ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 25, 2012

විස්මිත යථාර්ථය..


මෙය ප්‍රබන්ධයක් නොවේ, පසුගිය පැය විසි හතර තුල සිදු වූ මා විස්මයෙන් සලිත කල සත්‍ය සිදුවීමකි..


"ඩෝං"


හඬින් එක්වරම යමක් පුපුරා ගියේය. අප කරමින් සිටි සාකච්ඡාව එසැනින් බිඳී ගියේත් අප සියළු දෙනාම එක්වරම තිගැස්සී ගියේ මේ කාල සීමාව කිසියම්ම හෝ උත්සව සමයක් නොවන නිසාත් මේ වෙලාවෙ රතිඤ්ඤාවක් පිපිරීම කිස්සේත්ම කිසිවකුත් අපේක්ශා නොකල නිසාත්ය. 
අප සමඟ සුරතල් වෙමින් සහ සුරතල් කරමින් සිටි බල්ලාද අපටත් වඩා උඩ ගොස් විමතියෙන් අප සමීපයට වී වැතිර ගත්තේ ඒ ක්ශණයකිනි. 


"රතිඤ්ඤාවක් නේද ?"


"ඔව් අවුරුදු, නත්තල් වගේ රතිඤ්ඤා පත්තු කරන කාලෙට මේ ගොල්ලො සේරම මගේ කාමරේ අස්සෙන් එලියට එන්නේම නෑ" 


මා බල්ලන් දෙසට අත යොමු කරමින් කීමි. 


"ඔව් ඒ ගොල්ලන්ගේ කන් වල සංවේදීතාවය වැඩී"


අපගේ කතාබහ පොත් පත් , චිත්‍රපට හා ජීවිතය ඔස්සේ ගලා යද්දී මෙම රතිඤ්ඤාව පිපිරීම සමඟ විසිරුනු මාගේ සිතුවිලි මා රැගෙන ගියේ අතීතයේ වූ යම් සිද්ධියක් හා සමගාමීව යම් කිසි කෙටි කතාවකට අවශ්‍ය කලමනා ගොන්නක් වෙතය. ගතින් එතන වූ සාකච්ඡාව හා බද්ධ වූවත් විටින් විට මා මනස එම අතීත සිද්ධිය හා ගැටෙන්නට වූයේත් එය කෙටිකතාවකට පෙරලා ගැනීමට අවශ්‍ය සම්බන්ධක, චරිත, හා අවශ්‍ය පසුබිම වටාපිටාව මනසින් සකසා ගත්තේ එසේ කිරීම මාගේ සාමාන්‍ය රටාව වූ නිසාය. පසුව මෙය කොළයක කටු සටහනක් ලෙස කුරුටු ගා දින දෙක තුනක් එම සිද්ධිය තුල ජීවත් වීමෙන් කෙටිකතාව ගොඩ නගා ගැනීම කරනු ලැබේ.


 අපගේ සාමාන්‍ය කතා බහ දිගටම ගලා  ගියේත් බියර් කෑන් කිහිපයක් හිස් වූයේත් කාලය ගලා ගියේත් අපටම  නොදැනුවත්මය.


"ආ මචන් උඹට පොතක් ගෙනාවා"


සමු ගැනීමට මොහොතකට පෙර තම බෑගයෙන් ඇද ගත් පොත මා වෙත දිගු කලෙන් මාද ස්තූති පූර්වකව එය බාර ගත්තෙමි. සමු ගත් පසුද අප කතා බහ කල දෑ පිළිබඳ ආවර්ජනය කරමින් මා නින්දට වැටුනෙමි. ඒ අතර මා ඊළඟට ලිවීමට සිතා සිටින රතිඤ්ඤා හඬේ කතන්දරය කොළයක කුරුටු ගා තැබීමටද අමතක නොකෙලෙමි.


කාර්යාලයේ වූ විවිධ දෑ අතර ගැටෙමින් දිනය නිමා කර නිවසට පැමිණියෙමි. නිවස වට කර ඇති තාප්පය අයිනේ වූ අඹ ගසේ අතු බොහෝමයක් තාප්පය හිස මතින් පැන ගොස් අවට ලෝකයේ සිරි නරඹමින් සිටී. අඹ පල සෑදෙන කාලයට මේ අතු වල සෑදෙන සියළුම පල නෙලා ගන්නේ පාරේ යන කොලු කුරුට්ටන්ය. වාරය , අවාරය නොසලකා වසර පුරාම අඹ ගසේ අතු අතර කොහේ හෝ ගෙඩියක් දෙකක් සැඟවී සිටී. විටෙක අපටත් වඩා විමසිලිමත් වන කුරුල්ලන් ලේනන් ද විටෙක උන්ටත් වඩා සෙවිල්ලෙන් සිටින අපද මේ පල නෙලා ගැනීම කරනු ලබයි.තරමක අඳුරේ වූවද කොල්ලන් දෙදෙනකු අඹ ගසේ අතු අතරට ගල් වලින් ගසමින් සිටී. ඒ ඔවුන් දුටු අඹයක් කඩා ගැනීමට විය යුතුයි. මා දුටුවද ගනන් නොගත් නමුත් මා ගේට්ටුව වෙත යත්ම යමක් අවබෝධ වුයේ ඔවුන් හූ තබමින් දිව ගියෝය. නිවසේ දොර විවෘත කල මා විදුලි පහනේ ස්විචය දැමූවත් වෙනදා එයින් ගලා එන ආලෝකය නො එයි. 


