ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, July 21, 2012

අවංකයා හැමදාම දුකේ...


ප්‍රබන්ධයක් නොවේ..


පහු ගිය දවස් වල මන් ගෙදරනෙ හිටියෙ.. බණ දානෙ නිසා..සේරම ඉවර වෙලා නිදිත් මරාගෙන බොහොම මහන්සියෙන් මන් ආපහු කොළඹ එන්න පිටත් උනා. රත්නපුරෙන් බස් එකට නැග්ගා. මන් බහින තැනට ගාන රුපියල් 120\=යි. රුපියල් 100 කොළයයි 50 කොළයයි දීලා ඉතිරු බලා පොරොත්තුවෙන් ඔළුව උස්සලා බැලුවට කොන්දොස්තර මල්ලි ටිකට් එකේ අනිත් පැත්තෙ මොනාද කුරුටු ගාලා දුන්නා.. ඉතුරු රුපියල් 30 ටිකට් එක පිටිපස්සෙ ලියලා ඒක උඩින් මිනිහගෙ කුරුටු බලි වගේ අත්සනක් දමලා දුන්නා..ඒක හරියට ඔන්න ඔය වගෙයි.




 අර ගාන කීයද කියලා පේන්නෙත් නෑ..මන් හිතන්නෙ සුවර් එකටම ඉතුරු දෙන්න නැති කෙනෙක්වත් තමන්ගෙ ටිකට් එකේ පිටිපස්සෙ ඉතුරු කීයක් හරි ලියලා දීලා මිනිහා කවදාහරි කෙලවගන්න ඇති. ඊට පස්සෙ ඉඳන් මිනිහා හිතන්න ඇති ඉතුරු ගාන ලියලා ඒක උඩින් තමන්ගෙ අත්සම ගැහුවහම ඒක ආයි ගොඩනෙ. මාර මොලේ සහ අරහෙම ගාන කපා ගන්න මිනිස්සුත් ඉන්නවනෙ කියලා. බස් එකේ බුදුහාමුදුරුවන්ගෙ සහ තව නානාප්‍රකාර දෙවි දේවතාවුන්ගෙ ෆොටෝ අතරේ ගහලා තියෙනවා ...


අවංකයා හැමදා දුකේ.. කියලා බෝඩ් එකකුත්. 


හැබෑ නේන්නම් ඒ කතාව සම්පූර්ණ ඇත්ත..


දැන් මගේ මතකයෙ  හැටියට කොට්ටාව හරියට ඇවිත් ...


"ආ ඉතුරු ගන්න අය ඉල්ලා ගන්ඩ " 


කියාගෙන කොන්දොස්තර මල්ලි බස් එක මැදින් යනවා..මමත් ටිකට් එක දුන්නා.. මිනිහා ටිකට් එකේ පිට පැත්ත බැලුවා..මට ඉතුරු දෙනවා දැන්.. මිනිහගේ ඔළුවට උඩින් මට පේන්නෙ අර "අවංකයා හැමදා දුකේ" බෝඩ් එක.. මට ඉතුරු හම්බ උනා රුපියල් 330\= ක්. ඒ කියන්නෙ වැඩිපුර රුපියල් තුන්සීයක්..කොන්දා මල්ලිගෙ පාඩුව රුපියල් 420/=යි..


මම දහම් පාසල් ගිය සහ ඊට පස්සෙ දහම් පාසලේ උගන්වන්නත් ගිය කෙනෙක්. නරකයි කියලා සම්මත වැඩ කරලා සමාජයේ නෝන්ඩි නොවිච්ච සුදු චරිතයක්..නෑ අළු කියමුකො..පොඩියක් මම්ම එබිලා බැලුවා මගේම කිල්ලෝටෙ ඇතුලට.. ( බෑ බෑ කළුමයි කියල නම් කියන්නෙ නෑ ) හැබැයි පස්සෙ පසුතැවිල්ලට හේතු වෙන දෙයක් නම් කල්පන කරලා බලලා කරන්නෙම නෑ.. මොකද මේ දැන් ගත කරන ජීවිතේ එක්ක පසු තැවී තැවී ඉන්න වෙලාවක් ඇත්තේම නැති තරම් නිසා.. 


