ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Thursday, March 14, 2013
අබ කෑ එකාගෙ මොළය සහ නොට්ටිගෙ පුතා..
"Everything that has a beginning has an end, Neo"
මේ පාඨය මා උපුටා ගන්නේ මගේ ප්‍රියතම චිත්‍රපටයක් වූ මේට්‍රික්ස් Matrix චිත්‍රපටයෙනි. කොටස් තුනකට පලවූ මේ චිත්‍රපටය තරම් මා සිත් ගත් චිත්‍රපට වූයේ අතලොස්සකි. සීඩී, ඩීවීඩී, මෙන්ම නවතමයෙන් ආ බ්ලූ රේ තැටි ලෙසද මේ ත්‍රිත්වය මා සතුව ඇත. යථා කාලයේ ත්‍රිමාන බ්ලුරේ ආකාරයෙන්ද අත්පත් කර ගැනීමට සිතා ඇත්තෙමි. ඒ මතු දිනයක ත්‍රිමාන රූපවාහිනියක් සතු කර ගත් දිනයකය...
ආරම්භයක් තිබූ සියළුම දෙයට අවසානයක් ඇත...එහි කියයි. එසේ කියා ඔරැකල් සහ සාතී උදෑසන හිරු නගින ආකාරය වින්දනය කරන දර්ශනයකින් සහ එතැනට පැමිනෙන මැට්‍රික්ස් හි නිර්මාණකරු හා කරන කෙටි පිළිසඳරකින් චිත්‍රපටය අවසන් වේ.. සාතී සහ ඔරැකල් නියෝ යම්කිසි දිනක. නැවත පැමිනේ යැයි බලාපොරොත්තුවක් හිත රඳවා සිටින බවක් හැඟේ..
ආරම්භයක් ගත් සියල්ල අවසන් වන මුත්...නවමු දේ දහසක් නැවත නැවතත් ආරම්භ වේ...
මෙතනට මෙය කෙසේ ගැලපෙන්නේද යන්න මීට වඩා පැහැදිලි කිරීමට මා අපොහොසත් නමුත්...
පහු ගිය ලිපියෙන් මා මතු කල මගේ ජීවිත කතාවෙ යම් සංසිද්ධියක් මාගේ අල්පයක් වූ පාඨක පිරිස කම්පනය කල බව ඔවුන් දැක්වූ අදහස් වලින් පෙනේ. අයකුගේ හදවතේ කම්පනය දැනෙන්නේ සැබවින්ම සංවේදී හදවතක් ඇත්තෙකුට පමණි. එවන් වූ සංවේදී හදවත් ඇත්තවුන් පිරිසක් ලබන්නට මා වාසනාවන්තය. මාගේ හදවතේ සුවිශේෂී තැනක් ඔවුනට හිමි වේ. ඔව් සහෘදය එතන කමෙන්ටුවක් නොකෙටුවත් ඔබත් එයට අයිතිය.
එහි සමහරක් වූ කමෙන්ට් වලට යම් ඌණ පූරනයක් කිරීමට මා පෙළඹේ..
ජෝති මා ඔබෙන් ඉගෙන ගත්තේ කවුරු මොනා කීවත් ඔබේ ගමන එලෙසම ඔබ යන සහෘදයකු ලෙසය..සමාවී මට ඉඩ දෙන්න මීටත් වඩා සංවේදී කතා ගොන්නක් විටින් විට ඔබ හමුවට ගෙන එන්නට..
ඔව් විචාරක තුමනි, මේ කැළඹීම, මේ කම්පනය මා ආශීර්වාදයක් කර ගනිමි. මන් මේ කැළඹිල්ලට බොහෝම මනාපයි...
අන් සියල්ලන්ගේම හැම අකුරක්ම මට ගෙනත් දුන්නේ ධෛර්‍යයක් හැමදාම වගේ..
