ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, December 17, 2012

2000 දි උන දේම තමා... History repeats itself !




1998 කාලෙ විතර ඉඳන් ලොකුවටම කතා බහ වෙච්ච සහ ලෝකෙටම දැනුනු ප්‍රශ්නය තමයි මිලෙනියම් බග් ප්‍රශ්නෙ..

ඕක අල්ලා ගෙන එක්  එක් අය මහා ලෝක විනාශයක් වෙන බව කිව්වෙ අපි නොදන්න අපට නොතේරෙන සංකීර්ණ වචන එක්ක සෙල්ලම් කර කර...


එහෙම කී අය 2000 ජනවාරි දෙවෙනිදා වෙනකොට බෙහෙතකටවත් හොයා ගන්න නම් බැරි උනා..ඊට පස්සෙ ඒ අයමයි  අර වෙනවයි කීව එක නොවෙන්ඩ හේතු හොයන් රටට ලෝකෙට දෙසන්න ගත්තෙ... විශ්වාස කරන්ඩලා ඒ ගොල්ලො එහෙම කීවෙ රෙදි ඇඳ ගෙන තමයි !


2000 කාලෙ වෙන කොට මන් වැඩ කරේ ප්‍රසිද්ධ නිවාස සහ ගොඩනැගිලි තනන පුද්ගලික ආයතනයක සහායක ගණකාධිකාරී විදියට.. 


අපි ගොඩක් පරිගණක පාවිච්චි කලා.. ගිණුම් තියන්න වගේම ලිය කියවිලි වලට ගෘහ නිර්මාණ සැලසුම් අඳින්න. හැබැයි ඒ කාලෙ තිබ්බෙ 486 පරිගණක..ඒ කාලෙ හැටියට හොඳම එක විදියටයි සැලකුවෙ. ඒ වගේමයි ඒ පරිගණකයක් අරන් තිබ්බෙ රුපියල් 60,000 ක් වගේ ලොකු ගාණකට.. ඒ කාලෙ හැටියට ඒක ලොකු ගාණක්..


ඒ නිසාම ආයතනයේ අපි හැමෝටම 2000  ජනවාරි පලමු වෙනිදා පරිගණක ක්‍රියාත්මක කිරීම තහනම් කරලා තිබ්බා..හැබැයි අර කී මිලෙනියම් බග් එක පුස්සක් කියලා ඔප්පු උනේ එදා උදේමයි..අපිත් ලොක්කට හොරෙන් බයෙන් බයෙන් උනත් පරිගනක ක්‍රියාත්මක කරලා බැලුවා.. ඊට ඉස්සෙල්ලා දවසක සී මොස් පාලනයට ගිහින් සමහර පරිගණක වල දින ආපස්සට දාලත් තිබ්බා වැඩි පරිස්සමට..නමුත් ඒක ඕනෙ උනේ නෑ..


ඒත් ඇත්තටම නම් ඔය මිලෙනියම් බග් එක එක්ක මිනිස්සුන්ව බය කලේ...


න්‍යෂ්ටික බලාගාරා ස්වයංක්‍රීයව පාලනය වන සියළුම පරිගණක මේ මිලෙනියම් බග් එකෙන් පිස්සු කෙලිනවාය ඒකෙන් පාලනයෙන් මිදිච්ච බලාගාර පුපුරනවාය එයින් ලෝකෙ විනාශ වෙනවාය කියලයි..බුදු අම්මෝ ඕක ඔප්පු කරන්න මොන තරම් නම් දත කෑවද සමහරෙක්..උන් නම් සම හරක්ම තමයි..දැන් මේ 21 වෙනිදා වෙනවාය කියන ලෝක විනාශෙට සමහරක් කියන කතා දැක්කම...මට මතක් උනේම මේ මිලෙනියම් බග් කේස් එකම තමයි..


