ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, December 6, 2012

අළුත් කාලෙ අළුත් තාලෙ ෆැසන් !


ප.ලි. - කාලෙකට පස්සෙ මගේ නිර්දය විවේචකයා තම හඬ අවදි කලේ මාවත් පුදුම කරමින්..

"මේ ලිපිය පුරාම තියෙන්නෙ අළුත් පරම්පරාව කරන තම්න්ගෙ පරම්පරාවෙ ඉඳන් කරන්න බැරි වෙච්ච දේවල් ගැන ඉරිසියාවෙන් පුපුරන අදහස් වගයක් "

"එහෙම කොහොමද කියන්නෙ ?.. ඕනි කෙනෙකුට ඕනි කෝණයකින් බලන්න පුළුවන්"

"නව පරම්පරාවෙ මෝස්තර විවේචනය කරලා තියෙන යාංහෑල්ලක් මිස වෙන මුකුත් මේකෙ නෑනෙ"


"නව පරම්පරාවෙ මෝස්තර ඇහැ ගැටිලා ඒවා දැකලා මට හිතිච්ච දේවල් තමයි මේකෙ ලියලා තියෙන්නෙ ඔව්"

"ඇයි ඒවට ගරහන්නෙ මෙහෙම? තමුන්ට ලබා ගන්න බැරි කුහක කම නෙවෙයිද පෙන්නන්නෙ?"

"ඒ කාලෙ ඒ කාලෙට ගැලපෙන ඒවා මාත් කලා..මෙතන ගැරහීමක් නෑ..කොටින්ම කියනවා නම් ඕනි කෙනෙක් ඕනි රෙද්දක් ඇඳ ගත්තට මට කමක් නෑ..රෙදි නැතුව හිටියත් මට කමක් නෑ..නමුත් මේ තියෙන්නෙ මගේ නිරීක්ශන..මේවායෙම ඇලී ගැලී ඉන්නෙ නෑ...මන් දැකලා මට හිතිච්ච සහ ඒ ගැන මේ දැන් කල්පනා කරන කොට දැනෙන දේවල් තම්යි.."

"අර අන්තිමේ කියන්ඩ හදන්නෙ අද කාලෙ ගෑණු ලමයි අඳින ඇඳුම්  නිසා ඒ අය ගණිකාවො වගේ කියලනෙ ?!"


"නෑ මන් කියන්ඩ ගියේ ගණිකාවො අද සාමාන්‍ය මේ අය අඳින ඒවා පොඩ්ඩක් බලලා ආදර්ශයට ගත්තොත් තමන්ගෙ බිස්නස් එකට හොඳ ඩිමාන්ඩ් එකක් කර ගන්ඩ පුළුවන් වෙයි කියලයි"

"ඔව් ඉතින් තර්ක කරල නම් දිනන්න පුළුවනෑ වෙන කාටවත්!"

නැගිටලා යන්ඩ ගියා මේන් මේකා..

----------------------------------------------------------------------------------------------------------



අනිත් අය කරන ඇඳුම් පැළඳුම් මෝස්තර ගැන මගේ හිතේ තියෙන්නෙ මේ වගේ අදහසක් තමයි කෙටියෙන්ම කිව්වොත්...

අපි හැමෝම කැමතී ලස්සනට හැඩට වැඩට ඇඳලා ඉන්න..ඒ ඇඳුම් පැළඳුම් වලින් අපිව අනිත් අය අතරේ කැපිලා පේන්න ඉන්න..
මාත් එහෙමමයි..කාලෙන් කාලෙට එන මෝස්තර තරුණ කාලෙ කලේ නෑ කියන්ඩ බෑ.. කලා දැනුත් ඉතින් එහෙමයි..

ඒ උනාට මෙන්න ඇඳුම් පැළඳුම් ගති සිරිත් නිසා අපහසුවට  පත් වෙච්ච අවස්ථාවල් මන් ඇහැ ගැටිච්ච සිදුවීම් කීපයක්ම.. 

ඔබත් නවීන පන්නයේ මෝස්තර කරනවා නම්..බොහෝම විවෘත මනසකින් බලන්න මේ සිදුවීම් දිහා..සමහර විට ගන්න දෙයක් තියෙයි..

ඒ වගේමයි මේ වගේ සිද්දි බොහොම බහුලයි..අපි බස් එකේ යන කොට..පාරේ තොටේ යන කොට අවට පිළිබඳ පොඩ්ඩක් සාවධානෙන් ගියොත් ඔය ගොල්ලන්ටත් නිරීක්ශනය කරන්න පුළුවන්..
කිරුලපන බස් එකකට නගින්න හිටියා ලස්ස්න ගෑණු ලමෙක්..දෙසැරයක් හැරිලා නොබලපු පිරිමි පරාණයක් ඔය බස් හෝල්ට් එකේ හිටියෙ නෑ..එච්චරම ලස්සනයි වගේම ඇඳලා හිටියෙත් ටයිට් ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස්..කලර්ස් මැච් කරලා ඒකටම ගැලපෙන ජුවලරීස්..ටිකක් එහායින් වගේ හිටියා අම්මා හෝ ඇන්ටි විය හැකි කාන්තාවකුත්..බස් එක ආවා කට්ටිය නගින්න පොර කනවා..ඔය අතරට ආපු අර ගැණු දරුවා සහ පිටි පස්සෙන් හිටියෙ අර කාන්තාව..වැඩි පරිස්සමට වගේ..අනේ අර ටයිට් ඇඳුම නිසා බස් එකේ පඩියට නගින්න බෑ..එක කකුලක් ඇඟේ ඒ පැත්ත එක්කම උස්සලා තියන්න හැදුවා ම්ම්ම්හ්හ්හ්හ්හ්... අනිත් කකුලත් උස්සන්න බැලුවා...ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්..

පිටි පස්සෙ ඉන්න මිනිස්සු අර කාන්තාවව තල්ලු කරනවා මොකද හැමෝටම ඕනි බස් එක ඇතුලට යන්නනෙ..

අර කාන්තාව අර දැරිවිගේ තුනටිය හරියෙන් අල්ලලා පොඩි සප් එකක් දුන්නා..යන්තම් එක කකුලක් පඩිය උඩට ගත්තා.. බ්‍රාස්... අනේ අර ඇඳුම පලලා තද කරලා මහලා තිබ්බ තැනකින්ම පැලුනා..

මොනා කරන්නද ඇතුලට ගිය මේ දෙන්නා සහ සීන් එක දැක්ක අපි ටිකට හිනා නොගියා නම් ඉතින් හැඟීම් දැනීම් නොදැනෙන ලාදුරුවත් හැදිලා තියෙන්න ඕනි..ඉරිච්ච තැන් වලින් නොපෙනිය යුතු තැන් පවා පෙනුනා..සීට් එකේ ඉඳගෙන ඉන්න කම්ම..අර කාන්තාව තමන්ගෙ බෑග් එක අර දැරිවිගෙ ලස්සන කකුල් දෙක වැහුවත්..පාමංකඩ හරියෙන් බහින්න නැගිට්ටහම තමා සීන් එක.. අර දැරිවි තමන් ළඟ තිබ්බ බෑග් එකෙන් ඉස්සරහ වහ ගෙන යද්දි..අර කාන්තාව තමන්ගෙ බෑග් එකෙන් අර ලමයගෙ පිටි පස්ස ආවරණය කර ගෙන බස් එකෙන් බැස්සා.. බස් එකේම හිනා එකයි..මට පවු කියලා හිතුනත් අනිත් අය හිනා වෙන එක මට නවත්තන්න පුළුවනියෑ ?ත්‍රී වීල් එකකට මේ දෙන්නම නැග්ගත්.. අවට හිටි හැමෝම මේ දිහා බැලු එක නිසා මේ දෙන්නම මහත් අපහසුතාවයකට පත් උනා..




