ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, September 20, 2012

පොත් ප්‍රදර්ශණේ දෙවැනි දවස..


පොත් ප්‍රදර්ශණේ දෙවැනි දවසත් උදා උනා.. මගේ රාජකාරීමය මට්ටමින් උනත් මට මෙතනට යන්න වෙන නිසාමත් වගේම මාත් ඉතින් වෙනදාට වඩා උදෙන්ම ගියා ප්‍රදර්ශණ භූමියට .. උදෙන්ම කීවට ඉතින් එතනට යනකොට 10 විතරම උනා..

ඕන් මන් මෙතෙන්ට යන එකට ලෝකයා කයි කතන්දර හදනවා..මන් යන්නෙ පොත් ගන්ඩ නෙවෙයිලු..එතෙන්ට එන ගෑල්ලමයින්ගෙ ෆොටෝ අල්ලන්ඩලු..එතන රෑ වෙනකන් නයිට් ඩියුටි මුර කොරනවලු... අනේ මන්දා... අහිංසක , පරම , පිවිතුරු..සුනිමල අපිට හදන කතා හැබෑටම..ඕම කියන අයගේ කටේ දත් ටික පනුවොම කන්ඩ ඕනි ඕන්...ඒ කියන කතා බොරු නම්...

දුප්පත් මට ඉතින් හාල් පොත වගේ තියෙන කැමරා පොඩ්ඩ අරන් යන්නෙ නැතුව අහවල් එකෙන්යැ ෆොටෝ අල්ලන්නෙ ඕන්...
ඔහොම දෝස්මුර තිබ්බට කාරුවත් හිත් නොහොඳ නෝක්කාඩු කොර ගන්නෙ එහෙම නෑ..

මාත් කාටත් හොරෙන් කම්පනා කොරලා බැලුවා මේ කතන්දර ටික !!!
බොලේ හැබෑවටම මෙච්චර දවස් දෙකක් ගිහිල්ලත් මොනාද ගත්ත පොත්..අනිත් අය පොත් අතින් කටින් එල්ල ගෙන යද්දි..මොනාද ගත්ත පොත් මන් අහන්නෙ ???

ආයිමත් කියවන්න හිතිලා කේ. ජයතිලක ශූරින්ගෙ එකම එක පොතක්... හිකිස්...

පොත් ප්‍රදර්ශණේට වැඩියෙන්ම එන්නෙ ගෑල්ලමයි නම් ඉතින් ගහන ගහන ෆොටෝ එකට අහු වෙන්නෙ ඒ අයම නොවෙන්නම්...ඒක අහිංසක මගේ වැරැද්දක්ද ?

හරි ඒ වැරැද්ද හෙටම නිවැරදි කර ගන්ඩ පුළුවන්.. හෙට ඉඳන් කැමරාව අල්ලන්නෙම පිරිමින්ගෙ දිහාවට විතරයි... තව කතන්දරයක් හදයිද මන්දා ඒ ගමන... !!!!
























චම්මින්ද වෙලගෙදර




















තාරකා වාසලමුදලි





















අද ඒ කියන්නෙ 20 වෙනිදා ඉක්මනටම යන්න ඕනි..උදෙන්ම ගියොත් නිවී හැනහිල්ලෙ පොත් ටිකක් තෝර ගන්ඩ පුළුවන්.. මාව දැක්කොත් කතා කොරන්ඩලා ඕන් ආඩ්ම්බර කම් පැත්තකින් තියලා..

50 comments:

  1. //අහිංසක , පරම , පිවිතුරු..සුනිමල අපිට හදන කතා හැබෑටම..ඕම කියන අයගේ කටේ දත් ටික පනුවොම කන්ඩ ඕනි ඕන්...//

    ඔව් නේද..?

    //ඒ කියන කතා බොරු නම්...//

    අම්මපා...

    ------------------------
    මේ ඒක නෙවෙයි කෝ මේ ගෑණු පරාණ අස්සේ පොත් වැදිලම නැහැනේ..?

