ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, September 26, 2012

3 දෙනෙකුගේ 3...


ඔන්න ලියන්නා දැකපු තවත් තුන් දෙනෙක්ගෙ සිත්තර...
හැබැයි දෙයියනේ තවත් කීප දෙනෙක් එවපු සිත්තර කීපයක්ම තිබුනා. මගේ කොම්පීතරේ සිය දිවි නහ ගන්න හදලා...බොහොම අමාරුවෙන් ඊයේ තමයි ගොඩ දා ගත්තෙ... බ්‍රේන් වොශ් එකක්ම දුන්නා.. ආයි ඒකෙ තිබ්බ ඩේටා සියල්ල ලොස්ට්..බැකප් අරන් තිබ්බ එව්වා ඇරෙන්න..
ඊයෙ රෑ තිස්සෙම මේල් එක චෙක් කරලා හොයා ගත්තේ මේ අපේ තුන් දෙනා එවපු තුන තමයි.

හැබැයි තව 3ක් විතර තිබ්බා.. හත් දෙයියනේ ඒවා කොහෙන් හොයන්නද මන්දා ? හැබැයි වෙන මොනා හරි හොයන කොට ඕන් හම්බ වෙයි සුවර් එකටම..


මේක අපේ හෙන් රි ද බ්ලොග් වෝකර් ගෙන්...

මේක දුටුවමහම මට දුක හිතුනෙ.. අනේ මගේ බල්ලො ටික මන් නැතුව කොහොම ඉන්නවද මන්දා ? යන්න ඕනි ළඟදි දවසක බලලා එන්න..






මේක අපේ ප්‍රසන්න මලයගෙන්... ගෝල්ඩ් ෆිස් මලයා කිව්වොත්නෙ හැමෝම දන්නෙ.. නැත්නම් අපේ දෙමල නයන්න මලයා එක්ක පැටලෙන්න ඉඩ තියෙනවා.. 




මේක එව්වෙ අපේ සෙන්නා මලයා..මේ රතු පාට ශර්ට් එක මගේ ෆේවරිට්..ඒත් රටේ රතු පාට හින්දා අඳින්නෙ නම් කලාතුරකින් තමයි..




මේ තියෙන්නෙ අපේ අවතාර් එවපු එක... එතකොට නම් ටොපික් එක වෙනස් කරන්න වෙනවා.. ඕන් ඔහෙ තියෙද්දෙන් ඒක එහෙමම..

අනේ මන් තාමත් හෙව්වෙ අපේ මේ එක සොයුරෙක් එවපු මගේ ෆේවරිට්ම බලි කුරුටු සිත්තරේ.. සුවර් එකටම ඒක ඇති ඔෆිස් කම්පියුටර් එකේ.. ඒක අප්ඩේට් කරන්නම් දවල් වෙලා...

49 comments:

  1. Replies
    1. ඔව් නේ.. අදත් රවට්ටලා පාඨකයින්ව..

      Delete
  2. පින්තුර ටිකනම් පංකාදුයි ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බ්ලොග් ලෝකෙ ලියන්න විතරක් නෙවෙයි.. අඳින්නත් දක්ශයො ඉන්නවා...

      Delete
  3. ගෝලඩ්ෆිෂ්ගේ චිත්‍රෙ නම් එළ ...

    මේක කලින් දැක්ක නම් වෙනියව බුක් ෆෙයාර් එකේදි හොයා ගන්නත් තිබ්බා.. හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හිරු ඒත් මූනු පොතේ නැද්ද ? ඉන්නව නම් මගේ ෆොටෝ තියෙනවා එතන..

      Delete
    2. මූණු පොත පාවිච්චියක් නෑ වෙනී.. ඒක මල වදයක්....

      Delete
    3. අපරාදේ උපාය වැරදුනානේද?

      Delete
    4. ඇයි ඇනෝ හිරු මූනුපොතේ හිටිය නම් මන් වගේ වැඩිහිට්යෙක්ව ඇඩ් කරගන්ඩ මැලි වෙන එකක් නෑ..