පොඩියක් මේ ඇඳුම අඳින්න් ඉස්සෙල්ලා තමන් යන්නෙ මොන වාහනේද කියලා හිතුව නම් හෝ...මේ ඇඳුම එක්ක රෙන්ට් කරලා වාහනේක ගියා නම් ඉවරයිනෙ කියලයි මන් නම් හිතුවෙ..

තමන් අඳින ඇඳුම තමන්ගේ අතිශය පෞද්ගලික රුචිකත්වය එක්ක යන එකක් නිසා වෙන කාටවත්ම ඒ ගැන විවේචනය කරන්න බෑ..කරන්නත් හොඳ නෑ..

ඒත්..

මම ම අත්දැකලා තියෙන එකක් තමයි..මේ කොළඹ ඉතින් කොහොමත් රස්නෙයි..දාඩියයිනෙ..දාඩිය ඉහින් කනින් වැක්කෙරෙන්නෙ..සමහර වෙලාවට..

දැන් කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලෙත් අත් නැති ටී ශර්ට් අඳිනවනෙ..ඒක බොහොම හැඩ ඇඟක් තියෙන අයට බොහොම ලස්සනයි..බලන්නත් ආසයි..අපේ අළුත් අයගේ විලාසිතා කියලා පොඩි මෙව්වා එකකුත් හිතට එනවා.. ඒත් බස් එකේදි සමහර විට  සමහරෙක් දෙනා අර බස් එකේ උඩ පොල්ල අල්ලන්න අත ඉස්සුවහම තමයි සංසාරෙ එපා වෙන්නෙ.. දාඩිය ගඳ ..සමහර විට ඔක්කාරෙට එන්න තරම්..දාඩිය සුවඳට යම් ආකර්ෂණීය හැඟීමක් තිබ්බත් මේ එන කුණු මාළු වගේ කුයිලෙනම් ඉවසන්න වෙනම නහයක් ඕනි..ඇයි මේ ගොල්ලො මේක ගැන හිතලා මහ ලොකු වියදමක් යන්නෙ නෑනෙ ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරන්නෙ නැත්තෙ කියලා හිතන කොට නම්...එන්නේ පොඩි පහේ කේන්තියක් !


මේ ළඟදි මහරගමින් ඔහොම හොඳ ජව සම්පන්න තරුණයෙක් නැග්ගා බස් එකට..අළුත්ම ස්ටයිල් එක අර කලිසම පුක පල්ලෙන් අඳින එක..බස් එකේ ඉස්සරහම හිටගෙන අත උස්සලා උඩ තියෙන පොල්ල අල්ල ගත්තහම උඩ යන කොට ටී ශර්ට් එකෙන් තුනටියත් පහලට එල්ලිලා තියෙන කලිසමෙන් පුක පේන කොට මහා අප්පිරියාවක් තමයි ඕනි කෙනෙකුට ආවෙ..මේක බස් එකේ ගොඩක් අය දැක්කා.. මේ ස්ටයිල් එක හරියට එනවා නම් බ්‍රෑන්ඩඩ් යට ඇඳුමක් තියෙන්නෙ ඕනි මගේ හිතේ..මෙහෙම ජොකාත් එක්කම පහලට වැටෙන්න අඳින්නෙ නෑ..මොකද උනේ.. බස් එක අද්දන්න ඔන්නෙ මෙන්න තියා බස් එක ඇතුලට ආපු නිල මැස්සො දෙන්නෙක් පොර කනවා මුගේ කලිසමෙන් යන්තම් වැහිලා තියෙන පුකේ දාරෙ අස්සෙන් රිංගන්න..පොඩ්ඩක් හිතා ගන්නකො මොන තරම් ජුගුස්පාජනක දර්ශනයක්ද මැවෙන්නෙ කියලා.. මන් වගේම අනිත් හැමෝමත් මූණ ඇඹුල් කර ගෙන අහක බලා ගත්තා.. අර මැස්සො ජය ගත්තද දන්නෙ නම් නෑ..




තමන් කරන ෆැසන් එක හොඳටම කරන්නෙ කොහොමද කියලා ස්ටඩි කරලා කරනවා නම් මෙහෙම වෙයිද ??? නෑනෙ..

මේ දවස් වල අළුත්ම ට්‍රෙන්ඩ් එක අර හිරට හිරේ අඳින ලෙගින්ස් නෙ..ඒකත් හරිම ලස්සනයි..අපරාදෙ කියන්න බෑ පිරිමි අපිට බලන්න ආස කරන තැන් හොඳට කැපිලා පේන්න තමයි ඒ ඇඳුම තියෙන්නෙ.. මන් නම් ඒ නිසාම ඒ ඇඳුමට හොඳට ලකුණු දෙනවා කොටින්ම.. අපිත් මහ මඟ හරි බස් එකේ හරි යන්නෙ සමහර වෙලාවට ඈනුම් ඇර ඇර බොහොම කම්මැලි කමෙන්..ඔය වෙලාවට පොඩ්ඩක් හිත කුල්මත් කරගෙන සතුටින් යන්න කවුද අප්පේ අකමැති ??? මන් කීප අවස්ථාවකම දැකලා තියෙනවා ලෙගින්ස් ඇඳලා කකුල් දෙකේ වතුර හලා ගෙන යන ලස්සන යුවතියො..අනේ අතේ පයේ තියෙන බෑග් වලින් වහන් තමයි යන්නෙ..දාඩියද නැත්නම් වෙන මුකුත් ප්‍රශ්ණයක්ද මන්දා ?




කියන්න තියෙන්නෙ වතුර හලා ගන්න එපා කියලයි..ඔච්චර පරිස්සම් වෙන්න දන්නෙ නැද්ද අප්පා ???

ලස්සන කකුල් තියෙන ගෑවු ලමයි කොට ඇඳුම් ඇන්ඳහම හරිම හැඩයි..අපරාදෙ කියන්න බෑ.. එතකොට පිරිමි උනත් හොඳට බලනවනෙ..බලන එක ගැන  උරන වෙන්ඩ එපා ඕන්..හැබැයි බස් එකේ යන කොට ඉස්සරහම තියෙන සීට් දෙක තුනේ ජනේලෙ පැත්තෙ නෙවෙයි අනිත් පැත්තෙ ඉඳ ගන්න කොට පොඩියක් පරිස්සමින් ඉඳ ගන්න.. අර බස් එකේ තියෙන කන්නාඩියෙන් තව තව එව්වත් පේනවා... කොල්ලො ඔව්වා දිහා බලනවා.. ඒ ගැන අකමැත්තක් නැත්නම් විතරක් ඒම ඉඳගෙන ගියාට ඕන් කමක් නෑ..



මේ පහු ගිය දවසක මහ රෑ කොළඹ ටවුම හරහා එන කොට හිතිච්ච දෙයක් තමයි අපේ රෑ සමනලියන් මේච්චර ලස්සන ඇඳුම් ගැන එච්චර දැනුවත් වෙලා නැත්ද මන්දා කියලා..මොකද බහුතරයක් ඒ ගොල්ලො ඇඳන් හිටියේ එච්චර ආකර්ශණයක් නැති ඇඳුම්ම තමයි..ඒ අයට ඇයි මේවා හඳුන්වලා නොදෙන්නෙ කියන එක මට ලොකු ප්‍රශ්ණයක්..




මොකද ඒ ගොල්ලන්ගෙ වෘත්තියට තමයි මෙහෙම ලිංගික ආකර්ශනයක් ලබල දෙන ඇවතුම් පැවතුම් ඇඳුම් පැළඳුම් වැඩියෙන්ම ඕනි කරන්නෙ !


