ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 13, 2012

ඉටි පන්දම ගහන හැටි


ඉටි පන්දම ගහන්නෙ කොහොමද කියලා අහන්න ඉස්සෙල්ලා මං කාලෙකට ඉස්සර ඔය බිත්ති සඟරාවකට ඉදිරිපත් කරපු නිර්මාණයක් හම්බ උනා මගේ පරණ පොත් පෙට්ටියක් අස්සෙ තිබිලා. අපි හැමෝගෙම ජීවිත මේ විදියට තමයි දිනලා තියෙන්නෙ කියන එක හොඳටම සුවර්. ඒ වගේමයි මගෙ මතකයෙ හැටියට මේ පොඩි නිර්මාණය කරන්න මූලික උනේ ඔය අභියෝග ජය ගන්න කියලා තිබ්බ පොත් පිංචක තිබ්බ අදහසකින් ගත්ත එකක්..ඒක පටන් ගන්නෙ මෙහෙමයි..



මට වැරදුනා...


මම අසමත් උනා....


මම ෆේල්....


මට ඉතුරු උනේ ,


                                         දුක
                                         කඳුල 
                                         පසුතැවිල්ල විතරයි..


පරාජයන් තව තවත් මගේ හිස මත කඩා වැටෙන්න උනා...



ඒත් දවසක මට තේරුනා..


මන් ඉන්නෙ වැරදි පැත්තෙ කියලා


මන් දුවන් ගියා හරි පැත්තට..




මේ සිත්තරෙන් තේරෙනවා ඇති පරාජයන් අපි මත කඩා වැටෙද්දි අපි කොතනද ඉන්න  ඕනි කියලා..


මේ තියෙන්නෙ ඉටිපන්දම ගහන්නෙ කොහොමද කියන ගැටළුව ..
ඔබට ඉටිපන්දමක්, ගිණි කූරු පුරවපු ගිණි පෙට්ටියක් සහ ඩ්‍රෝවින් පින්ස් පැකට් එකක් දීලා ඉටිපන්දම බිත්තියෙ ගහන්න එහෙම නැතිනම් හයි කරන්න කීවොත් ඔබ කොහොමද කරන්නෙ ? 








මේකට ඔබ පිළිතුර ලියලා මෙතන පල නොකලත් කමක් නෑ පොඩ්ඩක් ඔය නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක හිතලා බලන්න..


මන් මේ හදන්නෙ මගේ ඊළඟ කතාවට හොඳ ප්‍රවේශයක් ගන්නයි ඔබේ ඒ හිතන එක හරහා..


එහෙනම් නැවත ලබන බදාදා දිහාවට හමු වෙමු. සති අන්තයේ බණක් සහ දානයක් තියෙනවානෙ සහභාගි වෙන්න..

61 comments:

  1. ඇයි බං අර පරාජය නම් ගල අර සීසෝ එකේ අනිත් පැත්තට වැටිච්ච ගමන් උඹ කාටූන් එකක් වගෙ උඩ වීසි වෙලා ගිහින් උඹේ තට්ටෙ අර ජය කියන තරුවෙ උලේ ඇනිලා.......
    හපෝයි උඹ කරගන්න දේවල්!
    දැන් වත් අහකට වෙය.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හැක්..හැක්..

      Delete
    2. මෙහෙම කමෙන්ට් කරන එපා ඔෆිස් එකේ මිනිස්සු මා දිහා අමුතු විදියට බලනවා.

      Delete
    3. තරුව කරකවල උල පොඩ්ඩක් හරවල තිබ්බනම් මැද වදිනව. එතකොට අවුලක් නෑ.

      Delete
    4. හයියූ .... වෙනී අයියත් කරගන්න මඟුල්.