    ReplyDelete
    Replies
    1. හැබෑටම පොත් වල ෆොටෝ ගන්ඩත් එපාය...ඕන් ඕක කල්පනාවට ආවෙ නැති හැටියක්...

      Delete
  2. කවුද අර කහපාට බ්ලවුස් එකක් ඇඳලා ඉන්න එක්කෙනා?

    දුවගෙන ආවේ එකවෙන්ට. කෝ මේ මාරෙ අයියා හන්දා මොකවත් කරන්ට බෑනේ.:D

    ReplyDelete
    Replies
    1. මන් මේ නම කල්පනා කරන්නෙ..අර බෝඩ් එකේ හැටියට මේ තාරකා අලහේන්ද්‍ර විය යුතුයි..ලියන පොත් සහ පොත් වල දේ හැර මේ අය මුහුණුවරින් අපි අඳුනන්නෙ නැහැනේ ....
      බොරුද මන් කියන්නෙ පොඩ්ඩි ???

      Delete
    2. හී හී ඇත්ත. ඇත්ත. දැන් බලන්ටකෝ...පොඩ්ඩි ලඟින් ගියත් වෙනී දන්න එකක්යැයි...ඒත් ෆොටෝ එක අනිවාර්යයෙන් ගනී...

      Delete
    3. දැනටමත් එහෙම අරන්ද මන්දා පොඩ්ඩි !

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ගත්ත පිංතුරයවල මොකා හිටියත් කාච සිත්තරා සුන්දර නිර්මාණයක යෙදිලා තියෙනවා මිනිස් සත්වයාගේ සරල ඉරියව් කාචයට අසුකිරිම ලෙහෙසි කටයුත්තක් නොවෙයි යම්කිසි කතාවක් උපකල්පනයෙන් ගොඩ නැගිය හැකි පරිදි අරන් තියෙන මේ පිංතූර උපරිමයි.... සරලව කිව්වොත් පට්ට වෙනි අයියා

    ReplyDelete
    Replies
    1. හිතෙන හිතෙන පැත්තට මාත් ෆොටෝ අල්ලනවා මල්ලි..ඒ කතන්දර ටෙක්නික් එක නම් ඉගෙන ගත්තෙ අන්තර්ජාතික සම්බන්ධතාවලින් තමයි...කතා කරන ෆොටෝ වගේ !

      Delete
  5. ගියේ පොත් බලන්නමයි කියලා ෆොටෝ වලින් පැහැදිලිවම පෙනෙනවා.. ඔය අතරේ හොරෙන් ගිය අය නිකම් අහුවෙනවා මේ වෙනියාගේ විනොදාන්ශේ හින්දා.

    ReplyDelete
    Replies
    1. හී හී..ඒකත් ඇත්තයි..ඒත් කපල් වගේ අයගේ එව්වා දැම්මෙ නෑ සරත් අයියෙ.. හොඳ නෑනෙ..

      Delete
  6. ස්තුතියි වෙනි .මේවා දකින එකත් සතුටක් .

    ''පොත් සහ මිනිස්සු '' වගේ තේමාවකින් ගත්තු පින්තුර ටික ප්‍රදර්ශනයක් තියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි ඒක නම් ඇත්ත ඒත් ප්‍රදර්ශණේකට තියන්න තරම් කොලිටි නෑ..තව ඉගෙන ගන්න තියෙනවා ගොඩාක් දේවල්..

      Delete
  7. Replies
    1. මන් දැක්ක ගමන්ම කල්පනා කලේ මොකද්ද කියලයි..පස්සෙ කමෙන්ට් එකෙනුයි මාත් දැක්කෙ.. 80 දාස් ගනන් වලදි දැකලා හිතුවා තව ටික කාලෙකින් ලක්සපතියෙක් නේන්නම් කියලා.. ඕන් කවිකාරී කියන කොට තමා දැක්කෙ..සතුටුයි හොඳටෝම..