අනිත් එක තමා මේ ඊයෙ පෙරේදා මන් ළඟ හිටි ගැණු ළමයා ෆෝන් එක කනේ ගහ ගත්ත ගමන්මයි..අනිත් පැත්තෙන් කියන හැම දේටම හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් කියනවා බස්සෙක් වගේ.. වැඩේ කියන්නෙ අර ෆෝන් එකේ ස්පීකර් එක පොඩි උනාට සහ ඒක ස්පීකර් මෝඩ් නොදා තිබ්බට..ළඟම හිටි මට ඇහෙනවා අනිත් පැත්තේ ඉන්න කොල්ලා කියන දේවල්..

ඒ කීව දේවල් ගොඩක් එව්වා ඒ ගොල්ලලො ලිංගිකව හැසිරෙන කොට මේ කොල්ලා කරන්න ඉන්න දේවල්ම තමයි..ඔය ගොල්ලො ප්‍රසිද්ධ ස්ථාන වල ෆෝන් එක පාවිච්චි කරන කොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න..ඔය ළඟ ඉන්න අයගෙ කන් හොඳට ඇහෙනවා..සහ ෆෝන් එකෙන් එන ශබ්දය හිතන් හිටියට තමන්ට විතරයි ඇහෙන්නෙ කියලා එහෙමම නෑ..




ඉතින් ඔය වගේ අද කාලෙ ෆැසන් ගැන කියන්ඩ කරුණු කාරනා නම් කොයි තරම් තිබ්බත්...ඇස්පැරගස් කාල මැරෙන්ඩ හිටි මට ගුටි කාල මැරෙන්න වෙයිද මන්දා කියලාත් නොහිතුනාම නෙවෙයි...


අවසානෙටත් කියන්නෙ මන් නම් හරි කැමතී මේ අළුත් අළුත් ෆැසන් වලට..

102 comments:

  1. අවසාන වසයෙන් මමත් හරි කැමතී ඔය අළුත් පැෂන් වලට. දවසක් මම යන බස් එකේදි උදේ 6.30 ට විතර දැක්කා මෙන්න බොලේ තඩි කාර් එකක ඉස්සරහ සීට් එකේ ඉන්න කාන්නවක් බ්‍රා එක මාරු කරනවා.. සැහ්. බස් එක ඉක්මනට ගියා... බම්බ හරියෙදි වගේ

    තව දවසක් තුන්මුල්ලෙදි ලස්සන ගැල්ලමයෙක් අර ඔතාගෙන යන සාය පැෂන් කරන කාලේ ඇවිදින කොට සුදු කලවා ජංගිය ගාවටම පේනවා අප්පා කරුමෙට මේ කෙල්ල යට සායක් වත් නැතිව ඉන්න හින්නද මන්ද කොල්ලෝ එහෙම හෝ ගාලා ඉස්සරහින් යනවා.. ඔය වගේ පැෂන් වලට මං හරි ආසයි මෙයා..

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිත් ආසයි නොවැ ඔව්වට නම්...කොයි තරම් සුන්දරද අප්පා ඔහොම දසුන් නම් ඉතින් !

      Delete
    2. වයස ප්‍රස්නයක් කර ගන් එපා ඕං ඕවට...

      Delete
    3. කොහෙත්ම නෑ..ඔයි කිව්වට එච්චර වයසක්යෑ ?!!!

      Delete
  2. කාලේ වෙනස් තාලේ වෙනස්....හොද ලස්සන් ඇගක් තියෙනව නම් පොඩ්ඩක් පෙන්නෙ ඇන්දම කුතුහලය දනවන සුලුයි..අකර්ශණීයයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනිවා ඩෙෆා .. ඒත් පොඩ්ඩක් හිතන්න ඕනි ඉස්සරහා..නැත්නම් මන් දුටුවා වගේ දේව්ල්නෙ වෙන්නෙ..එතකොට අප්සට් ඒ අයටමයි..

      Delete
  3. මමත් හරි කැමතියි ඔය අලුත් පැෂන් වලට.. මම දන්න කියන අය කරනවටනම් අකමැතියි.. ඒ උනාට ඉතින් පාරේ යන කොට අනිත් ලස්සන ගෑනු ළමයි ඔය පැෂන් කරනවටනම් ගොඩාක් කැමතියි. මගේ ගෑනු ළමය එක්ක කොහේ හරි යනකොට ඔහොම ඒවා දකින්නවත් ආස නෑ.. ඇයි දෙයියනේ බැනුම් අහන්න වෙනවනෙ අම්බානක.. සමහර ඒවා දැක්කම ළග ඉන්න කෙල්ලවත් අමතක වෙනවා..

    ReplyDelete
    Replies
    1. හිකිස්..ඒ තියරියත් නරකම නෑ..තනියෙන් යන වෙලාවලට අවට බැලුවට කම් නෑ..ඒත් දෙන්නා ඉන්න වෙලාවට එහෙම වැඩිය වට පිට බලනවා නෙවෙයි !

      Delete
  4. කොළම්බු සෙවන් හිටියට වෙනී අයියත් හොයන දේවල්.

    ReplyDelete
    Replies
    1. කොළඹ හතේ නේන්නම් මල්ලි මේ සේරම විකාර වැහි වැහැලා තියෙන්නෙ..

      Delete
    2. ඔය ත්‍රිබාසා අයියවත් වෙලාවක සෙවන් පැත්තේ එක්කන් ගියානං හරි වෙනියෝ..

      Delete
    3. ඔව් ඔව් ප්‍රසාව එක්කන් එන්න ඕනි...ඇස් දෙක ලේන්සුවකින් වහලා අරන් යන්න වෙන්නෙ..නැත්නම් හැමදාම ඉන්න හදයි !

      Delete
    4. හැක්.. ලැජ්ජාවේ බැරුවා..

      Delete
  5. ඕනිම දෙයක් ඔනිවට වඩා ඕනිම නෑ කියනවානේ,

    ඔය සමහර ගෑනු, කෙල්ලෝ චුට්ටක් කාණුව පේන්න අදනවානේ, හැබැයි අපි ගිහින් කත කරනකොට එක අතකින් ඕක වහගන්නවා. සමහර එවුන් එහෙම මුකුත් කාණුව එළියේ ණැතත් අතක් තියාගන්නව ඉස්සරහින්. අපි නිකන් වල් මිනිස්සු, කතා කරන්න ගියේ ඕක බලන්න කියලා හිතලා වෙන්න ඇති. මල පනිනවා උපරිමේටම. හොදටම ෆිට් කෙල්ලෙක් නම් කියනවා ලුණු ඇඹ්හුල් ඇතුවම,

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..වහන්න දඟලන කොට නම් නිකම්ම බැලෙනවා මොකද කියලා..මන් නම් ෆිට් එකක් නැති උනත් කියනවා..නෑ ඕක බලන්න නම් නෙවෙයි ආවෙ මෙන්න මේක කතා කරන්න ඕක වහගන්න දඟලන්න එපාය කියලා !

      Delete
  6. කාලේ තාලයට ඇඳුම් අඳින්න හැමෝම කැමතියි. ගෑණු ළමයින් ලස්සනට ඇඳින්න කොහොමත් කැමතියිනේ..ඒත් ඉතින් ඔළුවක් කියලා දේකුත් තියෙනවනේ..ඒක යන්තමට හරි පාවිච්චි කරන ඕන ගෑණු ළමයෙකුට පුළුවන් තැනට සුදුසු විදියට ඇඳුමක් අඳින්න නැත්තම ෆැෂන් කරන්න..දැන් බලන්න ඔය වගේ ටයිට් සායක් ඇඳන් බස් එකේ යන එකේ මෝඩකම.ඔහොම අඳින්න ඕනේ නම් තමන්ගෙ වාහනයක යන්න ඕනේ.. නැත්තම් බස් එකක යන්න පුළුවන් ඇඳුමක් අඳින්න ඕනේ..

