ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, September 21, 2012

ඕන් අදත් පොත්මයි...


අද (20) පොත් ප්‍රදර්ශනයේ තුන් වන දවස..ඊයෙ නම් හිතුවෙ අද උදෙන්ම යනවයි කියලයි. ඒත් ඕන්න උදෙන්ම වහින්ඩ ගත්ත හින්දාම අදත් මෙතෙන්ට එනකොට වෙනද වෙලාවමයි..

හැබැයි අද වෙනස තමා පෙර දින දෙකටම වඩා සෙනඟක් උදෙන්ම ඇවිත් ඉඳීම.. ඒ නිසාම ටිකට් කවුන්ටරේ නම් එච්චර නැතත් ටිකට් එක දෙකට කඩලා ඇතුල් කරන තැන නම් තරමක පෝලිමක් තිබුනා. මොකද එතන ඉන්න මල්ලිලා දෙන්නට පාලනය කර ගන්න බැරි තරමේ සෙනඟ කන්දරාවක් තමා හිටියෙ.. ඉස්සරහට මන් හිතන්නෙ..... එතන ගේට්ටුව ඔයිට වඩා පලල් කරලා ටිකට් එක ඉරලා ඇතුල් කර ගන්න රාජකාරියට තව කීප දෙනෙක් දමාවි කියලත් හිතුනා බලමුකෝ..



ඉස්කෝල වල ළමයි ගොඩක් ඇවිත් හිටියා.. ඒ අයටයි කැම්පස් වල අයටයි නොමිලේ තමා ඇතුල්වීම. අපිටත් පාස් කීපයක් හම්බ වෙලා තිබුනත්..මන් තීරණය කලේ යන හැම සැරේම රුපියල් 10ක් දීලා ටිකට් එක ගන්නයි. මොකද මේ සල්ලි යන්නෙ දරු දිරිය ශිෂ්‍යත්ව අරමුදලට නිසා..

ඉස්කෝල වලින් එන කොල්ලො නම් ඉතින් කොලු කමට ශර්ට් උඩින් දමාගෙන උඩ බොත්තම් ගලවා ගෙන එනවා බොහෝම සැහැල්ලුවෙන්.. අර ඇතුල්වෙන ගේට්ටුවෙ ඉන්න මල්ලිලා ඒ අයව ආයි පැත්තකට යවනවා ශර්ට් යට කරගෙන බොත්තම් දමාගෙන එන්නයි කියලා.. ඒක නම් තරමක හොඳ දෙයක්..පාසල් දරුවො කියලා අපිටත් ගෞරවයක් ඇති වෙන්නෙ ඒ වගේ යම් විනයකින් ඉන්නවා දැක්කොත් තමයි ඉතින්..

හැබැයි ඉතින් කොල්ලො කොල්ලොම තමයි..අවුරුදු 25ක් 30 ක් ගියත් අපි කොරපු කෙලි අමතක නෑ ඕන්..



මට මතකයි මුල්ම කාලෙ එක ප්‍රදර්ශණයකදි ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයකුගේ මුදල් ලක්ශ ගනනක් කොල්ල කෑවා ප්‍රදර්ශණ භූමියේදීම.. ඊට පස්සෙ ඉඳන් ආරක්ෂාව අන්තිම හොඳයි මන් හිතන්නෙ.. පොලීසිය වගේම ආයතනික ආරක්ශක නිළධාරීනුත් කඩියො වගේ එහේ මෙහෙ දුව දුවා තමන්ගෙ රාජකාරී අකුරටම ඉටු කරන බවක් පෙනුනා..
ඒ වගේමයි පොත් කඩ වල් ඇතුලෙත්..මොකද එන සෙනඟ අතරේදි පොත් උස්සන එක බොහොම ලේසි වැඩක් වගෙයි පේන්නෙ..


මන් අඳුරන පොත් කඩේක මල්ලි කෙනෙකුගෙන් පහුගිය අත්දැකීම් ගැන ඇහුවා..
ගිය අවුරුද්දෙ එක ජැන්ඩි පහට ඇඳ ගත්ත කොල්ලෙක් පොතක තිබ්බ ඩීවීඩී එකක් කාටත් හොරෙන් තමන්ගෙ බෑග් එකට දමා ගෙන..එතනම පොත් ගන්නවා වගේ තෝර තෝරා හිටි කඩේ සේවකයෙක් මේක දැකලා..පිටවෙන කොට අල්ලලා.. මේ කොල්ලා කියලා සල්ලි දීලා ගන්ඩ හිටියෙ අමතක උනයි කියලා.. එහෙනම් ගන්ඩ කීවහම ඌ ළඟ සල්ලිත් නැහැලු.. පස්සෙ පොලීසියට අල්ලලා දීලා..