      Delete
  4. බලාගෙන යද්දි ලියන්නාව සෑහෙන දෙනෙක් දැකලා තියෙනවා වගේ.... මුණුහොර හරියටම ඇඳලා තියෙන්නෙ......:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය මූනු පොතෙන් තමා බුද්ධි මලේ..ආ අවුරුදු උත්සවෙන් දැක්කනෙ...

      Delete
  5. ඔක්කොම ටික හොයල එකපාර දාන්ට තිබුණනේ අෆ්ෆා.
    මගෙත් බෝඩ් එක දැන් අන්ෂුවර් වීගෙන එන්නෙ, තාම අවුරුද්දක්වත් වුනේ නෑ දාල, මේ මූදුකරේ ලුණු නිසා හැමදාම ඔය සෙතේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් මේ ටික දැනටමත් පරක්කුයි... හෙන් රි තරහා වෙලා ගිහිල්ලත් එක්ක...මගේ නම් අවුරුදු 3ක් විතර පරනයි.. හාඩ් ඩිස්ක් එක අප්සට් ගිහින් යන්තම් ගොඩ දාගත්තා..

      Delete
  6. Liyanna wisin liyannawa market karanawa kiyanne okata tama liyanno :P

    ReplyDelete
    Replies
    1. අනේ ඕව් ඇනෝ නැත්නම් මේ නාකි මාව කවුරු කියලා මාකට් කරන්නද ඉතින්...ඕන් ඔහෙ මන්ම කර ගන්නවා.. තරහා ගන්නෙ එහෙම නෑ ඒකට හොඳේ...

      Delete
  7. රත්තරන් මාළුවාගේ පින්තුරේ මරු ඈ...!

    ReplyDelete
    Replies
    1. ඔව්... මන් මුනු පොතේ ප්‍රදර්ශනයක් තියන්න ඉන්නෙ සේරම චිත්‍ර ටික දමලා..

      Delete
  8. Replies
    1. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් .. පොත් බලන්ඩ ආවෙත් නෑ ඕන්..

      Delete
  9. හෑ.. වැඩේ ඉවර නෑ වගේ.. මමත් කලින් ආයෙම ඇඳපු එකක් තිබ්බා ඒකත් එවන්නම්..

    ReplyDelete
    Replies
    1. දැනට නම් ආපු සේරම සිත්තර ටික දමලා ඉවරයි...

      Delete
  10. ෂහ් මගෙ එකත් තියනවා
    ජය!!!!

    අවතාර්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අවතාර්..ඒත් මේ සිත්තර ටික දමන්න පරක්කු උනා නොව...

      Delete
  11. Replies
    1. ආ මේ කමෙන්ට් එකෙන් අර හඩු ඩෙනිම් කලිසම් ටික බලන්ඩ ගියා ඕන්.. වැල්කම් වැලකම් බ්ලොග්ස්පොට් එකට කිව්වලු..තාම නවමයි, මාලුවයි ඉන්නවා නේද ?

      Delete
    2. ඇයි බං මගෙ HeyDude බ්ලොග්ස්පොට් නෙවෙයි කියලාද හිතා හිටියෙ? මේ කමෙන්ට් කරන Dude ප්‍රොෆයිල් එකත් ඒකෙනෙ.
      අඩේ ඒවා හඩුද බං. ඒ ටික හෝදලා තියෙන්නෙ. ඔන්නං zoom කරලා බලපං.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  12. අනේ ලාස්සන පිංතූරු ටික....

    ReplyDelete
    Replies
    1. අමිලයා බොලා නම් මයෙන් ගුටියක් කනවා...ඕන්..ඒක නෝන්ඩියට වගේ කියන හැටි විතරක් !