"ආ ලයිට් කපන වෙලාවනෙ"


මටම කියාගත් මා වේලසන වෙනම තබා තිබූ ඉටිපන්දමක් ගෙන පත්තු කර එය අසල වූ ජෑම් බෝතලයක සවි කලෙමි. වෙනදා කරන කිසිම දෙයක් කල නොහැකිය..හ්ම්ම්ම්..


සුසුමක් හෙලූ මා නෙත ගැටුනේ පෙරදා මා හට කියවීමට දුන් පොතයි. 


"පිටස්තරයාගේ මරණය"


මා කිසි දිනක කියවීමට පෙර එම පොතේ ඇති ප්‍රස්තාවනාව , පටුන, නිර්දේශයන් තබා ලියන ලද්දේ කවුරුන්ද යන්න හෝ නොකියවමි. මන්ද එසේ කිය වූ විට සමහර විට එම කතාව රසවිඳීමට යම් බාධාවන් ඇති වේ. එම කතුවරයාගේ වෙනත් පොත් වල කී දෑ ආදී වේ නම් එය මනස තුලට රිංගා දැන් කියවන පොත රසවිඳීමට බාදා විය හැකි බැවින් සම්පූර්ණ පොතම කියවා අවසන අනිකුත් දෑ කියවීම මගේ සිරිතයි. නමුත් මා මිලදී ගන්නට යන පොතක් නම් මීට වඩා තත්වය වෙනස්ය. විස්තර කියවා බලා මිලදී ගෙන පසුව පොත රස විඳීම කරනු ලැබේ. 


මෙහිදී පොත පිළිබඳව සිතේ ඇති කර ගන්නාවූ පුර්ව නිගමනයන් පොත රස විඳීමට බාධාවක් වන නමුත් ඔහේ අතට අහුවෙන පොතක් විස්තර නොකියවා මිලදී ගන්නේ නම් නැත. 


මේසය මත වූ දෑ අයින් කර මෙම පොත කියවමියි සිතා  එය මේසය මත තැබූවෙමි.  වෙනදා ආලෝකයෙන් බබලන ගෙවත්ත අඳුරේ ගිලී ඇතත් මාගේ තනියට සිටිනා බල්ලන් කිහිප දෙනා ඔවුන්ගේ අයිතිකාර නිවස පිහිටි අල්ලපු වත්තේ සිට මා සිටි පෙදෙසට පැමිණෙන බව අඳුනා ගත්තේ ඔවුන්ගේ පා හඬිනි. 


"ලැසී , කුකී.. කෝ ඔයාලට වගේ රෑට මට පේන්නෙ නෑ කළුවරේ..ඉන්න ඔයාලා දෙන්නා ඔහොමම මන් ලයිට් ආවහම දෙන්නටම කන්න දෙයක් තියෙනවා දෙන්නම්.."


මා ඊට පෙරදා අසල සුපර්මාකට් එකෙන් ගෙන ආ මස් ටින් එක අමතක වීමට පෙර ඔවුන්ට දිය යුතු බවට මා මටම අණක් දී ගතිමි.


අඳුරේ වූවත් මා සමඟ වලිගය වනමින් සතුටින් ඉපිලෙන ඔවුන්ගෙන් සමුගත් මා..කුඩා විදුලි පන්දමේ ආලෝකයේ ආධාරයෙන් අනිකුත් නෑම්, කෑම් සියල්ල අවසන් කර.. මා පුටුව ඇඳ, මේසය මත වු පොත ගෙන එය ඉටි පන්දම හා මා අතර තබා ගතිමි. 






මා විස්මයෙන් ඇලලී ගියේ පොත කියවීමට පටන් ගත් විටය...


මෙය සිදු වන්නේ කෙසේදැයි මට තවමත් සිතා ගත නොහැක. මා කෙටියෙන් වූවද කියන්නට යන්නෙ මේ පොතේ මුල් පිටු දෙක මත ඇඳි වචන වලින් ආරම්භ වන සිද්ධියයි. මෙම පොත කියවා ඇති අයකු නම් මෙය ඔබගේ සිහියට නැගෙනු නොඅනුමානය. 