මේ වෙලාවෙ මන් මොකක් කරන්න ඇති කියලද හිතන්නෙ පිංවතුනි ? 


අවංකයා හැමදාම දුකේ !..







මන් දුන්නෙ නෑ වැඩිපුර ආපු සල්ලි .. ඒකෙන් ගත්තා බිත්තර කොත්තුවක් රෑට කන්ඩ.. අල්ලපු කඩෙන් ගත්තා ඩීවීඩී දෙකක් බලන්න.. 


"තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බ නොකර අනුන්ගේ ඒවා කෑවහම පත්තියම් වෙන්නෙ නෑ"  


කියලා අපේ මාමා කියලා තිබ්බට කිසි අවුලක් උනේ නෑ පහු පාන්දර අර ටොයිලට් එකට ගියේ අපූරුවට..! 


කොන්දා මල්ලිගෙ නොසැලකිල්ලට මන් මක් කරන්නද ?

49 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්...... මොකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. අපිටත් එක වෙන්න ඇහැකි!

      Delete
    2. මට කීමට ඇත්තේ කොන්දා මල්ලීගේ පාඩුව රු.300 ක් බවයි... (රු.420 ක් නොවේ)... වැඩේ නම් කැතය... කොන්දා මල්ලී කෙනෙක් එක්ක වලි නම් හොඳවායින් 3-4ක් කියනවා මිසක මෙවැනි වැඩ හොඳ නැත... වැඩිපුර ලැබුනු ඉතුරු සල්ලි ආපසු දෙන විට කොන්දා මල්ලිලාට/අයියලාට යන හිනාව ඉතුරු සල්ලි වලට වඩා වටී... (",)
      ප.ලි. :- ලිපිය කලින් දැක්කා... මොකක් හරි හේතුවකට iOS වලින් සිංහල font copy paste කරන්න බැරි උනා... අද තමයි Windows අහු උනේ... :)

      Delete
  2. සිකේ බනින්නෙ වත් නැද්ද අප්පා ?????

    ReplyDelete
  3. මාගෙ බලවත් විරෝධය....

    ReplyDelete
    Replies
    1. අපි හැමෝගේම ජීවිත වල විවිධ තැන් වලදි මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුලුවන්..බස්වලදි, කඩවල් වලදි මටත් මේ වගේ දේවල් වෙලා තියනවා..එහෙම වෙලාවකදි අපි ගොඩදෙනෙන් කරන්නෙ ආපහු ඒ සල්ලි දෙන එක..ඒත් හැම වෙලාවෙම එහෙම කලාද කියන්නනං මට මතක නැහැ..

      වෙනි අයියත් එහෙම වෙන්න ඇති..සමහර විට මේ වගේ දෙයක් කරපු එකම වතාව මේක වෙන්න ඇති..ඒකනෙ මේක මෙතන දාන්න තරම් විශේෂ දෙයක් වුනේ..

      මීට දහස් ගුණයක් වටින උදව් වෙනි අයියා අසරණ වුන මිනිස්සු වෙනුවෙන් කරල ඇති..ඒ නිසා මේක පොඩි අත්වැරදීමක් විදියට අමතක කරලා දාලා ඒ වෙනුවෙන් ඔය අපි වගේ අසරණයෙක් ලංකාවට ආ වෙලාවක් බලලා එතනින්ම බිත්තර කොත්තුවක් අරන් දුන්නනං වැඩේ ශේප්..:D

      Delete
  4. චීකේයියා .... ලැජ්ජ නැතුව තව ලියල තියෙන අපූරුව.