    අනික ලෙගිංස්..ලෙගිංස් අඳින්න ඕනේ ඇඟට තද වෙන්නනේ...හැබැයි ඉතින් අර ඔයාල බල්ලන් ආස තැන් වැගෙන්න ලෙගිංස් උඩින් ලොකු ටොප් එකක් දාන එක තමා සාමාන්‍ය ෆැෂ්න් එක. නොදන්න කමට ඔය වගේ ඇඳන් ගියාම කොහොමත් අර වගේ තැන් වැඩියෙන් ඉසමතු වෙන නිසා ආයේ අහන්න දෙයක් නෑ...ඒකත් ඉතින් හරියටම කිව්වොත් ෆැෂන් කරන්නත් ඕනෙ..ඒත් දන්නෙ නෑ කියන කට්ටිය හන්දා වෙන වැඩ තමා...

    ඔන්න වැටෙයි මේන්න වැටෙයි කලිසමත් ඒ වගේ තමා. මේ ලඟදි මම ගෙදර යද්දී ඔය වගේ එකක් දැක්කා. හොඳම වැඩේ කියන්නෙ බාගයක් එළියේ තියන ජොකා ඉරිලා නූල් එල්ලෙන කසි කබල් එකක්..චීයා..ඒකත් එළියේ... කොටින්ම අර දෙයියෝ ගහපු කැති පාරත් පේනවා...හි හි හී... අඩුම තරමින් ඇඳපන්කෝ අලුත් පිරිසිදු ජොකෙක්වත්...

    මිනිස්සු කොට්ඨාශ දෙකම..(ගැහැණු පිරිමි ) අඳින්න දන්න එකා..ලස්සනට අඳිනවා..ෆැෂනුත් කරනවා..නොදන්නා එකා නොදන්න දේවල් කරන්න ගිහින් නා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. ++++++

      මේ ලිපිය කියවලා මට කියන්න හිතුණු හුඟක් දේවල් ලිහිණි කියල තියෙනවා.

      Delete
    2. ඔව් තරු ලිහිණිගෙ ලින්ක් එක තියෙන ලිපියත් සෑහෙන්න හොඳයි..

      Delete
  7. ආ වෙලාවක් තිබ්බොත් මේකත් කියවලා බලන්නකෝ
    ගැහැණුකම..හංගන්නේ කෝම...

    ReplyDelete
    Replies
    1. බොහොම පින් මේ ලිපියට යොමුවක් මෙතන දැම්මට ඕන් !

      Delete
    2. ලිහිණිගෙ ඔය ආකල්පය බහුතරයක් ගෑණු ලමයින්ට තියෙනවා නම්... මේ වගේ පෝස්ට් එකක් ලියන්න වෙන්නෙත් නෑ...

      Delete
  8. එකඟයි. පුක එලියේ ෆැසන් එක නං අප්පිරියයි. ඒ වගේම ගෑනු උදවියට තියන ලෙඩේ තමයි රැල්ලට එන ඇඳුම් අඳින්නත් ඕන,(කොටට-හිරට-පලල) ඒ වගේම කවුරුහරි අදාල ස්තාන දකීවි කියලත් බයක් තියනව.ඉතිං කවර් කිරිල්ලට වැඩිය වෙලාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් මගේ පෝස්ට් එකම ඔයාගෙ වාක්‍ය දෙක ඇතුලෙන් කෙටි කරලා !

      Delete
  9. ඔය ෆොන් සීන් එක දවසක් මට උනා වෙනි අන්කල්.. මගේ යාලුවෙක් වෙච්ච කොල්ලෙක් දවසක් කෝල් එකක් දීලා කිව්වා කෙල්ලගේ සීන් එකක්... මේකා වැඩේ කචල් කරගෙන... මට දං බනින්න ඕනේ අම්බානක මූට... ඒත් මම බස් එකේ නේ.. මං කිව්වා මලයෝ මං බස් එකේ ඉන්නේ, බැහැලා කෝල් එකක් ගන්නම් කියලා... උෟ නටනවා බය වෙලා.. ඒත් මං දන්නවා දවසටම උට කෝල් කරන්න විදියක් නෑ මට... මොනා කරන්නද.. අන්තිමට අර අනිත් පැත්තේ හිටපු එකාට මේ කියන එක තේරෙයි කියලා තිබ්බ ලැජ්ජාව පැත්තක තියලා බැන්නා මං අරෑට පලු යන්න .. ඊට පස්සේ කිව්වා හිටපන් ම‌ෙග් යාලුවෙක් ඉන්නවා ඌට කතා කරලා ආයිත් කෝල් කරන්නම් කියලා...

    ඒක ඊට හපන්.. මං දැං කොහොමද අරෑට කියන්නේ මේ සිද්ධිය... මොනා කරන්නද... මට එහා පැත්තේ හිටපු එකාට සිද්ධිය තේරුනා... මට හෙන ලැජ්ජාව අප්පා.... ඔන්න ඔ‌ොහමයි මට වෙන වැඩ...

    ගවුම් සීන් එක ගැන මම ලිව්වා... වෙනි අන්කල් ඉතිං ඒ පැත්තේ එන්නේ අවාරෙටනේ... ඔන්න ගිහින් බලන්න මම ලින්ක් එක දානවා....

    ගවුම් මෝස්තර

    ReplyDelete
    Replies
    1. බොහොම පින් මේ ලිපියට යොමුවක් මෙතන දැම්මට ඕන් !
      ඒ ලිපියෙ තියෙන්නෙ අංකල් ලා බලන්නෙම වල් විදියට කියලයි...අනේ බොරු කියන්ඩෙපා.. අපි නම් බොහොම සානුකම්පිතව තමයි බලන්නෙ ඔව්වා දිහා... :-D

      Delete
  10. //"නෑ මන් කියන්ඩ ගියේ ගණිකාවො අද සාමාන්‍ය මේ අය අඳින ඒවා පොඩ්ඩක් බලලා ආදර්ශයට ගත්තොත් තමන්ගෙ බිස්නස් එකට හොඳ ඩිමාන්ඩ් එකක් කර ගන්ඩ පුළුවන් වෙයි කියලයි"//

    මේ කියන කතාව නම් සහතික ඇත්ත ඈ නියම විවේචනයක් හැබැයි ඉතින් කීයක් දෙනා වෙනි අයියගේ රැවුල කපාදාන්න බලාගෙන ඉන්නවද දන්නෑ ඕං(හිස ගසාදානවා වගේද රැවු‍ල කපාදැම්මොත්)

    කියලා තියෙන දේවල් සේරම ඇත්ත පත්තරේකට වගේ දාන්න තිබ්බනං සෝක් ලිපිය

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඇනෝලා 2-3 දෙනෙක්ම පැන ගෙන ආවා මගේ රැවුල කපන්න...මන් ඇනෝ ඩිසේබල් කලා..ආයි මොකටද මගේ ලේ කුපිත කර ගන්නෙ..කාගෙවත් ගොන් කම් වලට.. නියම නමින් හරි දන්න ෆේක් නමකින් හරි කියන දෙයකට වගකීමෙන් උත්තර දෙන්න පුළුවන් !

      Delete
    2. නියම නමින් හරි දන්න ෆේක් නමකින් හරි කියන දෙයකට වගකීමෙන් උත්තර දෙන්න පුළුවන් !