කතාවේ ප්‍රධාන චරිතය වික්තෝර් තම නිවෙසට පැමිණෙමින් සිටී. දෙදෙනකු ඔහු වෙතට ගල් කැට වීසි කරනු ලබයි. ඔහුගේ පෙම්වතිය ඔහු අත හැර යාම නිසා ඔහුගේ තනිය මැකීමට..ඔහු  කෑම ලබා දීමට බැරි කම නිසා සත්වෝද්‍යානයකින් කැමති අයකුට රැගෙන යාමට ඉඩදුන් ඔහුගේ පෙන්ගුවින් සුරතලා ඔහු සමඟ සිටී. ඔහු බල්බය දැල්වීමටවිදුලි ස්විචය ක්‍රියාත්මක කලද විදුලිය විසන්ධි කර ඇත. 


මේ පේලිය කියවන විට මගේ ඇඟේ රෝම කෙලින් වූයේ මන්දැයි මා නොදනිමි. 


ඔහු ඉටි පන්දමක් ගෙන පරන මයෝනිස් බෝතලයක සවි කර ඔහුගේ කාමරය ආලෝකමත් කරයි. අඳුරේ වූවද ඔහුගේ මීෂා නම් පෙන්ගුවිනයා ඔහු වෙත එන හඬ ඔහු අඳුනා ගනී.. 


ඕහ් ලැසී..හා කුකී...!


ඔහු කතුවරයෙකි. ඔහුට පද්‍ය ලිවීමට නොහැකි නමුත් ඔහු පුවත් පත් වාර්තා හා කෙටි කතා අතර වූ ඔහුගේම ශෛලයකට කෙටිම කෙටි කතා ලියයි..ඒවාට ගෙවීමක් කරන්නේ නම් ජීවත් වීමට තරම් මුදලක් උපයා ගැනීමට නොහැකි තරම් කෙටි ම කෙටි කතා වෙයි..


මේ කියන්නෙ ඔහු ගැනද නැත්නම් මා ගැනමද යන්න පිළිබඳ මා සිත විමතියෙන් විපිලිසර වන්නට වූයේ..මා තුෂ්නිම්භූත කරමිනි.


එක් වරම ඔහුට වෙඩි ශබ්දයක් ඇසෙයි.. ජනේලයේ වීදුරුවට මූණ ඔබා ගෙන බලා සිටින ඔහු ආපසු තම මේසය වෙත එන්නේ එම වෙඩි හඬ පිළිබඳ කෙටිම කෙටි කතාවක් ලිවීමට අදහස් හිතේ ගොනු කර ගනිමිනි.


"ඒ රතිඤ්ඤයක් නේද ?"


මාගේ මිතුරාගේ ප්‍රශ්ණය මාගේ දෙසවන දෝංකාර දෙයි..ඉන් පසුව මාගේ සිත තුල ගොඩ නැගුනු සිතුවිලි සමූහය ?
මෙම විස්මය මාගේ දුර්වල ස්නායූ පද්ධතියට දරා ගත නොහැකි බවක් හැඟේ. 


ඔහු එකම එක කඩදාසියක් මත තම කෙටි කතාව ලියා අවසන් කරන විටම.. විසන්ධි වී තිබූ විදුලිය නැවත පැමිණ කාමරය ආලෝකමත් කරන්නට වීය.


ඔහු තම මේසයෙන් නැගී සිටින්නේ තමාගේ සුරතලා වූ පෙන්ගුවිනයාට තම කෑම වූ මාළුන් දීමටයි. 


ඒ ක්ෂණයේදීම මා හට කෑගැස්සී හිඳි පුටුවෙන් නැගිට්ටුනේත් , අත වැදී ඉටිපන්දම මේසය මතම පෙරලී ගියේත්, මාගේ දෙ අතට මැදි වූ පොත බිමට වැටුනේත් එකම විටය. විසන්ධි වී තිබු විදුලිය පැමිණ  මාගේ කාමරය ආලෝකයෙන් බබලන්නට වීය.පොතේ අකුරු මතින් වික්තෝර්ගේ කාමරය ආලෝකයෙන් බබලන්නට වූ වැකිය කියවූ සැනින් මෙය සිදු වීම නිසා මා උඩ ගොස් බිම වැටී තිබුනි.. ඉදිරි කාමරයේ අඩවන් වූ දොර අතරින් හොම්බ ඇතුලට දමා ගෙන බලා සිටින්නේ ලැසී හා කුකීය.. ඒ මා ආහාර ලබා දෙන තෙක්ය..


මා තවමත් අදහස් ගොනු කර ගැනීමට නොහැකිව සිටිමි. මේ වනතෙක් මා කියවූයේ මේ පොතේ මුල් පිටු දෙක පමණි. පහු ගිය පැය විසි හතරේ සිදු වූ දෙය හා සමාන්තරව මෙම පොත කතාව මේ පිටු දෙක පුරා ගලා ගොස් ඇත. බල්ලන්ට දෙදෙනාගේ කෑම දී මා වෙව්ලන දෑතින් යුතුව නැවතත් පොත අතට ගතිමි. 