    මටත් ගිය සතියෙ එකෙක් 12000 කට පොල්ලක් තිබ්බ. මම දවස් තුනක් ගියා සල්ලි ගන්න. මිනිහ මාව මගඅරිනව. මම ආයිත් ඒක ඉල්ලගෙන පස්සෙන් යන්නෙ නෑ. මිනිහට වැදගත්කමක් තියනව නම් ඒක දේවි. වෙන මොනව කරන්න ද? (වරදවා හිතන්න එපා, මම ඒක අතඅරින්න පුළුවන් තරම් සල්ලි තියෙන සල්ලිකාරයෙක් නම් නෙවෙයි ඕං)

    ReplyDelete
  5. විහිළුවක් කළයි කියල හිතාගෙන මොනවහරි ලියන්න තිබුණ. මේක අතේ රෝලක් නෙවෙයි කියලා දැනුනනම්.

    ReplyDelete
  6. මට ඔය වැඩේ ​කරන්න බෑනේ අයියේ. ස්කෝලේ යන කාලේ ඉඳන් තාමත් ඔෆිස් එන්නෙත් එකම බස් එකේ. ඔෆිස් එන්න ගත්තට පස්සේ හැමදාම උදේට රුපියල් සීය දීලා ඉතුරු ගන්නවා. හිටි ගමන් රුපියල් 50 දුන්නමත් පුරුද්දට කොන්දා මට 100ක ඉතුරු දෙනවා...
    මං ඉතිං හිනා වෙලා අද දුන්නේ 50යි කියලා වැඩිපුරු ටික ආපහු දෙනවා. ඒ වැරදිලා එන සල්ලි එකතු කරානම් අද මම දහස් පතියෙක්...!!! :D

    ReplyDelete
  7. වෙනි අයිය ඔය කථාව කියද්දි මට මතක් වුනා මාත් එක්ක එක බෝඩිමේ ඉදං **ටෙක් ගිය පොරක්.. පොරයි මායි දෙන්නම 174 උදේට පාලංතුන හන්දියෙන් නැගල බොරැල්ලෙන් බහින්නේ.. ඒකාලේ මතක විදිහට රු 11 ද කොහේද.. මෑන්ස් කවදාවත්ම ටිකට් ගන්නේ නෑ.. හැබැයි බහිද්දි මල්ලි මගේ විස්සේ ඉතුරු කියල ආපහු එන්නත් සල්ලි බස් එකෙන් ගන්නවා..

    ඕක ඒ හැටි දෙයක් නෙවෙයි.. 122 බස් වල සාමාන්‍යයෙන් කො‍න්දොස්තර ‍අයියල/මල්ලිලා 1000/1500 අනිවා කපාගන්නවා.. ඒ හින්ද ඕක වැඩිය හිතන්න එපා..
    (දැං අහන්න එපා මං කෝමද මේවා දන්නේ කියල නං.. ඕවා සාමාන්‍ය දැනීම)

    ReplyDelete
  8. අනේ මන්ද මට පාට අඳුරගන්න බැරිද කියල... වෙනී අයියගෙ පොටෝ කීයක් දැකල තියෙනවද?... දත් ටිකයි ඇස් දෙකයි විතරයි සුදුවට දැකල තියෙන්නෙ... ආහ්... කොන්ඩෙත් ටිකක් සුදුයි නේද?..

    බස් එකේ උදවියට ඉතුරු දුන්නට පස්සෙ කොන්දොස්තර මල්ලි අතේ සල්ලි ඉතුරු වෙන්න ඇති නේද?... ;)

    ReplyDelete
  9. මේක කියෝලා මම කණ්නාඩිය ඉස්සරහටත් ගිහින් බැලුවා මේ සැරේ මීයෙක්ද රට හාවෙක්ද වෙලා තියෙන්නෙ කියලා..නෑ..නෑ..දෙකින් එකක්වත් නෙවි..

    අපි අහුවෙයි මේ වගේ පෝස්ටුවලට..

    හූ..හූ..

    (වැදගත් කොමෙන්ටුවක් නොදාන එකත් පරීක්ශනේ කොටසක්ද කියා සිතමින්..)

    ReplyDelete
  10. ඉඳිංකෝ අයියේ උඹට කවුරුවත්ම බණින්නැත්තං මං බනින්න....

