතුන

    ReplyDelete
    Replies
    1. ඔව් පහු ගිය කාලෙ වෙච්ච දේවල් නිසයි මේ කලකිරීම සහ ඒක නැති කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගය..

      Delete
  20. වෙනී හීන් සැරේ ටොක්කක් ඇනලා ....කොමෙන්ට් මොඩරේට් කරන්න කාටද අප්පා වෙලාව තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අරුන්දතී වෙලාවක් තිබ්බ නම් මම කරන්නෙ කමෙන්ට් මොඩරේට් කරන්න ඉඩ දීම තමයි ඒත්...

      Delete
  21. Replies
    1. සෑහෙන්න කල් අරගෙන ගත්තෙ මේ තීරණය..කාලෙකදි වෙනස් වෙන්නත් පුළුවන්..තත්වය හොඳ අතට හැරුනොත්..

      Delete
  22. මේ ප්‍රශ්ණ මොනවාද කියල දැනුවත් නෑ..!

    සමහර බ්ලොග් වලට ගියාම සමහරු..හිතරිදෙන විදියට උත්තර/අදහස් දෙනව.
    එහෙම ඒවට මම ගියත් අදහස් දක්වන්න යන්නෑ.

    ReplyDelete
    Replies
    1. හැමෝටම එක වගේ ආදරෙ කරන්න දඟලන මගේ නම් ඔය කියන විදියට හිත රිදෙනවා වැඩී..මදිවට ඒ අය මගේ බ්ලොග් එකේ කමෙන්ට් කලහමත් ඒ අයට ගහන්න මෙතන පටන් ගන්නවා...

      Delete
  23. අනේ ඇත්තට, අතින් කයිට් කරගෙන බ්ලොග් ලියලා මොන තරම්හිත් අමාරු කම් කරගන්නවද අපි? සමහර වෙලාවට බ්ලොග් පෝස්ට් එකත් අප්පිරියා වෙනවා කෙමෙන්ට් දැක්කාම.

    වෙලාවකට කාලා එන්න බැරි ඇවිත් කමෙන්ට් දාන උන්ට ලැබෙන උත්තර දැක්කාමයි.

    මමත් දෙයක් කියන්න කලින් දහවතාවක් හිතනවා. මොකට ඓත් උන් එක්ක පැටලෙනවද කියලා.

    අනික අන්මත නොරිස්සීම තමයි මේ අවුල

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි අන් මත නොඉවසන එක තමා අවුල..එහෙම තැන් වලට එක්කො ඒ අය නොයා ඉන්න ඕනි..ඒත් නෑ...

      Delete
  24. හිටි ගමන් උනු අවුල මොකක්ද අයියා මේ. පහුගිය දවස්වල වැඩිය බ්ලොග් බැලන්න උනේ නැති නිසා ආසන්න හේතුව මොකක්ද කියල මට වැඩි වැටහීමක් නම් නෑ. මම නම් හිතන්නෙ ඇනෝලත් ඉන්න ඕන. මොකද හැමෝම ප්‍රොෆයිල් හදන් බ්ලොග් කියවන්න එන්නෙ නෑනේ. ඒත් සමහර ප්‍රොෆයිල් තියෙන අයත් ඇනෝ පහසුකම අවභාවිතකරල (වචනෙ හරිද මන්ද) අනිත් මිනිස්සුන්ට වාතයක් වෙල ආතල් ගන්න එක නම් මහ කරදරයක්. සමඟියෙන් සමාදානයෙන් සහයෝගයෙන් ලස්සනට කරන් යන්න පුළුවන් කම තියෙද්දි මේ මිනිස්සු හැමතැනම ගඳගස්සනව.

    ReplyDelete
    Replies
    1. කීප දෙනයි මල්ලි කීප දෙනයි එහෙම ඉන්නෙ..ඒ අයට වැට බැන්දහම යන්න යයි...