      සහතික ඇත්ත වෙනියෝ

      Delete
  11. මම නම් හිතන්නේ අපේ ස්තිරී පරාණ වැඩියෙන්ම කරන පැසන් එක තමා නයිටිය දවල්ටත් ඇදගෙන ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. නයිටියෙන් වැහෙන තැනුත් දවල්ට එලියෙ දාන් ඉන්න ෆැසන්නෙ අද තියෙන්නෙ !

      Delete
    2. සම්පූර්ණ ඇත්ත....ඒක තමයි කැතම එක.....
      රෑට ලයිට් නිවාගෙන වාහෙටවත් නොපෙන්නන ඒවා, මෙන්න උදේට මහජන ප්‍රදර්ශනේට මුදා හැරලා......

      Delete
    3. සහතික ඇත්ත සුමිත් ඔය කතාව නම් මගේ හොඳම යාළුවෙකුත් කීවා එයාගෙ බිරින්දෑ ගැනම

      Delete
    4. කවුද "හුචක්කුව" කියලා නමක් දුන්නෙ ඕකටනෙ..

      Delete
    5. දවසක් මැසිමක් හදන්ඩ ගෙදරකට ගියා . දවල් දෙකට විතර , ඒ උන්දැ බොහොම සිත් ඇදගන්නා සුළු කෑල්ලක් , ඒ උනාට ලගට එනකොට තිබ්බ හඩුගද , මාසයකින් නයිටිය හෝදලා නැද්ද කෙහෙද.

      ඔහොම ගෑණු තමා අන්තිමට අඩන්නේ මිනිහා වෙන ගෑණියෙක්ගේ රෙද්ද අස්සේ රිංගුවා කියලා

      Delete
    6. ඇට්අටමා, එතකොට ඉතිං කමල් අයියට කියල වැඩේ කොරවගන්ට කියල ආවානං ඉවරනේ යකෝ...

      Delete
  12. "පොඩියක් මේ ඇඳුම අඳින්න් ඉස්සෙල්ලා තමන් යන්නෙ මොන වාහනේද කියලා හිතුව නම් හෝ...මේ ඇඳුම එක්ක රෙන්ට් කරලා වාහනේක ගියා නම් ඉවරයිනෙ"

    මෙන්න මේකයි මගේ අදහසත්

    ප.ලි. ආ...... මේ ඉන්නේ වෙනී මාමා තාම අර කෑමේ පොස්ටුවෙන් පස්සේ මමත් එන්න හිටියේ නයිටක් ගහල මාරි එකක් කාල යන්න. අපරාදේ මාරි එක..... ශික්...

    ReplyDelete
    Replies
    1. ඒ කෑම එක කන එක තව පස්සට දැම්මා ! මාරි කන්න වෙන්නෙත් පස්සෙ දවසක තමයි ඕන්..

      Delete
  13. තැනට ගැලපෙන විදිහට ඇඳුම් අඳින්න දන්නේ නැති නිසා තමා ඔය ඔක්කොම කරදර..ගෝනි වගේ නෙවේ ලස්සනට සංවරව අඳින්න පුරුදු වුනා නම කිස්මිඅ ප්‍රශ්නයක් නෑ...
    සමහර ගෑනු ළමයි ඇඳන් යන ඇඳුම් දකිනකොට ගෑනු ළමයි වුන අපිටත් අපහසුවක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රමුදි ඒක කතාව නම් සහතික ඇත්ත..ගෝනි වගේ ඇඳන් යන්න එපා..නමුත් තැනට තමන් අපහසුතාවයට පත් නොවෙන්න අඳින්න තමන් දැන ගන්න ඕනි..

      Delete
  14. මොන ඇදුම ඇන්දත් අපි යට ඇදුමට මුල් තැන දෙන්න ඕනා

    ReplyDelete
    Replies
    1. අනිවා ඩිලා අනිවා..මාත් ඕක කරන්නෙ..හිතන්න අපි පාරෙදි හදිසියේ ඇක්සිඩන්ට් එකක් උනොත් එහෙම..හරි හමන් හොඳ යට ඇඳුමක් නැත්නම් කොයි තරම්ම අපහසුතාවයට පත් වෙයිද කියලා.. මේ ළඟදි..මැදිවියේ පිරිමි කෙනෙක් බස් එකේ ෆුට් බෝඩ් එකෙන් වැටුනා සරම ඇඳන් හිටියෙ..යටට ඇඳලා නෑ..හිතා ගන්නකො තත්වය.!

      Delete
  15. බොහොම අගෙයි. ලියන්න දේවල් නැතෙයි කියපු ලියන්නෙක් නේ මේ. ලියන්නද බන් දේවල් නැත්තේ. මමත් අළිත් ජොබ් එකේ පට්ට බිසි. ඒත් මේකට ඇඩික්ට් වෙලා. ඇඳුමක් අඳින්න ඕන. පරිසරය, රට, පලාත, ස්ථානය, පවුල් පසුබිම, ශරීරය, උස, මහත වගේ තව ගොඩාක් කරුණු සලකලා බලලා. උඹ දැකලා තියෙනවද වෙන කිසිම සිද්ධස්ථානයකට කොට කලසන් ඇඳන් යනවා බෞද්ධ සිද්ධස්ථාන වලට ඇර.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත..පන්සල් වලට යන්නෙම කොට කලිසම් ඇඳන්..ඒත් බහුතරය්ක් විදේශිකයො පන්සල් වලට යන්න ඉස්සර කොයිතරම් සංවරව ඉන්න ඕනිද කියලා අහනවද ? ඒක මාතලන් හොඳටම දන්න දෙයක් නෙ...මන් කීවද ලියන්න දෙයක් නෑ කියලා ????
      මට මතක නෑ !

      Delete
  16. වෙනි ඔයා මෙහෙ ඇවිත් යන්න වෙනි ...චුට්ටන් සායවල් ඇඳන් කෙල්ලන් මෝටර් සයිකල් පදිනවා . සබ්බ සකලමනාවම පෙනෙනවා . ගානක් නැහැ . නිතර දකින කුකුලගේ කරමලේ වගේ .

    ReplyDelete
    Replies
    1. බින්දි මන් කියන්න ගිය එක හරියට තේරුම් අරන් නෑ වගෙයි..වයිෆ් ආවහම මාත් මාස ගානක් ඉන්නෙ..ඩවුන් සවුත් වල බීච් වල මට ඕක මැජික් එකක් නම් නෙවෙයි..අනික අවුරුදු 42න් අවුරුදු 20ක් වත් අඩුම තරමින්...නිසා මන් කීවෙ ඒක නෙවෙයි..

      Delete
    2. කුකුල් කැරමල් වගේ ????? හපොයි මෙයත් කියන එව්වා...

      Delete
    3. ඔයාට මන් කියන එකත් තේරිලා නැහැ වෙනි ..මන් කිව්වේ මේක හොඳයි කියල නෙමේ . එක එක කල්චර් එකේ හැටි. හැබැයි වෙනිට ඕක මැජික් නොවුනට අපේ රටේ වැඩි හොඳට ඇඳුම් ඇඳන් ගියත් කොහෙන් හරි පොඩ්ඩක් පෙනේද කියල විපරම් කරන පිරිමි බව නම් කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා . මේ කියල තියෙන තැනට සුදුසු විලාසිතා කියන තේමාව මට තේරුනා හරිය .

      ලකී ..මක් කිව්වා

      Delete
    4. බින්දි කියන දේ හරි. ඒත් ඒ වගේ දේවල් අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ කියලයි මම නම් හිතන්නේ.