    "නොදකින් විතරක් අර එදාවේල හොයාගන්න උගුරකට ලේ රහ වෙනකං කෑ ගගහා දවස තිස්සේ බස් එකේ මුල්ලක හිටගෙන ඉන්න මිහිගේ සල්ලි වලිං නේද ඔය ජෝගි දැම්මේ? මොන හිතකින්ද ඔහොම කරන්නේ? අර අසරණ මිනිස්සුන්ගේ සල්ලි. හොඳ මිනිස්සු වෙමු කියලා ලොකු ටෝක් දීලා නේද බ්ලොග් පෝස්ට් එහෙමත් ලියන්නේ? කොළඹ හතේ ලොකු ලොකු හෝටල් වලිං නේද කන්නේ? අර දුප්පත් මිනිහට වංචා කලේ ඇයි? සල්ලි නැති මිනිහෙක්නං කමක් නෑ! නොදකිං විතරක් මේ වගේ මිනිස්සු."

    බැණීමට පෙර කළ උපකල්පනය : මං සුදු චරිතයකි.

    යථාර්තය : ඔය සිද්ධිය මට උනානං වෙලාවේ හැටියට මොනා කරයිදැයි සිතාගත් නොහැකිය. හොඳ කොන්දෙක් වූවානං අනිවාර්යයෙන්ම සල්ලි ආපහු දෙමි. මට පෙන්නන්න බැරි ජාතියේ උනානං අනිවාර්යයෙන්ම තියාගමි. :D :D

    ReplyDelete
  11. රත්නපුර - කොළඹ බසයකදී ඔය වැනි සිද්ධියක් සිදුවිය ‍නොහැක.

    ReplyDelete
  12. පුසා කිව්වා වගේ හොඳයි කියලා හිතෙන එකෙක් නම් සල්ලි ආපහු දෙමි. ඒත් මට මොත්තේ දාපු එකෙක් එහෙම නම් ඉතින් ආයේ සොරිම තමයි..

    ReplyDelete
  13. වෙනි අයියේ මේක ඇත්තක්නම් උඹ කරලා තියෙන්නෙ මහම මහ කැත වැඩක්..පජාත වැඩක්.. ඔය වගේ ජරාවැඩකරලා මහා ලොකු වැඩක් කළා වගේ බ්ලොග් එකෙත් දැම්මෙ කොහොමද බන් ?

    ReplyDelete
  14. මේ ගැන මොකුත් නොකියමි.

    හිතමුකො මට ඔය වගේ කවුරුහරි වැරදිලා සල්ලි දුන්නා කියලා.

    වෙලාවකට මගේ කළු හිත මතුවෙනවා කියනවා ආපහු දෙන්න එපා කියලා. ඒත් පස්සෙ ඇතිවෙන්නෙ ලොකු පසුතැවිල්ලක්. අපරාදෙ එහෙම තියාගත්තෙ පව්නෙ ඒ මනුස්සයා කියලා.

    තවත් වෙලාවක මගේ සුදු හිත මතුවෙනවා කියනවා ආපහු දීපන් කියලා. ඒත් පස්සෙ ඇතිවෙන්නෙ ලොකු පසුතැවිල්ලක්. අපරාදෙ ඒක දුන්නෙ ඒක තිබ්බ නම් මට අරකක් ගන්න තිබ්බා කියලා.

    බලාගෙන යනකොට කළු එක හොඳයි. මොකෝ පසුතැවිලත් එක්ක සල්ලිත් තියෙනවනෙ. :)

    ReplyDelete
  15. ඕකට අපේ පැත්තේ කියන්නේ අතේ ගෙනත් පෙන්නනවා කියාය... කියන්නට වෙන මොකුත් හිතට එන්නේ නැත...

    ReplyDelete
  16. පූසා එකසිය ගානට බැන ඇත.මට බනින්න හිත් නොදේ,හිත් පොජ්ජ කීං කීං ගායි..