මාය වරුන්ගෙ කැලැන්ඩරේ අවසානයි..කියනවනෙ..ඒ කතන්දරෙ මන් දැකපු මගේ විශ්වාසෙට ටිකක් හරි යන මතය උනේ නම්..ඒ කාලචක්‍රය ඉවරයි..ඊට පස්සෙ පටන් ගන්නෙ නව කාල චක්‍රයක්ය කියන එකයි..කැලැන්ඩරේ වක්‍රාකාර එකක්..ඒකෙ කොහෙන්ද අගක් හොයන්නෙ ??? අළුත් කාල චක්‍රයක් එනවා කියන්නෙ නම් ඊයෙ රෑ
ඉර බැහැලා ගිහින් අද උදේ ඉර පායනවා වගේ දෙයක්නෙ...තවත් එක දිනයක් ! ඒ දිනය සහ ඉස්සරහ කාලය ඊයෙ අදට වඩා භයානක විනාශකරී ????ඔව් අනිවාර්යෙන්ම ඒක එහෙමයි..මේ අසීමිත ලෝභ මීනිස්සු කාගෙන කාගෙන ගිහින් සහ යන විදියට අනිවා ඩෙෆා ඊයෙට වඩා ලෝකෙ හෙට අමාරුයි..ඒක අළුත් දිනයක් උදාවෙනවා වගේම සාමාන්‍යයි..



හැබැයි අවුරුදු මිලියන ගානකට වතාවක් වෙන ග්‍රහ ලෝක හයක් සමාන්තරව පිහිටීම (Planetary alignment)  නම් අරුමයක්ම තමයි..මායා වරුන් ඒක ඒ කාලෙ හරියටම දකින්න නම් කොයි තරම් නම් විස්මයජනක දැනුමක් තියෙන්න ඇද්ද ? හැබැයි මේ කියන කාරනේවත් මේ අදාල ක්ශේත්‍රයේ ඉන්න විශේෂඥයන් කරුණු කාරනා සාක්ශි ඇතුව ඔප්පු කරලා නම් නෑ.. මේ ග්‍රහලෝක හයේ සමාන්තර පිහිටීම නිසා දවස් තුනක් එකදිගටම අඳුරු කාල පරිච්ඡේදයක් තියනවාය කියලා තපුල්ලන පිරිසකුත් ඉන්නේ ඔය.. ඇයි සමහර රටවල් වල දිවි බේරා ගැනීමේ මේ බෑග් පවා හදලා විකුනනවාය කියන්නෙ.. මොනාද ඒවයෙ තියෙන්නෙ..




A Backpack
2 person tube tent
24 pouches of water
24 200-calorie food bars
AM/FM radio
Compass
Waterproof matches
Flint (for starting fires)
Flashlight with lithium batteries
Multifunction utility knife
First aid kit
Headphones and rechargeable batteries
2 Light sticks
Whistle
16-Hour body warmer
Rope
Dust mask
Soap, toothbrush and toothpaste, tissues, moist wipes
Playing cards
Poncho
Work gloves


ඔව්වා විශ්වාස කරන අය ඔය බෑග් එකක් හදා ගන්ඩ ඕන්..


අපි දන්නවා භ්‍රමනය සහ පරිභ්‍රමනය වන ග්‍රහලෝක ඔහොම දින තුනක් එකම එක ස්ථානයක තියෙන්නෙ නැති බව..ඒ නිසාම ඕකත් අර චෙතිය රජ්ජුරුවන්ගේ එකක්ම තමයි.. ඕනි නම් පැය ගනනක් තියෙයි..ඒකත් රෑක උනොත් අපිට පේන්නෙත් නෑ !


මම නම් පුද්ගලිකව මේ ලෝක විනාසෙ වෙනවාය කියන  එක ගන්නෙ විහිළුවකට විතරයි..


"අඩෝ ලෝක විනාසෙ වෙන්ඩ කලින් පාටියක්වත් දියන් බන්"


"ඇයි උඹ දෙන්නෙ නැද්ද අපිට ?"


"ලෝක විනාශෙන් පස්සෙ මන් දෙන්නම් "


"චෙහ් මට එක දෙයයි කර ගන්න බැරි උනේ ඔයා එක්ක මේ ලෝක විනාසෙට ඉස්සෙල්ලා අනේ "


මන් එහෙම කීවෙ අපේම ඔෆිස් එකේ ඉන්න ලස්සන කෙල්ලොන්ට..


"සර් මේ ලියන්නා ලෝක විනාසෙට ඉස්සෙල්ලා.."