පිටස්තරයාගේ මරණය  මෙහි මුල් කෘතිය Death and the Penguine ලියා ඇත්තේ Andrey Kurkov   විසිනි. එය සිංහලට පරිවර්තනය කර ඇත්තේ පසන් කොඩිකාර විසිනි. ඒ පශ්චාත් රුසියානු සමය අලලායි.. මා මේ විස්තරය කියවූයේ මා විස්මයට පත් කල කාලය හා සිදුවීම් කොහි වීද යන්න තේරුම් කර ගැනීමටයි. අතීත කාලයක වෙනත් සංස්කෘතියකට අයත් වෙනත්ම පරිසරයක සිදු වූ හෝ සිදු වූවායැයි පරිකල්පිත කතාවක් මෙලෙස මාගේ නුදුරු වර්තමානයේ සිද්ධීන් සමූහයකට සමානුපාත වන්නේ කෙසේද යන්න මහත් ප්‍රහේලිකාවකි.


"ඇයි මට මේ පොත ගෙනත් දුන්නේ ?" 


යන මෝඩ ප්‍රශ්ණය ඇසීමට මෙය ගෙනත් දුන් යහළුවාගේ දුරකතන අංකය දෙස බලා..නමුත් අන්තිම මොහොතේ එම අදහස වෙනස් කර ගතිමි. 


ඒ වෙනුවට මාගේ බ්ලොගය තුල මේ සටහන තැබීමි.


ප.ලි.  - පොතේ ඉදිරිය කෙසේ වේදැයි මා නොදනිමි.. පොතේ නම පිටස්තරයාගේ මරණය යි. ඉදිරි දින කීපය තුල මා  සයිබර් අවකාශයේ නිහඬව සිටිනු ඔබ දුටුවොත් එයින් කියවෙන්නේ... 

65 comments:

  1. අයියෝ ... වෙනී අයියා ! දැන් නම් මේක දුර දිග යනව වැඩියි.

    ReplyDelete
    Replies
    1. පොත නම් ටොපේ ටොප්.. තාම කියවන් යනවා..ඊට පස්සෙ මුකුත් උනේ නෑ..

      Delete
  2. "ඉදිරි දින කීපය තුල මා සයිබර් අවකාශය නිහඬව සිටිනු ඔබ දුටුවොත් එයින් කියවෙන්නේ..."

    එයින් කියැවෙන්නේ වෙනී අයියා ගමේ ගොස් ඇති බවයි...

    (මට මොනවා හරි මග ඇරුනද..?)

    ReplyDelete
    Replies
    1. මාව මඤ්ඤං වුනා එකපාරට...

      Delete
    2. වෙන ගමනක් ගිහින් වෙන්නත් පුළුවන්...

      Delete
    3. අනේ වෙනියෝ ඔය පොත අදම මාරයාට දීලා දාපං. මාරයා දන්නවා ඔය වගේ කේස් හැඬ්ල් කරන්න.
      henryblogwalker the Dude

      Delete
    4. මාරයා මල්ලි මට ලියන්න ඕනි උනේ මන් බැහැලම පොත කියවනවා කියලයි.. කොපි කරලා පේස්ට් කරලා තියෙන්නෙ ඒ වාක්‍යයෙන් කොටසයි.
      ගැමියා මාව හොල්මන් උනා උන දේට
      රාමා - සික් හිතන්නෙ නරකටම තමයි..
      හෙන් රි .. අපිපොඩි උන් තමා ඒත් මේවටත් මූන දීලා පුරුදු වෙන්න එපාය ඉතින්
      රූ - දීකිරට සාක්කි දෙන බලල්ලු..

      Delete
  3. එයින් කියවෙන්නේ වෙනී අයිය බල්ලන් දෙදෙනා වෙනුවට සුරතලයට ඇතිකිරීම සඳහා පෙන්ගුවින්ලා සොයන්නට ගොස් ඇති බවයි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් යන්න වෙයි ධ්‍රැවයකට පෙන්ගුයිනෙක් හොයන් එන්න.. මන් උන්ට හරි කැමතී..

      Delete
    2. එහෙනං Weni අයියට Mr.Popper කියලාත් නමක් දා ගන්න පුළුවන් ඊට පස්සේ. ගන්න ගන්න පෙනගුයිනෙක්......

      Delete
  4. විස්මිත අහඹු සිදුවීමක්. මමත් සැහෙන්න පොත් කියවනවා. ඒත් ඔය පොත නම් අහු වෙලා නැහැ.
    පොතේ හැටියට ඔක්කොම වෙන එකක් නැහැ. ජයවේවා.....! වාසනා වේවා....!

