ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, December 22, 2012

ඩෝන්ට් මිස් අන්ඩර්ස්කර්ට් ! Stories of Misunderstandings

මෙන්න කතා සෙට් එකක්ම වැරදියට අවබෝධ කර ගැනීම හෙවත් සිංහලෙන් කීවොත් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කර ගැනීම පිළිබඳව...

පරිගණක උගන්වන්න යන කොට එන තරමක බරපතල ප්‍රශ්ණයක් තමයි උගන්වන භාෂාව. තනිකරම ඉංග්‍රීසියෙන් උගන්වනවා නම් අව්ලක් නැති උනාට සිංහලෙන් උගන්වද්දි නම් සෑහෙන්න ඉංග්‍රීසි වචන දම දමා ඒවයින් කියන්නෙ මොකද්ද කියලා කියා දිදී තමයි උගන්වන්න වෙන්නෙ....

එක කම්පියුටර් ක්ලාස් එකක රහස් පද නැත්නම් පාස්වර්ඩ් ගැන කරපු පාඩමේ,

"මෙහෙමයි අපි පාස්වර්ඩ් එකක් හදන කොට අඩුම තරමේ කැරැක්ටර්ස් අටක් වත් තියෙන්නෙ හදන්න ඕනි. එතකොට තමයි ආරක්ශාව වැඩි. එහෙනම් එක එක්කෙනා අඩුම තරමේ කැරැක්ටර්ස් අටක වත් පාස්වර්ඩ් හදලා මට පෙන්වන්න.." 

කියලා මන් පොඩ්ඩක් බුකියෙ මොනාද ඕපදූපයක් අප්ඩේට් වෙලාද කියලා බලන්න එබුනා..

කට්ටිය මෙන්න හදන් එනවා පාස්වර්ඩ්..පන්තියේ ඉංග්‍රීසි දැනුම හොඳටම තිබ්බ දේවිකා...

Snow white and seven dwarfs  ඒ කියන්නෙ හිම කුමාරි සහ අඟුටුමිට්ටො හත්දෙනා කියලා ලියලා මට පෙන්නුවා..

"මේ මොකද්ද දේවිකා?"

"ඇයි සර් ඔතන කැරැක්ටර්ස් අටක්ම තියෙනවනෙ"

 ඉතින් දීපල්ලකො උත්තර ?!

-----------------------------------------------------------------------------

"මගේ යාළුවෙක් මැරුනෙ තමන් වැඩියෙන්ම ආදරේ කරපු දේ නිසා ඒ වෙනුවෙන්මයි"

ආදරය වෙනුවෙන් තමන්ගෙ දිවි පුදපු දහසක් දෙනා ගැන මතකයට නැගෙද්දි පාලිතගේ යාළුවා ගැන මගේ හිතට නැගුනෙත් හරිම ලොකු භක්තියක් ගෞරවයක් සහ ආඩම්බරයක්..

"හැබෑටම එයා මැරුනෙ කවුරු වෙනුවෙන්ද ?"

"කවුරු නෙවෙයි බන් හෙරොයින් වලින් ඌ මැරුනෙ!"

---------------------------------------------------------------------------

මේ සිද්ධීන් දෙකම උනේ අපේ කැන්ටිමේ කියලයි ඒකෙ වැඩ කරන මල්ලි කෙනෙක් කීවෙ..

මේකෙ සේවයට ඇවිත් තියෙනවා මුස්ලිම් මල්ලි කෙනෙක්..එයාට එච්චර සිංහල තේරෙන්නෙත් නෑ....ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑ..අනේ මන්දා මොන භාෂාවක් වත් තේරෙන්නෙ නෑ වගෙයි..


එක මහත්තෙක් ඇවිත්,


"මට ස්ට්‍රෝං ටී එකක් දෙන්න"


කියලා ඉල්ලලා..
මිනිහා දහ අතේ කල්පනා කරලා මොනාද ඉල්ලුවෙ  කියලා. පස්සෙ තේ කවුන්ටරෙන් තේ එකක් අරන් ස්ට්‍රෝ එකක් දමලා ගිහින් දුන්නා කියලයි හැමෝම හිනා වෙන්න.


 පාටියක් වෙලාවකදි ඔය වගේම,

"හැඳැල්ලො ප්ලේට් එකක් ගේන්න "


කියලා ඕඩරේ දුන්නම..


මෙන්න මිනිහා ටික වෙලාවකින් එනවලු ප්ලේට් එකක් අරගෙන ඒකෙ අර ශෝට් ඊට්ස් එහෙම අතින් අල්ලන්නෙ නැතුව අරන් දෙන උපකරනෙත් පිඟානක තියාගෙන..