ග්‍රීක මිථ්‍යා ඉතිහාසයේ මන් ආසම එක සතෙක් තමයි හයිඩ්‍රා කියන්නේ. අර එක ඔළුවක් කපලා දැම්මහම එතනින් ඔළු දෙකක් එනවයි කියන්නෙ. ඒ කියන්නෙ එක අදහසක් මරලා දාන්න හදන කොට තව අදහස් දෙකක් එනවානම්..චෙහ් මල් හතයිනෙ...අනික ඒ වගේ සතෙක් මරන්න හර්කියුලීස් වගේ ලෝක ප්‍රසිද්ධ වීරයෙකුට මිසක් වෙන අයෙකුට බැරි උනා නොවැ.
කතන්දර දැන් නම් මෙලෝ රහක් නෑ වගේ උනාට ඒ කාලෙ ඒවා කොයිතරම් නම් රහයිද ? අපි වයසින් වැඩිලා හින්දා මේ කතන්දර අපිට රහ නැත්ද නැත්නම් වෙන හේතුවක්ද කියලා මන් නම් දන්නෙ නෑ. කතන්දර ගැන කියද්දි මගේ සිහියට එන්නෙ මේ කතාව..
මගේ ආදරණීය ආච්චිලා දෙන්නගෙන් තාත්තගේ අම්ම වෙච්ච ආච්චිට තමයි මන් වැඩියෙන්ම ආදරේ. මොකද ඒ ආච්චිට කියන්න කතන්දර ගොඩක් තිබුනා. සුරංගනා කතන්දර, ජාතක කතන්දර, විහිළු කතන්දර, බත් කන්ඩ බෑ කියන කොට බය හිතෙන කතන්දර..වගේ නා නා ප්‍රකාර එව්වා. ඒ වගේමයි ආච්චිගෙ කතන්දර හරිම විවිධාකාරයි. එකම කතන්දරේ විවිධ චරිත වලට විවිධ විදියට පණ පොවලා කියන්න ආච්චිට හැකියාව තිබ්බා. ඒ නිසාම ආච්චිගෙ එක කතන්දරයක් කවදාවත්ම තව කතන්දරයක් වගේ උනේ නෑ. එක කතාවක ගෙඹි කුමාරයා කුමාරිගෙන් හාදුවක් අරන් රාජ කුමාරයෙක් උනාට...අනිත් දවසෙ අර රාජ කුමාරිත් ගෙඹි කුමාරියෙක් වෙලා සතුටින් ගෙඹි රාජ්‍යයක රජකම් කරලා ජීවත් උනා. අපේ අම්මගෙ අම්මා වෙච්ච ආච්චිට මන් එච්චර ආදරේ නැත්තෙ...එයා දැනන් හිටියෙ එකම කතා සෙට් එක විතරයි..ඒවායෙ හැමදාම උනේ එකම විදියට..හැමදාම එකම කුමාරයා සටන් කරලා එකම කුමාරිව බේරා ගෙන සතුටින් ජීවත් වෙච්ච කථාව... මගේ ප්‍රියතම ආච්චිගෙ කතන්දර අහලා..මමත් අර කතාවල චරිත මට ඕනි විදියට එක එක අතට හරවලා කියවලා බැලුවා.. උගුරෙ ඇපල් කෑල්ල හිර වෙච්ච කුමාරි බැන්දෙ කුරුමිට්ටෙක්..එයාගෙ එක ළමයෙක් තමයි අර Beauty and the Beast එකේ ලස්සන කුමාරි...
"උඹත් කවදාහරි උඹේ මුනුපුරන්ට මන් වගේම ලස්සන කතන්දර හදලා කියලා දෙයි "
කියලා ආච්චිගෙ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා.
හැබැයි මේ ආච්චි අපේ ගෙදර ආවෙ...මාසෙකට දවස් දෙක තුනක් විතර තමයි. මොකද ආච්චි අපේ ගෙවල් ළඟම තිබ්බ පන්සලේ තමයි සිල් ගත්තේ. පෝය දවසට ඉස්සෙල්ලා දවසෙ ඇවිත් පෝය දවසට පස්සෙ දවසෙ යන සිරිතක් තිබ්බෙ. මන් නම් කැමති උනේ මේ ආච්චි අපේ ගෙදරම ඉන්නවා නම් හොඳයි කියලයි. ඒත් තාත්තගෙ මහ ගෙදර දාලා එන්න ආච්චි කොහොමත් කැමති උනේ නෑ.