    මට ඔය සීන් එක වුනානම් කොන්දාගේ සුවබාවය අනුව ආපහු දීම හෝ බිත්තර කොත්තු කෑම තීරනය වේ ;)

    නොමිලේ අවවාදයක්-ඕක පුරුද්දකට තියාගන්න එපා අයියෙ

    ReplyDelete
  17. මාතෘකාවෙං කියවෙන කතාව නම් ඇත්ත. මාත් මේ අවංක වංක වෙනස හොයා ගන්න බැරුව දුක පුමේ.

    ReplyDelete
  18. වැඩේ වැරදියි... පව් අසරණයා.

    ReplyDelete
  19. අත්තානං උපමං කත්වා

    ReplyDelete
  20. අවංක ගෑනි හැමදාම බඩින් කියලා කතාවක් අහලා නැද්ද.. :)
    (අහලා නැතිවෙන්ඩ නම් බෑ.)

    ඔන්න වෙනී අයියා කරපු දේට මම මුකුත් කියන්නේ නෑ !!!

    ReplyDelete
    Replies
    1. අවංක නෙමෙයි බං හිත හොඳ ගෑණි.

      Delete
    2. ආහ්... ඒක නේන්නම්. පොඩි වැරදිමක් උනා. කොහොමහරි කමන් නෑ ගෑනි බඩ වෙනවා නේ :)

      Delete
  21. මම හිතුවෙ උඹ අර සල්ලි දුන්න ගමන් දුවන බස් එකෙන් පනින්න ඇති කියලා අරක ආපහු ඉල්ලයි කියලා. උඹේ අවංකකමට මගේ උපහාරය.
    මොනවා?
    නෑ මල්ලි. කොන්දට සල්ලි ආපහු නොදුන්නට නෙවෙයි. උඹ ඒකත් අරගෙන කොත්තුවත් කාලා බ්ලොගේ නොදැම්මට මම ඒක ආපහු දුන්න කියලා පට්ට පල් බොරුවක්.
    henryblogwalker the Dude

    ReplyDelete
  22. රටපඬි කොන්දන්ට නම් කලයුතුය.එහෙත් අහිංසකයකුට කලානම් හොඳමදිය.

    ReplyDelete
  23. එක උඹ හිතනවනම් උඹේ බේගල් වලට අපි අහුවෙයි කියලා උඹට වැරදිලා . .

    දෙක අවංකයා හැමදාම දුකේ තමා බන් . .

    දෂ්ඨ නොකලත් පෙනේ පුප්පන්න ඕන . . නැති නම් ඌට සොරි ඩොට් කොම් තමා . ..

    නරකම දේ අවංකයාගේ අවංක කම මනුස්සකම වංකයෝ අමනුස්සයෝ සෙල්ලමට ගන්න එක . .

    එහෙම වෙලාවට මට නම් මරාගෙන මැරෙන්න හිතෙනවා බන් . . .

    ReplyDelete
  24. වැඩේ වරදයි සමහර විට අහිංසක කොල්ලෙක් වෙන්නත් පුළුවන්. හැබැයි පණ්ඩිත කොන්දෙක් උනානම් ඔන්න කමක් නැහැ.

    ReplyDelete
  25. මටත් වෙලා තියෙනව ඔය වගේ දේවල්. මොනවා හරි ගන්න ගියහම වැඩි පුර සල්ලි ආයෙ ලැබෙනවා. සමහර වෙලාවට මට ඒක දැනෙන්නෙ ගෙදර ආවයින් පස්සෙ, පර්ස් එකෙ වැඩි පුර සල්ලි තිබ්බහම, තුබුන ගානට වඩා. මම ආයෙ ගිහින් දීලා එනවා, සතියකට පස්සෙ හරි, කඩේ වෙන කෙනෙක් උන්නා හරි.

    වෙනි අයියට ඒක දෙන්න තිබ්බෙ. මොකද වෙනි අයියා වෙන්න පුලුවන් ඊලඟ පාර කොන්දොස්තරගෙ තත්වයෙ ඉන්නෙ. "Don't do to others what you don't want others do to you".