හැබැයි අර ඉල්ලපු කෙනා ළඟට යන්ඩ ඉස්සෙල්ලා අපේ ස්ටාෆ් එකේ කෙනෙක් දැකලා ඔය මොකද කියලා අහන කොට,


"සර් අර සර්ට හැන්ඩ්ල් එකක් ඉල්ලුවා ප්ලේට් එකක් එක්ක"


කිව්වලු..


පහු වෙනිදම මිනිහා යන්න ගිහින්.. නැත්නම් තව තව ඇබැද්දි ගොඩක් අහ ගන්න තිබ්බා..

කොහොමද මිනිහගෙ තේරුම් ගැනීමේ හැකියාව !

----------------------------------------------------------------------
මේක උනෙත් හෝටලේක ඒ වෙලාවෙ පිළිගැනීම් කවුන්ටරයෙ හිටිය නිළධාරියට..එයාගේ තේරුම් ගැනීමේ හැකියාව මද කම !

සිද්ධිය උනේ මගේ හොඳම යාළුවෙකුට සහ එයාගෙ වයිෆ්ට.. මගේ යාළුවා කොයි තරම් පැහැදිලි කලත් එයාගේ ආදරණීය බිරිඳ විශ්වාස කලේම නෑ මිනිහට තව පනින්න කොටු 2-3ක් නැහැයි කියලා..අපිත් හතර වෙනි සිල්පදේ නොගන්න කාලෙ ඕක එයාට ඔප්පු කරන්න කොයි තරම් ගියත් එයා පිලිගත්තෙම නෑ.. ඔය නිසාම ඒ මාතෘකාව එක්කම අපි ඒ පවුල එක්ක තිබ්බ ආශ්‍රයත් ටිකක් අඩු වෙලා ගියා. නමුත් යාළුවා නම් කොහොමින් කොහොමින් හරි අපේ පාටි වලට නිතර නිතර ආවා ගියා..

හැමදාම අඬදබර වලින් ඔය ජීවිත දෙක ගෙවිලා යද්දි..එක සැරයක් වෙනසකටත් එක්ක කියලා ඒ දෙන්නා සති දෙකකට සිංගප්පූරු ගියා.. ඇවිත් පස්සෙ අපි එක්ක සෙට් වෙච්ච පාටියක,

"වැඩක් නෑ මචන් එහෙදිත් මේ කේස් එකක් අල්ලන් අපි නැවතිලා හිටි කාමරේ ජනේලෙන් පනින්නම ගියා බන්..තට්ටු 20ක හෝටලයක් ඒක"


"ඉතින් උඹ මොකද කලේ ?"


"මන් දුවන් ගියා රිසෙප්ශන් එකට විස්තරේ කීවම උන් කීවා ඒක අපේ පුද්ගලික ප්‍රශ්නයක් අපිම විසඳා ගන්න ඕනිය කියලා..ඒ ගොල්ලන්ට කරන්න දෙයක් නැ කියලා"


අපි ඒ ප්‍රශ්නේ ගැන දුක් උනත් ඔය කතාවට පසු වදන එකතු වෙලා තිබ්බෙ මෙහෙමයි..

"ඒක අපේ පුදගලික ප්‍රශ්ණෙයක් වෙන්නෙ කොහොමද මෝඩයො ඒ ජනේලෙ අරින්න බෑ හිර වෙලා තියෙන්නෙ "


කියලා අපේ යාළුවා හෝටලේට් හොඳටම දොස් කීවයි කියලයි..


අනේ මන්දා ?!


51 comments:

  1. හික් හික් ... හෆොයි මෙහෙමත් ලෝකයක් !

    ReplyDelete
    Replies
    1. මෙහෙව් ලෝකයක නෙ අපිත් ඉන්නෙ නෙව ?

      Delete
  2. ඔය තියෙන්නේ පොඩි පොඩි රස කතා ටිකක්

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි කතා පොඩියක් තමයි..මහ දිග කතාවක් ලියන්ඩෝනි...

      Delete
  3. අන්තිම එක මරුවට වෙනස් වෙලා තියෙනව :)

    ReplyDelete
    Replies
    1. සුපුරුදු විදියටම මාරු කලා සාතන් !

      Delete
  4. හිකි..හිකි...!අනේ තව කියන්නකො මාමෙ..!

    ReplyDelete
    Replies
    1. මාමා ??? හුහ් !

      Delete
    2. මට ඥාති දූලා ගොඩක් ඉන්නවා !

