ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, December 12, 2012

ඔන්න ඇරියා..මෙන්න ඇරියා...

විශේෂ දවසක් උනහම ඉතින් විශේෂ වැඩක් කරන්නත් එපාය..
මෙන්න කල වැඩ ටික..


1. ඇනෝ ඇරියා - පහුගිය කාලෙ මට නෙවෙයි මේක හරහා අනුන්ට ගහන්න හදපු නිසා ඇනෝ වහලා හිටියා..මේන් වැන්දා මට ගැහැව්වත් අනුන්ට කෙලින්න යන්න එපා මේකෙන්..ස්පෑම් කරනවා දුටු සැනින් ..අපරාදේ බොලාලගෙ බයිට් ටික..


2. 99%ක්ම  මාව දැනන් උන්නත් ඕන් මම අර 1% වෙනුවෙන්..අපේ (බහු)  බුද්ධි ඔව් ඔව් අර කෙසෙල් කොට්ටෝරු පුරස්නෙ හින්දා කොටුවම වහලා දමපු හාදයාතමයි මේ ඉස්තරම් ෆොටෝ එක

 හැදු ( කෑ )වෙ !

 කොහොමද කොල්ලා ඉන්න අපූරුව !

3. දිවා රෑ නැතුව මේ දවස් වල වැඩ හින්දා..පහුගිය පෝස්ට් එකේ අන්තිම කමෙන්ට් ටිකට උත්තර ලියන්නම බැරි උනා..ඒ ටික කෝම හරි ලියනවා..

4. ලෝක විනාශෙ වෙයිමයි කියලා හිතන් හිටීම..උනොත් ඉවරයි නැතොත් පට්ට පාටියක් ගන්න පුළුවන්  නෙ නොවිච්ච එකට..

ඔච්චරයි ඉතින් මේ දවස් වල වැඩ කටයුතු...

මුකුත් නොවුනොත් පාටියෙදි හරි පාටියෙන් පස්සෙ හරි හම්බ වෙමු එහෙනම්.. 

හැමෝටම ජය ඕන් !

67 comments:

  1. මෙච්චර කල් අපිව හලලා තිබිලා, එන්න කිව්වහම මෙන්න අපි ඇවිත්. තැන් තැන් වල යන්තමින් දැක පුරුදු උනාට මම කලින් ඇවිත් නෑ නෑ වගේ මෙහෙට....

    හප්පේ... නම ලෙහන්ට අමතක වෙලා...

    ReplyDelete
    Replies
    1. තිසර ඉස්සර කමෙන්ට් කරල තිබුනා මතකයි මටත්..

      Delete
  2. වැරදුනොත් මුදල් ආපහු කියලා දැම්ම එක නම් හොදයි.. හි හි..

    ReplyDelete
    Replies
    1. අත බලලා ඉවර වෙලා හරි නම් නේද සල්ලි දෙන්නෙ ? මේකෙ මගෙ අතිනුත් කයිට් වෙන වැඩක් තමයි

      Delete
  3. මොකක්ද ඩෝ පාටියෙන් පස්සේ හම්බෙමු කියන්නේ.. පාටියේදි හම්බෙමු කියන්න අමාරුද?

    ReplyDelete
    Replies
    1. හරි හරි ආන් හැදුවා !

      Delete
  4. මම අභීත බන්..., පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවා වැඩද කියලා....

    ReplyDelete
  5. ඔය ලෝක විනාස පාටිය තියෙන්නෙ කොළම්බු සෙවන් වලද?
    අර ෆොටෝ එකනං ලස්සනයි වෙනී අයියා.

    මම අරක ලියන්නැති අරූ.

    ReplyDelete
    Replies
    1. බොලාලට නම් මේ ෆොටෝ එක අර නිතර දකින කුකුලා වගෙ ඇති...බුකියෙ නැති අයට දැම්මෙ !
      ඔව් ඔව් කො. 07 දි තමයි..

      Delete
    2. නිතර දකින එකෙක්ද කළාතුරකින් දකින එකෙක්ද මම දන්නෙ නැහැ..හැබැයි කුකුලා වගේනං තමයි :)




      මම බ්ලොග් නොලියන ලකී..
      (නැවත හමුවෙමු)

      Delete
    3. නැතුව නැතුව !

      Delete
  6. හේ.. හේ.. කෝ පාටිය තැන නොතැන වෙලාව කියන්න. හැලප පාටි නං එපා..

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසෙ නොවුනොත් බලමු !

      Delete
    2. තැන කරුණාසේන ෆුඩ් කෝනර් එකේ. රාගමද කොහේද තමා ප්ලේස් එක තියෙන්නේ.

      Delete
    3. ඇයි බං ෆෘඩ් කෝනර් එකේ අයිනේ ඉදං ගෝව කන එකද පාටිය

      Delete
    4. ලෝක විනාශෙ කියලා හෝටලයක් තියෙනවලු ඒකෙ තියමු..