මහා හයියෙන් බෙරිහන් දීපු ඈ එතකොටයි මමත් දැක්කෙ ඒ අංශෙ ලොක්කා එතනම ඉන්නවා..


"ඔව් මොකද කියන්නෙ සුමිතා ලියන්නා ලෝකෙ විනාසෙට ඉස්සෙල්ලා.."


මන් ගල් හැහුනා..


"සර් මෙයාට මේ ලෝක විනාසෙට ඉස්සෙල්ලා මාත් එක්ක...."


ඉතුරු උත්තරේ ඇහෙන්ඩ ඉස්සෙල්ලා මන් මාරු..


අපේ  බ්ලොග් එකට ආවෙ නැතු උනත් අපේ සෙට් එකම දන්න රන්ජයියා ලෝක විනාසෙ ගැන එක එක එසෙමෙස් පණිවිඩ මට ෆෝවඩ් කරනවා..
මන් උත්තරේ යැව්වා එකක..


ඕනි පුකක් සත දහයයි කියලා ඉන්නවා බන් මන් නම් මට දුක ලෝක විනාසෙට ඉස්සෙලා උඹට #$^ $%%^&%$ බැරි වෙච්ච එකට තමයි
කියලා..


ඊට පස්සෙ නම් ආයි පණිවිඩ එව්වෙ නෑ..


එකම එක දෙයක් නම් සුවර්.. මේ දවස් වල ඔය ලෝක විනාසෙ ගැන කියන අහවල්ලු..22 වෙනිදා වෙන කොට බෙහෙතකටවත් හොයා ගන්ඩ බැරි වෙනවා.. ඒ නිසා දැන්මම උන්ව අල්ලලා තියා ගන්ඩ කියලා මතක් කරන ගමන් අදටත් නවතින්නම් ඕන්..






"උඹත් ඔය වහෙන්  ඔරෝ කීවට ඕකට බය වෙලා මොනා මොනා හරි ලෑස්ති කර ගන්නව නම් ඇති නේද ? "

"පිස්සුද බන් මන් මේ දවස් වල 22 වෙනිදට පන්නිපිටියෙ තියෙන මහා පරිමාන ගම් මඩුවක්  ලේස්ති වෙන්නෙ ඒක බලලා හොඳ ෆොටෝ ටිකක් අල්ලලා බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩයි.."

50 comments:

  1. අන්න එල වැඩේ ගම්මඩු...!දකින්නත් ආසයි..18සන්නි..ඉස්සර පොඩිකාලෙ ගෙදරට හොරෙන් බලන්න ගිය හැටි මතකයි..!

    ReplyDelete
    Replies
    1. ගම් මඩුවක් බලන්න නිදි වැරුවට පාඩු වෙන්නෙ නෑ..

      Delete
  2. ලෝකේ විනාස උනත් මොකද මේ තියෙන හැටියට.....

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුන වාර ගනන නම් අනන්තයි හිරු !

      Delete
  3. අනේ මන්දා සමහර විට 22දායින් පස්සේ වෙනියාව හොයාගන්න නැති වෙයිද දන්නෙත් නැහැ :)

    ඔන්න ඕක එනවා නම් ඉවරයි අෆ්ෆා ඔක්කොම ඉවරවෙන්න.

    ReplyDelete
    Replies
    1. මන් නම් ඉඳී..ඔන්න ඕක එන්නෙ නෑ..ඒ නිසා වෙන අතක් බල ගම්මු මල්ලි !

      Delete
  4. මේ ලෝක විනාශේ කීයටවත් 2012 නම් වෙන්නේ නෑ. මං ගත්ත කිස්ට් ජෑම් බෝතලේ එක්ස්පයරි ඩේට් එක 2013 තියෙන්නේ....දන්නවනේ කිස්ට් මාමා බොරු කියන්නේ නෑ...

    ReplyDelete
  5. අජෝච් අපහාස කොරන්න එපා ශ්‍රේස්ට මතයන්ට. ගිනිබෝල කරකවල තමා ලෝක විනාසේ වෙන්නේ. විසේසයෙන් ගම්මඩු තියන්නේත් ඕවට බයේ..