එක දවසක පෝය දවසට ඉස්සෙල්ලා දවසෙ ආච්චි ආවා.. මන් උපායක් කල්පනා කලා කොහොමද ආච්චිව ගෙදර නවත්වා ගන්නේ කියලා. තීන්ත කුප්පිය...ඒ කාලෙ තීන්ත පෑන් වලින් ලියපු කාලය..දැන් වගේ කාබන් පෑන් තිබ්බෙ නෑ. ලොකු අක්කාගේ තීන්ත කුප්පිය ගත්තා හැලුවා ආච්චිගේ සිල් රෙද්දෙ ..මන් දන්නවා ආච්චි සුදට සුදේ සිල් රෙද්ද බැබලෙන්නෙ නැත්නම් ආයි සිල් ගන්න නොයන බව..මන් හරියට හරි පෝය දවසෙ හතට අටට නැගිටිනකොට මෙන්න ආච්චි ළිඳ ළඟ..
"ආච්චි සිල් ගන්න ගියේ නැද්ද?"
ආච්චි නෙවෙයි හුම් කිව්වෙ..අර නිල් පාට තීන්ත යවන්න දෙහි බෑවක් උලන ගමන් ආච්චි සිල් රෙද්ද හෝදනවා...
දවස පුරාම ආච්චි තීන්ත වැටිච්ච සිල් රෙද්ද ගැන කථා නොකලත් වෙනදා වගේම මට කථන්දර කියන්න නම් අමතක කලේ නෑ..
අර රෙද්දෙ නිල් පැහැය අඩු උනාට තවමත් බැබලෙන් තීන්ත පැල්ලම දකින වාරයක් ගානේ මගේ හිත ඇදුම් කනවා..
"තීන්ත බෝතලේ අක්කා අතින් හැලෙන්න ඇති නේද ආච්චියේ ?"
තව විටෙක..
"මන් ගන්න කොට මූඩිය බුරුල් වෙලා තිබිලා හැලුනද දන්නෙ නෑ"
තවත් විටෙක...
"පූසා පැන්නද දන්නෙ නෑ තීන්ත කුප්පිය පෙරලගෙන..ඔයිට ඉස්සෙල්ලා දවසෙත් ඔහොම තීන්ත කුප්පිය පෙරලලා තිබ්බා"
ආච්චි නෙවෙයි හුම් කීවෙ...
පහු වෙනිදා ආච්චි යන්න ලෑස්ති වෙනවා..
"මොකද අම්මගෙ සිල් රෙද්ද තීන්ත හැලිලා"
ඒ අපේ තාත්තා..
"මයෙ චූටි පුතා නම් ඊයෙ තුන් සැරයක් විතරම ඕක උනේ කොහොමද කියලා මට ඒත්තු ගන්වන්න නම් හැදුවා"
තාත්තා ටිකක් කල්පනා කරලා..
ඇන්නා මට ටොක්කක්
"අබ කෑ එකාගෙ මොලේ දනවා කියන්නෙ ඕකට තමයි"
මන් ටිකක් වෙලා ඔළුව අත ගගා හිටියා..
"මොකද්ද ආච්චියේ අබ කෑ එකාගෙ මොලේ දන කතාව?"
"මන් පස්සෙ කියා දෙන්නම් පුතේ..දැකලා තියෙනවද බළල්ලු ජරා කරලා වහනවා වැලි ටිකකින් හරි පස් ටිකකින් හරි..ඒත් සමහර බළල්ලු ගල උඩ රීලා පුරුද්දට ඕක වහන්න දඟලනවා..එතකොට වෙන්නෙ උන් දන්නෙම නැතුව උන්ගෙ ජරාව ඇඟ හැමතැනම ගෑවෙන එක. මන් පස්සෙ කියලා දෙන්නම්කො"
කියලා ආච්චි යන්න ගියා.
