ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, September 19, 2012

පොත් බැලුවෙමි / මු...

ඕන්න හා හා පුරා කියලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය පටන් ගත්තා කියමුකො...

වචන දාහකින් කියන්න ඕනි දේ ඕන් එක චිත්‍රයකින්, ෆොටෝවකින් කියන්න පුළුවන් නම් ඕන් මෙතනම වචන කොච්චරද බලන්ඩකෝ...

පහු ගිය පෝස්ට් කීපයේම කමෙන්ට් වලට උත්තර ලියන්ඩ බැරි වෙච්ච එකට කට්ටියම මට සමාව දෙයි කියලා හිතනවා..ඕන් ඔහෙ ඕක දීලා දාන්ඩලකො..වයසක මනුස්සයා නොවැ..







අපේ දයා දිසානායක මහත්තයගෙ ගුරු ගෙදර නම් නියමයි..ලේඛකයන් සහ පාඨකයන් එකතු කරන ගුරු ගෙදර..හොඳ සංකල්පයක්..

දයා දිසානායක

කසුරි


ටෙනිසන් පෙරෙරා













අපේ අම්මා පොඩි කාලෙදි හැමදාම වගේ බනින්නෙ
"උඩු ගෝනා වගේ දුවනවා ගෙදර බඩුත් පෙරලා ගෙන..ඉන්නෙ කොහෙද දන්නෙ නෑ.. යන්නෙ කොහෙද දන්නෙ නෑ..."
කියලා මේ උඩු ගෝනා කියන්නෙ මොන වගේ සතෙක්ද කියලා නම් දන්නෙ නෑ.. හම්බ වෙච්ච වෙලාවක අපේ ගාමිණී අයියගෙන් තමයි අහන්න වෙන්නෙ. 

හැබැයි තාමත් ඔය උඩු ගෝනා සේ අවට ඉන්න මිනිස්සු කවුද කියලා අවධානය නොකර ගන්න ෆොටෝ ගැන විතරක් හිත හිතා යන කොට
"වෙනී අයියෙ...වෙනී අයියෙ"

කියන හඬට බැලින්නම් මෙන්න බොලේ දන්න කියන මූණක්.. ඒ පැය භාගෙ හමාර තුල නම් දන්න ඒත් හම්බ වෙලා කතා කරපු නැති කීප දෙනෙක් එක්කත් කථා කරලා රාත්‍රී විදුලි එලියෙන් දිදුලන මෙන්න මේ ෆොටෝ ටික ගන්න කියලා ඒ අයට සමු දෙද්දි නම් ඒ අය විශ්වාස කොරේ නැති පාටයි මන් ගියේ එහෙම ෆොටෝ ගන්ඩයි කියලා...
ඒ උනාට මේන් ෆොටෝ..












මේ අපේ ස්කයි මෑන් - නුවන් මන් දන්න තරමින් පොත් ලියලා නම් නෑ..ආන් ඉගිලෙන්න පොතකින් ඉගෙන ගන්ඩ යන්නෙ...










පුළුවන් හැම දවසෙම යන්ඩයි හිතන් ඉන්නෙ නම්... රාජකාරියෙ හැටියටත් යන්ඩම වෙනවා ඉතින්..
එහෙනම් ඊළඟ දවසෙ හමු වෙනකන්...


40 comments:

  1. හනේ .... අයියත් ගිහිල්ල, මට ඊරිසියාවෙ බෑ. තව හැමදාම යන්ට කතා කරනව, ඔහොම හොඳද මම අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට ළඟ නිසා ගිය හැකි ඉතින්..මමත් ඈත පලාතක හිටියනම් ඉතින් සොරිම තමයි...

      Delete
  2. හැමදාම යන්නේ සති අන්තේ නිසා සෙනඟ ගොඩේ පොත් තෝරන මතකේ විතරයි නේ තිබුනෙ.. ‌මේ පාර සෙනඟ අඩුයිද නැත්තම් සතියේ දවසක් හින්දද මේ....