    ReplyDelete
    Replies
    1. මුල් පිටු දෙක විතරයි සමානුපාතික උනේ.ඊට පස්සෙ තැනින් තැන ළඟින් යනවා...ඒත් මරු කතාවක්..පොත නම්..

      Delete
    2. වෙලාවක හම්බ වෙලා අඳුන ගන්න වටින පුද්ගලයෙක් . හොඳ පරිවර්තන කිහිපයක් ඉල්ලගන්න පුළුවන් වෙයිනෙ එතකොට. නියමයි. :)

      Delete
  5. වෙනි අයියේ මට ඇත්තටම උඹ ගැන ඊරිසියයි.. සික් ඇයි මට මේ වගේ අදහස් නොඑන්නෙ..!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. කියවන්න කියවන්න.. මන් මුකුත් ලියන්නෙ නැතුව මේ වෙනකන් කියෙව්වා.. ඉන්න මගේ ඊළඟ පාඩම් මාලාවට ලියන්න ඉන්නෙ අළුත් අදහස් උත්පාදනය කර ගන්නෙ කොහොමද කියලා..හැබැයි ඔබ ලියලා තියෙන දේවල් දැක්කහම එහෙම හිතෙන්නෙ නෑ..ටයිටැනික් කතාව කියෙව්වහම මාත් ඉරිසියා කලා ඒ වගේ ලිපි ලියන්න මට බැරි එක ගැන..බුද්ධිගේ කාටුනයත් මතක් උනා..

      Delete
  6. අනේ මන්ද වෙනියෝ.. මට කැරකැවිල්ල වගේ !

    ReplyDelete
    Replies
    1. කී සැරයක් නම් කීවද රෑට වැඩිය බොන්නෙපා කියලා..

      Delete
  7. මමත් ඔය පොත කියවලා නෑනේ... හැබැයි ටිකක් විතර විශ්මයජනක සිදුවීම් ටිකක් කියලා පිළිගන්න වෙනවා.

    මට මතකයි මම පොඩි කාලෙ බොහෝම ආසාවෙන් පොතක් කියෙව්වා "ඉවර නොවන කතන්දරය" කියලා.හය වසරේ විය හැකියි.ඒක පිටු බොහෝමයක් ඇති පොතක්.මම පොත් කියවන්න ආසා නිසාත් ඒ පොත දැක්කම හැමදාම ඉවර නොවි කියවන්න පුළුවන් කියලා හිතුනු නිසාත් පුස්තකාලෙන් අරගත්තේ.ඒ පොතේ තියෙන්නේ පොතක් කියවන්න ගත්තු ලමෙක් ඒ පොත තුලින් වෙනම ලෝකයක ජීවත් වෙන හැටි ගැන....

    බැස්ටියන් බල්තසාර් බක්ස් යන පොත් අලෙවිසැලක හිමිකරුත්.කාර්ල් කොන්රාඩ් කොරියන්ඩර් නමින් සිටින පොත කියවන කුඩා දරුවාත් වටා ගෙතී තිබුනු ඉතාමත් සුන්දර කතාවක්.ඒක කියවද්දි මට දැනුනේ මම ඒ ලෝකෙට ගියා වගේ හැඟීමක් මොකද පැය ගානක් ඒ පොතම කියවලා තිබුනා ඉවර වෙනකන්ම... ඒ ලමයා ඒ ලෝකෙන් මිදී පියවි ලොවට ආවා කියලා කියවද්දි තමා මට තේරුණේ කතාව ඉවරයි කියලා....

    වෙනි අයියේ පරිස්සමෙන් සමහර විට ඔය පොත කියවන්න ගිහින් වෙනම කාල ස්ථරයක අතුරුදහන් වුනොත් අපි දන්නෑ...

    කෙටි කතාවක් ලියන්න පටන් ගන්නේ කොහොමද කියන එක ගැන ඔත්තුවක් දීම ගැන ස්තූතියි...

    තව ෆිල්ම් එකකුත් මතක් වුනා.... ඒකේ වෙන්නේ පුද්ගලයෙක් පොත කියවන කොට ඒ පොතේ තියෙන දේ ඇත්ත වෙන එක.ෆිල්ම් එකේ නම "Ink heart" බලන්න වටින ෆිල්ම් එකක් කියතෑකි...

    ReplyDelete
    Replies
    1. මල්ලි නම් දෙක පටලවගෙන බැස්ටියන් බල්තසාර් බක්ස් කියන්නෙ පොත කියවන කුඩා දරුවා, කාර්ල් කොන්රාඩ් කොරියන්ඩර් කියන්නෙ පොත් අලෙවිසැලේ හිමිකරු.ඒත් එච්චර පොඩි කාලෙ කියවලත් නම් දෙක මතක තිබුන හැටිනම් පුදුමයි. මං නම් මේ ලඟදි කියෙව්වෙ.