      Delete
    5. හෆොයි දැන් තමයි මට වෙන්ඩ යන දේ දැක්කෙ.. ඒත් හෙන්රි මෙහෙමනෙ මේ දවස් වල හොට් ටොපික් එක 3ඩී නේ..3D,3D..ඒ නිසා මේ සිත්තරේ තේරුම් ගන්ඩෝනි 3ඩී විදියට..එතකොට කොල්ලා තරුව උඩ තමයි නවතින්නෙ..
      හරී,අසර් නිශාන්,රාජ් ඩීඩීටී.. බණ ගෙදර මිනිස්සුත් මා දිහා මෞතුවට බැලුවා ෆෝන් එකට මූණ ගහන් හිනා වෙන්නෙ ඇයි කියලා..

      Delete
  2. චිත්රේ නියමයි හි හි..:)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මන් අදිනවා දිගටම..

      Delete
  3. මම ඔය ගිනිපෙට්ටියේ ගිණිකූරැ බාගයක් අයින් කරලා.පෙට්ටියේ ඇතූලේකෑල්ල(කූරැ තියන) එකට අර ඇණ දෙකක් විතර ගහලා දානවා පියන.ඊටපස්සේ ගිනිපෙට්ටි පියන දාලා.ගිණි කූරක් අරගන පත්තු කරලා ,ඉටි පන්දම අවුලවලා.කිරි ටිකක් දාලා. පියන උඩට ගහනවා ඉටිපන්දම

    ReplyDelete
    Replies
    1. නිර්මාණශීලී උත්තරයක්..

      Delete
  4. මේක කැමතිනම් පස්සෙ පබ්ලිෂ් කරන්න...මම හිතන්නෙ ඩ්‍රෝවින් පින්ස් වලින් ඒව දාල තියෙන පෙට්ටිය හරි ගිනිපෙට්ටියෙ ලාච්චුව හරි බිත්තියට සවිකරල...ඒකෙ ඉටිපන්දම ගැහුව නම් වැඩේ සෙට්...

    ReplyDelete
    Replies
    1. අනිවා සපා මේ ක්‍රමෙත් ටොප්..

      Delete
  5. මම නම් ඔය ඔක්කොම පැත්තක තියලා විදුලි බල්බයක් පත්තු කරනවා.:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩියා කලොත් කරන්නෙ ඕන් ඔහොම වැඩක් තමයි ඉතින් :-D

      Delete
  6. ටිකක් හිතන්න ඕනේ දෙයක්. මුකුත් නොලියා ඉන්නම්...!

    ReplyDelete
    Replies
    1. ඉන්න හැකි ඉක්මනින් ඊළඟ කොටස දමන්නම් !

      Delete
  7. මේ සිත්තරේ නම් නියමයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මන් දිරිමත් වෙනවා චිත්‍ර අඳින්නම ට්‍රයි කරන්නෙම චිත්‍ර කතාවක් අදින්න..

      Delete
  8. මොන මඟුලක්ද බං... මට අපේ තාත්තා කියා දීලා තියෙන්නේ අර පිරි මැස්මෙන් වැඩ කරන්න... මං උඹට කියා දෙන්නං වැඩෙත් කරගෙන තව කීයක් හරි හම්බ කර ගන්න විදියකුත්...

    කැඩුවා ඉටි පන්දම දෙකට... ගැහුවා ගිනි කූරක්..පත්තු කලා එක පැත්තක්... ඒ ගිනි කූරෙන්ම ඉටි පන්දමේ යට පැත්ත රත් කරලා ගැහුවා බිත්තියේ.. ටික වෙලාවක් අල්ලං හිටියම ඕක කිසි අවුලක් නැතිව ඇලවෙනවා.. ඉටි පන්දම දෙකට කඩන්නේ බර අඩු කරන්න... හරි දැන් ඕනනං ඒක නිවුනම අනිත් කෑල්ලත් එහෙමම කලෑකි... එච්චර වෙලා ඕක පත්තු වෙන්න ඕන නැත්තං ඒ බාගෙත් ඉතිරියි... හැබැයි ඕක සුදු හුණු හරි සමර හරි ගාපු බිත්තියකනං අමාරුයි..මොකද හුණු තට්ටුවත් එක්ක ගලෝලා වැටෙයි... තීන්ත ගාපු එහෙක කිසි අවුලක් නැතිව කලෑකි. සුද මැදපු නැති බිත්තියකනං සම්පූර්ණ ඉටිපන්දම උනත් සීරුමාරුවට හයි කොලෑකි...