      Delete
  5. හික්...හික්...හික්...

    ReplyDelete
  6. සුද්දෙක් ඇවිත් කඩේකින් ටී එකක් ඉල්ලුවලු. කඩෙ කොලුව කිරි තේ එකක් ගෙනාවම සුද්දට මල පැනල උවමනාව කිරි නැති තේ එකක් කියල ඉංග්‍රීසියෙන්ම කියද්දි එතන උන්න මහතැන් කෙනෙක් කොල්ලට සීන් එක පැහැදිලි කරාලු. කොල්ල ඉන් පස්සෙ අර කිරි තේකත් අරන් තනියම බැන බැන කුස්සියට යනවලු "මූ සුද්දෙක් උනාට ඉංග්‍රීසි අපි තරම් වත් දන්නෙ නනෙ. කිරි නැති තේ වලට කියන්නෙ ප්ලේන් ටී කියලවත් දන්නෙ නැති මහ ලොකු සුද්ද"

    ReplyDelete
    Replies
    1. ඒකනේ...... :)

      Delete
    2. තැන්කූ මන් දන්නවා මගේ කතා පොඩ්ඩට කමෙන්ට් වලින් තව කතා එකතු වෙනවා කියලා..එතකොට කියවන අයට අසාධාරනයක් වෙන්නෙ නෑ..

      Delete
  7. ඔය කැන්ටිම අර @ කොලම්බු සෙවන් කෑම දාන එක වෙන්න ඇති. වෙනී අයියට නමක් නැති, හැඩයක් නැති කෑම එතනිං හම්බවෙන එකට හේතුව ඔය මිස් අන්ඩර්ස්කර්ට් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මල්ලි හරියට හරි එතන තමා !

      Delete
  8. හත් ඉලව්වේ...... මෙහෙමත් රටක්.

    ReplyDelete
  9. අන්තිම එක නම් මරේ මරු.
    ඉතින් අර මිනිස්සු ඒක හදලා දුන්නද..?? :D :D :D

    ReplyDelete
    Replies

    1. අපේ යාලුවා ගැන දුක හිතිලා හදලා දුන්නද නම් දන්නෙ නෑ..

      Delete
  10. මිස් අන්ඩර්ස්කර්ට් කතා ගොඩා............යි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් කිව්වට ටිකක් !

      Delete
  11. හැබෑට ඔය කම්පියුටර් සිංග්‍රීස් වලින් උගන්නන්න ගියාම නං මරු ඒව වෙනවා තමා.. හි හි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් විශේශයෙන්ම ඉංග්‍රීසි දැනුම අඩු අයට උගන්වන්න ගියහම...

      Delete
  12. හා හා.. මැරෙන එකවත් නිදහසේ මැරෙන්න නැහැ නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම මැරුන නම් සතුටු වෙන්න කෙනෙකුත් හිටි වෙලාවෙ !

      Delete
  13. මේ මොකෝ මේ... මේ පොස්ට් එකත් අර කෙල්ලන්ගේ සායවල් වගේ කොට වෙනවනේ. ඒකනම් මදෑ. එහෙම කොට වෙනකොට මෙලෝ රහක් නැති එව්වානේ එලියට පනින්නේ. මන් මේ සති ගානකට පස්සේ කියවන්න පුළුවන් පොස්ට් එකක් බලන්න ආව මදැයි. හුහ්
    (හැබැයි මේකෙත් ගතියක් තියෙනවා මේකට තව කතා 4ක්-5ක්වත් වැටුනානම්.)

    :)

    ReplyDelete
    Replies
    1. චෝදනාව සහ යෝජනාව බොහොම ගෞරවයෙන් පිලි ගන්නවා අකමා..තිබ්බත් නිදහසට කාරනා...

      Delete
  14. අර පාස්වර්ඩ් කතාව මම පුතාටත් කිව්වා.

    ඔන්න ඔහොම සිද්දිනෙ වෙන්න ඕනෙ මනුස්සයෝ වුනාම, නැද්ද?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..හෙන්රි.. ඕවා වැඩියෙන්ම අහුවෙන්නෙ ඉංග්‍රීසි උගන්වන ඔය ගොල්ලන්ට තමයි ඉතින්

      Delete
  15. අන්තිම එකනම් සුපිරි තමා.
    මේ ලඟකදී අපි ගියා ටවුමට.යද්දී අල්ලපු ගෙදර ඇන්ටි කිව්වා එයාගේ පුතා ටවුන් එකේ බිල්ඩිමක වැඩ පුළුවන් නම් කෑම එකත් ඔය ගමන් දීගෙන යන්න කියලා.