    අර පොකුණේ ෆොටෝ එක නම් අන්තිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නෙ නම් තාම සතියෙ දවස් නිසාත් මම මේ ෆොටෝ ගත්තෙ උදේ 9-11 කාලය නිසාත් තමයි සෙනඟ අඩුයි වගේ පේන්නෙ..දැයට කිරුල ඇරුනහම වැඩිම සෙනඟක් එන ප්‍රදර්ශණය තමයි මේ..
      ඔව් ඒ ලයිට් වැල නිසා මාරම ගති..

      Delete
  3. හිටු හිටු.. මාත් එනව..

    ReplyDelete
    Replies
    1. ඇවිත් කෝල් එකක් වත් දෙන්න මල්ලි.. සමහර විට මමත් ඇතුලෙම ඉඳී...

      Delete
  4. චිත්‍ර ප්‍රදර්ශනයකුත් තිබ්බද?

    ReplyDelete
    Replies
    1. ඔය අර සල්ලි දුන්නම තමන්ගේ රූපය චිත්‍රයට අඳින සෙට් එක වෙන්ඩ ඕනා...

      Delete
    2. මධුරංග මල්ලි හරි ක්සැන්ඩර්.. රු. 350 කට තමන්ගෙ පින්තූරෙ අන්දවා ගන්න පුළුවන්...

      Delete
  5. Replies
    1. අනිවාර්‍යෙන්ම එන්න සහ පොත් කීපයක්වත් ගන්ඩ මල්ලි..

      Delete
  6. කට්ටියම ගිහින් ඇවිත් හොඳ පොත්වල නම් දාන්ටලා...:)
    මේ දවස්වල කවුරුත් ක්‍රිකට් බලන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හා පොඩ්ඩි.. ක්‍රිකටුත් බලනවා ඉතින්...

      Delete
  7. මන් හෙට යනවා... ජය වේවා... :D

    ReplyDelete
    Replies
    1. නියමයි.. සති අන්තය වෙන කම් ඉන්න එපා මොකද ඒ දවස් දෙකට නම් හොඳටම සෙනඟ ඉඳී...

      Delete
  8. Replies
    1. තෑන්ක්ස්.. හැමදාම ෆොටෝ අරන් දාන්ඩයි ඉන්නෙ බලමුකො..

      Delete
  9. Replies
    1. එන්ඩලකෝ ප්‍රසන්න මල්ලි පොත් ගන්ඩ...

      Delete
  10. මාරයියා කියලා තිබ්බා කවුදෝ වලත්තයෙක් ප්‍රදර්ශනේ ඉන්න ගෑණු ළමයිගෙ පොටෝ ගන්නවලු.. වෙනී අයියට ඒ මිනිහව හම්බුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ හරී..මට හම්බුනෙ නෑ.. අපිත් ෆොටෝ ගන්නවා අනේ අපේ නම් තුන් හිතකවත් එහෙම වල් හැඟීමක් නෑ අප්පා... වල් මදිදෝ මන්දා කියලත් හිතෙනවා වෙලාවකට...

      Delete
  11. මට නම් මේ අවුරුද්දේ යන්න වෙන්නෙත් නෑ.
    ලබන අවුරුද්දේ බොහෝ විට කොළඹ පැත්තේ වාසයට එන්න වෙන නිසා ඒ වෙද්දී නම් පොත් ගොඩක් ගන්න හිතන් ඉන්නවා.. :) බලමුකෝ බලමුකෝ

    ReplyDelete
    Replies
    1. හැම අවුරුද්දෙම තියෙයි අනිවා..එහෙනම් ලබන අවුරුද්දෙ හම්බ වෙමු !