      Delete
  25. හොඳ තීරණයක්...හැබැයි කමෙන්ට් මොඩරේට් කරන්නනම් එපා,ඒක සංවාදයට බාදාවක්...

    මීට ටික කාලයකට ඉස්සර ඇනෝ කමෙන්ට් හුගක් ඉහළ මට්ටමක තිබුණා.පුද්ගලික ප්‍රහාර නෑ. විවේචනය වුනෙ දේශපාලනය හෝ මතය විතරයි. ඒත් දැන් තත්වය අන්තිම නරකයි.

    ReplyDelete
    Replies
    1. දැන් තත්වය අන්තිම කරකයි..සුමිත්..දුකයි..දේශපාලනිකමය වශයෙන් ඔයාගෙයි මගෙයි මතය අහසට පොළව වගේ උනත් බොහොම සහෝදර හැඟීමකින් මට සුමිත් දිහා බලන්න පුළුවන්..මොන මතය දැරුවත් පුදගලික තරහක් නෑනෙ..එහෙම නොවන තැන එහෙම නොවන පිරිසක් ඉන්න කොට මෙහෙමයි වෙන්නෙ..

      Delete
    2. සහතික ඇරත්ත වෙනී අයියේ, සුමිත් අයියේ

      Delete
  26. අයියාගෙ පැත්තෙන් අයියා හරි, මේ බ්ලොගය දේශපාලන මති මතාන්තර, සමාජයේ දැවෙන ප්‍රශ්න ඒ ඒ හැටියට සාකච්ඡා කරන බ්ලොගයක් නෙමෙයි. මේක නිර්මාණාත්මක බ්ලොගයක්, ඒ වගේ තැනකදි ඇනෝ බ්ලොක් කිරීම අවුලක් නෑ.

    නමුත් මම දැක්ක විදිහට අයියගේ බ්ලොගේට ඒ ලැබුන ප්‍රතිචාර ආවේ එක ඇනෝ කෙනෙකුගෙන්. එයාට ප්‍රොෆයිල් එකක් හදන් ඇවිත් ඒ වැඩේ දිගටම කරන් යන්න බැරි නෑ. එය වෙන නමකින් ඉන්න බ්ලොග් කරුවෙක් නම් අපහසු වෙයි. අර මාතලන්ට බැන බැන යන ඇනෝත් දැන් ප්‍රොෆයිල් එකකින්ම ඇවිත් බනිනවා.

    කමක්නෑ මේ ක්‍රමේටත් කල් දීලා බලන්නකෝ. හැබැයි මට දුක, අපි ටික ටික මෙහෙම ගිහින් කොහේ නතරවෙයිද දන්නෙ නෑ කියලා හිතෙනකොට. ප්‍රොෆයිල් කරුවන් වැඩි පිරිසක් උනත් අන්මත ඉවසන්නෙ නැති ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර..ඒ කතාවත් හරි..ප්‍රොෆයිල් කරුවොත් වැඩි පිරිසක් අන් මත නොඉවසුවොත්..
      ඒයමයි මෙතන උනේ..මන් දේශපාලනෙ කථා කරන්නෙ නෑ.. හැබැයි දේශපාලනෙ කථා කරන සියල්ලෝම මගේ යාළුවො පාටක් භේදයක් නැතුව..ඒ අයට එතන ගහන්න බැරි වෙන කොට මෙතන ඇනෝ ඇවිත් මගේ කමෙන්ට් එකක් දමාපු එකකට ඒ අයට පහර දෙනවා නම් මන් ඒකට වේදිකා හදලා දෙන්නෙ ඇයි ?..
      ඔබේ සම්පූර්ණ මතය හා එකඟයි..

      Delete
  27. අනේ මන්දා...වෙලා තියෙන්නේ මේ බ්ලොග් කලාවටත් පුද්ගලික කෝන්තර ඇදලා ගන්න එක! ඒ නැතිව ලිපියේ හරය වගේ දෙයක් ගැන කිසි තැනක ඇනෝ කමෙන්ට් නෑනේ!