      Delete
  13. හෙන්රි ඇඳලා තියෙන්නේ වෙනීගේ මුනද නැත්නම් ලොකු මාමාගේ මුනද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් ඔව් සරත් අයියෙ..හෙන් රි ඇඳලා තියෙන්නෙ නම් ලොකු මාමගේ මූන තමයි.. හැබැයි බල්ලො දෙන්නම් නම් හරියටම හරි.. ලැසියයි, කුකියයි..

      Delete
  14. වෙනි අයියේ මගේ එක මකපන්කො බන්.. ලැජ්ජාවෙ බෑ බන්.. උබ මගෙ කුරුටු බලිය රින්ගවලා තියෙන්නෙ චිත්‍ර ඔස්තාර්ලගෙ චිත්‍ර ගොඩක් අස්සෙනෙ..

    ReplyDelete
    Replies
    1. ආ ලස්සන කියන්නෙ සාපේක්ශ දෙයක්නෙ සෙන්නා.. එහෙම හිතන්න එපා ඕන්..කවුද කියන්නෙ ඒක කැතයි කියලා..?

      Delete
  15. සිත්තර තුනයි කිව්වට තුනක් නෙමේ නෙහ්.. හතරයි නෙහ් !

    ReplyDelete
    Replies
    1. ටොපික් එක ලියන කොට තුනයි තිබ්බෙ මල්ලි, පස්සෙ තමා හතරක් උනේ..

      Delete
    2. චිත්‍ර ද? වෙන මොනවත් ද?

      Delete
    3. ඈහ් ! චිත්‍ර චිත්‍ර... වෙන මොනාද ඉතින්..

      Delete
  16. අඩේ මට එකක් එවන්න බැරි උනානේ...

    ReplyDelete
    Replies
    1. අපේ හරී එකක් එවලා තිබ්බා..අද තමා හම්බ උනේ.. තව කල් තියේ..මොකක් හරි ඇඳලා එවන්න..

      Delete
  17. වෙනී අයියා කොතනද එතන කැමරාවක් ඇත. දැක්කනේ පොත් ගන්න ගිහින් වැඩිපුර අරං තිබුනේ පින්තූරනේ. ඒ නිසා 4 වෙනි එක හැර ඉතුරු 3ම කපා දමමි.

    ReplyDelete
    Replies
    1. ඉන්ඩකො ප්‍රදීප් මල්ලි මන් ගත්ත පොත් ගැනත් පෝස්ට් එකක් දමන්නම්!

      Delete
  18. මාළුවාගේ එකනම් සුපිරි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනික්වාත් හොඳයි..

      Delete
  19. දැක්කයින් දැක්නෙ නෑ මෙහෙම ප්‍රදරශනයක්..
    කොහොම වුනත් බ්ලොග් අවකාශයේ මෙච්චර දක්ෂයො ඉන්නවා කියලා පෙන්නලා දුන්න එකම ඇතිනේ..

    වෙනී ඔච්චර ප්‍රදර්ශනේ හිටපු එකේ අර චිත්‍ර ශිල්පීන්ට කියලා අන්දවා ගත්තෙ නැද්ද චිත්තරයක්?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රූ එතන කට්ටිය පොර කනවා චිත්‍ර අන්දවා ගන්න..

      Delete
  20. වෙනි අය්යගේ චිත්‍ර අඳින වැඩේ නිසා බ්ලොග් ලියන අයගේ තවත් දක්ෂතාවයක් බලන්න පුළුවන් උනා. නියම චිත්‍ර ටික.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒක නම් ඇත්ත.. මන් හිතුවෙ කවුරුවත් සිත්තර අඳින්න මහන්සි වෙන එකක් නෑයි කියලයි..ඒත්..මන් වැරදී

      Delete
  21. කට්ටිය තාම වෙනි අයියව ඇදලා එවනවනේ. කට්ටිය හොදයිනේ බලාගෙන යද්දී..

    ReplyDelete
  22. හී හී..නියමයි :)

    ReplyDelete
  23. ඔක්කොම ගැලපෙනවා වගේ...

    ReplyDelete