    රයිට් දැන් ආදායං හොයන විදිය... අර ඩ්‍රෝවින් පින් පෙට්ටිය උඹට විකුණනවා උඹ අඳින් චිත්තර වලට හරි එහෙම නැත්තං සපත්තු ගෙවෙනවට අඩියට ගහගන්න හරි කියලා... ඕනනං කූරු දෙකක් විතරක් අහක් කරපු ගිනි පෙට්ටියත් උඹට විකුණනවා අර කලු සුරුට්ටු බොන වැඩේට තියා ගන්න කියලා... තවත් ඉතිං ඉතිරි උනොත් අර ඉටි පන්දං කෑල්ලත් විකුණලා දෑතැකි...

    (තව ඕනද උපදෙස්..?)

    ReplyDelete
    Replies
    1. හුටා..මං මීයෙක් නෙවෙයි තඩි රට හාවෙක් වෙලා නේද..?:D

      Delete
    2. ඒ විදියට ඉටිපංදබ ගැහැව්වහම ඉටිපන්දමේ එක පැත්තක් විතරයි බං ඉවර වෙන්නෙ.

      Delete
    3. ඇහ්..මූ කොහේ හරි ලියලා තියේද දෙපැත්තම පත්තු වෙන්න ඕන කියලා...?

      මේ මල්ලි..වැඩේ කෙරෙනවනං පූසා මැටියෙන්ද කියලා හොයන්න එන්න එපා හරිය..?

      Delete
    4. අපොයි මාරයා මල්ලි රට හාවෙකුත් අරන් ආවද ඒ ගමන් ? ඒ උත්තරෙත් හොඳයිනෙ බන්..
      ප්‍රසා මේ ඉටිපන්දමක් නිසා මට අන්තිමේ සියදිවි හානි කරගන්නයි වෙන්නෙ..

      Delete
  9. ඔච්චර කරදර වෙන්න ඕන නෑ වෙනී අයියෙ බිත්තියක් තියෙනවනං අනිවාර්යෙන්ම බිමකුත් තියෙන්න එපායැ. ඉිටිපංදම බිම ගහන්න. එතකොට ඩ්‍රෝවින් පින්, කූරක් අඩු විච්ච ගිනි පෙට්ටිය ආදී දේවල් වලට කිසිම හානියක් වෙන්නෙ නෑ. ඕනනං මාරය අන්තිමට කියල තියෙන විදියට කරගත්තහැකි.

    ReplyDelete
  10. ඉටිපන්දම පැත්තෙන් රත්කරලා බිත්තියේ අලවනවා!!!

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙ එහෙම තමයි ක්සැන්ඩර්..

      Delete
  11. අනේ හිතන්න කම්මැලියි...ඊලඟ එකේ අයියම කියන්නකො

    ReplyDelete
    Replies
    1. හා ඉක්මනින් කියන්නම්..

      Delete
    2. උඹට කෙල්ලො ගැන රිසර්ච් කරන්න නම් කම්මැලි නෑ නේද පිසාචයා?
      henryblogwalker the Dude

      Delete
  12. අටර්‍මපහුරයි, සපතේරු උන්නැහේයි කියලා තියෙන විදිහ තමා මටත් හිතුනෙ..:))

    ReplyDelete
    Replies
    1. ඔව් නිසුපා හොඳ උත්තා දෙකක් ඒක..

      Delete
  13. අනේ මන්දා අර පින්ස් ටිකෙන් මොනා කරන්නද කියලා හිතාගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ටිකෙන් ප්‍රයෝජනයක් තියෙනවා ඉන්නකො..

      Delete
  14. මම මීයෙක් නොවෙමි.

    ReplyDelete
    Replies
    1. අර මාරයා මල්ලි කීවා වගේ හාවෙක්වත් වෙන්ඩකෝ සෙන්නා.. :-D

      Delete
  15. ටිකක් හිතන්න වෙන ප්‍රශ්නයක් !!

    ReplyDelete
    Replies
    1. අනිවා ඒක තමයි වෙන්න ඕනි..