    ReplyDelete
    Replies
    1. මේ ගම්මඩුව තියෙන්නෙ ඔය කියන විනාස වෙනවයි කියන දවසට පස්සෙ දවසේ !

      Delete
  6. අපි නම් මේ 21 වෙනිදට පොඩි කැරොල් සෙෂන් එකක් දානවා අපේ පොඩි උන්ව ට්‍රේන් කරලා. ඊට පස්සෙ දෙකක් දාගෙන මුහුද අයිනට වෙලා ගිටාර් පාරක් ගහගෙන සොමියේ ඉන්නවා.....!

    ReplyDelete
  7. අනික දැන් ඔය ලෝක විනාස වෙන්නේ ලංකාවෙ වෙලාවෙන් රෑ 12ටද, නැතිනම් ඇමරිකාවෙ වෙලාවෙන් රෑ 12 ටද ? ආහ්.... මට අමතක උනානේ. නාසා එකේ තියෙන්නෙ ඇමරිකාවෙ නිසා, ලෝක විනාස වෙන්න සෙට් කරලා ඇත්තෙ ඇමරිකාවෙ වෙලාවෙන් වෙන්නැති.....!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි දුමී මල්ලි කීවහමනේ මතක් උනේ ...දැන් වෙලාව හොයා ගන්නත් ඕනි නේ ?!!!! ඔය දවසෙ මන් නම් ඔෆිස්..හවසට නම් පාටියක් යෙදිලා තියෙනවා..යනවද නැද්ද මන්දා ??!!!

      Delete
  8. හැක්..හැක්.. එක එකා ලෝක් විනාසෙ ගැන කියනවා අහලා මට වෙන වෙන තැන් වලිනුත් හිනා..

    මම හිනා වෙනවා දැකපු එකෙක් කියනවා.. ඒක ගනන් ගන්නේ නැති එවුන්ලු මුලින්ම මැරෙන්නෙ..

    ඔය එක කැලැන්ඩරයක් ඉවර උනාට තව කැලැන්ඩර් කීයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් අහගෙන මේක විශ්වාස නොකරන අය තමා ඉස්සෙල්ලාම මැරෙන්නෙ කියලා කියනවා කොහෙ හරි..ඉතින් හොඳයිනෙ..වැඩිය දුක් විඳින්න ඕනි වෙන්නෙ නෑ..අනික් අය දුක් විඳිනවා බලන්න ඕනි වෙන්නෙත් නෑ මුලින්ම ගියහම !

      Delete
  9. අප්පේ මරු පොස්ටුව හිනාවෙවී බැලුව Y2K අර්බුදය කියල ඒ දවස් වල සෑහෙන්න පිස්සු නැටුවා මට මතකයි. මම මේ බලන් ඉන්නේ 31 නයිට් එකේ වොඩ්කා එකක් ගහලා ආතල් පැදුරු පාටියක් දාන්න

    ReplyDelete
    Replies
    1. ඔව් 31 නම් පාටි බොහොමයි...සති මැදක හින්දා පහුවෙන්දා ඔෆිස් යන්න ඔළුව කෙලින් තියා ගන්නත් ඕනි !

      Delete
  10. අඩේ මෙන්න බොරුත් දාලා. 2000 වෙනකොට පෙන්ටියම් IIIත් ඇවිල්ලා ඉවරයි. :P
    ඔය කියන බොරු වල හැටියටනම් අනේ මන්දා. මන් දන්නා දේවල් කියන්න ගිහිල්ලා ඇත්තටම වෙනී අයියා බය උනොත් එහෙම. හරි හරි අයියේ, 21 ලෝක විනාසයක් වෙන්නේ නෑ. අපි මැරෙන්නෙත් නෑ. හා හා දැන් ඉතින් ඇඳ යට අතු ගාන එක නවත්තලා එන්නකො එලියට.