    අනික් කාරණය: ඔයා ආයෙ ඒ සල්ලි ඒ මනුස්සයට දුන්නනම් ඒ මනුස්සයත් මොනවා හරි ඉගෙන ගන්නවා. මිනිසුන් අතරෙ "මිනිසුන්" ඇති බව.

    දැන් ඉතින් ගිය දේ ගියා, කෑව කොත්තුවත් ගියා. කන්න නැති කෙනෙකුට රස කොත්තුවක් අරන් දෙන්න පුලුවන් උන ගමන් :))))

    (DK)

    ReplyDelete
  26. තම තමන් කරන දේවල් වල හොඳ වැරැද්ද සහ ඒකෙන් අපිට වාසියක් වුනත් අනිකාට වෙන පාඩුව ගැනත් තම තමන්ම හිතලා බලලා හදවතට එකඟ දේ කරන්න ඕන.මම හිතන්නේ වෙනියා වෙනියාට හිතුන දේ කරා ඒත් එකිනෙකාට එකිනෙකා වෙනස්.

    ReplyDelete
  27. උඹේ අවංක කමට මාගේ ප්‍රණාමය....!

    ReplyDelete
  28. අපි අහුවෙයි ඕවට.. හූ...!!!

    ReplyDelete
  29. හොක්..හොක්..හොක් මමත් නම් අතට ආපු ඒවා ආයේ දීමවල් නෑ, ඒත් වදේ ඒ වෙලාවට හිතෙනවා දෙම්දෝ නොදෝම්දෝ කියලා දෙන්න කියලා හිතෙනකොට ඒවා සාක්කුවට ගිහින් ඉතින් මන් මොනා කරන්නද

    ReplyDelete
  30. වෙනී හරීඊඊඊඊඊඊඊ නරකයි. ඔන්න බැන්නා. :D

    ReplyDelete
  31. ශෝක් කතාව, බීට්ල් කිව්වත් වගේ අපි අහුවෙයි!

    ReplyDelete
  32. රත්නපුරේ කිව්වම හරි සතුටක් දැනුන. මටත් ඔහොම වැඩ නම් වෙලා තියනවා. අපි ඉතින් ක්ලාස් යන කාලෙ වැඩිපුරම පිනට තමා යන්නේ. :D ඒ හින්ද බනින්න හිතෙන්නේ නැහැ කොරපු වැඩේට.

    ReplyDelete
  33. ඔන්න වෙනියා බොරුවක් කියලා පවු පුරවා ගත්තා.

    ReplyDelete
  34. මූ සල්ලිත් අරං කොත්තුවකුත් කතා.. අන්තිමට කොන්දොස්තර අයියට කෝචොක් කරන හැටි.. ඊක්කා.... :-D

    ReplyDelete
  35. අනිත් එක කියවන්න ගිහින් ආයෙත් මේකට ආව.බලමු ඊලඟ එකේ මොකක්ද කියල තියෙන්නෙ කියල....

    ReplyDelete
  36. denna epa ban kawadawath pvt karayanta nam oya wage seen ekak unath salli apahu..puluwan nam bus eketh horen palayan..dan bus karayanta patta labai me ponzi anduwe konda pana nati kama nisa

    ReplyDelete
  37. පස්සෙ පෝස්ට් එක කියවන්න කලින් මේ පැත්තෙ ආවෙ. කියවලා අනික් එකට ගියා.ඒකෙම කමෙන්ටුවක් දෙන්නම්.