      Delete
    5. සංස්කෘතිය පැත්තකින් තිබ්බොත් ඔය ගොඩක් විලාසිතා අපේ ඇඟවල් වලට ගැලපෙන්නේ නෑ....

      කොල්ලන්ට මතක ඇති සිකුරු හතේ එකේ අනර්කලී මුලින්ම ඇඳගෙන එන කොට කිට් එක... ( අර ස්පෝට් කාරෙකෙන් බැහැලා පොලිසිය ඇතුලට යන කෑල්ල...) මම දැකපු අනර්කලී ඇඳපු ලස්සනම කිට් එක.... ඒත් ඒ වගේ ඇඳුමක් අඳින්න බරපතල ආසාවක් තිබ්බට ඒ ව‌ෙග් හැඩතල තියෙන ඇඟවල් නෙවෙයි බහුතරයක් අපිට තියෙන්නේ... හැබැයි අර අනිත් කෙල්ල ඇඳලා ඉන්න චීත්ත ගවුමට අපේ රටේ කෙල්ලන්ගේ ඇඟේ හැඩතල බේරලා ලස්සනට පෙන්නනවා...

      Delete
    6. මමත් සඟිස්කුරුතෙ පැත්තකින් තියලා තමයි කතා කරන්නෙ..තරූ...
      ශෙහ් හිරූ කියන කම් මට මේ සිද්ධිය අමතකම උනානෙ.. මැවිලා පේනවා අනර් සහ කපූ දෝණි..

      Delete
    7. නැ ලකී සිරි ගොලුබෙල්ලා වගේ

      Delete
  17. අළුත් ෆැෂන් එන එක හොදයි.ඒ දේත් වෙන්න එපැයි.ඒත් ඒවා තමන්ට,තැනට ගැලපෙනවද කියලා තේරුම් අරන් අදිනවනම් හරි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉශාන් හරියට හරි... අළුත් ෆැසන් කරන්නම ඕනි..

      Delete
  18. මට කවදාවත් ඇනෝ ලගෙන් අවුල් තිබ්බෙ නෑ...ඒත් දැකපු අය දකින්න ඇතිනෙ ඉස්සෙල්ලා ඇනෝවෙක් කක්කා බෙට්ටක් දාලා ගිහින් තිබ්බා..ඕන් ඇනෝ ඩිසේබල් කලා.. ඇනෝලා කමෙන්ට් දාන්නෙ නැති නිසා ඒක තිබ්බත් එකයි..නැතත් එකයි..

    ReplyDelete
  19. අවන්කවම කිව්වොත් මටත් අර කලිසම බිමට වැටෙන්න අඳින විලාසිතා නම් දකිනකොටත් හිනා.. තමන්ගෙ පර්සනලිටි එක ගැන හැඟිමක් නැද්ද මන්දා එයාලට..


    මේ බ්ලොග් එකේ මොබයිල් වර්ෂන් එකක් නැද්ද මන්දා.. ලෝඩ් වෙන්න පැය ගානක් යනවා මදිවට බයිට් නහුතයක් විතර ගිලිනවා..:


    මම බ්ලොග් නොලියන ලකීසිරි

    ReplyDelete
    Replies
    1. ඕන ලකී වෙනුවෙන්ම මොබයිල් වර්ශන් එක දැම්මා...අපි එහෙමයි පාඨකයන්ට සලකන්නෙ....

      Delete
    2. ඔය තියෙන්නේ මල් හතට. බ්ලැක් බෝඩ් එකේ ලිව්වා වගේ..:)

      Delete
  20. මෙහෙ නම් ඉතින් ඔය සෙල්ලම් නෑ, ගෝනි බිල්ලො විතරනෙ ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ෆැසන් එක !

      Delete
  21. නානාත්ථ කායා නානාත්ථ සංඥා කියලා කතාවකුත් තියනවානේ..
    ඒක නිසා කල කල දේ පල පල දේ කියලා ඔහොම අඳින අය අපහසුතාවයට පත්වෙච්චාවේ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඔව් රූ කියනවා වගේ හිත හදා ගන්නත් පුළුවන්..ඒත් අපේම ඥාති දූලා පුතාලත් ඔහොම ෆැශන් කරනවනෙ..ඒ අයට ඔහොම අපහසුතාවන්ට ලක් වෙන්න උනොත් අපිට එන අප්සට් එක වගේ හැඟීමක් තමයි නන්නඳුනන මේ තරුණ ළමයින්ට වෙන දේවල් දුටුවම හිතෙන්නෙ..

      Delete
  22. තැනට ගැලපෙන විදියට, තමන්ට ගැලපෙන විදියට ගෑනු, මිනිස්සු දෙගොල්ලොම ඇදුම් අදිනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ.... එන හැම ෆැෂන් එකක්ම තමන්ට ගලපෙන්නෙත් නෑනේ.... ඕක ඉතිං කොයි කවුරුත් මතක තියා ගන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් සමනලී ඔන්න ඔය චුට්ටන් ඇත්ත නොතේරෙන කමින් වෙලා තියෙන දේවල් බලන්නකෝ

      Delete
  23. ඇඳුම් අඳිද්දි තමන්ට, වගේම අවස්තාවට, ස්ථානයට, ගැලපෙන්න අඳින්න ඕනෙ කියලයි මම නම් හිතන්නේ. මොන තරම් ජනප්‍රිය විලාසිතාවක් උණත්, මොනතරම් වටිනාකමක් තියෙන ඇඳුමක් උණත්, ඇන්දාට පස්සේ තමන් අපහසුතාවයට පත් වෙනවානම් ඉතින් මොකටද ඒ ඇඳුම් ඇඳිල්ල? සමහර විලාසිතා දැක්කාම නම් හිතෙන්නේ ඇඳන් යන අයටත් වඩා ඒ විලාසිතාව දකින අපි අපහසුවට පත් වෙනවා කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් තරූ මන් කියන්නෙත් ඔන්න ඔය තමන් අඳින දේ ආපහු ගෙදරට එනකම් මොන වගේ අවස්ථාවන්ට මුහුන දෙන්න වෙයිද කියන පොඩි පහේ පෙර දැක්මක් එක්ක අඳිනවා නම් වඩාත් හොඳයි කියන එක තමයි මට කියන්න ඕනි උනෙත්..

      Delete
  24. වෙනී අය්යා කියන්න ඕන ටික ඔක්කොම කියල...
    ඉස්සර අපි ඉස්කොලෙ යන කාලෙ කෙල්ලෙක්ගෙ ගලක් බලන්න නම්..ඉංග්‍රීසි ‍ෆිල්ම් එකක් බලන්නම ඕන. ඒකට දැන් පාරට බැස්සම එලෝකෝටියක් ගල්...හිකිස්..
    මාත් කැමතිය් අප්පා මේ අලුත් ඉස්ටැයිල් වලට..!

    ReplyDelete
    Replies
    1. ඔව් වීයා..දැන් ඒක නම් එච්චර දෙයක් නොවෙන ගානටම හැමවෙලාවෙම පේන්න අරන්..

      Delete
  25. අපොයි ඔවු. ෆැෂන් කරන්න කලින් තමන්ට ඒක කොයිතරම් ගැලපෙනවද කියලා හිතනවා නම් කරදර අඩුයි. නැත්නම් අපේ ඇස් වලට නිවනක් නැතුව යනවා.

    ReplyDelete
    Replies
    1. ඇස් වල පොට යනවා මෙව්වා දුටුවම මධුරංග මලයා

      Delete
  26. චාම්ව අඳින ගෑනු ළමයි දිහා බලන්නත් ආසයි ඔය අනිත් විදියට අඳින ගෑනු ළමයිගේ මුහුණවල් දිහා නම් ලේසියකට බැලෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිශාන් මල්ලි චාම්ව ඇඳලා ඉන්න කෙනෙක් දිහා බැලෙනවා ට වඩා වෙනසව තමයි වෙන කෙනෙක් දිහා බැලෙන්නෙ..