ඔය වගේ සිද්ධි නිසාම පොත් කඩ හිමියොත් වෙනදට වඩා සීරුවෙන්..


හොඳට බලන්න ඔබ පොත් තෝරන වෙලාවට ඔබ ළඟම තව පොත් බෑග් එකක් කරේ එල්ලගෙන බොහොම උනන්දුවෙන් පොත් තෝරන කෙනා සමහර විට පොත් කඩ හිමියා දමාපු තමන්ගෙ සේවකයෙක් වෙන්න පුළුවන්..

පොතක් කියන්නෙ ප්‍රඥාව වඩන්න කියවලා ජීවිතේට යමක් එකතු කරන දෙයක් උනත් රාජකාරී ජීවිතයේම තරාතිරම කොයි උනත් පොත් උස්සන,  පරිච්ඡේද පිටින් ඉරා ගෙන යන අයවළුන් දැකලා තියෙන මට මේක හරිම සාමාන්‍ය දෙයක්.. මේ සැරේ එහෙම වෙච්ච දේවල් ගැන පසු විපරමකදි මන් කියන්නම්කො...




ප්‍රදර්ශණයේ ආරක්ෂාව භාරව..

සෑහෙන්ඩ සුවර් මන් මේ සැරේ කන්ඩ ඉඩ තියෙන්නෙ මගේ සගයෝ කියන විදියට ගෑල්ලමයින්ගෙ ෆොටෝ අරන් නෙමෙයි.. මෙහෙම පොලිස් මාමලාගේ ෆොටෝ අල්ලන්න ගිහින් කියලයි මට හිතෙන්නෙ.. බලන්න කීප සැරයක්ම එරෙව්වත් එක්ක..හිමිහිට ශේප් එකක් දමා ගන්ඩ ඕනි..










අද 20 වෙනි බ්‍රහස්පතින්දා ගුරු ගෙදරින්...



ගුරු ගෙදර සංකල්පයේ නිර්මාතෘ දයා දිසානායක මහත්තයා
සුනේත්‍රා රාජකරුණා සමඟ..



බටුවන්ගල රාහුල හිමි












ප්‍රදර්ශණයේ තැනින් තැන...

















ඔය අතරේ අපේ හෙන්රි සහෝ අහලා තිබ්බා මගෙන් මොකෝ බන් අළුත් තැනට ගියාට පස්සෙ ඔච්චර බිසි කියලා..
මන් එතන උත්තරයක් නොදුන්නෙ මේ ප්‍රශ්ණෙ කීප දෙනෙක්ම අහලා තිබ්බ නිසාමයි..

හේතුව තමයි දැන් මගේ දවසේ පැය 24න් පැය 3ක් හෝ තුන හමාරක්ම බස් එනතුරු හෝ බසය තුල ගෙවා දමන එක තමයි.. 

බස් එකේදි නම් මන් කරන්නෙ ෆෝන් එකෙන් බ්ලොග් ටික කියවා කියවා යන එක..එව්වා කියවලා කමෙන්ට් කරන්නෙ මොනාද කියලත් හිතන්න වෙලාව තියෙනවා.. 

කියවන්න සහ හිතන්න වෙලාව තිබ්බත් ලියන්න තිබ්බ වෙලාව සීමා වෙලා තියෙන්නෙ.. හැබැයි තව ටික කාලයක් යනකොට මේ සෙටින්ග්ස් වලට මාව පුරුදු වෙලා සුපුරුදු විදියට ලියන්නත් පුළුවන් වෙයි..

අද ඒ කියන්නෙ 21 වෙනි සිකුරාදා  නම් සයිබර් අවකාශයේ කීප දෙනෙක් හම්බ වෙයි... හම්බ වෙයි... කියලා සුවර් එකකුත් තියෙනවා..






















47 comments:

  1. ඇත්තටම හොඳ ජායාරූප. ප්‍රදර්ශනයක් තියන්ට වටිනවා වෙනී...

    අද මම ඉස්සෙල්ලම ඇවිල්ලා.