පස්සෙ දවසක ,
"අප්පා කල දේ නොකලොත් ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ. බොලායෙ තාත්තත් ඒ කාලෙ මාව ගෙදර තියා ගන්න ඔය වගේ වැඩ කොරලා තියෙනවා මයෙ පුතේ..."
ඔය කතාව අපේ ඕනයා මලයා අප්පා කල දේ නොකලොත් ඌ නොට් උගේ පුතා කියලා Not gate එක දාලා කොහෙ හරි කියලා තිබ්බා...
මන් ඔව්වා කියන්න ඔය ජාන විද්‍යාවයි...ගණිත විජ්ජාවළුයි දන්න එකක්යෑ...
මන් දන්නෙ ගමේ ගොඩේ කට කතාවට කියන ඔය විද්‍යාත්මක පසුබිම් වලින් ඔප්පු කරලා පෙන්නන්න බැරි මිථ්‍යා මති මතාන්තර තමයි...
ඔව්වා කාට හරි ඕනි නම් නම් සුද්ද බුද්ද කරලා තමන්ගෙ ඔළු වල හරියට තැන්පත් කොර ගත්තට මයෙ මොකෝ ? අර අච්චර වටිනා බ්ලොග් එක නොලියන සඳරූ මලයා කියන්නැහේ...සරමත් උස්සා ගෙන මන් ගහ ගන්න එනවයෑ ?
මන් මගේ ගමන මගේ පාඩුවෙ යනවා ආයිබොවන්ඩ...
Subscribe to:
Post Comments (Atom)
අන්න එහෙම වරෙන් . . .
ReplyDeleteඅර මම උඹේ මූනු පොතේ ශෙයා කරපු එකේ කියන විදිහට
"බුරන හැම බල්ලටම ගල් ගහන්න මඟ නතර උනානම් කවදාවත් ගමනන්තෙට යනන් ලැබෙන්නේ නෑ"
අහ් බොලා එකට ලයික් එකක් වත් දාලා තිබ්බේ නෑ කැතයි හොඳේ
වටිනා කියන කතාවක්. ඔන්න මම ලයික් ඈ...
Deleteමූණු පොත පැත්තෙ ගියා හරි හමන්වට නිදහසෙ කරක් ගහන්න බැරි උනා දුකා මලයා.. ඕන් මමත් ලයික් ඒකට මෙතනම හොඳේ...
Deleteඅහ් එල එල
Deleteඅනාගතේ අම්මලාට නම් ඉති කියන්න තියෙන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ බොඳ මීදුම් වගේ කතා තමයි
ReplyDeleteඇයි මෙගා ටෙලි නාට්‍යය වල කතා...
Deleteමං ඔය මහා ලොකු රසවින්දනයක් තියෙන ප්‍රබුද්ධයෙක් නොවන නිසාද කොහෙද මම ඔය සරල කතා කියවලා රසයක් ලබනවා. මම ලියන ඒවත් එහෙමනෙ බං.
ReplyDeleteඅනේ හෙන්රි අයියෙ මගෙ එව්වත් ඔහොම්මම තමයි..ඕන් ඔහේ සරලවට කියවලා දාන්ඩකෝ...
Deleteවෙනී මේ කතාව කියලාවත් කරගන්න බැරි එකක්නෙ බං.
DeleteIt hit me like a ton of bricks!
අපිත් ඒකාලේ කතන්දර ඇහැව්වා හැබැයි කතන්දර සීයගෙන්,
ReplyDeleteවෙනී අයියා දන්නවද ඒ සිද්දිය
http://cyberyaya.blogspot.com/2010/07/blog-post_31.html
.....................................
ලිපියෙ කියලා තියෙන දේවල් එක්ක හිතලා බලද්දි කතාදෙක තුනක් තියෙනවා කියලා හිතෙනවා. ඒත් ඒවා තේරුම් ගන්න කලින් ලිපි කියවන්න වෙයි. කාලය නැති නිසා වෙනි අයියට වෙලයි කියලා හිතෙන අලකලංචියක් වේ නම් තේඑුම් ගන්න ටිකක් කල් යයි. බලමු මේ ගැන දැන ගන්න තවත් නවීන තාක්ෂණික ක්‍රමයක් තියෙනවා. පුලුවන් උනොත් උත්සහා කරලා බලන්නම්. :D
ඔව් ඔව් මල්ලි ඒ කතන්දර ටික අපි ඒ දවස් වලම පතුරු ගැහැව්වනෙ..අර කියවන කාලෙදි..
