ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, September 21, 2012

පොත් ගනිමු... අපි ගයමු...


දවස් තුනක්ම එකදිගටම පොත් ප්‍රදර්ශණේට ගිහිල්ලා පෝස්ට් තුනක් දාලා ෆොටෝත් එක්කම අදත් දාන්න යන පෝස්ට් එක පොත් ගැනමද ???

ම්ම්ම්ම්ම්ම් නෑ කියන්ඩත් පුළුවන්...

ඔව් කියන්ඩත් පුළුවන්..

අපේ වැප් මල්ලි මීට කලින් මේ ගැන පෝස්ට් එකක් දමලා තිබ්බා..
අපි ගයමු කියන මේ සහන් රන්වල ඇතුළු ශිල්පීන් හැම මාසෙකම අන්තිම සෙනසුරාදා හවස් ජාමෙ තියෙන සින්දු කියන වැඩසටහන ගැන තමයි ඒ..මේක ටිකක් වෙනස් වැඩසටහනක්..

රංවල ඇතුළු කණ්ඩායම සංගීතය සපයලා ගයන සින්දු කීපයක්..

මොකද්ද වෙනස ? 

අපිට තියෙන්නෙ දැහැන් ගත වෙලා සින්දු අහන්න නෙවෙයි..අපි තමයි සින්දු කියන්නෙ..ඒ අය තාලය අල්ලලා දීලා සංගීතය සපයනවා..

ඉතින් ඔය සින්දු වල වචන මතක තියෙන්නෙ කාටද ?

ඒකට කලින්ම සකස් කරපු පොත් පිංචක් ලැබෙනවා..ඒකෙන් අපිට වචන බලා ගන්ඩ පුළුවන් අපි ට්‍රිපක් ගියාම ... ගෙට් එකකදි... පැදුරු පාටියකදි.. සින්දු කියන්න දැනටමත් දන්න අඳුනන යාළු මිත්‍රයො එක්ක.. මෙතනදි..පහු වෙන කොට දැන අඳුනා ගන්න අවස්ථාවක් ලැබුනත්..ඒ වෙලාවෙදි නාඳුනන පිරිසක් එක්ක එකම ගීය ඒකාත්මිකව ගයන කොට දැනෙන වෙනස්ම හැඟීමක්....ඒකාත්මිකව... ඇහුනනෙ...

ලබන සෙනසුරාදා පෝය නිසා මෙවර වැඩසටහන තියෙන්නෙ මේ සෙනසුරාදා.. ඒ කියන්නෙ 22 දා තමයි.. තියෙන්නෙ BMICH එකේ නිසාත්...මීට සමගාමීව තීයෙන පොත් ප්‍රදර්ශණය නිසාත් මන් හිතන්නෙ අද එන හැමෝටම සහභාගී වෙන්න පුළුවන් වෙයි...මේක තියෙන්නෙ BMICH එකේ කමතේ..ඒ කියන්නෙ එළිමහන් රංගපීඨයේ..ඇතුල්වීම නොමිලේ..වගේම පහුගිය පාර නම් අතර මඟ විවේකයෙදි රසම රස සව් කෝප්පයක් ලැබුනා..පුද්ගලික අනුග්‍රහයකින් ..පහලින් තියෙන්නෙ ගිය මාසෙ සෙනසුරාදා වැස්ස නිසා එළිමහන් රංග පීඨයෙන් ශාලාවක තිබ්බ මේ ප්‍රසංගය.. අපේ වැප් මලයා, ගෝල්ඩ් ෆීස් මලයා සහ වැප් මල්ලිගෙ යාළු මලයෙක් ආවා.. මාත් හිටියා..ඕන් එකේ ගත්ත ෆොටෝ ටිකක් මේන් තියෙනවා..

එහෙනම් පොත් බලලා අපි ගයමු එකටත් එන්න කියනවා ...ඇවිත් බලන්නකෝ..












ඒ ෆොටෝ ටික එතනින් ඉවර උනාට අද පොත් ප්‍රදර්ශනේ ගත්ත ෆොටෝ ටිකකුත් නොදමා හොඳ නෑ නොව... ඕන් එහෙනම්..මේ 21 වෙනි සිකුරාද ගත්ත ෆොටෝ ටිකක්..




















22 වෙනිදාත් කට්ටිය ගොඩක් හම්බ වෙයිද ????
මොන මොනා වෙයිද මන්දා ???
නන්නාඳුනන අය ෆොටෝ ගන්නවා දැකලත් ඉවසන් හිටියත් දන්න සෙට් එක එහෙම ඉවසන් ඉඳීද මන්දා ???