      Delete
  16. මුලින්ම ඉටිපන්දම පත්තුකරගන්නවා
    ඊට පස්සේ ගිණිපෙට්ටියේ බිත්තියට හිටින පැත්ත ඩ්‍රොවින් පින්ස් වලින් බිත්තියේ ගහනවා.
    ඊට පස්සේ ඉටිපන්දම ඇතුලට දානවා.
    ලුස් වගේ නම් පින් එකක් දෙපැත්තෙන් හිරකරනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණශීලි උත්තරයක් මේකත්..හැබැයි මට හිතුනෙත් නෑ මේ උත්තරේනම්..

      Delete
  17. අර අයියා ලස්සන .... චිත්තර අඳින මෙව්ව එකේ බිත්තියක චිත්තරයක් ඇඳල පරණ පුරුදු විදියට ඒකෙ ගහනව. :)

    ReplyDelete
  18. සේරම හොඳයි..චිත්‍රෙත් හොදයි... මම මේ නිකමට අහන්නේ... උබට සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න ආසාවක් නැද්ද..?

    ReplyDelete
    Replies
    1. චිත්‍ර අඳින්න එපා කියනවා නෙමෙයි...

      Delete
    2. හෆොයි බීටල් ඉන්නකො ඊළඟ කොටසින් මන් කියන්නම් මන් සින්දු කියන්න ගිහින් වෙච්ච දෙයක්.. මේ පඬි ප්‍රකාශ අරයට දකින්න නොලැබේවා..දැක්කනෙ කතාටයි ඕනයටයි වෙච්ච දේ..

      Delete
  19. අයියටත් හිටපු ගමන් හිතෙන්නේ මරු දේවල් නේ.. අට්ටම්පහුර හරි උත්තරේ දීලා මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. හරි උත්තර කීපයකින් එකක් දීලා තියෙනවා..

      Delete
  20. හිතා ගන්න බැහැ. අටම්පහුර කි විදිහත් හොඳයි. මාරයා කිවූ දේ කලොත් ඉටි ටික ඉක්මනට වැක්කෙරිලා ඉටිපන්දම ඉවර වෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ බින්දි අක්කලත් එක්ක බැරි... මේක මේ පලදායීතාවය ගැන පුරස්නයක්යෑ... එහෙමනං මං මුලින්ම අහනවනේ ඈ බොල වෙනීයෝ අහවල් එහෙකටයෑ ඕක බිත්තියේ අරක මේක අරං ගහන්නේ..කියලා...හෙහ් හෙහ්...

      මේක අහන්නේ අට පට්ටං පුරස්නනං අපි එව්වා දොලොස් පට්ටං කරලා උත්තර දෙන්ට ඕන...

      Delete
    2. ඔව් නාස්තිකාර උත්තරයක් නේන්නම් මාරයා මල්ලි දීලා තියෙන්නෙ..මන් ඉතින් කීවෙ නෑ..හරි නෑනෙ මූණටම කියන එක..
      දොලොස් පට්ටම් ?! :-D

      Delete
  21. කෝ බං උඹ? ඉතින් බණ දාන ඉවරනං වරෙංකෝ.
    henryblogwalker the Dude

    ReplyDelete
  22. Thaama maga dear Henry..
    Weni

    ReplyDelete
    Replies
    1. ඕන් දැන් තමයි පොඩ්ඩක් ඔළුව ඉස්සුවෙ හෙන්රි..

      Delete
  23. අර ඇදල තියෙන්නෙ "වනයක් උඩ තරුවක්" නේද ???

    ReplyDelete
    Replies
    1. නෑ බන් ඒ පහල තියෙන්නෙ තන පිටියක් !

      Delete
  24. ගහ ගනින් ඉටිපන්දම.... මගේ බ්ලොග් එක පැත්තේ නිකම් ඇවිත් අකුරක් ලියනකල්,,

    ReplyDelete
  25. අපරාදේ මේක මිස් වෙලානේ... මේකටත් ඩීවිඩි පැක් එකක් දුන්නනද ඈ??

    ReplyDelete