Delete-------
දැන් හරිනෙ මලයා..
සරලබව තුළ වන්නාවූ උපහාස රසය මොන තරම් රසයක්ද වෙනි... අපි අපේ ගමන යං අපේ පාඩුවේ..
ReplyDeleteඔව් නලීන් මලයා එහෙම කරමු ඕන් ඔහෙ...
Deleteවෙනී අයියා ටිකක් හිතකරදරෙන් ඉන්නව වගේ. ඔව්ව ගනන් ගන්න එපා අයියා, අමතක කරල සතුටින් ඉන්න. සමජයක ජීවත් වෙනකොට අපි හැම දෙයක්ම බලාපොරෙත්තු වෙන්න එපෑයැ.
ReplyDeleteඔව් මල්ලි මේ සේරම ඊළඟ පෝස්ට් එකෙන් එලියට එයි මයෙ හිතේ...
Deleteමැට්‍රික්ස් සෙට් එක මාත් බලලා තියෙනවා.දැන් ඉන්න ආච්චිලා නම් පොඩි ඒකාග් බිස්කට් එකට විදලා පොඩි එකාගෙන්ම කතා අහනවා.මටත් කවදාහරි හොඳ කතා කාරයෙක් වෙන්න පුළුවන් පොඩි උන්ට,බලන ෆිල්ම්ස් තොගයට,
ReplyDeleteඔව් නිශාන් මලයා ඒ ඇඩ් එකට නම් මටත් කේන්තියි..ඒත් ඒක නිර්මාණශීලියි..
Deleteවෙනී ඔබගේ ගද්‍ය රචනය නම් අනඟියි. හැබැයි මම කියන්නෙ ඔය අනිත්‍යය හැමට පොදුයි.
ReplyDeleteඔබෙ සූරකම අඟයමි. සිතට වදින්න ලියන්න ඇති හැකියාව උපරිමයි.
ඔව් මහ වෙදනා ..මේ අනිත්‍යය..හැර වෙන කිසිම දෙයක් කොතැනකවත් නෑ..ඒ තුල පමණයි අපේ සැනසීම තියෙන්නෙ..ඇයි වැටෙන්න යන විට උර දෙන්න ඉන්න සහෘදයො පිරිසක් ...ඒකත් සැනසීමක්..
Deleteලෝකයේ තිබෙන සෑම දෙයකටම ආරම්භයක් මෙන් අවසානායක්ද තිබිය යුතුයි. හැබැයි සමහර ඒවා අවසන් වෙන්නේ අවාසනාවන්ත විදියට.
ReplyDeleteසුදීක ඒක අවසාන වෙන කොට අපි ඉන්නෙ වාසනාවන්ත පැත්තෙද නැත්නම් අවාසනාවන්ත පැත්තෙද කියන එක මත නේද ඒක තීරණය වෙන්නෙ ?
Delete/ ඔය කතාව අපේ ඕනයා මලයා අප්පා කල දේ නොකලොත් ඌ නොට් උගේ පුතා කියලා Not gate එක දාලා කොහෙ හරි කියලා තිබ්බා... */
ReplyDeleteමං ඔය නොට්+උගේ කතාව මුලින්ම දැනගත්තේ දුෂාන් කියලා හිටපු බ්ලොග්කරුවක් දාපු ප්‍රතිචාරයකින්, 2009 නොවැම්බර් 11 (මගේ තාත්තගේ උපන් දිනය) දා
http://kathandara.blogspot.com/2009/11/blog-post_11.html?showComment=1257934306294#c1002350249400472237
!
අපිට අමතක වෙලා ගිය මූලාශ්‍රය දුන්නට ඔබට තුති කශූ...
Deleteබොහෝම අපූරූ කතන්දරයක්, මගේ කට හොනට හිනාවක් ආවේ ඇයි කියන්න සමහර විට උඹ දන්නවා ඇති.