38 comments:

  1. අපෝ අපිනං එන්නෑ ඔය ප්‍රදර්ශනේට! මං යනවා වෙනී අයියා එන්නැති වෙන කොහෙ හරි පොත් ප්‍රදර්ශනේකට! :D

    ReplyDelete
    Replies
    1. හා එන්නෙ නෑ ඥාව්...කිව්වට දැන් මොකෝ කියන්නෙ ???ෆොටෝ දමලම ඔප්පු කරන්නද ආවා කියලා

      Delete
  2. ලංකාවෙ මිනිස්සු මෙච්චරටම පොත් කියවන්ඩ උනන්දුයි කියලා වෙලාවකට හිතා ගන්ඩවත් බෑ.. ඔය එකේ තියන ප්‍රදර්ශනේට වැල නොකැඩී සෙනඟ එන හැටි මාත් දැකලා තියනවා.

    ReplyDelete
    Replies
    1. දැයට කිරුල ළඟට වැඩිම සෙනඟක් එන ප්‍රදර්ශනේ මේක කියලයි කියන්නෙ..

      Delete
  3. අපිත් ආවනේ....
    බ්‍රහස්පතින්දා හැබැයි...
    වෙනී අයියව දැක්කෙත් නෑ අර පොත් එකතු කරන මධ්‍යස්ථානේ දැක්කෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් කීප දෙනෙක්ම මුන ගැහුනා..ගොඩක් අය මුන ගැහුනෙ නෑ..

      Delete
  4. අර අන්තිමට ඉන්නේ සුමිත්‍රා රාහුබද්ධනේ. එයාගේ පොත් කියවලා තියනවා...ලස්සනයි.

    මේ පාර නම් ලස්සන කෙල්ලෝ දෙතුන්, දෙනෙක්ගේ ෆොටෝ වැදිලා...:)

    ReplyDelete
    Replies
    1. වැදිච්ච ෆොටෝ සේරම දැම්මෙ නෑ පොඩ්ඩියෙ..මේ ලෝකයට බයේ...

      Delete
  5. Replies
    1. ෆොටෝ නම් මහා ගොඩක් තියේ..පහු වෙලා දාන්නම් !

      Delete
  6. අපිත් ගියේ 21.. :) වෙනි අයියාව දැක්කේ නැනේ... 9 ඉඳන් 6 වෙනකන් හිටියා..

    ReplyDelete
    Replies
    1. නැ නැ..මට දවස පැටලුනා.. මන් ගියේ 20 :)

      Delete
    2. මන් මේ දවස් දෙකේම හිටියා..මෙයාකාර සෙනඟක් අස්සෙ මග ඇරෙන්න ඇති අප්පා !

      Delete
  7. මේ වෙනියා කරන වැඩ නිසා මටත් දැන් යන්නම ඕනෙ වගේ ඒ පැත්තේ...

    ගියොත් අර නාඩියාලගේ සත් කාර්‌ය කෙරෙන පැත්තටත් යන්න කියලා හිතං ඉන්නේ....
    ඒක තියෙන්නේ කොයි හරියෙද කියලා තමයි තාම ෂුවර් නැත්තේ...

    එක පාරක් ඕකට ගිහිල්ලා චන්දන මෙන්ඩිස්මහත්තයයි සමරසිංහ ගුණසේකර මහත්තයවයි හම්බුනා... එදා නම් ගෙදර ආවේ අඩි දෙකක් තුනක් උඩින්... ෂර්ලොක් හොම්ස් සහ හිත හොද දොස්තර පිස්සො තුන් දෙනෙක් අපේ ගෙදර හිටියානේ....

    ReplyDelete
    Replies
    1. හිරු ආවද ඕන් හෙට 26 තමා අන්තිම දවස ..

      Delete
  8. මේ පාරත් වැඩිය ඉන්නෙ කෙල්ලොද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මල්ලිට වැඩිය පේන්නෙ කෙල්ලොද මන්දා ?

      Delete
  9. රංවලලගෙ ජන ගී ආරෙ ගීතවලට නම් මමත් කැමතියි. ගායනා කරන්න නම් ආස නෑ ඕ. බැරි මඟුල් නොකර නිකා ඉන්න එක කෝකටත් හොඳයිනේ. :)

    ඔය පොත් ප්‍රදර්ශනයෙ නිල බ්ලොග් අනුග්‍රහය වෙනී අයියගෙන් ද? :)

    ReplyDelete
    Replies
    1. අපි නම් සින්දු කියනවා... මේකෙ කියන්නෙ ජනප්‍රිය පරණ සහ අළුත් සින්දු...

      Delete
  10. සමහර ෆොටෝ හෙන මෙව්වා එකකින් බලන්න ඕන විදියට නේද අරන් තියෙන්නේ? :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් එහෙම මෙව්වා එකක් නම් පොඩියට ගන්ඩ ට්‍රයි එකක් දුන්නා..