    වෙනී අයියත් ඉඳලා ඉඳලා හැකර කටවල්මනේ අවුස්ස ගන්නේ. දැන් ඇනුවල් (පනිෂ්මන්ට්) මාරුව කොහාටද අයියේ?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කම්පැනියක් වෙච්ච අපි ලඟ තිබ්බ හොඳම පරිගනක් ගැනයි කීවෙ 486..තියෙන්නෙ ඇති ලක්ශ ගානකට..ඒවා ගන්නෙ කොහොමද ? ලෝටස් පැකේජ් එකේ අපි වැඩ කලෙත්..
      හොඳ වෙලාවට අපිව මාරු කරන්නෙ නෑ..තාම කොළඹ ඔෆිස් එක විතරයිනෙ තියෙන්නෙ..අඹේවෙල එකක් හදනවා..එතකොට නම් කට පරිස්සම් කරන් ඉන්නවා..

      Delete
  11. ඔන්න මම නම් ප්‍රසිද්ධ අභියෝගයක් කළා ඔය කියන කට්ටිය මගේ බුකියේ එහෙම ඉන්නවනං අනාවැකි කියන්න. කෝ එකෙක් කිව්වේ නෑ නේ මෙලෝ මගුලක්..

    ReplyDelete
    Replies
    1. සිද්ධවෙන දෙයක් නෙවෙයිනෙ ක්සැන්ඩර්..ඒකයි කවුරුවත් චැලෙන්ජ් එක බාර ගන්නෙ නැත්තෙ !

      Delete
  12. මට මතකයි 1983දී ලෝක විනාසයක් වෙනවා කියලා රාවයක් තිබුනා.. ඊට පස්සෙ 2000 දි, 2003 දිත් එහෙම එකක් තිබුනලු මටනම් මතකත් නෑ.. දැන් 2012.. අනේ මංදා මිනිස්සුන්ට කාලෙන් කාලෙට හැදෙන පිස්සු..

    ReplyDelete
    Replies
    1. පිස්සු නෙවෙයිනම් වෙන මොනාද මල්ලි මේවා නම් !

      Delete
  13. මිලේනියම් බග් ගැටළුව නම් ඇත්තටම විද්‍යාත්මක පදනමක් තිබුනු ගැටළුවක්. ඒක අපි ග්‍රහණය කරගත්ත විදියයි වැරදි. මුල් යුගයේ පරිගණක සකස් කරලා තිබුනේ අවුරුද්ද ඉලක්කම් දෙකකින් දක්වන්න. එතකොට වසර 2000 පෙන්වන්න වෙන්නේ 00 විදියට. 00 ට වඩා ඊට කලින් අවුරුද්ද (99) සංඛ්‍යාත්මකව විශාල නිසා වර්ෂය සම්බන්ධ ගණනය කිරීම් වලදි පරිගණක අක්‍රීය වෙයි කියන අදහස තමයි තිබුනේ. නමුත් මිනිස්සු ඒක ලොකු විනාශයක් විදියට ගණන් ගත්තා. නමුත් මෙතනදි ඒ වගේ විද්‍යාත්මක හේතුවක් නැහැ. ජය...!

    ReplyDelete
    Replies
    1. අපි ටත් වඩා පරිගනක හදපු උන්ට ඒක නොතේරිච්ච එකනෙ ගැටලුව.. මල්ලි..ලෝකෙ විනාසෙ වෙනවනම් හොඳා කියලා හිතන උන්ගෙ උන්මාදයක් තමයි මේක !

      Delete
  14. කේව කේව මාරයා දුන්න ආතල් එක එහෙම්පිටින්ම කේවා සික් ඉතලක් ...:P

    ReplyDelete
    Replies
    1. හික්ස්..මල්ලි ඉවසන් ඉන්න රාවනා අයියා නැගිටියි පෙරලා ගෙනම !

      Delete
  15. ඔය Y2K කතාව මටත් ලාවට වගේ මතකයි.. එතකොට මං හැබයි ඉස්ස්කෝලේ 8 හිටියේ.. 21 ගැනත් ඉතින් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් මල්ලි ඒකෙ දෙකක් නෑ..අපි ආයි කතා කරමු 22 වෙනිදාටම !

      Delete
  16. මතකයි Y2K බලාපොරොත්තුවෙන් සජීවී රුපවාහිනී වැඩසටහන් පවා තිබුනා අවසන්ය කියපු මොහොතේ. :P

    මිනිස්සු ඔය කතන්දර වලට බය වුනත් ඕවා විශ්වාස කරන්න ආසයි.