      Delete
  7. වෙනී මාමේ ලෝක විනාසේ වෙන්න කලි අරන් කෑම එක කාවනම් හොඳයි. අර පොටෝ එක හැදු එකක් නෙවෙයි ඇත්තම එකක්ද කොහෙද...
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ආ ඒක කෑවා කියන්ඩ අමතක උනා..පහු ගිය දොහේ වැඩ හින්දා.. අර මෝරපු ලීක්ස් කතාව හරි..බටර් , ලුණු සහ ගම්මිරිස් වල රහ තමා..
      :-D
      ලෝක විනාසෙ උනහම..මන් දිවිය ලෝකෙ ඉඳන් අපාය බලන්න එද්දි හරි බුද්ධියා හම්බු වෙයි නෙ !

      Delete
    2. @ කෝරලේ මහත්තයා.. යකෝ මේ යසට රුවට ඉන්න මනුස්සයට මාමේ මාමේ ගාන්න බොට අමු කැවිලද? ඔය කොලේ ලෝකේ විනාස වෙන වැඩක්..

      Delete
    3. බලන් ඉන්න අයගෙ ඇස් පෙනීම දුරුවලයි ක්සැන්ඩර් ඕන්...ඔව්වට දෙන්නම් කවදා හරි !

      Delete
  8. ඇයි කාන්තාවන්ට පමනයි කියන කෑල්ල දාන්න අමතක උනාද
    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඒ කෑල්ල ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන්නෙ ජෝන්

      Delete
  9. සාත්තර කියන වැඩෙත් පටන් ගත්තා නම් කොහොමද ? ලස්සනට හදලා තියෙනවා පින්තූරේ.

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කොටුව වැහුව චූටි මහත්තයගෙ වැඩනෙ ඔව්වා මල්ලි

      Delete
  10. නියම වැඩක්නේ පටන් අරන්තියෙන්නේ.......

    ReplyDelete
    Replies
    1. ඕක හදපු ෆොටෝ එකක් විතරයි..

      Delete
  11. මම හිතුවේ අර මොනවද එක කාලා වෙනීට වැලේ වැල් නැතුව ඇති කියලා..බලනකොට වෙන කතන්දරයක්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක කෑවා මුකුත් උනේ නෑ රූ

      Delete
  12. අත විතරක් බලල සාත්තර අහන්න ඕනේ එවුන් පලයල්ලා.. !!!

    ReplyDelete
    Replies
    1. ඇයි අත බලලා...මූන බලලා... හ්ම්ම්ම්ම් තව තව..

      Delete
  13. මාත් මේ ආවේ කාටද ඇරියේ කියලා බලන්න....බලං ගියාම ඇනෝට නේ ඇරලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇරලා තිබිලා ටික දවසකට වැහුවා...

      Delete
  14. Replies
    1. Kaka waga hemooma Ano kiyalaa thamanma comment dhamaa ganne nae !!!

      Delete
  15. ගෙදරට එන පාර කිව්ව, පණිවිඩ හත අටක් යැව්ව,
    අනේ තාම ආවෙ නෑනේ, ආවෙ නෑනේ, ආවෙ නෑනේ
    http://kathandara.blogspot.com/2011/04/blog-post_08.html

    !!!

    ReplyDelete
    Replies
    1. නෑ කකා ඒක දිගටම ඇරලා තිබලා මේ පහු ගිය දවසක වැහුවා අපේ ඉන්න අනිත් අයට ගහන්න ඒක පාවිච්චි කරන එකම එක ඇනෝවෙක් ඉන්න නිසා..පස්සෙ ආයි ස්පෑම් කරලා තියාගන්න පුළුවන් නිසා ඇරලා දැම්මා..මට ඇනෝ වාසනා නෑ කකට වගේ..මුළු බ්ලොග් එකටම ස්පෑම් කරපු ඇනෝ කමෙන්ට් තියෙන්නෙම..20ක් විතර..

      Delete
  16. හා. පාටියෙදි සෙට් වෙමු එහෙනං

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකෙදි ම හම්බ වෙමු

      Delete
  17. වෙනී අයියේ, ඔය ෆොටෝ එක ටිකක් පරණ එකක් නේද, ඔයිට පස්සෙ නේද උඹ අර සති දෙකක් හොස්පිටල් එකේ හිටියේ ගුටි කාලා....?

    ReplyDelete
    Replies
    1. හකාස්...මේ දැන් දාපු ගොම්බෙට්ටක් තරම් අලුත් ෆොටෝවක් මේ මල්ලි... ලෝක විනාශෙ කියන්නෙ අත බලලා කෝමද බිස්නස් එක !