    ReplyDelete
    Replies
    1. කාලයක් තිබුනා නාඩියා ලිපියේ හරය ගැන ඇනෝ ඇවිත් බොහොම හරබර ව සංවාද වෙච්ච කාලයක්.. ඔබ කිව්ව වගේ අද පිරිමහ ගන්නෙ පුද්ගලික කෝන්තරනෙ..

      Delete
  28. මම නම් ඉස්සර ඉඳන්ම අනොලට තැනක් දුන්නේ නැහැ අනික් බ්ලොග් වලට උන දේවල් දැකල. එත් උඩින් කතාව කියනකොට මට හිතුනේ ඇත්තටම කියලනේ...

    ReplyDelete
    Replies
    1. හැමතැනම යන කඨා කියවලා හිත ඔද්දල් වෙච්ච අයට පොඩි කථා රසයක් දෙන්නත් එක්කයි ඒ කථාව ලීවෙ ඇපල්..එතකොට හොඳයිනෙ..

      Delete
  29. වෙන කෙනෙකුට බනින්න උනත් තමන්ට ජාතකයක් තියෙන්න ඕන කියන එකට මමත් එකඟයි.

    මෙනී අයිය ලස්සනට ගේම දීල තියෙනව.

    ReplyDelete
    Replies
    1. යුගයේ ප්‍රසිද්ධම කමෙන්ට් කරුවෙක් විදියට ප්‍රසා මල්ලි දකින්න ඇතිනෙ වෙච්ච දේවල්...

      Delete
  30. සාමාන්‍යෙයන් ගෙදරක ලැට් එක හදන්නෙ පිටිපස්සෙන්...ඒත් මම ලගදි දැක්ක අපූරු ගෙදරක් ඒ ගෙදර ලැට් එක තියෙන්නෙ ගෙදර ඉස්සරහින්...
    වෙල තියෙන්නෙ අල්ලපු ඉඩම ගන්නකොට පාර දිල තියෙන්නෙ ඉස්සරහ ගෙදර ලැට් එක ගාවින්...තාම වැටවල් කාරිය නැති නිසා අල්ලපු ගෙදර ලැට් එකට ගිහින් අර ගෙදරට යන්න හැකියාව තියෙනවා...

    ඉතිං මං මගේ බ්ලොග් එක තුල කමෙන්ට මොඩරේට් කරන්නෙත් නැහැ..ඉතාම පුද්ගලික විදියට අනෙක් කෙනෙක්ට බැනලා තිබුනොත් විතරක් අයින් කරනවා...

    බැලූ බැල්මට මගේ බොලොග් එක අනුන්ගේ ලැට් එකට පිටිපස්සෙන් හදපු අලුත් ගේ වගේ...ඉස්සෙල්ල තියෙන්නෙ ලැට් එක...

    ReplyDelete
    Replies
    1. අමිල මල්ලිගෙ කතාවත් හරි...ඒත් කාගෙ හරි බ්ලොග් එකක් තියෙන්නෙ තාව කාව හරි පුද්ගලිකව අපහසුතාවයට පත් කරන්නද කියන ලොකු ප්‍රශ්ණෙ ඉස්සරහා මගේ උත්තරය නම් මේක තමා...ඇනො එක කෙනෙක් කියයි මන් ඔය කියන තරම් පහත් නෑ මට ඩිග්‍රියක් තියෙනවා, මට හොඳ ජොබ් එකක් තියෙනවා මට අරක තියෙනවා මේක තියෙනවා කියලා..ඒත් ඒ එකකින්වත් ඔහුගේ පරිනත කම පේන්නෙ නෑ..මොකද ඇනො ඇවිත් දන්න සියළුම ශිල්ප දාලා කමෙන්ට් කරලා ඊට පස්සෙ ඊළඟ තත්පරේ ඔහුටම පුළුවන් තිත්ත කථාවෙන් එතනම අනුන්ගෙ දෙමව්පියන්ගෙ සංසර්ගය ගැන කථා කරන්න...මොක තිබ්බත් ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන් දන්නවා නම්....