      Delete
    2. මමත් කියෙව්වා ඔය පොත.. ඒකෙ මාර සීන් වෙන්නෙ.. එක තැනකදි කතාව ආයෙ මුල ඉඳන් පටන් අරගන යනවා.

      ගැමියගෙ මතකයනම් මාරයි..

      Delete
    3. පොත නම් කියවලා නෑ. ෆිල්ම් එක නම් බැලුවා....

      ඇත්තමයි. කවදාවත් මට රැසියන් නම් මතක හිටින්නේ නෑ... සමහර විට ඒ පර්වර්තන වල වැරදි විදියට පර්වර්තනය කරලා තිබුණ නිසාද දන් නෑ....

      Delete
    4. හපුච්චියේ නම් දෙක පැටලිලානේ... ඔය නම් දෙක මතක හිටින්න ප්‍රධානම හේතුවක් තියෙනවා.මුල් නමේ තියෙන්නේ බැ.බ.බ(බැස්ටියන් බල්තසාර් බක්ස්)... දෙවෙනි නමේ තියෙන්නේ කා.කො.කො(කාර්ල් කොන්රාඩ් කොරියන්ඩර්).. ඕක විශේෂ හේතුවක්නේ ඉතින්...

      අඩේ මේකේ ෆිල්ම් එකකුත් තියෙනවද??

      ඔය කතාවේ ගොඩාක් අතුරු කතා තියෙනවා ඉවර නොකරපු.උදාහරණයක් විදියට අර හීනෙන් ඇවිදින තැනිතලාව එහෙම නම් කරන්න පුළුවන්.ඇත්ත ලෝකේ කට්ටිය නිදාගත්තාම හීනෙන් ඒ ලෝකෙට එනවා කියලා තිබ්බා වගෙත් මතකයි...

      ෂහ් හැමෝම එක ජාතියෙනේ සතුටුයි අප්පා...

      Delete
    5. මේක තමා අනිත් විස්මය ! පොත් පත් ගැන කතා බහ කරද්දි මමත් මගේ යාළුවො දෙන්නත්..මන් මේ නොනවතින කතන්දර Never ending story පොත ගැන මම ලොකු කතාවක් කීවා.ඔවුන් මේ පෝස්ට් එක කියවනවා නම් ඔවුනුත් විස්මයට පත් වේවි..මොකද මේ සියළු සිද්ධීන් අතරෙ හිටියෙ ඔවුන් දෙන්නා වීම නිසා..ඔවුනුත් කීවෙ හොයලා කියවන්න ඕනි කියලයි..ඔවුන් මට යෝජනා කලා Game books කියන පොත් ටික කියවන්න කියලා.. ලංකාවෙ තියෙනවද දන්නෙ නම් නෑ..

      Delete
    6. Ink Heart කියන්නේ වෙනම කතාවක්... ඒකේ තියෙන්නේ හඩ නගලා පොත කියවනකොට පොතේ තියෙන චරිත වර්තමානයට එන එක හරි වර්තමානයේ ඉන්න චරිත පොත ඇතුලට යන එක හරි... තාත්තා පොඩි එකාට Ink Heart කියන පොත කියවනකොට ඒකේ දුෂ්ට චරිත මේ ලෝකෙට එනවා... අම්මව පොත ඇතු‌ෙල් අතුරැදහන් වෙනවා... ඔන්න ඔහොම කතාවක්....

      මාත් අහලා තියෙනවා ඔය Game Books ගැන...

      Delete
  8. ප්‍රබන්ධයක් නෙවෙයි, විය හැකියි. එහෙත් ප්‍රබන්ධයක් තරමටම රසවත්....

    ReplyDelete
  9. නියමෙට කතාව ගලපලා තියෙනවා වෙනි අයියේ....!

    අනේ මන්දන්නේ නෑ.... අවුරුදු ගාණකින් මල ගෙදරක නයිටක් ගහන්නත් බැරි උනා. උඹ මැරෙනවනන් අගෝස්තු මැදක් වගේ හරියේ මැරියන්.

    ReplyDelete
    Replies
    1. මම ඔය පොත කියවලා තියෙනවා... තුන්වෙනි පිටුවේ ඉඳන් වෙන්නේ මෙහෙම... වික්තෝර් තමන්ගේ යාලුවට කෝල් එකක් ගන්න දුරකතන අංකය දිහාත් බලලා පස්සේ ඒක අතෑරලා දානවා...

      ඊටපස්සේ පහුවදා වැඩට යනවා... ඔෆිස් එකේ වික්තෝර් හිතෙන් ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා... වික්තෝර් ආදරේ ප්‍රකාශකරන්න බයෙන් හිටියේ... ඒත් මෙදා එකපාරම වික්තෝර් ඒ කෙල්ලගෙන් අහනවා... මෙන්න බොලේ ඒ කෙල්ල කැමති වෙනවා...