    ReplyDelete
  38. හ්ම්... හොඳ වෙලාවට මං මේක කලිං දැක්කෙ නැත්තෙ... නැත්තං මං බනිනව...
    ඒ වෙනුවට මං කතා දෙකක් කියන්නංකො වෙනී අයියෙ...
    මේ පහුගියදවසක මමයි අපේ පෙම්බරයයි මීටර් තුන්රෝදෙකට නැග්ග.. නවලෝක ඉස්පිරිතාලෙ ලඟින්.අහම්බෙන් ට්ක දුරක් ගිහිල්ල මීටරේ දිහා බැලුවාම දැක්කෙ...
    රුපියල් හැත්තැ ගාණයි..දෙසිය පණහක් විතර අය වෙන තැනක් වෙද්දිත්...මිනිහගෙ තුන් රෝදෙ මීටරේ අවුලක් වෙන්ඩ ඕනෙ!!
    මං පෙම්බරයට පෙන්නුව... උන්දැත් ඒක දැකල තිබුණ..
    මටත් කළින් එයා කට ඇරියෙ...
    මේ මීටරේ අවුලක් නේද ඔයාගෙ... කියල
    මේ මනුස්සය කියනව... ඔවු සර් මං දැක්ක... ඒත් දැන් සර්ලව ගත්තනෙ මං... මග දාල යන්ඩ බෑනෙ... ඒ හන්ද මෙහෙම යමු කියල..
    සාමාන්‍ය යෙන් රුපියල් 800ක් වත් වෙන ගමනාන්තෙ වෙද්දිත් වැටිල තිබුණෙ රුපියල් 200 ගාණයි
    මගෙනෙ වැරැද්ද සර්.. මීටරේ තියෙන ගාණ දෙන්ඩ..
    ඒ මනුස්සය අහිංසක විදියට කියද්දි.. මං කල්පනා කලේ... මිනිහ එච්චර අවංකව වතා කරද්දිත් අපි දෙන්න ඒක දැකල සද්ද නොකර හිටිය නං එහෙම අපි දෙන්නට පසුතැවෙන්ඩ වෙනව නේද නොසෑහෙන්ඩ කියල....
    අපි වෙනද දෙන ගාණ මෙච්චරයි කියල කිව්වාම මිනිහ ඊටත් රුපියල් 200ක් අඩුවෙන් අරගත්තෙ... පුදුමත් හිතුණ
    (ඊට සතියකට කලිං ඔය වගේම මීටරයක් වැඩ කරන්නෙ නෑ කියල එක ගැටයෙක් අම්මවයි මාවයි මග දාල මිනිහගෙ ගාණ අරන් ගියා)
    ඊලඟ කතාව මෙන්න..
    දවසක් මං කොමර්ෂල් බැංකුවෙ බම්බලපිටියෙ ටෙලර් එකෙන් සල්ලි ගන්ඩ ගියා... කළබලෙන් කාඩ් එක දාන්ඩ යද්දි මෙන්න ගිණුම් ශේෂයක් පෙන්නනව තිරයෙ...
    මට එක පාරටම හිතාගන්ඩ බැරි වුණා....!!
    හැබැයි ටක් ගාල මතක් වුණා... එහෙම එන්ඩ නං කාඩ් එකක් ඇතුලෙ තියෙන්ඩ ඕනෙ නේද කියල.. මම ඉක්මනට කාඩ් එක එලියට අරන් ආරක්ෂක නිලධාරියට කතා කරල වැඩේ ගැන කිව්ව.. වෙලාවට ඔහු දැක්ක කාඩු එකේ අයිතිකාරිය ඈත තිබුනු කාරයකට නගිනව... දුවගෙන ගිහින් මම ඈට කාඩ් එක දිගු කළාම ඈ මවිතයට පත් වුනා!!!
    ඈට කතා කරගන්ඩ වචන නැති වුණා!!!
    මම කරපු දේ ගැන මට පුදුම සතුටක් දැණුන...


    මට අනන්ත සල්ලි වැඩිපුර හම්බ වෙලා තියෙනව.... මම නොදැනුවත්ව මිසක් කවදාවත් හිතල අරන් ඇවිල්ල නෑ.. මට ඒක පසුතැවිල්ලට හේතුවක් නිසා!!
    අයියගෙ කතාවෙදි කොන්දොස්තරගෙ පැත්තෙත් වරදක් තියෙනව තමා..
    මං අයිය කරපු දේ වැරැද්දක් කියනව නෙවෙයි...
    හැබැයි ඒත් ඇයි පසුතැවෙන්ඩ දේවල් ඉතුරු කරගන්නෙ කියල නං හිතුණ...

    ReplyDelete
  39. ගිණිපිග් පෝස්ට් එකක්ද මංද

    ReplyDelete