      Delete
  31. කොහොමත් ඔය කුණු කතා කිය කිය යන්නේ මොකාක් හරි අඩුවක් තියෙන කෙනෙක්. ඒ උනත් මේ වගේ ලස්සනට එයාලව හඳුන්වල දුන්න එකත් ලොකු හපන් කමක් වෙනී.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම එකඟයි..මොකක් හරි අඩුවක් තියෙනවාම තමයි..ඒ අඩුවෙන් තමන්ට නොලැබෙන අනුන්ට ලැබෙන වින්දනය දැකීම රුස්සන්නෙ නැති කම තමයි ඒ එලිය එන්නෙ..

      Delete
  32. ඇනෝ කමෙන්ට් වාරණය කිසි සේත් අනුමත කරන්නේ නැත. යමෙකු කුණුහරුප කීමට ඇනෝ ප්‍රතිචාර භාවිතා කරන්නේ නම් ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග තිබේ , යම් කිසි කෙනෙකු ඉලක්ක කර අහඹු ලෙස වැටුණු කමෙන්ටුවක් නම් ඉවත් කල හැක , නිරන්තරයෙන් කුණු කරුප කමෙන්ට් පල කරනා පිස්සෙක් ගොඩ වැදුනු කලක නම් ටික දිනකට කමෙන්ට් මොඩරේට් කල හැක . එවැනි පිස්සන්ගේ පිස්සුව දින දෙක තුනකට වඩා පවතින්නේ නැත. කුණුහරුප කමෙන්ට් නිසා ඇනෝ බ්ලොක් කිරීම සොර සතුරන්ට බියෙන් බංකරයක ජීවත් වීම වැනි විසඳුමකි

    ReplyDelete
    Replies
    1. ගෙයක් ඇතුලට බල්ලෙක් ආවාම ඒ බල්ලගේ උප්පැන්නේ හොය හොයා ඉන්නේ නැතුව ගෙයින් එලවන එක තමයි ඉස්සල්ලාම කරන්නේ. ආයෙම ආයෙම එන්ඩ පටන් ගත්තොත් ඉතින් ගේට්ටු දාන එක අහන්ඩ දෙයක්ද?

      Delete
    2. ඇනෝ එන සියලු දෙනා කරදර කාරයන්ය කියා මා ලිපිගන්නේ නැත ,එනිසා සියලු ඇනෝ වරුන් එක ගණයේ ලා සැලකීමටදා මා විරුද්ධය . සාධාරණය ෆිල්ටරින් ක්‍රමයක් සකසා ගැනීම බ්ලොග් කරුවනට බාරය . එය ඇනෝ බ්ලොග් කිරීමට වඩා අපහසු විය හැක , නමුත් එල පට්ට නියමයි ශෝක් , නියම කථාව +++++++ හැර ප්‍රතිචාරයක් , තමන්ගේ ලිපි වලට අවැසි නම් , තමන්ගේ අදහස් දරුණු ලෙස විවේචනය වීම දරාගත හැකි සහ එය සාධනීය දෙයක් වශයෙන් සලකන්නේ නම් ඇනෝ බ්ලොක් කිරීමට වඩා විකල්පයක් තේරීම යෝග්‍යය

      Delete
    3. බුවාගේ සිතුවිලි ඔබ සාදරයෙන් මගේ බ්ලොගයට පිලි ගන්නවා... මන් හිතන්නෙ මේ ඔබගේ මුල්ම කමෙන්ට් එක මෙතන..
      ඔබගේ අදහසට ස්තූතියි.