      Delete
  8. කවුරුහරි කිවුවද වෙනී අයිය ගෑල්ලමයින්ගෙ පොටෝ ගහන්න ඔතනට ගියා කියල.
    චිහ්, කවුද එහෙම කතාවක් හදපු එකා.

    ReplyDelete
    Replies
    1. බලන්ඩ ප්‍රසා මල්ලි මේ ලෝකයා හදන කයි කතන්දර නේ..මල්ලි උනත් දන්නවනෙ මන් මේ බෝ පැලයක් සේමා..හිත සන්සුන් කරන් ඉන්නෙ කියලා..

      Delete
  9. මේ............අර අලි කැමරාවෙන් ද ගත්තේ? නැතිනම් ‍දුරකථන කැමරාවෙන් ද? ඕවා මානන්න ඇහැකි ද අප්පා. මාත් එනව සඳුදට.

    ReplyDelete
    Replies
    1. ලොකු කැමරාවෙන් ගත්තෙ සොසී..එහෙනම් මාත් එනවා සොසීව බලන්න..එහෙම කීවහම ඕන් ඔයා පොත් බලන්ඩත් නො එයිද මන්දා ???

      Delete
  10. පිරිමි ළමයිගේ ෆොටෝ අරන් අපි නම් දන්නේ නෑ ඔන්න ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රමුදි ඒ බයත් තියෙනවා.. තව කතන්දරයක් හැදේදෝ මන්දා ???

      Delete
  11. හපොයි මාත් ඊයේ මාරයියගේ පෝස්ට් එක දැකලා යන්න හිතුව... වෙනියගේ මේ ෆොටෝ ටික දක්කාම නං බෑ වගේ... පොතක් අහුවුනාම සිහියක් පතක් නැතුව ඒකේ එරිලා ඉන්න වෙලාවක මෙයා පින්තූරයක් අරන් මේකේ දැම්මොත් එහෙම...

    වස ලැජ්ජාවයි......

    මීට අවුරුද 2කට කලින් නම් ලැජ්ජාවක් නැතුව කැමරාවට මූණ දෙන්න පුළුවන් කමක් තිබුනා.. මොකද ඒ කාලේ ඕකට ගියාම ලොකු දඩයක් තාත්තටත් දාලා මාසේ පඩියකුත් ඔතනටම වියදම් කරලා අපි තුන්දෙනාම අතින් උස්සන් එන්න බැරි නිසා කරේ තියාගෙන එන්න තරම් පොත් ගොඩක් අරන් ආපු නිසා.. දැං නං ඉතිං ගිහින් මැගී එකක් කාල එන්න තමයි වෙන්නේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. ඉතින් මූනු පොතෙන් විතරක් දැකලා තියෙන නිසා මට අඳුරා ගන්ඩ බැරි වෙයි අප්පා..ඒ නිසා කතා කලොත් විතරක් ෆොටෝ ගන්නම්..

      Delete
  12. ape nagath eye giys.poth 18k aran awa.thawa tikak ganna one 23. :)))))

    ReplyDelete
    Replies
    1. වැරදිලාවත් ගත්ත ෆොටෝ එකක නගා හිටියොත් අක්කන්ඩිගෙන් මට කන්ඩ වෙයිද මන්දා හොඳ ගුටියක් ඈ නිසූපා නංගි ?

      Delete
    2. බය වෙන්නෙපා වෙනී අයියේ, නගාව අක්කණ්ඩිටවත් අඳුර ගන්න බැරි වෙයි. පොත් 18 උස්සගත්තම නහයටත් උඩින් පොත් නේ. :-)

      Delete
  13. අපිට යන්ට විදියක් නෑ වෙනි අයියල පොටෝ ගහනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කා එක්ක එයිද දන්නෙ නෑ...සහ ඒ බය තියෙනවා වගෙයි රාජ්.. ඉන්ඩ ඉන්ඩ මන් කපල් වල ෆොටෝ අරන් ඒ ගොල්ලන්ගෙන් අහන්නම් බ්ලොග් එකක දැම්මට කමක් නැද්ද කියලා..