      Delete
  18. ඉතිං 21 පැන්නට පස්සේ අපෙත් අත් බලනවා නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. බලමු බලමු...කෙල්ලො පස්සෙ ගිහින් කඩා ගත්තු කකුල් බලලත් සාස්තර කියන්නම්

      Delete
  19. ඉතිං .... අර හාතාවාරිය අල ටික තම්බගෙන කෑවයි? :)

    හි ... හි ... මරු ජොබ් එක, බුද්ධිද සෙට් කළේ. මිනිහ පොඩ්ඩක් මහන්සි වෙල තියෙනව, අකුරු ටික ඇද කරන්න එකින් එකට.

    (ඔය වෙනී අයියද ඉන්නෙ, කලින් ෆොටෝවක් දැක්ක බවක් මතකයක් නැත්ද කොහෙද, මම ඒත් කම්පනා කළේ අර ඇඳපු චිත්තරේ මීට වඩා ගොඩක් වෙනස්ද කියල. කෝ ඔයා ඒකට මොකද කළේ, මම පැය දෙකක් විතර කට්ට කාලා ඒක ඇන්ඳෙ ඕං)

    ReplyDelete
    Replies
    1. කෑවා කෑවා..බුද්ධියා නේන්නම්..තියෙනවා තියෙනවා ඒ චිත්‍රය සහ තව එකක්..දාන්නම් ලඟදිම..

      Delete
  20. අය්යා අපිත් යෙන්ඩද..අය්යා ෂේත්තරයක් ආන්ඩ..!

    ReplyDelete
    Replies
    1. යෙන්ට යෙන්ට..ඇබැයි ගාන නම් ෂැරයි පොඩ්ඩක්

      Delete
  21. වෙනි අයියා ඇනෝලා අපේ ඉසව් වලට ඇවිත් වෙන අයට මඩ ගහන එක නම් මමත් අකමැතිම දෙයක්. ඕනම මතයක් කිව්වට මම කවදාවත් මකන්නේ නැ. ඒත් කුණුහරුප දාන එක තමා කැත. මොකද අපේ බ්ලොග් පොඩ් එවුන් පවා කියවන නිසා. ඔබේ කතාවට එකගයි මම.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් මල්ලි..අනුන්ට ගහ ගන්න පිට්ටනි හදන්න මමත් කමති නෑ..

      Delete
  22. අනේ අප්පේ... මාරයාගේ බඩ.....

    අත බලලා දැන් මොනවද කියන්න යන්නේ? හෙට වහිනවයි කියලද?

    මොන බොට කිව්වා ටින් කොරපු ලීක්ස් කාලා මොලේ නරක කොර ගන්න එපා කියලා. කෝ ඉතින් ඇහුවයැ.

    ReplyDelete
    Replies
    1. ඔව් අකමා..වෙන්ඩ තියෙන දේ කියනවා..උන දේ කියනවා...ලීක්ස්..දැන් මොලේ වැඩුනා ඒක කාලා..

      Delete
  23. පොඩ්ඩක් හිටහං..මං තාම අර නැති වෙච්ච කිරිච්චිය හොයන ගමන්...

    ReplyDelete
    Replies
    1. හික්ස් මාරයා මල්ලි සේරම බඩු ටික පැක් කරලා තියෙන නිසා ආයුධ හොයා ගන්න ටිකක් පරක්කුයි නේද ?

      Delete
  24. හෙහ් හෙහ් වැඩ පටන් අරන් මමත් එන්න ඔනේ සාත්තරයක් අහගන්න.

    ReplyDelete
    Replies
    1. එන්ඩ එන්ඩ මල්ලි එයාපෝට් එකේම හින්දා එමින් ගමන්ම පුළුවන්

      Delete
  25. දැන් සාස්තර බලන එකද රැකියාව

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා ඔව්..හොඳ බිස්නස් නැගලා යන එකක්

      Delete
  26. එළඹෙන 2013 දි වත් පස්ට කෑල්ලක් මට සැට් වෙයිද කියලා කියහන් ලොකු මාමෙ..

    ReplyDelete
    Replies
    1. කෙල්ලො පස්සෙන් එලවන් එන ගතියක් තියේ මල්ලි පරිස්සමින් හිටින් !

      Delete
  27. ඔබටත් එසේම එකක් වේවා....!!!

    ReplyDelete
  28. අත බලලා සාත්තර විතරැයි කියන්නේ????????

    ReplyDelete
    Replies
    1. ඒ අතින් කරලා තියෙන වැඩත් කියනවා කිරි ගහට ඇන්නා වගේ !

      Delete
  29. ලෝක විනාස පර්ටියද?? අපි එක මෙහෙ ඉඳලම බලනවා..

    ReplyDelete
    Replies
    1. අපි නම් මෙහෙ ඉඳන් සමරනවා ඒක

      Delete
  30. මට නම් අරින්න කියලා එකක්වත් නැහැ අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි ඒක හැමදාම ඇරලද තියෙන්නෙ ?

      Delete