    අපිත් ඕක අරන් ඒ ඇන්ටි කියපු බිල්ඩිම ගාවට යද්දී පොර ඉන්නවා 3වෙනි තට්ටුවේ.අපි පහල ඉඳන් කෑගහලා ඌට පල්ලෙහාට එන්න කිව්වා.කොල්ලත් ඇවිත් කෑම එක අරන් ගියා.අපි ආපහු එද්දී අන්කල් කෙනෙක් දුවන් ඇවිත් හති දදා අහනවා ඇයි පුතා කියලා.අපි බැලුවා මොකෝ සීන් එක කියලා.

    ඒ මනුස්සයා 4වෙනි තට්ටුවේ ඉඳලා තියෙන්නේ අපි අර යකාට කතා කරද්දී.ඒ මනුස්සයා හිතලා තියෙන්නේ එයාට කියලා තට්ටු හතරම බැහැගෙන ඇවිත් ඇයි කියලා බලන්න.

    ReplyDelete
    Replies
    1. පව් මිනිහා හිතින් බැන බැන ආයි තට්ටු හතරම නගින්න ඇති !

      Delete
  16. :D හහ් හහ්, නියම කතා ටිකක්. හිනා වෙන්න ලෑස්තිනං හැබෑ ජීවිතේදි ඕනෙ තරම් හිනා යන දේවල් සිද්ද වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ කතා ටික කියෙව්වහම අහල පහල ඉන්න කෙනෙක් පොඩ්ඩක් කිති කවන්නත් වෙනවා හිනා වෙන්න !

      Delete
  17. අනුන්ට උනා වගේ පෙන්නුවට මේ කුජීත සිදු වීම් වලට වෙනී මාමාද සම්බන්ධ බවට මගේ අක්මාවට දැනේ...

    ReplyDelete
    Replies
    1. මල්ලිත් දැන් හිතන තැන් මන් කල්පනා කලේ !

      Delete
  18. බොහොම රසවත් කතා පෙලක්ම වෙනි අයියා...

    ReplyDelete
  19. තම්බිලා දෙන්නේක් කඩේකට ගිහින් අපිට "මැරෙන්ඩ" දෙකක් දෙන්න කිව්වලු. මුදලාලි කිව්වලු මහත්තයල හදන්නේ අපි හිරේ යවන්නද කියාලා. නෑ නෑ මුදලාලි අපිට "මැරෙන්ඩ" දෙකක් දෙන්න බොන්න කියලා "මිරින්ඩා" බෝතල් පෙන්නලා ඊට පස්සෙ කිව්වලු. මගේ කතාවක් නෙමෙයි "මහින්ද අබේසුන්දර" මහත්මයගේ "ආගිය කතාවක්"...

    ReplyDelete
    Replies
    1. ඔහොම විහිලු ගොඩක් තියෙනවා යෝනකයා සහ බිරින්දෑවරුන් සිව්දෙනා කියන පොතේ! ලිව්වේ කවුද කියලා නම් මතක නෑ!

      Delete
    2. මට මතක විදිහට මහින්දගේ ආගිය කථා වගේ??

      Delete
    3. ඕක ලිව්වෙ එම් එස් අයුබ් කියන ලක්බිම ලේඛකයා.

      Delete
    4. ආ ඒපොත් ටික හොයා ගෙන කියවන්න ඕනි..

      Delete
  20. මරු කතා ටික.අන්තිම කෑල්ල ගොඩක් රසවත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට ලකියා

      Delete
  21. අන්තිම කතාව මරු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට දීනෙශ් මලයා

      Delete
  22. එක අතකට මේ වගේ වැරදියට තේරුම් ගන්න එකත් වටිනවා..අපිට පස්සෙ කාලෙක හිනාවෙන්න පුළුවන්නේ..

    ReplyDelete
  23. හිකිස්
    සෙවන් කැරක්ටර්ස්
    මම කල්පනා කළේ අපිට ඔය ජාතියෙ ඒව කොච්චර වෙලා ඇද්ද කියලා.මොකෝ කාටවත් කියන එකක්යැ

    ReplyDelete
  24. "ඒක අපේ පුදගලික ප්‍රශ්ණෙයක් වෙන්නෙ කොහොමද මෝඩයො ඒ ජනේලෙ අරින්න බෑ හිර වෙලා තියෙන්නෙ "

    හෆෝයි...

    ReplyDelete
  25. දැන් කෙල්ලො අන්ඩර්ස්කට් අඳින්නෙ නෑ නේද?

    ReplyDelete