    ලෝක විනාශේ 21 නෙවෙයි, ඊ ළඟ විනාඩියේ වෙන්නත් පුළුවන්. තව අවුරුදු බර ගානකට පස්සේ වෙන්නත් පුළුවන්. කවද හරි ඕක වෙන්නත් එපායැ. අපි අපේ පාඩුවේ පුරුදු විදියට ඉමු.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒක තමා මාත් කියන්නෙ රාමා.. ඕනි වෙලාවක වෙන්න පුළුවන්..අනපේක්ශිත ස්වාභාවික විපතක් එන්න තියෙන ඉඩ හැමවෙලාවෙම තියෙනවා..කෝ සුනාමිය එන්න ඉස්සරවෙලා කොයිතරම් දියුණුයි කීවත් ඒක කලින් කියන්න පුළුවන් උනාද ? නෑනෙ..

      Delete
  17. ‍ය්2ක් කතාව නම් මතකයි, ඒ දවස් වල කොම්පුටර් නැතිවුනත් ඒ ගැන වුනන්දු වන කාලේ

    මටත් දුක එකයි බන් අයියේ, මේ ලෝක විනාසේ වුනොත්, ඊට කලින් එක පාරක්වත් **** කරන්න හම්බ වුනේ නෑ නේ.

    මේ අයියේ කොහොද බන් ඔය ගම්මඩුව තියෙන්නේ, අපිටත් බලන්න එන්න පුළුවන් තැනකද?

    ReplyDelete
    Replies
    1. ගම්මම්ඩුව තියෙන්නෙ පන්නිපිටියෙ අර සිරස හෝල්ට් එක ගාවින් තියෙනවා දේවාල පාර කියන එකේ ලොකු දේවාලෙ තමා තියෙන්නෙ.. එන්න !

      Delete
  18. අඩේ මේ බෑග් එකට වැඩිය අර මාරය හදපු බෑග් එක හොඳයිනෙ.

    Playing cards යකෝ ලෝක විනාසෙ වෙලත් මුංට බූරුව ගහන්නෙ නැතුව ඉන්න බෑනෙ.

    AM/FM radio යකෝ රේඩියෝ ස්ටේෂන් ඉතු‍රුවෙනවනං අනිවාරයෙංම මෝබයිලුත් වැඩකරන්න ඕනනෙ. එතකොට කෝ මේකට ඩොංගල් එකක් සහ ලැප් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔය ලිස්ට් එක මන් හැදූ එකක් නොවේ මල්ලි..අන්තර්ජාලෙන් ගෙඩිය පිටින්ම උස්සලා දැම්මා..

      Delete
    2. මේකනම් දාන්න ඇත්තේ ඉතුරු වෙන අයට දැනුම් දීම් කරන්න. ඒ.එම්/එෆ්.එම් ට්‍රාන්ස්මීටර් එකක් ඕනිම කෙනෙකුට සරලව හදාගන්න පුළුවන්. (ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් යන්තම් දන්නා එකෙකුට උනත් කෙටි දුර 1km-10km වගේ) ඒත් ෆෝන් වැඩකරනවා කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්.

      ඒ කාලෙට මොබයිල් වල තැන ගන්නේ රේඩියෝ හික් හික් හිකිස්)

      Delete
  19. මේ ලෝක විනාස වෙනවයි කියන උන්ට පිස්සු.! අපි මේ එදිනෙදා කරන වැඩ එක්ක බලද්දි අපේ අතින්ම මේ ලෝකෙ කොච්චර නං විනාස වෙනවාද.. අඩුම ගානේ යනව ප*යකින් හරි වෙන්නේ විනාසයක්. ;) එහෙව් එකේ 22 වෙනිදා වෙනකං දත කට මැදං හිටපල්ලා.. වෙනි අයිය කිව්ව වගේ ඒ දවස් කිට්ටුකරල ලෝක විනාසේ වෙනවයි කිව්ව එවුන් ඉන්නතැං ගැන එහෙම පොඩ්ඩක් හොදිසියෙන් ඉන්නවානං හොදයි.. !
    ගම්මඩු බලන්න වෙන්නේ නැති හින්ද හොද පෝස්ටුවක් අපේක්‍ෂාකරනවා වෙනි අයියා..!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ගම්මඩුව ගැන හොඳ පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නෙ !