      Delete
  11. දෙවෙනි සෙට් එකේ දෙක හොඳායි.

    රන් බඩුවක්, පර්ස් එකක් හොරකම් කරනවට වඩා වෙනස් නේද පොතක් හොරකම් කරන එක. (විකුනන්න හරි වෙනත් ලාබයක් බලාපොරොත්තුවෙන් කරන අය ගැන නෙවෙයි මන් කියන්නේ)
    පොත් වලට ආස හැමෝම ආසයි, ආසම පොතක් තමන්ගේම කියලා කරගන්න. ඒත් ඒකට බාධා ගොඩක් තියෙනවනේ. (හොරකම සාධාරණයි කියලා නෙමෙයි මන් කියන්නේ)

    ඒ අයව හඳුනාගෙන පස්සේ කාලෙක එයාලට පොත් ටිකක් පරිත්‍යාග කලොත්..... එතකොට පොලීසියෙන් ඉගෙන ගන්න පාඩමට වඩා දෙයක් ඉගෙන ගනීවි. (මොකද පොතක් වගේ දෙයක් ඔහොම ගන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් එකෙක් මිසක් මෝඩයෙක් නෙවෙයිනේ) එතකොට ඒ අයගේ හිත්වල ඇතිවන ලැජ්ජාව, වෛරය වෙනුවට ස්තුති පූර්වක හැගීමක්වත් ඇති වෙයිනෙ.

    හැබැයි මේක ලංකාව. සුනාමි, ගැන වතුර, යුධ ආධාර වගේ මේ නිකම් ලැබෙන පෝලිම එන්න එන්නම දිග වැඩිවෙයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. කතාව නම් සම්පූර්ණ ඇත්ත... මුල් ෆොටෝ ටික ගැහැව්වෙ ශාලාවක් ඇතුලේ මහා පත ෆ්ලෑශ් එකක් තිබ්බ නම්...

      Delete
  12. අද පින්තූර ප්‍රදර්ශනේ.. හි හි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..මේ දවස් ටිකම කිව්වොත් හරි..

      Delete
  13. 22 ගියා මම. කාවවත් දැක්කේ නැහැ. අහ්හ් සඳුන් අයියාව නම් දැක්කා එයාගේ වයිෆ් එක්ක'

    ReplyDelete
    Replies
    1. 22 දවසම අපි සෙට් එක එතන.. හිටියෙ

      Delete
  14. එතකොට අර හැමතැනම පොටෝ ගගහා හිටියේ ඔබ තුමා ද?

    හික්ස්

    ReplyDelete
  15. මට ආරංචි වුණා ඔබ තුමා ඇතුලේ කියලා නමුත් කරුමෙට මට හොයාගන්න බැරිවුනා... ෆ්ලැෂරේ තමයි ෆ්ලැෂරේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා දුලාන් මල්ලිව දැක ගන්ඩ බැරි උනා නොවැ..අර වුරුදු උත්සවෙන් පස්සෙම...

      Delete
  16. මේ ගී ගයමු වැඩසටහනට මෙච්චර සෙනඟ ඉන්නවද වෙනී..
    නැත්තං මේක ප්‍රදර්ශනය නිසා වුන දෙයක්ද?
    ඊළඟ මාසෙ මාත් එන්න ඕන

    ReplyDelete
    Replies
    1. හැම මාසෙම අන්තිම සෙනසුරාදා 5.30 ට පටන් ගන්නෙ.. මේ මාසෙ අන්තිම සෙන්සුරාදා පෝය නිසා තමයි මේ සෙනසුරාදා තිබ්බෙ..ඔව් සෙනඟ ඉන්නවා..

      Delete
  17. හොදයි හොදයි... වැඩේ ලස්සනයි...

    ReplyDelete
  18. මමත් පොත් 4ක් ගත්ත. ඒත් කතා පොත් ගන්න නම් සල්ලි තිබ්බේ නෑ . දුක තමයි. පොත් නම් ලොට් පිටින් තියනවා ඒත් ගන්න පිනක් නෑ. :(

    ReplyDelete
    Replies
    1. ඔව් ගන්ඩ හිතේ තියෙන පොත් සහ අතේ තියෙන සල්ලි අතරෙ පරතරය නම් බොහෝම ඉහලයි මටත්..ලොකු තේරීමක් කරන්න උනා..

      Delete
  19. Interesting photos.I too have been coming to this exhibition for around 10 years.That is one of the places where you meet all kinds of people.I like books ,so I WILL DROP BY AGAIN.

    ReplyDelete
    Replies
    1. yeah you are right..good books and nice people... that's why i love this event..

      Delete