    පොඩ්ඩි ඊලඟ අවුරුද්දේ නම් ඔතන ඉඳී පොතකුත් එක්කම.:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් පොඩ්ඩි කියලා හිත හිතා ගෑල්ලමයි ගොඩකගේ ෆොටෝ ගත්තැහැකි..

      Delete
  2. එන්නට වාසනා නැතිවුනත් , අපිට මේ සුන්දර අවස්ථාවට අපවත් එක්කරන් ගියාට බොහොම ස්තුතියි ...

    ReplyDelete
    Replies
    1. ඔව් මහේශ්.. ඔය ගොල්ලො ඉතින් ලංකාවෙ හිටිය නම් අනිවා එනවනෙ..

      Delete
  3. නැවතත් හොඳ පින්තුර කිහිපයක් සමගින් සාර්ථක කවරෙජ් එකක් දිලා තියෙනව ජය

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් මල්ලි.. මට ඉතින් ඉස්සරහ දවස් ටිකේත් ගන්ඩ පුළුවන් ෆොටෝ...

      Delete
  4. බටුවංගල රාහුල හිමි කියන්නේ අපේ ගමේ ස්වාමින් වහන්සේ කෙනෙක්.. උන් වහන්සේ ඉන්න තැන ගැන අපිට හරිම ආඩම්බරයි..
    අර ඉස්කෝලේ මල්ලිලාට නම් අරම කරපු එක හොඳයි. අපිටත් ඒ කාලේ හිතුණා එහෙම ආවම මාර ගති කියල. ඒත් ඉස්කෝලෙන් අයින් වෙලා එළියේ ඉඳන් බලද්දී තමා ඒක කොච්චර කැතද කියල තේරෙන්නේ... කොහොම උණත් ෆොටෝ කෑලි ටිකයි සුට්ටි ලිපියයි නම් එල

    ReplyDelete
    Replies
    1. /උන් වහන්සේ ඉන්න තැන ගැන අපිට හරිම ආඩම්බරයි/ ආවාසගේ හොඳට හදලද තියෙන්නෙ? ඒ ගැන ඉතින් පන්සලේ දායකයො ආඩම්බර වෙන්නම් ඕනෙ.

      Delete
    2. ඔව් ගත් කතුවරු උනු ස්වාමීන් වහන්සේලා අනිත් අයට වඩා ඉහලින් ඉන්නවා අනිවාර්‍යෙන්ම...
      කවුද අප්පේ මේ හාස්‍ය රසය හොඳටම දන්න ඇනෝ ???

      Delete
  5. පොත් ප්‍රධර්ශනෙත් හොරුනේ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මල්ලි... සුළුතරයක් ඉන්නවනෙ ඉතින් ඒ වගේ අයත්...හැබැයි සෑහෙන්න වැට බැඳිලයි තියෙනෙ ඒ අයට..

      Delete
    2. ඔව්. ඒ අත්දැකීම නම් මටත් තියෙනවා. 2007 පොත් ප්‍රදර්ශනයේදී මං බලාගෙන ඉද්දි සාක්කුවේ දාගෙන යා හැකි කායව්‍යවඡේද විද්‍යාව පොත් 3ක් කෙනෙක් බෑග් එකට හොරෙන්ම දාගන්නවා දැක්කා. ඒ කෙනාව මම අදුනනවා උනත් අදටත් ඒ ගැන ඇහුවෙ නෑ. කඩේ අයට අහුවුනෙත් නෑ.

      Delete
  6. උඹ මේ පාර කලේ සොඳුරු පළි ගැනීමක්. නැතිනම් උඹ කලේ බැලන්ස් කිරිල්ලක්. හිතලා බලාපංකො.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් හෙන්රි...නැත්නම් බලන්ඩකෝ මේ ලෝකයා කියන කයි කතන්දර..
      :-D

      Delete
    2. හ්ම්ම්. පිහිය බස්සලා මිටත් පොඩ්ඩක් දෙපැත්තට කරකවලා. ඒකනෙ කාකි සූට්.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  7. හප්පා හරි නපුරු පාට පොලොසියේ මාමාලා කට්ටියක් නෙවැ ඉන්නේ.....

    පරිවර්තන හරියෙන් තමා මාව ඇදගෙන එන්න හරිම අමාරු..... හි හි.... ඒ හරියේ පැලවෙනවා හැමදාම...