      Delete
  12. අපේ ගෑනිටත් පත්තුවෙයි අද හෙටම. මට ඇදගෙන යන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. ඕන් ඔහෙ ඇද ගෙන වරෙන් බන්..මන් අපේ කැන්ටිමෙන් ප්ලේන්ටි දෙකයි වඩේකුයි අරන් දෙන්නම් ඕන්...

      Delete
  13. සල්ලි මදි පොත් ගන්න
    ගියොත් හෙම ඔය පැත්තේ
    නොහැකිවෙයි බත් කන්න

    ReplyDelete
    Replies
    1. මන් අර ඩිස්කවුන්ට් 50% 70% තියෙන එව්වයින් ගත්තා මාතලන්..

      Delete
  14. ඔය ඉන්න අයගෙ නම් දාපංකො බං. සමහර නම් දිව අග තියෙනවා මතක් වෙන්නෙ නෑ. එහෙම වෙනවා බං රටෙන් ඈත් වෙලා ඉන්නකොට.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හා මන් මතක හැටියට දමන්නම් හෙන් රි.. මන් මෙහෙ ඉඳලත් ඔය එනවුන්ස් එකට කියලත් මේ දිව අග තියෙනවා මතක නෑ අප්පා..

      Delete
  15. මුල් අවුරුදු දෙකේ විතරයි මට මේක බලන්න පුළුවන් උනේ.. ඊට පස්සේ බැරි උනා.. අපරාදේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් පිට රට ඉන්න හැමෝටම මේ දුක තියෙයි...මල්ලි ෆොටෝ ටික බලලවත් හිත හදා ගන්න..වෙන මොනා කරන්නද ?

      Delete
  16. ඊරිසියයි ඊරිසියයි ඊරිසියයි.. ශික් මේ මගුල් තියන්නේ නැහැනේ දෙසැම්බර් මාසේවත්..

    ReplyDelete
    Replies
    1. ආ සරත් අයියා ලංකාවෙ ඉන්නෙ ඒ කාලෙ විතරද ? ඊළඟ අවුරුද්දෙ මේ කාලෙ එන්න ..

      Delete
  17. හෙට පඩි... අනිද්දට පොත්... ඊට පස්සෙ රිම්... ඒත් ඉතින් නොගිහින් පුලුවන්ද.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්..රිම් එකෙන් ගියත් දහ පහලොස් දාහක පොත් ගත්තෙ නැතොත්.. ඊළඟ අවුරුද්ද වෙනකම්ම පසුතැවිල්ල තමයි..

      Delete
  18. ආ, පොකුණුවල, ලයිට්වල එහෙමත් ෆොටෝස් අරන්නෙ. ;-)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කවුරුවත් විශ්වාස කලේ නැති උනාට.. ඕන් ගත්ත ෆොටෝ..

      Delete
  19. මලේ උඩු ගෝනා කියන්නෙ වඳුරන්ට වෙන්න ඕනෑ. ගස් ගෝනා කියලත් කියනවා. දාංගලේ තියෙන පොඩි එවුන්ට බනින්න අම්මලා පාවිච්චි කරන වචනයක්. වෙන අවස්ථාවකදි ඔය වචන පාවිච්චි වෙනවා මම අහලා නෑ.

    ReplyDelete
    Replies
    1. ආ ඒ පැහැදිලි කිරීම නම් ගැලපෙනවා ගාමිණි අයියෙ.. එහෙනම් මගේ දැඟලිල්ල කෙසේ වෙතත් චූටි අක්කා කියනවා වගේ මූණ බලලම තමයි අම්මා එහෙම කියන්ඩ ඇත්තෙ.. :-D

      Delete
  20. මාත් ඕක පටන් ගත්තු දවසෙම ගිහින් පොඩි එකාට පොත් ටිකක් ගත්තා. සෙනසුරාදත් වෙන ගමනක් ගිහින් එන ගමන් ගොඩවෙල යන්න හිතන් ආවා. ඇතුල් වෙන්න තිබුනු වාහන පෝලිම දැකල ආපහු ගියා. :)

    ReplyDelete