      Delete
  33. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  34. මං දැකපු ඇනෝලා ජාති 3යි.
    1. නිර්නාමිකව/අන්වර්ථ නාමයකින් පැමිණ සාමාන්‍ය ආකාරයේ බ්ලොග් එකක් ලියන (විවේචන පවා) බ්ලොග්කරුවන් හෝ පෝස්ට් එකට අදාලව යමක් සටහන් කරන කමෙන්ට් කරුවන්
    2. නිර්නාමිකව/අන්වර්ථ නාමයකින් පැමිණ අන් අයගේ පුද්ගලික ජීවිතයේ කුණු අවුස්සන, ද්වේෂසහගත ලෙස පහරදෙන (විවේචන නොවේ), ඒ සඳහාම බ්ලොග් එකක් අටවන බ්ලොග්කරුවන් හා කමෙන්ට්කරුවන්
    3. කිසිදු තේරුමක් නැතිව (බොහෝ විට කියවන අයට ආතල් එකක් දීමට. මේ ට්‍රෙන්ඩ් එක ජනප්‍රිය වූයේ ගොසිප් සයිට් වලින් යැයි සිතමි) ඔහේ කුණුහරුප කමෙන්ට් දමන්නන්.

    පළමුවෙනි වර්ගය බ්ලොග් අවකාශයට අවශ්‍යයි. තුන් වෙනි වර්ගය අවශ්‍ය නැහැ. දෙවැනි වර්ගය ඇති කරගන්නේ බ්ලොග්කරුවන්මයි.

    මම දැකපු දෙයක් තමයි ඇනොනිමස් බ්ලොග් පටන් ගන්නවා පළමුවෙනි පෝස්ට් එකේම සඳහන් කරනවා ‘බ්ලොග්කාරයන්ගේ රෙදි ගලවන්න, නිරුවත එලිකරන්න‘ කියලා. ඒ වෙලාවට “අඩේ එලකිරි“ “දිගටම ලියපන්“ වගේ කමෙන්ට් දාන අය අනන්තයි. මේ නිතර දෙවේලේ දකින ප්‍රසිද්ධ බ්ලොග්කාරයෝ පවා. ඇයි ඒ? අනුන්ගේ කුණු ඇවිස්සෙනකොට කාටත් ආතල්. ඒත් ඇවිස්සිලා ඇවිස්සිලා අන්තිමට තමන්ගෙහරි, තමන්ගෙ කිට්ටුම එකෙක්ගෙහරි ඇවිස්සෙනකොට ඔන්න මල පනිනවා. එතකොට අර ඇනෝට විරුද්ධව කඩු මන්නා පිහියා ගන්නවා අතට.

    මේ ලඟදී ඇනොනිමස් බ්ලොග් එකක් කරලියට ඇවිත් ප්‍රසිද්ධ බ්ලොග්කරුවෙකුගේ පවුල් ජීවිත ප්‍රශ්නයක් දිගඇරියා. ඒ බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එකේ තියෙනවා බ්ලොග් එකේ අරමුණ. ඒකට හුරේ දාපු එවුන් අපමණයි. ඒත් දෙවෙනි පෝස්ට් එකෙන් අර බ්ලොග්කරුවාට වැදුනාම කට්ටිය කඳවුරු බැන්දා ඒකට විරුද්ධව.

    ඒ නිසා කවුරුත් මතක තියාගත්තොත් හොඳයි පුද්ගලිකත්වය අවුස්සන ඇනොනිමස්ලාට අත වනලා ගෙන්නන්නෙත්, තමුන්ගෙ, යාලුවන්ගෙ රෙදි ගැලඋනාම උන්ට ගහන්න පන්නන්නෙත් තමන්ම බව.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන බ්ලොග් අඩවියේ එක්තරා බ්ලොග් ලේඛකයෙක් පෞද්ගලිකත්වය ඉතාම නින්දිත විදිහට ඇදගෙන තිබුනා , ඒවගේ දෙයක් හෙලා දකින එක මනුස්ස කම . ඔය වැඩේට පාත්‍ර වුනු ලේඛය මිත්‍රයෙක් තියා මතවාදීමය වශයෙන් විරුද්ධවාදියෙක් වුනත් මාත් විරුද්ධත්වය ප්‍රකාශ කලා . හැබැයි ඒ ඒ ලිපියට අදාලව , ඒ බ්ලොග් අඩවියේම වෙනත් දවසක වැදගත් යමක් ලියවෙන්න තියන ඉඩ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ . ඒ නිසයි ඇනෝ සංකල්පයක් විදිහට ප්‍රතික්ශෙප කරන්න බැරි