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලො නපුරු පාට විතරයි හිරු..කතා කලොත් හරි හොඳයි කියලා තේරෙයි..මේ ෆොටෝ වල ඉන්න අය එක්ක මන් කතා කලත් එක්ක..කීපදෙනෙක්ම ෆොටෝ ටික ඉල්ලුවත් එක්ක..

      Delete
  8. මේ ගුරු ගෙදර සංකල්පය මොකද්ද. අපිට එයාලගෙ පොත් ගැන කතා කරන්න පුලුවන් තැනක්ද. හොඳ වැඩක් වගේ පේනවා. වෙනී අයියා දවස් තුනක්ම ගිහිල්ලා පොත් කන්දක්ම ගන්න ඇති නේ.:P

    ReplyDelete
    Replies
    1. මූ ගන්න පොත්. වෙනියා කරන්නෙ රාක්කෙ ඉස්සරහ ඉඳන් ගෑණු ළමයි පහළ තියෙන පොත් නැමිලා ගන්න හැටි බලන් ඉන්න එක.

      Delete
    2. පිණිබිඳු - ගුරු ගෙදර කියන්නෙ ලේඛක පාඨක හමුවක්..අපිට කතා කරන්න ප්‍රශ්ණ අහන්න..අපිට හිතෙන දේ කියන්න පුළුවන්..
      @ ඇනෝ - හෆොයි ඌ එච්චර අසහනකාරයෙක්දෑ ??? එහෙනම් ප්‍රදර්ශණ භූමියට වැද්දගන්නත් හොඳ නෑ නොවැ...
      :-D

      Delete
  9. අපේ හිකවතියකුත් වෙනියගෙ කැමරාවට අහුවෙලා. ඔය පහළම ඉදලා 5 වෙනි පොටෝ එකේ "පොදු පුරුෂයා" පොතේ ගාණ බලන දැරිවි තමයි ඒ.
    මට කම් මේ පාර එන්න වෙන්නෙ නෑ. සල්ලි නෑ. ඒත් පවුලේ අනිත් අයනම් හෙට එයි.

    ReplyDelete
    Replies
    1. ආ ඒකනෙ සුමිත්.. ආවනම් හරිනෙ කොහොම හරි..ලොකු වියදමක් යන්නෙ නෑ..

      Delete
  10. අද නම් මම් වෙනි අයියව හම්බ වෙනවා වෙනවාමයි.... අද මම එනෝ !

    ReplyDelete
  11. ම්ම් අපරාදෙ මේ පාර පොලිසිය දාල නිසා පොතක් වත් උස්සන්න විදියක් නැති වෙයි....
    සමහර තැන්වල පොත් උස්සන්න කියල ගියාම ඒ තැන්වල පොත් නිකම්ම දුන්නා....මං පොත් තුන හතරක් නිකංම ඇන්න ගියා පහුගිය වතාවක ඒ නොමිලේ දෙන පොත් නිසා.....

    ReplyDelete
    Replies
    1. මේ සැරෙත් ගොඩාක් තැන් වලින් පොත් නොමිලේ දෙනවා මල්ලි..උස්සන්ඩ ගිහින් අහු උනොත් පොලීසියෙන් දෙනවා..

      Delete
  12. මොනවා කියන්නද ස්වයන් පිටුවාහල් වීම හින්දා නැතිවෙන දේවල් ගැන දුකක් තමයි එන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි අයියෙ..සහෘදයෙක් නිසා දැනෙනවා ඒ දුක..

      Delete
  13. යන්නත් බයයි වගේ.ෆොටෝ එකකට වැටිලා හොලිවුඩ් වලින් ආරාධනා ආවොත් කාට කියන්නද?? :D

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙම උනොත් කොයි තරම් නම් හොඳද මාල්...

      Delete
  14. අද වෙනී අයියා පොටෝ ගන්න කැමරාව එළියට ගද්දිම

    පොලිස්: ඒයි.... තමුසේ මේ ප්‍රදර්ශනේ පටං ගත්තු දවසේ ඉඳම්ම ඔය අටමගලේ උස්සං ගෑල්ලමයි පස්සේ ඇවිදිනවා මං බලාගෙන.

    වෙනී : ඔව් සර්... ආ.... මේ... මේ... නෑ සර්!
    මං මේ සර් බ්ලොග් එකට පෝස්ට් ගන්නවා.