ReplyDeleteමට මැවිලා පේනවා බොලාගෙ ඔය කට කොනට නැගෙන හිනාව ! චෙහ් මගේ තුන් හිතක වත් එහෙම එකක් තිබ්බෙ නෑ බන්...
Deleteමටත් යමක් වැටහුනා බං..!
ReplyDeleteදුකා උඩම කියල තිබුන වගේ බුරන අයට ගල් ගහන්න නතරවෙන්නෙ ඇයි..?
ඔක්කොම එකතු උනාම එක ගලයි ගහන්න ඕන උන් ඔක්කොම චූ දදා දුවන්නෙ බං...!
ගල් ?! මන් බල්ලන්ට ගහන්නෙ බනිස් ගෙඩියකින්..උන්ට හොඳට ඉව තියෙනවා බනිස් සහ ගල් අතර වෙනස අඳුරා ගන්න...ඊළඟ දවසෙ උන් මාත් එක්ක වලිගෙ වනන් එන්නෙ මල්ලි..බොහොම ලෙංගතු කමෙන්..මං ඒකට මනාපයි..
Deleteවෙනී අයියත් ගානට ඔලුව අතගාල ටොක්කක් ඇනල තියෙනව. මට ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි. මොකද දෙයක් කියන්න ඕනි උනාම අපි වගේ ගහෙන් ගෙඩි එන්නැහේ කියල දාන්නැතුව උපමා උපමේය එක්ක හිතට දැනෙන්න කියලා දාන හින්දා.
ReplyDeleteහොඳ පෞරුශයකින් යුත් පුරවැසියන් බිහි වෙන්නනම් ආච්චි අම්මලගේ මේ කතන්දර අතිශයින්ම වැදගත්. මොන්ටිසෝරි ගිහිං ටියුෂන් ගිහිං කරන නාඩගම් වලට වඩා.
අනේ මන්දා අකමා..ඒ අද කාලෙ පොඩි උන් ගැන කී කතාව නම්සහතික ඇත්ත..
Deleteඒ කථාව නම් අහලා ඇතෝ.මේ කථාව?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මේ කතාව කීවෙ කොයිකද ?
Deleteහිඃ හිඃ...ඔළුව අතගාලා අතගාලා...ටොක්ක තමන්ටම ඇනගන්න ඉඩදීලා.....
ReplyDeleteහොඳ වෙලාවට සුමිත් හැම වෙලාවෙම තොප්පියක් දමන් ඉන්නෙ නේද ???
Delete"Life is 10 percent what you make it, and 90 percent how you take it." කියල කොහෙදෝ ලියල තිබ්බා
ReplyDeleteකොහෙ ලියලා තිබ්බත් රන් මසුරන් කියමනක් තිසර...
Deleteතිසර මාත් ඒක පාවිච්චි කරනවා අද ඉඳලා. සුපිරි කියමන. මටත් ගැලපෙනවා.
Deleteතොල්ලෙක් උනාම ඔන්න ඔහොම නේ ඉන්න ඕන.. ලොක්කා.. ඇත්ත ඕයි මැටරික්ස් තුනම මගේත් ෆේවරිට්ම තමා.. කියල වැඩක් නෑ දෙබස් හිටං කට පාඩං තාම..
ReplyDeleteහිකිස්...
Deleteඔව් අවස්ථා සම්බන්ධය කොහෙන් ඇහුවත් කියතෑකි මේ ෆිල්ම් එකේ !
බුරන බල්ලො ඔහෙ බුරපුදෙං වෙනී අයිය. අපේ ගමන අපි යං අපේ පාඩුවෙ.
ReplyDeleteදැං ඉන්න අම්මලටනං ඉස්සරහට කියන්න වෙන්නෙ මෙගා ටෙලි වල තියෙන කතා තමයි.
ඔව් මල්ලි, මෙගා ටෙලි නාට්‍ය වල කතා කියලා දෙයි අද අම්මලා ආච්චි අම්මලා උනහම..