      තව දිගට තියෙනවා... කෝකටත් උඹ හෙට රෑට පොතේ ඉතුරුටික කියවපන්...

      Delete
    2. එහෙනම් ශුවර් එකටම කෙල්ල හින්දා තමයි පිටස්තරයා මැරෙන්නෙ...

      Delete
    3. ඊට කලින් කිතුල් රා ටිකකකුත් ලෑස්ති කරපන් වෙනි අයියේ :-D

      Delete
  10. මේක හරිම රසවත් ඇත්තටම.ඇත්තක් නම් ..අනේ මන්ද..ඔව් ඔහොම දේවල් වෙන්න බැරිකමකුත් නැහැ..ඉතිරිය ටිකක් කියවල කෝකටත් ආයිමත් පෝස්ටුවක් දාන එක හොඳයි මං හිතන්නේ සහෝ..:)

    ReplyDelete
  11. එයින් කියවෙන්නේ කුමක්දැයි දැන ගන්නට උවමනාවෙන් බලාගෙන සිටිමි...:)

    ReplyDelete
  12. අද නම් විශ්මිත යතාර්ථයම තමා. ඇස් අදහා ගත නොහැකි ලියවිල්ලක්. හරියට රුසියානු සාහිත්‍යයේ එන කෙටි කතාවක් වගේ. ඇඟ හිරි වැටුනා කියවනකොට.

    මේ දවස්වල 'Between the Lines ' කියලා පොතක් කියවනවා. ඒ පොත ඇතුලෙන් කියවන කෙනාට මුන ගැහනවා පොතේ චරිතයක්. බලාගෙන වෙනීටත් ඒ වගේ දෙයක් වෙන්ටත් බැරි නෑ.:)

    ReplyDelete
  13. අනේ මේ උඹ අපිව බය කරන්නේ නැතුව ඉඳපන්.. බීපන් තව බියර් ටින් තුන හතරක්..

    ReplyDelete
  14. අයියට තිබුනා නේද LED රීඩින් ග්ලාස් එකක්... ඒකෙන් වැඩක් ගන්න හොඳම කාලෙනේ මේ....

    ReplyDelete
  15. අනේ ඔය පොත කියවන්න එපා

    ReplyDelete
  16. ලැසී, කුකී, සුපර් මාකට් එකෙන් ගෙනාපු මස් ටින්
    පොෂ් බල්ලෝ :-D

    ReplyDelete
  17. ....එයින් කියවෙන්නේ ඊලගට හොද රසවත් ලිපියකට කරුණු සොයමින් ඉන්න බවයි :D

    ReplyDelete
  18. වෙනී අයියා බියර් කෑන් එකකට වඩා බීලා නේද උන්නේ එවෙලේ? :D
    එළ එළ! කාලෙකින් නයිටක් ගහන්නත් බැරි උනා! :D

    ReplyDelete
  19. අඩෝව් උඹ දැං අපිට මරණ තර්ජනත් කරන්න පටං අරං ඈ!!
    උඹෙන් සද්දයක් නැතිවුනොත් මම නම් සැකකරන්නෙ අසරණයා. ඇයි කියලා අහන්න ඉස්සෙල්ලා මමම කියන්නම්කො. මෙන්න මේ
    වැඩේ වෙලා කියලා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඩූඩ්, එතන දමලා තියෙන කමෙන්ට් එක මෙන්න !

      \\Weni22 Jun 2012 18:20:00
      අනෙ අම්මෝ අසර්ව ආශ්‍රය කරන්නත් බයයි බයයි වගේ...\\

      Delete
  20. බියර් බීල ඔහොමනං ගල් බෝතලයක් එහෙම ගැහුවොත් මොනව වෙයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින් බඩුම තමා..!
      මොන මොනවා ලියයිද දන්නේ නෑ මේකේ එහෙම උනා නං
      :D :D

      Delete
    2. ගල් බෝතලයක්? පිස්සු කියන එපා ඉන්ගිරිස් ප්‍ර සිංහල සන් දෙමළ ණ අයියේ! උපරිම සොට් 3ක් දාමු! :D

      Delete
    3. 33ක් ? උපරිමය දෙකයි තමා !