      Delete
  20. හික් හික් ... Y2K ! ඔය කිලෝ දෙකේ අවුරුද්ද ගැන මටත් මතකයි ඒ දවස්වල කට්ටිය නටපු නාඩගම ගැන. හෆොයි සංසාරේ !

    මුංට විකාරනේ අයියා, ඔය 21 වෙනිද ගැන ඊයෙ මාත් එක්ක කතාකරපු එකෙක්ට මම කිව්වෙ අපි ඔය ගැන 22 වෙනිද කතාකරමු කියල. මොටද නිකන් වැඩක් නැති දේවල් ගැන තර්ක කර කර ඉන්නෙ, 22 වෙනිදට ඌට ආයෙ තර්ක කරන්න දෙයක් නෑ.

    හැබැයි එක දෙයක් කියන්න ඕන, මේ මිනිස්සු කුලප්පුකරන එකේ සම්පූර්ණ වැරැද්ද ජනමාධ්‍යවල, රටේ නැති ඔල්මොරොන්දන්කාරයොන්ට අම්බ බොරු හලන්න අවස්ථාව දෙන්නෙ උන් තමයි. උන්ට විකුණන්න පුළුවන් නම් උන්ගෙ අම්මලත් විකුණයි, කාලකණ්ණි.

    ReplyDelete
    Replies
    1. ඔව් ජන මාධ්‍ය වල වල්බුරු නිදහසේ අනිසි පලයක් තමා ඒක නම් මල්ලි

      Delete
  21. අර ලැයිස්තුවේ බඩු අඩුයි.

    one pack of condoms.
    a card of contraceptive pills.
    entrencher tool.
    waterproof under wares.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හැබෑමයි ..විචාරක කොන්ඩම් සහ අර පෙති නම් ලිස්ට් එකට හොරාම කට්ටිය සෑහෙන්ඩ එකතු කර ගනී...මගෙත් ස්ටොක් එක අප්ඩේට් කරලා තියා ගන්න ඕනි...අර කීව වගේ දවස් 3ක්ම කළුවර නම්..ඉතින්..අත පත ගගා යනකොට කීදෙනෙක්ම අහුවෙයිද දන්නෙ නෑනෙ !

      Delete
  22. මටත් මතකයි 1999 රෑ නිදිමරාගෙන සිස්ටම් බැකප් රිස්ටො කරන්න බලාගෙන උන්නා හික් හික් මේදත් එහෙම තමා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි කලේ දින වෙනස් කලා.. බැකප් අර ගන්නම අර zඉප් ඩිස්කට් මෙගාබයිට් 100 එකක් සල්ලි දීලම ගත්තා..ඔෆිස් එකට නම්..

      Delete
  23. ඔය කිව්වට ලෝක විනාසෙ වුණොත් ෂෝක් අප්ප. :(
    ගම්මඩුවක් තියනවද? මටත් හිතයි බලන්න එන්න. අවුරුදු කීපයකට කලින් ඔහොම එකක් රාජ්‍ය අනුග්‍රහය ඇතුව සංවිධානය වෙලා, මගෙ යාළුවෙක් බලන්න ගිහින් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. එන්න පහු ගිය දොහක තිබ්බ සුළු පරිමානයේ ගම්මඩුවක් බලන්න අපේ රුචා, අසේල, රමී, සිහින සහ ගෝල්ඩ් ෆිස් ආවා..ටිකක් වෙලා බලලා යන්ඩ ගියා..මේ ගම්මඩුව නම් මේ පැත්තෙ තියන ලොකුම ගම්මඩුවක් අවුරුද්දකට සැරයක් තියෙන...

      Delete
  24. මමත් ලෝක විනාසේ වීඩියෝ කරන්න ඔක්කම සුදානම් කරලා තියෙන්නේ.

    2000 දී මට මතකයි වයිරස් එකක් එනවා කියල දවස් 4 කොම් එක ඔෆ් කරලා තිබ්බලු පවර් කේබල් හන්ගලත් තිබුනලු. හැබැයි ඉන්ටනෙට් නැහැ..

    ReplyDelete