    පොලිස්: මොකක්? තමුසේ මට කොලොප්පං කරනවද?

    වෙනී : අනේ නෑ සර් ඒක මේ පිටර්ට සුද්දෝ හිටං කියෝනව් ඉන්ටර්නෙට් එකේ තියෙන මෙව්වා එකක්.

    පොලිස් : අම්මටඋඩු! එහෙමද... එහෙමනං ඕන නෙට් එහෙක තියෙන ඕන බොගක්! මුල්ම පොටෝ තුන අපේ සෙට් එකේ වෙන්න ඕනේ. නැති උනොත් හොයං ඇවිත් උඹේ සෙට් එක ගලෝනවා!

    වෙනී : අනේ සර් මොකක්ද ආයේ තුනක් දන්නංකෝ පහක්ම!

    ReplyDelete
    Replies
    1. සිකේ ඒකටත් කතන්දරයක් හදලා නොවැ... ඔය අයිඩියාස් මට තිබ්බ නම් මන් ලියනවා කෙටි කතාවක්ම..

      Delete
  15. ප්‍රදර්ශනේ ඉවර වෙන්න කලින් වෙනි අයිය සෙට් එක ගලවගන්නවා බඩු ෂුවර්....... :D

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා ගුනේ.. ඒත් තාමත් යහතින්...

      Delete
  16. ෂා ... මේ දවස්වල කැමරාවට බරටම වැඩ වගේ නේහ්...

    ReplyDelete
  17. මේ පාර තමයි ගොඩක්ම නිදහසේ පොත් තොරගත්තේ. ඒ වුනාට තෘප්තිමත් නම් නෑ. නමුත් මේ අවුරුද්දේ පල වුනු පොත් කීපයක්ම ගත්තා. වාසනාවට ධර්මසිරි ගමගේ උපහාර වැඩසටහන බලන්නත් ලැබුනනේ. දවස් දෙකක්ම ගියත් වෙනී අයියව නම් හම්බ වුනේ නෑ. හෙටවත් හම්බ වෙයිද බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි හෙටවත් බලමු නේද ?

      Delete
  18. කලින් වතාවකදි පොත් හොරෙක් අල්ල ගත් සාප්පුවක මම හිටියා. රාක්කෙකින් එහා පැත්තෙ පොත් තෝරන අතරෙ මට ඇහුණා හොරා සාප්පුවෙ සේවිකාවන්ව රවට්ටන්න හදන හැටිත්, තවත් සාප්පුකරුවන්ගෙ උදව්වෙන් හොරාව පොලිසියට අල්ලා දෙන හැටිත්. දැන් ඒ දිනවල විතර සෙනග නැහැ ප්‍රදර්ශනයෙ. සෙනග වැඩි දිනවලට බෑග්වල තියන පොතුත් හොරකම් කරනවා ඇති.

    වෙනි, ඔය පැතිවල ඉඳන් එන කාර්යාල සේවා බස් තියනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හොරු අල්ලලා කෙලින්ම පොලීසියට..
      ඔව් කාර්යාල බස් ගොඩක් තියෙනවා..

      Delete
  19. උඹ ගැන පට්ට ඉරිසියයි වෙනියො.

    වෙනියා ඇද බාන බොරු වලට හැමෝමඅහු වෙලා වගේ. මෙයා මේ පෑලිස් අන්කල් ගාවට ගිහින් පොටෝ ඇල්ලුවා කිව්වට හැතැම්ම බාගෙකට විතර මෙහා ඉඳන් හොම්බ දිග මෙව්වා එකෙන් ගත්තුවා තමයි ඔය.

    (ඉරිසියාව ඉවරයි)

    ReplyDelete
    Replies
    1. අනිවා සූමින් තමයි මේවා.. නැත්නම් මෙලහකට කූඩුවෙ !

      Delete
  20. එන්න බැරිවීම ගැන කනගා‍ටුයි...!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ 28 වෙනකම්ම එන්න බැරි වේද ?

      Delete
  21. කට කතා වලින් බේරෙන්න පොලිස් මාමලාගේ පින්තූර දාන එක වැරදියි වෙනී..!!

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්ස්ස් කට කට රූ..කට්ටියව පොඩ්ඩක් බය කරන්ඩයි හැදුවෙ !

      Delete
  22. වෙනි අයිය පොත් ප්‍රදර්ශනේ නිල කැමරාකරු ද?

    ReplyDelete