      Delete
  14. මේක කාන්තා පොත් ප්‍රදර්ශනයක්ද මචං? ගෑණු විතරනෙ ඉන්නෙ. ;|
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ ඔය ඔන්නෙ පිරිමිත් ඕනි තරම් ! :-D

      Delete
  15. Replies
    1. ස්තූතියි පෙන්නුවට කවිකාරියෙ...මට හරි සතුටුයි..

      Delete
  16. අර ඇඳිල්ලට නම් මට ආස හිතුන. වෙනී අයිය අධ්‍යයනය කළා ද ඒ අය අඳින හැටි. අදහසක් නැත්ද ඒ වගේ චිත්‍රයක් දෙකක් ඇඳල දාන්ඩ.
    යන්න වෙන්නෑ වගේ අෆ්ෆා. නැත්නම් මගේ මූණත් තහඩුවත් අන්දගත්ත නම් අඩු තරමෙ ප්‍රොෆයිල් ෆොටෝවට වත් දාන්ඩ තිබ්බ. :(

    ReplyDelete
    Replies
    1. අනේ මගේ මූනත්තහඩුව අඳින්න දීලා ඔයි පොඩි උන් බය කොරන්නෙ මක්කටැයි කියලා හිතුනා

      Delete
  17. කවදටද කොල්ලන්ව ෆොටෝ ගහන්ඩ යන්නේ...
    කොල්ලෝ ටික පරිස්සම් වෙලා ඉදපියවු.... :)

    ReplyDelete
    Replies
    1. කොල්ලොන්ගෙ ෆොටෝ ගන්නෙ නෑ.. ඕන් ඔහෙ පිස්සුවක් කෙලා ගෙන හිටපියව් බොලල්ලා ටික.. :-D

      Delete
  18. කෙල්ලෝ ටික පරිස්සම් වෙයව්
    වෙනි අයියා පොටො ගසයි

    ReplyDelete
    Replies
    1. ඇයි යකඩෝ මන් ෆොටෝ ගහනව විතරයිනෙ ඕන්..

      Delete
  19. :) මාත් යන්නෝන!

    ReplyDelete
    Replies
    1. එහෙනම් සාබිත්ව හම්බ වෙන්නත් පුළුවන්..

      Delete
  20. මට නම් එන්ට වෙන්නේ නැත. ඉතින් බොරුවක් නෙමේනේ කියලා තියෙන්නේ..
    ඉන්නේ ඔක්කොම ඉස්තිරි පරාණ නේ

    ReplyDelete
    Replies
    1. ඔය පිරිමිත් ඉන්නෙ...

      Delete
  21. අපිත් යනවා අයියේ ඉරිදා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉරිදට හම්බ වෙමු මල්ලි..

      Delete
  22. කියවීම මිනිසා සම්පුර්ණ කරයි. එතකොට පොටෝ ඇල්ලිල්ල?
    වචන දාහක දේ එක පින්තුරෙකින් කියන්න පුළුවන් නේද? ඔන්න ඔහේ වෙනී අයියේ ඔයා පින්තුර පොරොදර්ශනෙකුත් තියන්නකෝ. අපිත් අනික් අයට එන්න කියලා නිකන් ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගන්න එක නම් ඉතින් ලේසිම ලේසි වැඩක්නෙ..

      Delete
  23. ලස්සන පින්තූර ටික බව නොකියාම බැරිය..අර පොතක් ලියලා තියන කහ පාට බ්ලව්ස් කාරිය ගැන නම් ඇති වූයේ කුතුහලයකි..

    ReplyDelete
    Replies
    1. ඒ තාරකා අලහේන්ද්‍ර කියන නවක ලේඛිකාව මගෙ මතකෙ හැටියට...

      Delete
  24. අඩේ අපිත් ආවනේ...
    වෙනී අයියව දැක්කේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. මං ඒ වෙලාවෙ ඉන්න නැතුව ඇති එහෙනම්

      Delete