      Delete
  27. "සල්ලි දීලා ගවුම ගත්තෙ ඇඳගෙන යන්න...
    අල්ලි දෙකකවත් බෑ දුර අඩිය තියන්න...."

    හැබැයි ඉතින් එදත් ඔහොම තමයි.....

    ReplyDelete
  28. සැහ්........... ඉස්සරට සුට්ටි කාලෙ වටේ පිටේ ෆැෂන් දැකලත් ඇඟේ රුධිර ධමනි විස්ථාරණය වුනු කාලෙ (චූ කොල්ල කාලේ) මතක් වුනා අයියෝ :p

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න නාකි වෙලා වගේ කතා කරන්නෙ මොකෝ..තාම 21යි නේද ??????

      Delete
  29. ඇස්පැරගස් දිරවල වගෙ. :D
    මමත් ඉතින් මගෙ මිම්මෙන් බලල අනුන්ගෙ ඇඳුම්වල අඩුපාඩු දකිනව ඉඳහිට. ඒත් ඒව ඒගොල්ලන්ගෙ කැමැත්තනෙ. අපිට තියෙන්නෙ එක්කො බලල රස විඳින්න. නැත්නම් අහක බලන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි තාම ඒවා කෑවෙ නෑ අප්පා..නැහැ මන් කියන්ඩ ගියේ නම් ෆැසන් නිසා සමාජය ඉස්සරහ අපහසුතාවයට පත්වෙන එක එක ගැන...අනේ අපි නම් අළුත් ෆැසන් එකක් දිහා නොබලා නම් ඉන්නෙ නෑ..

      Delete
  30. නීති ගත කලොත් ගණිකා වෘත්තිය රාජකාරී ඇදුමක් දෙයි නොවැ. එතකොට බලමු බං !

    ReplyDelete
    Replies
    1. ආ ඔව් සෑමා එහෙම උනොත් නම් හොඳ නිල ඇඳුමක් දෙයි..එතකොට අවුලක් නෑ තමා..

      Delete
  31. දවසක් හිරට හිරේ දිග සායක් ඇඳගෙන බස් එකකට නගින්න ගිය අක්කා කෙනෙකුට් මේ කියල තියෙනවා වගේම අමාරු වුනා. පස්සේ අන්තිමට කොන්දොස්තර අයියා ඇහැව්වා හයියෙන්ම 'නංගි උස්සලාවත් ගන්න ද ?' කියලා.. ලජ්ජාවටම වෙන්න ඇති බඩ ගාල වගේ නැග ගත්තා අමාරුවෙන්..

    AC බස් එකක් කොන්දොස්තර අයියෙකුත් ඩ්‍රයිවර් අයියට කතාවක් දාන්න නැමිලා ප්‍රදර්ශණයක් කලා දවසක්....

    තවත් දවසක් තාත්තත් එක්ක ඇවිත් හිටපු කොට ගවුම් නංගියෙක් ජංගි ප්‍රදර්ශනයක් කලා...

    .............................
    උඩින් කිව්වේ වෙනි අයිය දැකපු දේ වලට සමානව මම දැකපු ඇඳුම් ට්‍රබල් කීපයක්...

    හැබැයි මීට තරමක් වෙනස් දෙයක් සිදු වුනා දවසක්.. ඩීසන්ට් පිට සමාජ සම්මත විදියට ඇඳගෙන බස් එකේ ගිය කෙනෙකුට සෙනග පිරුණු බස් එකේ සීට් එකක් අල්ලාගෙන හිටගෙන ගිය කෙනාට හදිසියේ සිසිල් සුළං පහසක් දැනෙනවා සමගම යාබදව අසුන්ගෙන සිටි දැක හඳුනන කාන්තා රත්නයක් දැඩි උවමනාවකින් ඒ සුළං කපොල්ල දිහා බලන බවත් තේරුනා. නිකමට වගේ බලන කොට දෙවියන් හත් දෙනෙක් ඔහුට සිහි වුනේ අඟල් 6ක් විතර පහලට කලිසම ගැලවී පහත් වී තිබෙනු දැකීමෙන්..

    ක්ෂණිකව මැද පේලියට පැන ගත් ඔහුගේ බිය තුනී වන්නේ කලිසමේ හුක් එක කැඩී තිබුනේ නැති නිසා. නැවත කලිසම සකස් කරගෙන කලින් සිටි තැනටම ගිය ඔහු ගමනාන්තය තෙක් නිරුපද්‍රිතව ගමන ගියා..

    ඔහුට වැරදුනේ බඳ පටිය පැළඳ නොසිටීම නිසා. සෙනග පිරුණු බසය ඒ මේ අත පැද්දෙද්දී කලිසමේ හුක් එක ආසනයකට තද වී ගැලවී යාමයි සිදු වෙලා තිබුනේ. එදා ඉඳං උන්දැ බඳ පටිය අමතක කලේම නැහැලු (තවම)

    ඉතින් පැහැදිලියි ඔය සිද්ධිය වුනේ මම හොඳටම අඳුරන මගේම නම තියන මම වගේ කෙනෙකුට..

    ReplyDelete
    Replies
    1. ඔයින් ගියා මදැයි රාමා...හෆ්ෆේ කලිසොම බිමට වැටුනට පස්සෙ හුලං පාර දැනුන නම් එහෙම.. ලෝක විනාසං තමා.. අර කාන්තා රත්නය උනේ මොකද්ද කියලා තේරෙන්න ඇති.. මන් නම් බෙල්ට් එක නොදා කලිසම අඳින්නේම නෑ..

      Delete
    2. ඒ යකා ජොකෙක් ඇඳලා නැද්ද එතකොට?

      Delete
    3. ඇඳලා ඉන්න ඇති මයෙ හිතේ... :)

      Delete
  32. ඔන්න ඔහෙ ඕන මගුලක් ඇඳ ගත්තාවෙ... අපේ මොකෝ...

    මට තියන ලොකුම ගැටලුව මේ ප.ලි. කියන එකේ තේරුම මොකක්ද කියන එක..

    ReplyDelete
    Replies
    1. ප.ලි. කියන්නෙ පසුව ලියන ලද කියන එකනෙ මල්ලි ඔයාත් දන්න විදියටම...ඒක කාලයට සාපේක්ශ යමක් මිස ලිපියක ස්ථානගත කිරීම පිළිබඳ යමක් නෙවෙයි..ප.ලි ලිපියේ අන්තිමට දාන එක තමයි හැමෝම කරන්නෙ..මන් ලිපියේ මේ ප.ලි. කාලයේ අනුපිලිවෙල සහ ලිපිය කියවලා තේරුම් ගන්නාට යමක් ගන්න පාර සකසා ගන්නත්...ම්ම්ම්ම් පොඩි අළුත් ට්‍රික් එකක් විඩියටත් උඩින්ම ස්ථාන ගත කලා...!

      Delete
    2. මට ඕක අවබෝධවුනේ ඔය කමෙන්ට් එක දැම්මට පස්සෙ..ප.ලි. යක් ඕනෑම තැනක දාන්න පුළුවන් තමා..

      Delete
  33. තරු පහේ ලිපියක්, xx පෙන්නුවත් ඒක ලස්සනට දැනගෙන තමනට ගැලපේද කියල බලන්න ඕනෙ, ඉස්සෙල්ල හොඳට පිරිසිදුව තියාගන්න ඕනෙ, නිලමැස්සො මිසක් ගෑනු ළමයි බලන්නෙ නෑ, පිරිසිදු නැත්නම්!