      Delete
    2. ඇනොනිමස් සංකල්පය මම කොහෙත්ම ප්‍රතික්ෂෙප කරන්නෙ නැහැ. ඇනොනිමස් තුලින් සැඟවී එන පුද්ගලිකත්වය හාරඅවුස්සන ඕපදූපකාරයා ප්‍රතික්ෂෙප කරන්න. නමුත් ගොඩක් අය කරන්නේ ඌටත් මල්මාලා දාලා පිලිගන්නවා.

      Delete
    3. ප්‍රවීන් එක්ක මෙතනදි සම්පූර්ණයෙන් එකඟයි. හොඳ විග්‍රහයක් උඩින් දක්වලා තියෙන්නේ.

      Delete
    4. ඉන්දරේ මල්ලි ඔබ සාදරයෙන් මගේ බ්ලොගයට පිලි ගන්නවා... මන් හිතන්නෙ මේ ඔබගේ මුල්ම කමෙන්ට් එක මෙතන..
      ඔබගේ අදහසට ස්තූතියි.

      Delete
  35. මම හිතුවේ චැට් රුම් වල ෆේස් බුක් වල විතරයි මේ වගේ අවජාතක හැත්ත ඉන්නේ කියල..බලනකොට බ්ලොග් එකෙත් උන් ඉනනව ..හොද ලිපියක්. හොදේ...

    ReplyDelete
    Replies
    1. ඔවුන් කොහෙද නැත්තෙ ටික්කා..හැමතැනම..

      Delete
  36. මන් නම් ඕන තරම් දැකල තියෙනවා අනුන්ට බනිද්දි හුරේ දාන අය
    තමන්ට බනිද්දි ඔරවන හැටි..තමන්ට අනුන්ට කියල වෙනසක් නැතුව
    වැරද්දෙදි හැමෝම ස්ථාවර මතයක ඉන්න ඕනේ..

    අනුන්ට වෙද්දී නොබලපු මිනිස්සු තමයි තමන්ට වෙද්දී පෙළපාලියේ
    මුලින්ම යන්නේ !

    ReplyDelete
    Replies
    1. තමන්ට බැන්නයි කියලා තමන්ම ඇනො කමෙන්ට් දා ගන්න අයත් මම ඕනි තරම් දැකලා තියෙනවා...
      ඒ අයගේ පහත් ස්ථාවරය වෙනස් වෙන්නත් ඕනි..
      ඉස්සරහින් පෙලපාලි යන්නෙ ඒ අය වෙන්නත් පුළුවන්..

      Delete
  37. ඇනොනිමස් නොහොත් අවජාතක කියන්න තියෙන දේ කෙලින්ම කියල නියම පොස්ටුව මමත් එදා ඉඳන්ම ඇනොනිමස් විරෝධියෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි බලන්ඩකො අපි මේ වගේ අපේ සහ අපේ පාඨකයන්ගෙ හොඳට කරපු දේකට එන විරෝධෙ...

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. Anonymous හෙවත් නිර්නාමික බවයි, Pseudonymous හෙවත් අන්වර්ථනාමික බවයි අතර තියෙන්නේ සුලු වෙනසක්. බ්ලොගර් වලදි නං ඒක ලිස්ට් එකේ ඊට යටින් තියෙන එක තෝරලා මොකක්හෝ නමක් ටයිප් කරන්න විතරයි තියෙන්නේ. මෙතන ඇනොනිමස්ලට විරුද්ධව දක්වපු අදහස් වලින් “ඇනෝ“ කියන කුලකයට anonymous මෙන්ම pseudonymous ත් අයිති බවයි පේන්නේ.