Deleteඋඹේ මේ කතාවන් මම මගේ ආච්චි මතක් උනා මලේ. ඇත්තටම ආච්චි කීවට ආච්චිගේත් අම්මා. ඒ කියන්නේ මගේ අම්මගේ අම්මගේ අම්මා. අන්න එයාත් ඔය වගේ මාරු කතන්දර පැය ගණන් එකදිගට කියාගෙන යනවා.
ReplyDelete//ආරම්භයක් තිබූ සියළුම දෙයට අවසානයක් ඇත..//
යකෝ ඔය ගැනම නේ මමත් මගේ 50වැනි පොස්ට් එකෙන් කියලා තිබුනේ. Matrix ගැනනම් නෙවේ. Matrix කීපවතාවක් බැලුවත් මට මොන බෝලයක් වත් තේරුනේ නැහැ බන්.
ඔහොම යන් මලයෝ.
අයිලාස් මටත් මැට්‍රික්ස් ෆිල්ම් එක තේරෙන්න ගත්තෙ ඩීවීඩී එකේ ඉංග්‍රීසි උප සිරැසි එක්ක බලද්දි තමයි..ඒ පෝස්ට් එක මග හැරුන අයිලාස්..දුවලා ගිහින් බලලා ආවා..
Deleteවෙනිගේ ආච්චි දිවිය ලෝකේ ගිහින් නැහැ . [ උන්ද තාම ඉන්නවා නම් සමා වෙලා මේක අහක් කරන්න ]
ReplyDeleteඑයා උපදින්න ඇත්තේ ඩිස්නි කොම්පැනියේ චිත්‍රපට කතා ලියන්න .දන්නවනේ සේරම සුරංගනා කතා එහාට මෙහාට කරලා අලුත් කතා හදන අපුරුව .
ඔපදමන තරමටයි මැණික් අගය වැඩි වෙන්නේ . ඒ වගෙයි දැන් මේකේ කතා
බින්දි අපේ ආච්චි මිය ගිහින් අවුරුදු 30 මේ මාසෙට...
Deleteමගේ ඊළඟ ප්‍රියතම චිත්‍රපටි මාලාව ශ්‍රෙක් උනේ ඇයි කියලා කියන්ඩ ඕනි නැහැනෙ...
මම Sci Fi වලට උමතුවක් වගේ ඇල්මක් තිබුණු කෙනෙක්... මම හිතන්නෙ Sci Fi වල උපරිමය තමයි Matrix Triology එක... මට ඊට පස්සෙ තවත් Sci Fi බලන්න උවමනාවක් නැති තරමට Sci Fi එකකින් බලාපොරොත්තු වුණු උපරිපයමට ළං වෙච්ච නිර්මාණයක්...
ReplyDelete..................
වෙනි මචන්... සබරගමුවෙ අපි සමන් දේවාලෙ දිය කැපුවම වහින බව දන්නෙ ජාන වලින් ද මොකෙන්ද කියන්න මම දන්නෙ නෑ... ඒත් උඹත් ඒක එහෙම වෙන බව දන්නව මාත් ඒක දන්නව... අපිට ඕක විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් කමක් වත් ඕන කමක් වත් නෑ... හැම අවුරුද්දෙම අවුරුදු පහුවෙලා දවස් හතලිස්පහෙන් රත්නපුරේට ගං වතුර ගලන්නෙ ඇයි කියල මීටරේකින් පෙන්න්න්න බෑ.... අපි කොයි දීපංකරේ හිටියත් අපි අපිනෙ බං... අල්ලල දාහං...
Matrix එකේ Agent Smith මෙහෙම කියනව මතක ඇති...
ReplyDelete"Ignorance is bliss"...
“You take the blue pill, the story ends, you wake up in your bed and believe whatever you want to believe. You take the red pill, you stay in wonderland, and I show you how deep the rabbit hole goes.”
Delete:-D
machan, when I got fuckedup I just listen to this brilliant song...
ReplyDeleteI was born by the river ...of SAM Crook
its really cool man...
A Change Is Gonna Come
Thanks Myya..
DeleteI will do the same next time.
හෆොයි..
ReplyDelete