      Delete
  21. හොල්මංද පොල්කොල - මාර වැඩනේ වෙනී මහත්තයට වෙන්නේ[ව්ස්මයාර්ත ලකුණු]

    මේ අරක පාශ්චාත් රුසියානු සමයද රුසියානු පාශ්චාත් යුධ සමයදෑ[ප්‍රහ්නාර්ථ ලකුණක්]

    ReplyDelete
    Replies
    1. ඇයි තිස්ස අයියෙ, ඔය ලකුණු ඔය කී බෝර්ඩ් එකේ නැද්ද [ප්‍රශ්නාර්ථ ලකුණක්]

      Delete
    2. මේ අලුත් පාලි කී බෝඩ් එකක්
      ඒකේ එව්වා නෑ[කොමා] ඉස්පිල්ල යාන්තම් වදිනවා

      Delete
  22. තිස්ස හරි ඒක රුසියානු පශ්චාත් යුධ සමය..වෙනී පෝස්ට් එක ලියලා තියෙන්නෙත් මර බයෙන්ද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. කොහෙදෑ මේ මහතුන්ට කීව අර ධජග්ග සූත්‍රය කටපාඩං කරගන්ට කියල කට කැඩෙනකල් - ඒ මක්කද කියන්නේ නිතර මුන්දැට ලොමුදැහැ ගැන්වීම් වෙනවනේ - අපි කියන එව්ව අහනවෑ

      Delete
    2. අඩේ තිස්ස මහත්තයො. උඹ කොහෙද බොලං ගිහින් හිටියෙ මෙච්චර දවස්?
      henryblogwalker the Dude

      Delete
    3. ගෙදර ගිහින් හිටිය බං[කොමා] ඒ දිනවල නැට් එකට ආවෙම නෑ[විස්මයාර්ථ ලකුණක්]

      Delete
    4. මොන මගුලක්ද බං මේ. ඔන්න ඔය කී බෝඩ් එක විසි කරලා වෙන එකක් ගනිංකො. :O
      henryblogwalker the Dude

      Delete
    5. හොඳට තියෙයි[කොමා] ඔය වැදෙන්නැති වැදෙන්නැති ගානට අලුත් එව්ව ගන්න ගියානම්[විස්මයාර්ථ ලකුණු එකක්]

      Delete
    6. ඇයි මචං, වයිෆ් වත් ලඟ ඉන්නවද [ප්‍රශ්නාර්ථ ලකුණ]
      මගෙ වයිෆ් මෙතන ඉඳං නියෝග කලා හිනා මූණක් දාන්න කියලා, නැත්නං උඹ තරහා වෙයි කියලා [තිත් දෙකයි ඩී]
      මට තේරෙනවා බං තත්වෙ[නැවතීමෙ තිත]
      henryblogwalker the Dude

      Delete
    7. හෙහ් හෙහ් හෙහ්[කොමා] පිස්සු හොඳ එක[විස් ල එකක්]

      Delete
  23. ඒ කියන්නෙ අද රෑ තමයි රෑ.. හෙට උදේ වෙනකොට මොනවයින් මොනවා වෙලා තියෙයිද මංදා

    ReplyDelete
  24. මං නං හිතන්නේ මේ සේරම අහබු සිද්දි කියල..
    දැන් ඒ පොත කියෝල ඉවරද ?

    ReplyDelete
  25. යුස්ටයින් ගෝඩර්ගෙ සොෆීගේ ලෝකයෙත් තියෙන්නෙ ඔය වගේ අලකලංචියක් ගැන නේද?

    //ඉදිරි දින කීපය තුල මා සයිබර් අවකාශයේ නිහඬව සිටිනු ඔබ දුටුවොත් එයින් කියවෙන්නේ... //

    මේක තෑගි ලැබෙන ප්‍රශ්නයක්ද? එහෙම නම් උත්තර දෙන්න සලකා බලන්න තිබුනා..

    ReplyDelete
  26. අඩෙ අප්පේ... පොත හොයාගෙන කියවන්න වටිනව.

    ReplyDelete
  27. කතාව එලටික් එකට ගලාගෙන යනවා !

    ReplyDelete
  28. පොතේ ලියවුනු දේවල් පසුවටත් ඒ අකාරයෙන්ම වෙයි කියලා මම හිතන්නේ නැහැ.ඔය වගේම සිද්දියක් මම චිත්‍රපටියක නරඹා තියෙනවා.

    ReplyDelete
  29. ලයිට් කපන්න පටන් ගත්තහම හොරකම් වැඩිවෙනව. ( මේ මම නිකම් කියන්නේ උඹ ගාව ගජමැටික්ස් ටිකක් තියන හින්ද ) අනේ වෙනියෝ කොහොම හරි ලියපන් කාල කළමනාකරණය කරලා

    ReplyDelete
  30. බීට්ල් මුකුත් නොකියන්නෙ කතාවෙ ඒ හැටි අවුලක් නැතුව ඇති. මැරෙන්නෙ වික්ටර් නෙවෙයි වෙන කවුරු හරි පිටස්තරයෙක් වෙන්න ඇති.
    වෙනි පේන්න නොහිටියොත් ඉතින් හිතා ගන්න වෙන්නෙ, කාව හරි ෆොටෝ ගන්න ගිහිල්ල අහුවෙලා පොලිසියට කුදලං ගිහිල්ල කියල තමා.

    ReplyDelete