    ReplyDelete
  34. ඕන නැති අවලං කතා ලියලා ෆැෂන් කරලා අපිව පිනවන්න හදන නංගිලා අධෛර්‍ය්‍යමත් කොරලා අහුවෙයිකෝ උඹ...

    ඇයි යකෝ එයාලා කැමතිනං... සල්ලිත් එයාලගෙනං.. අපිට තියෙන්නේ බලන්න විතරක්නං තෝ මොකෑ හරස් කපන්නේ.. අහු වෙය තෝ... මටනං මේවට කන්ට කේන්තියි අප්පා... :D

    ReplyDelete
  35. අපේ අම්ම මට කියල තියෙන්නෙ අසැබි දෙයක් දැක්කොත් ඇස් දෙක වහගනින් කියල., ඒත් ඕක හැමතිස්සෙම කොරන්ඩ බැරි තැන මම ඇස් දෙකම වැහෙන්ඩ කන්නාඩි කුට්ටමක් දාගත්ත.

    ReplyDelete
  36. අපේ නැන්දල මාමල ගොඩක් එක සැරේ වදකහසුදිය බීල රෝහල්ගත වෙන කාලෙ මිනිගවුම් තිබුනා. අපි පොඩියි. ඒ නිසා ඒ කාලෙ අයට වෙච්ච අකරතැබ්බ ගැන දන්නැහැ.

    මාව කොන්වන්ට් දැම්මෙ ඉස්කෝලෙට යන්ට ලෙහෙසි නිසා. එහි සතියකට වරක් කපෝති පාසැල් වල (finishing school) උගන්වන එව්වත් උගන්නනවා. එක පාඩමක් තමා කාර එකට නැගීම සහ බැසීම. ලංකාවෙ එක ගැහැණියෙක් වත් ඒ විදියට බහිනවද මම දන්නෙ නැහැ. කැමති නං බලා ගන්ට. කකුල් දෙකම එක වර මෙව්ව කරන්නට.http://www.youtube.com/watch?v=fI9AgAaOQEQ

    එතකොට මොක ඇඳල හිටියත් ප්‍රශ්නයක් නැතිව වාහනයට ගොඩ උනැහැකි.

    ReplyDelete
  37. අනේ මේ ලියන්නෝ....මේ හත්තිලවූ පොස්ට් එකට මම කැමති නෑ අයියෝ....චික් විතරක් මේක බලන කෙල්ලෝ එකෙක් හරි ආයෙත් අර ඇඳුම ඇඳන් ආවේ නැතොත් එනවා ලියන්නව ලියවන්න..හරිද?නෑ මල පනිනවනේ නැද්ද ආ..........?ඇයි යකෝ...

    ReplyDelete
    Replies
    1. ලියන්නා අයියේ පොඩි විහිළුවක් හොඳේ...නැත්නම් මට පලු යන්න බනියි...පොස්ට් ඒක මරු අයියේ...

      Delete
    2. අපොයි අර මක්කටැයි බයින්නෙ ??? මටත් හිනා ගියා දසුන්ගෙ කමෙන්ට් එක කියවලා..

      Delete
  38. ඒ වෙනී අයියා මේම ගෑල්ලමයිංව අපහසුතාවයට පත් කරලා ඔය පැසං කරන එක නවත්තපු දාට අපි මොකෝ කරන්නේ කියලා හිතුවද???????
    ඕවා කැත වැඩ ඈ... :ඩී

    ReplyDelete
  39. අනේ අප්පා මේ කොමෙන්ට් කියෙවුවමත් මටනම් බඩ පිරෙනවා...අටමා අයියා කියන්නකෝ තව මොනවා හරි...

    ReplyDelete
  40. කමෙන්ට් වලට උත්තර නොදීපු අය පොඩියක් සමාව භාජනය කරන සේක්වා ! හෙට වෙනකන් පොඩියක් වැඩ වල හිර උනා !

    ReplyDelete
  41. කථාව ඇත්ත...අනුන් කරන නිසා නොව තමාට ගැලපෙන විලාසිතාව තෝරා ගැනීමට විඥානය පහලවිය යුතුය..

    ඇස්පැරගස් කෑවද ?

    ReplyDelete
  42. අපේ ඔෆීසියට එහා පැත්තේ තියෙන ක්ලාස් එකට කෙල්ලෙක් එනවා පියාජෝ ත්‍රීවීල් එකකින්. ඕකේ සෙට් එක උසයිනේ. අනික ඒ ගෑල්ලමයටත් ගානක් නැත්නම් අපිට මොටෝ. (මන්නම් ඔන්න බස්සන්න ගියේ නෑ).

    මේක දැක්කේ ලංකාදීපේ දෙයියෝ සාක්කි එකේ.
    අම්මයි තාත්තයි දුවයි මගුල් ගෙදරක යන්න ටවුන් එකට ආවලු. එදා ටිකක් වැස්ස දවසක්. දුව ඇඳලා ඉඳලා තියෙන්නේ සුදු පාට ටයිට් කලිසමක්. කෙල්ලගේ හයි හිල්ස් සපත්තු පැටලිලා කෙල්ල වතුර වලකට වැටිලා. එතනින් එහා කියන්න ඕනි නෑනේ.
    අන්තිමේදී තාත්තා බනිනවාලු අම්මට "මං එපා කියද්දී තමුසෙනේ අරන් දුන්නේ. දැන් ඉතිං මේකත් ගලෝලා මහා පාරේ එක්කන් ගියත් කමක් නෑ" කියලා. අන්තිමේදී ත්‍රීවීල් එකක පිහිටෙන් කට්ටියම ගෙදර ගිහින්.

    ReplyDelete
    Replies
    1. ආආ... කියන්න අමතක උනා. දවසක් රත්නපුර කොළඹ බස් එකකට නැග්ගා විරිඳු කාරයෙක්. පොර කිව්වෙම අලුත් ෆැෂන් කරන කෙල්ලෝ ගැන. එක කෙල්ලෙක්ගෙන්වත් සත පහක්වත් හම්බ උනේ නෑ පොරට. (ආආ.. මෙන්න කට්ටිය පෝලිමේ ඉන්නවා යසයි කියන්න.) ඒත් ඉතින් අපිට පුලුවනෑ ඒ මිනිහව අසරණ කරන්න. දුප්පත්කම් ගැන ලෙඩ දුක් ගැන විරිඳු කියලා මොනාද හම්බ කලේ කියලා එදා පොරට හිතෙන්නැති.

      Delete
  43. පරක්කුවුනා බං එන්න. කොච්චර පරක්කුවුනාද කිව්වොත් උඹේ පෝස්ට් එක ගැනයි, විලාසිතා ගැනයි කියන්න හිටපු දේ පිළුණු වෙලා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  44. මාත් මේ ලඟදි දැක්කා මලේ බස් එකේ උඩපොල්ලේ එල්ලිලා යන එකෙක් ගෙ ටී ෂර්ට් එක ඉස්සිලා පුක පේනවා. පුකේ කානුව දිගේ කලුපාට කුණු පැල්ලමකුත් තිබුනා. ඌ නානකොට කුණු අතුල්ලන්නෙ නැති එකෙක් කියලා මුලු බස් එකටම ප්‍රදර්ශණය කළා..

    ReplyDelete
  45. හප්පෝ අපේ සමහර ඇන්ටි මොඩල් එකේ කෙල්ලෝ කොරන පැසෝන් දැක්කම බඩ පපුව දානවා වමනේ යන්න.. ගෑනුත් එපාවෙන්නේ එහෙම මොඩල් දැක්කම..

    ReplyDelete