    එතකොට මට කවුරුහරි කියන්න මෙතන “ඇනෝ“ කුලකයට දරුණු විදියට පහර දීලා තියෙන කී දෙනෙක් තමන්ගේ සැබෑ නමින්ද කියලා ඒ කමෙන්ට් දාලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ කුලකයට දරුණු විදියට පහර දීලා ????

      Delete
  40. ඇනෝ වහනවට මම නම් අකමැතියි. ඒත් බ්ලොගේ දිහා 24 * 7 බලන් ඉන්න බැරි නිසා කමෙන්ට් මොඩරේට් කරන්න පුළුවන්.

    එතකොට ඔය කුණුහරුප , නින්දිත පහරදීම් , පුද්ගලික පලිගැනීම් වගේ කමෙන්ට් නැතුව අනික් ටික පබ්ලිශ් කලා. එච්චරයි.

    ඇනෝනිමන්ස් කිව්වත්... ප්‍රොෆයිල් නේම් එකක් හදන් ආවත් ඇත්තටම ඇනෝලා නේද බහුතරයක්...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක දිහාවෙම 24/7 බලා ගෙන ඉන්න වෙන වැඩක් නැති නම් සහ මම විශ්‍රාම ගිය දවසට එහෙම කරනවා මල්ලි..

      Delete
  41. ආ.... පෙරහැර ගිහිල්ලනේ :D
    මට කියන්න දෙයක් නෑ. බුවා සහ ඉන්දරේ සේරම කියලා!

    ReplyDelete
    Replies
    1. කස කාරයො විතරයි තාම ගියේ පූසා මල්ලි...

      Delete
  42. ඔය කරදරය මට තියනවා මගේ එකොලොස්වෙනි පෝස්ට් එකේ ඉදලා. අන්තිමට ඇනෝ වහලා දැම්මා,

    කලාතුරකින් දවසක ඇරෙන්න , අනෝ කෙනෙක් හරවත් යමක් කියලා තියනවා මම දැකලා නැ. කෙහෙවත්, ලිපියට අදාල නැති දේවල්මයි කියන්නේ,

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් හැරෙන්න ඇනෝලා වැදගත් දෙයක් ලියලා තියෙනවා මමත් දැක්කෙ නෑ අටම්...

      Delete
    2. මගේ බ්ලොග් එකේ නම් අදාල නොවූ දේ කියූ ඇනෝලා සහ සාධනීය ප්‍රතිචාර පලකල ඇනෝලා අතර අනුපාතය 10% :90% වගේ

      Delete
  43. යාන්තං ඇති.. යන්තං හොයාගත්තා.. හුහ්.. හරි දැනට ඔහොම යං.. ඉතුරු ඒවා පස්සේ බලමු. නෙවද? හ්ම්. වැඩි කතා ඕන නෑ.. දැං වැඩ පටන් ගත්තනං නරකෙයි... අපි මේ තොල කට ලෙව කකා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනි මල්ලි...පොඩියක් ඉන්නකෝ...

      Delete
  44. මද්දු අක්කාගේ රහස මිය යාමට ආසන්න වන තෙක්ම රැක ගැනීමෙන්ම ඔයාගේ අම්මගේ උතුම් බව තේරෙනවා. අනික තමන්ගේ දරුවන්ට වෙනස් කම් කරද්දීත්, ගම පුරා විවේචනය කරද්දීත් ඒ දරුවා ගැන සම සිතින් බැලීමම වටිනවා නේද? මොනවා උණත් වෙනී අයියේ ඒ ඔයාගේ අක්කා. ඔයාගෙම අක්කා.

    ----------
    කොන්ද පණ නැති උන් ගැන කියා පලක් නැත. උන් පිළිලයකි. කක්කි ගොඩකි. දේසපාලුවෝ මෙනි. ඊයායායායා.....

    ReplyDelete
    Replies
    1. ඔව් අකමා එහෙම හිතා ගෙන ඉන්නෙ..ඒ අපේම අක්කා...

      Delete
  45. පෝස්ට් එක කියෙව්වා..තමන්ගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන අනිත් අයට බැනල අපහාස කරල පිළිතුරු කමෙන්ට් දමන ඇනෝල ගැන බ්ලොග් ඇඩ්මින් කලබල වෙන්න අවශ්‍ය නැහැ.උදාහරණයකට ගන්න මම කතන්දර බ්ලොග් එකේ සාමාන්‍ය පාඨකයෙක් විදියට පුංචි කමෙන්ට් එකක් දැම්මත් මට බැනල ඇනෝ කමෙන්ට් වැටෙන හැටි දැකල නැද්ද?ඒත් එහෙම වුනා කියල මම කතන්දර බ්ලොග් එක බලන එක කමෙන්ට් කරන එක නවත්තල තියෙනවද?ඒව පබ්ලිෂ් කලා කියල මම කතන්දර එක්ක තරහ වෙලාත් නැහැනේ...දැකල නැද්ද මම එවැනි ඇතැම් කමෙන්ට් වලට පිළිතුරු දෙන්න ගිහිල්ල ටිකක්(සමහර වෙලාවට හොදට) ඇන ගන්න හැටි...හික්...
    ඒත් දරුණුවට පෞද්ගලික මඩ ගැසීම් කුනුහරුප නම් හොදයි කියල කියන්න බෑ....
    සමහර ඇනෝලගේ ඇනුම් බැනුම් චෝදනා අපහාස බොරු නෙවෙයි ඇත්ත සාධාරන ඒව..සමහරු නම් බොරු අසත්‍ය මඩ අපහාස කරනවා.

    ReplyDelete
    Replies
    1. හොඳයි කියලා කියන්න බැරි කොටසම ඉස්මතු වෙනකොට කොහෙන් හරි ඒ අයව අධෛර්‍යමත් කරන්න ඕනි ජෝති..

      Delete
  46. වෙනි මල්ලි උඹ තිත්ත බෙහෙත සිනි තවරලා ලස්සනට දීලා තියෙනවා බන්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයිලාස්.. මට 42ක් මන් බොලාගෙ අයියා වෙන්න ඕනි මයෙ හිතේ..

      Delete
    2. අප්පට සිරි තාම 42ද වෙනී මල්ලිට. මදැයි මං අයියා කිය කියා හිටියා. :) [hi="yellow"]මං අයියලා ගැන එකක් ලිව්වා. ඉමනටම දාන්නම්කෝ...[/hi]

      Delete
  47. මගෙ බ්ලොගර් නම බැලුවමත් ඇනෝනිමස් ගතියක් නේද තියෙන්නෙ?

    බහුතරය එහෙමයි අපි පුද්ගලිකව අඳුනගත්තොත් ඇරෙන්න.

    අර ප්‍රවීන් උඩ කියල තිබ්බ වගේ ඔය ඇනෝ සංකල්පෙට පස්සෙ බනින මිනිසුන්ගෙ බැණුමට යටින් තියෙන්නෙ එකම එක අඳෝනාවයි "අපේ/මගේ බල්ලො අපිටම/මටම හපනවනෙ යකෝ දැං"

    බල්ලො හදන්නෙත් අපි, උං ලව්ව කවාගන්නෙත් අපි (මං කිව්වෙ පාඨකයො) ඉතිං හොඳම දේ බල්ලො කීකරු කමට හදා ගන්න එකයි. ඉල්ලුම සහ සැපයුම සංකල්පෙං.

    ReplyDelete